SLIIT වාස්තු විද්‍යා අධ්‍යයනාංශය Liverpool John Moores විශ්ව විද්‍යාලය සමඟ සහයෝගීතාවකට

    February, 24, 2017

    තාක්ෂණික පහසුකම්වලින් පොහොසත් SLIIT ආයතනය, ඉතාමත් නිර්මාණශීලී සහ පළපුරුදු වාස්තු විද්‍යාඥයින්ගෙන් සමන්විත වාස්තු විද්‍යා අධ්‍යයනාංශයක් ආරම්භ කිරීමට මෑතකදී පියවර ගනු ලැබීය. එමගින් නවීන පහසුකම් සහිත ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යයන පාඨමාලාවක් පිරිනැමීමට SLIIT සූදානමින් සිටී. SLIIT ඉංජිනේරු පීඨයේ අංශයක් ලෙසින් ආරම්භ වුණු මෙම වාස්තු විද්‍යා අධ්‍යයනාංශය සඳහා පුරෝගාමී මඟපෙන්වීම සැපයුවේ, ප්‍රවීණ වාස්තු විද්‍යාඥයෙකු වන මහාචාර්ය නිමල් ද සිල්වා ය.

    වර්තමානයේදී SLIIT මගින් පිරිනැමෙන වාස්තු විද්‍යා උපාධි පාඨමාලාව වන්නේ එක්සත් රාජධානියේ Liverpool John Moores විශ්ව විද්‍යාලයේ වාස්තු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී (ගෞරව) උපාධි පාඨමාලාව ය. මෙම ජාත්‍යන්තර සහයෝගීතාව නිසා සිසුන්ට සම්පූර්ණ උපාධි පාඨමාලාව මෙරටදී ම හැදෑරීමේ අවස්ථාව මෙන්ම කැමැති නම් අවසාන වසර එම පාඨමාලාව අයත් මව් සරසවිය වන Liverpool John Moores වෙත ගොස් එහිදී සම්පූර්ණ කිරීමේ අවස්ථාව පවතී.

    නිර්මාණශීලිත්වය මෙන්ම තාක්ෂණික නිපුණතාව ද සහිත ගෝලීය මට්ටමේ වාස්තු විද්‍යාඥයෙකු වීමේ කැමැත්ත ඇති සිසු සිසුවියන්ට මේ අනුව SLIIT පිරිනමන වාස්තු විද්‍යා උපාධි පාඨමාලාව වැදගත් වේ. මෙම ජාත්‍යන්තර මට්ටමේ වාස්තු විද්‍යා උපාධි පාඨමාලාව SLIIT හිදී හැදෑරීම මගින් ශ්‍රී ලාංකේය හුරුවක් ද එක් කරගැනීමේ අවස්ථාව සිසුන්ට හිමිවේ. ජාත්‍යන්තර සිසුන් මෙන්ම සුදුසුකම් ලත් ආචාර්ය මණ්ඩලය හේතුවෙන් ද එම අධ්‍යයන අත්දැකීම් වඩාත් පරිපූර්ණ වේ.

    මෙම උපාධි පාඨමාලාව තුළදී එක් එක් සිසුන්ට පෞද්ගලික අවධානයක් මඟ පෙන්වීමක් ලැබීම තහවුරු කිරිම සඳහා බඳවාගනු ලබන්නේ සීමිත ශිෂ්‍ය සංඛ්‍යාවක් පමණි. ඒ අනුව වසරකදී බඳවා ගැනෙන ශිෂ්‍ය ප්‍රමාණය 50කි. එම සිසුන් තෝරාගැනෙන්නේ යෝග්‍යතා පරීක්ෂණයකිනි. මෙම යෝග්‍යතා පරීක්ෂණයට පෙනී සිටීම සඳහා සිසුන් සම්පූර්ණ කළ යුතු අවම සුදුසුකම වනුයේ අපොස උසස් පෙළ විභාගයේ දී එකවර විෂයන් තුනම සමත්වීම ය.

