August, 24, 2022
ශ්රී ලංකාවේ සීඝ්රයෙන් වර්ධනය වන ජංගම බ්රෝඩ්බෑන්ඩ් සේවා සැපයුම්කරු වන හච්, වර්තමානයේ පවතින ප්රවාහන දුෂ්කරතා සාර්ථකව ජයගැනීමට සහයක් වෙමින් සිය බෙදාහැරීමේ නියෝජිතයින් වෙත ඉලෙක්ට්රික් බයිසිකල් ලබාදීමේ වැඩසටහනක් පසුගියදා ආරම්භ කරන ලදී. කර්මාන්තය තුළ මෙවන් වැඩසටහනක් ක්රියාත්මක කරන ලද ප්රථම අවස්ථාව මෙය වේ.
බොහෝ දියුණු වෙමින් පවතින රටවල මෙන් ශ්රී ලංකාවේද ජංගම දුරකථන පාරිභෝගිකයින්ගෙන් 90% ක් පෙරගෙවුම් සේවාවන් සඳහා යොමුව සිටින බැවින් රීචාර්ජ් වවුචර් සහ ඉලෙක්ට්රොනික රීලෝඩ් ලබාගැනීමට ඇති පහසුකම අතිශය වැදගත් වේ.
මෙම වැඩසටහන මඟින් හච් බෙදාහැරීමේ ජාලය වෙත ඉලෙක්ට්රික් බයිසිකල් 200කට අධික ප්රමාණයක් ලබාදෙන අතර එමඟින් දීපව්යාප්ත වෙළඳ මධ්යස්ථාන 75,000කට අධික ප්රමාණයක් වෙත සිය ජංගම නිෂ්පාදන අඛණ්ඩව ලබාදීම සහතික කෙරෙනු ඇත.
සිය නවතම මුලපිරීම පිළිබඳව අදහස් දක්වමින් හච් හි ප්රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මෙලෙස සඳහන් කළේය. "රටේ පවතින ඉන්ධන හිඟය නිසා යතුරුපැදි භාවිතයෙන් අපගේ ජංගම නිෂ්පාදන බෙදා හැරීම ඉතා දුෂ්කර කටයුත්තක් වී ඇති අතර එය පාපැදි සහ පොදු ප්රවාහන සේවා වලට සීමා කර ඇත. අත්යවශ්ය සන්නිවේදන සේවා සපයන්නෙකු ලෙස, පාරිභෝගිකයින්ට බාධාවකින් තොරව අපගේ සේවාවන් වෙත ප්රවේශ වීමට අවශ්ය පහසුකම් අඛණ්ඩව සැපයීමට නව සහ කාලෝචිත විසඳුම් අවශ්ය බව අපි අවබෝධ කරගත්තෙමු. එයට විසඳුමක් ලෙස හඳුන්වාදුන් මෙම ඉලෙක්ට්රික් බයිසිකල් ලබාදීමේ වැඩසටහන අපගේ නිෂ්පාදන වටිනා පාරිභෝගිකයින් වෙත අඛණ්ඩව ළඟා වීම සහතික කරනු ඇත."
Hutch හි Global Fortune 500 සහ CK Hutchison Holdings Limited යන සමාගම් වල සහය ඇතිව දියත් කරන ලද වැඩසටහන් වලින් එකක් ලෙස මෙය හැඳින්විය හැක. පවතින දුෂ්කර වාතාවරණය හමුවේ ව්යාපාරික සහකරුවන්ට සහය වෙමින් ශ්රී ලංකාව තුළ සිය ව්යාපාරයේ අඛණ්ඩ තිරසාරභාවය සහතික කිරීමට මව් සමාගමෙහි ඇති කැපවීම මෙමඟින් පෙන්නුම් කරයි.
කොළඹ හච් ප්රධාන කාර්යාලයේ පැවති උත්සවයකදී හච් හි ප්රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා සහ හච් හි අලෙවිකරණ සාමාන්යාධිකාරී තරිඳු විජේරත්න විසින් බෙදාහැරීමේ නියෝජිතයින් වෙත ඉලෙක්ට්රික් බයිසිකල් පිරිනැමීම සිදුකරන ලදී.
August, 24, 2022
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, ලංකා වාණිජ මණ්ඩලයේ සුළු හා මධ්යම පරිමාණ ව්යාපාර මධ්යස්ථානය සහ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (CIMA) සමග එක්වී පුත්තල ප්රදේශයේ සුළු හා මධ්යම පරිමාණ ව්යාපාර වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් පැවැත්වීමට පසුගියදා කටයුතු කළේ ය. මෙරට ආර්ථිකයේ ජීවනාලිය වන්නේ මෙම කාණ්ඩයට අයත් ව්යාපාර බවත්, එම නිසා එම ව්යාපාර වලට අවශ්ය දැනුම සහ මූල්යමය විසඳුම් ලබාදීමට කටයුතු කළ බවත් විශ්වාස කරමින්, එම ව්යාපාර වලට අවශ්ය නිසි මගපෙන්වීම ලබාදීමට සෙලාන් බැංකුව පියවර ගෙන තිබේ. එහි තවත් පියවරක් වශයෙන් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි වැඩමුළු මාලාවක් පැවැත්වීමට සෙලාන් බැංකුව මේ වනවිට කටයුතු කරමින් සිටී.
පුත්තලම ප්රදේශයේ පැවති වැඩමුළුව දන්කොටුව පෝසිලෙන් සමාගමේ ප්රධාන විධායක නිලධාරී චන්න ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් පැවති අතර, පාරිභෝගිකයන් කාණ්ඩගත කිරීම, සන්නාමකරණය හා එහි වැදගත්කම, අලෙවිකරණය හා එහි අභියෝග, තාක්ෂණය හා ඩිජිටල්කරණයේ අවශ්යතාව, සැලසුම් සකස් කිරීම හා එම සැලසුම් වලට අනුකූලව කටයුතු කිරීම සහ මූල්ය විසඳුම් යන ප්රධාන ක්ෂේත්ර එහිදී ආවරණය කරන ලදි. කෘෂිකර්මය, වෙළඳාම්, තොරතුරු තාක්ෂණය, ලුණු නිෂ්පාදනය, කුළුබඩු අපනයනය, ඇඟලුම්, කරවල නිෂ්පාදන සහ ඉදිකිරීම් වැනි ක්ෂේත්ර නියෝජනය කරන ව්යාපාර රැසක නියෝජිතයෝ මෙම වැඩමුළුවට සහභාගී වූහ. මෙම වැඩමුළු මාලාවේ තුන්වැනි වැඩමුළුව මෙය වූ අතර, මීට පෙර රත්නපුර සහ අනුරාධපුර යන ප්රදේශ වල වැඩමුළු පවත්වන ලදි.
