• Ada Derana BIZ Sinhala
  • ESG
  • Kelani Valley Plantations
  • sri lanaka
  • Uncovering

කැලණිවැලි ප්ලාන්ටේෂන්ස් ESG ප‍්‍රමිතීන්හි අර්ථවත් ප‍්‍රගතියක් ලගාකර ගැනීම උදෙසා මානව සම්පත කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරයි

June, 21, 2022

පාරිසරික, සමාජීය සහ පාලන (ESG) ප‍්‍රමිතීන්හි අර්ථවත් ප‍්‍රගතියක් ඇති කිරීමට නම් ප‍්‍රතිපත්තිවලට වඩා මානව සම්පත පිළිබඳ අවධානය යොමුකල යුතුය. මානව සම්පතෙහි වටිනාකම තේරුම් ගත් සංවිධාන ඔවුන්ගේ කර්මාන්තවල වර්ධනය උදෙසා සැලසුම් සකස් කිරීමේ දී තම සේවක ප‍්‍රජාව වෙත මූලිකත්වය දෙනු ලබන්නේ එබැවිනි.

ශ‍්‍රී ලංකාවේ කලාපීය වැවිලි සමාගම් (RPCs) වෙත මානව සම්පත් සහ තිරසාරභාවය පිළිබඳ සැබෑ පුරෝගාමියෙකු ලෙස තම සේවාව ලබාදෙන අනුරුද්ධ ගමගේ මහතා සිය වෘත්තීය ජීවිතය ආරම්භයේදීම ඒ කෙරෙහි අවධානය යොමු කළේය. දශක දෙකකට වැඩි කාලයක් පුරා ඔහු ඔහුගේ ප‍්‍රවේශයෙහි හරය වන මානව සම්පත බලගැන්වීම හරහා විශාලතම සහ වඩාත්ම ගෞරවනීය ප‍්‍රාදේශීය වැවිලි සමාගම් හි (RPCs) තිරසාරභාවය නැවත අර්ථ දැක්වීමට අත්වැලක් සපයා කර ඇත.

අනුරුද්ධ මහතා 1999 දී වැවිලි කළමනාකරණ අභ්‍යාසලාභියෙකු ලෙස කැලණිවැලි ප්ලාන්ටේෂන් පීඑල්සී (KVPL) වෙත සම්බන්ධ විය. ඔහුගේ වෘත්තීය ජීවිතයේ මුල් අවධියේ සිටම එතුමා මානව සම්පත් සහ තිරසාරත්වය පිළිබඳ උනන්දුවක් දැක්වූ අතර එම අංශයේ මෙම කාලය තුළ ශ‍්‍රී ලංකාවේ ඍඡුක්‍ි හි සුවිශේෂී වෙනස්කම් සැලකිල්ලට ගනිමින් ක්ෂේත‍්‍රයේ හොඳම භාවිතයන් අනුගමනය කිරීමේ අවශ්‍යතාවය තහවුරු කළේය.

බලගැන්වීම් කි‍්‍රයාවලියෙහි ඇති කරන වෙනස්කම්

RPCs මුහුණ දෙන අභියෝග ඇත්තේ එම ක්ෂේත‍්‍රයටම පමණයි. පාරිසරික තත්වයන් කාර්ය සාධනය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරයි. එමෙන්ම ශ‍්‍රම බලකාය සවිබල ගැන්වීම උදෙසා සමාජීය සාමකාමී වටපිටාව වඩාත් වැදගත් වෙයි.  එය වඩාත් බලපෑම්කාරී වීමට සහ සියලූ ප‍්‍රධාන පාර්ශ්වකරුවන්ගේ විශ්වාසය ඉහළ නැංවීම සඳහා හැකි ඉහළම පාලන ප‍්‍රමිතීන් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වේ.

”ESG සම්බන්ධයෙන් ගත් කල සෑම පැතිකඩක්ම අනෙක් ඒවාට සාපේක්ෂව ප‍්‍රවේශමෙන් නඩත්තු කළ යුතු වෙනවා. තිරසාරත්වය ඇත්තෙන්ම තී‍්‍රරෝද රථයක් වගේ. පාලනය යනු දිශාව සපයන ඉදිරි රෝදයයි. සමාජීය සහ පාරිසරික සාධක පසුපස රෝද වන අතර එමඟින් සමානව සමතුලිතභාවය පවත්වාගෙන යනවා.” යනුවෙන් අනුරුද්ධ මහතා පැහැදිලි කළේය.

”මෙම රාමුව තුළ ප‍්‍රධාන පාර්ශවකරුවන් අතර දැනුවත්භාවය ඇති කිරීමට සහ සහයෝගය වැඩි දියුණු කිරීමට ඵලදායී දැනුම කළමනාකරණය ඉතා වැදගත් වෙනවා. ඔවුන්ගේ සහය නොමැති නම් ඔබ න්‍යාය පත‍්‍රයක් ගෙන යාමට උත්සාහ කරන පුද්ගලයෙකු පමණක් වන අතර තිරසාර වෙනසක් අත්කර ගැනීමට අපහසුය.”

වෙනස් වීම සඳහා පෙර නොවූ විරූ අවස්ථාවක්

 ඔහුගේ උපදේශක සහ ප‍්‍රවීණ වැවිලිකරුවකු ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා 2013 දී හේලීස් වැවිලි අංශයේ කළමනාකාර අධ්‍යක්ෂ ලෙස වැඩ භාර ගත් අතර එතැන් පටන් මානව සම්පත් කළමනාකරණය ක්ෂේත‍්‍රයෙහි විප්ලවීය වෙනසක් ඇති කරමින් කර්මාන්තය පරිවර්තනය කිරීමේ වැඩපිළිවෙලක් දියත් කරනු ලැබීය.

සාමාන්‍යාධිකාරී (මානව සම්පත් සහ ආයතනික තිරසාරභාවය) ලෙස අනුරුද්ධ මහතා ආචාර්ය රාජදුරෙයි මහතාගේ මඟපෙන්වීම සහ අනුග‍්‍රහය ඇතිව KVPL සඳහා පුළුල් උපාය මාර්ගික මානව සම්පත් සැලැස්මක් හදුන්වාදෙන ලදි. ශ‍්‍රී ලංකාවේ RPC සඳහා වන පළමු සැලැස්ම මෙයයි. වසර ගණනාවක ඉවසීමේ සහ නොපසුබට උත්සාහයේ ප‍්‍රතිඵලයක් වන අතර අද එහි සාර්ථක අත්විදියි.

මෙම වැඩසටහන් 2021 දෙසැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ ස්වේච්ඡා සේවකයන් (UNV) විසින් ‘පුරවැසි ක‍්‍රියාකාරකම් තුළින් ස්වේච්ඡා සේවයේ වටිනාකම ප‍්‍රවර්ධනය කිරීම සඳහා‘ වූ ඔවුන්ගේ දායකත්වය වෙනුවෙන් ‘UNV50‘ සම්මානය ඇතුළුව ශ‍්‍රී ලංකාවේ ආයතනික අංශය තුළ දේශීයව මෙන්ම ගෝලීය සහ කලාපීය වශයෙන් කීර්තියක් සහ පිළිගැනීමක් දිනා ඇත.

දැනුම් සංචිතයක් නිර්මාණය කිරීම

හැමදාමත් අලූත් දේ ඉගෙනීමට කැමති අනුරුද්ධ මහතා ඵලදායි මානව සම්පත් සහ දැනුම කළමනාකරණය තුළින් තිරසාරත්වය පිළිබඳ ඔහුගේ අවබෝධය තවදුරටත් පුළුල් කරයි.

