• Ada Derana BIZ Sinhala
  • PropertyGuru
  • sri lanaka

PropertyGuru ආසියානු දේපළ සම්මාන උළෙල පස්වන වරටත් ශ්‍රී ලංකාවේ ආරම්භ වෙයි

July, 4, 2022

PropertyGuru සමාගම විසින් සංවිධානය කරනු ලබන ආසියානු කලාපයේ විශාලතම සහ කීර්තිමත්ම දේපළ වෙළඳාම් සම්මාන උළෙලේ අයදුම්පත් බාර ගැනීම නිල වශයෙන් ආරම්භ කර ඇති අතර, අයදුම්පත් භාර ගැනීම සැප්තැම්බර් මස 2 වනදායින් අවසන් වන බව දන්වා සිටියි. පස්වන වරටත් වාර්ෂික පැවැත්වෙන PropertyGuru ආසියානු දේපළ සම්මාන උළෙල (ශ්‍රී ලංකාව) වසරේ විශිෂ්ටතම දේපළ සංවර්ධනකරුවන්, ව්‍යාපෘති සහ සැලසුම්කරුවන් ඇගයුමට ලක්කරයි.  2022 වසරේ මෙම සම්මාන උළෙලට සම්බන්ධ වැදගත් දින අතරට 2022 සැප්තැම්බර් 2 –  අයදුම්පත් බාරගැනීමේ අවසාන දිනය , 19-22 සැප්තැම්බර් - පරිශ්‍ර  නිරීක්ෂණය , 26 සැප්තැම්බර්– අවසාන විනිශ්චය ,14 ඔක්තෝම්බර් – සම්මාන ප්‍රධානෝත්සවය , 09 දෙසැම්බර් 2022 – කලාපීය සම්මාන ප්‍රධානෝත්සවය වේ.

මෙවර 2022 සම්මාන උළෙල සඳහා කාණ්ඩ 57ක් යටතේ සුදුසුකම් ලබන සමාගම් හට තරඟ කළ හැකි අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ESG සහ තිරසාර සැලසුම් සහ ඉදිකිරීම් සඳහා විශේෂ පිළිගැනීම් මෙන්ම වාණිජ ව්‍යාපෘති සඳහා විවිධ ගෞරව පිළිගැනීම් හිමිකර ගැනීමට අදාළ සමාගම් හට හැකියාව හිමිවේ. මීට අමතරව දකුණු ආසියානු කලාපය තුල සිදුවන විශාල සංවර්ධනය මූලික කොට ගනිමින් මාලදිවයින් සංවර්ධන ව්‍යාපෘති ඇගයීමද මෙවර සම්මාන උළෙලිදී සිදු වේ. මෙහිදී මාලදිවයින තුල හොඳම නේවාසික ව්‍යාපෘතිය සහ මාලේ නගරය තුල හොඳම නේවාසික ව්‍යාපෘතිය  සඳහා සම්මාන පිරිනැමීමට කටයුතු යොදා ඇත.

https://www.asiapropertyawards.com/en/nominations වෙබ් අඩවිය හරහා මේ සඳහා අයදුම් කළ හැකි අතර මෙය කර්මාන්ත සහ මහජනතාව සඳහා ද විවෘත සම්මාන උළෙලකි. මෙහි සියලුම තරඟකරුවන් අතරින් ජයග්‍රහකයින් තෝරා ගනු ලබන්නේ විද්වත් විනිශ්චය මණ්ඩලයක් විසින් සිදුකරන දිගු තෝරා ගැනීම් ක්‍රියාපටිපාටියකට පසුව වීම සුවිශේෂී වේ.  HLB Sri Lanka, මෙවර සම්මාන උළෙලේ නිල අධීක්ෂක වශයෙන් කටයුතු කරන අතර, සම්පුර්ණ සම්මාන උළෙල ඉහළ විනිවිදබාවයකින් සහ උපරිම සාධාරණත්වයකින් සිදුකිරීම සඳහා ඔවුන් කැපවී ක්‍රියා කරයි.

2022 වසරේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජයග්‍රහණය කරන ප්‍රධාන ජයග්‍රහකයින් සඳහා දෙසැම්බර් මස 9 වන දින තායිලන්තයේ බැංකොක් හි පැවැත්වෙන 17වන PropertyGuru ආසියානු දේපළ සම්මාන උළෙලේ  ජාත්‍යන්තර මට්ටමේ තරඟාවලිය සඳහා සහභාගී වීමට අවස්ථාව හිමිවේ.

පසුගිය වසරේ පැවැත්වුණු සම්මාන උළෙලේදී, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ Home Lands Skyline (Pvt) Ltd විසින්, Best Developer සම්මානය ඇතුලු සුවිශේෂී සම්මාන හතක් හිමිකර ගන්නා ලදී. 2005 දී ආරම්භ කරන ලද PropertyGuru Asia Property Awards, දේපල සංවර්ධන, ඉදිකිරීම්, ගෘහ නිර්මාණ ශිල්පය, අභ්‍යන්තර සැලසුම් සහ තිරසාර ගොඩනැගිලි සංවර්ධන ක්ෂේත්‍රයන් තුළ විශිෂ්ට දෑ සොයමින් ඒවා අගය කරමින්, අන්තර්ජාතික තලයට එම නිර්මාණ සහ අදාළ නිර්මාණ සැළසුම්කරුවන් රැගෙන යාමට කැපවී ක්‍රියා කරයි.  දැනට මෙම සම්මාන උළෙල, ඕස්ට්‍රේලියාව, චීනය, හොංකොං, මැකා සහ ජපානය ඇතුළු කලාපයේ ගතික දේපල වෙලඳපොලවල් රැසක් ආවරණය කරමින් වාර්ෂිකව පවත්වයි. තවද, 2020 සහ 2021 වර්ෂ තුළ මෙම සම්මාන උළෙල ඔන්ලයින් ආකාරයට ප්‍රජාවට නැරඹිය හැකි ආකාරයෙන් ක්‍රියාත්මක කළ අතර, එය මිලියනයකට අධික පිරිසක් විසින් නරඹා ඇත.

පස්වැනි PropertyGuru ආසියානු දේපළ සම්මාන උළෙලේ, නිල cable TV හවුල්කරු ලෙස History Channel ද, PropertyGuru දේපළ වාර්තා සඟරාව නිල සඟරා සහකරු ලෙස ද,  නිල මහජන සම්බන්ධතා සහකරු ලෙස PR WIRE,   නිල ESG සහකරු ලෙස Baan Dek Foundation, සහ නිල අධීක්ෂණ සහකරු ලෙස HLB Sri Lanka ක්‍රියාත්මක වනු ඇත.   වැඩිදුර විස්තර awards@propertyguru.com වෙත ඉ-මේල් පණිවිඩයක් යොමු කිරීමෙන් හෝ AsiaPropertyAwards.com නිල වෙබ්අඩවියට පිවිසීමෙන් හෝ ලබාගත හැකිය.

  • Ada Derana BIZ Sinhala
  • Sampath Bank
  • sri lanaka

පොසොන් පොහොය නිමිති කරගනිමින් සම්පත් බැංකුවෙන් පිංකම් රැසක්

July, 4, 2022

පසුගියදා නිමාව දුටු පොසොන් පුන් පොහොය දිනය නිමිති කරගනිමින් රටටත්, ජනතාවටත් සෙත් පැතීම අරමුණු කරගත් ශීල ව්‍යාපාරයක් ඇතුළු පින්කම් රැසක් සංවිධානය කිරීමට සම්පත් බැංකුවේ බෞද්ධ සංගමය කටයුතු කරනු ලැබීය. එහිදී සම්පත් බැංකු සාමාජිකයින්ගේ හා ඔවුන්ගේ පවුල් සාමාජිකයින්ගේ මෙන්ම විශ්‍රාමික සම්පත් බැංකු සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පොසොන් පොහොය දින දවස පුරා සම්පත් බැංකු ප්‍රධාන කාර්යාලයේදී ශීල ව්‍යාපාරයක් පැවැත්වුණ අතර ඒ වෙනුවෙන් විශාල පිරිසක් එක්ව සිටීමද විශේෂත්වයකි. ඊට අමතරව දිවයින පුරා සම්පත් බැංකු ශාඛාවන් 21ක් මඟින් සංවිධානය කළ දානමය පිංකම් 21ක්ද සංවිධානය කර තිබූ අතර දිවයිනේ විහාරස්ථාන 21ක සිල් සමාදන් වන උපාසක උපාසිකාවන් වෙනුවෙන් එම දානය පිළිගන්වනු ලැබීය.

මීට අමතරව සම්පත් බැංකුව දිවයින පුරා ජාතික හා ප්‍රාදේශීය මට්ටමේ විවිධ පිංකම් වෙනුවෙන් සිය දායකත්වය දැක්වීමට කටයුතු කර තිබිණ.

