August, 26, 2022
කොමර්ෂල් බැංකුවේ ජනප්රිය ‘Millionaire’ ආයෝජන සැලසුමේ පොලී අනුපාතය වාර්ෂිකව 15% ක් දක්වා වැඩිකිරීම හමුවේ මෙම සැලසුමේ රුපියල් 4,280 ක මාසික තැන්පතුවක් සිදුකිරීම මගින් රුපියල් මිලියනයක මුදලක් රැස්කර ගැනීමේ ඉලක්කය කරා ගමන් කිරීමට දැන් කොමර්ෂල් බැංකුවේ තැන්පතුකරුවන්ට අවස්ථාව හිමිවී තිබේ.
මෙරට පොලී අනුපාතය වර්ධනය වීම හමුවේ ශ්රී ලංකාවේ ප්රමුඛතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව විසින් අවුරුදු 02 සිට අවුරුදු 06 ක් දක්වා ආයෝජන සැලසුම් සඳහා නව මාසික තැන්පතු වටිනාකම් නිවේදනය කර තිබේ. මෙහිදී, තැන්පතුකරුවන් තම ගිණුම් වල ශේෂය ලෙස රුපියල් මිලියනයක් උපයාගත් විට ආයෝජන සැලසුම අවසන්වේ.
මේ අනුව, වසර දෙකකට මාසිකව රුපියල් 35,600 ක් තැන්පතු කළහොත් වසර දෙක අවසන් වනවිට තැන්පතුකරුවාට රුපියල් මිලියනයක් ලබාදීමට බැංකුව සහතික වන අතර වසර දෙකක් සෑම මසකම රුපියල් 17,800 ක් තැන්පත් කළහොත් වසර දෙක අවසානයේදී රුපියල් 500,000 ක් ලබාදීමට බැංකුව සහතික වේ. එසේම, රුපියල් 17,800 ක් බැගින් වසර හතරක් තැන්පත් කළහොත් වසර හතර අවසානයේදී රුපියල් මිලියනයක් ලබාදෙන බව බැංකුව සඳහන් කරයි.
ඉලක්කගත කාලයක් තුළ බලාපොරොත්තු වන ප්රතිලාභයක් ලබාදීම සඳහා මෙම නම්යශීලී සහ පහසුවෙන් කළමනාකරණය කළ හැකි මෙම ආයෝජන සැලසුම හඳුන්වා දී තිබෙන අතර කොමර්ෂල් බැංකුවේ Millionaire ගිණුම මගින් රුපියල් 500,000 ක අවමයක් රැස් කර ගත හැකි අතර අවුරුදු 02, 03, 04, 05 හෝ අවුරුදු 06 යන කාලයක් තුල රැස් කර ගත හැකි ශේෂයට සීමාවක් පනවා නොමැත.
මෙම අයෝජන සැලසුමේදී හදිසි අවශ්යතාවයක් ඇති වුවහොත් තැන්පතු කරුවන්ට තමන්ගේ ආයෝජන සැලසුම ක්රියාත්මක වන කාලයේදී තැන්පතු මුදලෙන් 75% ක් දක්වා ණය මුදලක් ලබාගත හැකි බව බැංකුව සඳහන් කරයි.
ශ්රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ්රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක්රීය යන්ත්ර 940 ක් ක්රියාත්මක කරයි. ශී්ර ලංකාවේ සුළු සහ මධ්යම පරිමාණයේ ව්යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්රයේ ඩිජිටල් නව්යකරණය සඳහා ප්රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්ර මූල්යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.
August, 26, 2022
ශ්රී ලංකාවේ වඩාත්ම නම්යශීලී ගෙවීම් හවුල්කරුවා ලෙස සිය කීර්ති නාමය තවත් ශක්තිමත් කරමින් මෙරට ප්රමුඛ පෙළේ පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ඩිජිටල් ගෙවීම් විසඳුම් වැඩිදියුණු කිරීම සඳහා වූ සිය කැපවීම උදෙසා දකුණු ආසියාවේ විශාලතම අන්තර්ජාල වෙළෙඳ වෙබ් අඩවිය වන Daraz ඇගයීමට ලක් කළේය.
පසුගියදා Daraz විසින් පැවැත්වූ 2022 ගෙවීම් සහකරු කාර්ය සාධන සම්මාන ප්රදානයේදී (Payment Partner Performance Awards) හිදී ‘වඩාත් පරිපූර්ණ වර්ධනයක් සහිත කාඞ්පත පදනම’ සහිත බැංකුව (The best all-round growth) සඳහා වන සම්මානය HNB විසින් දිනා ගන්නා ලදී. හොඳම බැංකු හවුල්කරුවන් අතරට ශ්රේණිගත වී ඇති ්යභඊල 2021-2022 සඳහා ගෙවීම් ධාරිතාවය, ගැනුම්කරුවන්ගේ සහභාගීත්වය සහ සිය ක්රෙඩිට් හා ඩෙබිට් යන කාඞ්පත් දෙවර්ගයෙන්ම සමස්ත ගනුදෙනු සංඛ්යාවේ වඩාත් පරිපූර්ණ වර්ධනයක් පෙන්නුම් කිරීමට සමත් විය.
මේ පිළිබඳව අදහස් දක්වමිවන් HNB කාඞ්පත් ප්රධානී ගෞතමි නිරංජන් මහත්මිය පැවසුවේ ”2020 වසරේදී කොරෝනා වසංගතය ආරම්භ වූ දා සිට ඩිජිටල් ගෙවීම් වෙත යොමුවීම සඳහා ඊ-වාණිජ්ය වේදිකා භාවිතා කිරීම පෙර නොවූ විරූ තරම් වේගවත් වුණා. පසුගිය වසර දෙක තුළ අපි මෙම නව වෙළෙඳපල තත්වයන්ට අනුවර්තනය වී තිබෙන අතර අපගේ පාරිභෝගිකයින්ට ඔවුන් ගනුදෙනු කිරීමට කැමති ඕනෑම වේදිකාවක් හරහා ඔවුන්ගේ ගෙවීම් කටයුතු සිදු කිරීමට පහසු සහ නම්යශීලී ක්රම ඇති බව සහතික කරනු ලැබුවා. Daraz විසින් ලබාදුන් මෙම සම්මානය අපගේ පාරිභෝගිකයින්ට හා හවුල්කරුවන් උදෙසා අපගේ වෙහෙස මහන්සිය සහ කැපවීම අගය කිරීමක් ලෙස අපි සලකනවා.” යනුවෙනි.
පසුගිය වසරේ දී ගෙවීම් සහකරු කාර්ය සාධන සම්මාන උළෙලේදී Daraz විසින් ඉහළම වර්ධනයක් සහිත ගෙවීම් හවුල්කරු ලෙස HNB පිළිගැනීමට ලක් කිරීම විශේෂයෙන් කැපී පෙනේ.
එපමණක් නොව, HNB කාඞ්පත් හිමියන්ට HNB ක්රෙඩිට් කාඞ්පත් සඳහා ආකර්ෂණීය වට්ටම් සහිතව මාස 24ක් දක්වා පොළී රහිත පහසු වාරික ගෙවීමේ සැලසුම් ඇතුළුව Daraz වෙතින් විවිධ ප්රතිලාභ භුක්ති විඳිය හැකිය. සෙනසුරාදා දිනවල ඊ-වාණිජ්ය වේදිකා හරහා සිදු කරනු ලබන මිලදී ගැනීම්වලට 10% ක මිල අඩු කිරීමක් ද හිමි කර ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව ඇත. මීට අමතරව, අවුරුදු, Black Friday, Daraz 11:11 සහ Daraz 12.12 වැනි විශේෂ සැණකෙළිවලදී පරිශීලකයින්ට දැවැන්ත වට්ටම් පිරිනැමීමට බැංකුව Daraz සමඟ අත්වැල් බැඳ ගෙන සිටී.
HNB මෑතකදී පාරිභෝගික බැංකුකරණයේ ශ්රී ලංකාවේ ප්රමුඛයා ලෙස නැවතත් සිය විශිෂ්ටත්වය සනිටුහන් කරමින් ඒෂියන් බෑන්කර් සඟරාව විසින් පැවැත්වූ 2022 කීර්තිමත් ජාත්යන්තර පාරිභෝගික මූල්ය සේවා සම්මාන උළෙලේදී 12 වැනි වරටත් ශ්රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙසින් අභිසෙස් ලැබීය.