දැනුම කළමනාකරණ ප‍්‍රයත්නවල කොටසක් ලෙස මනාව සම්බන්ධීකරණ වැඩසටහන් මාලාවක් සිදු කර ඇත. සංවිධානයේ සෑම තරාතිරමකම සහ මහජනතාවට පවා ඉගෙනීම සහ දැනුම කළමනාකරණය දිරිගැන්වීමට අපේක්ෂාවෙන් අනුරුද්ධ මහතා විසින් “Evening with an Expert @ Hayleys Plantations” ඩිජිටල් ඉගෙනුම් මාලාව ආරම්භ කළ අතර දැන් මහජනතාවට අන්තර්ජාලය ඔස්සේ ඒ වෙත ප‍්‍රවිශ්ඨ විය හැකිය.

පසුගිය වසර හය තුළ ජපානයේ Toyota හි නායකයින් ඇතුළු පිළිගත් ගෝලීය සහ දේශීය ප‍්‍රවීණයන් 60% ක ඉහළම පුහුණු ඵලදායිතාවයක් සහිත ඵලදායි පුහුණු පැය 2500කට අධික ප‍්‍රමාණයක් ආවරණය කරමින් ඔවුන්ගේ රැුකියාවට සහ එදිනෙදා ජීවිතයට වැදගත් වන විවිධ මාතෘකා ඔස්සේ සේවකයන් අමතා ඇත. පළමු ඉගෙනුම් සැසි මාලාව 2022 අපේ‍්‍රල් 25 වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වේ.

ගුණාත්මක අධ්‍යාපනය සහ හවුල්කාරිත්වය, පිළිවෙලින් SDGs 4 සහ 17 හි ප‍්‍රගතිය ලබා දීමේ අනුරුද්ධ මහතාගේ ප‍්‍රයත්නය ”හේලීස් ප්ලාන්ටේෂන් හි තාක්ෂණික කුසලතා සංවර්ධන” (HPTDP) මුලපිරීම සමඟින් වේගවත් කර ඇත. ක්ෂේත‍්‍ර කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ පළමු කණ්ඩායම අභ්‍යන්තර සහතිකපත‍්‍ර වැඩසටහනෙන් උපාධිය ලබා ගත් අතර ඵලදායී ඉගෙනුම් පැය 4,500 කට වඩා වැඩි ප‍්‍රමාණයක් සහ 95% ඵලදායීතාවයක් සහතික කර ඇත. මෙය තේ සහ රබර් වතුවල ක්ෂේත‍්‍ර කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම NVQ සුදුසුකම් සහ නිපුණතා බලපත‍්‍ර පිරිනැමීමයි.

තවද අනුරුද්ධ මහතා ජපානයේ වැවිලි සහ ආයතනික කළමනාකරණ වෘත්තිකයන් වෙත විවෘත වීමට ‘ගෝලීය ඉගෙනුම් මාලාව‘ ක‍්‍රියාත්මක කිරීම සඳහා AOTS Japan සහ JASTECA වැනි කීර්තිමත් දේශීය හා ජාත්‍යන්තර සංවිධාන සමඟ ඇති ඔහුගේ සමීප සබඳතා උපයෝගී කර ගත්තේය.

පාරිසරික SDGs සාක්ෂාත් කර ගැනීම සඳහා බහු පාර්ශ්වකරුවන්ගේ හවුල්කාරිත්වය

පිරිසිදු ජලය සහ සනීපාරක්ෂාව (ඉලක්කය 6), ගොඩබිම ජීවිතය (ඉලක්කය 15) සහ ජලයෙන් පහළ ජීවිතය (ඉලක්කය 14) පිළිබඳ පරිසරය හා සම්බන්ධ SDGs සාක්ෂාත් කර ගැනීම කෙරෙහි ඔහුගේ දැක්ම සකස් කරමින් අනුරුද්ධ මහතා IUCN සහ පරිසර අමාත්‍යාංශය වැනි ප‍්‍රධාන දේශීය සහ ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ හවුල් විය.

මෙම හවුල්කාරිත්වය KVPL හි තිරසාරභාවය පිළිබඳ නව රාමුවක් සංවර්ධනය කිරීමට හේතු වී ඇති අතර ජාතික සුරකිමු ගංඟා වැඩසටහන යටතේ කැලණි ගං ද්‍රෝණියේ වේඔය ජල පෝෂක ප‍්‍රදේශය ආරක්ෂා කිරීමට සහාය වන කැලණි නිම්න ආරක්ෂකයන් වැඩසටහන දියත් කර ඇත.

ඉදිරිය දෙස බලන විට තිරසාරභාවය සහ මානව සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් නව මිණුම් සලකුණු පිහිටුවීම සඳහා හේලීස් වැවිලි සමූහයේ පෙරමඟට සහාය වීම සඳහා අනුරුද්ධ සිය අතිවිශාල අත්දැකීම් අඛණ්ඩව ප‍්‍රයෝජනයට ගැනීම අරමුණු කරයි.

‘’Hayleys Lifecode Champion කෙනෙක් වශයෙන් මගේ දැක්ම වන්නේ ආර්ථික සංවර්ධනය තුළින් හෝ අපගේ සේවකයන්ගේ, ඔවුන්ගේ පවුල් වල අයගේ සහ සමාජයේ විශාල වශයෙන් ජීවන තත්වය ඉහළ නැංවීම තුළින් අප මත යැපෙන අයට උපරිම වටිනාකමක් ලබා දීමයි.”

”වෙනසක් ඇති කිරීමේ උත්පේ‍්‍රරකයක් ලෙස මෙම උද්‍යෝගිමත් කණ්ඩායම සමඟ ඇතුළත් වැඩ කරන සංස්කෘතියක් ස්ථාපිත කිරීමට, තිරසාරත්වය උපාය මාර්ගයට ඒකාබද්ධ කිරීමට සහ ජීවිත යහපත් කර ගැනීම සඳහා ක්ෂේත‍්‍රයේ විශාල බලපෑමක් ඇති කළ හැකි හවුල්කාරිත්වයන් ගොඩනඟා ගැනීමට හැකිවීම ගැන ඇත්තටම සතුටුයි.”

NVQ සහ ජාතික නිපුණතා සංවර්ධන බලපත‍්‍රය සමඟ උපාධිය ලබාගත් පළමු ක්ෂේත‍්‍ර නිලධාරීන් කණ්ඩායම

 

ඡායාරූප : කැලණිවැලි වැවිලි පීඑල්සී, සාමාන්‍යාධිකාරී (මානව සම්පත් සහ ආයතනික තිරසාරත්වය) අනුරුද්ධ ගමගේ මහතා

  • Ada Derana BIZ Sinhala
  • Factory Award
  • sri lanaka
  • Unilever

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ හොරණ කර්මාන්තශාලාව කීර්තිමත් ISO 14001:2015 පාරිසරික කළමනාකරණ පද්ධති සහතිකයෙන් පිදුම් ලබයි

June, 21, 2022

තිරසාරත්වය වෙනුවෙන් ඇපකැප වී සිටින සමාගමක් ලෙස සිය පාරිසරික වගකීම ඉටුකිරීමෙහි ලා ඉදිරි පියවරක් සනිටුහන් කරයි

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමට අයත් හොරණ නිෂ්පාදන කර්මාන්තශාලාව ISO 14001:2015 සහතිකය හිමි කරගනිමින් ගෞරවයට පාත්‍ර වූ බව පසුගියදා නිවේදනය කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් හොරණ කර්මාන්තශාලාව වෙත එම සහතිකය පිරිනමනු ලැබීය. මෙම සහතිකය පුළුල් පාරිසරික කළමනාකරණ පද්ධතියක් හරහා සිය මෙහෙයුම්වලින් පරිසරයට සිදුවන බලපෑම හඳුනා ගැනීම, කළමනාකරණය කිරීම හා අවම කිරීම සඳහා වන සමාගමේ කැපවීම හඳුනාගනිමින් ඒ වෙනුවෙන් හිමිකර දෙනු ලබන ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිති සහතිකයක් ලෙසද සඳහන් කළ හැකිය.