“මෙවැනි වැඩසටහන් හරහා සුළු හා මධ්යම පරිමාණ ව්යවසායකයන්ට නව ව්යාපාරික අවස්ථා උදාකර දීමටත්, ඔවුන්ට තම හැකියාවන්ගෙන් නිසි ප්රයෝජන ලැබීමට මංපෙත් විවර කරදීමටත් සෙලාන් බැංකුව උත්සාහ කරනවා. නව දැනුම සොයා යමින්, වෙනස්කම් වලට අනුගත වෙමින්, පවතින තත්වයන්ට අභියෝග කිරීමට අවශ්ය ආකල්ප වර්ධනය කරගත හැකි නම්, මෙම දුෂ්කර කාලය තුළ දියුණුව ළඟා කරගනිමින්, සමස්ත රටේම දියුණුවට දායක වීමට එම ව්යාපාර වලට හැකියාව ලැබේවි. විශේෂයෙන්ම පසුගිය වසර කිහිපය තුළ, සුළු හා මධ්යම පරිමාණ ව්යාපාර රටට කෙතරම් වැදගත්ද යන්න අප හොඳින් දුටුවා. එම ව්යාපාර කාණ්ඩය අපගේ අවධානය යොමුවන ප්රධානතම අංශ අතරින් එකක් බවට පත්වී ඇත්තේ ඒ නිසයි. 2020 වසරේදී සුළු හා මධ්ය පරිමාණ ව්යාපාර සඳහා අරමුදල් සැපයීමේදී පුද්ගලික බැංකු අතර තුන්වන විශාලතම දායකත්වය ලබා දී ඇත්තේ සෙලාන් බැංකුව බවත්, එම සහයෝගය අප අදටත් නොවෙනස්ව ලබාදෙන බවත් ප්රකට කරුණක්. එහි තවත් පියවරක් වශයෙන් මෙවැනි වැඩසටහනක් ක්රියාවට නැංවීම සඳහා ලංකා වාණිජ මණ්ඩලය සහ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය සමග එක්ව කටයුතු කිරීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙම ව්යාපාර වල දියුණුව රටේ ආර්ථිකයට අතිශයින් වැදගත්. ඒ නිසාම මෙම ව්යාපාර ශක්තිමත් කිරීමට අවශ්ය පියවර ගැනීමට සෙලාන් බැංකුව සෑම විටම සූදානම්.” සෙලාන් බැංකුවේ සහකාර සාමාන්යාධිකාරී (ශාඛා ණය) රනිල් දිසානායක මහතා පැවසී ය.
ලංකා වාණිජ මණ්ඩලය විසින්, වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය සමග එක්වී ‘Forward Together’ යන තේමාව යටතේ මෙම ප්රාදේශීය වැඩමුළු සංවිධානය කරනු ලබයි. මෙරට සුළු හා මධ්යම පරිමාණ ව්යාපාර වල දැනුම, කුසලතා සහ මූල්ය හා තාක්ෂණික අවබෝධය නංවාලීම මෙහි මූලික අරමුණ වී ඇත. මෙරට රැකියා අතරින් 45% ක්ම ජනනය කරනු ලබන්නේ මෙම කාණ්ඩයේ ව්යාපාර මගින් වන අතර, එම ව්යාපාර දියුණු කරමින් සමස්තයක් ලෙස රටේ ආර්ථිකයට යහපත් බලපෑමක් ඇතිකිරීමේ අරමුණින් ‘Forward Together’ වැඩසටහන ආරම්භ කරන ලදි.
August, 24, 2022
සිය වටිනා පරිශීලකයින්ට සෑමවිටම ඔවුන්ගේ තේරීම අනුව සහ වැඩි වටිනාකමක් සහිත ප්රතිලාභ ලබා දීමට කටයුතු කරන ශ්රී ලංකා තාරුණ්යයේ වඩාත් ජනප්රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල්, ඉගෙනීම් කටයුතු කිරීමට, නිවසේ සිට රාජකාරී (WFH) කිරීමට සහ සමාජ මාධ්ය (SM) භාවිත කරන පරිශීලකයින් සඳහා නවතම weekly පැකේජ පරාසයක් හඳුන්වා දී ඇත. එයාර්ටෙල් මෙම නව පැකේජ හඳුන්වා දී ඇත්තේ සිය මාසික පැකේජවලට අමතරව වීම විශේෂත්වයකි. දැනට පවතින අර්බුදය තුළ සිය පරිශීලකයින්ට එයාර්ටෙල් හි සුපිරි 4G ආවරණ ජාලයට අඛණ්ඩ ප්රවේශයක් ලබා දීම සහතික කිරීම සඳහා මෙම නව පැකේජ හඳුන්වා දෙන බව එයාර්ටෙල් නිවේදනය කර සිටී.
අන්තර්ජාල ප්රවේශය සියලූම ශ්රී ලාංකිකයින්ට අත්යවශ්ය අංගයක් බවට පත්ව ඇති මෙවැනි අවස්ථාවක, සියලූම පරිශීලකයින්ට දැරිය හැකි මිලකට අඛණ්ඩව සුපිරි 4G අත්දැකීමක් ලබා දීම සහතික කිරීම සඳහා එයාර්ටෙල් හි මෙම නව weekly පැකේජ නිර්මාණය කර ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් එයාර්ටෙල් ලංකා කළමනාකාර අධ්යක්ෂ/ප්රධාන විධායක නිළධාරී අශීෂ් චන්ද්රා මහතා පැවසුවේ ”මේ වන විට මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදයත් සමඟ ඔවුන්ගේ ඉගෙනීම් කටයුතු, රැකියාව, මිතුරන් සහ පවුලේ අය සමඟ සම්බන්ධව සිටීමට අපගේ ජාත්යන්තර තලයේ ආවරණ ජාලය කෙරෙහි විශ්වාසය තබා ඇති පාරිභෝගිකයින්ට මිල ගණන් බාධාවක් නොවන බව සහතික කිරීමට හැකි සෑම පියවරක්ම ගත යුතු බව අපි වටහා ගත්තා. මෙම අසීරු අවස්ථාවේ ඔවුන් මත පැටවී ඇති බර අවම කර ගැනීමට මෙම නව පැකේජ උපකාර වනු ඇතැයි අප විශ්වාස කරනවා.’’ යනුවෙනි.
ඒ අනුව රු. 85ක් වැනි මිලකට, එයාර්ටෙල් පරිශීලකයින්ට MS Teams, Zoom සහ Office 365 සඳහා 7GB ඬේටා සහිත WFH පැකේජයක් මිලදී ගත හැකි අතර එයාර්ටෙල් හි රු. 145 පැකේජය මගින් Google Classroom වලට අමතරව මෙම වේදිකා තුන සඳහා අසීමිත ප්රවේශයක් ලබා දෙයි.
මේ අතර එයාර්ටෙල් රු. 128 ක් වැනි මිලකට නව social media පැකේජයක් ද හඳුන්වා දී ඇති අතර එමගින් පරිශීලකයින්ට දින 7ක් සඳහා Whatsapp, Facebook, Youtube සහ Facebook Messenger වෙත අසීමිත ප්රවේශයක් ලබා දෙයි.
එයාර්ටෙල් විසින් මෑතකදී හඳුන්වා දුන් Unlimited Freedom Packs වලින් පසුව මෙම ඉගෙනීම් කටයුතු සහ WFH සහ social media පැකේජ පරිශිලකයින් වෙත හඳුන්වා දීම කැපී පෙනේ. එයාර්ටෙල් හි මෙම Unlimited Freedom Packs දැනට ශ්රී ලාංකේය වෙළෙඳපොලේ ඇති එම වර්ගයේ එකම පැකේජය වන අතර එමගින් පරිශීලකයින්ට රු. 749ක් වැනි අවම මුදලකින් වෙනත් ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම් සහ සමාජ මාධ්ය ජාලවල සැරි සැරීමට හැකියාව ලබා දී ඇත.
2009 දී මෙරට මෙහෙයුම් ආරම්භ කළ දා සිට එයාර්ටෙල් විසින් ශ්රී ලංකාව තුළ සිදු කරන ලද විශාලතම තනි ආයෝජනය ලෙස මෙම ‘Freedom Packs/plans’ හැඳින්විය හැකිය. එයාර්ටෙල් හි purpose-built 4G සේවාව මගින් 99%ක් buffering රහිත වීඩියෝ නැරඹීමේ හැකියාව හා 4G සංඥා සමඟින් වැඩි දියුණූ කළ අසමසම ගෘහස්ත ආවරණය ඇතුළුව පරීශීලකයාට සුපිරි අත්දැකීමක් ලබා දීමට අපේක්ෂා කරයි. මෙම අතිනවීන තාක්ෂණික යටිතල පහසුකම් 5Gඨ සඳහා සූදානම් සහිතව නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.