  • Ada Derana BIZ Sinhala
  • FIFA
  • FIFA World Cup Qatar 2022
  • sri lanaka
  • vivo

කටාර් හි පැවැත්වෙන 2022 FIFA ලෝක කුසලානයේ නිල අනුග්‍රාහක ලෙස vivo පත් වෙයි

July, 1, 2022

ප්‍රමුඛ පෙළේ ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන vivo විසින් ජාත්‍යන්තර පාපන්දු තරඟාවලිය වන FIFA ලෝක කුසලාන කටාර් 2022™ හි නිල අනුග්‍රාහක ලෙස පත්වීම ඉතා සතුටින් දැනුම් දෙන ලදී. 2017 සිට අවස්ථා දෙකකදීම FIFA ලෝක කුසලානයේ නිල ස්මාර්ට් ජංගම දුරකථනය ලෙස vivo ක්‍රියා කල අතර මෙම වසරේදී ලොව පුරා සිටින පාපන්දු ලෝලීන්ට අමතක නොවන අත්දැකීමක් ලබා දීමේ අරමුණින් 2022 නොවැම්බර් 21 සිට කටාර්හිදී මෙම තරඟාවලිය පැවැත්වීමට නියමිතය.

මෙම හවුල්කාරිත්වය හරහා vivo විසින් සිය නිල ලාංඡනය සහ නිල සන්නාම අනන්‍යතාවයන් සංකේතවත් කරමින් ලොව පුරා සිටින උද්යෝගිමත් පාපන්දු ලෝලීන් සමඟ සම්බන්ධ වීම උදෙසා අද්විතීය ප්‍රවර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටී. මේ තුලින් අනාගතයේදී සුවිශේෂී පාරිභෝගික අත්දැකීම් සහ ස්මාර්ට්ෆෝන් තාක්ෂණයේ පෙරළිකාර දියුණුවක් අත්කරගනිමින් ජාත්‍යන්තරය ජය ගැනීම vivo හි පැතුමයි.

මෙම හවුල්කාරිත්වය පිළිබඳව සිය අදහස් දක්වමින් vivo Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරී කෙවින් ජියෑං මහතා මෙසේ පැවසීය. "“FIFA World Cup Qatar 2022™ සමඟ මෙම සහයෝගීතාවයට එළඹීමට ලැබීම අප ලද භාග්‍යයක්. ලොව පුරා සිටින බිලියන ගණනකට ප්‍රීතිය ගෙන දීමටත් ඔවුන්ගේ වයස, ජාතිය, ස්ත්‍රී පුරුෂ භාවය සහ සංස්කෘතිය නොතකා ඔවුන්ව එකට එක් කිරීමටත් පාපන්දු ක්‍රීඩාවට හැකි බව අපි විශ්වාස කරනවා. අපි රටවල් 60 කට වැඩි ප්‍රමාණයක් සහ කලාප හරහා අපගේ පැවැත්ම ව්‍යාප්ත කරමින් යන අවදියක ලොව පුරා බිලියන ගණනකට ආස්වාදයක් ලබා දීමට හැකියාව පවතින  FIFA ලෝක කුසලාන කටාර් 2022™ හිදී අපට ලැබුණු මෙම අවස්ථාව කදිම වේදිකාවක්. මේ තුලින්, ලොව පුරා සිටින බිලියන ගණනක ක්‍රීඩා ලෝලීන්ට ප්‍රීතියක් ලබා දීමට හැකි ක්‍රීඩාවන් ප්‍රවර්ධනය කිරීමේ, අපගේ වටිනා අවශ්‍යතාවය මැනවින් පිළිබිඹු වෙනවා".

දකුණු ආසියාව තුල සිය ආරම්භය සනිටුහන් කල දා පටන්ම vivo හි අවධානය සහ කැපවීම යොමු වූයේ  දේශීය පාරිභෝගිකයින්ට විශිෂ්ට නිෂ්පාදන අත්දැකීම් ලබා දීම කෙරෙහිය. Vivo හි දේශීය නිෂ්පාදන සහ අලෙවිකරණ උපාය මාර්ග හේතුවෙන් වෙළඳපල තුල වේගවත් වර්ධනයක් අත්කර ගැනීමට හැකිවිය. සිය පරිශීලකයන් කේන්ද්‍ර කොට ගනිමින්, නවෝත්පාදන තුලින් පුරෝගාමී ස්මාර්ට්ෆෝන් තාක්‍ෂණයන් බිහි කිරීම vivo හි ඉදිරි බලාපොරොත්තුවයි.

  • Ada Derana BIZ Sinhala
  • Samsung
  • SLT-MOBITEL
  • Smart devices
  • sri lanaka

තෝරාගත් සැම්සුන් Smart devices සඳහා 5G තාක්ෂණික අත්දැකීම ලබා දීමට Samsung, SLT-MOBITEL සමඟ අත්වැල් බැඳගනී

July, 1, 2022

ශ‍්‍රී ලංකාවේ අංක 1 smartphone වෙළෙඳ නාමය වන සැම්සුන් තෝරාගත් සැම්සුන් devices සඳහා 5G තාක්ෂණික අත්දැකීම ලබා දීම සඳහා SLT-MOBITEL සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙය ජූනි මස මුල් සතියේ සිට ක‍්‍රියාත්මක වේ. මේ අනුව සැම්සුන් පරිශීලකයන්ට දැන්  SLT-Mobitel 5G අත්හදා බැලීමේ (trial) කලාපවල සුපිරි 5G අත්දැකීමක් අත්විඳීම සඳහා ඔවුන්ගේ 5G හැකියාව සහිත device SLT-Mobitel ජාලය තුළ භාවිත කිරීමට හැකි වේ.

සෑම ශ‍්‍රී ලාංකිකයෙකුටම අති නවීන 5G තාක්ෂණික අත්දැකීම අත්විඳීමට හැකියාව ලබාදෙමින්, සුපිරි බ්‍රෝඞ්බෑන්ඞ් සම්බන්ධතාව සහ SLT-Mobitel හි ඊලඟ පරම්පරාවේ සම්බන්ධතාවය සමඟින් එන ප‍්‍රතිලාභ රැසක් සමඟින් SLT-Mobitel හි 5G තාක්ෂණය සැම්සුන් පරිශීලකයින්ට ඔවුන්ගේ devices උපරිමයෙන් භාවිත කිරීමට හැකියාව ලබා දෙයි.

මේ පිළිබඳව අදහස් දක්වන Mobitel හි ප‍්‍රධාන විධායක නිළධාරී චන්දික විතාරණ මහතා පැවසුවේ ‘’ජාතික ICT විසඳුම් සපයන්නා ලෙස අප ශ‍්‍රී ලංකාව තාක්ෂණික විප්ලවයේ මීළඟ අදියර කරා ගෙන යාමට කැපවී සිටිනවා. සැම්සුන් සමඟ ඇති අපගේ හවුල්කාරිත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම එම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා වන ඉදිරි පියවරක්. ලෝකයේ ප‍්‍රමුඛතම අන්තර්ජාල වේග පරීක්ෂක ස්ථාන සඳහා වේගයෙන් පරීක්ෂණ තාක්ෂණය සපයන Ookla විසින් අඛණ්ඩව වසර තුනක් වේගවත්ම ජංගම දුරකතන ජාලය ලෙස පිළිගැනීමට ලක් කර ඇති SLT-Mobitel Mobile අපගේ අනාගතය සඳහා සූදානම් යටිතල පහසුකම් සහ ඊළඟ පරම්පරාවේ සම්බන්ධතා අත්දැකීම සමඟින් ශ‍්‍රී ලංකාව පරිවර්තනයට ලක් කිරීමට සූදානමින් සිටී. තෝරාගත් සැම්සුන් Smartphone devices සඳහා 5G තාක්ෂණික අත්දැකීම ලබා දීමෙන් සැම්සුන් පරිශීලකයින්ට ඔවුන්ගේ 5G හැකියාව සහිත device එක උපරිම හැකියාවෙන් භාවිත කිරීමට අප හැකියාව ලබා දෙනවා. 5G අත්දැකීම සමඟින් පාරිභෝගිකයින්ගේ ජීවිත බුද්ධිමත් හා වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යා හැකි තාක්ෂණය සහ යටිතල පහසුකම් අප සතුව ඇති නිසා SLT-Mobitel හි අප, අපගේ පාරිභෝගිකයින්ට සුවිශේෂී අත්දැකීම් ලබා දීම සඳහා අඛණ්ඩව නව ක‍්‍රම සොයමින් සිටිනවා.’’ යනුවෙනි.

