December, 8, 2022
ලැයිස්තුගත සමාගම් 6 ක කොටස් ගනුදෙනු අද (2022 දෙසැම්බර් 08) දින සිට අත්හිටුවීමට කොළඹ කොටස් වෙළෙඳපොළ තීරණය කර තිබේ.
ඒ අනුව පැරගන් සිලෝන්, සිලෝන් ප්රින්ටර්ස්, හුනාස් හෝල්ඩිංග්ස්, ටෙස් ඇග්රෝ, ඔෆිස් ඉක්වීප්මන්ට් සහ සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් යන ලැයිස්තුගත සමාගම් 6 හි කොටස් ගනුදෙනු අද දින සිට අත්හිටුවා ඇත.
2022 මාර්තු 31 න් අවසන් මූල්ය වර්ෂයට අදාළ වාර්ෂික වාර්තා ඉදිරිපත් නොකිරීම මීට හේතු වී තිබේ.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් සමාගම පවසන්නේ සිය අනුබද්ධිත සමාගමක විගණන කටයුතු අවසන් කිරීමට නොහැකි වීමෙන් සමූහයේ ඒකාබද්ධ ගිණුම් සම්පූර්ණ කිරීමට නොහැකි වී ඇති බවයි. මේ හේතුවෙන් 2022 මාර්තු 31 න් අවසන් මූල්ය වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාව නිකුත් කිරීමට ප්රමාද වන බව අදාළ නිවේදනයේ සඳහන් වේ.

October, 18, 2022
පසුගිය මාස 06ක කාලය තුළ ශ්රී ලංකාවට ඉන්ධන ආනයනය කිරීමේ දී ප්රධාන සැපයුම්කරුවන් හයදෙනෙකුගෙන් ඉන්ධන ආනයනය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා අද (18) දින පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය.
එක සැපයුම්කරුවෙක්ගෙන් නෙමෙයි, පහුගිය මාස හයේ ප්රධාන සැපයුම්කරුවන් පස්දෙනෙක්ගෙන් අපි ඉන්ධන ආනයනය කරලා තියෙනවා.
ඉන්දියන් ඔයිල් සමාගමෙන්, කොරල් සමාගමෙන්, විටොල් සමාගමෙන්, BP එනර්ජි සමාගමෙන්, ස්විස් සිංගප්පූරු සමාගමෙන් අරන් තියෙනවා, හයවෙනි සමාගම අපි ගුවන් යානා ඉන්ධන ගෙනියන්න Fits Air කියන සමාගමට අපි දීලා තියෙනවා.
මේ සමාගම් හයෙන්ම පහුගිය මාස හයේ අපි ඉන්ධන ලබාගෙන තියෙනවා.
Video Story