Signature අනුරාධපුර ශාඛාව Signature Studio නව මුහුණුවරකින් නව ස්ථානයක විවෘත වෙයි

    April, 27, 2023

    ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කරන පුරෝගාමී පිරිමි ඇඟලුම් සන්නාමයක් වන Signature,  සිය අනුරාධපුර ශාඛාව Signature Studio ලෙසින් නව මුහුණුවරකින් වඩා ඉඩකඩ සහිතව නව ස්ථානයක විවෘත කරන ලදී. අංක 341/1, ප්‍රධාන වීදිය, බැංකු නගරය, අනුරාධපුරය යන ලිපිනයෙහි පිහිටි මෙම නව ශාඛාව හරහා, අනුරාධපුර ප්‍රදේශයේත් ඒ අවටත් සිටිනා සියළුම පාරිභෝගිකයන් හට වඩාත් පහසුවෙන් උසස් තත්ත්වයේ ඇඟලුම් නිෂ්පාදන මිලදී ගැනීමේ අවකාශය උදාවී තිබේ.

    නව Signature Studio ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ උත්සවයට අනුරාධපුර නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ, Elegant of Keleeza හි අධ්‍යක්ෂ දිලුක් සම්පත් පීරිස් සහ හමීඩියා සමූහයේ මානව සම්පත් හා මෙහෙයුම් ප්‍රධානී ඒ ටී එම් ෆර්සාන් සහ Signature කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ද එක් විය. 

    වඩාත් ඉඩකඩ සහිතව සකස් කර ඇති මෙම නව ප්‍රදර්ශනාගාරය පුළුල් නිෂ්පාදන සහ සේවා රැසක් පිරිනමයි. රාජකාරි, මංගල, සාමාන්‍ය, උත්සව අවස්ථා සඳහා ඇඟලුම්, ලිනන්, කමිස, ජැකට් සහ කලිසම් ආදීයේ විශාල පරාසයක පිරිමි ඇඟලුම් වර්ග රැසක් තෝරා ගැනීමේ අවස්ථාව මෙහිදී පාරිභෝගිකයන්ට හිමිවේ. එසේම මෙම ප්‍රදර්ශනාගාරය තුළ තමන් අපේක්ෂා කරන විලාසිතාවන්ට වඩාත් ගැළපෙන පුළුල් පරාසයක පිරිමි පැළඳුම් වර්ගත් එකම වහලක් යටින් තෝරා ගැනීමේ අවස්ථාව ලැබී ඇත- මීට අමතරව, කාන්තා සහ ළමා ඇඟලුම් විලාසිතාවන් රැසක් ද  Signature, ICON සහ තවත් සන්නාම රැසක ඇඟලුම් මෙන්ම Made-to-Order (MTO) සහ Made-to-Measure (MTM) යන ක්‍රමවේදයන් දෙකටම තමාගේ සිරුරේ හැඩයට ගැළපෙන ඇඳුම නිර්මාණය කරගැනීමේ හැකියාව ද පවතී.

    මේ පිළිබඳ සිය අදහස් දැක්වමින් Signature සන්නාම කළමනාකරු අම්ජාඩ් හමීඩ් මහතා සඳහන් කළේ, “පසුගිය වසර 9ක කාලය තුළ Signature අනුරාධපුර ශාඛාව හොඳින් ක්‍රියාත්මක වූවා. කෙසේ වෙතත්, අපගේ පාරිභෝගිකයන් වෙනුවෙන් ප්‍රධාන මාර්ගයෙහි පිහිටි වඩාත් වැඩි ඉඩකඩ සහිත ප්‍රදර්ශනාගාරයක් සමගින් වැඩිදියුණු කළ සාප්පු සවාරි අත්දැකීමක් ලබා දීමට අපට අවශ්‍ය වුණා. අපගේ පාරිභෝගිකයන් සමඟ වඩාත් හොඳින් සම්බන්ධ වීමට ඉදිරි මාසවලදී, අපි දිවයින පුරා සියලුම ප්‍රධාන නගර ආවරණය වන පරිදි නව ශාඛා විවෘත කරන්නට බලාපොරොත්තු වනවා.”

    1989 වසරේ දී ස්ථාපිත කළ Signature සන්නාමය, formal සහ casual ඇඟලුම් කාණ්ඩ යටතේ ශ්‍රී ලංකාව තුළ වඩාත් විශ්වාසය දිනූ පිරිමි ඇඟලුම් සන්නාමය ලෙසට පත්ව තිබේ. ආකර්ෂණීය පෙනුමක් ලබාදෙන සුවිශේෂී ඇඟලුම් නිර්මාණ රැසක් Signature සන්නාමය විසින් ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාවට හඳුන්වා දී තිබේ. දිවයින පුරා පිහිටා ඇති Exclusive Signature ශාඛාවන් මඟින් පාරිභෝගිකයින්ට එහි සියලුම සන්නාමයන් එකම වහලක් යටින් ලබා ගැනීමේ හැකියාව පවතී. ඔන්ලයින් පාරිභෝගිකයින්ට https://signature.lk/ වෙබ් අඩවිය වෙත පිවිස දිවයින පුරා බෙදා හැරීම සමඟින් සියලුම ඇඟලුම් සන්නාම වෙත ප්‍රවේශ විය හැක. දිවයින පුරා ඇති ප්‍රමුඛ පෙළේ විලාසිතා වෙළෙඳසල්වලින්ද Signature සන්නාමයේ ඇඟලුම් ලබා ගත හැකිය.