August, 16, 2022
සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) ආයතනය, 2022 අන්තර් පාසල් රග්බි තරගාවලිය වෙනුවෙන් වෙස්ලි විද්යාලයීය රග්බි පිළට සම-අනුග්රාහකත්වය ලබාදීම සඳහා ඉදිරිපත් වී සිටී. එම අනුග්රාහකත්වය නිල වශයෙන් ප්රකාශයට පත්කිරීමේ අවස්ථාව පසුගියදා වෙස්ලි විද්යාල පරිශ්රයේදී පැවැත්විණි.
ක්රීඩාවේ දියුණුව සම්බන්ධයෙන් දේශීය හා ජාත්යන්තර මට්ටමින් විශාල උනන්දුවක් දක්වන CDB ආයතනය, පසුගිය දශකය පුරාම වෙස්ලි විද්යාලයේ ක්රීඩා කටයුතු වල උන්නතිය උදෙසා එම විද්යාලය සමග එක්ව කටයුතු කර තිබේ.
ඡායාරූපය: CDB ආයතනයේ අනුග්රාහකත්වය නිල වශයෙන් ප්රකාශයට පත්කළ අවස්ථාව (වමේ සිට) රග්බි උපදේශන කමිටුවේ සභාපති ඉම්තිශාම් මොහිදීන්, ප්රථම රග්බි කණ්ඩායම් නායක එඩී බ්යූල්, වෙස්ලි විද්යාලයේ විදුහල්පති අවංක ප්රනාන්දු සහ CDB ආයතනයේ නියෝජ්ය සාමාන්යාධිකාරී (මෙහෙයුම්) අශාඩ් වීරබංස යන මහත්වරුන්
August, 16, 2022
අභියෝගවලට මුහුණ දීමට ව්යාපාර ආකෘතියට ඇති හැකියාව තවදුරටත් තහවුරු කරයි
2022 අගෝස්තු 16, කොළඹ: ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකයා වන SLT සමූහය, 2022 වසරේ ප්රථම අර්ධයේ තිරසාර වර්ධනයක් වාර්තා කිරීමට සමත් වී තිබේ. පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව සමූහයේ ආදායම 6% කින් වර්ධනය වී රු. බිලියන 52.9 ක් ලෙස සටහන් වන අතර, බදු-පෙර ලාභය 19.8% කින් වර්ධනය වී රු. බිලියන 7.2 ක් ලෙස වාර්තා වේ. රට තුළ පවතින අභියෝගකාරී සමාජ ආර්ථික පරිසරය තුළ පවා සාර්ථක ලෙස අභියෝග වලට මුහුණ දීමට SLT සමූහයේ ව්යාපාර ආකෘතියට හැකියාව ඇති බවට මෙය මනා සාක්ෂියකි.
මෙහෙයුම් කාර්යක්ෂමතාවෙහි ප්රතිඵලයක් වශයෙන් SLT සමූහයේ සමූහයේ පොලී ගෙවීම්, බදු ගෙවීම්, ක්ෂයවීම්, ක්රමක්ෂය ආදියට පෙර ලාභය (EBITDA) 2022 ප්රථම අර්ධය තුළ රු. බිලියන 20.9 දක්වා වර්ධනය වී තිබේ. මෙය පෙර වසරේ තත් කාලසීමාවට සාපේක්ෂව 7.8%ක වර්ධනයකි. සමාලෝචිත කාලසීමාව තුළ EBITDA ආන්තිකය 39.7% ක් ලෙස වාර්තා වේ.
පෙර කාර්තුවේ වාර්තා කළ සාර්ථකත්වය තවදුරටත් පවත්වා ගනිමින්, 2022 වසරේ දෙවැනි කාර්තුව තුළ පෙර කාර්තුවට සාපේක්ෂව මෙහෙයුම් ලාභය 4%කින් වර්ධනය කරගැනීමට සමූහය සමත් විය. සමූහයේ දූරදර්ශී විදේශ විනිමය ක්රමෝපාය නිසා, කාර්තුව තුළ රු. මිලියන 135ක විදේශ විනිමය ලාභයක් වාර්තා කරගැනීමට හැකියාව ලැබිණි. එනමුත්, ප්රධාන වශයෙන් ආදායම් බදු වියදම් ඉහළ යාම හේතුවෙන්, දෙවැනි කාර්තුව තුළ බදු පසු ලාභය 26.5%කින් පෙර කාර්තුවට සාපේක්ෂව පහළ ගොස් ඇත.
වර්ෂය ආරම්භයේදී ක්රියාවට නැංවූ ක්රමෝපායික සැලැස්ම අඛණ්ඩව ක්රියාත්මක කරමින්, දෙවැනි කාර්තුවේදී ද තම ක්රියාකාරීත්වය ශක්තිමත් කරගැනීමට SLT සමූහය සමත් විය. කෙසේ නමුත්, අප්රේල් සිට ජූනි දක්වා කාලසීමාවේදී පෙර නොවූ විරූ මට්ටමේ ආර්ථික අර්බුදකාරී තත්ත්වය, ආනයන සීමා සහ උද්ධමනකාරී පීඩනය වැනි, ව්යාපාර කටයුතු වල වර්ධනය අඩපණ කරන අභියෝග රාශියකට මුහුණ දීමට සමූහයට සිදු විය. මෙයට අමතරව, ආයෝජන වලට බලපෑම් එල්ල වීම, මෙහෙයුම් වියදම් ඉහළ යාම නිසා නව ව්යපෘතිවලට බාධා සිදු වීම සහ ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙහෙයුම් කටයුතු සම්බන්ධ අභියෝගවලට මුහුණ දීමට සිදු වීම ආදී ගැටලු ද පැනනැගිණි. කෙසේ වුවද අනපේක්ෂිත තත්ත්වයන්ට සාර්ථක ලෙස මුහුණ දෙමින්, ක්රමෝපායික ආයෝජන සම්බන්ධයෙන් පැහැදිලි ප්රගතියක් අත්කර ගනිමින්, නිසි කළමනාකරණ පාලන විධික්රම ක්රියාවට නංවමින්, එල්ල වූ අභියෝග ජයගැනීමටත්, ආංශික ආදායම් මාර්ග මනාව කළමනාකරණය කරගැනීමටත් සමූහය සමත් විය.
සමූහයේ මෙහෙයුම් මුදල් ප්රවාහය පෙර වසරට සාපේක්ෂව 21.2% කින් වර්ධනය වී, රු. බිලියන 23.5 ක් ලෙස වාර්තා වී තිබේ. සමාලෝචිත කාලසීමාව අවසානයේදී රු. බිලියන 27 ක, මුදල් සහ මුදල් වලට සමාන වටිනාකම් වාර්තා කරගැනීමට සමාගමට හැකියාව ලැබිණි. ලාභාංශ ද ඇතුළුව සෘජු සහ වක්ර බදු වශයෙන් SLT සමූහය 2022 ප්රථම අර්ධ වර්ෂය තුළදී රු. බිලියන 14 ක මුදලක් ශ්රී ලංකා රජයට ගෙවා තිබේ.