August, 24, 2022
මෙරට කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයින් නව ඊ-වාණිජ්ය වෙළෙඳපොලවල් සහ ගැනුම්කරුවන් වෙත සම්බන්ධ කිරීමේ අරමුණින් නව මාර්ගගත (online) වෙළෙඳ වේදිකාවක් වන Cochchi.lk න වෙත ඔවුන්ට නොමිලේ ප්රවේශය ලබා දීම සඳහා ශ්රී ලංකාවේ වඩාත්ම ඩිජිටල් නවෝත්පාදන බැංකුව වන හැටන් නැෂනල් බැංකුව, SLT-MOBITEL සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය.
බැංකු සහ විදුලි සංදේශ යන ක්ෂේත්රවල දැවැන්තයින් ආයතන දෙකක් අතර ඇති කරගත් මෙම හවුල්කාරීත්වය මගින් HNB කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාරිකයින්ට මෙම නව ඊ-වාණිජ්ය වේදිකාවට ප්රවේශ වන විට අමතර ප්රතිලාභ ලබා දෙනු ඇත. HNB පාරිභෝගික සේවා, කුඩා හා මධ්ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්ය සාමාන්යාධිකාරී, සන්ජේ විජේමාන්න, HNB සහකාර සාමාන්යාධිකාරී - SME කයිලයිවාසන් ඉන්ද්රවාසන්, HNB SME සේවා සහ හවුල්කාරීත්වයන් පිළිබඳ ප්රධානී, නිලූක අමරසිංහ සහ SLT ප්රධාන තොරතුරු සහ ඩිජිටල් නිලධාරී, තිලක් ගම්ලත්, ශ්රී ලංකා ටෙලිකොම් සාමාන්යාධිකාරී - Digital Transformation Projects ඉෂාරි සිරිවර්ධන, ශ්රී ලංකා ටෙලිකොම් නියෝජ්ය සාමාන්යාධිකාරී-ඩිජිටල් ව්යාපෘති, දිනේෂ් පෙරේරා සහ ශ්රී ලංකා ටෙලිකොම් ජ්යෙෂ්ඨ කළමණාකාර (අලෙවි) - SME සේවා සංවර්ධනය, ලාල්වින් ද සොයිසා යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් පැවති උත්සවයකදී මෙම හවුල්කාරීත්වයට එළැඹිණි.
මෙම හවුල්කාරීත්වය පිළිබඳ අදහස් දක්වමින් HNB සහකාර සාමාන්යාධිකාරී - SME කයිලයිවාසන් ඉන්ද්රාවාසන් මහතා පැවසුවේ ”වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ශ්රී ලාංකිකයින් වශයෙන් අපට අපගේ ආර්ථිකය නැවත යථා තත්වයට පත් කිරීම සඳහා නව මංපෙත් සහ අවස්ථා පිළිබඳ සොයා බැලිය යුතු වෙනවා. අපගේ අපනයන ඉහළ නැංවීම සහ මෙරට ආර්ථිකයේ කොඳු නාරටිය වන අපගේ SME ව්යවසායකයන් සඳහා නව වෙළෙඳපල හඳුනා ගැනීම කෙරෙහි අප අවධානය යොමු කර තිබෙන අතර එය අපට අතිශයින්ම වැදගත් මුදල් ප්රවාහයන් උත්පාදනය කිරීමට කටයුතු කරනු ඇතැයි අප විශ්වාස කරනවා. ඒවගේම SME ව්යවසායකයින් සමඟ සැමවිටම කටයුතු කර ඇති බැංකුවක් ලෙස ඔවුන්ට online පහසුකම් සැලසීම අත්යවශ්ය බව අප විශ්වාස කරනවා. එබැවින් අපගේ SME ව්යවසායකයින්ට මෙම අවස්ථාව ලබා දීම සඳහා SLT-MOBITEL සමඟ අත්වැල් බැඳ ගැනීමට ලැබීම ගැන අපට සතුටුයි.” යනුවෙනි.
මෙම හවුල්කාරීත්වය මගින් HNB පාරිභෝගිකයින්ට නොමිලේ දැන්වීම් ප්රචාරණ අවකාශය, ආරම්භක සහ දායකත්ව ගාස්තු නොමැති වීම සහ අමතර අගය එකතු කළ සේවාවන් මිලදී ගැනීමේ හැකියාව වැනි විවිධ ප්රතිලාභ ලබා දෙනු ඇත. එපමණක් නොව මෙම වේදිකාව මගින් දේශීයව නිෂ්පාදිත නිෂ්පාදන සඳහා ‘’Made in Sri Lanka’’ නමින් වෙනම කාණ්ඩයක් ඇතුළුව, කාණ්ඩ 500 කට අධික පරාසයක විහිදුණු විවිධ නිෂ්පාදන පාරිභෝගිකයින්ට ලබා දෙනු ඇත.
මෙම යෝජිත ඊ-වාණිජ්ය වේදිකාව SLT-MOBITEL හි දත්ත මධ්යස්ථානයේ cloud පද්ධතියක ගබඩා කර තැබෙනු ඇත. තවද මෙම වේදිකාව මගින් පරිශීලකයින්ට පුළුල් පරාසයක e-business අවශ්යතා සපුරාලන නම්යශීලී, විශේෂාංගවලින් පොහොසත් ඊ-වාණිජ්ය වේදිකාවක් පිරිනමන අතරම SME ව්යවසායකයින්ට ඔවුන්ගේ online වෙළෙඳසැල් සහ e-shops නිර්මාණය කිරීමට හැකියාව ලබා දෙයි.
‘‘SME ව්යාපාර සැමවිටම ශ්රී ලංකා ආර්ථිකයේ ජීවනාලිය ලෙස කි්රයා කරන අතර ගෝලීය වෙළෙඳපොළට ඇතුළුවීම සඳහා ඔවුන්ගේ ඊ-වාණිජ්ය හැකියාවන් ඉහළ නැංවීමට කිරීමට අප කටයුතු කරමින් සිටිනවා. මෙරට කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයින් සමඟ සමීපව වැඩ කිරීමේ දිගු ඉතිහාසයක් ඇති HNB සමඟ අත්වැල් බැඳගැනීමට ලැබීම අපට ගෞරවයක්.” යනුවෙන් SLT ප්රධාන තොරතුරු සහ ඩිජිටල් නිලධාරී, තිලක් ගම්ලත් මහතා පැවසුවේය.
තවද මෑතකදී පාරිභෝගික බැංකුකරණයේ ශ්රී ලංකාවේ ප්රමුඛයා ලෙස නැවතත් සිය විශිෂ්ටත්වය සනිටුහන් කරමින් ඒෂියන් බෑන්කර් සඟරාව විසින් පැවැත්වූ 2022 කීර්තිමත් ජාත්යන්තර පාරිභෝගික මූල්ය සේවා සම්මාන උළෙලේදී 12 වැනි වරටත් ශ්රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙසින් HNB අභිසෙස් ලැබීය.
මේ වසරේදී බැංකුව විසින් දියත් කළ අති සාර්ථක බැංකු මූල්ය නිෂ්පාදනයක් වන HNB FIT, Asian Digital Finance Forum and Awards හිදී ‘විශිෂ්ටතම IoT මුලපිරීම’ ලෙස ඇගයීමට ලක් විය. Asian FinTech Academy (AFTA) විසින් සත්කාරකත්වය සපයනු ලබන මෙම සම්මාන උළෙල ඩිජිටල්කරණය තුළ නවෝත්පාදනයන් හඳුන්වාදෙන සංවිධාන සහ බලපෑම්කාරී පුද්ගලයින් හඳුනාගෙන ඇගයීමට ලක් කරනු ලබයි.
