SLT PEO TV හඳුන්වාදෙන TV තක්සලාව

    April, 2, 2018

    ටියුෂන් අධ්‍යාපනයට අද වන විට සෑම දරුවෙක්ම පාහේ හුරුවී ඇති අතර මෙම තත්ත්වය දරුවන්ගේ අධ්‍යාපනයේදී අත්‍යාවශ්‍ය සාධකයක් බවට ද පත් වී ඇත. එසේම ටියුෂන් පන්ති යාම අදවන විට දරුවන් අතර පමණක් නොව දෙමව්පියන් අතර පවා කතිකාවතට ලක්වී ඇති අතර එක්තරා ආකාරයකට මෙය විලාසිතාවක් බවට ද පත්වී ඇත. සතියේ දින පහේ සවස් වරුවේත් සති අන්තයේත් දරුවන් ටියුෂන් යාමට පුරුදුවීම තුළින් දරුවන්ගේ විෂය බාහිර ක්‍රියාකාරම් කෙරේ සිදුකළ යුතු අවධානය පවා මේ නිසා අවම වී ඇත. දරුවන් පාර්ශවයෙන් කෙසේ වෙතත් දෙමාපිය පාර්ශවයේදී මෙම තත්ත්වය එක්තරා ආකාරයක අසහනකාරී ස්වභාවයක් නිර්මාණය කිරීමට සමත්ව ඇත. විශේෂයෙන්ම තරුණ දූ දරුවන් සිටින දෙමාපියන්ට සිය දරුවන් කෙරේ අමතර විමසිල්ලක් දැරීමට මේ නිසා සිදුව ඇත. දරුවන් පාර්ශවයෙන් බැලූවද සමාජානුයෝජන ක්‍රියාවලියේදී සමකාලීන මිතුරන් හා මුහුවීම ඉතා වැදගත් වුවද නිරන්තර ටියුෂන් එක්තරා අකාරයක පීඩාකාරී ස්වභාවයක් ජනිත කළ හැක.

    මෙකී කාරණය නිසාම ඇතැම් දෙමාපියන් සිය දරුවන්ට අවශ්‍ය ටියුෂන් ගෙදරටම ගෙන්වා ලබාදීමට කටයුතු කරයි. දරුවන්ට පවා මෙය ඉතා පහසු කාර්යයකි. මේ නිසාම දරුවන්ට සිය හුරුපුරුදු පරිසරයට වී නිවී සැනසිල්ලේ ටියුෂන් ලබා ගැනීමට හැකියාව උදා වේ. නමුත් මෙසේ සෑම දෙමාපියෙකුටම නිවසටම ටියුෂන් ගෙන්වා ගත නොහැකිවන්නේ එය තරමක් මිල වන බැවිනි.

    මේ සඳහා සාර්ථක විසඳුමක් ශ්‍රී ලංකා ටෙලිකොම් PEO TV හඳුන්වා දී ඇත. එනම් SLT PEO TV හඳුන්වා දෙන EOD නැතිනම් Education on Demand සේවාවයි. මේ තුළින් ගෙදර ඉඳන්ම ටියුෂන් ලබා ගැනීමේ හැකියාව දරුවන්ට උදා වේ. මෙය ඉතා සරළ ක්‍රියාවලියකි. ඔබ විසින් කළ යුතු වන්නේ SLT PEO TV හී EOD වෙත පිවිස දරුවා ඉගෙනගන්නා පන්තියට අදාල ගොනුව ‍තෝරා ඒ යටතේ ඇති අධ්‍යාපනික වීඩියෝ පාඩම් මාලා ඇණවුම් කොට නැරඹීමට හා හැදෑරීමට සැලැස්වීමයි. මෙසේ ඇණවුම් කරන වීඩියෝ පාඩමක් මාසයක් පුරාවට නැවත නැවත දරුවා කැමති වාරයක් නරඹන්න, හදාරන්න හැකියාව ඇත. එපමණක් නොව මෙම වීඩියෝ පාඩම් මාලාව තමන් කැමති පරිදි Rewind කරන්න Forward කරන්න ආදී හැකියවන්ගෙන්ද යුක්තය.

    EOD මඟින් දරුවන්ට අමතර දැනුම සම්පාදනය කරනවා සේම ගුරුවරුන්ටත්, ඒ වගේම අධ්‍යාපනික වීඩියෝ පාඩම් මාලා නිර්මාණය කරන නිෂ්පාදකයින්ටත් අලුත්ම අවස්ථාවක් උදා වේ. ගුරුවරුන්ට සිය දැනුම දරුවන්ට ලබා දීමේදී ටියුෂන් පන්තියට අමතරව නව මාධ්‍යයක් PEO TV ඔස්සේ නිර්මාණය කරගත හැක. PEO TV මෙම EOD ඔස්සේ නිර්මාණය කරනුයේ TV තක්සලාවක්. මෙම TV තක්සලාව ඔස්සේ ගුරුවරුන්ටත් දැන් සිය පාඩම් මාලා වීඩියෝ මාර්ගයෙන් EOD ඔස්සේ බෙදාහැරිය හැක. ඒ තුළින් ඔවුන්ට අමතර ආදායම් මාර්ගයක් නිර්මාණය කර ගැනීමේ හැකියාව උදා වේ. එසේම වීඩියෝ මාධ්‍යයෙන් අධ්‍යාපන ප්‍රකාශන නිර්මාණය කරන නිෂ්පාදකයින්ට සිය අධ්‍යාපනික වීඩියෝ පට PEO TV, EOD ඔස්සේ බෙදාහැරීමේ හැකියාවත් උදා වේ. ඒ අර්ථයෙන් බලන කළ PEO TV EOD මෙම නවමු අත්දැකීම, අධ්‍යාපනික වීඩියෝ පට නිෂ්පාදකයින් සඳහා නවමු බෙදාහැරීමේ මාධ්‍යක් නිර්මාණය කරනු ඇත.

    ශ්‍රී ලංකා ටෙලිකොම් PEO TV යනු කවදත් අලුත් අත්දැකීමක් සිය ප්‍රේක්ෂකයින්ට ලබා දෙන සේවාවක්. ඒ අර්ථයේදී PEO TV මෙවර හඳුන්වාදෙනුයේ ජාතියේ දූ දරුවන්ගේ නැණස පාදන සත්කාර්යයයි. PEO TV – EOD, TV තක්සලාව. සැබැවින්ම ටියුෂන් ඔබේ නිවසටම කැඳවයි.