• Ada Derana BIZ Sinhala
  • Mount Lotus Eye and ENT Hospitals
  • sri lanaka

මවුන්ට් ලෝටස් රෝහල වෙතින් නවීන තාක්ෂණය සමඟින් ඇසේ සුද සුව කිරීමේ සැත්කම්

August, 3, 2022

ශ‍්‍රී ලංකාවේ නවතම අක්ෂි සහ උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ රෝහලක් වූ මවුන්ට් ලෝටස් රෝහල, ඕනෑම වයස් කාණ්ඩයක රෝගීන් සඳහා නවීන තාක්ෂණය සහ ජාත්‍යන්තර තත්ත්වයේ පහසුකම් සමඟින් ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සිදු කිරීම අරඹන ලදී.

ඇසේ සුද ඇතිවීම අන්ධභාවයට ප‍්‍රධානතම හේතුවකි. ලෝක ජනගහනයෙන් මිලියන ගණනක් සම්පූර්ණ හෝ අර්ධ අන්ධභාවයෙන් පෙළෙනු ලැබේ. ඇසේ සුද ඇතිවීම වැළැක්වීම සහ සුව කිරීම ශ‍්‍රී ලංකාවේ වැදගත් ජාතික ප‍්‍රයත්නයක් වන අතර ඒ සඳහා රාජ්‍ය සහ පුද්ගලික සෞඛ්‍ය සේවා පද්ධති දෙකෙහිම සහය අවශ්‍ය වේ. සිය පළපුරුදු අක්ෂි වෛද්‍ය මණ්ඩලයේ සහ මිත‍්‍රශීලී කාර්ය මණ්ඩලයේ සහාය ඇතිව මෙම ජාතික ප‍්‍රයත්නයට සහාය දීම සඳහා, අක්ෂි සහ උගුර, කන, නාසය පිළිබඳ ප‍්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහලක් වන මවුන්ට් ලෝටස් රෝහල සූදානම්ව සිටී.

ඇස ඉතාමත් සංවේදී ඉන්ද්‍රියයක් වන අතර, ශල්‍යකර්මයකට පෙර, අතරතුර සහ පසුව දැඩි සැලකිල්ලක් දැක්විය යුතු වේ. මවුන්ට් ලෝටස් රෝහල් වෛද්‍ය මණ්ඩලය සහ කාර්ය මණ්ඩලය, සැත්කමට භාජනය වන සෑම රෝගියෙකුටම සාර්ථක ප‍්‍රතිඵලයක් සහතික කිරීම සඳහා අවශ්‍ය සියලූ පූර්වාරක්ෂාවන් ගනු ලැබේ. ශල්‍යකර්මයෙන් පසු රෝගියාගේ වයස හෝ වෙනත් රෝගී තත්ත්වයක් හේතුවෙන් අමතර ප‍්‍රතිකාර ලබා දීමේ අවශ්‍යතාවයක් තිබේ නම්, රෝහල විසින් රෝගියා වාට්ටුවකට හෝ පෞද්ගලික කාමරයකට මාරු කරනු ලබන අතර එහිදී රෝහල් කාර්ය මණ්ඩලය විසින් රෝගියාගේ තත්ත්වය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් වන තෙක් සමීපව නිරීක්ෂණය කරනු ලැබේ. රෝගීන්ගේ අවශ්‍යතාවයට අනුව ”අග‍්‍රහාර” හෝ වෙනත් ඕනෑම රක්ෂණ සැලසුමක හිමිකම් පෑමේ පහසුකම්ද රෝහල විසින් සපයයි.

මවුන්ට් ලෝටස් රෝහලේ සාමාන්‍යාධිකාරී වෛද්‍ය සමන් පී. බස්නායක මහතා ප‍්‍රකාශ කළේ, ”ප‍්‍රතිකාරය කෙතරම් සරල වුවත්, අන්ධභාවයට ප‍්‍රධානතම හේතුව ඇසේ සුද ඇතිවීමයි. අක්ෂි සහ උගුර, කන, නාසය පිළිබඳ ප‍්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහලක් ලෙස ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සිදු කරමින් අපගේ ජනයාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ ජාතික ප‍්‍රයත්නය සමඟ අප එක්වී සිටින්නේ එම නිසයි. නවීනතම වෛද්‍ය තාක්ෂණය සමඟින් ඕනෑම සංකීර්ණ ශල්‍යකර්මයක් සිදු කිරීම සඳහා වසර ගණනක පළපුරුද්ද ඇති, ඉහළ සුදුසුකම් ලත් වෛද්‍ය විශේෂඥයින් කණ්ඩායමක් අප සතුයි”.

අංක 102, ගාලූ පාර, ගල්කිස්ස, පිහිටා ඇති මවුන්ට් ලෝටස් රෝහල, දේශීය සහ විදේශීය රෝගීන් සඳහා ජාත්‍යන්තර මට්ටමේ අක්ෂි සහ උගුර, කන, නාසය ආශි‍්‍රත වෛද්‍ය විසඳුම් ලබා දීම සඳහා කැප වූ විශේෂිත රෝහලකි. ඕනෑම ආකාරයක අක්ෂි සහ උගුර, කන, නාසය ආශි‍්‍රත ආබාධයක් සඳහා වෛද්‍ය සහ ශල්‍ය විසඳුම් ලබා දීමට නවීන තාක්ෂණයන් සහ ඉහළ පිළිගැනීමක් ඇති වෛද්‍ය මණ්ඩලයකින් රෝහල සමන්විත වේ. රෝගීන් හොඳින් රැකබලා ගැනීම සඳහා වසර ගණනක පළපුරුද්ද ඇති, ඉහළ සුදුසුකම් ලත්, මිත‍්‍රශීලී සහායක කණ්ඩායමක්ද රෝහල සතු වෙයි. නවීන තාක්ෂණික උපකරණ භාවිතා කරමින්, ඉහළ ගුණාත්මක සත්කාරයක් සමඟින් පුළුල් පරාසයක අක්ෂි සහ උගුර, කන, නාසය ආශි‍්‍රත ප‍්‍රතිකාර සේවාවන් රැසක් රෝගීන්ට ලබා දීමට ඔවුන්ට හැකි වේ.

  • Ada Derana BIZ Sinhala
  • ComBank
  • Forex Plus
  • sri lanaka

කොමර්ෂල් බැංකුව 9.5% ක් දක්වා වාර්ෂික පොලියක් ලබාදෙන ‘Forex Plus’ විදේශීය මුදල් ස්ථාවර තැන්පතු යෝජනා ක‍්‍රමය එළි දක්වයි

August, 3, 2022

මෙරටට විදේශීය මූලාශ‍්‍ර වලින් ආයෝජන ආකර්ෂණය කරගැනීමේ අවශ්‍යතාවයට තවදුරටත් සහයෝගය දක්වමින් කොමර්ෂල් බැංකුව විසින් විශේෂ විදේශ මුදල් ස්ථාවර තැන්පතුවක් (FD) හඳුන්වාදී තිබේ.

‘Forex Plus’ යනුවෙන් නම් කර තිබෙන මෙම ස්ථාවර තැන්පත් 9.5% ක් දක්වා වාර්ෂික පොලී අනුපාතයක් වසර 05 ක් දක්වා ලබාදෙන බවත් මෙහි විදේශීය මුදල් වර්ග 04 ක් තැන්පත් කළ හැකි බවත් බැංකුව සඳහන් කරයි.

ශ‍්‍රී ලංකාවට විදේශීය ආයෝජන ආකර්ෂණය කරගැනීම ඉතාමත් වැදගත්වී තිබෙන කාලයක ‘Forex Plus’ ස්ථාවර තැන්පතුව හඳුන්වාදීමේ පරමාර්ථය විදේශ මුදල් තරගකාරී සහ විශ්වාසවන්ත ලෙස ආයෝජනය කිරීමට ගිණුම්හිමියන්ට අවස්ථාව ලබාදීම සඳහා බව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි.

මෙම ස්ථාවර තැන්පතු ගිණුම් ශ‍්‍රී ලංකාවේ හෝ විදේශ රටක සිටින ශ‍්‍රී ලාංකේය ජාතිකයින් නොවන පුද්ගලයින්ට, ද්විත්ව පුරවැසිභාවය හිමි ශ‍්‍රී ලාංකිකයින්ට, වෙනත් රටක පුරවැසිභාවය හිමි ශ‍්‍රී ලාංකිකයින්ට හෝ විදේශීය රටක සේවය කරන ශ‍්‍රී ලාංකිකයින්ට සහ විදේශීය රටක සංස්ථාපනය කර තිබෙන සමාගම් වලට ආරම්භ කළ හැකි බව බැංකුව පවසයි.

