SLT-MOBITEL වෙතින් සුවිශේෂී අවුරුදු දීමනා රැසක්

    April, 10, 2023

    ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ෆයිබර් සහ 4G  සම්බන්ධතා මෙන්ම ස්මාර්ට් දුරකථන, ඩේටා සහ උපකරණ මිලදීගැනීම් සඳහා දීමනා රැසක් හඳුන්වා දී ඇත. මෙම දීමනා ස්ථාවර දුරකථන සම්බන්ධතාවලට මෙන්ම ජංගම දුරකථන සම්බන්ධතාවලටද අදාළ වේ.

    2023 මාර්තු 10 සිට අප්‍රේල් 10 දක්වා, SLT-MOBITEL ස්ථාවර දුරකථන සම්බන්ධතා සඳහා රු. 6,000/- ක් දක්වා මාසික ස්ථාවර ගාස්තුව අය නොකෙරෙන අතර, නව PEO TV සම්බන්ධතා සඳහා මාසයක කාලයක් මූලික සේවා ගාස්තුව අය නොකෙරේ. එමෙන්ම නව 4G LTE සම්බන්ධතා සඳහා මේ අවුරුදු සමයේ 50GB නොමිලේ හිමි වනු ඇත.

    මෙම කාලසීමාව සඳහා SLT-MOBITEL මගින් සුවිශේෂී ඩේටා සහ ජංගම උපාංග දීමනා එකතුවක්ද හඳුන්වා දී තිබේ. මේ යටතේ 4G Mobile Wingle සඳහා මාස 3 ක් දක්වා 20GB Anytime Data හිමි වන අතර, මෙම Mobile Wingle මිලදී ගැනීම් මාස 3 ක් දක්වා වන ගිවිසුමකට යටත් වේ.

    SLT-MOBITEL Mobile ස්මාර්ට් දුරකථන සහ ඩේටා දීමනාව Samsung Galaxy S22 5G (8+256GB), Samsung Galaxy S22 Ultra 5G (12+256GB), Apple iPhone 13 Pro 128GB Graphite සහ Apple iPhone 13 Pro Max 128GB Alpine Green යන දුරකථන සඳහා අදාළ වේ. මීට අමතරව TCL 20SE (4+128GB), TCL 20L (4+128GB), TCL 20 5G (6+128GB), TCL TAB 10s 4G (3GB+32GB), TCL TAB 10 FHD 4G (3GB+64GB) සහ TCL 20 Pro (6/256 GB) යන TCL ස්මාර්ට් දුරකථන සඳහාද එම දීමනා හිමි වනු ඇත.

    එමෙන්ම Mini UPS (35%), DCP Mini UPS (40%), PowerLast Power Backup (10%), CLI Phone (10%), CLI Slim Phone (10%) සඳහාද 10% ත් 40% අතර විශේෂ වට්ටම් හිමි වේ. මෙම උපකරණ SLT-MOBITEL ප්‍රාදේශීය කාර්යාල හෝ eTeleshop අලෙවිසැල් වෙතින් මිලදීගත හැක.

    දැනටමත් 4G LTE සහ  ADSL සම්බන්ධතා හිමි පාරිභෝගිකයන්ට 2023 අප්‍රේල් 10 දින සිට 14 දින දක්වා කාලසීමාව තුළ ලෝයල්ටි බෝනස් හිමි වේ. බ්‍රෝඩ්බෑන්ඩ් පාරිභෝගිකයන්ට දින 7 ක් දක්වා වලංගු 25GB අවුරුදු ඩේටා ADD-ON දීමනාවක් නොමිලේ හිමි වන අතර, එය MySLT app හෝ MySLT Portal හරහා සක්‍රීය කරගත හැක. Netflix, PeoTVGo සහ Amazon වැනි ජනප්‍රිය සේවාවන් මෙම දීමනාවට ඇතුළත් වේ.

    SLT-MOBITEL ස්ථාවර දුරකථන හිමියන්ට අප්‍රේල් 13 සහ 14 දෙදින තුළ සියලුම ඇමතුම් නොමිලේ හිමි වන අතර, PEO TV පාරිභෝගිකයන්ට අප්‍රේල් 13 සිට 16 දක්වා Fibre සහ ADSL ඔස්සේ Video on Demand සඳහා විශේෂ වට්ටම් හිමි වනු ඇත.

    SLT-MOBITEL Mobile ද අලුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් 13 සහ 14 දෙදින තුළ විශේෂ Happy Hour ඩේටා බෝනස් දීමනාවක් හඳුන්වා දී තිබේ. අප්‍රේල් 13 සහ 14 දෙදින තුළ පස්වරු 1 සිට 3 දක්වා, පස්වරු 4 සිට 6 දක්වා සහ රාත්‍රී 10 සිට 11.59 දක්වා රීලෝඩ් කිරීමේදී එම පාරිභෝගිකයන්ට විශේෂ බෝනස් දත්ත ත්‍යාග වශයෙන් හිමි වනු ඇත. එමෙන්ම ජංගම දුරකථන පාරිභෝගිකයන්ට රු. 200 ක් රීලෝඩ් කර දින 2 ක් වලංගු 10GB ඩේටා ලබාගැනීමටද අවස්ථාව සලසා දී තිබේ.

    මෙම සියලු දීමනා, SLT-MOBITEL පාරිභෝගිකයන්ට තම පවුලේ සාමාජිකයන් සහ නෑදෑ හිතමිතුරන් සමග එක්වී රිසි සේ අලුත් අවුරුදු සතුට භුක්ති විඳීමට මහෝපකාරී වනු නො-අනුමාන ය.

    මේ පිළිබඳ වැඩිදුර තොරතුරු SLT-MOBITEL ප්‍රාදේශීය කාර්යාල වෙතින්, 1212 අංකයෙන් හෝ www.sltmobitel.lk වෙබ් අඩවිය තුළින් ලබාගත හැකි අතර, මෙම දීමනා සඳහා නියමයන් හා කොන්දේසි අදාළ වේ.