මෙරට ගෙවීම් තාක්ෂණ නවෝත්පාදන අංශයේ ප්රමුඛයින් සම්මානයට පාත්ර කිරීම සඳහා පැවති 2022 LankaPay Technnovation සම්මාන උළෙලේ දී සම්මාන හතරක් දිනා ගනිමින් සිය විශිෂ්ටත්වය නැවතත් පෙන්නුම් කිරීමට HNB සමත් විය. පාරිභෝගික පහසුව සඳහා වන වසරේ විශිෂ්ටතම බැංකුව සහ මූල්ය ඇතුළත් කිරීම් සඳහා වන කාණ්ඩයේ වසරේ බැංකුව සඳහා වන රන් සම්මාන දිනා ගැනීමට අමතරව ‘විශිෂ්ටතම ඩිජිටල් ගෙවීම් උපායමාර්ගය සඳහා වසරේ මුල්ය ආයතනය’ සඳහා වන රිදී සම්මානය ද, මෙම වසරේ ‘අන්තර් බැංකු ඩිජිටල් ගෙවීම්වල විශිෂ්ටත්වය (බැංකු ආයතන) - සමස්ත සම්මානය’ සඳහා ලෝකඩ සම්මානය ද දිනා ගැනීමට HNB සමත් වීම මෙහිදී විශේෂයෙන් කැපී පෙනිණි.
ඡායාරූපය: HNB පාරිභෝගික සේවා, කුඩා හා මධ්ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්ය සාමාන්යාධිකාරී, සන්ජේ විජේමාන්න (දකුණේ සිට පස්වැන්නා) සහ SLT ප්රධාන තොරතුරු සහ ඩිජිටල් නිලධාරී තිලක් ගම්ලත් (දකුණේ සිට හතරවැන්නා) යන මහත්වරුන් අදාල අවබෝධතා ගිවිසුම හුවමාරු කර ගනිමින්. HNB සහ SLT-MOBITEL යන ආයතන නියෝජනය කරමින් පැමිණි ජේ්යෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම ඡායාරූපයේ වෙයි.
August, 24, 2022
Samsung Electronics විසින් පසුගියදා පවත්වනු ලැබූ Galaxy Unpacked උත්සවයේදී නව්යකරණය වෙමින් පවතින නව පරම්පරාවේ Galaxy Z Flip4 සහ Galaxy Z Fold4 ස්මාර්ට් ජංගම දුරකතන හඳුන්වා දෙන ලදී. පරිශීලකයාට ගැලපෙන ආකාරයෙන් වෙනස් කළ හැකි විශේෂාංගවලින් සැදුම්ලත් එම devices පරිශීලකයින්ට ගැලපෙන අත්දැකීම් මෙන්ම වැඩිදියුණු කළ ක්රියාකාරීත්වයන්ගෙන්ද සන්නද්ධ වේ. එහි සිව්වන පරම්පරාව වන Galaxy Z මාදිලි පෙළ එදිනෙදා ජීවිතය වඩාත් යහපත් කර ගැනීම උදෙසා වැඩි බලපෑම් සහගත අන්තර්ක්රියාවන් ලබා දීමට සීමා මායිම් අභිබවමින් ඉදිරියට ගමන් කරනු ඇත.
Samsung Electronics හි Mobile eXperience Business සභාපති සහ ප්රධානී ආචාර්ය ටී. එම් රෝහ් මහතා පැවසුවේ ‘‘අපගේ විවෘත භාවයේ දර්ශනය මත නිර්මාණය වී ඇති පරිශීලකයාට ගැලපෙන ආකාරයෙන් සකස් කළ හැකි ඇතුළත හා පිටත විශේෂාංගයන් සමඟ නව හැකියාවන් විදහා දක්වනු ලබනවා. ලෝක මට්ටමේ අපගේ හවුල්කරුවන් සමඟ සහයෝගයෙන් යුතුව නිර්මාණය කළ නව foldable devices අපගේ සුවිශේෂී පරිශීලකයින්ගේ අවශ්යතා සපුරාලමින් අසමසම ජංගම දුරකතන අත්දැකීමක් ඔවුන් වෙත උරුම කර දෙනවා. අපගේ නිරන්තර අවධානය හා කර්මාන්ත පුරෝගාමීත්වය තුළින් foldable නිෂ්පාදන සඳහා වන උනන්දුව අඛණ්ඩව ඉදිරියට ගෙන යනු ලබනවා. අපි මෙම මාදිලිය රැඩිකල් ව්යාපෘතියකින් ආරම්භ කර ලොව පුරා මිලියන ගණනක ජනතාවක් පරිශීලනය කරන ප්රධාන ධාරාවේ device පෙලක් සාර්ථකව පරිවර්තනය කර තිබෙනවා.’’ යනුවෙනි.
ඉහළම නිර්මාණශීලීත්වය වෙනුවෙන් වන සැම්සුන්හි කැපවීම යළි යළිත් ප්රදර්ශනය කරමින් සෑම පාරිභෝගිකයෙකුටම ඔවුන්ගේ අවශ්යතාවලට ගැලපෙන device එකක් තිබෙන බව තහවුරු කිරීම වෙනුවෙන් පරිපූර්ණ අත්දැකීමක් ලබා දීම සඳහා මෙම ආකෘති දෙකෙහි සියලූ අංගයන් මනාව විශ්ලේෂණය කිරීමට සැම්සුන් කටයුතු කර ඇත. වර්තමානයේ සැම්සුන්හි සුවිශේෂී smartphone අත්දැකීම පරිශීලකයා වෙත හිමි කර දෙමින් නව හැකියාවන්ගෙන් පරිපූර්ණ The Galaxy Z Fold4 ස්මාර්ට් ජංගම දුරකතනය නිර්මාණය කර ඇත්තේ එහි සුවිශේෂී නිමාවද සමඟිනි. ආකර්ෂණීය තිරය, බහුකාර්ය විශේෂාංග මෙන්ම වැඩිදියුණු කරන ලද කැමරා තාක්ෂණය හා ප්රබල ජංගම දුරකතන ප්රොසෙසරයද ඊට එක් කරන්නේ ඉමහත් වටිනාකමකි.
Galaxy Z මාදිලි පෙළට එක්වන සැම්සුන් සතු උසස්ම තත්වයේ earbuds ලෙස හැඳින්විය හැකි Galaxy Buds2 Pro ඔබේ එදිනෙදා ජීවිතයේ ඕනෑම අවස්ථාවකදී ඔබට මින් පෙර අත් නොවිඳි ඉමිහිරි wireless හඬ අත්දැකීමක් එක් කරනු ඇත්තේ ශක්තිමත් නිමාවක් සහ සීමාවකින් තොර සබඳතාවක්ද සමඟිනි.
Galaxy Watch5 සහ Galaxy Watch5 Pro එළිදැක්වීමේ උත්සවයේදී Samsung Electronics විසින් තීක්ෂණ බුද්ධිය සමඟ ශරීර සෞඛ්යය පවත්වා ගැනීම, ඉහළ විශේෂාංග හා ඉන් ඔබ්බට ගිය ප්රබල හැකියාවන් ද සිය රසිකයින් වෙත ගෙන එන ලදී. ඒ සැම්සුන්හි මෙතෙක් නිෂ්පාදිත වඩාත් ශක්තිමත් හා විශේෂාගවලින් සපිරි Galaxy Watch නිෂ්පාදන පෙළට එක් වූ නවතම සාමාජිකයා වූ Galaxy Watch5 Pro සමඟිනි. පාරිභෝගික අවශ්යතා මත සිය විශේෂාංග දිනෙන් දින ඉහළ නංවන Galaxy Watch5 සහ Galaxy Watch5 Pro පාරිභෝගිකයින් වෙත ඔවුන්ගේ එදිනෙදා ඉලක්කයන් වෙත පහසුවෙන් ළඟා කර ගැනීම වෙනුවෙන්ද සුවිසල් දායකත්වයක් ලබා දෙනු නිසැකය.