මෙම ස්ථාවර තැන්පතු ගිණුමක් විවෘත කිරීමට සුදුසුකම් ලබන පුද්ගලයින්ට ඩොලර් 5000 ක් හෝ එයට සමාන වටිනාකමක් තිබෙන යූරෝ, ස්ටර්ලිං පවුම් හෝ  ඕස්ටේ‍්‍රලියානු ඩොලර් වලින් මෙම ගිණුමක් විවෘත කළ හැකි අතර වසර තුනක්, හතරක් සහ පහක් ලෙස ගිණුමේ කල් පිරෙන කාලය තෝරාගත හැකිවේ. මෙමගින් ලබාදෙන පොලී ආදායම තැන්පත් කරන මුදල් වර්ගය සහ තැන්පත් කරන කාල සීමාව අනුව වෙනස් වන අතර මෙම යෝජනා ක‍්‍රමය යටතට වැටෙන ස්ථාවර තැන්පතු ස්වයංක‍්‍රීයවම නැවතත් අළුත් කරන බව බැංකුව සඳහන් කරයි.

මෙහිදී, වසර 05 ක කාලයක් ඇමරිකානු ඩොලර් තැන්පත් කරන විට වසරකට 9.5% ක පොලී අනුපාතයක් ලබාදෙන අතර එම කාල සීමාවට යූරෝ හෝ ස්ටර්ලිං පවුම් තැන්පත් කරන විට වසරකට හිමිවන්නේ 6% ක පොලී අනුපාතයකි. එසේම, අවුරුදු 05 ක් සඳහා  ඕස්ටේ‍්‍රලියානු ඩොලර් තැන්පත් කරන විට 7% ක පොලී අනුපාතයක් වසරකට ලබාදෙන බව බැංකුව පවසයි. මෙම පොලී අනුපාත මෙම ස්ථාවර තැන්පතුව ආරම්භ කරන අවස්ථාවේ ලබාදෙන පොලී අනුපාත බවත් ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම පොලී අනුපාත වරින් වර වෙනස් වන බවත් බැංකුව කියයි.

‘Forex Plus’ ස්ථාවර තැන්පතු ගිණුමට බැංකු පද්ධතිය හරහා පේ‍්‍රෂණ ලෙස විදේශීය මුදල් තැන්පත් කිරීමේ හැකියාව පවතී. එහිදී, ගිණුම් හිමියාටම අයත් විදේශීය ගිණුමකින්, ගිණුම් හිමියාගේ නමින් නඩත්තු කරන ආයෝජන ගිණුමකින් (IIA) හෝ අක්වෙරළ බැංකුකරණ ඒකකයක (OBU) ගිණුමකින් මුදල් තැන්පත් කළ හැකිවේ. මෙහිදී, රේගු දෙපාර්තමේන්තුවේ අනුමැතියට යටත්ව මෙම විදේශ විනිමය ලංකාවට රැගෙන ඒමට අවස්ථාව හිමිවේ.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 940 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

  • Ada Derana BIZ Sinhala
  • CEAT
  • sri lanaka

ප‍්‍රමුඛතම සියැට් අලෙවි නියෝජිතයින් නව ආකෘතියකින් සම්මානයට පාත‍්‍ර කරයි

August, 2, 2022

සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගමේ වර්ධනය සඳහා 2020-21 වසරේ විශේෂ දායකත්වයක්  ලබාදුන් අලෙවි නියෝජිතයින් පවතින වාතාවරණය අනුව සම්මාන රාත‍්‍රියක් පවත්වා සම්මානයට පාත‍්‍ර කිරීමට නොහැකි නිසා එම අලෙවි නියෝජිතයින් සිටින ස්ථාන වලටම ගොස් ඔවුන්ට හිමි සම්මාන කුසලාන, මුදල් ත්‍යාග සහ සහතික පත‍්‍ර ප‍්‍රදානය කරමින් ප‍්‍රමුඛතම ටයර් අලෙවි නියෝජිතයින් 99 දෙනෙකු සම්මානයට පාත‍්‍ර කරන ලදී.

තරු පහ පන්තියේ හෝටලයක සති අන්තයේ පවත්වන අති උත්කර්ශවත් සම්මාන ප‍්‍රදානය කිරීමේ රාත‍්‍රිය වෙනුවට මෙම නව ආකෘතියේ සම්මාන ප‍්‍රදානය කිරීමේ වැඩසටහන යටතේ කුසලාන 14 ක්, සහතිකපත් 85 ක් සහ මුදල් චෙක්පත් 85 ක් ප‍්‍රදානය කළ බව සමාගම සඳහන් කරයි. මෙහිදී, සමස්ත කාර්ය සාධනය සහ ප‍්‍රමුඛතම අලෙවි කාර්ය සාධනය මැණීම සඳහා රේඩියල් ටයර්, ට‍්‍රක් ටයර්, ලයිට් ට‍්‍රක් ටයර් සහ තී‍්‍රි රෝද රථ ටයර් යන නිෂ්පාදන අංශ හතර සැලකිල්ලට ගෙන ඇත.

මෙහිදී, අදාළ වසරේදී වැඩිම අලෙවි ආදායමක් වාර්තා කළ ප‍්‍රමුඛතම ටයර් අලෙවි නියෝජිතයින් 10 දෙනාට සහ සෑම ටයර් කාණ්ඩ සඳහා ද රන් සම්මානය දිනාගත් ටයර් අලෙවි නියෝජිතයින්ට ද කුසලාන ප‍්‍රදානය කරන ලදී.

මීට අමතරව, සියැට් විසින් ඉහළම කාර්යසාධනයක් පෙන්වූ ටයර් අලෙවි නියෝජිතයින්ට මීට පෙර ලබාදුන් විදේශීය සංචාර වෙනුවට මෙවර මුදල් චෙක්පත් ලබාදුන් අතර මෙම විදේශ සංචාර ඔවුන්ට හිමිවූයේ ප්ලැටිනම්, ගෝල්ඞ්, සිල්වර් ලෝයල්ටි වර්ගීකරණයට අනුවයි.

‘පවතින වාතාවරණය සම්මාන රාත‍්‍රියක් පැවැත්වීමට නුසුදුසු නමුත්, අපට පක්ෂපාතී මේ වනවිට බොහෝ අභියෝගයන්ට ලක්වී සිටින වෙළෙඳ නියෝජිතයින් ඇගයීම ඉතාමත් වැදගත් කාර්යයක් යැයි අපි දැඩිව විශ්වාස කරනවා,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, රවී ඩඞ්ලානි මහතා පැවසීය. ‘සම්මාන රාත‍්‍රිය පැවැත්වීමට හැකියාව ලැබුණු විට යළිත් වතාවක් මෙම වෙළෙඳ නියෝජිතයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සමග එක්වීමට අපි බලාපොරොත්තු වෙනවා.’

වෙනදා නොවූ ආකාරයෙන් පැවැත්වූ මෙවර අලෙවි නියෝජිත සම්මාන ප‍්‍රදානයේ තේමාව ලෙස ‘Striving for unity to conquer’ යන්න තෝරාගෙන තිබූ අතර එයින් අවධාරණය කෙරුණේ ශ‍්‍රී ලංකාව තුළ ව්‍යාපාර කිරීමට ඇතිවී තිබෙන අභියෝගයක් එක්ව ජයගනිමු යන්නයි.

2020-21 වසරේ සියැට් ප‍්‍රමුඛතම අලෙවි නියෝජිතයින් 10 දෙනා අතරට කොළඹ 02 U&H වීල් සර්විසස්, අම්බලන්ගොඩ සුමිත් මාර්කටිං, වව්නියාව නන්ද ටයර් හවුස්, කුරුණෑගල සුමිඩැග් ටයර් කම්පනි, කොළඹ 14 පැරමවුන්ට් ටයර් ටේ‍්‍රඩර්ස්, අනුරාධපුර ශ‍්‍රීපාලි ටයර් හවුස්, මහනුවර සුපිරි ටයර් හවුස්, කොළඹ 14 ක‍්‍රවුන් ටයර්ස්, වලස්මුල්ල ටයර් ලින්ක් සහ මාදම්පේ අසංක ටයර් හවුස් අයත් වේ.