‘’SLT-Mobitel හි සහයෝගයත් සමඟින් අපගේ පුළුල් පරාසයක ස්මාර්ට් ජංගම දුරකතනවලට 5G හඳුන්වා දුන් පළමු smartphone වෙළෙඳ නාමය වීම ගැන අප සතුටුයි. පහසුව, හැඩය සහ ඉහළ තාක්ෂණය ඔබේ වෙතටම ගෙන එමින් 5G සමඟින් ඔබ වෙත ගෙන එන නවතම ප‍්‍රතිලාභවලින් ද එය සමන්විත වන නිසා සැම්සුන් දැන් Future Ready ය. 5G යනු උපරිම ධාරිතාවයෙන් එය භාවිත වන බව සහතික කිරීම සඳහා සැම්සුන් Galaxy devices වලට කළ නවතම හඳුන්වා දීමයි. 5G ශ‍්‍රී ලංකාව පුරා හඳුන්වා දීමට පටන් ගැනීමත් සමඟ මුළු රටම වඩාත් හොඳ ජංගම දුරකථන ජාලයකට සම්බන්ධ වීම වැඩි ඈතක නොවනු ඇත. සැම්සුන් සැමවිටම පාරිභෝගිකයින්ට ඔවුන්ගේ smartphones වලින් හොඳම දේ ලබා ගැනීම සහතික කරන අතර අපගේ 5G හඳුන්වා දීම වඩාත් සාර්ථක ලෙස සිදු කිරීමට අප මහත් පරිශ‍්‍රමයක් දරන්නේ ඒ නිසයි. පාරිභෝගිකයින්ට දැන් 5G සමඟින් ඔවුන්ගේ Galaxy smartphones හරහා ඔවුන්ගේ සිහින සැබෑ කර ගත හැකියි.’’ යනුවෙන් සැම්සුන් ශ්‍රී ලංකා කළමනාකාර අධ්‍යක්ෂ කෙවින් සුන්ග්සු යූ මහතා පැවසුවේය.

සැම්සුන් Galaxy smartphones යනු 12 5G band තාක්ෂණය සහිත 5G devices වේ. SLT-Mobitel විසින් 5G ජාලය ශ‍්‍රී ලංකාවට හඳුන්වා දී බැවින් එම devices වලට 5G අත්දැකීම විඳ ගැනීමට අවස්ථාව ඇති බව මෙයින් අදහස් අදහස් වේ. 5G ජාලය ශ්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක වීමට පෙර පවා සැම්සුන් N1, N3, N5, N7, N8, N20, N28, N38, N40, N41, N66 සහ N78 යන 12 5G band තාක්ෂණය සහිත smartphones පාරිභෝගිකයින්ට හඳුන්වා දීමට කටයුතු කළේය.

Galaxy 5G සමඟින්, ශ‍්‍රී ලංකාවේ 5G band එක කුමක් වුවත්, පරිශීලකයින්ට සහතික කළ 5G සම්බන්ධතාවයක් හිමි වනු ඇති අතර දිවයින පුරා  ඕනෑම 5G ජාලයකට බාධාවකින් තොරව ප‍්‍රවේශය හිමි වනු ඇත. බාධාවකින් තොර අඛණ්ඩ 5G තාක්ෂණය මගින් ඉතා වේගයෙන් අන්තර්ගතයන් download, share සහ stream කිරීමට උපකාරී වේ.

Galaxy S21 Ultra 5G, S21+ 5G සහ S21 5G  ආදිය SLT-Mobitel 5G හැකියාව සහිත devices වන අතර Galaxy Z Fold 3, Galaxy Z Flip 3, Galaxy Z Fold 2, Galaxy Note20 Ultra 5G, Galaxy Note20 5G, Galaxy A22 5G, Galaxy F42 5G, Galaxy S22 Ultra 5G, S22+ 5G සහ S22 5G යන එක් එක් මාදිලිය සඳහා මීළඟ software නිකුතුවේදී SLT-Mobitel 5G හැකියාව ලැබෙනු ඇත.

ශ‍්‍රී ලංකාවේ ජාතික ICT විසඳුම් සපයන්නා වන SLT-Mobitel, දේශීය වෙළඳපොළට නවතම ජංගම දුරකතන තාක්ෂණය හඳුන්වා දීමේ පුරෝගාමියා වේ. 2019 දී වාර්තාගත වේගයක් පෙන්නුම් කරමින් 5G ස්මාර්ට් ජංගම දුරකතනයක් සිය 5G trial network එකට සම්බන්ධ කළ පළමු ජාලය ද වන්නේ SLT-Mobitel ය. තවද, SLT-MOBITEL ශ‍්‍රී ලංකාවේ මෑතකදී 2.5Gbps ක් ඉක්මවා ගිය ඉහළම ජංගම දුරකතන 5G වේගය වාර්තා කළේය. තවද, SLT-Mobitel සිය පාරිභෝගිකයින්ට තමන් සමඟින් 5G හි සැබෑ වෙනස අත්විඳීමට අවස්ථාව ලබා දීම සඳහා සිය 5G ready network යටිතල පහසුකම් තවදුරටත් පුළුල් කරමින් සිටී. Streamers, පාරිභෝගිකයින්, වීඩියෝ ක‍්‍රීඩාවල නිරතවන්නන්ට සහ ඩිජිටල් ක‍්‍රියාකාරිකයින්ට https://5g.sltmobitel.lk වෙත පිවිසීමෙන් 5G අත්හදා බැලීමේ කලාප පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකිය. නැත්නම් ළඟම ඇති ප‍්‍රධාන ප‍්‍රදර්ශනාගාරයට ගොස් 5G හි පරිවර්තනීය වෙනස අත්විඳින්න. SLT-Mobitel සමඟ අනාගතය කෙබඳු වේදැයි අත්විඳින්න.

  • Ada Derana BIZ Sinhala
  • Flash Health
  • online pharmacy
  • sri lanaka

‘ෆ්ලෑෂ් හෙල්ත්’ ඇප් සේවාවේ ගෙවීම් පහසු කිරීමට ෆ්ලෑෂ් ඩිජිටල් බැංකු ගිණුම සමඟ ඒකාබද්ධ වෙයි

June, 30, 2022

පාරිභෝගිකයින්ගේ නිවසටම ඖෂධ රැගෙන එන විප්ලවීය අන්තර්ජාල ඔසුසල වන ෆ්ලෑෂ් හෙල්ත් ඇප් පහසුකමට පහසු ගෙවීමේ මාධ්‍යයක් ලෙස ෆ්ලෑෂ් ඩිජිටල් බැංකු ගිණුම ඒකාබද්ධ කර තිබෙන බව කොමර්ෂල් බැංකුව නිවේදනය කරයි.

මෙම ඒකාබද්ධතාවය යටතේ ෆ්ලෑෂ් හෙල්ත් ඇප් පහසුකමේ ප‍්‍රියතම ගෙවීමේ විකල්පය ලෙස තමන්ගේ ෆ්ලෑෂ් ඩෙබිට් කාඞ්පත හෝ ගිණුම ලියාපදිංචි කරන කොමර්ෂල් බැංකුවේ ෆ්ලෑෂ් ගිණුම් හිමියන්ට අන්තර්ජාලය ඔස්සේ ඖෂධ තුන්ඩු භාරදීම සම්පූර්ණ කිරීමේදී, මෙම ඇප් සේවාවෙන් ඖෂධ මිලදී ගැනීමේදී, නිවසටම ගෙන්වාගෙන රසායනාගාර පරීක්ෂණ සිදුකිරීමේදී සහ අන්තර්ජාලය ඔස්සේ වෛද්‍ය උපදෙස් ලබාගැනීමේදී 20% ක් දක්වා වට්ටම් ලබාගත හැකිවේ.

කොම්බෑන්ක් ෆ්ලෑෂ් ඩිජිටල් බැංකු ගිණුම වැනි දේශීය සේවාවක් භාවිතා කිරීමට ෆ්ලෑෂ් හෙල්ත් ඇප් පහසුකම විසින් ගෙවීමේ පාර්ශවකරුවා ලෙස තෝරාගෙන තිබෙන එකම බැංකුව කොමර්ෂල් බැංකුව වේ. මෙහිදී, පාරිභෝගිකයින්ට මෙම ඇප් පහසුකමෙන් සේවාවන් ලබාගැනීම සඳහා තමන්ගේ ෆ්ලෑෂ් ඩෙබිට් කාඞ්පත එක් වරක් පමණක් මෙම ඇප් පහසුකමේ ලියාපදිංචි කළ යුතු අතර නැවත නැවතත් සේවා ලබාගැනීමේදී ඩෙබිට් කාඞ්පත යළිත් ලියාපදිංචි කළ යුතු නැත.

