SLT බ්‍රෝඩ්බෑන්ඞ් පාරිභෝගිකයන් සියලූ දෙනාට නව වසර උදාවේ ඩිජිටල් තෑග්ගක්

    December, 29, 2017

    නොමිලේ ඩේටා ජනවාරි 01දා පැය 24 පුරාවටම

    ජාතියේ ප‍්‍රමුඛතම ඩිජිටල් සේවා සැපයුම්කරු සහ මෙරට අංක එකේ බ්‍රෝඞ්බෑන්ඞ් ජාලය මෙහෙයවන ශ‍්‍රී ලංකා ටෙලිකොම් (SLT) විසින්, සිය අන්තර්ජාල පාරිභෝගියන් හට හිතේ හැටියට අන්තර්ජාලය සමග සම්බන්ධ වෙමින් නව වසරේ උදාව සැමරීමට අවස්ථාව සලසා දෙයි. ඒ අනුව SLT බ්‍රෝඞ්බෑන්ඞ් පාරිභෝගිකයන හට නව වසර උදාවන දිනයේ සම්පූර්ණයෙන්ම නොමිලේ අන්තර්ජාලයේ සැරිසැරීම සඳහා අවස්ථාව සැලසෙනු ඇත. මෙම විශේෂ දීමනාවට අනුව  ඕනෑම SLT බ්‍රෝඞ්බෑන්ඞ් පාරිභෝගිකයෙක් හට 2018 ජනවාරි මස 01 වැනිදාට අයත් පැය 24 ක කාලය තුළ කිසිදු අයකිරීමකින් හෝ ඬේටා සීමාකිරීමකින් තොරව රිසිසේ අන්තර්ජාලය භාවිතාවට ගත හැකිය.

    මෙම දීමනාව සමගින් SLT බ්‍රෝඞ්බෑන්ඞ් පාරිභෝගිකයන් හටල සමාජ මාධ්‍ය, ශ‍්‍රව්‍ය-දෘශ්‍ය ( ඕඩියෝ-වීඩියෝ* වෙබ් අඩවි, ඔන්ලයින් ක‍්‍රීඩා, ඔන්ලයින් ෂොපිං ඇතුලූ තමන්ගේ  ඕනෑම අන්තර්ජාල අවශ්‍යතාවක් නව වසර ඇරඹෙන දිනයේ හිතේ හැටියට සපුරා ගැනීමේ අවස්ථාව සැලසෙනු ඇත.

    නව වසර උදාවත් සමග සිය නෑදෑ හිතමිතුරන් සමගින් තමන්ගේ ජිවිතයේ ප‍්‍රීතිමත් අවස්ථා බෙදාගනිමින් එම හිතවත්කම් වැඩි දියුණු කරගැනීමේ අරමුණ පෙරදැරිව SLT විසින් මෙම නිදහස් අන්තර්ජාල සැරිසැරීමේ දිනය හිමිකරද තී තිබේ. එය අනෙක් අතින් සිය අගනා පාරිභෝගිකයන් සියළුදෙනා එකවර ඇගයීමට ලක්කිරීමක්ද වේ. SLT බ්‍රෝඞ්බෑන්ඞ් අන්තර්ජාල පාරිභෝගිකයන් (Fibre, ADSL හා LTE)  සියළු දෙනා හට SLT හී අධිවේගී බ්‍රෝඞ්බෑන්ඞ් පහසුකම හරහා 2018 ජනවාරි මස 01 වැනිදා අලූයම 12 සිට මධ්‍යම රාත‍්‍රිය ගෙවී යන තුරුම (පැය 24 වේලාව දැක්වීමට අනුව 0.00 පැය සිට 23.59 පැය දක්වා) සිය ආදරණීයන් හා එක්වෙමින් මෙම දීමනාව විඳගත හැකිය.

    මෙරට අන්තර්ජාල සම්පාදන සේවා අතර, ඬේටා ධාරිතාව අතින් අන් කිසිවක් හා සමකළ නොහැකි මෙන්ම ගෙවන මිළට ඉහළම වටිනාකම හිමිවීම අතින් SLT බ්‍රෝඞ්බෑන්ඞ් සබඳතාව අවිවාදයෙන්ම අංක 1 හිමිකරගෙන සිටියි. එමගින් මසකට ගිගා බයිට් 2000කට වැඩි ඬේටා දීමනා සමග වසර පුරා අදහාගත නොහැකි දීමනා පිරිනමයි. 100Mbps වේගවත්ම සබඳතාව සමග දිනෙන් දින වැඩිවන ඩිජිටල් අවශ්‍යතා හමුවේ උස-ත්‍ස තාක්‍ෂණය ඔස්සේ අදාළ උපකරණ කිහිපයකට වුව එකවර එය යොදාගත හැකිය. SLT බ්‍රෝඞ්බෑන්ඞ් පාරිභෝගියන් හට, රටපුරා විහිදි ඇති Fibre Optics තාක්‍ෂණයෙන් යුත් සුපිරි අධිවේගී ජාත්‍යන්තර මට්ටමේ අන්තර්ජාල සබඳතාවක් අත්විදීමේ අවස්ථාව සැලසේ.