ශ‍්‍රී ලංකාවේ වායුමය ටයර් අවශ්‍යතාවයෙන් අඩක් නිෂ්පාදනය කරන සියැට් කැළණි සමාගම මෙරට නිෂ්පාදන අංශය තුළ ඉතාමත් සාර්ථක ඉන්දියා - ශ‍්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසින් සැලකේ. මේ දක්වා මෙම ඒකාබද්ධ ව්‍යාපාරය විසින් සමස්තයක් ලෙස රුපියල් බිලියන 08 කට වැඩි මුදලක් ආයෝජනය කර තිබෙන අතර නිෂ්පාදන ධාරිතාවය, තාක්ෂණය දියුණු කිරීම සහ නව නිෂ්පාදන සංවර්ධනය සඳහා තවත් රුපියල් බිලියන 3.2 ක මුදලක් 2022 වසරේදී ආයෝජනය කිරීමට එකඟ වී තිබේ. සමාගම විසින් මගී මෝටර් රථ, වෑන්, SUV වාහන, වාණිජ (බයස්-ප්ලයි සහ රේඩියල්) යතුරු පැදි, ත‍්‍රිී රෝද රථ සහ කෘෂි කාර්මික වාහන සඳහා ටයර් මෙරට නිෂ්පාදනය කරයි.

සියැට් සන්නාමය මේ වනවිටත් මෙරට රේඩියල් ටයර් වෙළෙඳ පොළින් 48% ක කොටසක්ද, ට‍්‍රක් රථ ටයර් වෙළෙඳ පොළින් 80% ක කොටසක්ද, සැහැල්ලූ ට‍්‍රක්රථ ටයර් වෙළඳ පොළින් 84% ක කොටසක්ද, ති‍්‍රි රෝද රථ ටයර් වෙළෙඳ පොළින් 51% ක කොටසක්ද, යතුරු පැදි ටයර් වෙළෙඳ පොළින් 36% ක කොටසක්ද, කෘෂිකාර්මික ටයර් වෙළෙඳ පොළින් 72% ක කොටසක්ද අත්පත් කර ගැනීමට සමත්ව ඇත. සියැට් ශ‍්‍රී ලංකා විසින් නිෂ්පාදනය කරන ටයර් වලින් 20% පමණ දකුණු ආසියාවේ, මැදපෙරදිග, අපි‍්‍රකාවේ සහ අග්නිදිග ආසියාවේ රටවල් 16 ක් වෙත මේ වන විට අපනයනය කරයි.

 

සේයාරු සටහන - වසරේ සියැට් ප‍්‍රමුඛතම අලෙවි නියෝජිතයා වූ කොළඹ 02 U&H වීල් සර්විසස් හි, කළමනාකාර අධ්‍යක්ෂ වසන්ත පෙරේරා මහතාට (වමේ සිට තුන්වැන්නා) හිමි කුසලානය සියැට් උප සභාපති - විකුණුම්, අලෙවිකරණ/අපනයන රවී ද කූඤ්ඤ මහතා ප‍්‍රමුඛ කණ්ඩායමක් විසින් ලබාදුන් ආකාරය. 

  • Ada Derana BIZ Sinhala
  • MAS
  • SLAA
  • sri lanaka

මව්බිම රනින් බැබළවීමට ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට MAS සහාය වෙයි

August, 1, 2022

MAS 2024 ඔලිම්පික් උළෙල සඳහා වන ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ නිල ඇඳුම් සහකරු ලෙස නම් වෙයි

MAS හෝල්ඩින්ග්ස් හි අනුබද්ධිත සමාගමක් වන බොඩිලයින් ආයතනය 2022 වසරේ සිට 2024 පැරිස් ඔලිම්පික් උළෙල දක්වා ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ - SLAA නිල ඇඳුම් සහකරු ලෙස අත්වැල් බැඳගත්තේය. 2022 ජූලි 28 වන දින පැවති උත්සවයකදී, බොඩිලයින් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී දිනේෂ් ද සිල්වා මහතා විසින් MAS නිර්මාණය කරන ලද මෙම මලල ක‍්‍රීඩා ඇඳුම් කට්ට SLAA හි සභාපති මේජර් ජෙනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී.

ජාත්‍යන්තර ක‍්‍රීඩා ඇඟලූම් සන්නාම සඳහා උසස් තත්ත්වයේ ඇඟලූම් නිෂ්පාදන නිර්මාණය කරනු ලබන MAS යනු දකුණු ආසියාවේ විශාලතම ඇඟලූම් නිෂ්පාදකයා වේ. මෙම හවුල්කාරීත්වය හරහා ශ‍්‍රී ලාංකික මලල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට 2024 පැරිස් ඔලිම්පික් උළෙල දක්වා ජාත්‍යන්තර ඉසව්වල පුහුණුවීම් කිරීමට සහ තරගවලදී දක්ෂතා දැක්වීමට සහාය වීම සඳහා MAS විසින් නවීනතම තාක්ෂණය භාවිත කරමින් නිර්මාණය කරන ලද මෙම ඇඳුම් කට්ටල ලබා දෙනු ඇත. මේ වසරේ ජුනි මසදී ඉන්දියාවේ සංචාරය කළ 20 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම MAS විසින් නිර්මාණය කරන ලද තරග සහ පුහුණු වීම් සඳහා වන ඇඳුම් කට්ටල හිමි වූ පළමු කණ්ඩායම විය.

මේ පිළිබඳව අදහස් දක්වමින් SLAA හි සභාපති මේජර් ජෙනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා පැවසුවේ ‘’අපගේ තරුණ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තුළින් අප දකින දක්ෂතා සැබවින්ම පුදුමාකාරයි. නමුත් ඔවුන් ඒ සඳහා පැමිණි ගමන් මග එතරම් පහසු එකක් නොවේ. අපගේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඔවුන්ගේ පුහුණු වීම්වලින් පිටතදී බොහෝ අසීරුතාවන්ට මුහුණ දුන් අතර මෙහි පැමිණීමට ඔවුන් ඉතා වෙහෙස මහන්සි වී කටයුතු කළා.’’ යනුවෙනි.

”මෙරට ග‍්‍රාමීය ප‍්‍රදේශවලින් අඩු වරප‍්‍රසාද සහිත සහ දක්ෂ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ජාත්‍යන්තර තරග බිමට පැමිණෙන විට ඔවුන්ට මෙම සහයෝගය විශාල ශක්තියක් වෙනවා. MAS හෝල්ඩින්ග්ස් විසින් ගන්නා ලද මෙම දැවැන්ත පියවර ශ‍්‍රී ලංකාවේ සෑම මලල ක‍්‍රීඩා ලෝලියෙක් වෙනුවෙන්ම මා ඉතා අගය කොට සලකනවා. අපේ මාතෘභූමියට අභිමානයක් ගෙන ඒමට ජාත්‍යන්තර තලයට යන ශ‍්‍රී ලාංකීය ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට මෙමගින් මනා පන්නනරයක් ලැබෙනවා.’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

‘‘MAS අප සැමවිටම නිර්මාණාත්මක වෙනසක් ඇති කිරීමට කටයුතු කරන ආයතනයක්’’ යනුවෙන් බොඩිලයින් හි අධ්‍යක්ෂ-අලෙවි සහ ව්‍යාපාර සංවර්ධන, දිල්ෂාන් මොහොමඞ් මහතා පැවසුවේය. තෙතමනය ඉක්මනින් ඉවත් කිරීමේ හැකියාව සහ වැඩි සුව පහසු හා මෘදුබවක් සහිත ඉතා සුවපහසු රෙදි වර්ගයක් භාවිතා කර නිර්මාණය කළ ඇඳුම් සමඟින් ඔවුන්ගේ ක‍්‍රීඩා කෞශල්‍ය තව තවත් ඉහළ නැංවීමට ඔවුන්ට උපකාර කිරීමෙන් ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය සඳහා වෙනසක් ඇති කිරීමට මෙවර අපට අවශ්‍ය වුනා.’’

”අප අපගේ කණ්ඩායම්වලට ඔවුන් තරගවලට සහභාගී වීමේදී සහ පුහුණු වීම් කිරීමේදී ඇඳුම් කට්ටල ලබා දීම ගැන පමණක් නොව, SLAA හි නිල ඇඳුම් සහකරු ලෙස අනුග‍්‍රාහකත්වය ලබා දීමට හැකි වීම ගැන ද සතුටු වෙනවා. තවද අපගේ ජාතික මලල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ගැලපෙන පරිදි ඔවුන්ගේ අදහස් ලබා ගනිමින් ඔවුන් සමඟ එක්ව සහයෝගයෙන් මෙම ඇඳුම් නිර්මාණය කරමින් වඩාත් උසස් තත්වයේ ඇඟලූම් නිෂ්පාදනය කිරීමට දායකත්වය ලබා දීමට හැකි වීම ගැන අප ඉතා සතුටු වනවා.’’ යනුවෙන් බොඩිලයින් ප‍්‍රධාන විධායක නිලධාරී දිනේෂ් ද සිල්වා මහතා පැවසුවේය.

ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සභාපති පාලිත ප‍්‍රනාන්දු සහ බොඩිලයින් හි ප‍්‍රධාන විධායක නිලධාරී දිනේෂ් ද සිල්වා යන මහත්වරුන් විසින් MAS සහ SLA අතර ඇති කරගත් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබන ලදී.

දකුණු ආසියාවේ විශාලතම ඇඟලූම් තාක්ෂණ සමාගම වන MAS සමූහය ඇඟලූම් සහ රෙදිපිළි නිෂ්පාදනයේ වඩාත්ම පිළිගත් නිර්මාණ-බෙදාහරින්නා වේ. මෙහි 115,000 කට අධික පිරිසක් සේවය කරයි. අද වන විට MAS රටවල් 15 ක් පුරා විලාසිතා සඳහා ප‍්‍රමුඛත්වයක් ගන්නා ස්ථානවල පිහිටුවා ඇති නිෂ්පාදන කර්මාන්තශාලා හරහා තම නිෂ්පාදන සිදු කරනු ලබයි. නිරන්තරයෙන් වෙනස් වන ඉල්ලීම් සපුරාලමින් MAS හි සන්නාම, තාක්ෂණය, FemTech, start-ups සහ ලොව පුරා ඇගළුම් උද්‍යාන ආදිය වේගවත්ව පුළුල් වී ඇත.

  • 99x Great Place to Work
  • Ada Derana BIZ Sinhala
  • Legend
  • sri lanaka

99x Great Place to Work ශ්‍රේණිගත කිරීමෙහිි ‘Legend’ තත්වය හිමිකර ගනී

August, 1, 2022

සේවක නියලීම සහ විශ්වාසනීයත්වය කෙරෙහි ඉහළ අවධානයක් යොමු කිරීම වෙනුවෙන් 99x අඛණ්ඩව දසවැනි වරටත්  Great Place to Work හි  ශ්‍රේණිගත වෙයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගමක් වන 99x විසින් Great Place to Work ආයතනය වෙතින් අඛණ්ඩව දසවැනි වරටත් Great Place to Work (GPTW) Legend තත්වය මෑතකදී හිමිකර ගත්තේය. ඉතාමත් අසීරු කාලවලදී සේවකයින් සඳහා විවෘත හා විවිධාංගීකරණය වූ සේවා ස්ථානයක් පවත්වාගෙන යාමට සහ එහි ශ‍්‍රම බලකාය වෙනුවෙන් පෙනී සිටීමට 99ං හි ඇති නොසැලෙන කැපවීම මෙම ජයග‍්‍රහණය තූළින් ඉස්මතු වෙයි. මෙම වසරේදී සමාගම ශ‍්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථානයක් මෙන්ම හොඳ IT/ITES සේවා ස්ථානයක් ලෙස ද ශ්‍රේණිගත කර ඇත.

99x, 2013 වසරේ සිට අඛණ්ඩව ශ‍්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථානයක් ලෙස නම් වී ඇති අතර 2018 සිට 2021 දක්වා අඛණ්ඩව වසර හතරක් ආසියාවේ හොඳම සේවා ස්ථානයක් ලෙස ද ශ්‍රේණිගතව ඇත. 99x යනු ශ්‍රී ලංකාවේ එසේ ශ්‍රේණිගත වූ සමාගම් තුනෙන් එකකි. AIA සහ DIMO යන ආයතනයන්හි වසර ගණනාවක් පුරා ක‍්‍රියාත්මක වෙන විශිෂ්ට මානව සම්පත් භාවිතයන් වෙනුවෙන්, 99x මෙම සමාගම් දෙකට තමන්ගේ සුබ පැතුම් එක් කරයි.

අභියෝගාත්මක ආර්ථික පසුබිමක් තුළදීත් 99x විවිධ ක‍්‍රියාමාර්ග ක‍්‍රියාවට නංවමින් සිය ජනතා අවධානය පවත්වා ගෙන ගොස් ඇත. 99x සිය සේවා ස්ථාන සංස්කෘතිය වැඩිදියුණු කිරීම කෙරෙහි නිරන්තරයෙන් ඇති නොසැලෙන අවධානය Legend තත්වය වෙත ලඟා වීම සඳහා ප‍්‍රධාන වශයෙන් හේතු විය.

මේ පිළිබඳව අදහස් දක්වමින් 99x ප‍්‍රධාන විධායක නිලධාරී සහ නිර්මාතෘ මනෝ සේකරම් මහතා පැවසුවේ ‘’Great Place to Work ආයතනයෙන් අපට ලැබී ඇති සහයෝගය සහ පිළිගැනීම අපට ගෞරවයක් මෙන්ම අප ඒ පිළිබඳව අතිශයින් කෘතඥ වෙනවා. ඒ වගේම වැඩ කිරීමට සුදුසු විශිෂ්ට ස්ථානයක් බවට පත්වීම ගැන අපි නිහතමානීව සතුටු වෙනවා. මෙය රැකියා ස්ථානය තුළ පවතින අපගේ සංස්කෘතික භාවිතයන් පිළිබඳ ඇගයීමක්. අපගේ ව්‍යාපාර ආකෘතියේ ඇති වෙනස්කම්වලට අනුගත වීම, වසංගත හා ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද නව සාමාන්‍යකරණයට මුහුණ දීම මෙන්ම අපගේ සේවා කණ්ඩායම් අපට තිබෙන ප‍්‍රධානතම වත්කම ලෙස සැලකීම ආදී කරුණු මෙම තත්වය ළඟා කර ගැනීම උදෙසා අපට ඉඩ සලසන ප‍්‍රධාන මූලධර්ම කිහිපයක් ලෙස පෙන්වා දිය හැකියි.” යනුවෙනි.

ශ‍්‍රී ලංකා රැකියා ස්ථානයේ සේවක සේවිකාවන් තම නායකයින් කෙරෙහි දක්වන විශ්වාසය, මිනිසුන්ට දක්වන ගෞරවය, සේවා ස්ථානයේ තීරණවල සාධාරණත්වය සහ කණ්ඩායම් මිත‍්‍රත්වය ඇතුළු සාධක මත 99x මෙසේ ශ්‍රේණිගත වී ඇති අතර Great Place to Work ශ‍්‍රී ලංකා විසින් සේවක සමීක්ෂණ ප‍්‍රතිචාර විශ්ලේෂණයක් මත පදනම්ව ඒ පිළිබඳව ඇගයීමට ලක් කර ඇත. සේවකයින්ට තම යහපැවැත්ම වර්ධනය කර ගැනීම උදෙසා ඔවුන්ට අවශ්‍ය පිටුබලය සහ නම්‍යශීලීභාවය ඇති, වෘත්තීයමය වශයෙන් සහ පුද්ගලිකව ඔවුන්ගේ උපරිමය ලබා දිය හැකි පරිසරයක් නිර්මාණය කිරීමට 99x හි කැපවීම මෙම ඇගයීම තුළින් අවධාරණය කරයි.

”අපගේ පාරිභෝගිකයින් අපට වඩා සැතපුම් 6000 ක් පමණ බොහෝ දුරින් සිටියද අප සහ ඔවුන් අතර පවතින විශ්වාසනීයත්වය මත ඔවුන්ගේ සම්පූර්ණ බුද්ධිමය දේපළ අපට භාර දී තිබෙනවා. අපගේ සේවකයින් දිරිමත් කිරීම සඳහා ධනාත්මක වැඩ සංස්කෘතියක් නිර්මාණය කරන අතරම විශ්වාසය ඇති කිරීම තුළින් විශිෂ්ට කාර්යයක් ගොඩනැගීමට හැකිවීම අපගේ මෙම සාර්ථකත්වයට හේතු වුණා. 99x ලොව පුරා සිටින අපගේ පාර්ශවකරුවන් සඳහා සෑම විටම විශ්වාසදායක සහ ආරක්ෂිත පරිසරයක් පවත්වාගෙන යනවා.” යනුවෙන් 99x හි ප‍්‍රධාන මහජන නිලධාරී දමිත ජයසිංහ මහතා පැවසුවේය.

