June, 27, 2022
දේශීය කිරි කර්මාන්තයේ ප්රමුඛයා වන පැල්වත්ත සමාගම, දැනට පර්යේෂණ සහ සංවර්ධනය යටතේ පවතින නව නිෂ්පාදන පෙළක් මෙම වසරේදී එළිදැක්වීමට නියමිතය. 100% දේශීය එළකිරි යොදාගනිමින් සිදුකරන මෙම නිෂ්පාදන පැල්වත්ත සමාගමේ නිෂ්පාදන එකතුවට විශිෂ්ටත්වයක් එක්කරයි. කිරිපිටි පමණක් නොව නැවුම් කිරි, බටර්, චීස්, අයිස්ක්රීම් සහ අනෙකුත් කිරි නිෂ්පාදන සමගින් පාරිභෝගික ඉල්ලුමට සරිලන ලෙස සිය සැපයුම ලබාදී ඇතිබව පැල්වත්ත සමාගම විශ්වාස කරයි.
රටේ උද්ගතව ඇති තත්ත්වය හේතුවෙන් ඔවුන්ට සිදුවන බාධාවන් සියල්ල පසෙකලා ඉතා වෙහෙස මහන්සි වී වැඩ කරන අපගේ කිරි ගොවීන්ගෙන් මෙම සියලු ප්රයත්නයන් ආරම්භ වන අතර ජාත්යන්තර වෙළඳනාම වලට අසමසම ගුණාත්මකබවකින් යුත් හොඳම දේ ජනතාවට ලබාදීම ඔවුන්ගේ අධිෂ්ඨානයයි. රටේ ජනතාව කිරි නිෂ්පාදන වලින් තෘප්තිමත් වන අතරම නිසි පෝෂණය ලබාගන්නා බවට සහතික කිරීම සඳහා මෙම සියලු දෙනාම මෙහෙවරක යෙදී සිටිති.
පැල්වත්ත සමාගමෙහි පර්යේෂණ හා සංවර්ධන කළමණාකාර සුනෙත් ගුණතිලක මහතා මෙසේ සිය අදහස් දැක්වීය, “නවෝත්පාදන යනු හුදෙක්ම වෙළඳපලෙහි දැනට නොපවතින අලුත් දෙයක් නිපදවීමම පමණක් නොවේ. පිළිගත් සූපවේදීන් විසින් අපගේ නවෝත්පාදන අනුමත කොට තිබීමද මෙහිදී සිදුවිය යුතුය. පැල්වත්ත විසින් බටර්වල සිට අයිස්ක්රීම් දක්වා විවිධ නිෂ්පාදන රැසක් හඳුන්වා දී ඇති අතරම එහි විවිධ රසයන්ට ඔබ ආදරය කරනු ඇතැයි අපි විශ්වාස කරනවා. පැල්වත්ත එහි ප්රමිතීන් වැඩි දියුණු කිරීමට දරන නිරන්තර උත්සාහයන් නිසා වෙනත් වෙළඳනාමවලින් කැපී පෙනෙනවා. පැල්වත්ත නිෂ්පාදනයක් විවෘත කරන මොහොතේ දී මෙය ඔබටම දැක ගත හැකිවේවි. නැවුම්බව, රසය, විශ්වාසය සහ සතුට පැල්වත්ත නිෂ්පාදන හමුවේ ඔබට අත්විඳිය හැකිවෙයි. ඊට හේතුවන්නේ ඔබ පරිභෝජනය කරන සෑම කිරි බින්දුවක් පාසාම අප දරන උත්සාහයන් වේ.''
සිත් ඇදගන්නාසුළු කිරි නිෂ්පාදන රැසක් සඳහා හිමිකම් කියන පැල්වත්ත සමාගම තවත් නව නිෂ්පාදන පෙළක් දියත් කිරීමට සූදානම් වෙයි. 100% දේශීය එළකිරි පමණක් භාවිතා කරමින් පැල්වත්ත කිරි සමාගම නව ස්ට්රෝබෙරි රසැති සෙට් යෝගට් සහ ස්ට්රෝබෙරි යෝගට් පානයන් පිරිනැමීමට සැලසුම් කරයි. පැල්වත්ත විසින් නිෂ්පාදනය කළ පළමු රසකළ නිෂ්පාදන පෙළ මෙය නොවේ. වැඩි දියුණු කළ චොකලට්, ස්ට්රෝබෙරි සහ වැනිලා රසයන් සමගින් ඉගුරු බිස්කට් රසැති (Ginger Biscuit), පොල් සහ එනසාල් රසැති (Coconut with Cardamom), බටර්ස්කොච් රසැති (Butterscotch), බ්ලූබෙරි සහ ෆ්රුට් ඇන්ඩ් නට් රසැති (Blueberry and Fruit & Nut) ලෙස විවිධ රසයන්, කුඩා දරුවන් ඇතුළුව පාරිභෝගිකයන්ගේ ප්රියතම රස ගොන්නට එකතු වේ.
පුළුල් වෙළඳපල පර්යේෂණ මත පදනම්ව, විවිධ රසයන් වලට ඇලුම් කරන පාරිභෝගිකයින් සඳහා නව බටර් වර්ග හඳුන්වා දීමට තීරණය කර ඇත. සිය ආහාර වේලෙහි නැවුම් වෙනසක් අපේක්ෂා කරන පාරිභෝගිකයින්ට හඳුන්වාදෙන මිරිස් රසැති බටර් (Chilli Butter) වෙතින් සැබෑ රසයක් ලබාදෙනු ඇතැයි පැල්වත්ත සමාගම බලාපොරොත්තු වෙයි. එසේම, පැල්වත්ත සමාගම ඔවුන්ගේ ගිතෙල් නිෂ්පාදනය ග්රෑම් 500 ටින් එකක් ලෙස හඳුන්වා දෙනු ලබයි. එය බොහෝ ජාත්යන්තර ප්රමිතිකරණ ක්රමවලට අනුකූලව නිෂ්පාදනය කරන හොඳම මේද සහිත කිරි නිෂ්පාදන වලින් එකකි.
පැල්වත්ත නිෂ්පාදන සෑම කෙනෙකුගේම විවිධ රසයන්ගේ, රුචි අරුචිකම් සහ අවශ්යතාවයන්ට අනුකූලව නිශ්පාදනය කරන නිසාවෙන්, දැනට වෙළඳපොළෙහි ඇති අනෙකුත් වෙළඳ සන්නාම පවා අනුගමනය කරන විශිෂ්ට නිෂ්පාදන හඳුන්වා දෙන සන්නාමයක් බවට පත්වී තිබේ.
