SNAV වාර්ෂික සම්මේලනය ශ්‍රී ලංකාවේ පැවැත්වීමේ තීරණයක්

    May, 5, 2016

    සම්මන්ත්‍රණ හා වෙනත් විවිධ රැස්වීම් (MICE) පැවැත්වීමට යෝග්‍ය ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ප්‍රංශයේ සංචාරක නියෝජිත ජාතික සංගමයේ (SNAV) වාර්ෂික සම්මේලනය ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිණිස ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන කාර්යාංශය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව පිළිගනිමින්, ප්‍රංශයේ සංචාරක නියෝජිත ජාතික සංගමය (Syndicat National des Agences de Voyages - SNAV), සිය වාර්ෂික සම්මේලනය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කර ඇත.

    'ශ්‍රී ලංකාව' ප්‍රංශ සංචාරකයින් අතර සිත්ගත් ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා ද ඉහත සම්මේලනය මෙරට පැවැත්වීම දායක වනු ඇති බවත් ඒ අනුව මෙම සම්මේලනය 2016 ඔක්තෝබර් මස 31 දින සිට නොවැම්බර් මස 02 දින දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සඳහා අවශ්‍ය පහසුකම් රජය මඟින් සැලසීම පිණිස සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.