හොරණ කර්මාන්තශාලාව වෙත හිමි වූ මෙම සුවිශේෂී සහතිකය පිළිබඳ අදහස් දක්වමින් යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ සැපයුම්දාම අධ්‍යක්ෂ ජෙරාඩ් ඉරුදයරාජ් මහතා සඳහන් කර සිටියේ “ඉමහත් උනන්දුවක් හා කැපවීමක් තුළින් අපගේ හොරණ කර්මාන්තශාලාව මෙම සහතිකයෙන් පිදුම් ලැබීම එහි පරිසර හිතකාමී බව සහතික කිරීමක් ලෙස සඳහන් කළ හැකියි. විශේෂයෙන් තිරසාර ව්‍යාපාරික භාවිතයක් තුළින් පරිසරය ආරක්ෂා කිරීමට මෙන්ම සංරක්ෂණය කිරීමට කැපවී සිටින සමාගමක් ලෙස යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ හොරණ කර්මාන්තශාලාව වෙත හිමි වූ මෙම ජාත්‍යන්තර සහතිකය සමාගමේ දිගු කාලීන දැක්ම හා ඉලක්කයන් විසින් අත්කරගත් සුවිසල් ජයග්‍රහණයක් ලෙස සැලකීමට කැමතියි” යනුවෙනි.

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ හොරණ කර්මාන්තශාලාව ඉතා සාර්ථක පාරිසරික කළමනාකරණ ක්‍රමවේදයක් අනුගමනය කරනු ලබන්නේ එහි සියලු මෙහෙයුම්වල සැලකිය යුතු වෙනසක් සිදු කරමිනි. හරිතාගාර වායු විමෝචනය 97%කින් අවම කිරීම, සමස්ත බලශක්ති භාවිතය 68%කින් පහත හෙලීම සහ මුළු අපද්‍රව්‍ය උත්පාදනය 68%කින් අවම කිරීම වැනි පරිසර හිතකාමී භාවිතයන් (2012 - 2021) හොරණ කර්මාන්තශාලාව මඟින් අත්කරගත් ප්‍රමුඛ ජයග්‍රහණයන් ලෙස වැදගත් වේ.

එසේම හොරණ කර්මාන්තශාලාව තුළ ජල භාවිතය අවම කිරීම වෙනුවෙන් සැලසුම් ක්‍රියාවට නංවා ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස වාර්ෂික ජල පරිභෝජනය 78%කින් අඩු කිරීමට (2012 - 2021) ඔවුන්ට හැකි වී තිබේ. විවිධ සාර්ථක ජල පරිභෝජන ව්‍යාපෘති මෙන්ම වැසි ජලය රැස් කිරීමේ ක්‍රමවේදයක් හරහා මෙම ප්‍රයත්නයන් සාක්ෂාත් කර ගැනීමට ඔවුන් සමත්ව ඇත. මෙමඟින් කර්මාන්තශාලාවේ මෙහෙයුම් සඳහා වසරකට ටොන් 25,000 ක පමණ වැසි ජලය ප්‍රමාණයක් එක් රැස් කරගැනීමට ඔවුනට හැකියාව ලැබී ඇත-

ISO 14001:2015 ප්‍රමිතිය යනු ආයතනයකට තම පාරිසරික කාර්ය සාධනය ඉහළ නැංවීමට, ඊට අදාළ වගකීම් ඉටු කිරීමට මෙන්ම පාරිසරික අරමුණු සාක්ෂාත් කරගැනීමට භාවිත කළ හැකි පාරිසරික කළමනාකරණ පද්ධතියක් සඳහා වන අවශ්‍යතාවන් සම්බන්ධයෙන් නියම කරනු ලබන ජාත්‍යන්තර ප්‍රමිතියකි. තිරසාරත්ව පාරිසරික සාධකයක් වෙනුවෙන් ක්‍රමානුකූලව සිය පාරිසරික වගකීම් කළමනාකරණය කිරීම සඳහා සමාගමකට ඇති හැකියාව මෙම සහතිකය මඟින් තහවුරු කරනු ලබයි.

 

  • Ada Derana BIZ Sinhala
  • ComBank
  • FinanceAsia
  • sri lanaka

කොමර්ෂල් බැංකුව 2022 ෆයිනෑන්ස් ඒෂියා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී සම්මාන දෙකක් දිනාගනී

June, 21, 2022

ගනුදෙනුකරුවන්ට සහ රජයේ යෝජනා ක‍්‍රමයන්ට සහයෝගය දැක්වීමේදී කැපවීම පෙන්නුම් කළ සහ පවතින ආර්ථික තත්ත්වයට ඔරොත්තුදීමේ හැකියාව පෙන්නුම් කළ ආයතන සම්මානයට පාත‍්‍ර කරමින් පැවැත්වූ 2022 ෆයිනෑන්ස් ඒෂියා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව ‘ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව’ යන සම්මානය නැවත වතාවක් දිනාගත් අතර ‘ශ‍්‍රී ලංකාවේ හොඳම තිරසාර බැංකුව’ යන සම්මානයද හිමිකර ගන්නා ලදී.

ආසියාවේ මූල්‍ය සේවා කර්මාන්තය සහ ප‍්‍රාග්ධන වෙළෙඳපොළවල් පිළිබඳව පසුගිය වසර 25 ක කාලය පුරා අවංක විශ්ලේෂණයක් සිදුකරමින් කීර්තියක් දිනා තිබෙන ෆයිනෑන්ස් ඒෂියා ප‍්‍රකාශනය වෙතින් කොමර්ෂල් බැංකුව ‘ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව’ යන සම්මානය දිනාගත් 11 වන වසර මෙය වේ.

ෆයිනෑන්ස් ඒෂියා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව ලබාගත් ජයග‍්‍රහණ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතා මෙසේ පැවසීය: ‘මෙම සම්මාන මගින් ලාභ වලින් ඔබ්බට ගොස් බැංකුවේ අනිකුත් කාර්ය සාධන දර්ශක ලබාගෙන තිබෙන විශිෂ්ටත්වය පෙන්නුම් කරනවා. බැංකු බොහෝවිට මූල්‍ය දත්ත තක්සේරු කිරීමට කටයුතු කළත් තිරසාරත්වය වැනි අවසානයේ කොටස්කරුවන්ට වැඩි වටිනාකමක් එකතු කරන තවත් බොහෝ මිණුම් ක‍්‍රම තිබෙනවා.’

කොමර්ෂල් බැංකුව 2021 වසරේදී වැඩිම සමස්ත මෙහෙයුම් ආදායම, තැන්පතුවල වැඩිම වෙළෙදපොළ කොටස, වැඩිම සමස්ත වත්කම් පදනම, වැඩිම අත්තිකාරම් පදනම, වැඩිම බදු වලට පෙර සහ පසු ලාභය, වැඩිම ශුද්ධ පොලී ආදායම හිමි මෙරට පුද්ගලික වාණිජ බැංකුව විය. මීට අමතරව, කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික ක්ෂේත‍්‍රයට වැඩිම ණය ලබාදෙන බැංකුව ද වේ.