පැල්වත්ත, විශ්වාසවන්ත දේශීය කිරි නිෂ්පාදන සැකසුම්කරුවකු ලෙස නිෂ්පාදනයේ ගුණාත්මකභාවය ආනයනික නිෂ්පාදනවලට වඩා බෙහෙවින් උසස් තත්වයක පවත්වා ගන්නා අතර නිසැකවම නිෂ්පාදනවල නැවුම් බව නැවත නැවතත් පෙන්වා දී ඇත. පැල්වත්ත සෑම විටම සිය නිෂ්පාදන නිපදවීමෙන් පසු වෙළඳපල දක්වා යොමුකිරීමට ගතවන කාලය පැය 48ට අඩු බව සහතික කරනු ලබයි. දේශීය මූලාශ්ර අනුව ඉහළ යන අනුපාත හේතුවෙන් සැපයුම් සහ නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ඇති බව ඉතා පැහැදිලිය. කෙසේ වෙතත්, මෙම සියලු අභියෝග පසෙකලා පැල්වත්ත සිය නිෂ්පාදනවල ගුණාත්මකභාවයේ හෝ සපයන සේවාවේ කිසිදු අඩුවක් සිදු නොකරන බවට පාරිභෝගිකයින්ට සහතික කරයි.
June, 27, 2022
ශ්රී ලංකාවේ ප්රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෙම අර්බුද අවස්ථාවේ දී රිජ්වේ ආර්යා ළමා රෝහලට සහ දකුණු කොළඹ ශික්ෂණ රෝහලට සහාය දක්වමින් ඔබ වෙනුවෙන් අපි වැඩසටහන හරහා අලූත උපන් බිළිඳුන් සහ ගැබිනි මවුවරුන්ට පසුගියදා අත්යාවශ්ය ඖෂධ පරිත්යාග කළේය.
අද වන විට දිවයින පුරා පවතින ඖෂධ හිඟය සැලකිල්ලට ගනිමින් කොරෝනා වසංගතය ආරම්භයෙන් පසුව බැංකුවේ සේවකයින් සිය දිනක වැටුප ස්වේච්ඡාවෙන් ලබා දෙමින් පිහිටු වනු ලැබූ මෙම ‘ඔබ වෙනුවෙන් අපි’ වැඩසටහන අඛණ්ඩව ක්රියාත්මක කරමින් HNB ඖෂධ සහ වෛද්ය උපකරණ පරිත්යාගය සිදු කරයි. HNB සහකාර සාමාන්යාධිකාරී - උපායමාර්ග ප්රියංකා විජේරත්න මහත්මිය විසින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්ය අධ්යක්ෂ වෛද්ය සන්තුසිත සේනාපති මහතා වෙත මෙම ඖෂධ තොග ලබා දුන් අතර HNB නීති අංශයේ ප්රධානී ශිරෝමි හලොළුව මහත්මිය විසින් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්යක්ෂිකා සාගරී කිරිවන්දෙනිය මහත්මිය වෙත ඖෂධ තොග ලබා දෙන ලදී.
”රටේ දැනට පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් අපගේ සෞඛ්ය ක්ෂේත්රය දැඩි ලෙස පීඩාවට පත්වෙලා තියෙනවා. තවමත් වසංගතය නිසා ඇති වූ දුෂ්කරතාවලින් රෝහල් සම්පූර්ණයෙන් යථා තත්වයට පත් වී නෑ. ඒ නිසා රෝගීන්ට ප්රතිකාර කිරීම සඳහා අත්යවශ්ය සෞඛ්ය පහසුකම් සහ ඖෂධ ලබාදීම සඳහා පියවර ගැනීමට කාලය එළඹ ඇති බව අපි විශ්වාස කරනවා. අපගේ අරමුදල්වල පළමු කොටස අනාගත පරපුර වන දරුවන්ට ඖෂධ ලබාදීම සඳහා වෙන් කර තිබෙන අතර සෞඛ්ය ක්ෂේත්රයේ අනෙකුත් අංශ සඳහා ද සහය ලබා දීමට අප නුදුරේදීම කටයුතු කරනවා.” යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් HNB නියෝජ්ය සාමාන්යාධිකාරිනී CHRO/Chief Transformation Officer, චිරන්ති කුරේ මහත්මිය පැවසුවාය.
HNB හි තිරසාර පදනම මගින් මෙහෙයවනු ලබන ඔබ වෙනුවෙන් අපි වැඩසටහනට අරමුදල් සපයනු ලබන්නේ පසුගිය වසරේ වසංගතය ආරම්භයේදී සිය දිනක වැටුප ස්වේච්ඡුාවෙන් ලබාදුන් HNB සේවකයින් විසිනි. මෙම වැඩසටහන ආරම්භ කිරීම සඳහා කාර්ය මණ්ඩලය පරිත්යාග කළ මුදල හා සමාන මුදලක් බැංකුවද පරිත්යාග කළ අතර එතැන් පටන් සෞඛ්ය සේවා නගා සිටුවීම අරමුණු කරගත් විවිධ ව්යාපෘති සඳහා එම අරමුදල් වෙන් කෙරිනි.
HNB ආරම්භ කළ මෙම ව්යාපෘතිය මගින් රිජ්වේ ආර්යා රෝහලට සහ දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත කඩිනමින් අවශ්ය ඖෂධ ලබා දී ඇති අතර මෙම දායකත්වය හරහා පුත්තලම මූලික රෝහල, පේරාදෙණිය ශික්ෂණ රෝහල, මඩකලපුව ශික්ෂණ රෝහල, මහනුවර ශික්ෂණ රෝහල, රාගම ශික්ෂණ රෝහල සහ කුරුණෑගල ශික්ෂණ රෝහල යන රෝහල් ද ප්රතිලාභ ලබනු ඇත.
මෙම ව්යාපෘතිය හරහා කොවිඞ් වසංගතයේ උච්චතම අවස්ථාවේ දී HNB විසින් දිවයිනේ ප්රාදේශීය රෝහල් සහ සෞඛ්ය වෛද්ය නිලධාරී කාර්යාල (MOH) වෙත අත්යාවශ්ය පුද්ගලික ආරක්ෂක උපකරණ (PPE) කට්ටල ලබා දීමට කටයුතු කළේය.
විශේෂයෙන්ම ඔබ වෙනුවෙන් අපි වැඩසටහන යටතේ HNB තිරසාර පදනම සමඟින් පසුගිය වසරේදී මෙරට සිටින ක්ෂුද්ර ව්යවසායකයින් නැවත නගා සිටුවීම සඳහා රුපියල් මිලියන 20 ක් ප්රදානයක් ද ලබා දුන්නේය.

HNB නීති අංශයේ ප්රධානී, ශිරෝමි හලොළුව, මහත්මිය විසින් ප්රධාන ඖෂධවේදිනී ශිරානි ඞී. අමරසිංහ සහ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්යක්ෂිකා සාගරී කිරිවන්දෙනිය යන මහත්මීන් වෙත ඖෂධ ලබා දෙමින්. (වමේ සිට) HNB විධායක - තිරසාර ව්යාපාර, ශනෙල් පෙරේරා සහ HNB සේවා ප්රධානී, රොෂාන් ප්රනාන්දු යන මහත්වරුන් ද ඡායාරූපයේ වෙයි.
ඡායාරූප : HNB සහකාර සාමාන්යාධිකාරී - උපායමාර්ග, ප්රියංකා විජේරත්න මහත්මිය විසින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්ය අධ්යක්ෂ වෛද්ය සන්තුසිත සේනාපති මහතා වෙත ඖෂධ පරිත්යාග කරමින්. (වමේ සිට) HNB විධායක - තිරසාර ව්යාපාර, ශනෙල් පෙරේරා සහ ්යභඊ විකුණුම් ප්රධානී, උපුල් අධිකාරි යන මහත්වරුන් ද ඡායාරූපයේ වෙයි.