Galaxy Unpacked 2022 හිදී Samsung Electronics, MX (Mobile eXperience) ව්යාපාරය සඳහා වන 2025 තිරසාර ඉලක්ක සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් සාර්ථකත්වයක් අත්කරගෙන ඇති බවද නිවේදනය කළේය. එම සාර්ථකත්වය සඳහා වන ප්රධාන වැඩසටහන් අතරට ප්රතිචක්රීයකරණය කරන ලද ද්රව්ය සිය නිෂ්පාදන සඳහා යොදා ගැනීම, වඩා පරිසර හිතකාමී ඇසුරුම් සැලසුම් කිරීම සහ විද්යුත් අපද්රව්ය අවම කිරීම සඳහා පැරණි Samsung Galaxy devices වලට නව ජීවයක් ලබා දීම යන කරුණු ඇතුළත් වී ඇත.
සැම්සුන්හි නව Galaxy Z මාදිලි පෙළ සහ Galaxy Buds2 Pro නිර්මාණය සඳහා ප්රතිචක්රීයකරණය කළ ධීවර මාළු දැල් හා ගෝස්ට් නෙට් යොදා ගෙන ඇත්තේ සාගර දුෂණය අවම කිරීමට පියවර ගනිමිනි. 2022 පෙබරවාරි මාසයේදී Galaxy S22 මාදිලිය සඳහා එය ප්රථම වරට යොදාගත් අතර අද වන විට එය Galaxy Book2 Pro මාදිලි හා Galaxy Tab S8 මාදිලි නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබයි. ඒ අනුව ප්රතිචක්රීයකරණය කළ ධීවර මාළු දැල් භාවිතයෙන් Galaxy devices 11 ක් නිෂ්පාදනය කිරීමට සැම්සුන් කටයුතු කර ඇත. ඉවත් කරනු ලැබූ ධීවර මාළු දැල් Galaxy තාක්ෂණය සඳහා බහුව යොදා ගැනීම තුළින් ප්ලාස්ටික් දුෂණයේ පාරිසරික බලපෑම අවම කිරීමට උපකාරී වී ඇත්තේ සෑම වසරකම ඉවත ලන ධීවර දැල් ටොන් 640,000ක් තුළින් සාගරයට සිදුවන බලපෑමද අවම කරමිනි.
සිය නිෂ්පාදන සඳහා ප්රතිචක්රීයකරණය කළ ද්රව්ය භාවිත කිරීමට ඉවතලන ධීවර මාළු දැල් යොදා ගැනීම සැම්සුන්හි තිරසාර පාරිසරික භාවිතයන් ඉහළ නැංවීම සඳහා වන එක් උදාහරණයක් පමණිx
Samsung Galaxy Unpacked නිවියෝර්ක්හි සැම්සුන් මූලාස්ථානයේදී පසුගියදා පැවැත්වුණ අතර එහිදී එළිදක්වනු ලැබූ Galaxy Z මාදිලි පෙළ සහ wearables නිෂ්පාදන දැන් ශ්රී ලංකාවේ පාරිභෝගිකයින්ටද මිලදී ගැනීමේ අවස්ථාව සැම්සුන් උදා කර දී ඇත.
ඔබ කොහේ, කොතැන සිටියත් ඕනෑම විටෙක ඔබට අවශ්ය සේවය ලබා දීමට අප සූදානම්. Samsung Galaxy smartphone එකක් මිලදී ගැනීමට ඔබ තීරණය කර ඇත්නම් එයින් ඔබේ සිතට සැහැල්ලූවක් දැනෙනු ඇත. ගැටළු හඳුනා ගැනීමට හා ප්රශස්තකරණය සඳහා ඇති අන්තර් ක්රියාකාරී Samsung Members app එක මගින් ඔබගේ දුරකතනයේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමට පහසු වන අතරම ඔබට අමතර සහායක් අවශ්ය වූ විට අපගේ උපකාරක සේවාව ඔබගේ ගැටළු නිරාකරණය කිරීමට සහාය ලබා දෙයි.
Samsung අඛණ්ඩව වසර තුනක් ශ්රී ලංකාවේ ‘Most Loved Electronics Brand’ ලෙස Brand Finance Lanka විසින් මෙරට වඩාත් වටිනාම වෙළඳ නාමයන් පිළිබඳව සිදු කළ විශ්ලේෂණයකට අනුව සම්මානයන්ට පාත්ර වී ඇත. මෙරට අංක 1 smartphone වෙළෙඳ නාමය වන Samsung සෑම වයස් කාණ්ඩයකම, විශේෂයෙන් නව යොවුන් හා තාරුණ්යයේ පාරිභෝගික පදනමක් තමන් සතු කර ගැනීමට සමත්ව ඇත.

August, 24, 2022
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම වසරේ හොඳම ඩිජිටල් රක්ෂණ මුලපිරීමට වන සම්මානය, සියලු පද්ධතීන් පූර්ණ ලෙස එකට එක්කල AIA MyPOS පද්ධතිය දියත් කිරීම වෙනුවෙන් නොබෝදා දිනා ගන්නා ලදී. AIA විසින් මෙම සම්මානය දිනා ගැනීමට ඩිජිටල්කරණය ඔස්සේ රක්ෂණ ව්යාපාර ඉක්මනින්, පහසුවෙන් මෙන්ම වඩාත් කාර්යක්ෂමව කිරීම වෙනුවෙන් ගන්නා ලද පුරෝගාමී ප්රයත්නය හේතු විය. මෙම සුවිශේෂී විසදුම මෙරට රක්ෂණ ක්ෂේත්රය තුල, රක්ෂණ නියෝජිතයින් සේවාලාභීන් සමගින් සිය කාර්යභාරය සිදුකරන්නා වූ ආකාරය වඩාත් හොඳ වෙනසකට භාජනය කරන ලද අතර ක්ෂේත්රය තුළ වඩාත් සරල අයුරින් ව්යාපාර කටයුතු කරලීම සඳහා වන නවතම මිනුම් දණ්ඩක් ලෙස මෙය ඉදිරියට ක්රියාත්මක වනු ඇත.
මේ ආකාරයේ ඩිජිටල්කරණ නව නිර්මාණ ඇගයුමට ලක්කිරීම,පෙර නොදුටුවිරූ වෙළෙඳපොල වාතාවරණයක් පවතින මෙවන් කාලවකවානුවක දී සේවාලාභී අත්දැකීම් වැඩිදියුණු කිරීම සඳහා ඉතාමත් වැදගත් වන අතර AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම මෙය මනාව අවබෝධ කරගෙන සිටියි. නව්ය ඩිජිටල්කරණ මුලපිරීම් කඩිනම් කිරීම සඳහා සමාගමෙහි කැපවීම AIA MyPOS පද්ධතියේ ආරම්භයට හේතු වූ අතර මේ සඳහා නවතම මිනිස් කේන්ද්රීය නිර්මාණ මූලධර්ම පාදක වේ. එමෙන්ම මේ සඳහා නවතම නිර්මාණ තාක්ෂණය සහ ආරක්ෂක අවශ්යතා යොදා ගනු ලබයි. AIA ඉන්ෂුවරන්ස් සමාගම පසුගිය වසර ගණනාව පුරාවට එහි නව තාක්ෂණය, ඩිජිටල්කරණ සහ විශ්ලේෂක දැක්මට අනුව අති සාර්ථක අයුරින් ක්රියාත්මක විය. ක්ලවුඩ් ක්රමෝපායයන් ක්රියාවට නැංවීම, ජංගම සහ වෙබ් ක්රමෝපායයන් මෙන්ම පසු කාර්යාලයීය ස්වයංක්රීයකරණයන් සහ AIA ලංකා සමාගම තොරතුරු සුරක්ෂිතතාවය තහවුරු කිරීම වෙනුවෙන් ලබා දෙන්නා වූ අවධානය යන කරුණු හේතුවෙන් ගෙනෙදෙන ශක්තිමත් බව ක්ෂේත්රය තුල සේවාලාභී සත්කාරකත්වයට මිනුම් දණ්ඩක් ලෙස මෙය සැලකිය හැකිවනු ඇත.