මෙම අභියෝගාත්මක කාල සීමාවන් මධ්‍යයේ වුවද 99x ව්‍යාපාර අඛණ්ඩතාව සහ සේවකයින්ගේ රැකවරණය සහතික කිරීම සඳහා පියවර ගත්තේය. සමාගම ශ‍්‍රී ලංකාවේ සිටින සිය සියලූම සේවකයන්ට හොද වැටුපක් ලබාදෙන අතර ශක්තිමත් ජීවන වියදම් දීමනා ක‍්‍රමයක් හඳුන්වා දී ඇත. මීට අමතරව 99x oDoc සහ InReach Global ඇතුළු වෛද්‍ය උපදේශන සේවා සමඟ හවුල් වෙමින් එහි සේවකයින්ට online සෞඛ්‍ය උපදේශනයට පහසුකම් සලසා දී තිබේ. වසංගතය ආරම්භයේදීම 99x සිය සේවකයින්ට බාධාවකින් තොරව නිවසේ සිට වැඩ කිරීමේ ආකෘතියකට මාරු වීමට හැකියාව ලබා දුන්නේය. මෙවැනි තීරණාත්මක පියවරයන් හරහා 99x සේවකයින්ට මෙම දුෂ්කර කාලවලදී ද සාර්ථකව ඔවුන්ගේ ගෝලීය ගනුදෙනුකරුවන් සඳහා ඉහළම සේවාවක් ලබා දීමට අවස්ථාව ලබා දී ඇත.

99x ශ‍්‍රම බලකායෙන් 25% ක් පමණ කාන්තාවන්ගෙන් සමන්විත වන අතර සමස්ත ශ‍්‍රම බලකායෙන් 78% කට වැඩි ප‍්‍රමාණයක් සහ කළමනාකරණ කණ්ඩායමේ 25% ක් පමණ සිටින්නේ තරුණ ප‍්‍රජාවයි. තවද 99x විශ්වවිද්‍යාල මට්ටමේ සිට දේශීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තයට සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත. පසුගිය වසර දහය තුළ එය දේශීය විශ්වවිද්‍යාල 30ක් සමඟ සහයෝගයෙන් කටයුතු කර ඇති අතර උපාධිධාරීන් 25,000කට අධික පිරිසකට අති නවීන තාක්ෂණයන් සමඟ වැඩ කිරීමට කර්මාන්ත අවස්ථා ලබාදෙමින් ඔවුන් සවිබල ගන්වා ඇත. මීට අමතරව 99x විසින් තාක්ෂණික සැසි 500 කට අධික ප‍්‍රමාණයක් පවත්වා ඇති අතර පර්යේෂණ ව්‍යාපෘති 50 කට ආසන්න ප‍්‍රමාණයකට ද සහාය වී ඇත.

  • Ada Derana BIZ Sinhala
  • HNB
  • LIFE
  • sri lanaka

LIFE ව්‍යාපෘතිය සමඟින් HNB තිරසාර සංවර්ධනය සඳහා වන සිය කැපවීම තවත් ශක්තිමත් කරයි

August, 1, 2022

තිරසාර සංවර්ධනය සඳහා ආයෝජනය කිරීම සඳහා ඇති සිය කැපවීම ශක්තිමත් කරමින්, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව කන්නෙලිය රක්ෂිතයේ වැසි වනාන්තරයක්ව තිබූ මේ වන විට විනාශයට පත් වී ඇති හෙක්ටයාර 2.5 ක බිම් කොටසක් ප‍්‍රතිස්ථාපනය කර කළමනාකරණය කිරීමේ සිය Life ව්‍යාපෘතියේ 4 වන වසර පසුගියදා සම්පූර්ණ කළේය.

සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමයේ (IUCN) තාක්ෂණික සහාය ඇතිව ශ‍්‍රී ලංකා ජෛව විවිධත්ව ආයතනය (BSL) විසින් ක‍්‍රියාත්මක කරන ලද මෙම පස් අවුරුදු ප‍්‍රතිසංස්කරණ වැඩසටහන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මඟපෙන්වීම යටතේ ක‍්‍රියාත්මක වේ. පැළ තවාන් දැමීම, පැළෑටිවලට පොහොර යෙදීම, පාංශු සංරක්ෂණය, පැළ ආරක්ෂණ ක‍්‍රම සහ වියළි කාලයෙදී පැළවලට ජලය යෙදීම ආදිය සහතික කරන මෙම ව්‍යාපෘතිය සඳහා බැංකුව ක‍්‍රියාකාරී දායකත්වයක් ලබා දී ඇත.

සාර්ථකව තවත් ඵලදායී වසරක් සම්පූර්ණ කිරීම පිළිබඳව අදහස් දක්වමින් HNB Sustainability/DGM/CHRO  ප‍්‍රධානී එල්. චිරන්ති කුරේ මහත්මිය පැවසුවේ ‘’කන්නෙලිය රක්ෂිතයේ මේ දක්වා අත්කර ගෙන ඇති ප‍්‍රගතිය පිළිබඳව HNB හි අප සතුටු වෙනවා. මීට කලකදී විනාශ වී ඇතැයි සැලකූ භූමියක් මේ වන විට රටේ පරිසර පද්ධතියේ විවිධ ජීවී විශේෂවලට නිවහනක් සපයන ජීවයේ ප‍්‍රභවයක් බවට පත්වෙමින් තිබෙනවා.’’ යනුවෙනි.

‘‘මෙවැනි වැදගත් ව්‍යාපෘතියක් සමඟ හවුල් වීම අපගේ ආයතනය තුළ පමණක් නොව පරිසරය තුළ ද HNB හි තිරසාර සංවර්ධන සඳහා වන කැපවීම තවත් ශක්තිමත් කරනවා. ආර්ථික අවිනිශ්චිතතාවය මධ්‍යයේ වුවද මේ සම්බන්ධව සාර්ථකව කටයුතු කිරීම පිළිබඳව ශ‍්‍රී ලංකා ජෛව විවිධත්ව ආයතනය, සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අප බෙහෙවින් ස්තූති වනවා. රටේ පාරිසරික සම්පත් නොනැසී පවත්වා ගෙන යාමට ඔවුන් දරන උත්සාහය අගය කළ යුතු අතර මෙම ව්‍යාපෘතියේ අවසානය දක්වා ඔවුන්ට සහයෝගය දැක්වීමට HNB අපේක්ෂා කරනවා.’’ යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසුවාය.

කන්නෙලිය දෙදියගල නාකියාදෙණිය (KDN) යනු සිංහරාජය හැරුණු විට ශ‍්‍රී ලංකාවේ ඉතිරිව ඇති දෙවන විශාලතම වන සංකීර්ණය වේ. මෙම සංකීර්ණය 1995 දී වන සංරක්ෂිතයක් ලෙස ප‍්‍රකාශයට පත් කරන ලද අතර මෙම භූමිය ප‍්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා මෙරට තවත් ආයතන කිහිපයක් සමඟ අත්වැල් බැඳගනිමින් එය කළමනාකරණය කරනු ලබන්නේ ශ‍්‍රී ලංකාවේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි. ප‍්‍රතිසංස්කරණ ප‍්‍රයත්නයන් හේතුවෙන් මෙම භූමිය ප‍්‍රතිරෝපණයේදී කැපී පෙනෙන ප‍්‍රගතියක් පෙන්නුම් කර ඇති බව මෙම ව්‍යාපෘතියේ තත්වය දැක්වෙන වාර්තාවකින් සොයා ගෙන ඇත.

මෑතක දී බැංකුව ලෝක පාපැදි දිනයේදී සිය සේවකයින් අතර පරිසර හිතකාමී, සෞඛ්‍ය සම්පන්න සහ ආර්ථික වශයෙන් පිරිමැසුම්දායී ප‍්‍රවාහන ක‍්‍රමයක් ප‍්‍රවර්ධනය කිරීම සඳහා ‘Walk the Talk’ වැඩසටහන හඳුන්වා දුන්නේය. HNB ඉන්ධන ඉතිරි කර ගැනීම සඳහා carpooling සහ පොදු ප‍්‍රවාහනය ප‍්‍රවර්ධනය කරන අතර බැංකුවේ සේවකයින්ට සහනදායී මිලට පාපැදි ලබා දීමට වෙළෙන්දන් සමඟ ද අත්වැල් බැඳ ගෙන ඇත.

එපමණක් නොව, HNB එහි ආරම්භයේ පටන් සිය පාරිභෝගික ඒකක හරහා බලශක්ති කාර්යක්ෂම උපකරණ සඳහා ආයෝජනය කර ඇත. මෙම ප‍්‍රයත්නයන් මගින් සිය පාරිභෝගික ඒකක 256 න් 95 ක් සූර්ය බලයෙන් ක‍්‍රියාත්මක වන අතර 2021 දී ජාතික විදුලිබල පද්ධතියෙන් යැපීම 19.7% කින් අඩු කර ඇත.