June, 27, 2022
ශ්රී ලංකාවේ ප්රමුඛතම පිරිමි ඇඟලුම් සන්නාමයක් වන Signature, එක්සත් රාජධානියේ බර්මින්හැම් හි පැවැත්වෙන 2022 පොදුරාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙල සඳහා සහභාගීවන ශ්රී ලංකා රග්බි පිරිමි සහ කාන්තා ජාතික සත් සාමාජික කණ්ඩායම්වල ක්රීඩා "නිල ඇඳුම් සහකරු” ලෙසින් අනුග්රාහකත්වය දැක්වීමට ඉදිරිපත් වන ලදී.
මෙවර පොදු රාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙල ජූලි මස 28 වැනිදා සිට අගෝස්තු මස 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. මේ වන විටත් ජාතික රග්බි තේරීම් කමිටුව විසින් ක්රීඩක ක්රීඩිකාවන් 20 දෙනෙකුගෙන් යුත් සංචිතයක් තෝරා පත් කර ගෙන තිබේ. ශ්රී ලංකාවේ අංක 1 පිරිමි ඇඟලුම් සන්නාමය වන හමීඩියා විසින් සැමට දැරිය හැකි මිල ගණන් යටතේ ගුණාත්මක පිරිමි ඇඟලුම් පාරිභෝගිකයන් හට ලබාදීම සඳහා 1990 දී Signature සන්නාමය ශ්රී ලාංකේය වෙළඳපොළට හඳුන්වා දෙන ලදී. එතැන් පටන්,Signature සන්නාමය මෙරට පිරිමි ඇඟලුම් විලාසිතා ක්ෂේත්රයේ වෙළඳ ප්රමුඛයා බවට ක්රම ක්රමයෙන් වර්ධනය විය.
පැවතුණු කොවිඞ් වසංගත තත්ත්වයේ ප්රතිඵලයක් ලෙසින්, මෙරට ක්රීඩක ක්රීඩිකාවන් හට වසර දෙකකට ආසන්න කාලයක් දේශීය හා ජාත්යන්තර ක්රීඩා ඉසව් සඳහා සහභාගි වීමට අවස්ථාවක් නොලැබුණි. එබැවින් පැවැත්වීමට නියමිත මෙම පොදු රාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙල සඳහා ඉමහත් උද්යෝගයෙන් සූදානම් වන අපගේ පිරිමි සහ කාන්තා රග්බි කණ්ඩායමට නව ප්රබෝධයක් ලබා දීමේ අරමුණින්, ක්රීඩා ”නිල ඇඳුම් සහකරු” ලෙසින් අනුග්රාහකත්වය දැක්වීමට Signature ඉදිරිපත් වී තිබේ.
හමීඩියා ව්යාපාරය සමූහය වසර ගණනාවක සිට ශ්රී ලංකාවේ ක්රීඩා ක්ෂේත්රයට ඉමහත් සහයෝගයක් දැක්වූ ආයතනයකි. සමාගම 1996 ක්රිකට් ලෝක කුසලානය සඳහා ක්රීඩා ඇඳුම් අනුග්රාහකයන් වූ අතර මෑතකදී පැවැත්වුණු බස්නාහිර පළාත් රග්බි තරඟාවලි සඳහාද සහය ලබා දී ඇත. ශ්රී ලංකා රග්බි සමඟ ඇති කරගත් මෙම නව සහයෝගීතාවය ශ්රී ලංකාවේ ක්රීඩා ක්ෂේත්රයට සහය දක්වමින් එහි ප්රමිතිය ඉහළ නංවාලීමට Signature විසින් දරන උත්සාහයේ එක් පැතිකඩකි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Signature සන්නාම කළමණාකරු අම්ජාඞ් මරික්කාර් මහතා අදහස් දක්වමින්, ” ශ්රී ලාංකීය තරුණයන් අතර වඩාත් ප්රචලිත පිරිමි ඇඳුම් සන්නාමය ලෙසන් 2022 පොදුරාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙල නියෝජනය කරන ශ්රී ලංකා රග්බි සංචිතයේ "නිල ඇඳුම් සහකරු” වීමට ලැබීම ගැන අපි ආඩම්බර වනවා. මෙම තරඟ ඉසව්ව අපගේ රග්බි ක්රීඩක ක්රීඩිකාවන්ට ඔවුන්ගේ ශක්තිය සහ හැකියාව ලොවටම ප්රදර්ශනය කිරීමට කදිම අවස්ථාවක් ලබා දෙනු ඇතැයි මා විශ්වාස කරනවා. අපගේ රග්බි ක්රීඩක ක්රීඩිකාවන්ට සහයෝගය දැක්වීමට ලැබීම ගැන අප ආයතනය ආඩම්බර වන අතර ඔවුන්ට තරඟාවලියේ ජයග්රහණය කරා යෑමට සුභ පැතුම් එක්කරනවා.”
1989 වසරේ දී ස්ථාපිත කළ Signature සන්නාමය, formal සහ casual ඇඟලුම් කාණ්ඩ යටතේ ශ්රී ලංකාව තුළ වඩාත් විශ්වාසය දිනූ පිරිමි ඇඟලුම් සන්නාමය ලෙසට පත්ව තිබේ. ආකර්ෂණීය පෙනුමක් ලබාදෙන සුවිශේෂී ඇඳුම් නිර්මාණ රැසක් Signature සන්නාමය විසින් ශ්රී ලාංකික තරුණ ප්රජාවට හඳුන්වා දී තිබේ. Signature පිරිමි ඇඟලුම්, ඩුප්ලිකේෂන් පාර, Marino වෙළඳ සංකීර්ණය, පානදුර, මාතර, කල්මුනෙයි, අනුරාධපුර, යාපනය, හලාවත පිහිටි Signature Exclusive" Signature- X, Signature Studio ප්රදර්ශනාගාර වලින් සහ දිවයින පුරා ප්රමුඛ පෙළේ වෙළෙන්දසැල් වෙතින් ලබා ගත හැකිය.

June, 27, 2022
දශක ගණනාවක් පුරාවට මව්පියවරුන්ගේ ප්රියතම තේරීම වූ දේශීය ළදරු නිෂ්පාදන සන්නාමයක් වන බේබි ෂෙරමි, දරුවෙකුගේ සංවර්ධන කාර්යය සඳහා, මව සහ පියා යන දෙදෙනාම ක්රියාකාරීව සහභාගී විය යුතුයි යන, "සමසහභාගි දෙමාපියත්වය" සංකල්පය මව්පියවරුන් වෙත ගෙන යාමට කැපවී සිටින සන්නාමයකි.