ෆ්ලෑෂ් හෙල්ත් මොබයිල් ඇප් පහසුකම මගින් ඖෂධ ඇණවුම් අන්තර්ජාලය ඔස්සේ අප්ලෝඞ් කර ගෙදරටම ඖෂධ ගෙන්වා ගැනීමට හැකියාව තිබෙන නිසා විදෙස් ගතව සිටින අයටත් ශ‍්‍රී ලංකාවේ සිටින තම ආදරණීයන්ට ඖෂධ අවශ්‍ය වූ විට මෙම ඇප් පහසුකම ඔස්සේ එම සේවාවන් ලබාදිය හැකිබව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 11 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 940 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

  • Ada Derana BIZ Sinhala
  • Good Lock
  • Samsung
  • sri lanaka

Samsung සිය වැඩිදියුණු කළ ආරක්ෂිත අගුළු පද්ධතිය වන Good Lock ශ‍්‍රී ලංකාවට හඳුන්වා දෙයි

June, 30, 2022

ශ‍්‍රී ලංකාවේ අංක 1 smartphones වෙළෙඳ නාමය වන සැම්සුන් වැඩිදියුණු කළ පුද්ගලිකත්වයට ගැළපෙන ආරක්ෂිත අගුළු පද්ධතිය වන Good Lock පසුගියදා මෙරට Galaxy ස්මාර්ට් ජංගම දුරකතන වෙත හඳුන්වා දුන්නේය.

මෙරට සිටින Samsung Members ප‍්‍රජාව විසින් දිගු කලක් තිස්සේ කළ දැඩි ඉල්ලීම්වලට ප‍්‍රතිචාරයක් ලෙස සැම්සුන් හි මෙම නව හඳුන්වා දීම සිදු වීම කැපී පෙනේ. සැම්සුන් සමඟින් එක් එක් පුද්ගලයාට සරිලන පරිදි වෙනස් කළ හැකි විශේෂාංග අත්දැකීම තවත් ඉහළ නැංවීම සඳහා මෙම Good Lock යෙදවුම (app) මෙරටට හඳුන්වා දී තිබේ.

නව යොවුන් සහ තරුණ ප‍්‍රජාව යනු ඔවුන්ගේ devices වල සෑම විශේෂාංගයක්ම තමන්ට අවශ්‍ය පරිදි හැසිරවීමට කැමැත්තක් දක්වන පිරිසක් වන බැවින් Good Lock app එක මගින් ඔබගේ Galaxy device එකෙහි පෙනුම සහ අතුරු මුහුණතේ ස්වරූපය තමන්ට කැමති පරිදි සකස් කරගැනීමට ඉඩ සලසන පුද්ගලිකත්වයට ගැලපෙන පරිදි වෙනස් කළ හැකි පුළුල් පරාසයක විසිරුණු විශේෂාංග රැසක් ඔබට ලබා දෙයි. Galaxy S, Tab S සහ Z යන කාණ්ඩවල සියලූම smartphones වලට සැම්සුන් Good Lock app එක මෙරටදී ලබා ගත හැකි අතරම Galaxy A3x වලින් ආරම්භ වන Galaxy A කාණ්ඩයේ පරිශීලකයින්ට ද ඒ සඳහා අවස්ථාව ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් සැම්සුන් ශ්‍රී ලංකා කළමනාකාර අධ්‍යක්ෂ කෙවින් සුන්ග්සු යූ මහතා පැවසුවේ ‘‘සැම්සුන් Good Lock ශ‍්‍රී ලංකාවට හඳුන්වා දීම පිළිබඳව අපි අතිශයින් සතුටු වෙනවා. ආරම්භයේ පටන් වසර ගණනාවක් තිස්සේ මෙරට සැම්සුන් පරිශීලකයින් විසින් එය ශ්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක කිරීමට ඉල්ලීම් කරනු ලැබුවාx අප අපගේ පාරිභෝගික අවශ්‍යතාවන් වෙනුවෙන් පෙනී සිටින සන්නාමයක් බැවින්, දිනෙන් දින ඉහළ යමින් සිටින අපගේ සැම්සුන් පාරිභෝගික ප‍්‍රජාව වර්ධනය කිරීම සඳහා මෙය ශ‍්‍රී ලංකාවට හඳුන්වා දීමට අප කටයුතු කළා.’’ යනුවෙනි.

මෙහිදී තමන්ට ගැළපෙන ආකාරයෙන් භාවිත කිරීමේ බලය පාරිභෝගිකයා අතට පත් කිරීම වෙනුවෙන් ආකර්ෂණීය නව්‍ය විශේෂාංග කිහිපයක් Good Lock වෙත හඳුන්වාදීමට සැම්සුන් කටයුතු කර තිබීම විශේෂත්වයකි. ඔබ සතු S Pen, Wallpaper සහ keyboard ඔබේම කර ගැනීමට හැකි වන ලෙස නිර්මාණය කර ඇති නවතම යෙදවුම් (app) තුනක් සමඟින් උපරිම device භාවිතයේ පහසුව ඔබ වෙත ගෙන ඒම උදෙසා වන ඉතා සරල යෙදවුම් දෙකක්ද මෙම නව විශේෂාංගය සමඟ නව්‍යකරණයට ලක් කිරීමට සැම්සුන් කටයුතු කර තිබේ.

Galaxy ස්මාර්ට් ජංගම දුරකතන සඳහා වන යෙදවුම සැම්සුන් විසින් 2016 වසරේදී ප‍්‍රථම වරට හඳුන්වා දෙන ලදී.  එය මේ වන විට රටවල් 10කට අධික සංඛ්‍යාවක් හරහා මිලියන 37කට අධික වාර ගණනක් download කර තිබීමද විශේෂත්වයකි.

Good Lock නිර්මාණකරුවන් විසින් මෙම යෙදවුම වැඩි දියුණු කිරීමේදී පරිශීලකයින් හට ඔවුන්ට ගැළපෙන ආකාරයේ අත්දැකීමක් නිර්මාණය කර ගැනීම සඳහා අවස්ථාව ලබා දීමට කටයුතු කරන ලදී. Device, වේදිකා හා පුද්ගලයින් හරහා විවෘත හා ඒ ඒ පුද්ගලයාට ගැලපෙන අත්දැකීමක් ස්ථාපිත කිරීමේදී එක් එක් පරිශීලකයාට device එක තමන්ගේම නිමැවුමක් බවට පත් කර ගැනීමේ බලය ලබා දෙන ආකාරයේ යෙදවුමක් නිෂ්පාදනය කිරීම නිර්මාණකරුවන්ගේ ප‍්‍රයත්නය විය.

ඔබේ ස්මාර්ට් ජංගම දුරකතනයේ homescreen සහ lockscreen ඔබට ගැලපෙන ආකාරයෙන් සකස් කර ගැනීම ඔබේ ස්මාර්ට් ජංගම දුරකතනය නිසැක වශයෙන් ඔබේම කර ගැනීමේ එක් ක‍්‍රමයකි Wonderland app සමඟින්  ඔබේ smartphone එකේ 3D ආකාරයෙන් චලනය වන wallpapers නිර්මාණය කිරීම තුළින් මෙය තවත් පියවරකින් ඉදිරියට ගෙන යාමේ අවස්ථාව ඔබට උදා වේ.

විවිධාකාරයේ මොඩියුල 14කින් සුසැදි Good Lock පෙල තුළින් තමන්ට ගැලපෙන ආකාරයෙන් notifications, ඔරලෝසුව, බහුකාර්ය තිරය, navigation bar, ශබ්දය හා තවත් බොහෝ දේ සමඟ lock screen සකස් කර ගැනීමේ හැකියාව උදා වේ.

දුරකතන ප‍්‍රමාණයෙන් විශාල වෙමින් පවතින පසුබිමක ඔබ සතුව Galaxy S22 Ultra දුරකතනයක් හෝ  ප‍්‍රමාණයෙන් විශාල මීට පෙර නිකුත් කළ ස්මාර්ට් ජංගම දුරකතනයක් වේ නම් ඔබට මෙහි ඇති One Hand Operation+ මොඩියුලය ඉතා ප‍්‍රයෝජනවත් වනු ඇත. එසේම දුරකතන තිරයේ දීප්තිය, Wi-Fi, ශබ්දය සහ අනෙකුත් ක්ෂණික විශේෂාංග ලබා ගැනීම සඳහා swipe කිරීමෙන් menu එකක් විවෘත කර ගැනීමටද ඔබට හැකියාව ඇත.

මෙම යෙදවුම විවෘත කිරීමෙන් පසු Family tab හරහා One Hand Operation+ download කිරීම තුළින් ඔබට එම අවස්ථාව අත්විඳිය හැකිය.

