SLT-MOBITEL අඛණ්ඩව තුන්වන වරටත් මෙරට වේගවත්ම ජංගම දුරකථන ජාලය ලෙස Ookla® Speed Test ඇගයීම හිමිකර ගනී

    March, 15, 2022

    ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, අඛණ්ඩව තුන්වන වරටත් මෙරට වේගවත්ම ජංගම දුරකථන ජාලය ලෙස Ookla®  Speed Test ඇගයීම හිමිකර ගැනීමට සමත් විය. ස්ථාවර බ්‍රෝඩ්බෑන්ඩ් සහ ජංගම ජාල පරීක්ෂණ යෙදවුම්, දත්ත සහ විශ්ලේෂණ සම්බන්ධ ලොව ප්‍රමුඛයා ලෙස සැලකෙන Ookla® විසින් මෙම ඇගයීම ලබා දීමට ප්‍රධානම හේතුව වුවේ SLT-MOBITEL Mobile විසින් දිවයින පුරා සිය ආවරණය ව්‍යාප්ත කරමින් විශිෂ්ට සේවාවක් ලබා දීමටත්,  වාර්තාගත වේගයක් පවත්වා ගැනීමට සමත් වීමත් නිසයි.

    ඩවුන්ලෝඩ් සහ අප්ලෝඩ් වේගයන් අනුව සිදුකරන ලකුණු ලබාදීමක් මගින් The Speedtest Awards සඳහා තෝරා ගැනීම් සිදු කරන අතර තම පාරිභෝගිකයන්ට දුරකථන ක්‍රීඩා වල යෙදීම, HD වීඩියෝ නැරඹීම සහ සමාජ මාධ්‍ය භාවිතා කිරීම වැනි බොහෝ දේ සිදුකළ හැකි ආකාරයට උසස් තත්ත්වයේ හා වේගවත් සන්නිවේදන පහසුකම් ලබාදීම සමත් වීම මෙම ඇගයීම ලබා දීමට සලකා බැලෙයි.

    Ookla Speedtest සම්මාන ඇගයීම වසරකට දෙවරක් පැවැත්වෙන අතර, Speedtest® භාවිතා කරන පාරිභෝගිකයන් සිදුකරන පරීක්ෂණ වල ප්‍රතිඵල අනුව සම්මානලාභීන් තීරණය කෙරේ. මෙම පරීක්ෂණ වලදී 2019, 2020, 2021 අඛණ්ඩව තම තරගකරුවන් අභිභවා යාමට SLT-MOBITEL Mobile සමත් වී ඇත.

    මීට අමතරව, 2019 වර්ෂයේදී SLT-MOBITEL දකුණු ආසියාවේ ප්‍රථම වරට වාණිජමය 5G ස්මාර්ට් ජංගම දුරකතන භාවිතා කරමින් 5G තාක්ෂණය අත්හදා බැලූ අතර, එය වාර්තාගත වේගයක් පෙන්වීමට සමත් විය.  එසේම, SLT-MOBITEL, 5G සහ අනෙකුත් නවතම සම්බන්ධතා විසඳුම් තවදුරටත් පුළුල් කිරීමේ කටයුතුවල නිරත වෙමින් සිටියි.