පසුගිය වසරේ මෙරට ප්රථම සය නිවුන් දරු උපත වාර්තා වීමත් සමඟ, එම දරු පැටවුන් උදෙසා වසරක කාලයක් පුරාවට අවශ්ය ඩයපර්ස්, ෂැම්පු, සබන්, ක්රීම් සහ කොලොන් වැනි ළදරු සත්කාර නිෂ්පාදන රැසක් ලබාදීමට ක්රියා කිරීම, බේබි ෂෙරමි විසින් සිදු කරන ලද ආදරණීය කර්තව්යකි.
බේබි ෂෙරමි විසින් ලබාදුන් මෙම ආදරණීය අනුග්රහය පිළිබඳව සහ පසුගිය මාස කිහිපයේ සිය අත්දැකීම බෙදාහදා ගනිමින්, බිළිඳුන්ගේ පියා වන උදයංග මරවනාගොඩ මෙලෙස පවසා සිටියි. "මගේ සහ දිලිනිගේ ජීවිතයට මෙය අපූර්ව අත්දැකීමක් කියල මම මුලින්ම කියන්න ඕනේ. දරුවන් සය දෙනෙකුගේ දෙමව්පියන් වීම ගැන අපිට තියෙන්නේ ලොකු ආඩම්බරයක් වගේම, ලොකු වගකීමක්. විශේෂයන්ම දරුවන් සය දෙනෙකු රැකබලා ගැනීමේදී අපට කායික, මානසික මෙන්ම මූල්ය අභියෝග රාශියකට මුහුණ දෙන්න සිදු වුණා. මෙම සියලුම අපහසුතා සහ අභියෝග සඳහා අප දෙදෙනාම එක්ව මුහුණ දුන්නා. දරුවන් වෙනුවෙන් මගේ කාලය කැප කරමින්, මගේ බිරිඳට සහ දරුවන්ට අවශ්ය සුවපහසුව ලබාදීමට මම සෑම විටම උත්සහ කළා. මේ ගමනේදී, අපට බේබි ෂෙරමි විශාල සහයෝගයක් ලබා දුන්නා. ඇත්තටම අපේ දරුවන් වෙනුවෙන් බේබි ෂෙරමි සෙනෙහසින් ලබාදුන් එම සහයෝගයන් අප බෙහෙවින් අගය කර සිටිනවා."
දරුවන්ගේ ආදරණීය මව වන දිලිනි වාසනා දයානන්ද සිය අදහස් බෙදාහදා ගනිමින් මෙලෙස පවසා සිටියි. "අපට අවශ්ය සහයෝගයන් ලබාදීම සඳහා, පසුගිය මාස කිහිපයක කාලය පුරාවට බේබි ෂෙරමි අප හා අත්වැල් බැඳගෙන සිටීම විශාල සතුටක්. අපගේ දරුවන් සය දෙනාට අවශ්ය සුවපහසුව සහ ආරක්ෂාව ලබාදීම අප දෙදෙනාගේම එකම බලාපොරොත්තුව. අපේ දරු පැටවුන්ට අත්යවශ්ය ළදරු නිෂ්පාදන ලබා දීමට බේබි ෂෙරමි ක්රියා කළ නිසා, අපට විශාල සහනයක් දැනුනා වගේම අපේ දරු පැටවුන්ගේ ජීවන ගමනට හොඳ ආරම්භයක් ලැබුණා කියලා කියන්න පුළුවන්".
දරුවන් සය දෙනෙකු රැකබලා ගැනීම මවකට විශාල කාර්යභාරයක්. නමුත්, පියාගේ සහයෝගය අඛණ්ඩව හිමිවන්නේ නම්, එය ඉතා පහසු කාර්යයක්. දරු පැටියා රැකබලා ගැනීමේ සහ සංවර්ධනය කිරීමේ කාර්යය සඳහා මව සහ පියා දෙදෙනාගේම ක්රියාකාරී සහභාගීත්වයේ වැදගත්කම සමාජයට පෙන්වා දෙමින්, "සමසහභාගි දෙමාපියත්වය" යන සංකල්පය දේශීයව ප්රචලිත කිරීම සඳහා බේබි ෂෙරමි දිගින් දිගටම ක්රියා කරයි. මේ අනුව "සමසහභාගි දෙමාපියත්වය" යන සංකල්පය දේශීයව ප්රචලිත කිරීමටත්, එහි වැදගත්කම පිළිබඳ දෙමව්පියන් දැනුවත් කිරීමටත්, ක්ෂේත්ර විශේෂඥයින්ගේ මාර්ගෝපදේශනය සහිතව වැඩසටහන් රාශියක් බේබි ෂෙරමි ක්රියාත්මක කරමින් සිටියි. තවද, දරුවාගේ මුල් ළමාවිය සංවර්ධනය, ගර්භණී සත්කාර ඇතුලු දෙමව්පියන්ට වැදගත් වන විවිධ මාතෘකා කිහිපයක් පිළිබඳවම දැනුම වර්ධනය කිරීම උදෙසා බේබි ෂෙරමි, ක්ෂේත්ර විශේෂඥයින්ගේ සහයෝගය ඇතුව "දරු පැටියාගේ ලෝකය" ඇතුලු විවිධ වැඩසටහන් ක්රියාත්මක කරමින් සිටියි.
බේබි සබන්, ෂැම්පු, බේබි ක්රීම් සහ ලෝෂන්, ලොන්ඩ්රි වොෂ් පව්ඩර්, ලොන්ඩ්රි වොෂ් ලික්විඩ්, බොට්ල් වොෂ්, කොටන් බඩ්ස්, ඔයිල්, ඩයපර් සහ බේබි ගිෆ්ට් බොක්සස් ඇතුළු පුළුල් පරාසයක විහිදුනු නිෂ්පාදන රැසක් බේබි ෂෙරමි විසින් වෙළඳ පොළට ඉදිරිපත් කර ඇත. විශිෂ්ට ගුණත්වය සහ ආරක්ෂාකාරී නවීන නිෂ්පාදන ක්රියාවලීන් භාවිතය හේතුවෙන් ශ්රී ලංකාවේ ප්රථම වරට SLS සහතිකය දිනාගත් බේබි සබන් සන්නාමය වන්නේද බේබි ෂෙරමියි. තවද, බේබි ෂෙරමි නිෂ්පාදන බිලිඳු සමට හිතකර බව සායනිකව සනාථ කර ඇති අතර, IFRA අනුමත සුවඳ පමණක් අඩංගු කර දේශීය සහ ජාත්යන්තර ප්රමිතීන්ට අනුකූලව නිපදවා ඇත. ශ්රී ලංකාවේ වඩාත්ම වටිනා සන්නාම ශ්රේණිගත කරන බ්රෑන්ඩ් ෆිනෑන්ස් ලංකා සමගින් එක්වෙමින් LMD සඟරාව මගින් ප්රකාශයට පත් කෙරුණු LMD Brands Annual හි 2021 වර්ගීකරණයේ, ආදරණීයම ළදරු නිෂ්පාදන සන්නාමය බවට පත්වීමටද බේබි ෂෙරමි හට හැකි විය. සියලුම බේබි ෂෙරමි නිෂ්පාදන පිළිබඳ හෝ “සමසහභාගි දෙමාපියත්වය” සංකල්පය පිළිබඳ විස්තර අවශ්ය නම්, www.babycheramy.lk වෙතින් හෝ https://www.facebook.com/BabyCheramy/ වෙත පිවිසීමෙන් ලබාගත හැකිය.