මෙහි MultiStar app යාවත්කාලීන කිරීම තුළින් Galaxy Tablet විශේෂාංග පරිශීලකයින් වෙත ගෙන ඒමට සැම්සුන් කටයුතු කර ඇත. ඒ තුළින් රැහැන් සහිත නව Keyboard අත්දැකීම් බෙදා හදා ගැනීමේ පහසුකම් සළසනු ලබන අතර ස්මාර්ට් ජංගම දුරකතනය ඔබගේ ටැබ් පරිගණකයට සම්බන්ධ කර ඇති Book Cover Keyboard වෙත සම්බන්ධ කිරීමට මෙන්ම උපාංග දෙකෙහිම බාධාවකින් තොරව ටයිප් කිරීම සඳහා මාරු වීමටද ඉඩ සලසනු ලබයි.

Good Lock යෙදවුමෙහි අන්තර්ගත තවත් විශේෂාගයක් වන්නේ Key Café ය. එහිදී ඔබගේ සියලූ මුර පද (passwords) සහ අනෙකුත් ආරක්ෂිත ලිපිගොනු නිරීක්ෂණය කිරීමට හැකි අතර එහි ඇති Nice Catch විශේෂාංගය ඔබගේ දුරකතන කම්පනයන් (phone vibrations) පාලනය කිරීමට අවකාශය සලසනු ලබයි. එසේම ඔබගේ තිරය සහ ශබ්ද ප‍්‍රයෝගයන් ඔබට අවශ්‍ය ලෙස සකසා ගැනීමට එහි ඇති Theme Park සහ Sound Assistant යොදා ගත හැකිය. තවද ඔබගේ එදිනෙදා ක‍්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම සඳහා Routines+ සහාය වනු ඇත. එමෙන්ම lockscreens, notifications හා navigation පද්ධති ඔබට අවශ්‍ය ලෙස සකසා ගැනීමට එහි LockStar, NotiStar හා NavStar පහසුකම් සපයනු ඇත.

  • Ada Derana BIZ Sinhala
  • DBA
  • sri lanaka
  • University of Colombo

කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ සහ මූල්‍ය පීඨයේ ව්‍යාපාර ආචාර්ය උපාධි (DBA) 2021/24 කණ්ඩායමේ හමුව සාර්ථකව නිමවෙයි

June, 30, 2022

කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ සහ මූල්‍ය පීඨයේ 2021/24 ව්‍යාපාර කළමනාකරණ ආචාර්ය උපාධි (DBA) කණ්ඩායමේ හමුව පසුගියදා කොළඹ Jetwing හි Vertical උත්සව ශාලාවේදී  දී පැවැත්විණි. ආකර්ෂණීය අයුරින් සංවිධානය කර තිබූ එම උත්සව අවස්ථාව සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය එම්.පී.පී.ධර්මදාස, පශ්චාත් උපාධි හා මධ්‍ය වෘත්තීය සංවර්ධන ඒකකයේ සම්බන්ධීකාරක මහාචාර්ය බී. නිශාන්ත, ව්‍යාපාර කළමනාකරණ ආචාර්ය උපාධි සම්බන්ධීකාරක මහාචාර්ය තරුෂා ගුණරත්න යන මහත්ම මහත්මීන්ගේ සහ ව්‍යාපාර කළමනාකරණ ආචාර්ය උපාධි පාඨමාලාවේ පළමු සහ දෙවන අධ්‍යයන වාර කථිකාචාර්ය වරුන් සහ 2021/24 සිසුන් කණ්ඩායමේ සමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විය.

කොළඹ විශ්වවිද්‍යාලය යනු දශක ගණනාවක් පුරා ලාංකේය අධ්‍යාපන කේෂේත්‍රයේ පුරෝගාමී සේවාවක නිරත ආයතනයකි. ජාත්‍යන්තර තලයේ ශ්‍රේණිගත කිරීම් හිමිකර ගැනීමට ද සමත් වූ මෙය පුමුඛ පීඨ නවයකින්, ආයතන හතකිරන්, මෙන්ම මධ්‍යස්ථාන කීපයකින් සහ ඒකක සහ අධ්‍යාපන ආයතනය කීපයකින්ද සමන්විතව අග නගරය ආY%sත විශ්වවිද්‍යාලයක් ලෙස ක්‍රියාත්මක වන්නකි.

1994 වසරේ මැයි මාසයේ දී ආරම්භ කරනු ලැබූ කොළඹ විශ්වවිද්‍යාල කළමනාකරණ සහ මූල්‍ය පීඨය, දේශීය මූල්‍ය සහ කළමනාකරණ අධ්‍යාපනය ඉහළ නැංවීම උදෙසා පර්යේෂණ, ඉගැන්වීම්, උපදේශන සහ ප්‍රජා සේවාවන්ගේ විශිෂ්ඨ ආකාරයේ කාර්යභාරයක නිරත වන ආයතනයකි. විශේෂයෙන් විනයගත අධ්‍යාපනයකට නැඹුරු කරමින්, ව්‍යාපාරික ප්‍රායෝගිකත්වය සහ කුසලතා සංවර්ධනය වැනි පුළුල් වූ ක්ෂේත්‍ර පරාසයක පැතිරුණු උපාධි, පශ්චාත් උපාධි සහ විධායක ශ්‍රේණිය ඉලක්ක කර ගනිමින් පාඨමාලා රැසක් ක්‍රියාත්මක කරන මෙම ඒකකය මඟින්, MPhil/PhD, DBA, සිට Master of Business Administration (MBA) ද සමඟින් විවිධ අංශයන් යටත් විශේෂිත MBAs, Executive MBA, postgraduate diplomas, undergraduate degrees, executive diplomas සහ diploma පාඨමාලාවක් දියත් කරනු ලබයි.

කළමනාකරණ න්‍යාය, පරිචය සහ පර්යේෂණ ආදී අධ්‍යයන අංශයන්ගෙන් යුතුව කළමනාකරණ සහ මූල්‍ය පීඨය මගින් පවත්වනු ලබන මෙම DBA පාඨමාලාව, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තිකයන් සහ ජ්‍යෙෂඨ කළමනාකාරවරුන් හට ඔවුන්ගේ ක්ෂේත්‍රවල වෘත්තිකයින්-පර්යේෂකයන් වීමේ අපේක්ෂාවන් සැබෑ කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන්නකි.

වසර තුනක, අධ්‍යයන වාර හයකින් සමන්විත මෙම පාඨමාලාව තුළින් කළමනාකරණය සහ පර්යේෂණ ක්‍රමවේද සම්බන්ධ අවකාශයන් රැසක් ආවරණය කරන අයුරින් මෙම වැඩසටහන සැළසුම් කර ඇති අතර, පර්යේෂණ නිපුණතාවයන් වර්ධනය කිරීමේ අරමුණින් වැඩමුළු සහ සම්මන්ත්‍රණ මාලාවක් ද ක්‍රියාත්මක වේ. තවද අනුමත මාතෘකා ඔස්සේ සම්පූර්ණ කරනු ලැබූ ප්‍රායෝගිකත්වයට නැඹුරු ව්‍යාපෘති ඉදිරිපත් කිරීමේ අවස්ථාවද ලබා දී ඇත.

ක්ෂේත්‍රයේ පුහුණුව ලත් ප්‍රවීණ විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලයකගේ සහභාගීත්වයෙන් මෙම පාඨමාලාව ක්‍රියාත්මක වන අතර, සිසුන්ගේ නිබන්ධන සඳහා ලොව ප්‍රමුඛපෙළේ විශේෂඥයන් සහ ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයකගේ මග පෙන්වීම සිදුකරයි. මෙයට අමතරව සිසුන්ගේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම, සමාලෝචනය මෙන්ම සිසුන්ගේ පර්යේෂණ සඳහා පහසුකම් සැළසීම ද මෙම පාඨමාලාව හා සබැඳි කාර්යයන් වේ.

මෙම DBA පාඨමාලාවේ  නව බඳවාගැනීම සඳහා වන අයදුම්පත් බාරගැනීම මේ වන විට සිදුවන අතර, ඒ සම්බන්ධ වැඩි විස්තර කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ සහ මූල්‍ය අධ්‍යාංශයේ වෙබි අඩවියෙන් (mgmt.cmb.ac.lk/course/dba) ලබා ගත හැකිය.

 

ඡායාරූපය - කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය එම්. පී.පී.ධර්මදාස, පශ්චාත් උපාධි හා මධ්‍ය වෘත්තීය සංවර්ධන ඒකකයේ සම්බන්ධීකාරක මහාචාර්ය බී. නිශාන්ත, DBA පාඨමාලාවේ සම්බන්ධීකාරිකා මහාචාර්ය තරුෂා ගුණරත්න සහ DBA පාඨමාලාවේ ශිෂ්‍ය වැන්ග් ලි යන මහත්ම මහත්මීන් පැමිණ සිටි පිරිස අමතමින්.

