SterlingCars.lk – මෝටර් රථ මිලදී ගැනීමට හා විකිණීමට හැකි ශ්‍රී ලංකාවේ නවතම online වෙළඳපොළ

    March, 4, 2021

    දිවයිනේ ප්‍රමුඛතම මෝටර් රථ සේවා සපයන ආයතනයක් වන ස්ටර්ලිං ඔටෝමොබයිල්ස් ලංකා පුද්ගලික සමාගම විසින්, වාහන ගැනුම් හා විකුණුම්කරුවන්ට SterlingCars.lk නමින් වෙළඳ වෙබ් අඩවවියක් හඳුන්වා දෙන ලදී. මෙම වෙබ් අඩවිය හරහා ඉතා පුළුල් පරාසයක මාදිලි රැසකට අයත් වන මෝටර් රථ විශාල ප්‍රමාණයක් දැක ගැනිමට පාරිභෝගිකයින්ට අවස්ථාව උදා වේ.

    මෙම වෙබ් අඩවිය තුල දැන්වීම් පළ කිරීමේ දී කිසිදු ගාස්තුවක් අය නොකෙරේ. එමෙන්ම ගැනුම්කරුවන්ට සහ විකුණුම්කරුවන්ට මෝටර් රථයක් මිලදී ගැනීමේදී සහ විකිණීමේදී ඉතා පහසු, කාර්යක්ෂම සහ විශ්වාසය සුරැකෙන  පරිදි ගණුදෙනු කිරීමට හැකිවන අයුරින් මෙම වෙබ් අඩවිය නිර්මාණය කර ඇත.

    එමෙන්ම මේ හරහා තමන් විකිණීමට හෝ මිලදී ගැනීමට බලාපොරොත්තු වන රථයට නියම වටිනාකමක් ලබා ගැනීමට පාරොභෝගිකයාට හැකිවෙතැයි ස්ටර්ලිං ඔටෝමොබයිල්ස් සමාගම බලාපොරොත්තු වේ.

    මෙම වෙබ් අඩවිය හරහා විකුණන මොටර් රථ සඳහා ඕනෑම ස්ටර්ලිං ආෆ්ටකෙයා මධ්‍ය්ථානයකින් එම රථයේ තත්ව පරික්ෂාවක් ලබා ගත හැකි වන අතර, එසේ සහතික කරන ලද මෝටර් රථ වෙන් කර හඳුනා ගැනීමට ද ගැණුම්කරුවන්ට ඉඩ හසර ලබා දී ඇත. මෙමගින් විකිණීමට නියමිත මෝටර් රථ සඳහා වැඩි වටිනාකමක් ලබා දිය හැකිවනවා පමණක් නොව, පාරිභෝගිකයින් අතර විශ්වාසය ඇති කිරීමටද හැකිවේ. SterlingCars.lk වෙබ් අඩවිය හරහා විකුණනු ලබන සෑම මෝටර් රථයකටම, විකුණනු ලබන දිනයේ සිට වසරක් දක්වා Sterling Aftercare මධ්‍ය්ථානයකින් වැඩ කුලී රහිත පූර්ණ සේවා (labour free full services)  ලබා ගැනීමට ද හැකියාව ඇත.

    මීට අමතරව, SterlingCars.lk හරහා මෝටර් රථ මිලදී ගන්නා පාරිභෝගියකයින් Sterling Aftercare මධ්‍යස්ථානයකින් සේවා ලබා ගන්නා විට ඔවුන්ට Sterling Steorra පාරිභෝගික ප්‍රණාම වැඩසටහනට ද ඇතුලත් වී ඒ හරහා ලබා දෙන සියලු දීමනා සහ වට්ටම් ලබා ගැනීමටද හැකියාව ඇතග Sterling Steorra පාරිභෝගික ප්‍රණාම වැඩසහනට ඇතුලත් වීමේදී පාරිභෝගිකයින්ට HNB බැංකුව සහ Sterling සන්නාම ඇතුලත් බැංකු ඪසි් කාඩ් පතක් ද ලබා ගැනීමට හැකිවන අතර, ඒ හරහා ඔවුන් වෙතින් එකතු කර ගන්නා loyalty points මුදල් බවට පරිවර්තනය කර ලොව පුරා භාවිතා කිරීමට හැකියාව ඇත.