SLT සභාපති රොහාන් ප්රනාන්දු මහතා: “සමාලෝචිත කාලසීමාව, දුෂ්කර මෙහෙයුම් වාතාවරණය හේතුවෙන් මෑත ඉතිහාසයේ SLT-MOBITEL මුහුණ දුන් වඩාත්ම අභියෝගාත්මක කාලසීමාවන්ගෙන් එකක්. කෙසේ නමුත්, වර්ධනය අඛණ්ඩව පවත්වා ගැනීමටත්, සාමූහික උත්සාහයන් දිරිමත් කිරීමටත් අපගේ ව්යාපාර ආකෘතියට ඇති හැකියාව නිසා, යහපත් ප්රතිඵල ළඟා කරගැනීමට අපට හැකි වුණා.
2021 වසරේදී සෑම අතින්ම අප අත්දකිමින් සිටි දැවැන්ත පරිවර්තනය අඛණ්ඩව ඉදිරියට ගෙනයාමට අප අධිෂ්ඨාන කරගෙන සිටිනවා. අපගේ වර්ධනයට ප්රධානතම හේතු ලෙස අප විශ්වාස කරන, උසස් තාක්ෂණයෙන් යුත් සේවා එකතුව සහ ඩිජිටල් අවකාශය තුළ අප දරන උත්සාහයන්, අනාගත වර්ධනය සඳහාද පිටුබලය සපයමින්, ඉදිරි කාර්තු වලදී අපගේ ආදායම ඉහළ නංවනු ඇති බවට සැකයක් නැහැ.” යැයි ප්රකාශ කළේය.
SLT සමූහ ප්රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න මහතා: “මෙම කාර්තුවේ ප්රතිඵලවලින් පිළිබිඹු වන්නේ අපගේ ව්යාපාර කටයුතු සහ වෙළඳපළ හැඩගස්වා ගැනීමට සහ තිරසාරව පවත්වාගෙන යාමට නිර්භීත පියවර ගනිමින් අපගේ උපායමාර්ගික සැලසුම් ශක්තිමත්ව ක්රියාත්මක කිරීමට අප සමත් වූ ආකාරයයි. ව්යාපාරික පරිසරයට බලපෑම් කරන විවිධ සාර්ව ආර්ථික සාධක තිබියදී පවා අප යහපත් දෘෂ්ටියකින් අනාගතය දෙස විශ්වාසයෙන් බලා සිටිනවා. රටේ ඩිජිටල් පරිවර්තනය වෙනුවෙන් අපගේ ප්රයත්න මෙහෙයවමින්, 2022 වසරේ ඉදිරි අර්ධ වර්ෂය තුළදී ආයෝජන තවදුරටත් පුළුල් කරමින්, අපගේ දේශීය හා ජාත්යන්තර ආවරණ පරාසය මෙන්ම ජාල සහ පද්ධති තවදුරටත් වැඩිදියුණු කරගැනීම අපගේ අරමුණයි.” යනුවෙන් පැවසුවේය.
සමූහයේ පාලිත සමාගම වන ශ්රී ලංකා ටෙලිකොම් සමාගම (SLT), පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 2022 ප්රථම අර්ධයේදී 12.4%ක සුවිශේෂී ආදායම් වර්ධනයක් වාර්තා කරගැනීමට සමත් වී ඇත. සමාගමේ EBITDA ආදායම පෙර වසරට සාපේක්ෂව 10.2% කින් වර්ධනය වී, රු. බිලියන 11.8 ක් ලෙස වාර්තා වී තිබේ.
SLT ප්රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ මහතා: “දෙවැනි කාර්තුවේදී අප වාර්තා කරගෙන ඇති ප්රතිඵල මගින් පෙනී යන්නේ, අභියෝගකාරී මෙහෙයුම් තත්ත්වයන්ගේ බලපෑම අවම කිරීමට අපට ඇති හැකියාවයි. කාර්යක්ෂමතාව වැඩිකර ගැනීමට අප අඛණ්ඩව ගත් පියවර නිසා අපට අපගේ ආන්තිකයන් වැඩිදියුණු කරගැනීමටත්, සමස්තයක් ලෙස ස්ථාවර ක්රියාකාරීත්වයක් වාර්තා කරගැනීමටත් හැකියාව ලැබුණා. වෙළඳපොළේ දුෂ්කරතා සමනය වීම ආරම්භ වූ විට, විශ්වාසයෙන් යුතුව වසරේ ඉදිරි කාලය වෙත පිවිසෙමින්, උද්ධමන පීඩනය හමුවේ වුවද වර්ධනයක් ළඟා කරගැනීමට උත්සාහ කරමින්, වඩාත් ඉහළ ආදායම් වාර්තා කරගැනීමට අපට ඇති හැකියාවන් කෙරෙහි ක්රමෝපායික අවධානය යොමුකිරීමට අප බලාපොරොත්තු වනවා.”
සමූහයේ ජංගම දුරකථන සේවා අංශය වන මොබිටෙල්, පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව නොවෙනස් ආදායමක්, එනම් රු. බිලියන 23 ක් වාර්තා කරගැනීමට සමත් වී ඇත. EBITDA ආදායම මඳ වශයෙන්, එනම් 1% කින් වර්ධනය වී රු. බිලියන 9.5 ක් ලෙස සටහන් වුණු අතර, පොලිය සහ බදු වලට පෙර ආදායම 3% කින් පහළ ගොස්, රු. බිලියන 4.9 ක් ලෙස වාර්තා වේ.
අභියෝගකාරී සර්ව ආර්ථික තත්ත්ව හමුවේ වුවද Mobitel හි දෙවන කාර්තුවේ ප්රතිඵල සතුටුදායක මට්ටමක පවතී. සමාගම මෙම කාර්තුව තුළ රු. බිලියන 0.7 ක ලාභයක් අත්කරගෙන තිබීම මගින් පෙනී යන්නේ, තම කාර්ය සාධනය නොවෙනස් ව පවත්වා ගැනීමට සමාගමට හැකි වී ඇති බවයි. ඉදිරියේදී ජාත්යන්තර ව්යාපාර ආදායම වර්ධනය කරගැනීමත්, විදුලි බලය හා බලශක්තිය ඇතුළුව සියලුම අංශ සම්බන්ධ ඵලදායීතාව හා කාර්යක්ෂමතාව වැඩි කරගැනීමත් MOBITEL හි ඉලක්කය වී ඇත.
