January, 10, 2023
2022 වසරේ නොවැම්බර් මාසයේ දී කාර්මික භාණ්ඩ අපනයනයෙන් ලද ආදායම, 2021 වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව සියයට 15.4කින් පහළ ගියේය.
මෙම පහළ යෑම සඳහා ප්රධාන වශයෙන් ඇඟලුම් සහ රබර් නිෂ්පාදිත ඇතුළු බොහෝ කාර්මික නිෂ්පාදිතවල අපනයන ඉපැයීම් සමස්තයක් ලෙස පහළ යෑම හේතු විය.
ඇඟලුම් අපනයන සඳහා වූ ගෝලීය ඉල්ලුම පහළ යෑම හේතුවෙන් ඇඟලුම් අපනයනයෙන් ලද ආදායම සියයට 8.3කින් (වාර්ෂික ලක්ෂ්යමය පදනම මත) පහළ ගියේය.
ඒ අනුව බොහෝ ප්රධාන වෙළෙඳපොළ (එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය) වෙත සිදු කළ ඇඟලුම් අපනයන පහළ යෑම් වාර්තා කළේය.
2022 නොවැම්බර් මාසයේ දී ශ්රී ලංකාවේ ඇඟලුම් අපනයන ආදායම ඩොලර් මිලියන 417.8 ක් වූ අතර 2021 නොවැම්බර් මාසයේ දී එම අගය දැක්වුණේ ඩොලර් මිලියන 455.4 ක් ලෙසයි.
ශ්රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.
November, 22, 2022
1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කරනු ලැබ ඇති 2022 අංක 19 දරන ගෙවීම් ක්රම සඳහා වූ ආනයන පාලන රෙගුලාසි සහ 2022 අංක 20 දරන ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්රතිපත්ති අමාත්යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
මේ සම්බන්ධයෙන් අද (22) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්ය හමුවේ දී අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්රම ව්යවස්ථා ප්රතිසංස්කරණ අමාත්ය, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා මෙසේ අදහස් දැක්වීය.
“ආනයන සහ අපනයන සම්බන්ධව අපට පහුගිය කාලේ බරපතළ ගැටළුවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒකට බලපාපු ප්රධානම කාරණය තමයි, අපේ රටෙන් අපනයනය කරන භාණ්ඩවල නියම වටිනාකම අපේ රටට එන්නේ නැති එක. අපිට ඩොලර් හිඟවීම සඳහා බලපාපු ප්රධානම කාරණය. හැමෝම මේක නොකළාට, බොහෝ ව්යාපාරික ප්රජාව අපනයන කරන භාණ්ඩවලට අඩු තක්සේරුවක් දීලා ඒ විදේශ විනිමය ලංකාවට ගේනවා, සමහර වෙලාවට ඒගොල්ලන් වෙනත් ආයෝජන, වෙනත් රටවල පවත්වාගෙන යනවා. වෙනත් රටවල බැංකුවල ඒ මුදල් තැන්පත් කරගන්නවා. ඒ නිසා ඒක මුළු රටේම ආර්ථිකයට ඉතාමත්ම අහිතකර ලෙස බලපානවා. අපි බලාපොරොත්තු වෙනවා ව්යාපාරිකයනුත් තමන්ගේ රට කෙරෙහි ඇල්මක් ඇතුව අවංකත්වයෙන් කටයුතු කරයි කියලා. නමුත් එහෙම නොකරන යම් යම් ව්යාපාරිකයන් හේතුවෙන් අපිට නීතිවල වෙනස්කම් කිහිපයක් සිදුකරන්න වෙලා තියෙනවා.“
Video Story