තවද එක්සත් රාජධානියේ කීර්තිමත් ද බෑන්කර් සඟරාව විසින් අඛණ්ඩව හයවන වරටත් ලෝකයේ හොඳම බැංකු 1000 අතරට HNB ශ්රේණිගත කර ඇති අතර 2021 ජාත්යන්තර මූල්ය සඟරා සම්මාන උළෙලේදී ‘‘විශිෂ්ටතම පාරිභෝගික බැංකුව’’ සහ ‘‘විශිෂ්ටතම කුඩා හා මධ්ය පරිමාණ ව්යවසාය (SME) බැංකුව’’ යන සම්මාන හිමි කරගැනීමට ද බැංකුව සමත් විය. මීට අමතරව අඛණ්ඩව සිව්වන වරටත් ශී්ර ලංකාවේ වඩාත්ම ගෞරවනීය සමාගම් 10 අතරට තේරී පත් වී ඇත.
ඡායාරූපය: HNB කාඞ්පත් ප්රධානී - ගෞතමී නිරංජන් මහත්මිය (වමේ සිට 3 වැනියා), Daraz කළමනාකාර අධ්යක්ෂ රඛිල් ප්රනාන්දු මහතා අතින් සම්මානය ලබා ගනිමින්. (වමේ සිට) HNB හි ජ්යෙෂ්ඨ නිළධාරීන් පිරිසක් ද ඡායාරූපයේ වෙයි.
August, 26, 2022
කොළඹ විශ්ව විද්යාලයේ ජෛව රසායන, අණුක ජෛවවේද හා ජෛව තාක්ෂණ ආයතනයේ (IBMBB) දායකත්වය සහිතව “QofL” (Quality of Life) නාමයෙන් රූපලාවණ්ය හා සෞඛ්යාරක්ෂණ නිෂ්පාදන පෙළක් හඳුන්වා දී ඇත. සොබාදහමේ යහගුණ සුරැකෙන ආකාරයෙන් වසර ගණනාවක් තිස්සේ අඛණ්ඩව පවත්වාගෙන ආ විද්යාත්මක පර්යේෂණයන්ගේ ප්රතිඵල නවීන තාක්ෂණය හා මුසුකොට උසස් තත්ත්වය, සෞඛ්යාරක්ෂිතබව හා QofL නිෂ්පාදන සකස් කෙරේ.
කොළඹ විශ්ව විද්යාලයේ IBMBB පර්යේෂණ කණ්ඩායමේ සහයෝගීතාවයෙන් සකස් කරන ලද “QofL” සන්නාමයේ නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කෙරේ. ස්වභාවික අමුද්රව්ය යොදා සොබාදහමේ යහගුණ සුරැකෙන ආකාරයේ සෞඛ්යාරක්ෂිත නිෂ්පාදන ක්රමවේදයකින් සකස් කෙරෙන QofL භාවිතයෙන් ලැබෙන ප්රතිඵල විද්යාත්මකව තහවුරු කොට ඇත. වේගයෙන් වෙනස් වෙන තරගකාරී ලෝකයේ වෙනස්වන ජීවන අවශ්යතාවන්ට සරිලන ආකාරයෙන් QofL නිෂ්පාදනය කෙරේ. සෞඛ්ය සම්පන්න ප්රීතිමත් දිවියක් උදෙසා සොබාදහමේ යහගුණය රැඳි නිෂ්පාදන පෙළක් හඳුන්වාදෙමින් දෙස් විදෙස් කීර්තිය දිනූ ෆැඞ්නා නිවසේ නවතම නිෂ්පාදන පෙළ ලෙස “QofL” සන්නාමයේ නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කෙරේ.
රූපලාවණ්ය, සෞඛ්යාරක්ෂණය හා කාර්යක්ෂමතාව වර්ධනය සඳහා උපකාරී වන නිෂ්පාදන පෙළක් කොළඹ විශ්ව විද්යාලයේ ජෛව රසායන, අණුක ජෛවවේද හා ජෛව තාක්ෂණ ආයතනය (IBMBB) විසින් පර්යේෂණාත්මකව නිපදවා ඇත. හිසකෙස් සඳහා වන පරිපූර්ණ සත්කාරයක් ලෙස SATINY, පිළිකා කාරක ෙසෙල වර්ධනය වීම වැළැක්විය හැකි බව විද්යානුකූලව තහවුරු කළ නිෂ්පාදනයක් වන VERNOLAC කැප්සියුල්, සෞඛ්යාරක්ෂිත ලෙස ස්ථූලතාවය පාලනය කිරීමෙහිලා සකස් කළ BIO SHAPE කැප්සියුල් සහ සන්ධි හා මාංශපේශීන්ගේ ඇතිවන වේදනාවන්ට ඉක්මන් හා කල්පවත්නා සහනයක් ගෙන එන වේදනා නාශක ආලේපනයක් වන ORTHO-SHIELD යන නිෂ්පාදනයන් IBMBB පර්යේෂණ කණ්ඩායමේ විශිෂ්ඨත්වය ප්රකට කරවයි.
ශ්රී ලංකාවේ ආර්ථික සංවර්ධනය උදෙසා බුද්ධිමය හා තාක්ෂණික දායකත්වයක් දක්වන ප්රමුඛ පෙළ විශ්ව විද්යාලයක් ලෙස කීර්තිමත් කොළඹ විශ්ව විද්යාලය විසින් දේශීය කර්මාන්ත හා ව්යාපාරික ආයතන රැසක නිෂ්පාදනයන්ගේ ගුණාත්මක බව වැඩිදියුණු කිරීම උදෙසා මහඟු දායකත්වයක් සපයනු ලබයි. සෞඛ්ය සම්පන්න ප්රීතිමත් දිවියක් උදෙසා සොබාදහමේ යහගුණය රැඳි නිෂ්පාදන පෙළක් හඳුන්වාදෙමින් දෙස් විදෙස් කීර්තිය දිනූ ෆැඞ්නා නිවසේ සුවිශේෂී කාණ්ඩයේ නවතම නිෂ්පාදන පෙළ ලෙස කොළඹ විශ්ව විද්යාලයේ IBMBB පර්යේෂණ කණ්ඩායමේ සහයෝගීතාවයෙන් සකස් කරන ලද “QofL” සන්නාමයේ නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කෙරේ.





August, 26, 2022
නිරන්තරයෙන් නව්ය හා පෙරලිකාර නිෂ්පාදනයන් ලෙස අලූත්ම අත්දැකීම් සමඟින් සිය නිෂ්පාදන නිර්මාණය කිරීම වෙනුවෙන් සැම්සුන් ඉලෙක්ට්රොන්ක්ස් හි ඉංජිනේරුවන් හා නිෂ්පාදන සැලසුම්කරුවන් එක්ව කටයුතු කරයි. වසරින් වසර සිය නිෂ්පාදනයන්හි තත්වය ඉහළ නංවමින් නව අදහස් හා තාක්ෂණයේ දියුණුව සිය පරිශීලකයන් වෙත ගෙන ඒම වෙනුවෙන් ඔවුන් සිදුකරන මෙහෙවර සුළු පටු නැත.
2017 වසරේදී ප්රථම වරට ප්රමුඛතම QLED TV හඳුන්වා දීමේ සිට සැම්සුන්හි නිෂ්පාදන සැලසුම්කරුවන් විසින් පරිශීලකයන්ගේ අවශ්යතාවන්ට ගැලපෙන අසමසම අත්දැකීමක් ලබා දීම අරමුණු කර ගනිමින් විවිධ නව්යකරණයන්, අදහස් මෙන්ම හවුල්කාරීත්වයන් හඳුන්වා දීමට කටයුතු කරනු ලැබීය.
සිය 16 වන වසර සමරනු ලබන ලොව අංක 1 රූපවාහිනී ප්රමුඛයා වන සැම්සුන් මෙතෙක් අත් නොදුටු අති නවීන නවෝත්පාදන නිෂ්පාදනයක් ලෙස 2021 Neo QLED රූපවාහිනිය වෙළෙඳපොලට හඳුන්වා දෙනු ලැබූවේ සිය ගමන්මගෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි.