Mobitel ප්රධාන විධායක නිලධාරී චන්දික විතාරණ මහතා: “වර්ධනය වන සහ නිරන්තරයෙන් වෙනස් වන පාරිභෝගික අවශ්යතා සහ වෙළඳපළ ගතිකත්වයන් ආමන්ත්රණය කරන අතරම, මෙම සමාලෝචනයට අදාළ කාලසීමාව තුළ සවිමත් ක්රියාකාරීත්වයක් පෙන්නුම් කිරීමට අප සමත් වී තිබෙනවා. අපගේ අවධානය ප්රධාන වශයෙන් යොමු වී තිබෙන්නේ, නව නිෂ්පාදන හා සැලසුම් සමඟින් විශිෂ්ට පාරිභෝගික අත්දැකීමක් සහතික කරන අතරම, අනාගතයේදී වඩාත් සුහුරු ඩිජිටල්කරණයක් සහතික කරන ක්රමෝපායික ප්රමුඛතා සාක්ෂාත් කරගැනීම සම්බන්ධයෙනුයි.”
ඡායාරූප:
SLT සභාපති රොහාන් ප්රනාන්දු මහතා
SLT සමූහ ප්රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න මහතා
SLT ප්රධාන විධායක නිලධාරී ජානක ආර්. අබේසිංහ මහතා
Mobitel ප්රධාන විධායක නිලධාරී චන්දික විතාරණ මහතා
August, 15, 2022
ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්යාලයට අනුබද්ධ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනය (PIM) සමග සම්බන්ධ වෙමින් කොමර්ෂල් බැංකුව විසින් ව්යවසායිකාවන්ගේ සුළු හා මධ්යම පරිමාණ ව්යවසායකත්ව කුසලතාවය සංවර්ධනය කිරීම සඳහා නව සහතික පත්ර පාඨමාලාවක් හඳුන්වා දී තිබේ.
මෙම සහතික පත්ර පාඨමාලාව සඳහා මාස තුනක කාලයක් තුළ පැය 7 ක දේශන වට 3 ක් පවත්වන බව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි. එසේම, මෙම පාඨමාලාව අවසානයේදී ප්රායෝගික ඉදිරිපත් කිරීමක් පැවැත්වෙන බවත් බැංකුව පවසයි. මෙහිදී, ‘ව්යවසායිකාවන් සඳහා ව්යාපාර සංවර්ධනය’, ‘මූල්ය කටයුතු පිළිබඳව සාකච්ඡා තුළින් එකඟතාවයන්ට පැමිණීමේ මූලධර්ම’ සහ ‘නවෝත්පාදනය සහ සන්නාමකරණය’ යන මාතෘකා යටතේ දේශන පැවැත්වෙනු ඇත. මෙම දේශන වලින් පසුව ඒවාට සහභාගී වූවන් නව භාණ්ඩයක් හෝ සේවාවක් හඳුන්වාදීම පිළිබඳව ප්රායෝගික සැලසුමක්, එයට වැයවන පිරිවැය ඇස්තමේන්තුවක් සහ අලෙවිකරණ සැලසුමක් සමග ඉදිරිපත් කළ යුතුවේ. මෙම මාතෘකා තුනට අදාළ දේශන වලට සහ මෙම ඉදිරිපත් කිරීම සම්පූර්ණ කරන කාන්තාවන්ට මෙම සහතිකය පිරිනමන බව බැංකුව සඳහන් කරයි.
මෙම පාඨමාලාව මගින් ආවරණය කරන මාතෘකා අතරට අසීරු කාල වලදී ව්යාපාරයක් දියුණු කරගන්නේ කෙසේද? නව අවස්ථාවන් සොයාගන්නේ කෙසේද? ආදායම් වැඩිවන ලෙස ව්යාපාරයක් දියුණු කරගන්නේ කෙසේද? ව්යාපාරයක මූල්ය කටයුතු සැලසුම් කරගන්නේ කෙසේද? ව්යාපාරයක මූලික ගිණුම් වාර්තා සහ වාර්තා පවත්වාගන්නේ කෙසේද? ව්යාපාරයක් සඳහා අයවැය සකස් කරන්නේ කෙසේද? පිරිවැය කළමනාකරණය කරන්නේ කෙසේද? සැපයුම්කරුවන් සමග එකඟතාවයන්ට පැමිණීම සහ සබඳතාවයන් ගොඩ නංවා ගන්නේ කෙසේද? නව නිෂ්පාදනයක් සහ සේවාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කරන්නේ කෙසේද? ව්යාපාරික කාන්තා භූමිකාවේ සිට ව්යවසායිකා භූමිකාවට ගමන් කරන්නේ කෙසේද? විවිධ මාධ්යයයන් ඔස්සේ ව්යාපාරයක් ප්රවර්ධනය කරන්නේ කෙසේද? යන මාතෘකා ඇතුළත් වේ.
මෙම ඒකාබද්ධතාවය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ නියෝජ්ය සාමාන්යාධිකාරී - අලෙවිකරණ, හස්රත් මුණසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය. ‘මූල්ය නොවන බැංකු සේවා යටතේ සුළු හා මධ්යම පරිමාණ ව්යාපාරික අංශයෙහි කුසලතා වර්ධනයට බැංකුව විශේෂ අවධානයක් දක්වනවා. අපි විසින් කාන්තා බැංකුකරණය පිළිබඳව මෑතක කළ වැඩසටහන් වලින් ව්යවසායිකාවන්ට සහයෝගය දැක්වීමට ප්රමුඛත්වය දී තිබෙනවා. සුළු හා මධ්යම පරිමාණ ක්ෂේත්රයට ණය සැපයීමේ ප්රමුඛයා ලෙස කොමර්ෂල් බැංකුව කාන්තා ව්යවසායකත්ව සහ කුසලතා සංවර්ධන කෙරෙහි දක්වන කැපවීමට මෙම නව වැඩසටහන උදාහරණයක්. මෙවැනි වැඩසටහන් මගින් බැංකුව ඉලක්ක කරන්නේ ව්යවසායිකාවන්ට තිබෙන අවස්ථාවන් සහ බැඳීම වැඩි කරමින් අභියෝගයකට මුහුණදීමේ දැනුම සහ කුසලතාවය වර්ධනය කිරීමටයි.’
මෙම වැඩසටහනට අදාළ අවබෝධතා ගිවිසුම පසුගියදා පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනය (PIM) සහ කොමර්ෂල් බැංකුව අතර අත්සන් තැබුණු අතර මෙයට අදාළ නියමු පාඨමාලාව කොළඹ සහ කොළඹ මෙට්රෝ කළාපයේ ව්යවසායිකාවන් 30-40 අතර සංඛ්යාවක් සම්බන්ධ කරගනිමින් බැංකුවේ කොළඹ 02 පිහිටි පුහුණු මධ්යස්ථානයේදී පැවැත්වෙන බව බැංකුව සඳහන් කරයි.
