• අපනයන
  • ආනයන
  • කැබිනට් තීරණ
  • ජනාධිපති
  • ඩොලර්
  • පාර්ලිමේන්තුව
  • රනිල් වික්‍රමසිංහ
  • විජයදාස රාජපක්ෂ

අපනයන කරන භාණ්ඩවල නියම වටිනාකම රටට එන්නේ නැහැ. නීති වෙනස් කරන්න සිදුවෙලා – අධිකරණ ඇමති

November, 22, 2022

1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කරනු ලැබ ඇති 2022 අංක 19 දරන ගෙවීම් ක්‍රම සඳහා වූ ආනයන පාලන රෙගුලාසි සහ 2022 අංක 20 දරන ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

මේ සම්බන්ධයෙන් අද (22) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා මෙසේ අදහස් දැක්වීය.

“ආනයන සහ අපනයන සම්බන්ධව අපට පහුගිය කාලේ බරපතළ ගැටළුවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒකට බලපාපු ප්‍රධානම කාරණය තමයි, අපේ රටෙන් අපනයනය කරන භාණ්ඩවල නියම වටිනාකම අපේ රටට එන්නේ නැති එක. අපිට ඩොලර් හිඟවීම සඳහා බලපාපු ප්‍රධානම කාරණය. හැමෝම මේක නොකළාට, බොහෝ ව්‍යාපාරික ප්‍රජාව අපනයන කරන භාණ්ඩවලට අඩු තක්සේරුවක් දීලා ඒ විදේශ විනිමය ලංකාවට ගේනවා, සමහර වෙලාවට ඒගොල්ලන් වෙනත් ආයෝජන, වෙනත් රටවල පවත්වාගෙන යනවා. වෙනත් රටවල බැංකුවල ඒ මුදල් තැන්පත් කරගන්නවා. ඒ නිසා ඒක මුළු රටේම ආර්ථිකයට ඉතාමත්ම අහිතකර ලෙස බලපානවා. අපි බලාපොරොත්තු වෙනවා ව්‍යාපාරිකයනුත් තමන්ගේ රට කෙරෙහි ඇල්මක් ඇතුව අවංකත්වයෙන් කටයුතු කරයි කියලා. නමුත් එහෙම නොකරන යම් යම් ව්‍යාපාරිකයන් හේතුවෙන් අපිට නීතිවල වෙනස්කම් කිහිපයක් සිදුකරන්න වෙලා තියෙනවා.“

Video Story

Stock Market

Exchange Rates