2021 Neo QLED නිෂ්පාදන පෙළ නිර්මාණය කිරීම
පරිශීලකයාගේ අවශ්යතාවයට ගැලපෙන නව්ය නිෂ්පාදන
පාරිභෝගිකයින් සෑම වසරකම නව හා ආකර්ෂණීය නිෂ්පාදන බලාපොරොත්තු වුවද ඊට ඇත්තේ විශාල තරගකාරීත්වයකි. බොහෝ සන්නාමයන් සතුව සැම්සුන් හා සමාන ප්රමාණයේ රූපවාහිනී තිබෙන අතරම ඒවායේ ඒ හා සමාන විශේෂාංග හා වෙනස් ආකාරයේ තාක්ෂණයන් ඇති බවද පවසයි. මෙම තරගකාරී බව බිඳ දමමින් වඩා ප්රශස්ත පරිශීලක අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් සිය නිෂ්පාදන සංවර්ධනය කිරීම Neo QLED නිෂ්පාදන පෙළෙහි එකම අරමුණයි.
මින් අදහස් වන්නේ පාරිභෝගිකයා කේන්ද්ර කොට ගනිමින් සැම්සුන් කණ්ඩායම සිය QLED උපාය මාර්ගයන් ක්රියාත්මක කරන බවයි. මෑත කාලය තුළ පරිශීලකයින්ගේ අවශ්යතාවන්හි සුවිසල් වෙනසක් දක්නට ලැබුණු අතර ඔවුන් විවිධ විශේෂාංගවලින් ඉවත් වී තමන්ටම ගැලපෙන නැරඹුම් අත්දැකීම්, නිර්මාණ හා සැබෑ ගුණාත්මක පින්තූර කේන්ද්ර කොට ගනිමින් සිය අවශ්යතා සපුරා ගැනීමට කැමැත්තක් දක්වන බව මනාව අවබෝධ කර ගත හැකි විය.
රූපවාහිනී නිෂ්පාදනය වෙනුවෙන් නව සාමාන්යකරණය හඳුන්වාදීම
වත්මන් ගෝලීය ප්රවණතාවන් පරිශීලකයින් තමන්ගේ රූපවාහිනිය සමඟ කටයුතු කරන ආකාරය පරිවර්තනයකට ලක් කර ඇති අතරම එය රූපවාහිනී නිෂ්පාදන සැලසුම් කිරීම සිදු කරන ආකාරය කෙරෙහිද බෙහෙවින් බලපා ඇත. CES සහ IFA වැනි විශාල වෙළෙඳ ප්රදර්ශන කර්මාන්තය සම්බන්ධ ප්රතිචාරයන් ලබා ගැනීම සඳහා සුවිසල් අවස්ථාවක් වන අතර ඒ තුළින් පුද්ගල විකුණුම් සඳහා ස්ථානීය පාරිභෝගික ප්රතිචාරය සපයනු ලබයි. පසුගිය වසරේ මුල් භාගයේදී මෙම අවස්ථාවන්ගෙන් බැහැරව යාමට සිදු වූ බැවින් කලාපීය තත්වයන් සම්බන්ධයෙන් විවිධ කලාපීය කාර්යාලයන්ගෙන් ප්රතිචාර ලබා ගැනීමට හැකි කාලෝචිත හා කාර්යක්ෂම නව අභ්යන්තර තොරතුරු එක් රැුස් කිරීමේ ක්රමයක් නිර්මාණය කිරීමට සැම්සුන් කටයුතු කරන ලදී. වෙළෙන්දන්, හවුල්කරුවන්, සිල්ලර වෙළෙන්දන් සහ ගනුදෙනුකරුවන් සමඟ සම්බන්ධ වන ආකාරයේ ස්ථාන ඇතුළත් කර ඇති මෙම ක්රමය තුළින් එම ස්ථානයේ සිටින සියලූ දෙනා සමඟ පහසුවෙන් සන්නිවේදනය කිරීමට අවස්ථාව සලසා දී ඇති බැවින් වෙනස්වන පරිසරයට අදාළ ඵලදායී ප්රතිචාර දැක්වීමකට එය ඉමහත් දායකත්වයක් සපයනු ලබයි.
2017 වසරේ QLED රූපවාහිනී නිෂ්පාදන පෙළ හඳුන්වා දුන් දා සිට අද්විතීය රූපවාහිනී වෙළෙඳපොල මහත් විපර්යාසයකට ලක් ව ඇත. පසුගිය වසරේ විකුණුම් ඒකක මිලියන 7.79කට ආසන්න වූ QLED රූපවාහිනී පෙළ සමස්ත සැම්සුන් රූපවාහිනී අලෙවියෙන් 35.5%ක කොටසක් තමන් සතු කර ගැනීමට සමත්ව ඇත. එමෙන්ම සමාගමේ 2021 Neo QLED නිෂ්පාදන පෙළ මාර්තු හා අපේ්රල් මාසයන්හිදී විවිධ කලාප හරහා පසුගියදා දියත් කරන ලද්දේ සැලසුම් කණ්ඩායමේ වටිනා අවබෝධය මනාව ප්රදර්ශනය කරමිනි. කොරියාවේ පමණක් නිෂ්පාදන දියත් කිරීමෙන් පසු මාස දෙකක් ඇතුළත් QLED අලෙවිය ඒකක 20,000කට ආසන්න වී තිබීම විශේෂත්වයකි. මෙය වෙළෙඳපොල පර්යේෂණයන්හි වැදගත්කම හා කාලෝචිත පාරිභෝගික ප්රතිපෝෂණය පිළිබිඹු කරන්නකි.
නව ප්රවණතාවන්ට අනුවර්තනය වීම සඳහා සාමූහිකව කටයුතු කිරීම
පාරිභෝගිකයන් භාවිත කරනු ලබන ප්රධාන ධාරාවේ රූපවාහිනී ප්රමාණයෙන් විශාල වෙමින් පවතී. එමෙන්ම රූපවාහිනී රූප රාමුවල ගුණාත්මකභාවය පිළිබඳ ප්රමිතීන් අන් කවරදාටත් වඩා ඉහළ මට්ටමක පවතින බවද රහසක් නොවේ. කෙසේ වුවද රුපවාහිනී නිෂ්පාදනයන්හි මෙන්ම පාරිභෝගික හැසිරීම්වල ප්රවණතාවන් මෑත කාලීනව වෙනස් වීම් හේතුවෙන් සැම්සුන් නිෂ්පාදන සැලසුම්කරුවන් පුද්ගලික පාරිභෝගික ජීවන රටාවන්ට ගැලපෙන වඩා පුද්ගලීකරණය කළ රූපවාහිනී තිරයන් නිර්මාණය කිරීමට කටයුතු කර ඇත.
එසේ වුවද පාරිභෝගික පුරුදුවල වෙනස මෙම කණ්ඩායමේ උපාය මාර්ග සැලසුම් කිරීමේ සම්පූර්ණ පරිවර්තනයට හේතු වී නොමැති බවද මෙහිදී සඳහන් කළ යුතුය. ප්රථම සැම්සුන් රූපවාහිනී හඳුන්වාදීමේ සිට රූප රාමුවල ගුණාත්මකභාවය සහ සැලසුම සැම්සුන්හි ප්රමුඛතාව ලෙස යොදා ගත් අතර පාරිභෝගික භාවිත රටාවන් වෙනස් කිරීම, ඒකාකාරී අත්දැකීම් ලබා දීමේ දැඩි අවශ්යතාවය ද මෙම QLED නිෂ්පාදන පෙළ බිහි කිරීමට හේතු විය.
