Sunquick BiBi – Virtual සිරිපා වන්දනාව

    March, 18, 2022

    Sunquick සහ Isobar Sri Lanka ඩිජිටල් වෙළෙඳ ප්‍රචාරණ ආයතනය එකට එක්ව ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පරිගණක ක්‍රීඩා සජීව විකාශනයක් ඔස්සේ සිදු කරන සිරිපාද වන්දනාවක් පසුගිය පෙබරවාරි 12 සහ 19 යන දිනයන් හිදී Facebook සහ YouTube ඔස්සේ සිදු කෙරුනා. “Sunquick BiBi - Virtual සිරිපා වන්දනාව” නමින් ක්‍රියාත්මක වුණු මේ වැඩසටහන Sunquick පූර්ණ අනුග්‍රහයෙන් සිදු කෙරුණා.

    පරිගණක ක්‍රීඩාවක් පදනම් කරගත් සිරිපා වන්දනාවේ සියලුම ශ්‍රව්‍ය - දෘශ්‍ය තාක්ෂණික මෙහෙයුම් කටයුතු Kaali Projects විසින් සිදු කෙරුණු අතර Blaze of Knights Serves විසින් මෙහි පරිගණක නිර්මාණ කටයුතු සිදු කරමින් සිරිපාද මලුව, හැටන් මාර්ගය සහ රත්නපුර මාර්ගය (Virtual) නිර්මාණය කර තිබුනා. සිරිපාද වන්දනාවක අත්දැකීම සැබෑවටම ලබාදෙමින්, ගමන් මගෙහි විශේෂ සන්ධිස්ථාන ලෙස හමුවන සමන් දේවාලය, මකරතොරණ, අම්බලම්, ඉදිකටුපාන, මහ ගිරිදබය, ලිහිණි හෙල, ඇහැළ කණුව සහ භගවා ලෙන යන සියලුම සන්ධිස්ථාන මෙම පරිගණක ක්‍රීඩාව තුළ ප්‍රතිනිර්මාණය කර තිබුණු අතර Sunquick වෙළඳ ප්‍රචාරණ දැන්වීම් පුවරුද (Virtual)  නිර්මාණය කර තිබීම විශේෂතත්වයක්.

    “Sunquick BiBi - Virtual සිරිපා වන්දනාව” ලෝකයේ වැඩියෙන්ම අලෙවි වන සහ වැඩියෙන්ම ක්‍රීඩා කළ පරිගණක ක්‍රීඩාව වන GTA - Grand Theft Auto  පදනම් කරගෙන නිර්මාණය කර තිබුණා. ශ්‍රී ලංකාවේ ජනප්‍රියම youtube  සමාජ ජලා ක්‍රියාකාරීන් 15 දෙනෙනෙකු වන Maniya, Evanji, Lara, Dilshan, Rusiya, Mrs Hunter, Noobie Wishy, Jonty, Chabhi, Zikka malli, Ramod Malaka, Roman Kolla සහ Blacka යන අය මෙම වැඩසටහනට සහභාගී වෙමින්, මෙම කටයුත්ත සජීව විකාශනයක් හරහා නරඹන්නන් වෙත රැගෙන එන්න කටයතු කරා.

    ඉතා විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් මෙම සජීව විකාශයට Facebook සහ YouTube නරඹන්නන්ගෙන් ලැබුණු අතර, සජීව විකාශයේ පළමු දිනයේ YouTube Gaming කාණ්ඩයේ Trending අංක දෙකට ද, දෙවන දිනයේ හතර දෙනෙකු ගේ සජීව විකාශයන් Trending අතරට පැමිණි අතර මෙම සජීවී විකාශයෙන් එකතු වෙන සියලු ආදායම් සිරිපාදය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ලබා දීමට කටයුතු කිරීම තවත් එක් සුවිශේෂී කාරණයක්.