මෙම නියමු වැඩසටහන මගින් ලැබෙන අදහස් සහ යෝජනාවන්ට අනුව මෙම පාඨමාලාව තවදුරටත් වැඩිදියුණු කරන බව බැංකුව සඳහන් කරයි. එසේම, ඉදිරියේදී ශ්රී ලංකාව පුරාම විසිරී සිටින සිංහල, දෙමළ, ඉංග්රීසි භාෂාවන් භාවිතා කරන ව්යවසායිකාවන්ට එම මාධ්යයෙන් මෙම පාඨමාලව ලබාදෙන බව බැංකුව වැඩිදුරටත් පවසයි. මෙම වැඩසටහනේ දෙවැනි වැඩසටහන මේ වනවිටත් බැංකුවේ උතුරු නැගෙනහිර ගනුදෙනුකාරිනියන් සම්බන්ධ කරගනමින් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
ශ්රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ්රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක්රීය යන්ත්ර 940 ක් ක්රියාත්මක කරයි. ශී්ර ලංකාවේ සුළු සහ මධ්යම පරිමාණයේ ව්යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්රයේ ඩිජිටල් නව්යකරණය සඳහා ප්රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්ර මූල්යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.
සේයාරු සටහන - කොමර්ෂල් බැංකුවේ නියෝජ්ය සාමාන්යාධිකාරී - අලෙවිකරණ, හස්රත් මුණසිංහ මහතා (වමේ සිට තුන්වැන්නා) වැඩසටහනට අදාළ ගිවිසුම පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයේ අධ්යක්ෂ ආචාර්ය සේනක කැළුම් ගමගේ මහතා සමග හුවමාරු කරගත් ආකාරය. මෙම අවස්ථාවට (වමේ සිට) පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයේ හිටපු සාමාජික සහ සම්පත් දායක චන්දිමා රණසිංහ මෙනෙවිය, ජ්යෙෂ්ඨ කථිකාචාර්ය තරිඳු අමරසේකර මහතා සහ උපදේශක ආචාර්ය ට්රැවිස් පෙරේරා මහතා මෙන්ම කොමර්ෂල් බැංකුවේ කාන්තා බැංකුකරණ අංශයේ ජ්යෙෂ්ඨ කළමනාකාරිනී කමලිනී එල්ලාවල මහත්මිය සහ සංවර්ධන ණය දෙපාර්තමේන්තුවේ ජ්යෙෂ්ඨ කළමනාකරු මාලික ද සිල්වා මහතා සහභාගී විය.
August, 13, 2022
ශ්රී ලංකා ආර්ථිකයේ ප්රධාන පාර්ශ්වකරුවන් සමඟ සිය සබඳතාව පුළුල් කිරීමේ අරමුණින් මහ බැංකුවේ මෙතෙක් ක්රියාත්මක වූ මුදල් ප්රතිපත්ති උපදේශන කමිටුව සහ මූල්ය පද්ධති ස්ථායීතා උපදේශන කමිටුව ප්රතිස්ථාපනය කරමින් පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්ව කමිටුව ස්ථාපිත කරන ලදී. පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්ව කමිටුවේ සභාපතිත්වය කොළඹ විශ්වවිද්යාලයේ, ආර්ථික විද්යා අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා විසින් දරනු ලබන අතර පෞද්ගලික අංශයේ සහ අධ්යාපනික ක්ෂේත්රයේ පහත සඳහන් ප්රවීණයන් 17 දෙනා එහි සාමාජිකත්වය දරයි.
විශේෂයෙන්ම, ආර්ථිකයේ මුදල් සහ මූල්ය අංශවල සමස්ත ආර්ථික වර්ධනයන් සැලකිල්ලට ගනිමින්, ආර්ථික තත්ත්වයන් සහ ආර්ථිකයේ ඉදිරි දැක්ම පිළිබඳව පෞද්ගලික අංශයේ සහ අධ්යාපන ක්ෂේත්රෙය් අදහස් හා අපේක්ෂා ඉදිරිපත් කිරීම මෙම ඉහළ මට්ටමේ උපදේශන කමිටුවේ මූලික කාර්යභාරය වේ. එසේම, ශ්රී ලංකා මහ බැංකුව ක්රියාත්මක කරනු ලැබූ ප්රතිපත්ති ක්රියාමාර්ග පිළිබඳ ආර්ථිකයේ පාර්ෂවකරුවන්ගේ දැක්ම අනුව අදහස් දැක්වීම පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්ව කමිටුව වෙතින් අපේක්ෂා කෙරෙන අතර එමගින් වඩාත් උපදේශනාත්මක ආකාරයකින් දැනුම්වත් ප්රතිපත්ති තීරණ ගැනීමේ හැකියාව ශ්රී ලංකා මහ බැංකුවට ලැබෙනු ඇත.
පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්ව කමිටුවේ සමාරම්භක රැස්වීම 2022 අගෝස්තු 10 වන දින ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතාගේ සහ ජ්යෙෂ්ඨ මහ බැංකු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මහ බැංකු පරීශ්රයේ්දී පැවැත්විය.
August, 12, 2022
ලොව වඩාත් සාර්ථකම හා ස්ථාවර බැංකුවක් ලෙස සිය කීර්ති නාමය තවදුරටත් ශක්තිමත් කරමින් ශ්රී ලංකාවේ ප්රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව එක්සත් රාජධානියේ කීර්තිමත් ද බෑන්කර් සඟරාව විසින් අඛණ්ඩව හයවන වරටත් ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ශ්රේණිගත කර ඇත.
ද බෑන්කර් සඟරාව යනු 1926 සිට ජාත්යන්තර මට්ටමේ මූල්ය තොරතුරු සපයන බැංකුකරණය හා මූල්යය පිළිබඳව ලෝකයේ ප්රමුඛතම තොරතුරු මූලාශ්රය වේ. 1970 සිට ද බෑන්කර් සඟරාව සිදු කරනු ලබන ලෝකයේ හොඳම බැංකු 1000 ශ්රේණිගත කිරීම මෙම ක්ෂේත්රයේ මිණුම් දණ්ඩක් ලෙස සැලකෙන අතර එමඟින් බැංකු ක්ෂේත්රයේ ස්ථාවරත්වය හා මූල්ය ශක්තිය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා දෙයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්යක්ෂ/ප්රධාන විධායක නිළධාරී ජොනතන් අලස් මහතා පැවසුවේ ‘’ලොව පුරා මෑතකාලීනව සිදු වූ ආර්ථික අර්බුද හේතුවෙන් රජයන් සහ මූල්ය ආයතන දැඩි අසීරු තත්වයකට පත් කර නව අභියෝගවලට මුහුණ දීමට ඔවුන්ට බලකර සිටිනවා. එපමණක් නොව, ශ්රී ලංකාවේ මේ වන විට පවතින ආර්ථික අර්බුදය හමුවේ, මෙම අභියෝග දේශීය මූල්ය ආයතනවල ශක්තිය ඉතා දැඩි ලෙස පරීක්ෂා කර තිබෙනවා. මෙවැනි පසුබිමක් තුළ HNB හොඳම ගෝලීය බැංකු 1,000 අතරට ශේණිගත වීම ඇත්තෙන්ම අපගේ ශක්තිය සහ ස්ථාවරත්වය පිළිබඳ කදිම සාක්ෂියක්. ඒවගේම එය පාරිභෝගිකයින්ට සහ රට නැවත දෙපයින් නැගී සිටීමට මෙන්ම නැවත ගොඩනැගීමට සහය දැක්වීමේ අපගේ උත්සාහය තවදුරටත් තහවුරු කරනවා.’’ යනුවෙනි.