එසේම, තිරසාරත්වය වෙනුවෙන් කොමර්ෂල් බැංකුව විසින් අනුගමනය කරන තෙවදෑරුම් ප‍්‍රවේශය හේතුවෙන් ‘ශ‍්‍රී ලංකාවේ හොඳම තිරසාර බැංකුව’ ලෙසද කොමර්ෂල් බැංකුව තෝරාගෙන ඇත. වගකීම් සහගත මූල්‍යනය, මූල්‍ය සමානාත්මතාවය, තිරසාර සේවා ලබාදීම ඇතුළත් වන තිරසාර බැංකුකරණය, හරිත සහ සුරක්ෂිත සේවා ස්ථානයක් පවත්වාගෙන යාම, තිරසාර සැපයුම් දාමයක් ප‍්‍රවර්ධනය කිරීම තුළින් වගකීම් සහගත ආයතනයක් බවට පත්වීම මෙන්ම සමාජ සහ පාරිසරික මැදිහත්වීමක් සහිත ප‍්‍රජා වැඩසටහන් සිදුකිරීම මෙම තෙවදෑරුම් ප‍්‍රවේශයට ඇතුළත් වේ.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 11 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 940 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

  • Ada Derana BIZ Sinhala
  • Medi Plus
  • sri lanaka
  • Sri Lanka Insurance introduces

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් අන්තර්ජාලය හරහා පහසුවෙන් ලබාගත හැකි “මෙඩි ප්ලස්” සෞඛ්‍ය රක්ෂණ සැලසුම හඳුන්වා දෙයි

June, 17, 2022

රක්ෂණයේ ප්‍රමුඛයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් දැරිය හැකි මුදලට පහසුවෙන් ලබාගත හැකි  ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෙඩි ප්ලස්  සෞඛ්‍ය රක්ෂණ සැලසුම හඳුන්වා දී තිබේ. සෞඛ්‍ය හා යහපැවැත්ම කෙරෙහි ඉහළ යන උනන්දුව සහ ඉහල යන සෞඛ්‍ය වියදම් සැලකිල්ලට ගනිමින් මෙම සුවිශේෂී රක්ෂණාවරණය පුළුල් සෞඛ්‍ය ආවරණයක් සලසමින් හඳුන්වා දී තිබේ.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෙඩි ප්ලස් සෞඛ්‍ය රක්ෂණ සැලසුම සෞඛ්‍ය රක්ෂණ අවශ්‍යතාවන් රැසක් ආවරණය කරන දැරිය හැකි මුදලකට ලබාගත හැකි රක්ෂණාවරණයක් වන අතර මෙහි අන්තර්ගත විශේෂ හිමිකම් නොපෑමේ ප්‍රසාද දීමනාව හරහා සෑම හිමිකම් වර්ෂයක් සඳහාම වාර්ෂික රක්ෂිත වටිනාකම ඉහළ නංවා ගැනීමට හැකියාව ලැබේ. තවද, මේ හරහා රෝහල් ගාස්තු පියවීමකින් තොරව (Cashless) රෝහල් ගතවී ප්‍රතිකාර ලබා රෝහලින් පිටවීමේ පහසුකම ලබාගැනීමට අවකාශය ලැබේ.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෙඩි ප්ලස් රක්ෂණාවරණය www.srilankainsurance.net පාරිභෝගික පිවිසුම හරහා පහසුවෙන් මිලදීගැනීමේ අවස්තාව මේ වනවිට පාරිභෝගිකයන්ට සලසා තිබේ. වයස අවුරුදු 18 ත් 60 ත් අතර වැඩිහිටියන් මෙම රක්ෂණාවරණය ලබාගැනීම සඳහා සුදුසුකම් ලබන අතර අවුරුදු 69දී රක්ෂණාවරණය අවසන් වේ. එමෙන්ම දින 180ත් අවුරුදු 17ත් අතර වයසේ පසුවන දරුවන් සඳහාද මෙම රක්ෂණ ලබාගත හැකි අතර අවුරුදු 21දී ආවරණය අවසන් වේ. වාර්ෂික මුළු රක්ෂිත මුදල රු. 250,000/-, රු. 500,000/-, රු. 750,000/- සහ රු. 1,000,000/- ලෙසින් පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන අයුරින් සැලසුම් 4ක් ලෙස ලබාගත හැකි අතර මේ සමග පුද්ගලික හා රජයේ රෝහල් සඳහා සැත්කම් හා රෝහල් ගාස්තු ප්‍රතිලාභ ලබාගත හැකිවේ.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෙඩි ප්ලස් සෞඛ්‍ය රක්ෂණ සැලසුම සමගින් රෝහල් කාමර නේවාසික ගාස්තු, ශල්‍ය වෛද්‍ය ගාස්තු, වෛද්‍ය නිලධාරී ගාස්තු වෛද්‍ය උපදේශක ගාස්ත,වෛද්‍ය  විශේෂඥ ගාස්තු, ගිලන් රථ ගාස්තු,දරු ප්‍රසුතිය සඳහා වන ගාස්තු සහ පූර්ව සහ පශ්චාත් රෝහල් ගාස්තු මෙන්ම වසංගත රෝග ආවරණයද  (කොවිඩ් 19) ලබාගත හැකිය, එමෙන්ම විශේෂිත සැත්කම් සඳහා වන ආවරණය, ඇසේ සුද ඉවත් කිරීම, එක දින සැත්කම්, ඉන්ද්‍රීය අවයව දායකයාගේ වෛද්‍ය වියදම්, හිමිකම් නොපෑමේ ප්‍රසාද දීමනා සහ පවුලේ සාමාජිකයන් සඳහා ආවරණය අමතර ආවරණ ලෙස වාර්ෂික රක්ෂිත අගය ඇතුලත  ලබාගත හැකිවේ.

  • Ada Derana BIZ Sinhala
  • Eco Spindles
  • sri lanaka
  • waste management practices

ඉකෝ ස්පින්ඩ්ල්ස් තාක්ෂණය හරහා ශ්‍රී ලාංකිකයන්ගේ අපද්‍රව්‍ය කළමනාකරණ වැඩපිළිවෙල තව තවත් ශක්තිමත් කරයි

June, 17, 2022

ජූනි 5 වැනිදාට යෙදුනු ලෝක පරිසර දිනයට සමගාමීව ශ්‍රී ලංකාවේ විශාලතම ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණ සමාගම වන Eco Spindles Pvt. Ltd. තාක්ෂණය භාවිත කරමින් ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන් අතර වඩාත් ඵලදායී අපද්‍රව්‍ය කළමනාකරණ පිළිවෙත් ඇති කිරීම උදෙසා සිය උත්සාහයන් පුළුල් කර ඇත.

ගෝලීය ප්‍රතිචක්‍රීයකරණ දිනයට සමගාමීව - 2020 මාර්තු 18 වැනි දින සමාගම විසින් දියත් කරන ලදි.  ‘Waste 2 Value’ යෙදවුම Google Play Store සහ Apple (iOS) App Store හරහා download කළ හැක. මෙම යෙදවුම භාවිතා කරන්නන්ට බහාලුම් ස්ථාන බස්නාහිර පළාතේ 400 කට වඩා වැඩි ප්‍රමාණයකුත් ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවල 100 කට වඩා වැඩි ප්‍රමාණයකුත් ස්ථානගත කිරීමට මෙන්ම පරිසරයට හානියක් නොවන පරිදි ඔවුන්ගේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය වගකීමෙන් යුතුව බැහැර කිරීමට ඉඩ සලසයි. මෙම බඳුන්වලට බැහැර කරන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඉකෝ ස්පින්ඩ්ල්ස් මගින් ප්‍රතිචක්‍රීයකරණය කර අගය එකතු කළ අපනයන හරහා රටට විදේශ විනිමය ඉපැයීමට මූලිකව කටයුතු කරයි.

2022 අවසන් වන විට ඉකෝ ස්පින්ඩ්ල්ස් බස්නාහිර පළාතේ ඉවතලන ප්ලාස්ටික් එකතු කිරීමේ බඳුන් 700 ක් හා දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල 300 ක් තැබීමට අදහස් කරයි. මෙමගින් ඉකෝ ස්පින්ඩ්ල්ස් හි ප්‍රතිචක්‍රීයකරණ මුලපිරීම් තවදුරටත් පුළුල් කරමින් විශාලතම දූෂක වලින් එකක් වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය වලින් පරිසරය ආරක්ෂා කිරීම සඳහා වැඩි කාර්යභාරයක් ඉටු කිරීමට මහජනතාවට ඉඩ සලසමින් රට පුරා මුළු එකතුව 1,000 දක්වා ගෙන එනු ඇත.

