November, 6, 2024
NDB බැංකුව, 2024 වසරේ SLIM DIGIS සම්මාන උළෙල සඳහා නිල බැංකු සහකරු ලෙස ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සමඟ සම්බන්ධ වීම පිළිබඳව ඉතා සතුටින් නිවේදනය කර සිටියි. මෙම සහයෝගීතාවය, සිඝ්‍රයෙන් විකාශනය වන ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රයේ නවෝත්පාදන, නිර්මාණශීලිත්වය සහ විශිෂ්ටත්වය වැඩි දියුණු කිරීම වෙනුවෙන් NDB බැංකුවේ ඇති කැපවීම විදහා දක්වයි.
රටේ ඩිජිටල් අලෙවිකරණ කුසලතාවයන් සවිබල ගැන්වීම සහ එම ක්‍රියාකාරකම් ඇඟයීම පිළිබඳ අරමුණු සිහිපත් කරමින් NDB බැංකුවේ සහ SLIM ආයතනයේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් නිල ගිවිසුම් අත්සන් කිරීමේ උත්සවය පසුගියදා පැවැත්විණි.
SLIM DIGIS යනු, ශ්‍රී ලංකාවේ සුවිශේෂී ඩිජිටල් අලෙවිකරණ ක්‍රියාකාරකම් ඇඟයීම, විශිෂ්ටත්වය, නවෝත්පාදන සහ ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රයේ වර්ධනය සඳහා දායක වන දක්ෂතා සහ කුසලතා හඳුනා ගන්නා ජාත්‍යන්තර තලයේ සම්මාන උළෙලකි. ව්‍යාපාරයන්හි සන්නාම වටිනාකම සහ පාරිභෝගිකයන් සමඟ සම්බන්ධවීම සඳහා ඩිජිටල් අලෙවිකරණ අංශය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. මෙම සම්මාන උළෙල ඩිජිටල් අළෙවිකරන ක්ෂේත්‍රයේ නිර්මාණශීලීත්වය සහ විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කිරීමේ මහඟු අවස්ථාවක් ලෙස සටහන් කල හැක.
මෙම සම්මාන විනිශ්චය ජාත්‍යන්තර ප්‍රමිතීන් යටතේ සිදුකරනු ලබන අතර, SLIM Digis හි විනිශ්චය අලෙවිකරණ සහ ඩිජිටල් අලෙවිකරණ අංශයේ පළපුරුදු වෘත්තිකයන් විසින් සිදු කරනු ලබයි. ශ්‍රී ලංකාවේ ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රයේ දියුණුව සහ වර්ධනය පිළිබිඹු කරමින් ගෝලීය ප්‍රවණතාවලට අනුකූලව විවිධ සම්මාන කාණ්ඩ සකස් කර ඇති අතර, ක්ෂේත්‍රයේ නියැලෙන්නන් දිරිමත් කරන අතරම අනාගතයේ ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රය හා සම්බන්ධ වීමට සිටින්නන් සඳහා පෙලඹවීමක් ඇති කරයි.
NDB බැංකුව SLIM DIGIS සමඟ ඇතිකරගත් මෙම හවුල්කාරිත්වය, ඩිජිටල් නවෝත්පාදනයන් ඉදිරියට ගෙනයාමට සහ ශ්‍රී ලංකාවේ දියුණු වෙමින් පවතින ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රයට සහාය වීමට ඔවුන්ගේ ඇති කැපවීම තවදුරටත් අවධාරණය කරයි. තාක්ෂණය සහ පාරිභෝගික කේන්ද්‍රීය බැංකුකරණ සේවාවන් කෙරෙහි අවධානය යොමු කරන ප්‍රමුඛතම මුල්‍ය ආයතනයක් ලෙස, NDB බැංකුව ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රය විශිෂ්ටත්වය කරා ගෙන යන ඉදිරි දැක්ම සඳහා සහාය වීමට කැපවී සිටී.
මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් NDB බැංකුවේ සහකාර උප සභාපති/අලෙවිකරණ ප්‍රධානී දර්ශන ජයසිංහ මහතා ප්‍රකාශ කලේ, ‘‘SLIM DIGIS 2024 සම්මාන උළෙල සඳහා නිල බැංකු සහකරු ලෙස දායක වීමට ලැබීම අපට ආඩම්බරයට කරුණක්. මෙම හවුල්කාරිත්වය ශ්‍රී ලංකාවේ ඩිජිටල් විප්ලවයට සහාය දැක්වීමට සහ ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රයේ සීමාවන් පුළුල් කරමින්, නිර්මාණශීලීත්වය සහ නවෝත්පාදනය සඳහා නව මිණුම් සලකුණු සැකසීමට අලෙවිකරුවන් සවිබල ගැන්වීම සඳහා අපගේ ඇති කැපවීම පිළිබිඹු කරයි. NDB බැංකුවේ අපි, බැංකුකරණයේ සහ ව්‍යාපාරවල අනාගතය පවතින්නේ ඩිජිටල්කරණය තුළ බව තරයේ විශ්වාස කරන අතර, SLIM DIGIS ගෙන එන විශිෂ්ට කුසලතා ඇගැයීම පිළිබඳව අප ඉතා සතුටු වන්නෙමු” ලෙසයි.
ලෝකය ඩිජිටල්කරණය වීමත් සමඟම අලෙවිකරණයේ සිදුවන වෙනස්කම් හොඳින් හඳුනාගෙන ඇති NDB බැංකුව, සියලූ කර්මාන්ත වල වර්ධනය, නවෝත්පාදන සහ ව්‍යාපාර විශිෂ්ටත්වය පෝෂණය කිරීමට කැපවී සිටී. NDB බැංකුව, SLIM ආයතනය සමඟ ඇති මෙම සහයෝගීතාවයේ අරමුණ වන්නේ රටේ ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ලඟාවෙමින්, අඛණ්ඩ දියුණුව සහතික කරන අතරම ඩිජිටල් විශිෂ්ටත්වයේ නව යුගයක් සඳහා අවශ්‍ය පසුබිම සැකසීමයි.
NDB බැංකුව ශ්‍රී ලංකාවේ හතරවන විශාලතම ලැයිස්තුගත වාණිජ බැංකුවයි. 2024 වසරේ විශිෂ්ටත්වය සඳහා වූ Euromoney සම්මාන උළෙලේදී NDB බැංකුව ශ්‍රී ලංකාවේ හොඳම ආයතනික බැංකුව ලෙස නම් කරන ලද අතර Asian Banking and Finance Magazine (සිංගප්පූරුව) 2024 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ හොඳම දේශීය පෞද්ගලික බැංකුකරණ බැංකුව ලෙස සහ ශ්‍රී ලංකාවේ වසරේ දේශීය ව්‍යාපෘති මුල්‍යකරණ බැංකුව ලෙස ද NDB සම්මානයට පාත‍්‍ර විය. NDB බැංකුව යනු ප‍්‍රාග්ධන වෙළඳපොල අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම වන අතර, අද්විතීය බැංකු සහ ප‍්‍රාග්ධන වෙළඳපල සේවා සමූහයකින් සමන්විත වේ. ඩිජිටල් බැංකු විසඳුම් මගින් බල ගැන්වෙන අර්ථවත් මුල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට NDB බැංකුව නිබඳවම කැපවී සිටී.
Video Story