Spectrify AI ශ්‍රී ලංකාවේ කෘෂි තාක්ෂණ විප්ලවයකට සැරසෙයි

    January, 7, 2021

    • අඩු වියදම් ‘Spectral Imaging’ තාක්ෂණයේ නවතම ප්‍රවණතා සහ කෘත්‍රිම බුද්ධි තාක්ෂණයන් ඒකාබද්ධ කරයි
    • සැපයුම් දාමය පුරාම ක්ෂුද්‍ර මට්ටමින් තත්ත්වය පාලනය කළ කෘෂි නිෂ්පාදන
    • පොහොර, කෘමිනාශක හා වල්නාශක යෙදීම කළමනාකරණය කිරීමේ හැකියාව සමග අස්වැන්න සහ තත්ත්වය පුරෝකථනය කිරීමේ හැකියාව
    • ගෝලීය මට්ටමින් දැනටමත් පේටන්ට් බලපත්‍ර සඳහා අයදුම් කර ඇත

    ශ්‍රී ලංකාවේ වේගයෙන්ම දියුණු වන AI තාක්ෂණ සමාගම ලෙස සැලකෙන VeracityAI යටතේ ක්‍රියාත්මක වන Spectrify AI, මෙරට ප්‍රථම වරට තේ, කුළුබඩු සහ ඖෂධීය ශාක වගාවන් තුළ නිෂ්පාදන, කෘෂි තාක්ෂණ හා තත්ත්ව පාලන කටයුතු වල පරිවර්තනයක් සිදුකිරීම සඳහා සුවිශේෂී වූ කෘෂි තාක්ෂණික විසඳුම් පෙළක් හඳුන්වා දීමට කටයුතු කර තිබේ.

    Spectral Scanning, Artificial Intelligence සහ Machine Learning යන තාක්ෂණයන්ට අදාළ නවතම ප්‍රවණතා භාවිතා කරමින්, උසස් තත්ත්වය සහතික කරන පරිපූර්ණ විසඳුම් කෘෂි නිෂ්පාදකයන් හා සැපයුම් දාම සහකරුවන් වෙත පිරිනැමීමේ හැකියාව Spectrify AI සතු ය.

    මෙය සිදුකරනුයේ, තේ, කුළුබඩු සහ ඖෂධීය ශාක වගාවන් ආදිය සඳහා වගාබිම් වල සිට කර්මාන්තශාලා හරහා අවසන් ගැනුම්කරුවන් දක්වාම තත්ත්වය සුරැකෙන ආකාරයට, පසේ සංයුතියේ සිට රසායන ද්‍රව්‍ය දක්වා විශ්ලේෂණය කිරීම සඳහා,  පේටන්ට් බලපත්‍ර හිමි, ඉතාමත් අවම වියදම් සහිත Spectral Scanner තාක්ෂණය සමග කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිතා කිරීම මගින් ය.

    “ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තයට කීර්තිමත් ඉතිහාසයක් සහ තත්ත්වය සම්බන්ධයෙන් විශාල පිළිගැනීමක් තිබුණත් තවමත් එය එහි උපරිමයට ළඟා වී නැහැ. මෙයට ප්‍රධාන හේතුව වන්නේ හොඳ මට්ටමේ දත්ත නොමැති වීමයි. බොහෝ දෙනෙකු මෙය අභියෝගයක් ලෙස කල්පනා කළත්, අප මෙය වටිනා අවස්ථාවක් ලෙස දකිනවා. මේ ඔස්සේ අපට සාම්ප්‍රදායික සීමාවන් ඉක්මවා යමින්, නිෂ්පාදන වියදම් විශාල වශයෙන් අවම කරගනිමින්, තේ, කුළුබඩු සහ ඖෂධීය ශාක වගාවන් සඳහා අතීතයේ ශ්‍රී ලංකාවට තිබූ කීර්තිය නැවත දිනාගැනීමට අවස්ථාව උදාකර දීමට අප උත්සාහ කරනවා.” Spectrify AI හි සම සභාපති, ප්‍රසිද්ධ ව්‍යවසායක ජීවන් ඥානම් මහතා පැවසී ය.