  • Ada Derana BIZ Sinhala
  • HDFC Bank
  • JAT Holdings PLC
  • MoU
  • sri lanaka

JAT Holdings PLC මෙරට දැව පින්තාරු ශිල්පීන් සවිබල ගැන්වීම සඳහා HDFC බැංකුව සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

June, 30, 2022

ශ්‍රී ලංකාවේ තීන්ත හා ආලේපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන JAT Holdings PLC, පසුගියදා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව (Housing Development Finance Corporation Bank of Sri Lanka - HDFC) සමග විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබී ය. මෙය දිවයින පුරා දැව කාර්මිකයන් හා පින්තාරු ශිල්පීන් පුහුණු කිරීම ඉලක්ක කරගත් ‘JAT පින්තාරු ශිල්පී අභිමන්’ වැඩසටහනේ තවත් ඉදිරි පියවරකි. 2022 ජුනි 6 වන දා JAT ශ්‍රවණාගාරයේදී පැවති මෙම ගිවිසුමට අත්සන් තැබීමේ උත්සවයට JAT Holdings PLC සහ HDFC බැංකුව යන පාර්ශ්ව නියෝජනය කරන නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

ශ්‍රී ලංකාවේ දැව පින්තාරු ශිල්පීන්ගේ හැකියාවන් වර්ධනය කිරීම මෙන්ම සමස්තයක් ලෙස අදාළ ක්ෂේත්‍ර වල ප්‍රමිතිය ඉහළ නැංවීම ඉලක්ක කරගත් ‘JAT පින්තාරු ශිල්පී අභිමන්’ වැඩසටහන, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය සමග එක්ව ක්‍රියාවට නංවනු ලැබේ. මෙමගින් දැව කාර්මිකයන්ට හා පින්තාරු ශිල්පීන්ට, තීන්ත ආලේප කිරීමේ නිවැරදි හා වෘත්තීය ක්‍රමවේදයන් සම්බන්ධයෙන් නිසි පුහුණුවක් ලබමින්, NVQ Level 3 මට්ටමේ සුදුසුකම් සපුරාලීම සඳහා අවස්ථාව ලබා දෙයි. මේ සම්බන්ධ සියලු පිරිවැය දරනුයේ JAT Holdings PLC විසිනි.

JAT Holdings PLC සහ HDFC බැංකුව අතර ඇතිකරගත් හවුල්කාරීත්වය මගින්, මෙම වැඩසටහනට සහභාගී වන පුද්ගලයන්ට තම වෘත්තියට අදාළ කටයුතු සඳහා ණය පහසුකම් ලබාගැනීමටත්, බැංකුවේ නියෝජිතයන් වෙතින් මූල්‍ය සේවාවන් සම්බන්ධයෙන් දැනුම ලබාගැනීමටත් අවස්ථාව ලැබෙනු ඇත. මෙය ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු වල දියුණුවට මහඟු පිටිවහලක් වනු නො-අනුමාන ය. සාමාන්‍යයෙන් මෙබඳු වෘත්තිකයන්ට ණය පහසුකම් ලබාගැනීම දුෂ්කර වන අතර, ක්ෂේත්‍රයේ පුරෝගාමී වැඩසටහනක් වන මෙම වැඩසටහන ඔවුන්ට වඩාත් පහසුවෙන් මූල්‍ය සේවාවන් ලබාගනිමින් දියුණුව කරා යාමට සුවිශේෂී අත්වැලක් සපයනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් JAT Holdings PLC හි නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ ඊලියන් ගුණවර්ධන මහතා කියා සිටියේ, ශ්‍රී ලංකාවේ පින්තාරු ශිල්පීන් මූල්‍යමය වශයෙන් සවිබල ගැන්වීම සඳහා HDFC බැංකුව සමග එක්ව කටයුතු කිරීමට හැකි වීම පිළිබඳව තමන් බෙහෙවින් සතුටු වන බවයි. “මීට වසර 30 කට පෙර මා JAT ආරම්භ කළේ, පින්තාරුකරුවන්ට වෘත්තිකයන් බවට පත්වීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමේ ඉලක්කය මූලික කරගෙනයි. වගකීම් සහගත සමාගමක් වශයෙන්, තරුණ පරපුරේ හැකියාවන් වැඩිදියුණු කරමින්, රට පෙරට රැගෙන යාම සඳහා අවශ්‍ය ශක්තිය ඔවුන් වෙත ලබාදීමට අප කටයුතු කළ යුතුයි. වෘත්තිකයන්ට ණය පහසුකම් ලබාගැනීමට හැකි වූ විට, ඔවුන්ට බාධාවකින් තොරව තම වෘත්තීය හා ව්‍යාපාර කටයුතු දියුණු කරගැනීමට අවස්ථාව ලැබෙනවා. මෙය සමස්ත ක්ෂේත්‍රයේම දියුණුවට බලපාන සාධකයක්.” ඊලියන් ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසී ය.

“HDFC බැංකුවේ එක් අරමුණක් වන්නේ ග්‍රාමීය ප්‍රදේශ වල සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් සහ ස්වයං රැකියාලාභීන් ඇතුළුව අවම මූල්‍ය පහසුකම් හිමි ශ්‍රී ලාංකිකයින් සවිබල ගැන්වීමයි. සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් සහ ක්ෂුද්‍ර ග්‍රාමීය ව්‍යවසායකයින් දහස් ගණනක් මූල්‍යමය වශයෙන් සවිබල ගන්වමින්, ඔවුන්ගේ ව්‍යාපාරික අරමුණු ඉටුකර ගැනීමට සහ ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීමට අවශ්‍ය අත්වැල ලබාදීමට අප කටයුතු කරමින් සිටිනවා. JAT Holdings PLC සමග ඇතිකරගත් මෙම හවුල්කාරීත්වයත්, එම උත්සාහයේ තවත් වැදගත් පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්. දැව කාර්මිකයන් සහ පින්තාරු ශිල්පීන් මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් තම ව්‍යාපාර කටයුතු දියුණු කර ගනු ඇතැයි කියා අප විශ්වාස කරනවා.” HDFC බැංකුවේ සභාපති වසන්ති මංචනායක මහත්මිය පැවසුවා ය.

“දෛනික වැටුප් උපයන්නන් වශයෙන් දැව පින්තාරු ශිල්පීන් බොහෝ දෙනෙකුට විධිමත් ණය පහසුකම් ලබාගැනීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ට අගනා ව්‍යාපාරික අවස්ථා රාශියක් මගහැරී යනවා. මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ, සුදුසුකම් ලත් වෘත්තිකයන් බවට පත්වීම සඳහා අවශ්‍ය සහයෝගය සහ ආර්ථික ශක්තිය මෙම පුද්ගලයන් වෙත ලබාදීමයි. මෙමගින් නව ව්‍යවසායකත්ව සම්ප්‍රදායක් නිර්මාණය වනු ඇති අතර, ඒ ඔස්සේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අනාගත අවස්ථා වලින් උපරිම ප්‍රයෝජන ලැබීමට මෙම වෘත්තිකයන්ට අවස්ථාව උදා වේවි.”  JAT Holdings PLC හි අධ්‍යක්ෂ (විකිණුම් හා තාක්ෂණ) වසන්ත ගුණරත්න මහතා පැවසී ය.

මෙම වැඩසටහන යටතේ, JAT හි නිර්දේශය ලබන පින්තාරු ශිල්පීන්ට ණය පහසුකම් ලබා ගැනීමටත්, ණය නිකුත්කිරීමේ ක්‍රමවේදයක් සහ ණය අයකර ගැනීමේ ක්‍රමවේදයක් සැලසුම් කිරීමටත් අවස්ථාව ලැබේ. තීන්ත ආලේපන කටයුතු සඳහා අවශ්‍ය උපකරණ මිලදී ගැනීමටත්, කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීමටත් ඔවුන්ට මෙම ණය මුදල් භාවිතා කළ හැක. ගිවිසුමේ කොටසක් ලෙස, වැඩසටහනට සහභාගිවන්නන්ට විවිධාකාර අධ්‍යාපන හා පුහුණු වැඩසටහන් සහභාගී වෙමින් තම ව්‍යාපාරික හා මූල්‍ය දැනුම වැඩිදියුණු කරගැනීමටද අවස්ථාව හිමි වේ.