Neo QLED අසමසම විනෝදාස්වාද කේන්ද්රය බවට පත් කිරීම
2020 ආරම්භයේ සිට දක්නට ලැබුණු තවත් සුවිශේෂී ප්රවණතාවක් ලෙස ජංගම දුරකතනයෙන්, පරිගණකයෙන් හෝ රූපවාහිනියෙන් බහුලව game ක්රීඩා කිරීම සඳහන් කළ හැකිය. Entertainment Software Association (ESA) ආයතනය විසින් නිකුත් කළ මෑත කාලීන වාර්තාවකට අනුව එකසත් ජනපදයේ පමණක් ආසන්න වශයෙන් මිලියන 214ක පමණ වීඩියෝ ක්රීඩා කරන්නන් සිටින අතර පවුල්වලින් 75%කින් අවම වශයෙන් එක් සාමාජිකයකු ක්රියාකාරීව වීඩියෝ ක්රීඩාවල නියැලෙයි.
රූප රාමුවල ඉහළ ගුණාත්මකභාවයේ හා පෙනුමෙහි සැම්සුන් අනන්යතාවය පවත්වා ගැනීම
පසුගිය වසරේ හඳුන්වාදෙනු ලැබූ නවතම Neo QLED රූපවාහිනී පෙළ නොවන්නට වසර 16ක ඉතිහාසය පුරා රූපවාහිනී තිර නවෝත්පාදනයක් සිදු නොවනු ඇත. අවසානය්දී QLED හි නවතම විශේෂාංග සහ නිෂ්පාදන විවිධත්වයට ලක් කිරීමේ උපාය මාර්ගය තුළින් රූප රාමුවල ගුණාත්මකභාවය හා නිර්මාණයේ ශක්තිමත් පදනමකින් ඉදිරියට ගෙන යනු ඇත.
සැම්සුන් රූපවාහිනී නිෂ්පාදන සැලසුම් කණ්ඩායම විසින් Neo QLED හි සාර්ථකත්වය මත පදනම්ව 2022 වසර සඳහා තවත් ආකර්ෂණීය හා පෙරලිකාර නිෂ්පාදන පෙළක් නිර්මාණය කරමින් සිටින්නේ සිය ගමන තුළ නව්යකරණය වෙනුවෙන් නිරන්තර දායකත්වයක් ලබා දෙන බව පසක් කරමිනි.
මෙම Neo QLED 8k රූපවාහිනී පරාසය පාරිභෝගිකයින්ට සැම්සුන්හි බලයත් හවුල්කරුවන් වන Softlogic, Singer, Singhagiri, Damro සහ Samsung e-Store වෙතින් මිලදී ගත හැකිය.
August, 26, 2022
ශ්රී ලංකාවේ විශාලතම බැංකු නොවන මූල්ය ආයතන පහ අතර සිටින මූල්ය ආයතනයක් වන සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) අඛණ්ඩව 4 වන වරටත් වෙළඳ සේවා සංගම් විවෘත සය සාමාජික ක්රිකට් තරගාවලියට අනුග්රහය දැක්වීමට ඉදිරිපත් වී සිටී. වෙළඳ සේවා ක්රිකට් සංගමය (MCA) මගින් වසර 30 කට අධික කාලයක පටන් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය මෙරට ව්යාපාර ක්ෂේත්රය තුළ අතිශයින් ජනප්රිය තරගාවලියකි.
මෙම අනුග්රාහකත්වය නිවේදනය කිරීම සඳහා පැවති මාධ්ය හමුවේදී, CDB සමාගමේ විධායක අධ්යක්ෂ / Chief Emergent Business Officer කාර්තික් ඉලංගෝවන් මහතා විසින් අදාළ අනුග්රාහකත්වය වෙළඳ සේවා ක්රිකට් සංගමයේ නිලධාරීන් වෙත නිල වශයෙන් භාරදෙන ලදි. මෙම අවස්ථාවට MCA හි සභාපති නලින් වික්රමසිංහ, විධායක කමිටු සාමාජික/තොරතුරු හා තාක්ෂණ කමිටුවේ සභාපති හසිත දසනායක, ලේකම් කේ.ඩී.එස්. කණිෂ්ක, අනුග්රාහක කමිටුව සහ CDB හි ජ්යෙෂ්ඨ කළමනාකාරීත්වය මෙන්ම ගෞරවනීය ආරාධිතයා ලෙස CDB සමාගමේ විධායක අධ්යක්ෂ/ විකුණුම් සහ ව්යාපාර සංවර්ධන සසින්ද්ර මුණසිංහ සහ ජ්යෙෂ්ඨ සාමාන්යාධිකාරී (අලෙවි) දර්ශන ජයසිංහ ඇතුළු නිලධාරීන් සහභාගී විය.
මෙම අවස්ථාවේ මාධ්ය අමතමින් CDB සමාගමේ ජ්යෙෂ්ඨ සාමාන්යාධිකාරී (අලෙවි) දර්ශන ජයසිංහ මහතා පැවසුවේ මෙවැනි ප්රමුඛ පෙලේ ක්රිකට් තරගාවලියක් සඳහා නැවත වරක් අනුග්රහය ලබා දෙමින් ක්රිකට් ක්රීඩාව වෙනුවෙන් සිය කැපවීම ලබාදීමට හැකිවීම පිළිබඳව ආඩම්බර වන බවයි. "වෙළඳ සේවා සංගම් විවෘත සය සාමාජික ක්රිකට් තරගාවලිය සඳහා නොකඩවා සහය දැක්වීමට හැකිවීම පිළිබඳ CDB සමාගම උද්යෝගයෙන් පසුවන අතර එය වඩාත් වැදගත් වන්නේ මෙම හවුල්කාරිත්වය ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාවේ අනාගත තරු සවිබල ගැන්වීම සහ ඔවුන් වෙනුවෙන් ආයෝජනය කිරීමේ අරමුණ ඇතිව සිදු කිරීමයි. ඒ වගේම සියලුම කණ්ඩායම්වලට අප සුබපැතුම් එක් කරන අතරම ප්රබෝධමත් තරගාවලියක් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
A සහ B කාණ්ඩ යටතේ කණ්ඩායම් 80කට වැඩි සංඛ්යාවක් මෙවර තරගාවලියට සහභාගී වීමට නියමිත ය. A කාණ්ඩයේ තරග වෙළඳ සේවා ක්රිකට් සංගම්, තර්ස්ටන් විද්යාලයීය සහ කොල්ට්ස් ක්රිකට් සමාජ ක්රීඩාංගණවලදී පැවැත්වීමට නියමිත අතර, කණ්ඩායම් 12ක් එක් ක්රීඩාංගණයක තරග 15 බැගින් ක්රීඩා කරනු ඇත. කණ්ඩායම් 72 කින් සමන්විත B කාණ්ඩයේ තරග වෙළඳ සේවා ක්රිකට් සංගම්, වෙස්ලි විද්යාලයීය, ඩී. එස්. සේනානායක විද්යාලයීය, පන්නිපිටිය ධර්මපාල විද්යාලයීය ක්රීඩාංගණවල සහ මත්තේගොඩ සැපර් ක්රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, ඔවුන් තරග 96කට සහභාගී වනු ඇත.
MCA වෙළඳ සේවා සංගම් විවෘත සය සාමාජික ක්රිකට් තරගාවලියට එළඹෙන අගෝස්තු 30 වන දින ආරම්භ වන අතර සැප්තැම්බර් 4 වන දින MCA ක්රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයෙන් නිමාවට පත් වේ. තරගාවලියේ ජයග්රාහකයින්ට හට කුසලාන සහ ත්යාග පිරිනැමීම ද එදින සිදුකෙරේ.
August, 25, 2022
ශ්රී ලංකාව පුරා මුදල් භාවිතයෙන් තොර හා සබඳතා රහිත ගනුදෙනු කිරීමේ ශක්තිමත් පද්ධතියක් ඇති කිරීමේ අරමුණ සහිතව සෞඛ්යය සේවා වෙත පහසුවෙන් ප්රවේශ වීමේ හැකියාව ලබා දෙමින් LANKAQR ගෙවීම් විසඳුම් ලබා දීම සඳහා HNB SOLO, ලංකා හොස්පිට්ල්ස් සමඟ පසුගියදා අත්වැල් බැඳ ගත්තේය.
