SLS නැතිනම් මේවා තහනම්

    December, 12, 2017

    ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් නිකුත් කරනු ලබන ප්‍රමිති සහතික ලාංඡනය නොමැති වෝල්ටීයතාවය වොල්ට් 250 ට නොවැඩි පහත සඳහන් අයිතම නිෂ්පාදනය කිරීම, ආනයනය කිරීම, බෙදාහැරීම, ගබඩා කිරීම හෝ තොග වශයෙන් හෝ සිල්ලර වශයෙන් විකිණීම හෝ විකිණීම සඳහා ඉදිරිපත් නොකළ යුතු බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අදිකාරිය විසින් නියෝග කර තිබේ.

    මෙම නියෝගය සියලු නිෂ්පාදකයින්, ආනයනකරුවන්, බෙදාහරින්නන් සහ වෙළෙන්දන් වෙත සිදු කර ඇත.

    මේ අනුව 2019 ජනවාරි මස 01 වැනි දින සිට පහත ගැසට් පත්‍රයේ සඳහන් නිෂ්පාදන/ අයිතම සඳහා මෙම නියෝගය ක්‍රියාත්මක වීමට නියමිතය.