  • Ada Derana BIZ Sinhala
  • Hayleys Fabric 2022
  • IQA
  • sri lanaka

Hayleys Fabric 2022 ජාත්‍යන්තර තත්ව සම්මාන උළෙලේ දී තිරසාරත්වය වෙනුවෙන් වූ සම්මානය දිනා ගනියි

August, 1, 2022

Hayleys Fabric මෑතකදී ලන්ඩනයේ පැවති 2022 ජාත්‍යන්තර තත්ව සම්මාන (IQA) උළෙලේ දී තිරසාරත්වය වෙනුවෙන් වූ සම්මානයෙන් පිදුම් ලැබීය. Hayleys Fabric පාරිසරික, සමාජීය සහ පාලන (ESG) උපායමාර්ග හරහා තිරසාරත්වය සහතික කිරීමට කැපවීම හේතුවෙන් මෙම ජාත්‍යන්තර ඇගයීමට පාත‍්‍ර විය.

ගෝලීය දැවැන්තයින් අභිබවා යමින් IQA සඳහා අලූතින්ම හඳුන්වාදුන් මෙම තිරසාරත්වය පිළිබඳ සම්මානය දිනා ගැනීමට ශ‍්‍රී ලංකාවේ විශාලතම රෙදිපිළි නිෂ්පාදකයා වන Hayleys Fabric සමත් වීම සමස්ත ශ්‍රී ලාංකීය ඇඟලූම් ක්ෂේත‍්‍රයටම මහත් අභිමානයකි.

”තිරසාරභාවය අපගේ මූලික වටිනාකම්වලින් එකක් වන අතර අපගේ මව් සමාගම වන හේලීස් සමූහය විසින් තිරසාරත්වය තහවුරු කිරීම වෙනුවෙන් සැමවිටම අපට මගපෙන්වනවා. නිෂ්පාදන ක‍්‍රියාවලියේ සිට බෙදාහැරීම දක්වා සෑම අදියරකදීම ඇඟලූම් කර්මාන්තය හරහා සිදුවන පාරිසරික බලපෑම සැලකිල්ලට ගනිමින් ඍණාත්මක බලපෑම් අවම කිරීම උදෙසා අපි ප‍්‍රමුඛත්වය ලබාදෙනවා. ESG වෙනුවෙන් වූ මාර්ගෝපදේශයක් වන Hayleys Lifecode හඳුන්වාදීම තුළින් තිරසාරත්වය සඳහා වූ අපගේ දැක්ම වඩාත් තහවුරු වෙනවා.’’ යනුවෙන් Hayleys Fabric හි කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී රොහාන් ගුණතිලක මහතා පැවසුවේය.

”මෑතකදී ISPO Textrends සම්මාන උළෙලේ දී ඇගයීමට ලක් වූ WARNA මෙම කැපවීම සඳහා එක් සාක්ෂියක්. මෙලෙස තිරසාරත්වය උදෙසා වන අපගේ උත්සාහයන් IQA හිදී ඇගයීමට ලක්වීම ගැන වගේම ජාත්‍යන්තර වේදිකාවක් මත ශ‍්‍රී ලාංකීය නිපුණත්වය ප‍්‍රදර්ශනය කිරීමට ලැබීම ගැන ද අපි වඩාත් සතුටු වෙනවා.’’ යනුවෙන් ඔහු තවදුරටත් පැවසුවේය.

පරිසර හිතකාමී නිෂ්පාදන සඳහා ප‍්‍රමුඛත්වය ලබාදෙමින් සිය නිෂ්පාදන කටයුතු සිදුකරන Hayleys Fabric waste-to-fashion හෙවත් අපද්‍රව්‍ය භාවිතයෙන් විලාසිතාකරණය සඳහා යොමුව ඇත. මෑතකදී ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක් වූ Hayleys Fabric හි කාබනික Mahogany වර්ණකය ඒ සඳහා වූ ශක්තිමත් මුලපිරීමකි. Hayleys Fabric සිය හරිතවත් පරිසරයක් වෙනුවෙන් වූ කැපවීම සහ හරිතවත් අනාගතයක් වෙනුවෙන් වූ ඉලක්ක වෙත ලඟා වීම උදෙසා ඇති සැලැස්ම අවධාරණය කරමින් නිෂ්පාදන ක‍්‍රියාවලියෙහි සෑම අදියරකදීම ESG උපායමාර්ග අනුගමනය කරයි. එහි ප‍්‍රතිඵලයක් ලෙස දේශගුණික ක‍්‍රියාකාරකම් සහ ජල සංරක්ෂණය ඇතුළුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසාර සංවර්ධන ඉලක්ක 17න් 14ක් සමඟ සමපාත වෙමින් Hayleys Fabric මෙම සම්මානය හිමිකර ගත්තේය.

”අප තෝරාගත් ජයග‍්‍රාහකයා සෑම මානයකින්ම, සංවිධානය පුරාම තිරසාරත්වය ස්ථාපිත කිරීම වෙනුවෙන් දිගුකාලීන කැපවීමක් පෙන්නුම් කරනවා. IQA සම්මානවල ජයග‍්‍රාහකයින් තෝරාගැනීමේදී අපි සැමවිටම තිරසාරත්වය සහතික කරන වැඩපිළිවෙලක් අනුගමනය කරන්නේ ද යන්න සහ ජලයේ ගුණාත්මක භාවය කෙරෙහි අවධානය යොමු කරමින් ජනතාවගේ යහපැවැත්ම තහවුරු කරන්නේ ද යන්න පිළිබඳව සැලකිලිමත් වුණා. එහිදී Hayleys Fabric හි ඒ වෙනුවෙන් වූ ඉහළ කැපවීම සහ තිරසාරත්වය තහවුරු කිරීම උදෙසා වූ නොපසුබස්නා උත්සහය අපි හඳුනාගත්තා. මෙය විශිෂ්ට ජයග‍්‍රහණයක්.’’ යනුවෙන් Hayleys Fabric හි තිරසාරත්වය සඳහා වූ කැපවීම පිළිබඳව අදහස් දක්වමින් IQA විනිසුරු මඩුල්ල ප‍්‍රකාශ කළේය.

Jacobs සහ Troup Bywaters+ Anders වැනි ගෝලීය දැවැන්තයන් අභිබවා යමින් ශ්‍රී ලාංකීය නාමය ලෝකයා ඉදිරියට රැගෙන ගිය Hayleys Fabric ජාත්‍යන්තරය තුළ ඇගයීමට ලක් වීම රටක් ලෙස අප සියලූ දෙනාට ආඩම්බර විය හැකි අවස්ථාවකි.

Hayleys Fabric PLC යනු ශ‍්‍රී ලංකාවේ රෙදිපිළි නිෂ්පාදනයේ පුරෝගාමියා වන අතර නිර්මාණයේ සිට නිෂ්පාදනය දක්වා ඵලදායී විසඳුම් ලබා දීමට හැකියාව ඇත. මසකට රෙදි මීටර් මිලියන 6කට අධික නිෂ්පාදන ධාරිතාවක් ඇති ශ‍්‍රී ලංකාවේ විශාලතම නිෂ්පාදන ධාරිතාවක් දරණ මෙම සමාගම ගෝලීය වශයෙන් කීර්තිමත් විලාසිතා සහ ඇඟලූම් සන්නාම සඳහා ප‍්‍රමුඛයෙකි.

  • Ada Derana BIZ Sinhala
  • sri lanaka
  • unisef

වර්තමාන අර්බුදයෙන් දැඩි ලෙස පීඩාවටපත් දරුවන් හා මව්වරුන් සඳහා යුනිසෙෆ් ආයතනය හදිසි සහන පැකේජයක් දියත් කරයි

July, 29, 2022

වර්තමාන අර්බුදයෙන් දැඩි ලෙස පීඩාවට පත්වූ පෙර පාසල් දරුවන් හා මව්වරුන් සඳහා යුනිසෙෆ් ශ‍්‍ර‍්‍රී ලංකා විශේෂ සහන පැකේජයක් /තොයක් දියත් කළේය. කොළඹ මහ නගර සභාව සහ මහජන සෞඛ්‍ය පවුල් සේවිකාවන්ගේ සහයෝගයෙන් කි‍්‍රයාත්මකළ මෙම වැඩසටහන මගින් දැඩි දුෂ්කරතාවලට මුහුනදෙන නාගරික දිළිඳු හා ඔවුන්ගේ මේසය මත ආහාර තබා ගැනීමට අපහසු/සටන්කරන වඩාත්ම අවාසි සහගත පවුල්වලට අත්‍යවශ්‍ය සහන සැ ඇත.