මේ සඳහා නිර්මාණය කරන ලද අද්විතීය කේතයක් වන Dynamic QR කේතය ස්කෑන් කිරීම මගින් ගනුදෙනුවක් සම්පූර්ණ කිරීමේ අවස්ථාව පාරිභෝගිකයින්ට ලබා දෙයි. LANKAQR පහසුකම සමඟ සම්බන්ධිත යෙදවුමක් (app) භාවිතා කරන පාරිභෝගිකයන්ට මේ තුළින් Point of Sale (PoS) යන්ත්රයේ තිරය මත දිස්වන Dynamic QR කේතය ස්කෑන් කිරීමෙන් වෙළෙඳසැල් මගින් සබඳතාවකින් තොරවම ඕනෑම මිලදී ගැනීමක් සිදු කිරීමට අවස්ථාව සලසා දෙනු ලබයි.
කොළඹ One Galle Face, ශ්රී ලංකා රක්ෂණ සංස්ථාවේ (SLIC) ප්රධාන ශාඛාව, ශ්රී ලංකා මහ බැංකුව සහ කොල්ලූපිටියේ පේ්රමසිරි සුපිරි වෙළඳසැල ඇතුළුව දිවයින පුරා පිහිටි කීල්ස් සුපිරි වෙළඳසැල් 19 ක පිහිටුවා ඇති ලංකා හොස්පිට්ල්ස් විසින් පවත්වාගෙන යනු ලබන ෆාමසි 23 ට අමතරව ලංකා හොස්පිට්ල්ස් හි සියලූම මුදල් අයකැමි කවුන්ටර 20 මගින් පාරිභෝගිකයින්ට HNB SOLO පහසුකම භුක්ති විඳිය හැකිය.
HNB SOLO හරහා තම මිලදී ගැනීම් සිදු කිරීමට කැමති පාරිභෝගිකයින් විශේෂ සෞඛ්ය පැකේජ, පූර්ණ ස්කන්ධ පරීක්ෂණ පැකේජ, ජ්යෙෂ්ඨ පුරවැසි සෞඛ්ය පරීක්ෂාවන් සහ මැමෝග්රෑම් පරීක්ෂාවන් වැනි සෞඛ්ය පරීක්ෂණ සඳහා 20% ක වට්ටමක් ඇතුළුව ප්රතිලාභ රැසක් භුක්ති විඳීමට අවස්ථාව හිමි වේ. වීසා, මාස්ටර් කාඞ්පත් හෝ ජස්ට්පේ (JustPay) වැනි විවිධ ගෙවීම් ක්රම හරහා අදාල තිරය swipe කිරීමෙන් ගනුදෙනුකරුවන්ට තම ගනුදෙනු සම්පූර්ණ කළ හැකිය.
මේ පිළිබඳව අදහස් දක්වමින් HNB සහකාර සාමාන්යාධිකාරී, ඩිජිටල් ව්යාපාර, චම්මික වීරසිංහ මහතා පැවසුවේ ”කොවිඞ් වසංගතය හේතුවෙන් QR මත පදනම් වූ ගෙවීම් ආරම්භ කිරීමට සිදු වුණා. නමුත් HNB SOLO වැනි OR හැකියාව ඇති වේදිකාවල පහසුව සහ විශ්වසනීයත්වය භුක්ති විඳිමින් ඒ වෙත යොමු වන නව පාරිභෝගික රැල්ලක් දැන් අප දකිනවා. මෙවැනි පහසුකම් තව තවත් ව්යාප්ත කිරීමට අපගේ තාක්ෂණික යටිතල පහසුකම් ඉතා විශාල දායකත්වයක් ලබා දුන් අතර ඩිජිටල් ගෙවීම් ශක්තිමත් කිරීම සඳහා ලංකා හොස්පිට්ල්ස් සමඟ අත්වැල් බැඳගැනීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා.” යනුවෙනි.
”ශ්රී ලංකාවේ ප්රමුඛතම බැංකුවක් වන HNB සමඟ ලංකා හොස්පිට්ල්ස් අත්වැල් බැඳගැනීම පිළිබඳව සතුටට පත්වනවා වගේම සිය ගනුදෙනුකාරභවතුන්ට සුවිශේෂී ප්රතිලාභ රැසක් පිරිනමමින් අපගේ පාරිභෝගික හිතෛශීභාවය තවදුරටත් ව්යාප්ත කිරීමට අපට හැකිවනු ඇතැයි අපි විශ්වාස කරනවා. මීට අමතරව ජනතාවට සහනදායී මිලකට පහසුවෙන් ප්රවේශ විය හැකි සෞඛ්ය ප්රතිලාභ පිරිනැමීම කාලීන අවශ්යත්වයක්ව පවතිනවා. ඒ හරහා මෙවැනි කාලවලදී ජනතාවගේ සෞඛ්ය නගාසිටුවීමට ඔවුන්ට ශක්තියක් වෙන්න පුළුවන්. ලංකා හොස්පිට්ල්ස් හි රැකවරණය සහ ප්රතිකාර ලබා ගැනීමට HNB SOLO යෙදවුම භාවිතා කරන්නන්ට මෙවැනි සහනදායී සෞඛ්ය පහසුකම් පිරිනැමීමට අප බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් ලංකා හොස්පිට්ල්ස් සමූහයේ ප්රධාන විධායක නිලධාරී, දීප්ති ලොකුආරච්චි මහතා පැවසුවේය.
ලංකා හොස්පිට්ල්ස් හි PoS යන්ත්ර සමඟ HNB හි පද්ධතිය ඒකාබද්ධ කිරීමෙන් රෝහලේ ගිණුමට එවේලේම (real time) ගෙවීම් තහවුරු කරගත හැකි බැවින් මෙම පහසුකම රෝහලට ඉතා ප්රයෝජනවත් වේ. එපමණක් නොව, HNB SOLO දැනටමත් LANKAQR වැඩසටහන සමඟ සම්බන්ධ වී සිටින අතර ඩිජිටල් ගෙවීම් යෙදවුම් හා මුදල් රහිත QR කේත පදනම් කරගත් ගෙවීම් රට පුරාම ව්යාප්ත කිරීමේ ප්රයත්නයට අනෙකුත් බලපත්රලාභී මූල්ය ආයතන හා සන්නිවේදන සහකරුවන් සමඟ HNB ද සම්බන්ධ වී සිටී.
HNB හි ප්රධානතම ඩිජිටල් ගෙවීම් විසඳුම වන SOLO 2019 වසරේදී හදුන්වා දුන් අතර එමගින් දැරිය හැකි, පහසු මිලකට හා පහසුවෙන් භාවිතා කළ හැකි QR කේත හරහා ඩිජිටල් ගනුදෙනු කටයුතු කිරීමේ පහසුව ලබා දෙයි. එමෙන්ම එය දැනට වෙළෙඳපොළේ ඇති අනෙකුත් ඩිජිටල් ගෙවීමේ විසඳුම් සමඟ සැසඳීමේදී සැලකිය යුතු ලාභදායී විකල්පයක් ලෙස ද පෙන්වා දිය හැකිය.
පාරිභෝගික ඒකක 256ක් දීපව්යාප්තව පවත්වාගෙන යන HNB ඩිජිටල් බැංකුකරණයේ නව ආදර්ශයක් ඉදිරියට ගෙන යාමේ ප්රයත්නය උදෙසා දෙස් විදෙස් පිළිගැනීමක් ලබා ඇති ශ්රී ලංකාවේ විශාලතම හා වඩාත් තාක්ෂණික නවෝත්පාදන බැංකුවකි. මෑතකදී ඒෂියන් බෑන්කර් සඟරාව විසින් 2022 කීර්තිමත් ජාත්යන්තර පාරිභෝගික මූල්ය සේවා සම්මාන උළෙලේදී 12 වැනි වරටත් ශ්රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙස HNB පිළිගැනීමට ලක් කළේය.
සිය තාක්ෂණික විශිෂ්ටත්වය නැවතත් පෙන්නුම් කරමින් පසුගියදා පැවති 2022 LankaPay Technnovation සම්මාන උළෙලේදී HNB සම්මාන හතරක් දිනා ගත්තේය. මෙහිදී මූල්ය ඇතුළත් කිරීම් සඳහා වන වසරේ කීර්තිමත් බැංකුව සහ පාරිභෝගික පහසුව සඳහා වූ වසරේ විශිෂ්ටතම බැංකුව, ‘විශිෂ්ටතම ඩිජිටල් ගෙවීම් උපායමාර්ගය සඳහා වසරේ මුල්ය ආයතනය’ සඳහා වන රිදී සම්මානය ද, ‘අන්තර් බැංකු ඩිජිටල් ගෙවීම්වල විශිෂ්ටත්වය (බැංකු ආයතන) - සමස්ත සම්මානය’ සඳහා ලෝකඩ සම්මානය දිනා ගැනීමට ද HNB සමත් විය.