පරිශීලකයින්ට ළඟම ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීමේ බඳුන් සහ අදාළ සම්බන්ධතා තොරතුරු සොයා ගැනීමට ඉඩ දීමට අමතරව Waste 2 Value යෙදවුම චර්යාත්මක වෙනස්වීම් සඳහා පෙළඹවීම සහ බලපෑම් කරයි.

ඉකෝ ස්පින්ඩ්ල්ස් හි මව් සමාගම වන BPPL හෝල්ඩිංග්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය අනුෂ් අමරසිංහ මහතා පැවසුවේ “ප්ලාස්ටික් නිසි ලෙස බැහැර නොකිරීමෙන් සිදුවන පරිසර දූෂණයට එරෙහි සටනේ අර්ථවත් වෙනසක් අත්කර ගැනීමට මහජනතාව අතර චර්යාත්මක වෙනසක් ඇති කිරීම අත්‍යවශ්‍ය වෙනවා.” යනුවෙනි. “පාරිසරික තිරසාරත්වයේ ආයතනික ප්‍රමුඛයෙකු ලෙස ඉකෝ ස්පින්ඩ්ල්ස් පරිසර හිතකාමී පාරිභෝගිකයින් සවිබල ගැන්වීම සඳහා මෙවලම් සැපයීමට උත්සාහ කරන අතරම රට පුරා ප්ලාස්ටික් එකතු කිරීමේ ජාලය සහ යටිතල පහසුකම් සමාන්තරව ශක්තිමත් කරමින් මහජනතාවට එවැනි එකතු කිරීමේ ස්ථාන වෙත වඩාත් පහසු ප්‍රවේශයක් ලබා දෙනවා.” යනුවෙන් එතුමා තවදුරටත් අදහස් දැක්වූවේය.

“පාරිභෝගිකයින් අතර එවැනි පුරුදු ඇති කිරීමට අමතරව PET ප්ලාස්ටික් දෙවන වතාවටත් ප්‍රයෝජන ගැනීමෙන් දේශීය හා ගෝලීය වශයෙන් විශේෂයෙන්ම ඇඟළුම් කර්මාන්තයේ ඔවුන්ගේ පිරිනැමීම්වල තිරසාරභාවය සැලකිය යුතු ලෙස වැඩිදියුණු කිරීමට නිෂ්පාදකයින්ට සහ ආයතනිකයින්ට අපි උදව් කරනවා. ඉකෝ ස්පින්ඩ්ල්ස් වෙතින් ලබා ගැනීම මගින් රෙදි නිෂ්පාදනය සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය ඉහළම මට්ටමේ පාරිසරික තිරසාරත්වයට අනුකූලව ප්‍රතිචක්‍රීයකරණය කර ඇති බවට සහතික වෙනවා.’’ යනුවෙන් ආචාර්ය අමරසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේය.

ඉකෝ ස්පින්ඩ්ල්ස් විසින් මෙම ප්‍රයත්නයන් තුළින් ශ්‍රී ලාංකේය ඇඟළුම් කර්මාන්තය සඳහා පොලියෙස්ටර් නූල් ඇතුළු අගය එකතු කළ නිෂ්පාදන නිෂ්පාදනය කිරීම සඳහා එකතු කරන ලද පොලිඑතිලීන් ටෙරෙෆ්තලේට් (PET) අපද්‍රව්‍ය භාවිතා කරයි. සැලකිය යුතු පාරිසරික බපලෑමක් ඇති ඇඟළුම් කර්මාන්තයට තම නිෂ්පාදනවල තිරසාරභාවය වැඩිදියුණු කිරීමට මෙමගින් හැකියාව ලැබේ.

තවද ඉකෝ ස්පින්ඩ්ල්ස් විසින් දේශීයව නිෂ්පාදනය කරන පොලියෙස්ටර් නූල් නිසා ඇඟළුම් කර්මාන්තයට මෙම අමුද්‍රව්‍ය ආනයනය කිරීමේ අවශ්‍යතාවය අඩු වන අතර එමඟින් රටට වටිනා විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ඉතිරි වේ. 2021 දී ඉකෝ ස්පින්ඩ්ල්ස් විසින් ඇස්තමේන්තුගත ඩොලර් මිලියන 2 ක විදේශ විනිමය ඉතිරි කර ඇති අතර ශ්‍රී ලංකාවේ මුළු පොලියෙස්ටර් නූල් ආනයනයෙන් 4% ක් සපුරාලයි. 2022 දී සමාගමේ නිෂ්පාදන ධාරිතාවය පුළුල් වීමෙන් පසු ඇඟළුම් අපනයන සඳහා රටේ පොලියෙස්ටර් නූල් අවශ්‍යතාවයෙන් 7% ක් සැපයීමට ඉකෝ ස්පින්ඩ්ල්ස් සූදානම් වන බැවින් මෙය ඩොලර් මිලියන 3.3 ක පමණ ඉතිරියක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඉකෝ ස්පින්ඩ්ල්ස් විසින් පිරිසිදු කිරීමේ මෙවලම්/බුරුසු සහ ප්‍රතිචක්‍රීයකරණය කරන ලද PET ප්ලාස්ටික් භාවිතා කිරීම සඳහා නිෂ්පාදනය කරනු ලබන උසස් තත්වයේ කෘත්‍රිම මොනොෆිලමන්ට් මගින් අමුද්‍රව්‍ය ආනයනය කිරීමේ අවශ්‍යතාවයද අවම කර රටට වටිනා විදේශ විනිමය ඉතිරි කරයි. 2021 දී ඉකෝ ස්පින්ඩ්ල්ස් විසින් දේශීයව නිෂ්පාදනය කරන ලද මොනොෆිලමන්ට් හරහා එවැනි ඉතුරුම් ඩොලර් මිලියන 3.4 ක් ලෙස ගණන් බලා ඇත.

ප්‍රතිචක්‍රීකරණය කළ PET ප්ලාස්ටික් කුඩා කැබලිවලින් කෙලින්ම පොලියෙස්ටර් නුල් නිෂ්පාදනය කිරීමට හැකියාව ඇති දැනට ලෝකයේ එම පහසුකම තිබෙන කර්මාන්තශාලා දෙකෙන් එකක් සතු ඉකෝ ස්පින්ඩ්ල්ස් ශ්‍රී ලංකාවේ විශාලතම ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණ සමාගම වන වේ. රට තුළ ප්‍රතිචක්‍රීයකරණය කිරීම සඳහා තිරසාර පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමෙන් සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රතිචක්‍රීයකරණ හැකියාවන් සැලකිය යුතු ලෙස ශක්තිමත් කර ඇත.

  • Ada Derana BIZ Sinhala
  • Environmental
  • Geo Tagging
  • Governance - ESG
  • SLT-MOBITEL
  • Social
  • sri lanaka
  • WorldEnvironmentDay2022

දේශගුණ විපර්යාස අවම කරමින් රටට දීර්ඝකාලීන ප්‍රතිලාභ අත්කර දීම සඳහා හරිත වැඩසටහන් ක්‍රියාවට නැංවීම

June, 17, 2022

  • SLT-MOBITEL තම ප්‍රධාන කාර්යාලයේදී ලෝක පරිසර දිනය සමරයි
  • 5 වැනි මී පැළ සිටුවීමේ වැඩසටහන සාර්ථක ලෙස සිදුකෙරේ

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මෙවර ලෝක පරිසර දිනය වෙනුවෙන් සිය රුක් රෝපණ වැඩසටහන් මාලාවේ 5 වැනි අදියර ක්‍රියාවට නැංවී ය. SLT-MOBITEL විසින් මෙම ජාතික මට්ටමේ රුක් රෝපණ වැඩසටහන ආරම්භ කරන ලද්දේ වාතයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම, වන වගාව ප්‍රවර්ධනය කිරීම, පරිසරයේ කාබන් උරාගැනීමේ හැකියාව වැඩි කිරීම, හරිතාගාර වායු අවම කිරීම සහ දිවයිනේ විවිධ ප්‍රදේශ වල ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම යන අරමුණු මුල්කරගනිමිනි. තිරසාරත්වයේ සැබෑ අරුත පෙරදැරිව, SLT-MOBITEL හරිත පෘථිවියක වැදගත්කම මෙන්ම අනාගත පරම්පරාවන්ගේ පැවැත්ම උදෙසා සොබාදහම සුවපත් කරමින් දේශගුණික විපර්යාස නැවැත්වීමේ සහ ආපසු හැරවීමේ අවශ්‍යතාවද හොඳින් අවබෝධ කරගෙන සිටී.