June, 27, 2022
100% ක් දේශීය නිෂ්පාදන සන්නාමයක් සහ දශක හයකට අධික කාලයක් පුරාවට ගෘහාශ්රිත නිෂ්පාදන හා විසඳුම් වෙළඳ පොළ ප්රමුඛයෙකු වන Anton, ‘හිතවත්කමට මුල්තැන’ ව්යාපෘතියේ මීළඟ අදියර පසුගියදා දියත් කළේය. රට මුහුණ දී ඇති වත්මන් ආර්ථික තත්වයට ධනාත්මකව මුහුණ දීමට සවියක් වෙමින් Anton සිය සේවකයින්ට වියළි ආහාර සලාක බෙදා දුන්නේ ඔවුන් සවිබල ගැන්වීමට සහ අඛණ්ඩ අභියෝග ජය ගැනීමට ඔවුන් පෙළඹවීමේ අරමුණ ඇතිවයි. වසර ගණනාවක් පුරා සිය සේවකයින් සවිබල ගැන්වීමට Anton විසින් දියත් කල ව්යාපෘති අතුරින් මෙය සුවිශේෂී ස්ථානයක් ගනී.
‘හිතවත්කමට මුල්තැන’ ව්යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් Anton ආයතනයේ සේවකයකු වන, කේ.ටී.ඩී. විජේසේකර මහතා පැවසුවේ මෙවැන්නකි. "මෙම අභියෝගාත්මක කාලපරිච්ඡේදය තුළ සමාගම නිරන්තරයෙන් අපට අවශ්ය සහය සහ මඟපෙන්වීම ලබා දීම ගැන මම කෘතඥ වෙනවා. සෑමවිටම අපට දිරියක් සහ සවියක් වන Anton පවුලේ සාමාජිකයෙකු වීමට ලැබීම අප ලද වරප්රසාදයක්. වර්තමානයේ රටේ පවතින තත්වයට සාර්ථකව මුහුණ දීමට අප ආයතනයෙන් ලැබෙන සහය කියා නිමකළ නොහැකියි."
Anton විසින් 2017 වසරේදී ‘හිතවත්කමට මුල්තැන’ ව්යාපෘතිය හඳුන්වා දුන් අතර, සේවකයින් සවිබල ගැන්වීම සහ ඔවුන් ආයතනයේ සතු වටිනාම සම්පත බව තහවුරු කිරීම මෑතකාලීන ව්යාපෘතියේ අරමුණ විය. සිය සේවකයින්ගේ යහපැවැත්ම නංවාලීමේ අවශ්යතාවය අවබෝධ කරගත් Anton සමාගම, ඔවුන්ට සහාය වීම සඳහා ක්රියාත්මක කරන ලද බොහෝ මුලපිරීම් වලින් එකක් ලෙස මෙම වියළි ආහාර සලාක ලබාදීම හැඳින්විය හැකිය.
මේ පිළිබඳ අදහස් දක්වමින් Anton හි ප්රධාන මෙහෙයුම් නිලධාරී ළහිරු ජයසිංහ මහතා මෙලෙස පවසා සිටියි. “'හිතවත්කමට මුල්තැන' ව්යාපෘතිය අපි අපගේ සේවකයන්ගේ යහපත වෙනුවෙන් දියත් කරන ලද ව්යාපෘති වලින් එකක්. ඔවුන්ට අවශ්ය වියළි සලාක සහ අනෙකුත් අත්යවශ්ය ද්රව්ය ලබාදීම මඟින් ඔවුන් සහ ඔවුන්ගේ පවුල් සවිබල ගැන්වීම අපගේ අරමුණයි. මෙවැනි දුෂ්කර කාලයකදී, අප සියලු දෙනා මුහුණ දෙන අභියෝග සාර්ථකව ජය ගැනීමට අපි එකිනෙකාට උපකාර කරගත යුතුයි."
ආරම්භයේ සිටම Anton සමාගමේ සාර්ථකත්වයට ශක්තියක් වුයේ සිය සේවකයන් බව Anton තරයේ විශ්වාස කරයි. එමනිසා සිය සේවකයින් සවිබල ගැන්වීමටත් ඔවුන්ට පැමිණෙන අභියෝග සාර්ථකව ජයගැනීමට අවශ්ය සහය ලබාදීමටත් 'හිතවත්කමට මුල්තැන' ව්යාපෘතිය ඇතුළු තවත් ව්යාපෘති රැසක් Anton මෙලෙස දියත් කර ඇත.
June, 27, 2022
වසංගත කාලයකට මුහුණ දුන් ශ්රී ලංකාව, 2021 වසර අවසන් වන විට 'නව සාමාන්ය' තත්වයට අනුවර්තනය විය. කෙසේ නමුත්, වසංගතය සහ සමාජ-ආර්ථික අභියෝගවලට මුහුණ දුන් ප්රාදේශීය ප්රජාවන්ට ඉන් පසුව ඇති වූ ආර්ථික අභියෝගවලට සහයෝගය දැක්වීමේ අවශ්යතාවය අති විශාල විය. මෙම තත්වය අවබෝධ කර ගනිමින්, ශ්රී ලංකාවේ FMCG අංශයේ ප්රමුඛයා වන හේමාස් කන්සියුමර් බ්රෑන්ඩ්ස්, බහුවිධ සහය මැදිහත්වීම් හරහා පීඩාවට පත් වූ ප්රජාවන්ට සහාය වීමට වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත.
හේමාස් කන්සියුමර් බ්රෑන්ඩ්ස් විසින් ක්ෂණික සහ ස්ථාවර සහයෝගයක් මෙම ප්රජාවන්ට ලබා දුන් අතර, වියළි සලාක, පුද්ගලික සහ ගෘහ ආරක්ෂණ නිෂ්පාදන, ලිපි ද්රව්ය ඇතුළු තවත් දේ පවුල් සහ අනෙකුත් ප්රජාවන්ට පරිත්යාග කරන ලදි. අනුරාධපුර ප්රදේශයේ වියළි ආහාර ද්රව්ය බෙදා දීමක් සිදු කරන අතරතුර, ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පීඩාවට පත් වූ පවුල් සඳහා ද උපකාර කිරීමට සමාගම ඉදිරිපත් විය. පසුගිය කාර්තුව තුළ මධ්යම, බස්නාහිර, දකුණ, වයඹ සහ ඌව යන ප්රදේශවල ප්රජාවන්ගෙන් ආසන්න වශයෙන් පුද්ගලයින් 1000ක් වෙත බහුවිධ පරිත්යාග ලැබී ඇත.
