February, 2, 2021
පාරිසරික ප‍්‍රමිතීන් ආරක්ෂා කරගනිමින් තිරසාර ව්‍යාපාරයක් ලෙස විදුලි සම්පේ‍්‍රෂණ, සහ විදුලිය බෙදා හැරීමේ වානේ පිරිසැකසුම් උපාංග නිෂ්පාදනයේ මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික සමාගම වන STI හෝල්ඩිංග්ස් ^ St. Theresa Industries Holdings& ලංකා විදුලි බල මණ්ඩලය සමග එක් වෙමින් ශ‍්‍රී ලංකාවේ විදුලි සම්පේ‍්‍රණ සහ සැපයුම් සේවා ජාලගතකරණය සහ අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා වන සම්පේ‍්‍රෂණ කුළුණු සහ ගැන්ට්‍්‍ර ඉදිකිරීම් කටයුතු පසුගියදා ආරම්භ කරන ලදි. මෙහි සමාරම්භක උත්සවය ජනවාරි 27 වන දින මහව දී පැවැත්වීය. චීනයේ Qingdao Huijintong සමාගම මෙම ව්‍යාපෘතියෙහි ප‍්‍රධාන කොන්ත‍්‍රාත්කරු ලෙස කටයුතු කරයි.
මහව ප‍්‍රදේශයෙන් ඇරඹෙන මෙම ව්‍යාපෘතිය සඳහා නුතන තාක්ෂණය මත පදනම් ව හෝල්ඩිංග්ස් විසින් නිර්මාණය කරන විදුලි සැපයුම් පද්ධති හරහා දිස්ත‍්‍රික්ක 12කට බෙදා හරින මධ්‍යම වෝල්ටීය ධාරිතාවක් සහිත විදුලි සැපයුම් කාර්්‍යක්ෂමතාව වර්ධනය කරමින් අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දෙනු ඇත. මෙම දැවැන්ත ව්‍යාපෘතිය යටතේ කිලෝමීටර් 300ක් පුරා දිවෙන ද්විත්ව පරිපථ කිලෝවොට් 33,000ක අධි බලැති සම්පේ‍්‍රෂණ විදුලි රැුහැන් පද්ධතියක් ගොඩනැංවීම සහ ද්විත්ව ඒකක 13ක් මෙන්ම 5 MBA ඒකල රැහැන් කුළුණු ඉදිකෙරෙනු ඇත. ආසියානු සංවර්ධන බැංකුව මෙම ව්‍යාපෘතිය සඳහා ආධාර කරයි.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් ක‍්‍රියාත්මක කරන විදුලි සැපයුම් සේවා ස්ථායිතා සහ ප‍්‍රවර්ධන ව්‍යාපෘතිය යටතේ රටපුරාම බෙදාහරින විදුලි ධාරිතාවේ අඛණ්ඩතාව සහ ස්ථායිතාව ප‍්‍රවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වී ඇත. එමෙන්ම දිනෙන් දින වර්ධනය වන ගෘහස්ත සහ ආයතනික විදුලි අවශ්‍යතාව සපුරාලීම ද මෙමගින් සිදු වනු ඇත. මෙම වෘපෘතිය තුළින් පරිසර හිතකාමී 65 MBA විදුලි බෙදාහැරීමේ මධ්‍යස්ථානයන් රැසක් ශ‍්‍රී ලාංකීය විදුලි බල සැපයුම් ජාලයට එක් වනු ඇත.
ලංකා විදුලි බල මණ්ඩලය විසින් ක‍්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය පිලිබඳව අදහස් දක්වන හෝල්ඩිංග්ස් හි කළමනාකාර අධ්‍යක්‍ෂ කොලින් ප‍්‍රනාන්දු මහතා ‘‘ විදුලි බල සැපයුම් ස්ථායිතා ප‍්‍රවර්ධන වැඩසටහන මෙරට බලශක්ති ක්ෂේත‍්‍රයේ හැරවුම් ලක්ෂයක් ලෙස සඳහන් කරන්නට පුළුවන්. මෙමගින් රටේ සිව් කොණ විදුලි ඉල්ලූමට සරිලන ලෙස විදුලිය බෙදා හැරීමට ලංකා විදුලි බල මණ්ඩලයට හැකි වන අතර රටේ ආර්ථික වර්ධන වේගය වැඩි කිරීමටත් මෙය උපකාරී වේවි. එමෙන්ම නාගරික සහ ග‍්‍රාමීය විදුලි අවශ්‍යතා මෙම විදුලි සම්පේ‍්‍රෂණ ව්‍යාපෘතිය හරහා සපුරා ගැනීමට හැකිවන අතරම රටේ යටිතල පහසුකම් සංවර්ධනයට ද මෙය උපකාරී වන බව මගේ අදහසයි’’ යනුවෙන් STI හෝල්ඩිංග්ස් සමූහයේ ප‍්‍රධාන විධායක නිලධාරී මදුශංක ප‍්‍රනාන්දු මහතා පැවසීය.
මෙම ව්‍යාපෘතිය යටතේ කිලෝවොට් 33,000ක මධ්‍ය ධාරිතා බෙදාහැරීමේ රැහැන් පද්ධතියක් සහ ද්විත්ව මාර්ග රැහැන් පද්ධතියක් පුත්තලම, කීරියන්කල්ලිය, මල්ලව පිටිය, රත්මල්ගොඩ, මහව, මාඑලිය, විමලසුරේන්ද්‍ර,මස්කෙළිය, අම්පාර , උහන, කපල්තුරෙයි, ඉරක්කන්ඩි, කුඹුරුපිටිය, තවලන්තැන්න, කෑගල්ල, බදුල්ල, වාරුකන්දෙණිය, මොරවක, ඇල්පිටිය, මාතර සහ යකාබැද්ද යන ප‍්‍රදේශ ආවරණය කෙරෙන පරිද්දනේ දිස්ත‍්‍රික්ක 10ක මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වනු ඇත. ලොව විශාල පරිමාණයේ බලශක්ති ව්‍යාපෘති සඳහා අත්‍යාවශ්‍ය ගැල්වනයිස් වානේ සැකිලි සහ කුළුණු නිෂ්පාදනය කරන HJT සමාගම විවිධ ව්‍යාපෘති සඳහා අවශ්‍ය වානේ උපාංගයන් නිපදවනු ලබයි.
මෙරට බලශක්ති ක්ෂේත‍්‍රය සවිබල ගැන්වීමේ හි ලා ප‍්‍රමුඛතම කාර්යයක් ඉටු කරන STI හෝල්ඩිංග්ස් සමාගම වසර 45ක් පුරා විදුලි සම්පේ‍්‍රෂණ , විදුලිය බෙදා හැරීම් යන ක්සේත‍්‍රයන්ට අදාළ මහා පරිමාණ ඉංජිනේරු ව්‍යපෘතීන් වෙනුවෙන් සිය අපරිම දායකත්වය දක්වා ඇත. ඌව පළාත් සභාව විසින් දියත් කළ ඌව උදානය ග‍්‍රාමීය විදුලි බල අවශ්‍යතා සපුරාලීමේ වැඩසටහනේ සක‍්‍රීය කොටස්කරුවකු වූ St. Theresa සමාගම නැගෙනහිර නවෝදය, උතුරු වසන්තය, රත්නපුර සහ හම්බන්තොට විදුලි ව්‍යාපෘති, මෙන්ම උගන්ඩාවේ ග‍්‍රාමීය විදුලි බල අවශ්‍යතා සපුරාලීමේ වැඩසටහන සඳහා ද විශාල දායකත්වයක් ලබා දී ඇත.