සම්මානය ලබා ගැනීමෙන් පසු AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්රධාන තාක්ෂණ නිලධාරී, උමේෂි ද ෆොන්සේකා සිය අදහස් ප්රකාශ කරමින් කියා සිටියේ "ආසියානු පැසිෆික් කලාපය තුල ව්යාපාර පවත්වාගෙන යන ප්රමුඛ රක්ෂකයින් අතර මෙසේ සම්මානයට පාත්ර වීමට හැකිවීම පිළිබඳව අපට ඇත්තේ නිහතමානී ආඩම්බරයක් වගේම සතුටක්. ඒ වගේම මෙම වඩාත් ගෞරවාන්විත ආසියානු රක්ෂණ සම්මාන උළෙලේ දී වසරේ ශ්රී ලංකා ඩිජිටල් රක්ෂණ මුලපිරීම වෙනුවෙන් පිරිනමන ලද සම්මානයට හිමිකම් කීමට හැකියාව ලැබීම මහත් අභිමානයක්. අපගේ තාක්ෂණය මුසුකර සක්රීය කරන ලද විසදුම් අප සමාගමේ වැඩිවර්ධන පිළිබඳ කථාවේ කේන්ද්රය වන අතර එය අප සමාගම වෙත වැඩි වැඩියෙන් සේවාලාභීන් ආකර්ෂණය කරගැනීමට හේතු වී තිබෙනවා".
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්රධාන විධායක නිලධාරිනී චතුරි මුණවීර මහත්මිය කියා සිටියේ "සේවාලාභීන් වෙත අඛණ්ඩව සුවිශේෂී සේවාවක් සපයමින් යන අපගේ ගමන් මග මෙවන් සම්මානයකින් පිදුම් ලැබීම අප සලකන්නේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් ලෙසටයි. අපගේ සේවාලාභී ක්රියාවලීන් ඩිජිටල්කරණය කරමින්, රක්ෂණ විසදුම් සහ සේවාවන් මාර්ගත ක්රමයට සේවාලාභීන්හට ප්රවේශ වීමට සැලසීම අපගේ ඉදිරි ක්රියා පිළිවෙතෙහි කේන්ද්රීය ස්ථානයක් ගනු ඇති. වඩාත් කැපවීමෙන් යුතුව ක්රියාත්මක වන අප සතු අති දක්ෂ කණ්ඩායම විසින් සියලු පද්ධතීන් පූර්ණ ලෙස එකට එක්කල AIA MyPOS පද්ධතිය දියත් කිරීම, අප සමාගම අසමසම ක්රමෝපායික ක්රියාමාර්ග හරියාකාරව භාවිතා කරමින් ගමන්ගන්නා බවට, මෙම සම්මානය තවත් එක් ශක්තිමත් සාධකයක්. දිනෙන් දින වැඩි දියුණු වෙමින් වඩාත් පලදායී ක්රියාවලීන් අධ්යනය කරමින් ඒවා ක්රියාත්මක කරමින් අපගේ ගමන්මග වඩාත් විශ්වාසයෙන් සහ ඉවසීමෙන් යුතුව අපව ශක්තිමත් කරන අපගේ අලෙවි බලකාය මෙන්ම වටිනා සේවාලාභීන් හට ස්තුති කිරීමට මා මෙය අවස්ථාවක් කර ගැනීමට කැමතියි".
ආසියානු රක්ෂණ සම්මාන උළෙල, සමාගම් මගින් සිය කොටස්කරුවන් වෙත ඉහළ අගයන් එක්කිරීම සඳහා විසදුම් එලි දැක්වීමට ගනු ලබන සැබෑ ප්රයත්නයන් ඇගයීමට ලක්කරයි. ඒ වගේම ආසියානු පැසිෆික් කලාපය තුල අභියෝගාත්මක අවස්ථාවන්ට හොදින් මුහුණ දෙමින් නැගී සිටින සමාගම් ද ඇගයුමට ලක්කරයි. සම්මාන සඳහා ආසියානු පැසිෆික් කලාපයේ නන්දෙසින් ලැබෙන නාමයෝජනා ඉතා දැඩි නිර්නායකයන් ඔස්සේ ආසියානු කලාපය පුරා සිටින විද්වත් මඩුල්ලකගේ අධීක්ෂණයයට ලක්වන අතර ඒ ඔස්සේ මෙම සම්මාන සඳහා වඩාත් සුදුසු, විශිෂ්ටතම අපේක්ෂකයින් තෝරාගනු ලබයි.
August, 24, 2022
නාවලපිටිය හා ඒ ආශ්රිත ප්රදේශයන් හි ඇති වූ ගංවතුර තත්වයෙන් විපතට පත් වූවන්ට ආහාර හා අනෙකුත් අත්යාවශ්ය ද්රව්ය පරිත්යාග කිරීමට HNB FINANCE හි නාවලපිටිය ශාඛාව පසුගිය අගෝස්තු 5 වන දින විශේෂ වැඩසටහනක් දියත් කළේය.
මෙහිදී නාවලපිටිය ශාඛා කාර්යමණ්ඩලයේ සියලූ දෙනාගේ ශ්රම දායකත්වය මත පිසූ ආහාර පාර්සල් 500ක්, වියළි ආහාර ද්රව්ය, ඇඳුම් සහ අත්යාවශ්ය සනීපාරක්ෂක ද්රව්ය විපතට පත්වූවන් වෙත කඩිනමින් ලබා දීමට කටයුතු කරනු ලැබීය.
"අඛණ්ඩව දින කිහිපයක් ඇදහැලූනු ධාරානිපාත වර්ෂාවෙන් නාවලපිටිය ප්රදේශයේ වතු සහ නගර ආශ්රිත නිවාසයන් හි ජීවත් වූ ඇතැමෙක්ට දිවි අහිමි වූ අතර විශාල පිරිසකගේ නිවාසවලට දැඩි අලාභ හානී සිදු වුණා. මේ තත්වය හමුවේ කඩිනම්ව ප්රතිචාර දැක්වූ HNB FINANCE නාවලපිටිය ශාඛාවේ අපගේ සමස්ත කාර්ය මණ්ඩලයට මගේ ප්රණාමය පුදකරනවා. ආයතනයක් ලෙස ජීවිත නංවාලීම අපේ අරමුණ වන අතර විශේෂයෙන් මෙබඳු විපතකදී ප්රදේශයේ ජනතාව අත්නොහරිමින් ඔවුන් වෙනුවෙන් සිදු කළ හැකි උපරිම මෙහෙවර ඉටු කිරීමට අපි කවදත් උත්සුක වුණා.” යනුවෙන් HNB FINANCE හි කළමනාකාර අධ්යක්ෂ ප්රධාන විධායක නිලධාරී චමින්ද ප්රභාත් මහතා පැවසීය.
ආරම්භයේ සිටම HNB FINANCE සමාගම ප්රජා වැඩසටහන් සඳහා සිය දායකත්වය ලබා දුන් අතර HNB FINANCE සමාගමේ දර්ශනයට අනුව පාරිභෝගිකයා පදනම් කර ගත් මූල්ය සේවා ලබා දෙමින් පුද්ගලයින් සහ ප්රජාවගේ ජීවිත ගොඩනැංවීමේ දිගු කාලීන අරමුණ වෙත කැපවී සිටි.