හේමාස් කන්සියුමර් බ්රෑන්ඩ්ස් හි ව්යාපාර සංවර්ධන හා නවෝත්පාදන අධ්යක්ෂිකා සබ්රිනා යුසුෆාලී මෙසේ අදහස් දැක්වීය. “වසංගතය සහ වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය දිවයින පුරා සිටින ප්රජාවන්ට විශාල පීඩනයක් එල්ල කර තිබෙනවා. ප්රජාවන්ගේ යහපැවැත්ම නඟා සිටුවීමට හේමාස් හි අපි ඇප කැපවී සිටිනවා. අතිශය දුෂ්කරතා සහිත මේ කාලය තුළ, හේමාස් අපගේ බහුවිධ වේදිකා හරහා බලමුලු ගන්වන අතර එමඟින් සමාජයේ වඩාත් අවදානමට ලක්විය හැකි කොටස් සඳහා කඩිනමින් සහය ලබා දීමට අපට හැකි වේ.
ගුණාත්මක සනීපාරක්ෂක නිෂ්පාදන සඳහා සීමිත ප්රවේශයක් සහිත තෙල්දෙණියේ පාසලකට පරිත්යාග කිරීමට හේමාස් කන්සියුමර් බ්රෑන්ඩ්ස් විසින් කොළඹ විශ්ව විද්යාලයේ ලියෝ සමාජයට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබා දෙන ලදි. එසේම සමාගම විසින් අතලේ ප්රදේශවාසීන්ට ආධාර පිණිස සෞඛ්ය කඳවුරකට සනීපාරක්ෂක තුවා ලබා දීම සඳහා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්යාලයේ සහ විශාඛා විද්යාලයේ සමාජ සේවා සංගම් වෙත සහය ලබා දෙන ලදි.
වසර ගණනාවක් පුරා, හේමාස් කන්සියුමර් බ්රෑන්ඩ්ස් අවශ්යතා ඇති ශ්රී ලාංකේය ප්රජාවන්ට උපකාර කිරීමට කැපවී සිටින අතර ඉදිරි වසරවලදී ද එය අඛණ්ඩව සිදු කරනු ඇත.
Photo Caption : අනුරාධපුරයේ ප්රාදේශීය ප්රජාවකට වියළි සලාක පරිත්යාග කිරීම
June, 24, 2022
ශ්රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයක් විසින් ණය කාඩ්පත් (Credit Cards) සඳහා අය කරනු ලබන පොලී අනුපාතිකයන් ඉහළ දමා ඇති බව නිරීක්ෂණය කළ හැකිය. ඒ අනුව මේ වන විට බැංකු කිහිපයක් විසින් ණය කාඩ්පත් සඳහා අය කරනු ලබන පොලී අනුපාතිකය 30% ක් බව ප්රකාශයට පත් කර තිබේ.
ණය කාඩ්පත් සඳහා පනවා තිබූ උපරිම පොලී අනුපාතික සීමා ඉවත් කිරීමට ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පසුගිය අප්රේල් 08 දින තීරණය කරනු ලැබීය.
එම තීරණයෙන් පසු එතෙක් 18% ක්ව පැවති ණය කාඩ්පත් පොලිය 24% ක් දක්වාත් ඉන්පසු අද වන විට 30% ක් දක්වාත් ඉහළ ගොස් තිබේ.
මේ අතර ශ්රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවන්ට අනුව මෙම වසරේ අප්රේල් මාසය අවසන් වන විට මෙරට තුළ සක්රීයව පවතින ණය කාඩ්පත් ප්රමාණය 1,973,481 ක් ලෙසින් සටහන්ව තිබේ. මෙම ණය කාඩ්පත් වෙනුවෙන් 2022 අප්රේල් මාසය අවසන් වන විට ගෙවිය යුතු මුළු හිඟ මුදල් ප්රමාණය රු. මිලියන 138,192 කි.
2022 වසරේ මුල් මාස 04 තුළ දී මෙරට සක්රීය ණය කාඩ්පත් ප්රමාණය 46,286 කින් ඉහළ ගොස් ඇති අතර මුළු ණය කාඩ්පත් වෙනුවෙන් ගෙවිය යුතු හිඟ මුදල් ප්රමාණය රු. මිලියන 4,907 කින් වැඩි වී ඇත.

June, 24, 2022
ක්ෂුද්ර ජීවීන් සහ බැක්ටීරියා විනාශ කිරීම සඳහා ජලය, පීඩනය සහ උණුසුම භාවිතා කරමින් දැඩි උණුසුමක් ජනිත කරන Autoclave යන්ත්ර දෙකක් පසුගියදා කොමර්ෂල් බැංකුව විසින් පේදුරුතුඩුව මූලික රෝහලේ ඉල්ලීමකට අනුව එම රෝහලට ප්රදානය කරන ලදී. මෙම යන්ත්ර දෙක රෝහලේ පිහිටි ශල්යාගාරයේ ආසාදන පාලනය කිරීම සඳහා යොදාගනු ඇත. ‘A’ වර්ගයේ රෝහලක් වන පේදුරුතුඩුව මූලික රෝහල මගින් යාපනය වඩමාරච්චි කළාපයේ 150,000 ක් පමණ වන ජනතාවකට සෞඛ්ය පහසුකම් සපයනු ලබයි.
සේයාරුවෙන් දැක්වෙන්නේ මෙම Autoclave යන්ත්ර කොමර්ෂල් බැංකුවේ උතුරු පළාතේ කළාපීය කළමනාකරු, රාමචන්ද්රන් සිවඥානම් මහතා (දකුණේ සිට දෙවැන්නා) සහ කොමර්ෂල් බැංකුවේ පේදුරුතුඩුව ශාඛාවේ කළමනාකරු, තෙවරාජා අරවින්තන් මහතා විසින් රෝහලේ නියෝජිතයෙක් වෙත පරිත්යාග කරන ආකාරයයි.
June, 24, 2022
ශ්රී ලංකාවේ අංක 1 smartphone වෙළෙඳ නාමය වන සැම්සුන් මෙවැනි අර්බුදකාරී කාලයන් මධ්යයේ පාරිභෝගිකයින්ගේ ආර්ථික අපහසුතා මනාව අවබෝධ කරගනිමින් ඔවුන්ට සහාය වීම සඳහා Galaxy උපාංගවල විශේෂ අඩු කළ මිල ගණන් පසුගියදා එළිදැක්වීය.