ඡායාරූපය: ලංකා හොස්පිට්ල්ස් සමූහයේ ප්රධාන විධායක නිලධාරි දීප්ති ලොකුආරච්චි මහතා (වමේ සිට සිව්වැන්නා) HNB සහකාර සාමාන්යාධිකාරී, ඩිජිටල් ව්යාපාර, චම්මික වීරසිංහ මහතා (දකුණේ සිට තෙවැන්නා) සමඟ LANKAQR හුවමාරු කර ගනිමින්. ලංකා හොස්පිට්ල්ස් සහ HNB නියෝජනය කරමින් පැමිණ සිටි ජ්යෙෂ්ඨ නිළධාරීන් පිරිසක් ද මෙම ඡායාරූපයේ වෙයි.
August, 25, 2022
Huawei විසින් ASEAN පදනම සහ තායිලන්ත සංචාරක අධිකාරිය හා එක්ව ආසියානු පැසිෆික් කලාපය නියෝජනය කරන Seeds for the Future 2022 වැඩසටහන පසුගියදා දියත් කරන ලදී. අගෝස්තු 19 සිට 27 දක්වා මෙම වැඩසටහන ක්රියාත්මක අතර, මෙමගින් තායිලන්තය, ශ්රී ලංකාව, නේපාලය, බංග්ලාදේශය, ලාඕසය, කාම්බෝජය, ඉන්දුනීසියාව, ජපානය, මැලේසියාව, සිංගප්පූරුව, දකුණු කොරියාව, පිලිපීනය ඇතුළු රටවල් 16 ක දක්ෂ සිසුන් 120 කගේ කුසලතා සංවර්ධනය කිරීමට නියමිතය. මේ සඳහා සහභාගී වන සිසුන් හට Tech4Good ව්යාපෘති හරහා සමාජ ගැටලු විසඳීමට තාක්ෂණික විසඳුම් යෝජනා කිරීමටත් විවිධ සංස්කෘතීන් පිළිබඳ ඉගෙනීමටත් අවස්ථාව හිමිවේ. Huawei සහ ASEAN පදනම 2021 වසරේදී අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමෙන් පසු, ඒ හරහා ක්රියාත්මක වන ප්රථම වැඩසටහන මේ බවට පත්වේ. මේ සඳහා සහභාගී වන සිසුන් හට බැංකොක් වෙත සංචාරය කරමින් එහි සංස්කෘතීන් පිළිබඳ ඉගෙනීමට සුවිශේෂී අවස්ථාවක් හිමිවේ.
මෙහි සමාරම්භක උත්සවයට පළාත් පාලන ආයතනවල නිලධාරීන් මෙන්ම ජාත්යන්තර සංවිධාන කිහිපයක නියෝජිතයන්ද සහභාගි විය. කලාපයේ ඩිජිටල් කුසලතා පද්ධතිය සඳහා ශක්තිමත් පදනමක් නිර්මාණය කිරීමේදී බහු-පක්ෂ සහයෝගීතාවය ඉටු කරන වැදගත් කාර්යභාරය මෙම අවස්ථාවේ දී ක්ෂේත්ර ප්රවීණයින් විසින් ඉස්මතු කරන ලදී.
තායිලන්තයේ නියෝජ්ය අගමැති සහ වාණිජ අමාත්ය ගරු Jurin Laksanawisit මහතා මෙම අවස්ථාවට එක්වෙමින් මෙසේ පැවසීය: “2022 දී තායිලන්තය සත්කාරකත්වය දරනු ලබන ආසියා පැසිෆික් කලාපයේ Huawei Seeds for the Future විවෘත කිරීමේ උත්සවයේ මුලසුන දැරීමට ලැබීම ගැන මම ඉතා සතුටු වන අතර Huawei වැනි සංවිධානයක් මෙය සංවිධානය කිරීම පිළිබඳව මම ස්තුතී වන්න වෙනවා.Huawei වැනි ප්රමුඛ පෙළේ සමාගම් ක්රියාත්මක කරන මෙම වැඩසටහන් අධ්යාපනයේ ගුණාත්මකභාවය බෙහෙවින් ඉහල නංවනු ඇති අතර ඩිජිටල් සංවර්ධනය තුළින් ආර්ථිකයන් වඩාත් දියුණු තලයකට ගෙන ඒමට හේතු වෙනවා.”
මේ පිළිබඳ අදහස් දක්වමින් ASEAN හි මහලේකම් ගරු Dato Lim Jock Hoi මෙලෙස පවසා සිටියි. "මෙම ව්යාපෘතිය මඟින් වෙනස්වන වැඩ ලෝකය සහ කර්මාන්තයේ ප්රගමනයන් සඳහා ASEAN කලාපයේ තරුණ තරුණියන් හට සහයෝගීව කටයුතු කිරීමට අවශ්ය කුසලතා ලබා දෙනවා. මේ සඳහා Huawei හි දිගුකාලීන කැපවීම මම අගය කර සිටිනවා. මැලේසියාව, තායිලන්තය, කාම්බෝජය සහ ඉන්දුනීසියාව යන රටවල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ වෘත්තිකයන් 23,465 දෙනෙකු පුහුණු කිරීම සඳහා දේශීය පාර්ශ්වකරුවන් සමඟ කටයුතු කිරීම සම්බන්ධයෙන් Huawei ASEAN ඇකඩමියට ප්ස්තුතිවන්ත වීමටද මම මෙය අවස්ථාවක් කර ගන්නවා."
ආසියාන් පදනමේ විධායක අධ්යක්ෂ ආචාර්ය Yang Mee Eng මහත්මිය පැවසුවාය. "ආසියාන් ඩිජිටල් ආර්ථිකයේ වර්ධනය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ කලාපයේ තරුණ තරුණියන්ට එයට සහභාගී වීමට ඇති හැකියාව මතය. ඩිජිටල් දැනුමක් ඇති සහ නව්ය ගැටලු විසඳන්නන්ගේ පරම්පරාවක් පෝෂණය කිරීම සඳහා, අපගේ තරුණ තරුණියන්ට ඔවුන්ගේ ඩිජිටල් කුසලතා දියුණු කිරීමට ඉඩ සලසන ශක්තිමත් ඉගෙනුම් පරිසර පද්ධතියක් නිර්මාණය කිරීම ASEAN හි පාර්ශවකරුවන්ට අවශ්ය වේ. මෙම ව්යාපෘතිය කලාපයේ ඩිජිටල් කුසලතා හිඟය පියවා ගැනීමට උපකාර වන කුසලතා වර්ධනය කෙරෙහි අවධානය යොමු කරමින් ඉගෙනුම් පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමට කැපවී සිටින ASEAN පදනම-Huawei හවුල්කාරිත්වයේ තවත් සාර්ථක ව්යාපෘතියක් වන බව ඇය විශ්වාස කරයි.”
තායිලන්තයේ සංස්කෘතික අමාත්යාංශයේ නියෝජ්ය ලේකම් Krisada Kongkajan මහතා, ASEAN වෙත Lao PDR හි නියෝජ්ය Sengpraarthid Snookphone මහතා, ITU හි ආසියා සහ පැසිෆික් කලාපීය අධ්යක්ෂ Atsuko Okuda මහත්මිය සහ UNESCO අධ්යාපනි හා නවෝත්පාදන අංශයේ ප්රධානී සංවර්ධන Libing Wang මහතා මෙය කලාපීය දැනුම හුවමාරුව සඳහා වන විශිෂ්ට වැඩසටහනක් බව පිළිගත් අතර, 2022 Asia Pacific Seeds for the Future සඳහා මෙන්ම සිසුන්ට ඔවුන්ගේ ගමන සඳහා සුබ පැතුම් ප්රකාශ කළේය.