”අහාර උද්ධමනය හා මූලික භාණ්ඩවල මිල අඛණ්ඩව ඉහළ යමින් පවතින බැවින්, වැඩි වැඩියෙන් පවු ඊට එරෙහිව සටන් කරති / දුෂ්කරතාවලට මුහුන දෙති.” යනුවෙන් යුනිසෙෆ් ශ‍්‍ර‍්‍රී ලංකා නියෝජිත එමා බි‍්‍රප්හැම් මහත්මිය පැවසුවාය. ”දැරිය හැකි මිලකට පෝෂ්‍යදායී ආහාර නොමැතිකම දරුවන්ට, විශේෂයෙන්ම ඔවුන්ගේ ජීවිතයේ මුල් අවධියේ සිටින අයට සිය ජීවිත කාලය පුරාවටම බලපායි.” ”අද දියත්කරන වැඩසටහන් ආහාරවලින් අනාරක්ෂිත පවුල්වලට යම් සහනයක් ‌ගෙගෙඒමේ වැදගත් පියවරක්වන නමුත්, තවත් බොහෝ දේ ඉතා කඩිනමින් අවශ්‍ය .” යනුවෙන්ද එමා බි‍්‍රප්හැම් මහත්මිය ඒ අතරතුර පැවසුවාය.

ජුනි මාසයේදී ආහාර උද්ධමනය 80% කට වඩා ඉහළයාම හා එය අඛණ්ඩව වැඩිවීමත් සමග, ආහාරවලින් අනාරක්ෂිත අයට යම් සහනයක් ගෙන ඒමේ ක‍්‍රියා මාර්යගක් ලෙසට, කොළඹ නාගරික බල ප‍්‍රදේශයේ ජීවත්වන, අලූතින් උපන් බිළිඳුන් ඇති මව්වරුන් 3,000 කට පමණ ඉදිරි මාස තුනකට රුපියල් 5000 ක නිතිපතා මාසිකව මුදල් හුවමාරුවක ස්වරූපයෙන් තීරානාත්මක ආධාරයක් ප‍්‍රදානය කරනු ලැබේ. සිය දරුවන්ට මව්කිරි දීම හා පෝෂණය පිළිබඳ තීරනාත්මක තොරතුරු මව්වරුන්ට ලැබෙනු ඇත.

විශේෂ අවශ්‍යතා ඇති අය ඇතුළු අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සහභාගි වන මහජන‍ පොදු පෙර පාසල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන හතළිහකට ආසන්න සංඛ්‍යාවකට මාස හයක කාලයක් සඳහා යුනිසෙෆ් ආයතනය විසින් පෝෂ්‍යදායී ආහාර ද සපයයි. මෙම දිරිගැන්වීමේ පියවර දකුණු ආසියා කළාපයේ නාස්තියේ දෙවන ඉහළම මට්ටමේ ඇති රටක, වයස අවරුදු පහට අඩු ළමයින් අතර උග්‍ර මන්ද පෝෂණය වැළැක්වීමට හා ළමා සංවර්ධනයේ තීරානාත්මක පළමු පියවර ලෙස පූර්ව ඉගෙනීම ප‍්‍රවර්ධනයකිරීම කෙරෙහි සිය අවධානය යොමු කරයි.

දරුවන් සහ පවුල් සඳහා ඉතා වේගයෙන් අතිෂය භයානක බවට පත්වෙමින් තිබෙන තත්ත්වයක් හමුවේ, යුනිසෙෆ් ආයතනය ශ‍්‍රී ලංකාවට අත්‍යවශ්‍ය සහාය ඉල්ලා හදිසි ගෝලීය ආයාචනයක් මෑතකදී දියත් කරන ලදී.

තවත් අරමුදල් ලබාගත හැකිනම්, දරිද්‍රතාවයේ හා උග්‍ර මන්ද පෝෂණයේ ඉහළම මට්ටම් ඇති දිස්ත‍්‍රික්කවල සිටින පෙර පාසල් දරුවන්ට හා ළදරුවන් සිටින මව්රුන් 200,000 කට අධික සංඛ්‍යාවක් කරා ළගාවීමට පෙර පාසල් හදිසි සහන පැකේජය/තොගය පොදු පරිමාණයට ගෙනෙනු ලබයි.

  • Ada Derana BIZ Sinhala
  • Hemas Hospitals
  • sri lanaka

හේමාස් රෝහල් සමූහය සෞඛ්‍ය සේවාවේ සිය යුතුකම් ඉටුකරමින් සුවහසක් රෝගීන්ගේ බලාපොරොත්තු නංවයි

July, 29, 2022

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රෝහල් සේවාවක් මෙන්ම ඔස්ට්‍රෙිලියානු සුවසේවා කවුන්සලයේ ප්‍රමිතිකරණය ලබා ගත් මෙරට ප්‍රථම රෝහල වන හේමාස් රෝහල් සමූහය සැත්කම් සිදුකර ගැනීමේ අපේක්ෂාවෙන් රජයේ පොරොත්තු ලේඛනයන්හි සිටින රෝගීන්ට නව ජීවන හුස්මක් ලබා දෙමින් එම සැත්කම් වඩාත් සාධාරණ මිලකට සිදු කිරීමට පියවර ගෙන ඇත. මේ අනුව විවිධ සැත්කම් සිදු කරගැනීමේ අපේක්ෂාවෙන් රජයේ රෝහල්වල ලියාපදිංචිව සිටින රෝගීන්ට තම විශේෂඥ වෛද්‍යවරයාගේ මග පෙන්වීම යටතේ හේමාස් රොහල් සමූහයට අයත් රෝහලකදී මෙම සැත්කම් සඳහා සහනදායී වට්ටමක් සහිතව වඩාත් සාධාරණ, දැරිය හැකි මිලකට සිදු කර ගත හැකි වීම මෙහි විශේෂිත වාසියයි. 0773920702 හෝ 076 302 2535 යන දුරකථන අංකයන් ඇමතීමෙන් මේ වැඩසටහන පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගත හැක.

පවතින ආර්ථික හා සමාජ අර්බුදය හමුවේ අන්තර්ජාතික මට්ටමේ සුවසේවා වෙත පිවිසීමට මහජනතාවට ඇති අවස්ථාවන් සීමා සහිත වීම හමුවේ රටේ පුරවැසියන්ගේ සුවපත් බව සිය මූලික අරමුණ කර ගත් හේමාස් රෝහල් සමූහය විසින් මෙම සුවිශේෂී පියවර ගෙන ඇත. විදේශ විනිමය හිඟය හේතුවෙන් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය බරපතළ ඖෂධ හා වෛද්‍ය උපකරණ හිඟයකට මුහුණ පාමින් සිටින අතර රජයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මෙහි වඩාත් අහිතකර බලපෑමට මුහුණ දී සිටීියි. මේ තත්වය අවබෝධ කර ගත් හේමාස් රෝහල් සමූහය සෑම ශ්‍රී ලාංකිකයකුටම ජාත්‍යන්තර මට්ටමේ සුවසේවාවක් වෙත ප්‍රවේශ වීමේ අයිතිය මෙම වැඩපිළිවෙළ මගින් තහවුරු කර ඇත. මේ අනුව හේමාස් රෝහල් සමූහයට අයත් හේමාස් වත්තල හා තලවතුගොඩ රෝහල් වෙතින් අවයව බද්ධ කිරීමේ සිට එක් දිනක් තුළ සිදු කර ගත හැකි සැත්කම් සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇත. පවතින අර්බුදකාරී තත්වය තුළ රජයේ රෝහල් වලින් සැත්කම් සිදුකර ගැනීමේ අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනයන්හි විශාල පිරිසක් රැඳී සිටින අතර ඖෂධ හා වෛද්‍ය සැපයුම්වල පවතින අඩුපාඩු හමුවේ දෛනිකව රජයේ රෝහල්වල සිදු කෙරෙන සැත්කම් විශාල සංඛ්‍යාවක් සීමා කිරීමට සිදු ව ඇත.

අදාළ ශල්‍ය වෛද්‍යවරයාගේ නිර්දේශය සහ මගපෙන්වීම මත හේමාස් රෝහල් සමූහයට පැමිණෙන රෝගීන්ට වකුගඩු බද්ධ කිරීම, විකලාංග ක්ෂේත්‍රයේ සුළු සහ අනෙකුත් ප්‍රධාන සැත්කම් ද, උරස් හා උදර කුහරය ආශ්‍රිත සුළු හා සාමාන්‍ය තත්වයේ සැත්කම් ද , සුවනාරි ක්ෂේත්‍රයට අයත් වන සුළු හා සාමාන්‍ය සැත්කම් ද , උගුර කන් නාසය සැතක්ම් හා මෞත්‍රලිංග ආශ්‍රිත සුළු සැත්කම් සහ සියලු ශල්‍යකර්ම සඳහා රජයේ රෝහල් හි ලියාපදිංචි ව සිටින රෝගීන්ට හේමාස් රෝහල් සමූහය වෙතින් දැරිය හැකි මිලකට තම සැත්කම සිදු කර ගත හැකි වනු ඇත.

