Sunsilk, Ramani Fernando සමඟින් අලුත් වෙයි

    November, 17, 2016

    අලූත් look එකකින් Wow කෙස් කළඹක් සඳහා ඔවුන්ගේ නිෂ්පාදන පෙළ නැවුම් මුහුණුවරකින් හඳුන්වා දෙයි....

    කේශ සත්කාරය පිළිබඳ ලෝකයේ සූපිරිතම වෙළෙඳ සන්නාමය වන Sunsilk රමණි ෆර්නැන්ඩෝ සමඟ එකතු වී තම විලාසිතාවන් ඔපනංවන ආකර්ශනීය Sunsilk නිෂ්පාදන පෙළ ශ‍්‍රී ලාංකීය සොඳුරු යුවතියන් වෙනුවෙන් නැවුම් මුහුණුවරකින් හඳුන්වා දී ඇත. අත ළඟට පැමිණෙමින් තිබෙන මේ උත්සව සමයට සහ ඉන් ඔබ්බට මෙම හඳුන්වාදීම ශ‍්‍රී ලාංකීය හිස කෙස් සත්කාරක කේෂත‍්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කරනු ඇතැයි එම කේෂත‍්‍රයේ සිටින ප‍්‍රවීණයන්ගේ මතයයි.

    මෙම හිස කෙස් සත්කාරක නිෂ්පාදන සඳහා භාවිත කර ඇති සංයෝග සියල්ල කේශලාවන්‍ය පිළිබඳව ලෝකයේ සිටින විශේෂඳයන් හත් දෙනකුගේ අපුරු දැනුමෙන් පොහොසත් වී ඇත. මෙසේ වැඩි දියුණු කර ඇති නිෂ්පාදන අතර keratin yoghurt වලින් පෝෂණය Thick and Long, 5 natural oils පහකින් පෝෂණය Soft and Smooth, silk proteins වලින් වැඩි දියුණු වූ Perfect Straight සහ keratin and calcium වලින් පෝෂණය වූ Damage Restore වේ. එසේ කිරීම තුළ ශ‍්‍රී ලංකීය යුවතියන්ගේ හිස කෙස්වල ඇති මනා හැඩය, දිප්තිමත්භාවය, හිස කෙස්වල දිග, හිස කෙස්වල සෘජුභාවය වැනි කාරණා සඳහා සාර්ථක විසඳුම් ලැබේ. නව මුහුණුවරකින් නැවත හඳුන්වා දුන් Sunsilk නිෂ්පාදන පෙළ දිප්තිමත් වර්ණයන්ගෙන් යුතුව සහ සුවිශේෂී පෙනුමකින් නිර්මාණය කර ඇති අතර එහි 3ෘ ඇසුරුම නිසා යුවතියන්ගේ හදවත්වලට වඩාත් සමීප වේ.

    හිස කෙස් සත්කාරක නිෂ්පාදන අතර ප‍්‍රමුඛතම සන්නාමය වන Sunsilk රමණි ෆර්නැන්ඩෝ සමඟ එකතුවෙමින් ඔවුන්ගේ නිෂ්පාදන පෙළ නව මුහුණුවරකින් නැවත හඳුන්වාදීම වෙනුවෙන් පැවැති උත්සවයේදී ශ‍්‍රී ලාංකීය කේශලාවන්‍ය කේෂත‍්‍රයේ දශක හතරක් පූරා නොමැකෙන සලකුණත් තබා ඇති රමණිගේ වෘත්තීය ජීවිතයේ 40 වැනි සංවත්සරය ද සැමරීම විශේෂ වේ. ඒ සඳහා Ramani Fernando Salons සහ Sunsilk එකතු වී 2017 වසර සඳහා අලූත් ආකාරයේ කොණ්ඩා මෝස්තර දැක්මක් ඉදිරිපත් කළ අතර මෙම කොණ්ඩා මෝස්තර සියල්ල විවිධ මාධ්‍ය ඔස්සේ ඉදිරියේදී ඔබට දැක ගත හැකි වේ.