තවද මෑතකදී පාරිභෝගික බැංකුකරණයේ ශ්රී ලංකාවේ ප්රමුඛයා ලෙස නැවතත් සිය විශිෂ්ටත්වය සනිටුහන් කරමින් ඒෂියන් බෑන්කර් සඟරාව විසින් පැවැත්වූ 2022 කීර්තිමත් ජාත්යන්තර පාරිභෝගික මූල්ය සේවා සම්මාන උළෙලේදී 12 වැනි වරටත් ශ්රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙසින් HNB අභිසෙස් ලැබීය.
අර්බුද හමුවේ සිය විශිෂ්ටත්වය සහ ඔරොත්තු දීමේ හැකියාව මැනවින් පෙන්නුම් කරමින්, පාරිභෝගිකයින්ට දුරස්ථව ගනුදෙනු කිරීමට පහසු, පරිපූර්ණ සහ ආරක්ෂිත විකල්පයන් සපයනු ලබන ඩිජිටල් හැකියාව සහිත සේවා සැපයීමේ සිය අධිෂ්ඨානශීලී ගමන්මගේ බැංකුව අඛණ්ඩව ප්රගතියක් ලබා තිබේ. මේ වසරේදී බැංකුව විසින් දියත් කළ අති සාර්ථක බැංකු මූල්ය නිෂ්පාදනයක් වන HNB FIT, Asian Digital Finance Forum and Awards හිදී ‘විශිෂ්ටතම IoT මුලපිරීම’ ලෙස ඇගයීමට ලක් විය. Asian FinTech Academy (AFTA) විසින් සත්කාරකත්වය සපයනු ලබන මෙම සම්මාන උළෙල ඩිජිටල්කරණය තුළ නවෝත්පාදනයන් හඳුන්වාදෙන සංවිධාන සහ බලපෑම්කාරී පුද්ගලයින් හඳුනාගෙන ඇගයීමට ලක් කරනු ලබයි.
තවද HNB 2021 ජාත්යන්තර මූල්ය සඟරා සම්මාන උළෙලේදී ‘‘විශිෂ්ටතම පාරිභෝගික බැංකුව’’ සහ ‘‘විශිෂ්ටතම කුඩා හා මධ්ය පරිමාණ ව්යවසාය (SME) බැංකුව’’ යන සම්මාන හිමි කරගැනීමට සමත් වූ අතර අඛණ්ඩව සිව්වන වරටත් ශ්රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය සමාගම් 10 අතරට තේරී පත් වී ඇත.
මෙරට ගෙවීම් තාක්ෂණ නවෝත්පාදන අංශයේ ප්රමුඛයින් සම්මානයට පාත්ර කිරීම සඳහා පැවති 2022 LankaPay Technnovation සම්මාන උළෙලේ දී සම්මාන හතරක් දිනා ගනිමින් සිය විශිෂ්ටත්වය නැවතත් පෙන්නුම් කිරීමට HNB සමත් විය. පාරිභෝගික පහසුව සඳහා වන වසරේ විශිෂ්ටතම බැංකුව සහ මූල්ය ඇතුළත් කිරීම් සඳහා වන කාණ්ඩයේ වසරේ බැංකුව සඳහා වන රන් සම්මාන දිනා ගැනීමට අමතරව ‘විශිෂ්ටතම ඩිජිටල් ගෙවීම් උපායමාර්ගය සඳහා වසරේ මුල්ය ආයතනය’ සඳහා වන රිදී සම්මානය ද, මෙම වසරේ ‘අන්තර් බැංකු ඩිජිටල් ගෙවීම්වල විශිෂ්ටත්වය (බැංකු ආයතන) - සමස්ත සම්මානය’ සඳහා ලෝකඩ සම්මානය ද දිනා ගැනීමට HNB සමත් වීම මෙහිදී විශේෂයෙන් කැපී පෙනිණි.
මීට අමතරව HNB හි ජනප්රියතම ඩිජිටල් ගෙවීම් යෙදවුම වන SOLO දැනටමත් LANKA QR වැඩසටහන සමඟ සම්බන්ධ වී සිටින අතර ඩිජිටල් ගෙවීම් යෙදවුම් හා මුදල් රහිත QR කේත පදනම් කරගත් ගෙවීම් රට පුරාම ව්යාප්ත කිරීමේ ප්රයත්නයට අනෙකුත් බලපත්රලාභී මූල්ය ආයතන හා සන්නිවේදන සහකරුවන් සමඟ HNB ද සම්බන්ධ වී සිටී.
August, 10, 2022
සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් පසුගියදා වැල්ලවාය සහ තිස්සමහාරාමය යන ප්රදේශවල පැවැත්වූ නවතම ‘වෛද්ය හමුව’ ප්රජා සෞඛ්ය වැඩසටහන් වලදී 250 දෙනෙකුට වැඩි සංඛ්යාවකට නොමිලේ වෛද්යවරුන් හමුවී ඔවුන්ට තිබෙන රෝගාබාධ නිර්නය කර ගැනීමට අවස්ථාව හිමි විය.
සමාගම විසින් මේ වසර මුලදී ත්රිකුණාමල දිස්ත්රික්කයේ සේරුවාවිල දෙහිවත්තේ පිහිටි රජ මහා විහාරයේදී මෙවැනිම නොමිලේ වෛද්ය කඳවුරක් පැවැත්වූ අතර එහිදී ප්රදේශයේ ගොවි ජනතාව 152 දෙනෙකු ප්රතිලාභ ලබාගත් බව සමාගම සඳහන් කරයි.
වෛද්යවරුන් විසින් පරීක්ෂා නොකර කාලයක් තිබුණු විට දරුණු සහ මාරාන්තික තත්ත්වයට පත්වන අධි රුධිර පීඩනය, දියවැඩියාව, වකුගඩු රෝගය සහ රුධිරයේ කොලෙස්ටරෝල් වැඩිවීම ඇතුළු බෝ නොවන රෝග පිළිබඳ සොයාගැනීම සඳහා පරීක්ෂාවන් මෙම වෛද්ය කඳවුරු විසින් සිදුකළ බව සමාගම සඳහන් කරයි.
