SDB බැංකුව 10% ක ඉහළම පොලියක් සහිත ‘Top Saver’ ඉතුරුම් ගිණුම හඳුන්වා දෙයි

    July, 21, 2017

    SDB බැංකුව සිය 20 වැනි සංවත්සරයට සමගාමීව 'Top Saver' නමින් විශේෂ ගිණුමක් හඳුන්වා දීමට පසුගියදා කටයතු කළේ ය. ගිණුම් හිමියන්ට ප‍්‍රතිලාභ රැුසක් හිමිකර දෙන මෙම ගිණුම මගින් 10% ක ඉහළ පොලියක්ද හිමිවීම විශේෂත්වයකි.

    අවුරුදු 18 ට වැඩි ඕනෑම අයෙකුට Top Saver ගිණුමක් අරඹා මෙම ඉහළ පොලී අනුපාත සහ අනෙකුත් ප‍්‍රතිලාභ හිමිකරගත හැකි වේ. 4% ක වාර්ෂික පොලී අනුපාතයකින් ඇරඹෙන මෙම ගිණුම රු. 25,000 ට වැඩි ශේෂයක් සඳහා 6% ක් සහ රු. 50,000 ට වැඩි ශේෂයක් සඳහා 7.5% ක් වශයෙන් පොලී ලබා දෙයි. ගිණුමේ ශේෂය රු. 100,000 ඉක්මවූ පසුව පොලී අනුපාතය 9% දක්වා වැඩිවන අතර ශේෂය රු. 500,000 ඉක්මවූ පසුව වාර්ෂිකව 10% ක පොලියක් සමඟ අසමසම ප‍්‍රතිලාභ රැසක් ගිණුම් හිමියාට හිමි වේ.

    ‘‘අපගේ 20 වැනි සංවත්සරයට සමගාමීව Top Saver ගිණුම හඳුන්වා දීමට හැකිවීම අපට විශාල සතුටක්. ීෘඊ බැංකුව යනු කවදත් ගනුදෙනුකරුවන්ට ඉහළම ප‍්‍රතිලාභ පිරිනැමීමට කැපවුණු බැංකුවක් වන අතර, එහි තවත් පියවරක් ලෙස බැංකු ක්ෂේත‍්‍රයේ ඉතුරුම් ගිණුමකට හිමිවන ඉහළම වාර්ෂික පොලී අනුපාතය ලබාදීමට අපට හැකියාව ලැබී තිබෙනවා Top Saver ගිණුමට VISA ඩෙබිට් කාඞ්පතක් හිමිවන නිසා දිවයින පුරා විසිරුණු VISA ATM යන්ත‍්‍ර මගින් පහසුවෙන් මුදල් ආපසු ලබාගත හැකි වන අතර කැමති වාර ගණනක් මුදල් ආපසු ගැනීමේ පහසුකමත් සලසා දී තිබෙනවා. මෙම ප‍්‍රතිලාභ නිසා Top Saver ගිණුම සැබවින්ම අනෙකුත් ගිණුම් අතර බෙහෙවින් කැපීපෙනෙන ගිණුමක් ලෙස හැඳින්වීමට පුළුවන්.” SDB බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී/අලෙවි ප‍්‍රධානී සමීර ඞී. ලියනගේ මහතා පැවසී ය.

    SDB බැංකුවේ Top Saver ගිණුම මගින් විශේෂ SMS සේවාවක්ද ලබාදෙන අතර මේ ඔස්සේ ගිණුමේ ශේෂය විමසීම, කෙටි ගිණුම් ප‍්‍රකාශ ලබාගැනීම, ගනුදෙනු පිළිබඳව ගිණුම් හිමියා දැනුවත් කිරීම ආදිය මෙන්ම බැංකුවේ නව සේවා සහ ප‍්‍රවර්ධන වැඩසටහන් ආදිය පිළිබඳව දැනුවත් කිරීමද සිදුකෙරේ.

    1988 අංක 30 දරන බැංකු පනත යටතේ බලපත‍්‍ර හිමි විශේෂ බැංකුවක් ලෙස ලියාපදිංචි වී ඇති (SDB බැංකුව) සණස සංවර්ධන බැංකුව පීඑල්සී මේ වනවිට දිවයින පුරා ශාඛා 91 ක් ස්ථාපිත කර ඇත. අලූත උපන් බිළිඳාගේ සිට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දක්වා කොයිකාටත් ගැලපෙන විසඳුම් හා සේවාවන් මාලාවක් හඳුන්වා දීමට එම බැංකුව කටයුතු කර තිබෙන අතර තරුණ හා කාන්තා ව්‍යවසායක ව්‍යවසායිකාවන් සඳහා විශේෂ මූල්‍ය පහසුකම්ද මේ වනවිට හඳුන්වා දී තිබේ. මෑතකාලීනව FMO, SBI Holdings සහ IFC වැනි ලොව ප‍්‍රකට, දැවැන්ත විදේශ මූල්‍ය සමාගම් SDB බැංකුවේ ආයෝජනය කර ඇති අතර එමගින් බැංකුවේ ප‍්‍රාග්ධන පදනම මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත‍්‍රයට සලසන සේවාවන් බෙහෙවින් පුළුල් වී ඇත.


    ඡායාරූපය: SDB බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී/අලෙවි ප‍්‍රධානී සමීර ඩී. ලියනගේ මහතා