‘පිරිසිදු වාතයෙන් හා පොහොරවලින් රට පෝෂණය කරමු’ යන තේමාව යටතේ දියත් කර ඇති මෙම රුක් රෝපණ වැඩසටහන, මිනිස් වර්ගයාගේ යහපැවැත්ම උදෙසා පරිසරය ආරක්ෂා කරගැනීමේ වැදගත්කම නැවත නැවතත් අවධාරණය කරයි.

පළිබෝධ පාලනය කිරීමට හැකියාවක් ඇති බවට පවතින විශ්වාසය, කාබනික පොහොර නිෂ්පාදනය යොදාගත හැකි වීම, වාතය පිරිසිදු කිරීමේ හැකියාව සහ ඖෂධීය ගුණාංග යනාදිය නිසා මෙම වැඩසටහන සඳහා මී ශාකය තෝරාගෙන තිබේ. මේ වනවිට SLT-MOBITEL මොණරාගල, උමංදාව, අනුරාධපුර සහ මහනුවර ඇතුළු ප්‍රදේශ වල මී ශාක 1,000 ක් පමණ බෙදා දී හෝ සිටුවා ඇත.

සෑම වසරකදීම ජූනි මාසයේදී සමරනු ලබන ලෝක පරිසර දිනය, පරිසරය සුරැකීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් සිදුකරන ප්‍රමුඛතම දිරිගැන්වීම ලෙස සැලකේ. මෙවර ලෝක පරිසරය දිනය වෙනුවෙන් තම කාර්ය මණ්ඩලය අතර පැළ බෙදාදීමටද  SLT-MOBITEL කටයුතු කළේ ය. එමෙන්ම මීරිගම සෙත් සෙවණ වැඩිහිටි නිවාසයේදී මී පැළ සිටුවීමේ වැඩසටහනක්ද ක්‍රියාවට නංවන ලදි. මෙම රුක් රෝපණ වැඩසටහන තවදුරටත් පුළුල් කිරීම සඳහා SLT-MOBITEL මේ වනවිට ප්‍රාදේශීය ප්‍රජාවන් සහ බිම් මට්ටමේ සංවිධාන සමග එක්ව කටයුතු කරමින් සිටී.

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වශයෙන් SLT-MOBITEL, තම මෙහෙයුම් වලදී සමාජයට හා පරිසරයට සිදුවන බලපෑම් හැකිතාක් අවම කිරීම සඳහා, පරිසරය, සමාජය සහ ආයතනික පාලනය (Environmental, Social, and Governance - ESG) යන පැතිමානයන් ඔස්සේ කැපවී සිටී. මේ යටතේ ක්‍රියාත්මක වන මී පැළ සිටුවීමේ වැඩසටහනේ මූලික අරමුණ වන්නේ, පරිසරය වැඩිදියුණු කරමින් දිවයින පුරා ප්‍රජාවන් සවිබල ගැන්වීම ය. මෙම වැඩසටහන වාතයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමටත්, දේශගුණික විපර්යාස අවම කිරීමටත්, වඩාත් හොඳ පළිබෝධ පාලනයක් හා සරුසාර පසක් ඇතිකිරීමටත්, ස්වභාවික ආර්ද්‍රතාව ඉහළ නැංවීමටත් මහෝපකාරී වේ. මෙම වැඩසටහනේ කැපීපෙනෙන ලක්ෂණයක් වන්නේ සිටුවනු ලබන මී ශාක ‘Geo Tagging’ වැනි නවීන ක්‍රමවේදයන් ඔස්සේ කළමනාකරණය කරනු ලැබීම ය. එමෙන්ම ‘තුරු’ නම් ජංගම යෙදුම හරහා මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය නිරීක්ෂණ කෙරේ.

තම පරිසර හිතකාමී මෙහෙවර තවදුරටත් පුළුල් කරමින් SLT-MOBITEL විද්‍යුත් අපද්‍රව්‍ය අවම කිරීම සහ කාබන් පියසටහන අවම කිරීම ඇතුළු තවත් වැඩසටහන් රාශියක්ද ක්‍රියාවට නංවා ඇත. වගකීම්සහගත අපද්‍රව්‍ය කළමනාකරණ උත්සාහය යටතේ සම්පත් නැවත භාවිතය සහ ප්‍රතිචක්‍රීකරණය සිදුකෙරෙන අතර, ආයතනයේ සහ එහි පාරිභෝගිකයන්ගේ කාබන් පියසටහන අවම කිරීම සඳහාද විධිවිධාන රාශියක් ක්‍රියාවට නංවා තිබේ.

 

  • Ada Derana BIZ Sinhala
  • DSI
  • Nawalapitiya
  • new showroom
  • opening
  • sri lanaka

නාවලපිටිය නව ශාඛාව සමග DSI දීප ව්‍යාප්ත ජාලය තවත් ශක්තිමත් වේ

June, 17, 2022

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පාවහන් සන්නාමය වන DSI විසින් සමස්ථ ශ්‍රී ලංකාවම ආර්ථික දුෂ්කරතාවයකට මුහුණ දී ඇති කාලයක වුවද තම දීප ව්‍යාප්ත ශාඛා ජාලය තව දුරටත් ශක්තිමත් කරමින් නවතම ශාඛාව නාවලපිටිය නගරයේ විවෘත කොට ඇත. නාවලපිටිය ආශ‍්‍රිතව වෙසෙන පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා අනුව DSI නිෂ්පාදන දැන් එහිදී මිලදීගත හැකිය. පළපුරුදු කාර්ය මණ්ඩලයක සේවය මෙන්ම පාරිභෝගික කේන්ද්‍රීය සුහද සේවා සංස්කෘතිය පිළිබඳ කීර්තිමත් DSI පාරිභෝගික සේවාව මෙම නව ප‍්‍රදර්ශනාගාරය වෙතින්ද ජනතාව වෙත සමීප කෙරේ.

නාවලපිටිය DSI ප‍්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට, ඞී සැම්සන් සහ පුත‍්‍රයෝ පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ මහතා, අධ්‍යක්ෂ අසංක රාජපක්ෂ, සාමාන්‍යාධිකාරී ප‍්‍රදීප් සමරතුංග සහ ජාතික විකුණුම් කළමනාකරු (සිල්ලර) නලීන් වීරවර්ධන යන මහත්වරුන් මෙන්ම ආරාධිතයන් හා හිතවත් පාරිභෝගිකයන් රැසක් සහභාගී වූහ.

 ඞී සැම්සන් සහ පුත‍්‍රයෝ පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ මහතා නාවලපිටිය ප‍්‍රදර්ශනාගාරය විවෘත කිරීම පිළිබඳ අදහස් දක්වමින් —DSI සාර්ථකත්වයේ තවත් ඉදිරි පියවරක් තබමින් නාවලපිටිය නගරයේ නව ප‍්‍රදර්ශනාගාරයක් විවෘත කිරීමට අපට හැකිවීම සම්බන්ධයෙන් නිහතමානී ආඩම්බරයක් දැනෙන බව පැවසීය. එසේම පාරිභෝගිකයන් අප පිළිබඳ තැබූ දශක ගණනාවක අඛණ්ඩ විශ්වාසය රැකගෙන රටම අසීරුතා රැසකට මුහුණපා සිටින කාලයක වුවද නාවලපිටිය ආශ‍්‍රිත පාරිභෝගික ජනතාව වෙත උසස් පාරිභෝගික සේවාවක් ලබාදෙන්නට DSI අපි කැපව සිටිනවා.” යැයි තවදුරටත් පැවසීය.