1993 වසරේදී ආරම්භ වූ JAT Holdings PLC එදා පටන්ම වේගයෙන් වර්ධනය වන සමාගමක් ලෙස මෙන්ම, දැව ආලේපන සඳහා මෙරට වෙළඳපොළ ප්‍රමුඛයා ලෙස කීර්තියක් දිනාගැනීමට සමත් විය. LMD මගින් අඛණ්ඩව වසර 4 ක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවය දිනූ සමාගම 100 අතරට නම්කර ඇති JAT Holdings PLC, Brand Finance හි විශිෂ්ටතම සමූහ ව්‍යාපාර 20 ලැයිස්තුවටද ඇතුළත් වී තිබේ. තවද පසුගිය වසරේ සිදුකරන ලද මූලික මහජන කොටස් නිකුතුව දක්වාම අඛණ්ඩව වසර 5 ක් පුරා, මෙරට පෞද්ගලික හිමිකාරීත්වයක් යටතේ පැවති සමාගම් අතරින් Moody වෙතින් ICRA “A+ Stable” ශ්‍රේණිය හිමිකර ගත් එකම සමාගම බවට පත්වීමටද JAT Holdings PLC සමත් විය.  මීට අමතරව, LMD මගින් ප්‍රකාශයට පත්කරනු ලබන ‘Brands Annual 2022’ ලැයිස්තුවේ වටිනාම පාරිභෝගික සන්නාම 100 අතරට එක්වීමටද ‘Sayerlack’ සමත් වී තිබේ.

  • Ada Derana BIZ Sinhala
  • Co-operative Insurance Company PLC
  • sri lanaka

කෝපරේටිව් ඉන්ෂූවරන්ස් පී.එල්.සී සාර්ව ආර්ථික අභියෝග මධ්‍යයේ 2022 වසර පළමු කාර්තුවේදී 31%ක ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කරයි

June, 29, 2022

  • සිය වෙළෙඳපොළ ව්‍යාපාරික ප්‍රතිශතය 5%කින් වර්ධනය කර ගනී
  • 2021 මූල්‍ය වර්ෂය සමග සැසඳීමේදී බදු පසු ලාභයෙහි 16.5%ක වැඩි වීමක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන කෝපරේටිව් ඉන්ෂූවරන්ස් පී.එල්.සී (CICPLC)  2022 මූල්‍ය වර්ෂයෙහි පළමු කාර්තුවේ මූල්‍ය කාර්යසාධනය පසුගියදා නිකුත් කළ අතර එම ප්‍ර‍තිඵලයන්ට අනුව අභීයොගාත්මක සාර්ව ආර්ථික අර්බුදයන් මධ්‍යයේ වූවද රක්ෂණ ක්ෂේත්‍රය තුළ දැවැන්ත ඉදිරි පිම්මක් සමගින් පසුගිය මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සමග සැසඳීමේදී 31% සුවිශේෂී වර්ධනයක් සනිටුහන් කිරීමට සමත් විය.

කෝපරේටිව් ඉන්ෂූවරන්ස් සමාගම 2022 මූල්‍ය වර්ෂයෙහි පළමු කාර්තුවේදී සිය ශුද්ධ වාරික ආදායම 35%කින් වර්ධනය කර ගැනීමට සමත් වූ අතර රක්ෂණ ක්ෂේත්‍රයේ සිය වෙළෙඳපොළ ආධිපත්‍ය තවත් 5%කින් වැඩිකර ගැනීමට සමත් විය. මෙම වර්ධනය සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ සෙසු තරගකරුවන් අතර ඉහලම වර්ධනයක් සහිත සාමාන්‍ය රක්ෂණ සමාගම බවට පත් ව ඇත.

කෝපරේටිව් ඉන්ෂූවරන්ස් සමාගම පෙර වසරේ මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුවට සාපේක්ෂව සිය ආයෝජනයන් සැලකි යුතු ප්‍රතිශතයකින් වැඩි කළ අතර මෙමගින් සමාගමේ සමස්ත වත්කම් සංචිතය 21%කින් වර්ධනය කර ගැනීමට හැකි විය.

“ මෙම වර්ෂයෙහි පළමු කාර්තුව තුළ අපගේ අධිෂ්ඨානශීලී කැපවීම සියලු පාර්ෂවකරුවන්ට පෙන්වාදෙමින් රක්ෂණ ව්‍යාපරය තුළ අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කිරීමටත්, සේවා විවිධාංගීකරණයත්, තිරසාර ව්‍යාපාරික දැක්මකින් පාරිභෝගික විශ්වාසය එලෙසම රඳවා ගන්නට හැකි වුණා. පසුගිය මූල්‍ය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව මෙම වසරේ පළමු මූල්‍ය කාර්තුව තුළ ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් ලබා ගන්නට සමත් වූ අතර ආර්ථිකය තුළ පැවති අවිනිශ්චිත ස්වභාවය, නොවැලැක්විය හැකි රට වසා තැබීම් ඇතුළුව විවිධ අභියෝග මධ්‍යයෙහි මෙම ජයග්‍රහනය ලබා ගැනීමට හැකි වීම පිළිබඳව මගේ ප්‍රණාමය සමස්ත සේවක මඩුල්ලට හා අපගේ ලබැඳි පාරිභෝගික භවතුන් වෙත පිරිනැමීමට කැමතියි.එමෙන්ම වර්ධනය වෙත යන අපගේ ශක්තිමත් ගමන අඛණ්ඩව ගෙන යෑමට අපට හැකි වේවි.” යනුවෙන් කෝපරේටිව් ඉන්ෂූවරන්ස් හි සභාපති සුසිල් වීරසේකර මහතා පැවසීය.

සමාගමේ ශක්තිමත් මූල්‍ය ස්ථාවරත්වය මත සිය වර්ධයෙහි ප්‍රතිලාභ කොටස්හිමියන් අතර බෙදා ගැනීමට ද කෝපරේටිව් ඉන්ෂූවරන්ස් සමාගම පියවර ගත් අතර මේ අනුව සමස්ත ලාභාංශ ලෙස රුපියල් මිලියන 280ක් කොටස් හිමියන් අතරේ බෙදා දුන් අතර පසුගිය වසරට සාපේක්ෂව කොටසක ඉපැයීම රුපියල් 0.54ක වර්ධනයක් සහිතව ලාභාංශ බෙදා දීමට සමාගමට හැකි විය.

සමාගම් සමූහයේ ඒකාබද්ධ ලාභය 2021 වසරේදී 16.5%කින් වර්ධනය කර ගනිමින් රුපියල් මිලියන 810ක් ලෙස වාර්තා වූ අතර එය 2020 වසරේදී දැක්වුනේ රුපියල් මිලියන 695ක් ලෙසටය. මෙම වර්ධනය සඳහා සමූහයට අයත් කෝප්ලයිෆ් හි 301%ක ලාභදායීත්වයෙහි වර්ධනය ද අයත් වූ අතර කෝපරේටිව් ඉන්ෂූවරන්ස් හි බදු පසු ලාභය රුපියල් මිලියන 631ක් ලෙස සටහන් වෙයි.

2021 දෙසැම්බර් 31වන දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ සමාගමේ දළ රක්ෂණ වාරික ආදායම 2.7කින් වර්ධනය වූ අතර ශුද්ධ රක්ෂණ වාරික ඉපැයීම් 3.5%කින් වර්ධනය විය. එමෙන්ම මෙම කාලසීමාව තුළ සමාගම විසින් ගෙවූ හිමිකම් පියවීම් වටිනාකම රුපියල් බිලියන 2.4ක් විය.

සමාගම සිය සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයට අදාළ ව්‍යාපාරික කටයුතු වලදී සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමට සමත් වූ අතර මෝටර් රථ රක්ෂණ සේවා ක්ෂේත්‍රයෙහි රක්ෂණ වාරික ආදායම පෙර වසරට සාපේක්ෂව 41.6කින් වර්ධනය කර ගැනීමට සමත් විය. මේ අතර ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුළ සිය දළ රක්ෂණ වාරික ආදායම 8.5%කින් වර්ධනය කර ගත් අතර අභියෝග හමුවේ වෙනස්වන වෙළෙඳපොළ අවශ්‍යතාවන්ට අනුව වෙනස් වෙමින් සිය ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යෑමට සමත් වීම කැපී පෙනෙයි. එමෙන්ම මෝටර්රථ රක්ෂණ අංශය ආරම්භයේ සිටම සමාගමේ ප්‍රමුඛතම ව්‍යාපාරික අංශය බවට පත් ව ඇත.

කොපරේටිව් ඉන්ෂූවරන්ස් පී.එල්.සී හි කළමනාකාර අධ්‍යක්ෂ උදය කුමාර මහතා අදහස් දක්වමින් “ මේ සුවිශේෂී ව්‍යාපාරික වර්ධනය අත් කර ගැනීමට අප සමත් වන්නේ රටේ සියලු අංශ මෙන්ම රක්ෂණ සේවා අංශයෙහි දැවැන්ත පසුබෑමක් ඇති අවස්තාවකයි. විශේෂයෙන්ම කොවිඩ් වසංගතය හවුවේ රට වසාදැමූ අවස්ථාවේ සිට අප මුහුණ දෙමින් සිටින ආර්ථික අභීයෝගය හමුවේ පාරිභෝගික මිලදී ගැනීම් ශිඝ්‍රයෙන් අඩු කෙරෙන පරිසරයක් තුළ වීම මෙම ජයග්‍රහනයෙහි සුවිශේෂී බව රැඳී ඇති බව මගේ අදහසයි. මෙම වර්ධනය සඳහා අපි විසින් භාවිතා කළ උපායමාර්ගික වෙනස්කම් බොහෝ සෙයින් බලපෑ බව කිවහැකියි”.

