SLT බ්‍රෝඩ්බෑන්ඩ් විසින් ළබැඳි මිතුදම ජයග‍්‍රහණය කරවයි

    January, 15, 2018

    ජාත්‍යන්තර මිත‍්‍රත්ව දිනය නිමිතිකර ගනිමින් සිය බ්‍රෝඞ්බෑන්ඞ් ගනුදෙනුකරුවන් වෙනුවෙන් SLT විසින් පවත්වන්නට යෙදුණු මිත‍්‍රත්වය පාදක කරගත් අපූරු තරගයේ ජයග‍්‍රාහකයන් ඉකුත්දා සිය ත්‍යාගයන් හිමිකරගනු ලැබීය.

    SLT වෙත බ්‍රෝඞ්බෑන්ඞ් පාරිභෝගිකයන් වෙතින් ඉහළ ප‍්‍රතිචාර හිමිවූ මෙම තරගය තම මිත‍්‍රත්වය ජයග‍්‍රාහීව ප‍්‍රකාශ කිරීම සඳහා ලැබුණු අවස්ථාවක් ලෙසින් විශාල පිරිසක් විසින් යොදාගනු ලැබීය. ඒ අනුව අවසානයේ ඉන්ස්ටර්ග‍්‍රෑම් ඔස්සේ සිය සමීපතම මිත‍්‍රත්වයට හේතු දැක්වූ කලගෙඩිහේනේ මල්කි සඳුනිකා විජයනායක සහ ෆේස්බුක් ඔස්සේ එම අවස්ථාව ලබාගත් දෙහිවල ප‍්‍රනවින්ත් සිවනාදන් සහ කොළඹ -09 ෆාතිමා නුස්රා නසීම්ඞීන් යන තිදෙනා තම සමීතම මිතුරා/මිතුරිය සමග කොළඹ කිංගස්බරි හෝටලයේ රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක් නොමිලේ බුක්තිවිඳීමේ අවස්ථාව සලසාගත්හ. එයට අමතරව එම තිදෙනා ගිගාබයිට් 100 (100 GB) බැගින් වූ අදාළ දැවැන්ත ඬේටා දීමනාවටද උරුමකම් කීහ.

    මෙම තරගයේදී සැනසිලි ත්‍යාග ලෙසින් තවත් 20 දෙනෙකු වෙත ගිගාබයිට් 100 (GB) බැගින් ඬේටා නොමිලේ පිරිනැමීමට SLT ආයතනය කටයුතු යොදා තිබුණි.