August, 23, 2022
පුරෝගාමී සෞඛ්ය සේවා සපයන්නෙකු වන නවලෝක රෝහල් සමූහය මෙරට පවතින ආර්ථික අර්බුදයෙන් රෝගීන්ගේ යහපැවැත්මට ඇති වන බලපෑම අවම කිරීමේ උත්සාහයක් ලෙස OPD රෝගීන් නිවසේ සිට රෝහලට සහ නැවතත් නිවසට ප්රවාහනය කිරීම සඳහා කොළඹ සහ තදාසන්න ප්රදේශ වල නොමිලේ ප්රවාහන සේවාවක් දියත් කරන බව මෑතකදී නිවේදනය කළේය.
මේ වන විට ප්රවාහනයේ දී පවතින අභියෝග නිසා මෙන්ම රට තුළ COVID රෝගීන්ගේ වැඩිවීම හේතුවෙන් බොහෝ රෝගීන්ට තම සෞඛ්ය අවශ්යතා සඳහා යාමට අපහසු තත්වයක් උදා වී ඇත. මෙවැනි අවස්ථාවක මෙම මුලපිරීම ඉතාම කාලෝචිත වෙයි. තවද දිවයින පුරා සිටින ප්රතිකාර සඳහා රෝහල් ගත වීමට අවශ්ය රෝගීන්ට ගිලන්රථ සේවාවක් ද නොමිලේ ලබාදීමට නවලෝක රෝහල් සමූහය කටයුතු කරයි.
”රටේ පවතින ආර්ථික අර්බුදය නිසා රෝගීන්ට සහ සෞඛ්ය සේවකයින්ට දැඩි බලපෑමක් එල්ල වෙලා තියනවා. මෙම තත්වය මත බොහෝ දෙනෙක් වෛද්ය හමුවීම්වලට හෝ රෝහල් ගත වීමට අකමැත්තක් දක්වනවා. නමුත් අන් සියලූදේට වඩා තමන්ගේ සෞඛ්යට මුල් තැනක් දෙන්න අවශ්යයි. මෙම සේවාව රෝගීන්ට අවශ්ය ප්රතිකාර නියමිත වේලාවට මෙන්ම හැකි උපරිමයෙන් ලබා ගැනීම සහතික කිරීම සඳහා ක්රියාත්මක කරන වැඩපිළිවෙලක්.”
”සෑම විටම රෝගීන්ට මුල් තැන දෙන, වගකිව යුතු පුද්ගලික සෞඛ්ය සේවා සපයන්නා ලෙස නවලෝක රෝහල් සමූහය මෙම අභියෝගාත්මක තත්වයට ශක්තිමත්ව මුහුණ දෙමින් රෝගීන්ගේ යහපැවැත්ම සහතික කිරීම සඳහා කි්රයාමාර්ග රැසක් ගෙන තියෙනවා. මාර්ගගත වෛද්ය උපදේශනවල සිට වෛද්ය වාර්තා බෙදා හැරීම දක්වා අපි අපගේ වගකීම අකුරටම ඉටු කරනවා. මේ දුෂ්කර කාලපරිච්ඡ්දයේ දී අපගේ ජනතාවගේ සෞඛ්ය තත්වය ගැන සලකා බලා හැකි උපරිමයෙන් ඔවුන්ට සහනයක් වෙමින් ඔවුන් සමඟම රැදී සිටීමට අපි කටයුතු කරනවා.” යනුවෙන් නවලෝක රෝහල් සමූහයේ අලෙවි ප්රධානී රසික තිලකරත්න මහතා ප්රකාශ කළේය.
පුද්ගලික සෞඛ්ය සේවා අංශයේ පුරෝගාමියෙකු ලෙස නවලෝක රෝහල් සමූහය දශක තුනකට අධික කාලයක් තිස්සේ රෝගීන්ට උසස් තත්වයේ සහ දැරිය හැකි මිලකට සෞඛ්ය සේවාවක් ලබා දීමේ ප්රමුඛයා වේ. රට තුළ ඇති වූ මෙම දුෂ්කර වාතාවරණය ආරම්භයේ සිටම රෝහල් සමූහය රෝගීන්ට සෞඛ්ය සේවා ලබා ගැනීමේ ක්රියාවලිය පහසු කිරීම සඳහා විවිධ වැඩසටහන් දියත් කළේය.
රෝගීන් දැනටමත් වීඩියෝ ඇමතුමකින් හෝ දුරකථන ඇමතුමකින් විවිධ රෝග සඳහා විශේෂඥ වෛද්යවරුන්ගෙන් උපදෙස් ලබා ගැනීමේ පහසුකම භුක්ති විදිමින් සිටියි. ඔවුන්ට ඔවුන්ගේ ඩිජිටල් හෝ භෞතික හමුවීම් යන දෙකම අන්තර්ජාලය හරහා තෝරා ගැනීමට, වෙන්කරවා ගැනීමට සහ මුදල් ගෙවීමට හැකියාව ඇත. MRI" CT" Ultrasound, රුධිර පරීක්ෂණ වාර්තා සහ රෝග විනිශ්චය වාර්තා මෙන්ම බෙහෙත් වට්ටෝරු ද ඔවුන්ගේ නිවෙස් වෙතටම ගෙන්වා ගත හැකිය. එමෙන්ම පාරිභෝගිකයින්ට ඔවුන්ගේ බෙහෙත් වට්ටෝරු ලබා ගැනීමේ දී QR කේතයක් භාවිතා කළ හැකි පරිදි ඩිජිටල් වේදිකාවක් හදුන්වා දී තිබේ. ඒ හරහා රෝහල් ඖෂධ හලේ දැනට පවතින බෙහෙත්, බෙහෙත් මිල ගණන් සහ ඊට පවතින ආදේශක බෙහෙත් ආදිය පරීක්ෂා කර ගත හැකි වීම විශේෂත්වයකි.
රෝහල් ගත කිරීමකදී රෝගීන්ට දිගු වේලාවක් දොරටුව ලඟ ගත කිරීමට සිදු නොවන අතර ඔවුන්ට WhatsApp හරහා අවශ්ය ලියකියවිලි සම්පූර්ණ කර අවම කාලයකින් රෝහලට ඇතුළත් විය හැකිය. තවද රෝගියා රෝහල් ගත කිරීමෙන් පසු තම ආදරණීයන්ට රෝගියා රෝහලෙන් පිට වෙන තුරු හෝ ප්රවාහන පහසුකම පැමිණෙන තුරු රෝහලේ ඇති ෆැමිලි රූම් හි රැුදීසිටිය හැකි වීම සුවිශේෂී වරප්රසාදයකි.
August, 23, 2022
රටට වටිනා විදේශ විනිමයක් ඉතිරි කරන ශ්රී ලංකාවේ ප්රමුඛතම දේශීය කිරි නිෂ්පාදන සන්නාමයක් වන පැල්වත්ත සමාගම සිය පාරිභෝගිකයින්ට හොඳම දේ ලබාදීම වෙනුවෙන් සියල්ලන්ගේම හදවත් දිනාගෙන ඇත. දේශීයව නිෂ්පාදනය කරන ප්රෝටීන් ගුණයෙන් පරිපූර්ණ තවත් කිරිපිටි වර්ගයක්, දැනට නිපදවනු ලබන කිරි නිෂ්පාදන පෙළට අමතරව සිය පාරිභෝගිකයින් වෙත පැල්වත්ත සමාගම විසින් ඉදිරිපත් කරනු ලබයි.