සිය ජනතාව වෙනුවෙන් ඉතා සැලකිලිමත්ව හා අවධානයෙන් කටයුතු කරන වෙළෙඳ නාමයක් ලෙස සැම්සුන් ඔවුන්ගේ උපාංගවල ප්රවර්ධන මිල ගණන් වලට 48%ක් දක්වා අද්විතීය වට්ටම් හඳුන්වා දී තිබේ. එම නිසා පාරිභෝගිකයින්ට ඔවුන්ගේ Galaxy devices වලට අමතර උපාංග මිලදී ගැනීමේදී ඒ සඳහා විශාල මුදලක් වැය කිරීමට අවශ්ය නොවේ. මෙම ප්රවර්ධනය හරහා පාරිභෝගිකයින්ට සැම්සුන්හි හි සැබෑ විශිෂ්ටත්වය අත්විඳීමට ඉඩ සැලසීම සඳහා adapters, wearables, hearables, chargers, smart tags හා headphones ඇතුළු Galaxy ecosystem හි සියලූම උපාංග සඳහා විශේෂිත මිල අඩු කිරීම් හඳුන්වා දෙනු ලබයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් සැම්සුන් ශ්රී ලංකා කළමනාකාර අධ්යක්ෂ කෙවින් සුන්ග්සු යු මහතා පැවසුවේ ‘‘සැම්සුන් සැමවිටම ජනතාවගේ සන්නාමයක් වගේම පාරිභෝගිකයාගේ යහපැවැත්ම කෙරෙහි සැමවිටම අවධානය යොමු කරනවාx මෙවැනි අසීරු කාලවලදී දැඩි උද්ධමනයෙන් පීඩා විඳින පාරිභෝගිකයින්ට සහායක් වීම සඳහා අපටම අනන්ය වූ ආකාරයෙන් උපකාර කිරීම වැදගත්. උද්ධමනය නිසා ඇති වී තිබෙන භාණ්ඩ මිල ගණන් ගැන වද නොවී අපගේ පාරිභෝගිකයින්ට Galaxy ecosystem එකට සම්බන්ධ වීමට අවස්ථාව ලබා දීම සඳහා අපි Galaxy උපාංගවලට විශේෂ මිල ගණන් හඳුන්වා දුන්නා.’’ යනුවෙනි.
මෙම ප්රවර්ධන වැඩසටහන යටතේ සැම්සුන් සිය උපාංගවල මිල වෙළෙඳපොළ වටිනාකමින් 48%ක් දක්වා අඩු කර ඇත. Galaxy Watch, Galaxy Buds, Galaxy SmartTag, Travel Adapters සහ Wireless Chargers ඇතුළු උපාංග මෙම විශේෂිත ප්රවර්ධන වැඩසටහන යටතේ ඔබට මිලදී ගත හැකිය.
Galaxy Watch 4 (BT, 40mm) 42%ක වට්ටමක් යටතේ රු. 71,999/- කට සහ Galaxy Watch 4 Classic (BT, 46 mm) 41%ක වට්ටමක් යටතේ රු. 104,999/-ක් වැනි මිලකට ඔබට මිලදී ගත හැකිය.
මෙම වැඩසටහන යටතේ Galaxy Hearables වල මිල විශාල ලෙස අඩු කර තිබීම විශේෂත්වයකි. Glaxy Buds 2 23%ක වට්ටමක් යටතේ රු. 47,999/- ක් ලෙස මිල අඩු කර තිබෙන අතර Galaxy Buds Live 48%ක වට්ටමක් යටතේ රු. 35,999/- ක මිලකට ඔබට මිලදී ගත හැකිය. මේ අතර Galaxy Buds Pro 48%ක වට්ටමක් යටතේ රු. 46,499/- ක මිලකට ද Level U2 headphone 42%ක වට්ටමක් යටතේ රු. 10,499/- ක් වැනි මිලකට මිලදී ගැනීමට ඔබට අවස්ථාව ඇත.
Galaxy SmartTag (පැක් 1ක්) 40%ක වට්ටමක් යටතේ රුපියල් 5,999 ක් වැනි විශේෂ අඩු කළ මිලකට ඔබට දැන් ලබා ගත හැකිය.
මේ අතර Wireless Charger Due 2021 (PA නොමැතිව) රුපියල් 9,199/- කට සහ Wireless Charger Pad 2021 (PA නොමැතිව) රුපියල් 5,599/- ක් වැනි විශේෂ අඩු කළ මිලකට දැන් ලබා ගත හැකිය. Wireless Charger Trio රුපියල් 17,999/- කට සහ Wireless Charger Convertible රුපියල් 8,999/- ක් වැනි විශේෂ මිලකට ඔබට මිලදී ගත හැකිය.
Two ports හා 15W ක Galaxy devices සඳහා වන කාර් චාර්ජරයක් දැන් ඔබට රුපියල් 3,199/-ක් වැනි මිලකට ලබා ගත හැකිය. Galaxy Travel Adapter (25W) ක මිල රුපියල් 3,389/- ක් වන අතර කේබල් හා Adapter එකක් රුපියල් 5,599/- ක් වැනි විශේෂ මිලකට ඔබට ලබා ගත හැකිය.
තවද මෙම ප්රවර්ධන වැඩසටහන යටතේ UV Sterilizer ක මිල රු. 9,999/- ක් වන අතර Galaxy Z Fold3 Silicone Cover රු. 10,499/-ක් වැනි විශේෂ අඩු කළ මිලකට දැන් ඔබට මිලදී ගත හැකිය.
පහසුවෙන් හඳුනාගත හැකි Samsung වෙළෙඳ සලකුණ සහිත දිවයින පුරා පිහිටි බලයලත් අලෙවි නියෝජිතයන් වන John Keells Office Automation හා Softlogic Mobile Distribution වෙතින් මෙරට පාරිභෝගිකයින්ට විශේෂිත අඩු කළ මිලකට මෙම Galaxy උපාංග මිලදී ගත හැකිය. එමෙන්ම එය Samsung හි බලයලත් හවුල්කරුවන් වන Softlogic Retail, Singer, Singhagiri සහ Damro මගින් ද සන්නිවේදන හවුල්කරුවන් වන Dialog සහ Mobitel මෙන්ම online වෙළෙඳ වෙබ් අඩවි වන Samsung EStore (samsungsrilanka.lk), MySoftlogic.lk සහ Daraz.lk මගින් ද ලබා ගත හැකිය.
ඔබ කොහේ, කොතැන සිටියත් ඔබට අවශ්ය සේවය ඕනෑම වේලාවක ලබා දීමට අප සූදානම්. Samsung Galaxy smartphone එකක් මිලදී ගැනීමට ඔබ තීරණය කර ඇත්නම් එයින් ඔබේ සිතට සැහැල්ලූවක් දැනෙනු ඇත. ගැටළු හඳුනා ගැනීමට හා ප්රශස්තකරණය සඳහා ඇති අන්තර් ක්රියාකාරී Samsung Members app එක මගින් ඔබගේ දුරකතනයේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමට පහසු වන අතරම ඔබට අමතර සහායක් අවශ්ය වූ විට අපගේ උපකාරක සේවාව ඔබගේ ගැටළු නිරාකරණය කිරීමට සහාය ලබා දෙයි.
Samsung අඛණ්ඩව වසර තුනක් ශ්රී ලංකාවේ ‘Most Loved Electronics Brand’ ලෙස Brand Finance Lanka විසින් මෙරට වඩාත් වටිනාම වෙළඳ නාමයන් පිළිබඳව සිදු කළ විශ්ලේෂණයකට අනුව සම්මානයන්ට පාත්ර වී ඇත. මෙරට අංක 1 smartphone වෙළෙඳ නාමය වන Samsung සෑම වයස් කාණ්ඩයකම, විශේෂයෙන් නව යොවුන් හා තාරුණ්යයේ පාරිභෝගික පදනමක් තමන් සතු කර ගැනීමට සමත්ව ඇත.