මේ දක්වා සෙලින්කෝ ලයිෆ් විසින් රට පුරා පැවැත්වූ ‘වෛද්ය හමුව’ වැඩසටහන් 390 ක් මගින් 146,000 කට වැඩි ජනතාවක් ප්රතිලාභ ලබා තිබේ. මෙම වෛද්ය හමුව වැඩසටහන් සුදුසුකම් ලත් පළපුරුදු රාජ්ය සහ පුද්ගලික අංශවල වෛද්යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලයක්, වෘත්තීය දෘෂ්ටි පරීක්ෂකයින් සහ වෛද්ය රසායනාගාර නියෝජිතයින් විසින් පවත්වනු ලබයි. සමාගම සඳහන් කරන්නේ 2022 දෙවන අර්ධය තුළත් මෙවැනි වැඩසටහන් දිවයිනේ අනෙකුත් පළාත් වලත් පවත්වන බවයි.
සේයාරුවෙන් දැක්වෙන්නේ වැල්ලවාය සහ තිස්සමහාරාමය යන ප්රදේශවල වෛද්ය කඳවුරු පැවැත්වූ ආකාරයයි.
August, 10, 2022
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, වයඹ විශ්ව විද්යාලය සමගින් එක්ව, එහි ව්යාපාර අධ්යන හා මූල්ය පීඨය මගින් පවත්වන ලද පුද්ගල මූල්ය කළමනාකරණ ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා පාඨමාලාවන් සාර්ථකව සම්පූර්ණ කරන ලද නවතම AIA වෙල්ත් ප්ලෑනර්වරුන් සහ වෙල්ත් ප්ලෑනර් කළමනාකරුවන් කණ්ඩායමට සිය සුබ පැතුම් එක්කර සිටියි.
2009 වසරේ දී ශ්රී ලංකා වයඹ විශ්ව විද්යාලය සමගින් මෙම පාඨමාලා පිළිබඳ අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලද අතර AIA ඉන්ෂුවරන්ස් වෙල්ත් ප්ලෑනර්වරුන් සහ වෙලත් ප්ලෑනර්වරුන්ගේ කළමනාකරුවන් වෙනුවෙන් ප්රථම වරට රාජ්ය විශ්ව විද්යාලයක් ඔස්සේ මෙම සුවිශේෂී අධ්යන වැඩසටහන දියත් කරන ලදී. AIA හි වටිනා සේවාලාභීන් වෙත ඉහළ ගුණාත්මක භාවයකින් යුතු සේවාවක් ලබා දීමට අලෙවි බලකා සාමාජිකයින් දැනුමෙන් සහ විශේෂඥ භාවයෙන් සන්නද්ධ කිරීම මෙම වැඩසටහනෙහි අරමුණයි. AIA වෙල්ත් ප්ලෑනර්වරුන් මෙසේ නිරතුරුව අධ්යාපන සුදුසුකම් ලබා ගැනීම මගින්, මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්රය තුල AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම සතුව ඉහල ගුණාත්මක බවින් යුතු අලවි බලකායක් සිටින බව සනාත වේ.
ශ්රී ලාංකික ජීවිත රක්ෂණ ක්ෂේත්රය තුළ තවත් ප්රථම මුල් පිරීමක් සනිටුහන් කරමින් AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, ශ්රී ලංකා වයඹ විශ්ව විද්යාලය සමගින් එක්ව ඔවුනගේ ජයග්රාහී උසස් ඩිප්ලෝමාධාරීන් වෙනුවෙන් ව්යාපාර මූල්යකරණය පිලිබඳ උපාධි පාඨමාලාවක් දියත් කල බව ඉතා සතුටින් ප්රකාශ කර සිටියි.

August, 9, 2022
ශ්රී ලංකාවේ ප්රමුඛතම මූල්ය සමාගමක් වන HNB FINANCE PLC සිය 12වන වාර්ෂික මහ සභා රැස්වීම මෙවරත් දෙමුහුන් රැස්වීමක් ලෙසට පවත්වනු ලැබීය. ඡූලි 26වන දින නාවල ප්රධාන කාර්යාලීය ශ්රවණාගාරයෙහි පැවති මෙම රැස්වීම සඳහා HNB FINANCE PLC හි සභාපති, අධ්යක්ෂ මණ්ඩල සමාජිකයින්, ඉදිරි පෙල කළමනාකාරීත්ව, විගණන සමාජිකයින්, නීති උපදේශකවරු,සහ සමාගම් ලේකම් සහභාගී වූ අතර පසුගිය වසර දෙකෙහිම සිදු වූ පරිදි සමාගමේ සෙසු කොටස් හිමියන් සජීව ලෙසින් අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ විය.
කෝවිඩ් වසංගතය හේතුවෙන් සෞඛ්ය බලධාරීන් විසින් පනවා තිබූ මාර්ගෝපදේශයන් මේ වන විට ලිහිල් කර තිබුණ ද HNB FINANCE PLC හි 12වන මහ සභා රැස්වීම සඳහා ප්රධාන කාර්යාලීය ශ්රවණාගාරයට පැමිණි පිරිසගේ සෞඛ්යාරක්ෂාව පිළිබඳව දැඩි සැලකිල්ලක් දක්වමින් ප්රශස්ත සෞඛ්යාරක්ෂිත පිළිවෙත්වලට අනුව සිය 12වන මහා සභා රැස්වීම පැවැත්වීමට HNB FINANCE සමාගම කටයුතු කරන ලදි.
HNB FINANCE මහසභා රැස්වීම සඳහා අන්තර්ජාලයෙන් සහ ප්රධාන කාර්යාලයේදී සහභාගී සියලු දෙනාට න්යාය පත්රයේ කටයුතු සඳහා සිය දායකත්වය දැක්වීමට සහ ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව ලබා දී තිබූ අතර ඡන්ද විමසීම් වල ප්රතිඵල සහ කොටස් හිමියන්ගේ යෝජනා සම්මතයන් නිසි පරිදි අන්තර්ජාල තිරය ඔස්සේ දැකගැනීමට අවස්ථාව සලසා දෙනු ලැබීය.
න්යාය පත්රයෙහි ප්රධාන කරුණුවලට අමතරව කොටස් හිමියන් සහ එම අවස්ථාවට සහභාගීවූවන් විසින් නැගූ ප්රශ්න සඳහා HNB FINANCE PLC හි සභාපති ඩිල්ශාන් රොඩ්රිගෝ සහ කළමණාකාර අධ්යක්ෂ/ප්රධාන විධායක නිලධාරී චමින්ද ප්රභාත් යන මහත්වරැන් විසින් පිළිතුරු ලබා දෙන ලදි.