කෝපරේටිව් ඉන්ෂූවරන්ස් සමාගම සිය දීපව්‍යාප්ත සේවා ජාලය තවත් සවිබල ගන්වමින් ග්‍රාමීයව හා නාගරික දැනට සේවා ලබන සහ නව පාරිභෝගිකයින්ගේ පහසුව වෙනුවෙන් තෙවන පාර්ෂවයේ රක්ෂණ සේවා සඳහාම වෙන්වූ කවුළුවක් සිය ශාඛා ජාලය ආශ්‍රිතව අලුතින් පිහිටු වන ලදි.

කෝපරේටිව් ඉන්ෂූවරන්ස් හි මූල්‍ය තිරසාරභාව සලකා බැලීමේදී රක්ෂණ හිමිකම් ගෙවීම් ආශ්‍රිත ලාභය වඩාත් හිතර අයුරින් පවත්වා ගෙන යෑමට සමත් වී ඇත. මේ අනුව සමාගමේ රක්ෂණ වාරික ඉපැයීම්, වියදම් සහ හිමිකම් ගෙවීම් අතර මනා සමබරතාවක් පවත්වාගෙන යෑමට සමත් විය.

පසුගිය මූල්‍ය වර්ෂයේදී පිරිවැය කළමනාකරණ ක්ෂේත්‍රය තුළ සේවක පිරිවැය ප්‍රශස්ත ලෙස කළමණාකරණය කර ගැනීමට හැකි වීම තුළ ආදායම සහ ලාභය තිරසාරව පවත්ගෙන යෑමට කොපරේටිව් ඉන්ෂූවරන්ස් සමාගමට හැකි විය. මේ තුළින් සේවක ඵලදායීතාව වැඩි කර ගැනීමටත්. විචක්ෂණශීලී පිරිවැය පාලන ක්‍රියාමාර්ග තුළින් රටේ දැනට පවතින තත්වය තුළ සමාගම ස්ථාවරව පවත්වාගෙන යෑමට හැකිව තිබේ.

කොපරේටිව් ඉන්ෂූවරන්ස් පී.එල්.සී හ්‍රී ලංකාවේ ඉදිරියෙන් සිටින රක්ෂණ සේවා සම්පාදකයකු වන අතර ශක්තිමත් හා ස්ථාවර මූල්‍ය දැක්මක් හා වර්ධනයක් සහිත සමාගමකි. විවිධාංගීකරණය වූ නළ්‍යු රක්ෂණ විසඳුම් සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය ඔස්සේ පාරිභෝගිකයින් වෙත සමීප කරවීමට සමත් වී ඇති අතර සිය සේවාවන් ඩිජිටල් තාක්ෂණය මත සවිබලගැන්වීම මත වඩාත් ප්‍රශස්ත රක්ෂණ සේවා අත්දැකීමක් පාරිබෝගිකයින් වෙත ලබා දෙමින් මෙරට ආර්ථි ප්‍රගමනයට ද ප්‍රශස්ත දායකත්වයක් ලබා දෙමින් සිටී.

  • Ada Derana BIZ Sinhala
  • AkzoNobel 2021-2022 Color Awards
  • City School of Architecture
  • sri lanaka

AkzoNobel 2021-2022 Color Awards හිදී City School of Architecture සිසු සිසුවියන්ට ඇගයුම්

June, 29, 2022

AkzoNobel Paints Lanka (Pvt) Ltd. සහ City School of Architecture (CSA) එක්ව සංවිධානය කළ ‘Color Awards 2021-2022’ සම්මාන උළෙල පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්විණි. AkzoNobel Paints Lanka යනු අතිශය ජනප්‍රිය තීන්ත වර්ගයක් වන ‘ඩියුලක්ස්’ නිෂ්පාදනය කරන සමාගමයි. ශ්‍රී ලාංකිකයන්ගේ නිර්මාණකරණ සහ නවෝත්පාදන හැකියාවන් වැඩිදියුණු කරමින් ක්ෂේත්‍රයේ තරුණ පරපුර තවදුරටත් දිරිමත් කිරීමේ අරමුණින්, වසර 4 කට පෙර මෙම සම්මාන වැඩසටහන ආරම්භ කරන ලදි.

සෑම වසරකම මෙම ත්‍යාගය මගින් City School of Architecture හි පළමුවන වසරේ සිසුන්ට නව වර්ණ සහ ගෘහ නිර්මාණ ශිල්පය තේමා කරගත් නිර්මාණ අභියෝගයකට මුහුණ දීමට ආරාධනා කරනු ලබයි. City School of Architecture හි ආචාර්ය මණ්ඩලයට අයත් වරලත් වාස්තු විද්‍යාඥයන් වන නෙලා ද සොයිසා, අනුරංගි මෙන්ඩිස් සහ ශයාන් කුමාරදාස් යන අයගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන වැඩමුළු කිහිපයකින් අනතුරුව, තරගකරුවන් තම නිර්මාණ, ක්ෂේත්‍රයේ ඉහළම පිළිගැනීමක් හිමි ප්‍රවීණයන් පිරිසකගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් වෙත ඉදිරිපත් කළ යුතු ය. මෙවර මෙම විනිශ්චය මණ්ඩලයට රොමේෂ් ද සිල්වා මහතා සහ ශාමෙන් මෙන්ඩිස් මහත්මියද, වරලත් වාස්තු විද්‍යාඥයන් වන ශෙවන්ති බස්නායක, කෝසලා වීරසේකර, රෙහාන් තිලකරත්න, සහ නන්දිකා දෙනිපිටියද, AkzoNobel Paints සමාගමේ මෙරට කළමනාකාර අධ්‍යක්ෂ වසන්ත හීනටිගල මහතාද ඇතුළත් වූහ.

ඉතාමත් දැඩි ඇගයුම් ක්‍රියා පටිපාටියකින් අනතුරුව, ඉදිරිපත් වූ නිර්මාණ අතරින් නිර්මාණ 5 ක් තෝරාගන්නා ලද අතර, ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට පුරෝගාමී ජාත්‍යන්තර තීන්ත නිෂ්පාදන සමාගමක් වන AkzoNobel හි ඇගයීමට අමතරව වටිනා මුදල් ත්‍යාග දිනාගැනීමටද අවස්ථාව උදා විය.

“තීන්ත හා ආලේපන ක්ෂේත්‍රයේ ලොව ප්‍රමුඛතම සමාගමක් වශයෙන්, නව පරපුරට සිය දක්ෂතා වර්ධනය කරගැනීමට අවස්ථාව ලබා දීම තුළින් ක්ෂේත්‍රයේ අනාගතය වඩාත් යහපත් කළ හැකි බව අප විශ්වාස කරනවා. Color Awards තුළින් අප උත්සාහ කරන්නේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වෘත්තීය මට්ටමේ පසුබිමක් තුළ තම දක්ෂතා වැඩිදියුණු කරගැනීමට සුවිශේෂී වේදිකාවක් ලබාදීමටයි. එමෙන්ම මෙම සම්මාන වැඩසටහන, ක්ෂේත්‍රයේ අනාගත නවෝත්පාදනයන්ට අවශ්‍ය පූර්වාදර්ශ නිර්මාණය කරන තෝතැන්නක් ලෙසත් හැඳින්වීමට පුළුවන්.” AkzoNobel Sri Lanka අලෙවි ප්‍රධානී උපේන්ද්‍ර ගුණවර්ධන මහතා පැවසී ය.

“වසර ගණනාවක් පුරා මෙම සම්මාන වැඩසටහන ඔස්සේ මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දැනුම හා නිර්මාණාත්මක හැකියාවන් වැඩිදියුණු කිරීමට AkzoNobel සමාගම කැපීපෙනෙන කාර්යභාරයක් ඉටු කර තිබෙනවා. මෙය ඔවුන්ට තම නිර්මාණකරණ හැකියාව සහ කර්මාන්තය තුළ සාර්ථක වීමේ හැකියාව යන අංශ දෙකම පරීක්ෂා කර බැලීමට ලැබෙන මහඟු අවස්ථාවක්. මෙම අවස්ථාව ලබාදීම වෙනුවෙන් අප AkzoNobel සමාගමට ස්තූතිවන්ත වනවා.” City School of Architecture ප්‍රධානී, වරලත් වාස්තු විද්‍යාඥ මහාචාර්ය ලාල් බාලසූරිය මහතා පැවසී ය.