    අධ්‍යයනාංශය මගින් SLIIT පරිශ්‍රය තුළදී කටයුතු කිරීමට වැඩි පෙලඹවීමක් ද සිදුකරයි. ඊට හේතුවන්නේ, අධ්‍යයන මිතුරන්ගෙන් ලැබෙන ඉගෙනුම් පරිසරය හා සම්පත් ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව එමගින් ලද හැකි නිසා ය. සෑම සිසුවෙකුටම තමන්ගේ ව්‍යාපෘති වෙත පැය විසි හතර පුරා ප්‍රවේශ විය හැකි තමන්ගේ ම අවකාශයක් පවා හිමිවේ. ඊට අමතරව lazer cutters හා 3D printers ආදී නවීන පහසුකම් භාවිත කරමින් නව අත්හදා බැලීම් සිදුකිරීමට ද ඉන් ඉඩකඩ උදාවේ. අධ්‍යයන පාඨමාලාව අතරතුර විවිධ ක්ෂේත්‍ර චාරිකා සංවිධානය කරමින් ප්‍රායෝගිකව වාස්තු විද්‍යාත්මක අත්දැකීම් ලැබිය හැකි ස්ථාන රස විඳීමට යාම ද කැපී පෙනේ.

    SLIIT හිදී වාස්තු විද්‍යාව හදාරන ශිෂ්‍යයන්, සමාජය, සංස්කෘතිය, ස්වභාව සෞන්දර්යය, සිත්තම් ශිල්ප ක්‍රම, සන්නිවේදනය, ආකෘතිමය, විද්‍යුත්, යාන්ත්‍රික පද්ධති හා තාක්ෂණය පිළිබඳ ඉගෙනුම ලබයි. එම ඉගෙනුම වාස්තු විද්‍යාත්මක සැලසුම් හෝ ව්‍යාපෘති සඳහා උවමනා කරන නිර්මාණශීලීත්වය හා මුසු වීමෙන් ජනතාවට සතුටින් සුවපහසුව ජීවිත් විය හැකි උසස් තත්ත්වයේ නිර්මාණ කිරීමට මඟ පාදයි.

    තව ද SLIIT මෙන්ම Liverpool John Moores විශ්ව විද්‍යාලයත් පොදු රාජ්‍ය මණ්ඩලීය විශ්ව විද්‍යාල සංගමයේ සාමාජික උසස් අධ්‍යාපන ආයතන බැවින් මෙම උපාධි පාඨමාලාව හැදෑරූ සිසුන්ට ශ්‍රී ලංකාවේ ඕනෑම රාජ්‍ය විශ්ව විද්‍යාලයකදී සබැඳි විෂයකින් තම පශ්චාත් උපාධි කටයුතු සිදුකිරීමේ හැකියාව ද ඇත.

    වාස්තු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධියට අමතරව SLIIT වෙතින් 2020 වසරේ සිට වාස්තු විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි පාඨමාලා දියත් කිරීමේ සැලසුමක් ද පවතී. එය වාස්තු විද්‍යා ක්ෂේත්‍රය තුළ පූර්ණ ප්‍රවීණතාවයක් ලබාගැනීමට මෙරට සිසුසිසුවියන් ට අවස්ථාව සැලසීමකි.

    උපාධි පාඨමාලාවට සමගාමීව තවත් කුසලතා දියුණු කරගැනීමට කැමැති සිසුන්ට ගණිත හා ඉංග්‍රීසි අධ්‍යයන ඒකකයේ සහාය ලබාගැනීමේ ඉඩකඩ ද සපයාදී තිබේ. එමෙන්ම වැඩමුළු, මෘදු කුසලතා සංවර්ධන වැඩසටහන්, වෘත්තීය මාර්ගෝපදේශන සම්මන්ත්‍රණ ආදියට සහභාගී වීමට ද පුළුවන. ඒ අතරම ක්‍රීඩා, සංගම් හා සංවිධාන ආදී බාහිර ක්‍රියාකාරකම් තුළින් ද පූර්ණ සරසවි අත්දැකීමක් ලබාගැනීමට සිසුන්ට අවකාශ උදාවේ.

    2017 පෙබරවාරි බඳවාගැනීම් සඳහා දැන් අයදුම්පත්‍ර කැඳවේ. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු 0766 378 351 දුරකථන අංකයෙන් ලබාගත හැක.