SLT වෙතින් නොමිලේ ඩේටා

    March, 24, 2020

    Covid 19 වෛරසය සීඝ්‍රයෙන් රටතුළ පැතිරීම හේතුවෙන් උද්ගතව ඇති ව්‍යසනකාරී තත්ත්වයෙන් ජනතාව මුදා ගැනීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙලෙහි ප්‍රධාන අංගයක් වන මහජනතාව දැනුවත් කිරීමේ ක්‍රීයාවලියට ජාතික ඩිජිටල් හා ඩිජිටල් යටිතල පහසුකම් සැපයුම්කරු වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම (SLT) ද නොමද සහාය ලබාදීමට තීරණය කර තිබේ.  ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම තම පාරිභොගිකයින් වෙත මතු දැක්වෙන සහන ලබා දී තිබේ.

    Messenger, Whatsapp, Viber,  imo සහ Telegram යන යෙදවුම් සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතා හිමියන් වෙත, සීමා රහිතව නොමිළේ දත්ත (Free Unlimited Data) ලබාදීමට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම තීරණය කර ඇත. මෙලෙස නොමිළේ ලබාදෙන දත්ත Messenger, Whatsapp, Viber, imo සහ Telegram ඔස්සේ ලබා ගන්නා අම්තුම්, වීඩියෝ ඇමතුම් සහ අනෙකුත් සේවාවන් සඳහාද වලංගුවේ.

    මීට අමතරව, ශ්‍රී ලංකා ටෙලිකොම් බ්‍රෝඩ්බෑන්ඩ් පාරිභෝගිකයින් අමතරව ලබා ගන්නා සෑම දත්ත ප්‍රමාණයක් සඳහාම ඒ හා සමාන දත්ත ප්‍රමාණයක් නොමිළේ (Buy 1 Get 1 Free) ලබාදීමටද සමාගම තීරණය කර තිබේ.

    තම සියළුම පාරිභෝගකයින් සඳහා ඇමතුම් ලබා ගැනීමේදී. ඇමතුම් ගාස්තු  සඳහා 50% වට්ටමක් ලබා දීමටද ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම තීරණය කර තිබේ.

    මෙම දීමනා සියල්ල මාර්තු මස 31දා තෙක් වලංගුවේ.