දිවයිනේ විශාලතම හා ප‍්‍රමුඛතම වෙළෙඳසැල් ජාලයක් ලෙස ශ්‍රී ලාංකික ජනතා ගෞරවාදරයට පාත‍්‍ර වූ ඞී සැම්සන් සහ පුත‍්‍රයෝ පුද්ගලික සමාගම U Softo, Ranpa, Samsons, DSI Supersport, Beat, Beach, Petalz, Fun Souls, Tamik, Waves, Jessica, Melissa සහ AVI යන දේශීය සන්නාමයන් මෙන්ම කීර්තිමත් ජාත්‍යන්තර සන්නාමයන් වන Clarks, Redtape, Reebok, Puma, Fila, U.S. Polo, Adidas, Arrow, W, Modare, Inc.5, Aurelia, Asics සහ Von Wellx යනාදී දෙස් විදෙස් අනගි පාවහන් නිෂ්පාදන රැසක් ශ්‍රී ලාංකිකයන් වෙත රැගෙන එයි.

 

  • Ada Derana BIZ Sinhala
  • Allianz Lanka
  • Nations Trust Bank
  • sri lanaka

බැංකු රක්ෂණ සේවාවන් උදෙසා අලියාන්ස් ලංකා නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමග අත්වැල් බැඳ ගනියි

June, 17, 2022

අලියාන්ස් ලංකා සමාගම නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමග එක්වී සාමාන්‍ය රක්ෂණ සේවාවන් සඳහා සුවිශේෂී බැංකු රක්ෂණ සේවා ගිවිසුමකට පසුගියදා අත්සන් තැබී ය. මෙමගින් ගනුදෙනුකරුවන් වැඩි පිරිසක් වෙත තම රක්ෂණ සේවා විසඳුම් සමීප කරවීමට අලියාන්ස් ලංකා සමාගමට හැකිවන අතර, මෙය දෙපාර්ශ්වයටම ප්‍රතිලාභ රාශියක් හිමිකර දෙන එකඟතාවක් වනු ඇත. වසර 3 ක කාලයක් පුරා දිවෙන මෙම හවුල්කාරීත්වයට ශ්‍රී ලංකාවේ විශාලතම බැංකු සාමන්‍ය රක්ෂණ හවුල්කාරීත්වය බවට පත්වීමේ හැකියාව පවතී. මෙම ගිවිසුම යටතේ නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් අලියාන්ස් ලංකා සමාගමේ මෝටර් රථවාහන රක්ෂණ සහ අනෙකුත් රක්ෂණ මිලදී ගැනීමට අවස්ථාව හිමි වේ. එමෙන්ම ඔවුන්ට විශේෂ වාරික අනුපාත සහ තවත් ප්‍රතිලාභ හා වරප්‍රසාද රාශියක්ද හිමි වනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අලියාන් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් හි ප්‍රධාන විධායක නිලධාරී ගානි සුබ්‍රමනියම් මහතා පවසා සිටියේ “බැංකු රක්ෂණ සඳහා නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමග හවුල්කාරිතත්වයක් ඇති කර ගැනීමට හැකි වීම පිළිබඳව අප ඉතා සතුටට පත් වන බවය. අපට හැකි පරිද්දෙන් වටිනාකම් එකතු කරමින් ඩිජිටලීකරණය ඔස්සේ ක්‍රියාත්මක වෙමින් පාරිභෝගික භවතුන් වෙත බාධාවකින් තොරව පහසු සේවා අත්දැකීමක් ලබා දීමට  අපගේ වටිනාකම් සහ අරමුණු පෙළ ගස්වා ඇත. එමෙන්ම තවදුරටත් අපගේ සම්පත් එක් කරමින්එක්ව වැඩ කිරීම තුළින් අප සමාගම් ද්විත්වයටම අපගේ පාර්ශ්වකරුවන් වෙත සුවිශේෂී අගයක් ලබා දීමට හැකි වනු ඇත. එමෙන්ම මෙම හවුල්කාරීත්වය ඔස්සේ ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් රක්ෂණ විසඳුම් ලබාගැනීමට හැකිවනු ඇතැයි කියා අප බලාපොරොත්තු වනවා.” යනුවෙනි.

අලියාන්ස් ලංකා සමාගමේ රථවාහන රක්ෂණ හිමියන්ට රථවාහන සඳහා පුළුල් ආවරණයක් සමග රු. මිලියන 5 ක් වටිනා පෞද්ගලික හදිසි අනතුරු ආවරණයක් වැනි විශේෂ ප්‍රතිලාභ එකතුවක්ද, නොමිලේ ගංවතුර සහ ස්වාභාවික අනතුරු ආවරණ, ලීසිං/හයර් පර්චස් ගිවිසුම්, එයාර් බෑග් ආවරණ සහ කුලී රථ වියදම් ප්‍රතිපූරණය ඇතුළු සම්මත ප්‍රතිලාභ රාශියක්ද හිමි වේ. මීට අමතරව හදිසි ප්‍රතිකාර වියදම්, රථවාහන වීදුරු ආවරණය, රථයේ ගමන් කරන දරුවන් සඳහා රැකවරණය, භාණ්ඩ ආවරණයක්, හදිසි අනතුරකදී ලීසිං වාරික සහ නවාතැන් වියදම් ප්‍රතිපූරණය ඇතුළු තවත් ප්‍රතිලාභ රැසක්ද ඔවුන්ට හිමිවනු ඇත. අනතුරකින් පසුව රථය අලුත්වැඩියා කිරීමේදී, හවුල්කාර නඩත්තු මධ්‍යස්ථාන මෙන්ම බාහිර නඩත්තු මධ්‍යස්ථාන වෙතින්ද විශේෂ වරප්‍රසාද හිමි වේ.  “Click and Go” අලුත්වැඩියාවන්, හවුල්කාර නඩත්තු ස්ථාන වෙතින් වගකීමක් සහිතව අලුත්වැඩියාව කරගැනීමේ අවස්ථාව, හිමිකරුගේ ගිණුමින් මුදල් අයකර ගැනීමක් සිදු නොවීම සහ හවුල්කාර නඩත්තු ස්ථාන වෙතින් වාහන ඇදගෙන යාමේ සේවාව නොමිලේ හිමිවීම ආදිය මෙම වරප්‍රසාද අතරට ඇතුළත් ය. රථවාහන නොවන රක්ෂණ හිමි ගනුදෙනුකරුවන්ටද සුවිශේෂී ප්‍රතිලාභ රාශියක් පිරිනැමීමට සැලසුම් කර තිබේ.

මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දැක්වූ නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි හේමන්ත ගුණතිලක මහතා අදහස් දක්වමින් පවසා සිටියේ “බැංකු රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වූ අලියාන්ස් ලංකා සමග හවුල්කාරිත්වයක් ඇති කර ගැනීමට අවස්ථාවක් ලැබීම පිළිබඳව මහත් සතුටට පත් වන බවය. ඩිජිටල් පරිවර්තනයක් කරා ගමන් කරමින් සිටින බැංකුවක් ලෙස අපගේ පාරිභෝගික භවතුන් වෙත ප්‍රතිලාභ ලබා දීම උදෙසා අපගේ ඩිජිටල් බැංකුකරණ වේදිකාව සමග අලියාන්ස් හි ඩිජිටල් විසඳුම් ඒකාබද්ධ කිරීමට බලාපොරොත්තු වනවා. අපි අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ ලැබීය හැකි සම්බන්ධතාවයක් බලාපොරොත්තු වන අතරම මෙම හවුල්කාරිත්වය පිළිබඳව අපගේ පාර්ශ්වකරුවන් වෙත ඉතා සතුටින් දැනුම් දීමට කැමැත්තෙමි.” යනුවෙනි.