සම්පූර්ණ යොදය සහිත කිරිපිටි සමග සංසන්දනය කරන විට පැල්වත්ත මේදය රහිත කිරිපිටි, අඩු කැලරි සංඛ්යාවක් සහ අඩු ‘මේද අන්තර්ගතයක්’ සහිතව බොහෝ සෞඛ්ය ප්රතිලාභයන් තම පාරිභෝගිකයින්ට අත්කර දෙයි. මෙම කිරිපිටි දෙවර්ගයේ කැලරිවල වෙනස එතරම් විශාල සංඛ්යාවකින් නොපෙන්වුවද එතුල වාසිදායක බලපෑම් රැසක් අන්තර්ගත වේ. “සාමාන්ය කිරිපිටිවලට වඩා අඩු මේදයක්, මේදය රහිත කිරිපිටිවල සහිත වන බැවින් එය සමස්ත ශරීර බර අඩු කර ගැනීම සඳහා උපකාරී වේ. ඔබ ගන්නා ආහාරවල ඇති සංතෘප්ත මේදය මගින් රුධිරයේ ඇති අහිතකර මේදය වැඩි කරන අතර, මෙම මේදය රහිත කිරිපිටි වර්ගය මගින් සෞඛ්යයට තදින්ම බලපානු ලබන සංතෘප්ත මේද පරිභෝජනය සීමා කිරීමට උපකාරී වේ. එහි මේදය ග්රෑම් 0.2 ක් සහ සංතෘප්ත මේදය ග්රෑම් 0.1 ක් පමණක් අඩංගු වේ.
පැල්වත්ත සමාගමේ පර්යේෂණ හා සංවර්ධන කළමණාකාර සුනෙත් ගුණතිලක මහතා මෙසේ සිය අදහස් දක්වයි. "වෙළඳපොලේ ඇති බොහෝ ආනයනික කිරි නිෂ්පාදනවලට සාපේක්ෂව අපේ කිරි නිෂ්පාදන සම්පූර්ණයෙන්ම දේශීයව, බොහොම නැවුම්ව නිෂ්පාදනය කර තිබෙනවා. මෙය අපි අපේ පාරිභෝගිකයන්ට පිරිනමන සුවිශේෂී වටිනාකමක්. අපේ මේදය රහිත කිරිපිටිවල, ආනයනික කිරිපිටිවලට සමානවම ‘පෝෂක ඝනත්වයන්’ තිබෙනවා. ඒ නිසා මෙම පැල්වත්ත මේදය රහිත කිරිපිටි සමඟ ගුණාත්මකභාවයේ තවත් පියවරක් ඉදිරියට තබන්නට අපට හැකිවුණා. අවසාන වශයෙන්, සෞඛ්ය පිළිබඳව සැලකිලිමත් වන අපේ පාරිභෝගිකයින් සඳහා මෙය ඉතාම සුදුසු කිරි නිෂ්පාදනයක් වශයෙන් අපිට හඳුන්වා දෙන්න පුළුවන්."
සැබෑම කිරි රසයෙන් යුක්ත පැල්වත්ත මේදය රහිත කිරිපිටිවල සිරුරේ බර පවත්වා ගැනීමට උපකාරී වන අවම සංතෘප්ත මේද ප්රමාණයක් අඩංගු වේ. මේ තුල අස්ථි පෝෂණය පවත්වා ගැනීම සඳහා අවශ්ය වන ප්රෝටීන්, කැල්සියම්, විටමින් D සහ විටමින් A වැනි පෝෂ්ය පදාර්ථ ද සහිතය. එමෙන්ම අඩු කැලරි ප්රමාණයක් සමගින් වැඩි විටමින් ප්රමාණයක් ද අඩංගු වේ. පැල්වත්ත මේදය රහිත කිරිපිටි මගින් රුධිරයේ සීනි, කොලෙස්ටරෝල් මට්ටම්, හෘද වාහිනී ගැටළු ද අවම කරයි. මෙමගින් සිහින් මාංශ පේශින් පවත්වා ගැනීමට සහ අස්ථිවල ඝනත්වය වැඩි කරගැනීමටද උපකාරී වේ.
සෑම ග්රෑම් 100කටම මේදය ග්රෑම් 27ක් අඩංගු සම්පූර්ණ යොදය සහිත කිරිපිටි හා සසඳන විට පැල්වත්ත මේදය රහිත කිරිපිටිවල මේදය ඉතා අවමය (ග්රෑම් 1.5ක් පමණි). මෙම කිරිපිටි පෝෂ්ය පදාර්ථ රැසකින් අනූන වේ. කිරි ප්රෝටීන ප්රධාන වශයෙන් කැසීන් වලින් සමන්විත වන අතර පැල්වත්ත මේදය රහිත කිරිපිටිවල එය ග්රෑම් 34 ක් පමණි. මෙම ප්රෝටීනය, ඇමයිනෝ අම්ල සමඟ ශක්තිමත් ප්රතිශක්තිකරණ පද්ධතියක් සිරුර තුළ පවත්වා ගැනීමට උපකාරී වේ. ලැක්ටෝස් 39g, ඛනිජ ලවණ 4.7g, විටමින් A 587.3µg , සහ විටමින් D3 400µg, ෆෝලික් අම්ලය 46µg, පොස්පරස් 0.9g , සහ සින්ක් 32.5 mg/kg වැනි තවත් පෝෂ්ය පදාර්ථ රැසකින්ද පැල්වත්ත මේදය රහිත කිරිපිටි සමන්විත වේ. පැල්වත්ත මේදය රහිත කිරිපිටිවල විටමින් B එකතුවෙහි riboflavin, විටමින් B12 සහ thiamin, niacin සහ folate අඩංගු වේ. එහි සෑම ග්රෑම් 100 කටම 394 kcal ශක්ති ප්රමාණයක් සහිතය. එය පැල්වත්ත මේදය රහිත කිරිපිටිවල අඩු කැලරි සන්චිතයක් අන්තර්ගතවන බවට සාක්ෂි දරයි.
August, 23, 2022
පීපල්ස් ලීසිං සමාගමේ රන් ණය ඒකක හයක් විවෘතකිරීමට එම සමාගම කටයුතු කරනු ලැබිය. පීපල්ස් ලීසිං සමාගමේ දිවුලපිටිය, මඩකලපුව, ඇල්පිටිය, උඩුගම, රත්නපුරය හා අම්බලන්තොට යන ශාඛා පරිශ්රයන් හි පිහිටවූ එම රන් ණය ඒකක ඔස්සේ ගණුදෙනුකරුවන්ගේ හදිසි මුදල් අවශ්යතා ‘පීපල්ස් ලීසිං රන් ණය සේවාව’ තුළින් පහසුවෙන් ඉටු කරගැනීමට දැන් පහසුකම් සැලසෙනු ඇත.
ඔබේ මූල්ය අවශ්යතා සඳහා ඉක්මන් සහ සුවපහසු විසඳුමක් ලෙස පුළුල් සහ විවිධ වූ මුල්ය සේවා රැසක් සපයන පීපල්ස් ලීිසිං සමාගම වර්ෂ 2017 ජුලි 27 වන දින රන් ණය පහසුකම් සඳහා මුල පිරිමක් ලෙස ප්රථම රන් ණය ඒකකය පීපල්ස් ලීසිං පිටකොටුව ශාඛාව තුළ විවෘත කෙරුණි. එතැන් සිට අද දක්වා දිවයින පුරා රන් ණය ශාඛා 55ක් පිහිටුවූ වැඩි වටිනාකමකින් යුත් ඉහළ අත්තිකාරම් මුදලක් ගණුදෙනුකරුවන්ගේ අතට එසැණින් ලබා දෙනු ලබයි.
පීපල්ස් ලීසිං සමාගම යනු ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ බැංකු නොවන මුදල් ආයතනයක් වන අතර ප්රමුඛ රාජ්ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුදල් ආයතනයකි. විශේෂිත ලීසිං සමාගමක් ලෙස වර්ෂ 1996දී මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත විය. පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශයේ විදේශීය ව්යාපාරයක් ඇතුළු අනුබද්ධිත ක්ෂේත්ර හයක් හරහා විවිධාංගීකරණය වු බැංකු නොවන මූල්ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇතග
ජායාරූපය : පීපල්ස් ලීසිං ශාඛාවක රන් ණය ඒකක විවෘත කළ අවස්ථාව.
Video Story