August, 9, 2022
ශී්ර ලාංකීය සෞඛ්ය ක්ෂේත්රයේ මූලික ප්රතිකාර සැපයීමෙහිලා පුරෝගාමී රෝහල් ජාලය වන Medihelp hospitals සමූහය සිය 37 වසරක අභිමානය පෙරදැරි කරගෙන, බහුතර ජනතාවකට දැරිය හැකි මිලකට ගුණාත්මක තත්වයේ සෞඛ්ය සේවා ලබා දෙමින් වර්තමානයේ පවතින සමාජ හා ආර්ථික දුෂ්කරතාවයන් මධ්යයේ වුවද අභියෝගයන්ට මුහුණදෙමින් තවදුරටත් සිය රෝහල් ජාලය කොළඹට නුදුරු ප්රධාන නගර ගණනාවක් වෙත ව්යාප්ත කිරීමට කටයුතු කරමින් සිටී. Medihelp hospitals ජාලය වෙතින් ප්රමුඛතම විශේෂඥ වෛද්යවරුන්ගේ සේවාවන්ට සමගාමීව වෛද්ය රසායනාගාර, ෆාමසි ඇතුළු තවත් සේවාවන් රාශියක් එකම වහලක් යටින් දැරිය හැකි මිලකට පහසුවෙන් ලබා ගැනීමේ අවස්ථාව ජනතාව වෙත උදාකර දී ඇත.
මීට 37 වසරකට පෙර හොරණ නගරය කේන්ද්ර කරගමින් වෛද්ය රසායනාගාරයක් ලෙස ඇරඹි Medihelp hospitals ජාලය මේවන විට කලූතර සහ කොළඹ දිස්ත්රික්කයන්හි ප්රධාන නගර 15ක් ආවරණය වන ලෙස සිය සේවා ව්යාප්ත කර ඇති අත Medihelp hospitals ජාලයෙහි නවතම ශාඛාව පසුගියදා නුගේගොඩ නගරය කේන්ද්රගතව ආරම්භ කෙරිණි.
අනවශ්ය ලෙස මුදලූත් කාලයත් වැය කර කොළඹ නගරයට යෑමෙන් තොරව 250 කට අධික විශේෂඥ වෛද්ය කණ්ඩායමක සේවාව පහසුවෙන් ලබා ගැනීමට ඇති හැකියාව ඇතුළුව සිය රෝහල් ජාලයේ ඇති ඉඩකඩ සහිත නවීන පහසුකම් සහ අංග සම්පූර්ණ මූලික ප්රතිකාර සේවා මෙන්ම සුහදශීලී පාරිභෝගික සේවාව හේතුවෙන් Medihelp hospitals යන නාමය ජනතාව අතර අංක එකේ තේරීමක් බවට පත්ව ඇත.
Medihelp hospitals ජාලය හරහා කායික රෝගල අන්තරාසර්ග රෝග සහ දියවැඩියාව, ප්රසව හා නාරිවේදයල පිළිකා සත්කාර, උගුර කණ නාසය, හෘද රෝග, සාමාන්ය ශල්යකර්ම, ස්නායු විද්යාව වේදය, විකලාංග, ළමා රෝග, ආමාශ සහ ආන්ත්ර රෝග, මෞත්රලිංගික, චර්ම රෝග සහ ප්ලාස්ටික් ශල්යකර්ම, වෘක්ක හා අක්ෂි රෝග ඇතුළුව ක්ෂේත්ර රාශියක විශේෂඥ වෛද්යවරුන් රැසකගේ සේවාවන් ලබා ගත හැකග
Medihelp hospitals ජාලය රෝගීන්ගේ පහසුව සඳහා සිය සේවාවන්ට ඩිජිටල් තාක්ෂණය ද උපයෝගි කරගෙන ඇතග ඔවුන් විසින් ඉදිරිපත් කර ඇති Live Tracking පහසුකම හරහා රෝගීන්ට සිය වෛද්ය හමුවීම් හි නියමිත වේලාවන් ජංගම දුරකථනය මගින් පරීක්ෂා කිරීමට හැකි බැවින් ඔවුන් රෝහල් තුළ කාලය කා දමමින් තම විශේෂඥ වෛද්යවරයා එනතුරු අනවශ්ය ලෙස බලා සිටිය යුතු නොවෙයි.
”දශක තුනකට වැඩි කාලයක් Medihelp hospitals ජාලය පොදු මහජනතාවට දැරිය හැකි මිලකට පහසුවෙන් ලබා ගත හැකි උසස් තත්වයේ සෞඛ්ය සේවාවක් ලබාදීමේ පරමාර්ථයෙන් යුතුව කටයුතු කළා. මේ වන විට Medihelp hospitals ජාලය බස්නාහිර පළාතේ නගර 15 ක් ආවරණය කරමින් අත්යාවශ්ය මූලික ප්රතිකාර සේවා සැපයීමෙහිලා අංක 1 ස්ථානයට පත් වීමට සමත්ව තිබෙනවා.
වර්තමානයේ පවතින දැඩි වෛද්ය උපකරණ හිඟය, ඖෂධ හිඟය, දැඩි නියාමන සීමාවන්, අධික ඉදිකිරීම් වියදම්, සැපයුම් සේවාවන් හි දුෂ්කරතා සහ උද්ධමනය ඇතුළු අභියෝග රාශියක් මධ්යයේ වුවද අපගේ සේවා ජාලය පුළුල් කිරීමට කටයුතු කරමින් සිටින අතර මෙම වසර අවසන් වන විට තවත් රෝහල් තුනක් Medihelp hospitals ජාලයට එක් කිරීමට අප සැලසුම් කර තිෙබනවා. ඉහළ ඵලදායිතාවයකින් සහ කාර්යක්ෂමතාවයකින් කටයුතු කිරීම මෙන්ම ඒකාබද්ධ ජාලයක් ලෙස විධිමත්ව මෙහෙයවන වන බැවින් අපගේ වියදම් අවම කරගනිමින් එහි ප්රතිලාභය පාරිභෝගිකයා වෙත ලබා දෙමින් සාධාරණ මිලකට සෞඛ්ය සේවා සැපයීමට අපට හැකිව තිබෙනවාග තවද අපගේ වෛද්ය රසායනාගාර ජාලය ISO 9001 සහ ISO 15189 ප්රමිතිකරණයන්ගෙන් බල ගැන්වීමටත් කටයුතු යොදා තිබෙනවා. අප රෝහල් ජාලය මගින් දිනපතා 4000කට අධික රෝගීන් සංඛ්යාවකට සේවා සපයමින් ශ්රී ලාංකීය සෞඛ්ය ක්ෂේත්රයට ලබා දෙන ඉමහත් දායකත්වය පිළිබඳව අප නිහතමානීව ආඩම්බර වනවා” යනුවෙන් Medihelp hospitals සමූහයේ විධායක අධ්යක්ෂ චන්දික විජේසිරිවර්ධන මහතා පැවසීයග
Medihelp hospitals රෝහල් ජාලය වෙතින් විශේෂඥ වෛද්ය ප්රතිකාරල බාහිර රෝගී ප්රතිකාරල හදිසි ප්රතිකාර ඒකක, වෛද්ය රසායනාගාර සේවාවල ෆාමසි, අල්ට්රා සවුන්ඞ් ස්කෑන්, Echocardiography ඩිජිටල් X-Ray, ශල්යාගාර, දන්ත සායන, දෘෂ්ටි විශේෂඥ සේවා සහ සෞඛ්ය පරීක්ෂණ ඇතුළුව පුළුල් සෞඛ්ය සේවා රැසක් සපයනු ලැබේග Medihelp hospitals ශාඛා හොරණ, නුගේගොඩ, පිළියන්දල, මොරටුව, හෝමාගම, කළුතර, පානදුර, බේරුවල, මතුගම, බණ්ඩාරගම, ඉංගිරිය, බුලත්සිංහල, වෑතර සහ කැස්බෑව යන ප්රදේශවල පිහිටුවා ඇත.