රටේ පවතින මෙම අභියෝගාත්මක තත්වය හමුවේ ඉදිරියට පැමිණෙමින් හේමාස් රෝහල් සමූහය විසින් ලබා දෙන මෙම පහසුකම පිළිබඳව අදහස් දක්වන හේමාස් රෝහල් සමූහයේ කළමණාකාර අධ්‍යක්ෂ සහ ශ්‍රී ලංකා පුද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමයේ හිටපු සභාපති ආචාර්ය ලකිත් පීරිස් මහතා “ රටේ පවතින අර්බුදකාරී තත්වය හමුවේ සෑම ක්ෂේත්‍රයක් මෙන්ම සුවසේවා ක්ෂේත්‍රයත් දැඩි අර්බුදයකට පත්ව තිබෙනවා. මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවක් වන ඖෂධ සහ රෝහල් සේවා ක්ෂේත්‍රයද දැඩි අභියෝගයන්ට මුහුණ දී සිටියද , පුද්ගලික අංශයේ රෝහල් සමූහයක් ලෙසත් මෙරට ජනතාව වෙත අන්තර්ජාතික මට්ටමේ රෝහල් සේවාවක් වෙත ප්‍රවේශ වීමට ඇති අයිතිය තහවුරු කිරිමට කැපවී කටයුතු කරන රෝහල් සමූහයක් ලෙසත් මේ අභියෝගාත්මක අවස්ථාවේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව වෙත ලබා දිය හැකි ඉහළම දායකත්වය ලබා දීමට අපි නොපැකිලිව ඉදිරිපත් වන අතරම හේමාස් රෝහල් සමූහය මගින් දියත් කර ඇති මෙම වැඩපිලිවෙළ මගින් රජයේ රෝහල් ක්ෂේත්‍රය වෙත ඇති කර ඇති පීඩනය සමනය කිරීමටත්. මෙම අර්බුදය හමුවේ බලාපොරොත්තු රහිතව දිවිගෙවූ රෝගීන්ට නව ජීවන හුස්මක් ලබා දීමටත් අපට හැකිවීම හේමාස් රෝහල් සමූහයට ලැබෙන මාහැඟි ආශිර්වාදයක් බව මගේ අදහසයි” යනුවෙන් පැවසීය.

  • Ada Derana BIZ Sinhala
  • Nippon Foundation
  • sri lanaka

නිපොන් පරිත්‍යාග පදනම රොෂාන් මහානාම මහතාගේ සමාජ සත්කාරයන්ට සහයෝගය දක්වයි

July, 29, 2022

ලොව පුරා රටවල් 30කට අධික සංඛ්‍යාවක ක්‍රියාත්මක වන නිපොන් පරිත්‍යාග පදනම, සංවර්ධනය වෙමින් පවතින රටවල සෞඛ්‍ය, අධ්‍යාපනය, ව්‍යවසායකත්වය ඇතුළු තවත් බොහෝ ක්ෂේත්‍ර නංවාලීම වෙනුවෙන් විවිධ ව්‍යාපෘති දියත් කරයි. ආරම්භයේ සිට ම ලෝක සාමය තහවුරු කිරීම අරමුණු කරගත් එම පදනම ජපානය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කරනු ලැබුවේ එහි නිර්මාතෘ සහ සභාපති යූමා මුරනුෂි මහතා විසිනි. අති දක්ෂ ව්‍යවසායකයෙකු වන මුරනුෂි මහතා වයස අවුරුදු 19 දී ජපානයේ ඔසාකා විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටිය දී ආයෝජනය කිරීම ආරම්භ කළේය. ඉන් පසු වයස අවුරුදු 24 දී පෞද්ගලික අරමුදලක් පිහිටුවා මූල්‍ය ව්‍යාපාරික ක්ෂේත්‍රය වෙත ඇතුළු වූ ඔහු දේශීය හා විදේශීය අරමුදල් කළමනාකරණය කරමින් ව්‍යාපාර මිල දී ගැනීම අඛණ්ඩව සිදුකළේය.

නිපොන් පරිත්‍යාග පදනමේ ජාතික අධ්‍යක්ෂ ආචාර්ය රුවන් පෙරේරා මහතාගේ ආරාධනයකට අනුව මුරනුෂි මහතා ශ්‍රී ලංකාවට පැමිණ සිටින අතර, මින් පෙර ඔහු මෙරට ජාතික රෝහලට රුපියල් කෝටියක් වටිනා ඖෂධ තොගයක් පරිත්‍යාග කිරීමට ද කටයුතු කළේය. එමෙන් ම මුරනුෂි මහතා, මෙම අභියෝගාත්මක කාල වකවානුවේ දී ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම මහතා විසින් අඛණ්ඩව සිදුකරනු ලබන සමාජ සේවා වැඩසටහන් සහ පරිත්‍යාගයන් සඳහා අනුග්‍රහය ලබා දීම ද සිදුකරයි. මුරනුෂි මහතා මෙවර මෙරටට පැමිණ සිටින්නේ දිගුකාලීන පදනමක් මත පරිත්‍යාග හා සෘජු විදේශ ආයෝජන සිදු කිරීම හරහා ශ්‍රී ලංකාව තුළ සිදු කරන සිය වාණිජ සහ සමාජ සත්කාරක වැඩසටහන් පුළුල් කිරීමේ අරමුණිනි.

යූමා මුරනුෂි මහතා සිය ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව මෙසේ අදහස් දැක්වීය. “ආචාර්ය රුවන් පෙරේරා ශ්‍රී ලංකාවට පැමිණීමට මට ආරාධනා කිරීම ඇත්තටම ගෞරවයක්. මේ රට අසීමිත විදියට දියුණු කළ හැකි රටක් විදියට මම දකිනවා. වර්තමානයේ දී පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට මේ රටේ ජනතාවට හැකි උපරිමයෙන් සහයෝගය ලබා දීමට කටයුතු කරන බව මා අවධාරණය කරනවා. මෙම අභියෝගාත්මක කාලවල දී රටේ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වූ රොෂාන් මහානාම මහතාට සහයෝගය ලබා දීමට හැකිවීම ගැන මා ඉතා සතුටට පත් වෙනවා.”

ආචාර්ය රුවන් පෙරේරා, ජපානයේ ටෝකියෝ විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා, Sony සමාගමේ වසර 20කට අධික කාලයක් සේවය කළ ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරුවෙකි. ඒ මහතා සිය නමින් ගෝලීය පේටන්ට් බලපත්‍ර 3ක් හිමිකරගෙන ඇති අතර, ශ්‍රී ලංකාව සහ ජපානය අතර වාණිජ හා වාණිජ නොවන ද්විපාර්ශ්වික සබඳතා ගොඩනැංවීම වෙනුවෙන් ප්‍රශංසනීය කාර්‍යභාරයක් ඉටු කරයි. ආචාර්ය පෙරේරා මෙරට ඇමරිකානු ඩොලර් මිලියන 100කට අධික වත්කම් සහිත සමාගමක සභාපතිවරයා වශයෙන් කටයුතු කරන අතර, ඒ මහතා ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළ ආශ්‍රිත ප්‍රථම සංචාරක හෝටලය ඉදිකිරීම සඳහා සිදුකර ඇති ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 25 කි.

නිපොන් පරිත්‍යාග පදනම විසින් ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ සිදුකරනු ලබන පරිත්‍යාග හා දියත් කරනු ලබන විවිධ වැඩසටහන් ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව අවධාරණය කරන අතර, ශ්‍රී ලංකාවේ ලාභදායී ව්‍යාපෘති සඳහා ජපාන ආයෝජකයින් සම්බන්ධ කිරීම ද අඛණ්ඩව කටයුතු කරන බව තහවුරු කර ඇත. එමෙන් ම පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ශ්‍රී ලංකා රජයට හා ජනතාවට සහයෝගය දක්වමින්, ඉදිරි මාස කිහිපය තුළ ජපාන නියෝජිත ආයෝජකයින් පිරිසක් ශ්‍රී ලංකාවට ගෙන්වීම සඳහා ආචාර්ය පෙරේරා කටයුතු සම්පාදනය කර ඇති අතර, ජපාන වෙළෙඳපොළ වෙත පිවිසීමට කැමැත්තක් දක්වන දේශීය අපනයනකරුවන්ට ඒ සඳහා පහසුකම් සැලසීමට ද ඒ මහතා කටයුතු කරයි.