    Marketing Director-Personal Care for Unilever Sri Lanka ශර්මිලා බණ්ඩාර පවසා සිටියේ ” ීමබිසකන සන්නාමය සෑමවිටකම පොරොන්දු වු පරිදි ශ‍්‍රී ලාංකීය යුවතියන්ගේ උවමනාවන් සහ අවශ්‍යතාවන් හඳුනා ගෙන ඇත. ශ‍්‍රී ලාංකීය යුවතියන්ගේ අදහස් හොඳින් තේරුම් ගනිමින් දශක 06 ක් පුරා ඔවුන්ගේ සමීපතම හිස කෙස් සත්කාරකයා ලෙස ඔවුන්ගේ ළඟින්ම සිටී. Sunsilk වලට මෙම පොරොන්දුව නොවෙනස්ව පවත්වා ගෙන යා හැකි වූයේ රමණි ෆර්නැන්ඩෝ සමඟ ඇති කර ගත් විශිෂ්ඨ සබැඳියාව තුළින්ය. මෙම සුවිශේෂි සබැඳියාව නිසා අපට ශ‍්‍රී ලංකාවේ කේශලාවන්‍ය සත්කාරක කේෂත‍්‍රයේ පෙර නොවූ වීරූ ආකාරයේ පිබිදීමක් මෙන්ම සෑම යුවතියකගේ ජීවිතයේම හිස කෙස් සත්කාරය පිළිබඳව සහ කොණ්ඩා විලාසිතා පිළිබඳව යම් කිසි උනන්දුවක් නිර්මාණය කිරීමට සමත් වුණෙමු. Sunsilk සහ රමණි ෆර්නැන්ඩෝ අතර ඉතා ශක්තිමත් ආකාරයෙන් නිර්මාණය කර ගෙන තිබෙන සබැඳියාව නිසා කේශලාවන්‍ය කේෂත‍්‍රයේ අනාගතයේ ඇති විය හැකි අවශ්‍යතා බොහෝ කළින් අපට හඳුනා ගන්න පුළුවන් වේ. මෙම විශිෂ්ඨයන් දෙදෙනාම එකතු වී නිර්මාණය කරන අනාගතය නිෂ්පාදනයකට, විලාසිතාවකට, ඉල්ලූමකට සහ සැපයුමකට වඩා එහා ගිය දෙයක්ය. ඔවුන් යුවතියන්ට ලබා දෙන කේශලාවන්‍ය විසදුම් තුළින් ශ‍්‍රී ලංකීය කාන්තාවන් ආත්ම විශ්වාසයෙන් සවි බල ගැන්වීමෙන් අනාගතය සාර්ථක ලෙස ජය ගනී.”

    Ramani Fernando Salons හි නිර්මාතෘ රමණි ෆර්නැන්ඩෝ පවසන්නේ, ”මගේ වෘත්තීය ජිවිතයේ මුල් කාලයේදීම සන්සිල්ක් සමඟ එකතුවී වැඩ කිරීමට ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා. කේශලාවන්‍ය කර්මාන්තයේ විශිෂ්ඨ නමක් ඇති සන්නාමයක් සමඟ වැඩ කිරීමට ලැබීම මටත් ඉමහත් වු ගෞරවයක්. මෙම සබැඳියාවේ විශිෂ්ඨත්වය වන්නේ මෙය හුදෙක්ම ව්‍යාපාරික කාරණා මත පදනම් වුවක් නොවීම සහ වසර 30 ක කාලයක් පැවැති මෙම සබැඳියාව බොහොම ආදරණීය බැදීමක් වීමයි.”

    ඇය තවදුරටත් පවසා සිටියේ ”මම Sunsilk සමඟ අත්වැල් බැඳ ගැනීම තුළ ශ‍්‍රී ලංකාවේ කේශලාවන්‍ය කර්මාන්තය ඉහළ තලයකට ඔසවා තැබීම සඳහා විවිධ වූ සාර්ථක වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමට මට හැකි වුණාx ඒ වාගේම ඒ තුළින් සමාජයේ සිටින තරුණ කේශලාවන්‍ය ශිල්පින් පුහුණු කිරීමේ හැකියාවද මට ලැබුණා. මෙවැනි ඉතා සාර්ථක සත්කාරයක් මා හට කිරීමේ හැකියාව ලැබුණේ යුනිලීවර් ශ‍්‍රී ලංකා සමාගම මා පසුපස ශක්තියක් වී සිටි නිසයි.”

    Sunsilk වසර 10 ක කාලයක සිට Ramani Fernando Sunsilk Hair and Beauty Academy සමඟ අත්වැල් බැඳ ගනිමින් ශ‍්‍රී ලාංකීය රූපලාවන්‍ය සහ කේශලාවන්‍ය කේෂත‍්‍රය වෙත වෘත්තීය නිපුණතාවය ඇති ශිෂ්‍යයන් 5 000 කට වඩා වැඩි පිරිසක් මේ වනවිට දායක කර තිබේ. එමෙන්ම රමණි සහ Sunsilk සබැඳියාවෙන් ශ‍්‍රී ලංකාවේ විවිධ ප‍්‍රදේශවල පවත්වා ගෙන යන ”හැඩකාරී” තරගාවලිය හරහා විවිධ පළාත්වල ජීවත් වන මෙම කේෂත‍්‍රයේ දක්ෂතා සහ උනන්දුව ඇති නවක තරුණ තරුණියන් හඳුනා ගනී. එමෙන්ම ඔවුන්ට අවශ්‍ය දැනුම සහ නිපුණතා ලබාදී වෘත්තීය ශිල්පියකු ලෙස කේශලාවන්‍ය කේෂත‍්‍රයට එකතු වෙමින් අපේ රටේ එම කේෂත‍්‍රයේ දිගු ගමනක් යැමට අවස්ථාව උදා කර දේ.