• Apparel
  • export
  • sri lanka
  • අද දෙරණ
  • අපනයන
  • ආදායම
  • ඇඟලුම්
  • බිස්නස්
  • ශ්‍රී ලංකා

ගෝලීය ඉල්ලුම පහළට. ඇඟලුම් අපනයන ආදායම 8.3% කින් බසී

January, 10, 2023

2022 වසරේ නොවැම්බර් මාසයේ දී කාර්මික භාණ්ඩ අපනයනයෙන් ලද ආදායම, 2021 වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව සියයට 15.4කින් පහළ ගියේය.

මෙම පහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් ඇඟලුම් සහ රබර් නිෂ්පාදිත ඇතුළු බොහෝ කාර්මික නිෂ්පාදිතවල අපනයන ඉපැයීම් සමස්තයක් ‌ලෙස පහළ යෑම හේතු විය.

ඇඟලුම් අපනයන සඳහා වූ ගෝලීය ඉල්ලුම පහළ යෑම හේතුවෙන් ඇඟලුම් අපනයනයෙන් ලද ආදායම සියයට 8.3කින් (වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත) පහළ ගියේය.

ඒ අනුව බොහෝ ප්‍රධාන වෙළෙඳපොළ (එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය) වෙත සිදු කළ ඇඟලුම් අපනයන පහළ යෑම් වාර්තා කළේය.

2022 ‌නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන ආදායම ‌ඩොලර් මිලියන 417.8 ක් වූ අතර 2021 නොවැම්බර් මාසයේ දී එම අගය දැක්වුණේ ඩොලර් මිලියන 455.4 ක් ලෙසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.