August, 9, 2022
ශ්රී ලංකාවේ ප්රමුඛතම පූර්ණ ඒකාබද්ධ ඇලූමිනියම් නිෂ්පාදකයා සහ හේලීස් සමූහයේ සාමාජිකයෙකු වන Alumex, නිෂ්පාදන හා පරිවර්තන අංශයේ නව සාමාජිකයා ලෙස Aluminum Stewardship වැඩසටහන (ASI) සමඟ එක් විය.
ASI යනු ලාභ ලැබීම සඳහා නොවන ප්රමිති සැකසීමේ සහ සහතික කිරීමේ සංවිධානයක් වන අතර එමඟින් තිරසාර සමාජයක් වෙනුවෙන් ඇලූමිනියම් නිෂ්පාදන වල දායකත්වය නංවාලීම සඳහා කැපවී සිටින නිෂ්පාදකයින්, පරිශීලකයින් සහ පාර්ශවකරුවන් ඇගයීමට ලක් කරනු ලබයි. මෙම ප්රමිතීන් අනුගමනය කරන ඇලූමිනියම් ක්ෂේත්රයේ ප්රථම ශ්රී ලාංකික නිෂ්පාදකයා ලෙස Alumex වගකීමකින් යුතු නිෂ්පාදන, මූලාශ්රය සහ භාරකාරත්වය පෝෂණය කිරීම සඳහා සාමාජිකයින් සමඟ කටයුතු කරනු ඇත.
”ශ්රී ලංකාවේ විශාලතම ඇලූමිනියම් නිෂ්පාදකයා සහ අපනයනකරු වශයෙන් අපගේ ව්යාපාර සහ නිෂ්පාදන ක්රියාවලිය සමඟ තිරසාර බව ඒකාබද්ධ කිරීමේ වැදගත්කම පිළිබඳව අපි හොඳින් දන්නවා. සැමවිටම අපි විනිවිදභාවය සහ විශ්වසනීයත්වය සඳහා අපගේ කැපවීම ශක්තිමත් කරමින් ASI වැඩසටහන වෙත සහාය පලකරනවා. මෙය ශ්රී ලාංකීය ජනතාවට සහ ගනුදෙනුකරුවන්ට වගේම සීඝ්රයෙන් ව්යාප්ත වන අපගේ අපනයන වෙළඳපොළට ද මූලික වශයෙන් වැදගත් වන බව අපි විශ්වාස කරනවා.” යනුවෙන් Alumex කළමනාකාර අධ්යක්ෂ ප්රමුක් දැදිවල මහතා පැවසුවේය.
ASI සහතිකකරණ වැඩසටහන ASI කාර්යසාධන ප්රමිතිය සහ ASI භාරකාර ප්රමිති ජාලය යන ප්රමිතීන් දෙක සඳහා සහතිකයක් පිරිනමයි. මෙහි පළමුවැන්න පාරිසරික, සමාජීය සහ පාලන මූලධර්ම සහ තිරසාරත්වය ආමන්ත්රණය කරන නිර්ණායක නිර්වචනය කරන අතර දෙවැන්න ද්රව්ය නඩත්තු කිරීම සඳහා වන අවශ්යතා දක්වයි.
තෝරාගත් ප්රදේශවල ඇලූමිනියම් අපද්රව්ය එකතු කිරීමේ මධ්යස්ථාන ස්ථාපිත කිරීම හරහා Alumex හි තිරසාරත්වය සඳහා වූ කැපවීම ශක්තිමත් කිරීම කැපී පෙනෙන අතර එමඟින් සිදුවන පරිසර හානිය අවම කිරීම සඳහා නවීන යන්ත්රෝපකරණ සමඟ එහි ප්රතිචක්රීයකරණ පහසුකම වැඩි දියුණු කළේය. සපුගස්කන්ද Alumex හි මෙම නවතම පහසුකම මගින් මසකට ඇලූමිනියම් අපද්රව්ය මෙටි්රක් ටොන් 1200කට වැඩි ප්රමාණයක් ප්රතිචක්රීයකරණය කළ හැකි අතර එය තවත් මෙටි්රක් ටොන් 1200කින් වැඩි දියුණු කළ හැකිය. එවිට වාර්ෂික ප්රතිචක්රීයකරණ ධාරිතාව මෙටි්රක් ටොන් 28,800කි. 2022 ජූලි මාසය වන විට එහි වාණිජ මෙහෙයුම් ආරම්භ කිරීමත් සමඟ මෙය අති නවීන තාක්ෂණයෙන් යුත් ශ්රී ලංකාවේ විශාලතම ඇලූමිනියම් ප්රතිචක්රීයකරණ කම්හල වනු ඇත.
මෑතක දී Alumex එහි විනිවිදභාවය සහ පාලනය සඳහා වූ දැඩි කැපවීම වෙනුවෙන් ආසියාවේ ඒකාබද්ධ වාර්තාකරණ සම්මාන උළෙලේදී ඇගයීමට ලක් විය. එමෙන්ම පාර්ශවකරුවන්ට වටිනාකම් නිර්මාණය කිරීම වෙනුවෙන් ඒකාබද්ධ වාර්තාව (SME) කාණ්ඩයේ ලෝකඩ සම්මානය හිමිකර ගැනීමට Alumex සමත්විය.
ASI යනු 2012 හි ආරම්භයේ සිට Aluminium stewardship හි අධිකාරිත්වය හිමි ආයතනය වන අතර එමඟින් කර්මාන්තයට වගකීම් සහගත සහ සදාචාරාත්මක, සමාජීය සහ පාරිසරික ක්රියාකාරිත්වයේ භාවිතයන් සහ වැඩිදියුණු කිරීම් සම්බන්ධයෙන් ස්වාධීන සහ විශ්වසනීය ඉදිරිපත් කළ හැකි තොරතුරු සැපයීමට හැකියාව ලබා දෙයි. මේ වන විට ලොව පුරා ASI සාමාජිකයින් 232 ක් සිටින අතර ASI කාර්යසාධන ප්රමිතිය උදෙසා සහතික 128ක් හා ASI භාරකාර ප්රමිති ජාලය සඳහා සහතික 51ක් පිරිනමා තිබේ. ASI සාමාජිකයින් ලොව පුරා රටවල් 47 ක් පුරා විසිරී සිටී.
ඡායාරූප : Alumex විසින් පිහිටුවා ඇති Aluminum අපද්රව්ය එකතු කිරීමේ බඳුන්
Video Story