June, 23, 2022
ප්රමුඛ පෙළේ ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන vivo විසින් ශ්රී ලාංකික පාරිභෝගික ප්රජාවට උසස් අත්දැකීමක් ලබා දීමේ අරමුණින් සිය අන්තර්ජාල සේවා පුළුල් කිරීමකට ලක් කොට ඇත. After-sales (අලෙවියෙන් පසු) සේවාවන් හරහා, සමාගමේ නවතම නිෂ්පාදන සහ විශේෂාංග පිළිබඳව දේශීය පාරිභෝගිකයන් දැනුවත් කිරීම සහ ඔවුන්ට අවශ්ය අනෙකුත් තොරතුරු සැපයීමේ අරමුණින් vivo මෙම මුලපිරීම ආරම්භ කොට ඇත. සිය පාරිභෝගිකයන්ට හොඳම තේරීම් සිදු කිරීමට අවශ්ය දැනුම සැපයීමද මෙමගින් සිදු කෙරේ. vivo Support භාවිතා කරමින්, පාරිභෝගිකයින්ට දැන් ක්ෂණිකව කිසිදු කරදරයකින් තොරව සමාගමේ After-sales කණ්ඩායම සමඟ සෘජුවම සම්බන්ධ විය හැකිය. මීට අමතරව, පාරිභෝගිකයින්ට vivo Support වෙබ් අඩවියට පිවිසීමෙන් අනෙකුත් උපාංග සහ අමතර කොටස් සඳහා ලබා දී ඇති වට්ටම් සහ යාවත්කාලීන මිල ගණන් පරීක්ෂා කළ හැකි අතර සේවා සම්බන්ධ ගැටළු වලට අවශ්ය විමසුම් කෙටි කාලයකින් ලබා ගත හැක.
තාරුණ්යය ඉලක්ක කරගත් සන්නාමයක් ලෙස, vivo සිය විශේෂ Service Days හරහා පාරිභෝගික තෘප්තිය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ස්මාර්ට්ෆෝන් භාවිතයේ සෑම පියවරකදීම තම පාරිභෝගිකයින්ට සහාය වීමට උත්සාහ කරයි. මෙම දිනයන් හිදී පාරිභෝගිකයින්ට බලයලත් vivo සේවා මධ්යස්ථාන දෙකකින් vivo සේවාවන් නොමිලේ ලබා ගත හැකිය. මෙම සේවාවන්ට නොමිලේ ආරක්ෂිත ආවරණ ඇලවීම, නොමිලේ ස්මාර්ට්ෆෝන් සේවා සහ පිරිසිදු කිරීම, ෆ්ලෑෂ් අලුත්වැඩියාව සහ නොමිලේ මෘදුකාංග යාවත්කාලීන කිරීම් ඇතුළත් වේ. මීට අමතරව adapters, data/USB cables සහ headphones වට්ටම් සහිත මිලකට මිලදී ගැනීමට ද අවස්ථාවක් ලබා දෙයි.
සෑම ව්යාපාරයකම විශාලතම වත්කම පාරිභෝගිකයින් වන අතර vivo Sri Lanka විසින් පාරිභෝගික තෘප්තිය අඛණ්ඩව සහතික කිරීමට අවශ්ය සියලු පියවරයන් ගනිමින් සිටී. පාරිභෝගික තෘප්තිය පවත්වා ගැනීම ඉතා වැදගත් වන බව සන්නාමය විශ්වාස කරන අතර, විශ්වාසවන්ත පාරිභෝගිකයින් රඳවා තබා ගැනීම පමණක් නොව, නව පාරිභෝගිකයින් ආකර්ෂණය කර ගැනීම ද ඉතා වැදගත් වේ. එබැවින්, දේශීය පාරිභෝගිකයින්ගේ අවශ්යතා සහ වුවමනා අවබෝධ කර ගනිමින් vivo විසින් සිය After-sale සේවාවන් වැඩිදියුණු කිරීමට අවශ්ය සියලු පියවර ගනිමින් පවතී.
vivo Sri Lanka හි අධ්යක්ෂ ඇලිසන් ජින් මහත්මිය මෙසේ සිය අදහස් දැක්වීය, “vivo අපි පාරිභෝගික කේන්ද්රීය සහ වගකීම් සහිත සන්නාමයක් ලෙස අපගේ ආදරණීය පරිශීලකයින්ට කිසිදු කරදරයකින් තොර මිලදී ගැනීමේ අත්දැකීමක් ලබා දීමට සහ පාරිභෝගිකයාගේ ආරක්ෂාව සහ පහසුව සහතික කිරීමට නිරතුරුවම කැපවී සිටිනවා. අපගේ පාරිභෝගිකයින් පසුගිය කාලය තුළ මෙම මුලපිරීම් සඳහා ධනාත්මක ප්රතිචාර දැක්වූ අතර, ශ්රී ලංකාව තුල vivo ස්මාර්ට්ෆෝන් භාවිතා කරන්නන් සඳහා ධනාත්මක අත්දැකීමක් නිර්මාණය කිරීමට හැකිවීම ගැන අපි බෙහෙවින් සතුටු වෙනවා. අපගේ සේවාවන් හැකි ඉක්මනින් පාරිභෝගිකයින්ට ලබා දීම සහ ඔවුන්ගේ ගැටළු ඉක්මනින් විසඳීමට අපි කටයුතු කරනවා. ඉදිරියටත් vivo අපි අපගේ පාරිභෝගිකයින්ට කාර්යක්ෂම සහ හොඳම අත්දැකීම් ලබා දීමට සැදී පැහැදී සිටිනවා"
vivo සිය කොළඹ සහ ගාල්ල ප්රදේශයන්හි පිහිටි සුවිශේෂී ශාඛා දෙක හරහා තම පාරිභෝගිකයන් වෙත ළඟා වෙමින් දිවයිනේ පාරිභෝගික සම්බන්ධතාව උපායශීලීව ශක්තිමත් කර ඇත. භූගෝලීය සීමාවන් වලින් ඔබ්බට යමින්, vivo විසින් නවීනතම පහසුකම් සහ උපකරණ පාරිභෝගිකයන් වෙත බාධාවකින් තොරව ලබා දීමට සහ කාර්යක්ෂම After-sales සේවා අත්දැකීමක් සහතික කිරීමට අවශ්ය සියලුම පියවර ගනිමින් සිටී.
පාරිභෝගිකයාට ඔවුන්ගේ විමසුම් සහ අවශ්යතා ඉදිරිපත් කිරීමට Live Chat සේවාවක් සක්රිය කර ඇත. 011 20 29 184 අංකයට ක්ෂණික ඇමතුමක් ලබා දීම සහ Facebook සහ email මගින් මෙම සේවා ලබා ගත හැකිය. පාරිභෝගිකයින්ට ඔවුන්ගේ විමසුම් සඳහා තත්පර කිහිපයක් ඇතුළත ක්ෂණික ඇමතුම් මගින්, Facebook සහ පැය 24 තුළ servicecenter@lk.vivo.com හරහා ප්රතිචාර දක්වනු ලැබේ. මෙම අංකය වෙළඳ නිවාඩු දින හැර සතියේ දිනවල පෙ.ව. 9 සිට පස්වරු 5 දක්වා, සෙනසුරාදා පෙ.ව. 9 සිට පස්වරු 2 දක්වා ක්රියාත්මක වේ.
Video Story