    Spectrify AI සතු විසඳුම් සමග Veracity AI හැකියාවන් ඒකාබද්ධ කිරීම ඔස්සේ චන්ද්‍රිකා රූපණ තාක්ෂණයන් භාවිතා කරමින් සහ ඓතිහාසික දත්ත අධ්‍යයනය කරමින් අස්වනු සහ අවදානම් පුරෝකථනය කිරීමටද අවස්ථාව ලැබෙනු ඇත.  එමෙන්ම කැමරාවක් සහිත ඕනෑම ස්මාර්ට් උපාංගයක් ජංගම අන්වීක්ෂයක් බවට පරිවර්තනය කරමින් ශාක වල කෘමීන් හා රෝග හඳුනා ගැනීම සඳහා අවස්ථාව ලබාදෙන GoMicro,තාක්ෂණය භාවිතා කිරීමටද මෙමගින් අවස්ථාව ලැබීම තවත් විශේෂත්වයකි.

    “කෘෂිකර්මාන්තයේ අනාගතය රඳා පවතින්නේ තාක්ෂණය මතයි. ඒ තාක්ෂණය දැනටමත් හඳුන්වා දී තිබෙනවා. කෘෂිකාර්මික හා ඉලෙක්ට්‍රොනික විප්ලවයන් ඒකාබද්ධ වීම ඔස්සේ Spectral Imaging Analysis සම්බන්ධ වියදම් අවම වීම සහ හැකියාවන් වර්ධනය වීම මගින් ලොව පුරා ආර්ථිකයන්ට හා සමාජයන්ට යහපත් බලපෑමක් ඇතිවේවි. Spectral Imaging හා AI තාක්ෂණයන් භාවිතා කිරීම මගින් අප පෙර නොසිතූ මට්ටමකින් කෘෂිකාර්මික නිෂ්පාදන සම්මතකරණය කිරීමේ, ව්‍යුහගත කිරීමේ සහ කාර්යක්ෂම කිරීමේ හැකියාවන් ලබාගනිමින් සිටිනවා. Spectrify AI ඔස්සේ  අප උත්සාහ කරන්නේ මේ හැකියාවන් සහ ක්‍රියාවලිය පෙන්වා දෙමින්, ශ්‍රී ලංකාව කෘෂි තාක්ෂණ නවෝත්පාදනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ මුල් පියවර තැබීමටයි.” Deep Technology ව්‍යවසායක සහ Spectrify AI සම නිර්මාතෘ මයික් රිචර්ඩ්සන් මහතා පැවසී ය.

    SAKS (St. Anthonys Knowledge Services)  අනුබද්ධ ආයතනයක් වන Veracity AI, කෘත්‍රිම බුද්ධි (AI) භාවිතාවන් සඳහා දත්ත (Data) සහ සහ යන්ත්‍ර ඉගෙනුම් (Machine Learning)  තාක්ෂණයන් භාවිතා කිරීම සම්බන්ධ විශේෂඥ සමාගමකි. 2018 වසරේදී ආරම්භ වූ එම සමාගම සේවාදායකයන්ට ගැළපෙන පරිදි සැලසුම් කළ, සුහුරු ව්‍යාපාර ආකෘති හා නිෂ්පාදන සංවර්ධන ක්‍රමෝපායන් හඳුන්වා දීම සහ දත්ත විද්‍යාව (Data Science), යන්ත්‍ර ඉගෙනුම (Machine Learning) සහ කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) යන ක්ෂේත්‍ර සම්බන්ධ ප්‍රාග්දර්ශ (Prototypes) දේශීය හා ජාත්‍යන්තර සේවාදායකයන් වෙත හඳුන්වා දීම සිදුකරමින් සිටී.