මෙම වැඩසටහන ASEAN පදනමේ විධායක අධ්යක්ෂ Dr. Yang Mee Eng, ඩිජිටල්කරණ පර්යේෂණ සහ සංවර්ධන සඳහා TAT හි නියෝජ්ය අධිපති Nithee Seeprae, Huawei Asia Pacific හි සභාපති Simon Lin සහ Huawei තායිලන්ත ප්රධාන විධායක නිලධාරී Abel Deng යන මහත්වරුන් එක්ව දියත් කරන ලදී. සහභාගිවන්නන්ට TAT වෙතින් තානාපති සහතික ද පිරිනමන ලදී. සිසුන් බැංකොක්හි එක්සත් ජාතීන්ගේ කලාපීය මධ්යස්ථානය, මෙටාවර්ස් එක්ස්පෝ සහ
බැංකොක්හි ග්රෑන්ඩ් පැලස් ඇතුළු අඩවි චාරිකා වලින් පිරුණු සංස්කෘතික හා ඩිජිටල් ගමනක් ආරම්භ කරනු ඇත. ඒ අතරම, සහභාගිවන්නන්ට 5G, AI, සහ ක්ලවුඩ් කම්පියුටින් වැනි අති නවීන තාක්ෂණයන් පිළිබඳව කර්මාන්තයේ ප්රමුඛ විශේෂඥයින්ගෙන් පුහුණුව ලබා දෙනු ඇත.
මෙහි ඩිජිටල් පුහුණු වැඩසටහන අතරතුර, සහභාගිවන්නන් කණ්ඩායම් වශයෙන් එකතු වී "Tech4Good" ව්යාපෘති සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන අතර එහිදී ඔවුන් වඩා හොඳ ඩිජිටල් ලෝකයක් සඳහා ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගනු ඇත. ජයග්රාහී කණ්ඩායම් සඳහා අගෝස්තු 29 සිට සැප්තැම්බර් 4 දක්වා සිංගප්පූරුවේ පුහුණුවක් ලබාදීමට නියමිතය. මෙම පුහුණුව ඔවුන්ට ඉහළ පෙළේ ව්යවසායකයින් සහ ආයෝජකයින් හමුවීමට සහ ඔවුන්ගේ මුලපිරීම් තවදුරටත් වර්ධනය කිරීමට අවස්ථාවක් ලබාදෙයි. ලොව පුරා ඉහළම විශ්ව විද්යාලවල තරුණ දක්ෂතා එක් කරන
Huawei හි ප්රමුඛතම ආයතනික සමාජ වගකීම් වැඩසටහන වේ. Seeds for the Future වැඩසටහන 2008 දී තායිලන්තයේ දියත් කරන ලද්දේ ICT කුසලතාවන් දිරිමත් කිරීමට සහ ඩිජිටල් විසඳුම් සමඟ සමාජ අභියෝගවලට මුහුණ දීමට ඔවුන් දිරිගැන්වීම සඳහා ය. 2021 අවසානය වන විට, මෙම වැඩසටහන රටවල් 137 ක සහ කලාපවල ක්රියාත්මක කර ඇති අතර, විශ්ව විද්යාල 500 කට අධික සංඛ්යාවක සිසුන් 12,000 ක් වෙත ළඟා විය.




August, 25, 2022
ශ්රී ලංකාවේ සීඝ්රයෙන් වර්ධනය වන ජංගම බ්රෝඩ්බෑන්ඩ් සේවා සැපයුම්කරු වන හච්, ආර්ථික වශයෙන් අභියෝගාත්මක මෙම කාලය තුළ මහජනතාවයට සහයක් වීමේ මානුෂීය ක්රියාදාමය අඛණ්ඩ සිදුකරමින් සිය ප්රජා ආධාර වැඩසටහන් අතරින් එකක් වන, යාපනයේ නල්ලූර් උත්සවයට පැමිණි බැතිමතුන්ට ආහාර පිරිනැමීමේ අන්නදාන වැඩසටහන පසුගියදා සාර්ථක ලෙස ආරම්භ කරන ලදී.
උතුරු ප්රදේශයේ පවත්වන විශාලතම හින්දු කෝවිල් උත්සවය ලෙස යාපනයේ පවත්වන නල්ලූර් උත්සවය හැඳින්විය හැකි අතර එයට සහභාගී වන අයට ආහාර පිරිනැමීම මෙම උත්සවයේ පූජනීය සම්ප්රදායක් වේ.
රටෙහි පවතින ඉහළ උද්ධමනය නිසා ආහාරපාන වන මිලගණන් 80% ට වඩා වැඩි වීමත් සමඟ රටවැසියන්ට පෝෂ්යදායී ආහාර ගැනීම වඩාත් දුෂ්කර වී ඇත. එබැවින් හච් සිය ප්රජා සහ සමාජ ආධාර ප්රයත්න වලින් එකක් ලෙස මෙලෙස ආහාර ලබා දීමට මූලිකත්වය ගෙන ඇති අතර අගෝස්තු 5 සිට අගෝස්තු 25 දක්වා දින 20 ක කාලයක් තුළ 10,000 කට අධික බැතිමතුන් පිරිසකට හච් අන්නදානය නල්ලූර් මයිලූරන් අරංගම් හිදී ලබාගත හැක.
මේ වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් හච් හි ප්රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතා සඳහන් කළේ මෙවැන්නකි. “මෙම නල්ලූර් උත්සවයේදී, සාමාන්ය වාණිජ මෙහෙයුම් කටයුතු සිදුකිරීම පසෙකලා උතුරු කලාපයේ ජනතාවට පෝෂ්යදායී ආහාර වේලක් ලබාදීම සඳහා මෙම මුදල් වෙන් කිරීමට හච් තීරණය කළා.”
හච් හි ප්රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතාගේ පවුලේ මුතුන් මිත්තන් යාපනයේ උතුරු ප්රදේශයෙන් ජීවත්වූ අතර ඔහු එක්සත් රාජධානියේ අධ්යාපනය ලබා ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් ඇතුළු එක්සත් රාජධානියේ ප්රමුඛ විශ්වවිද්යාල තුනකින් උපාධි තුනක් ලබා ඇත. තවද ඔහු හචිසන් ටෙලිකොම් හි හොංකොං මූලස්ථානයේ පසුගිය වසර 25 පුරා ආසියාවේ විවිධ මෙහෙයුම් සඳහා සේවය කරන ලදී.
HUTCH Sri Lanka, CK Hutchison Holdings Limited හි අනුබද්ධ සමාගමක් වන අතර, Global Fortune 500 සමාගම සමග එක්ව ‘3’ හෝ Three සන්නාමය යටතේ ද ගෝලීය ටෙලිකොම් මෙහෙයුම් සිදු කරයි.
August, 25, 2022
ශ්රී ලංකාවේ ප්රමුඛතම විවිධාංගීකරණය වූ සමාගමක් වන DIMO ISO 45001:2018 සහතිකකරණයෙන් පසුගිය දා පිදුම් ලැබිය.මෙම සහතිකකරණය හරහා DIMO උසස් ප්රමිතීන් සහිත ආරක්ෂාකාරී වෘත්තීය පරිසරයක් සහ සේවක සෞඛ්ය ආරක්ෂාව සදහා කැපවන සමාගමක් ලෙස තවදුරටත් සහතික කරයි.