    මෝටර් රථ සඳහා ලීසිං ඇස්තමේන්තු ලබා ගැනීමට හැකි වීම SterlingCars.lk වෙබ් අඩවියේ තවත් සුවිශේෂී අංගයක් ලෙසින් සඳහන් කල හැක. උදාහරණයක් වශයෙන්, යම් පාරිභෝගිකයෙකු මෙම වෙබ් අඩවිය පරිශීලනය කිරීමේදී තමන් කැමති මෝටර් රථය තෝරා ගැනීමේ දී ඒ සඳහා ගෙවිය යුතු ලීසිං වාරික මුදලෙහි වටිනාකම පිළිබඳව දැනගැනීමට හැකියාවක් ඇත. මෙම පහසුකම ලබා දීම සඳහා SterlingCars.lk සමග දිවයිනේ ප්‍රමුඛ පෙළේ ලීසිං සේවා සපයන ආයතන අත්වැල් බැඳගෙන ඇත.

    වෙළඳ දැන්වීමක් පළකිරීමට ඉල්ලුම් කර පසු පැය 2-3 කාලයක් ඇතුලත එය වෙබ් අඩවිය තුල පළකරනු ලබන අතර, එසේ පළකිරීමට පෙර සෑම දැන්වීමක්ම පරික්ෂා කර ඒවායේ ඇතුලත් දත්ත නිවැරදි ලෙස පළ කෙරෙනු ඇත.

    පරිඝණක, ජංගම දුරකථන සහ ටැබ් යනාදී වූ ඕනෑම උපකරණයක් හරහා ඉතා පහසුවෙන් පරිශීලනය කළ හැකි පරිදි නිර්මාණය කර තිබෙන SterlingCars.lk වෙබ් අඩවිය හරහා පාරිභෝගිකයින්ට වඩාත් පහසුවෙන් මෝටර් රථ විකිණීමට සහ මිලට ගැනීමට හැකිවනු ඇත. ශ්‍රී ලංකාවේ මොටර් රථයක් මිලට ගැනීමේ සිට ඊට අවශ්‍ය සියලු අලෙවියෙන් පසු සේවා ලබා ගැනීම සහ එය නැවත විකිණීම දක්වා වන ගමන්මගේ දී පාරිභෝගිකයාට අවශ්‍ය සියලු සේවා සැපයීමේ පුරෝගාමියෙක් බවට පත්වීමේ මෙහෙයුමේ තවත් එක් සාර්ථක පියවරක් ලෙස මෙම වෙබ් අඩවිය හඳුන්වාදිය හැකි බව ස්ටර්ලිං සමාගම සඳහන් කරයි.

    ස්ටර්ලිං ජැපෑන් සමාගම විසින්, ස්ටර්ලිං ආෆ්ටකෙයා වගකම් සහතිකය (Sterling Aftercare Guarantee)  යටතේ ජපානයේ සිට මෙරටට ආනයනය කරන මෝටර් රථ සඳහා අලෙවියෙන් පසු සේවා ලබා දීමට බලයලත් එකම නියෝජිතායතනය ස්ටර්ලිං ඔටෝමොබයිල්ස් ආයතනය වේ. එම මෝටර් රථ සඳහා ඇවැසි සියලු සේවාවන් සැපයීමට, නවීන පහසුකම් වලින් සමන්විත ස්ටර්ලින් ආෆ්ටකෙයා මධ්‍යස්ථාන (Sterling Aftercare Centre) හයක් මහර, උඩහමුල්ල, රත්මලාන, දූනගහ, නාරාහේන්පිට සහ ගාල්ල යන නගර වල පිහිටුවා ඇත. මෙම මධ්‍යස්ථාන මගින් ඕනෑම වාහන හිමියෙකුට සියලු මෝටර් රථ නඩත්තු සහ කාර්මික සේවා ලබා ගත හැක.

    ඡායාරූපය - (වමේ සිට) ස්ටර්ලිං ඔටෝමොබයිල්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රංගන කෝරලගේ සහ ස්ටර්ලිං ඔටෝමොබයිල්ස් සමාගමේ අධ්‍යක්ෂ රේණුක විජේසිරිවර්ධන මහත්වරුන් විසින් වෙබ් අඩවිය එළිදැක්වීම.