මෙම වැදගත් අවස්ථාව පිළිබඳ අදහස් දක්වමින් DIMO හි සභාපති සහ කළමනාකාර අධ්යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා මෙසේ පැවසීය. "අපගේ ව්යාපාරයේ වටිනාම සම්පත වන අපගේ සේවක මණ්ඩලයේ ශාරීරික සහ මානසික යහපැවැත්ම වර්ධනය කිරීම අපගේ ප්රමුඛ අරමුණක්. මෙම අරමුණ වෙත ගමන් කරන මාර්ගයේදී, වෘත්තීය සෞඛ්ය සහ ආරක්ෂණ කළමනාකරණ පද්ධතියක් (OHSMS) ක්රියාත්මක කිරීමට අප ගන්නා ලද උපායමාර්ගික තීරණය අපගේ සේවක මණ්ඩලයේ යහපැවැත්ම අඛණ්ඩව වැඩිදියුණු කිරීම සහතික කරනු ලබනවා. තවද මෙම පද්ධතිය, වෘත්තීමය ක්රියාකාරකම් තුලදී සේවක ආරක්ෂාව තව දුරටත් තහවුරු කිරීමට උපකාරී වන බව කිව යුතුයි. DIMO අප සෑම විටම කැපවී සිටින්නේ අප කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ සිහින සහ අභිලාෂයන් බලගන්වමින්, ඔවුන්ට ආරක්ෂිතව සහ සෞඛ්ය සම්පන්නව රැකියාවේ නිරත වීමට අවශ්ය වටපිටාව සැමවිටම සකස් කරදීමටයි. මෙම සහතිකකරණය ලබාගැනීම, අපගේ සේවක මණ්ඩලය වෙනුවෙන් අපගේ කැපවීම සුරක්ෂිත කරනු ලබනවා."
ISO 45001:2018 සහතිකකරණය, සාමගමට මුහුණ දීමට සිදු විය හැකි උපද්රව සහ අවදානම් හඳුනා ගැනීමට සහ එම උපද්රවයන් ඇතිවීමේ සම්භාවිතාව අවම කරමින් සමාගමක ඇති හැකියාවන් වර්ධනය කරයි. මෙම සහතිකකරණය ලබා ගැනීම තුළින් ක්ෂත්රයේ ප්රමුඛයෙකු ලෙස DIMO හි විශිෂ්ටත්වය තව දුරටත් ඉහළට ඔසවා තබන අතර, DIMO පිළිබඳ පාරිභෝගික විශ්වාසය ද වර්ධනය කරයි.
DIMO හි තත්ත්ව කළමනාකරණ පද්ධතිය 2001 වර්ෂයේ සිට ISO සහතිකකරණය ලබා ඇති අතර, වර්තමානය වන විට ISO 9001:2015 සහතිකකරණයෙන් පිදුම් ලබා ඇත. තවද, 2005 වර්ෂයේ දී ISO සහතිකය ලබා ගත් පාරිසරික කළමනාකරණ පද්ධතිය වර්තමානයේ ISO 14001:2015 සහතිකය ලබා ඇත. OHSMS 2021 වර්ෂයේදී දී ක්රියාත්මක කරන ලද අතර, සිය සේවක මණ්ඩලය සඳහා විශිෂ්ට සේවා පරිසරයක් නිර්මාණය කිරීමට DIMO හි කැපවීම මේ තුළින් තවදුරටත් සහතික කෙරේ.
August, 25, 2022
Dulux තීන්ත නිෂ්පාදනය කරන AkzoNobel Paints Lanka (පුද්.) සමාගම, සිය කාර්ය මණ්ඩලය, ඔවුන්ගේ පවුල් වල සාමාජික සාමාජිකාවන්, හිතමිතුරන් සහ තමන් සමග ගනුදෙනු කරන ව්යාපාරික ප්රජාව සමග එක් වී කතරගම කිරි වෙහෙර පිවිසුම අසල නව ඝණ්ටාර කුලුනක් ඉදිකිරීමට කටයුතු කළේ ය. මෙය විවෘත කිරීමේ උත්සවය, කතරගම කිරිවෙහෙර රජමහා විහාරය ඇතුළු පංචමාහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්රධාන සංඝ නායක පූජ්ය කොබවක දම්මින්ද හිමියන්ගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.
අඩි 27 ක උසකින් යුත් නව ඝණ්ටාර කුලුන, කිරි වෙහෙර පරිශ්රයට ඇතුළු වන ප්රධාන දොරටුව අසල ඉදිකර තිබේ. පස්ලෝ (තඹ 79%, සුදු ඊයම් 20%, රිදී, රන් හා යකඩ 1%) භාවිතයෙන් ශ්රී ලංකාවේදී ඉදිකරන ලද එහි බර කිලෝග්රෑම් 800 කට අධික ය. එහි අවම උස අඩි 4.5 ක් වන අතර, පාදමෙහි විෂ්කම්භය අඩි 4 කි.
බුද්ධ වර්ෂ 979 (ක්රිස්තු වර්ෂ 435) ට පමණ අයත් ලෙස සැලකෙන කතරගම සෙල්ලිපියට අනුව, බුදුන් වහන්සේ රහතන් වහන්සේලා පන්සිය නමක් සමග තෙවැනි වරට ලක්දිවට වැඩම කළ අවස්ථාවේදී උන්වහන්සේ කතරගම ප්රදේශයේ පිහිටි කිහිරි වනයක් වෙත වැඩම කර සමවත් සුවයෙන් කාලය ගතකර ඇත. එකල එම ප්රදේශයේ පාලකයා වූ මහාඝෝෂ, බුදුන් වහන්සේ වැඩ සිටි රන් ආසනය, උන්වහන්සේගේ කේශ ධාතු සහ සිද්ධාර්ථ කුමරු අනෝමා ගං ඉවුරේ හිස මුඩු කිරීමට භාවිතා කළ රන් කඩුව ඇතුළු පූජනීය වස්තු තැන්පත් කර දාගැබක් ඉදි කළේ ය. බුදුන් වහන්සේ ජීවමාන කාලයේදීම ඉදිකරන ලදැයි සැලකෙන මෙම දාගැබ සහ එම විහාරය, මෙරට බෞද්ධයන්ගේ ගෞරවයට පාත්ර වී ඇති සොළොස්මස්ථාන අතරින් එකක් වන කිරි වෙහෙර ලෙස සැලකේ.
ශබ්ද පුජාව වනාහී මල් පොකුරක් මෙන් එකිනෙකා අතින් අතට හුවමාරු කොට පුජා කළ හැක්කක් නොවේ. බුදුන් දහම් සඟුන් යන තෙරුවන් ගුණ වර්ණනා කරමින් ශබ්දාලංකාර කිරීම ශබ්ද පුජාවයි. ඝණ්ඨාර නාදය එයින් මූලික ශබ්ද පූජාවකි. සැදැහැවතුන්ගේ සිත් ඒකාග්ර කිරීම සඳහා ඝණ්ඨාර නාද කරයි. ඒ වගේම සැදැහැවතුන් එක්රැස් කිරීම සඳහා ද ඝණ්ඨාර වාදනය කරයි. ඝණ්ඨාර නාදය අවට සිටින පිරිසට පූජාවක වන්දනීය සිදුවීමක පණිවිඩය ගෙන හැර පායි. ශබ්ද පූජාව තුළින් සැදැහැවතුන්ට ලැබෙන ආනිශංස බොහෝ ය. ස්ථාවර හඬ පෞරුෂයකට හිමිකම් කීම, මිහිරි කටහඬක් ලැබීම, මනා සන්නිවේදන කථන හැකියාවක් ලැබීම, කටහඬට අන් අයව නතුකර ගැනීමට හැකිවීම, ළගන්නාසුළු කටහඬක් ලැබීම ආදිය එහි ආනිශංස වෙයි.
“AkzoNobel පූජා කමිටුවේ උනන්දුව හා කැපවීම මෙන්ම මෙයට සම්බන්ධ වූ සියලුම දෙනාගේ නොමසුරු දායකත්වය නිසා අපට කතරගම කිරි වෙහෙරට මෙම ඝණ්ටාර කුලුන පරිත්යාග කිරීමට හැකි වුණා. මෙය බැතිමතුන්ට බෙහෙවින් ප්රයෝජනවත් වේවි කියා අප සිතනවා. එමෙන්ම මෙය අප සියලුම දෙනා පූජනීය සිතිවිලි ඔස්සේ එකමුතු කරන පියවරක් වේවි.” AkzoNobel Paints Lanka (පුද්.) සමාගමේ කළමනාකාර අධ්යක්ෂ වසන්ත හීනටිගල මහතා පැවසී ය.
මෙම උදාර මෙහෙවර සාර්ථක කරගැනීම සඳහා නන් අයුරින් සහයෝගය ලබාදුන් සියලුම දෙනාට AkzoNobel Sri Lanka සමාගමේ පූජා සංවිධායක කමිටුව සිය කෘතඥතාව පළකර සිටී.
Video Story