මෙම හවුල්කාරීත්වය තුළින් ගනුදෙනුකරුවන්ට අලියාන්ස් ලංකා සමාගමේ ඩිජිටල් රක්ෂණ සේවාවන් වෙතින් ලැබෙන ප්‍රතිලාභ සමග නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඩිජිටල් බැංකුකරණ සේවාවන්ගේ ප්‍රතිලාභ එකවර අත්විඳීමට සුවිශේෂී අවස්ථාවක් හිමි වේ. ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ ඩිජිටල්කරණයේ පුරෝගාමියෙකු වන අලියාන්ස් ලංකා සමාගම ඵහ Allianz App සහ Allianz eMotor Partner Portal සහ  Allianz Virtual Assessor ඇතුළු ඩිජිටල් නවෝත්පාදන රාශියක් දැනටමත් හඳුන්වා දී ඇත.

 

සේයාරූ සටහන : අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් හි ප්‍රධාන විධායක නිලධාරී ගානි සුබ්‍රමනියම් මහතා (වම් පස) සහ නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී හේමන්ත ගුණතිලක මහතා බැංකු රක්ෂණ සේවා (සාමන්‍ය රක්ෂණ) ගිවිසුම හුවමාරු කිරීම.

 

  • Ada Derana BIZ Sinhala
  • Litro Gas
  • sri lanaka

ලිට්රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක්

June, 16, 2022

සිය සමාගමේ අධ්‍යක්ෂවරුන්ගේ පුද්ගලික තොරතුරු පිළිබඳව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වෙමින් පවතින ප්‍රචාරයන් සාවද්‍ය, පදනම් විරහිත ඒවා බවත්, ඒ සම්බන්ධයෙන් නීත්‍යානුකූල පියවර ගැනීමට කටයුතු කරන බවත් ලිට්රෝ ගෑස් ලංකා සමාගම පවසයි.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලිට්රෝ ගෑස් ලංකා සමාගම මේ බව සඳහන් කරයි.

අදාළ නිවේදනය පහතින් දැක්වේ.

 

  • 24th National ICT Awards
  • Ada Derana BIZ Sinhala
  • BCS
  • ICT industry
  • NBQSA 2022
  • sri lanaka

24 වන ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙල දියත් කරමින් දේශීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තයේ සංවර්ධනය උදෙසා BCS කැපවේ

June, 16, 2022

BCS වරලත් තොරතුරු තාක්ෂණ ආයතනය ශ්‍රී ලංකා ශාඛාව, පරිගණක අධ්‍යාපනය හා පුහුණුව ප්‍රවර්ධනය කිරීම තුළින් සිසුන් සවිබල ගැන්වීමේ අරමුණින් කටයුතු කරන ආයතනයකි. BCS වරලත් තොරතුරු තාක්ෂණ ආයතනය ශ්‍රී ලංකා ශාඛාව විසින් 24වැනි වරටත් සංවිධානය කරන ලද ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙල - NBQSA 2022, දේශීයව පුද්ගලයින්ගේ සහ සංවිධානවල කැපී පෙනෙන තොරතුරු සන්නිවේදන තාක්ෂණ නිෂ්පාදන සහ නවෝත්පාදන සඳහා ඉහළ පිළිගැනීමක් ලබා දෙයි. මේ හරහා ඔවුන්ගේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිෂ්පාදන හා සේවා සඳහා අන්තර්ජාතික තලයකදී තරඟ කරවීමට සුවිශේෂී වේදිකාවක් නිර්මාණය කරයි.

මෙම සුවිශේෂී සම්මාන උළෙල පිළිබඳ අදහස් දක්වමින් එහි සභාපති සන්හර්ෂ ජයතිස්ස මහතා මෙලෙස පවසා සිටියි.  "ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙල - NBQSA 2022 හි සභාපතීත්වය දැරීමට අවස්ථාව හිමිවීම ඉතා ගෞරවයක්. මෙවර තරඟාවලිය ආරම්භ වන තෙක් අප නොඉවසිල්ලෙන් බලාසිටින අතර, මේ හරහා දේශීය තොරතුරු සන්නිවේදන ක්ෂේත්‍රය ඉහළ තලයකට රැගෙන ඒමට අප කටයුතු කරනවා."

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙලේ - NBQSA 2022 හි ප්‍රධාන විනිසුරු ගීතප්‍රිය තිලකරත්න මහතා පවසා සිටින්නේ, වසර ගණනාවක් ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙලේ ප්‍රධාන විනිශ්චයකරු ලෙස හෙතෙම කටයුතු කර ඇති අතර, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තය වර්ධනය වී ඇති ආකාරය මෙම සම්මාන උළෙල තුළින් මැනවින් ගම්‍ය වන බවයි. පසුගිය වසර වලට වඩා මෙම වසරේදී, මෙම සම්මාන උළෙල සඳහා විශාල සහභාගීවන්නන් පිරිසක් ඉදිරිපත් වනු දැකීමට හෙතෙම බලාපොරොත්තු වන බවත් පවසා සිටියි.

ආරම්භයේ සිට සෑම වසරකම, පෞද්ගලික සහ ආයතනික මට්ටමෙන්, මෙම තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ පිරිසගේ ඉහළ යාමක් පෙන්නුම් කරයි. BCS වරලත් තොරතුරු තාක්ෂණ ආයතනය ශ්‍රී ලංකා ශාඛාව විසින් සංවිධානය කරන මෙම සම්මාන උළෙල, දේශීය තොරතුරු සන්නිවේදන ක්ෂේත්‍රය, අන්තර්ජාතික තලයට රැගෙන ඒමට විශාල සහයෝගයක් දක්වයි.  මෙම සම්මාන උළෙලේ පසුගිය වසර වල ජයග්‍රාහකයින්, ආසියානු පැසිෆික් එලායන්ස් කලාපීය තොරතුරු සන්නිවේදන තාක්ෂණ (APICTA) සම්මාන උළෙල සඳහා තරඟ කරමින් සිය නාමයන් අන්තර්ජාතික තලයට රැගෙන ගොස් ඇත.

මේ පිළිබඳ අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ ශ්‍රී ලංකා අංශයේ සභාපති, වජීන්ද්‍ර එස්. කන්දේගමගේ මහතා මෙලෙස පවසා සිටියි. "ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වරලත් තොරතුරු තාක්ෂණ වෘත්තීය ආයතනය ලෙස නම් දරා ඇති BCS වරලත් තොරතුරු තාක්ෂණ ආයතනය ශ්‍රී ලංකා ශාඛාවේ හි   ප්‍රධාන අරමුණ වන්නේ, ශ්‍රී ලාංකිකයන් විසින් නිර්මාණය කර සංවර්ධනය කරන ලද,  තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නිෂ්පාදන සහ සේවාවන්හි ගුණාත්මක වැඩිදියුණු කිරීම් සඳහා හැකි සෑම අයුරින්ම දායකත්වයක් ලබා දීමයි. විශේෂයෙන්ම, ඔවුන් විසින් නිර්මාණය කරන ලද විශිෂ්ට තත්වයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිෂ්පාදන සහ සේවාවන් හඳුනාගෙන, දේශීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිෂ්පාදන සහ සමාගම් හරහා ව්‍යාපාර අවස්ථා සොයා දීමට සහ ආයෝජන ප්‍රවර්ධන සඳහා පහසුකම් සැපයීම කෙරෙහි අප වැඩි අවධානයක් යොමු කරනවා.  මේ සඳහා, මෙවන් ආකාරයේ සුවිශේෂී සම්මාන උළෙලක් දක්වන්නේ විශාල දායකත්වයක්. විශේෂයන්ම, මෙහි ජයග්‍රාහකයින් සඳහා Asia Pacific ICT Alliance Awards (APICTA) සඳහා සහභාගී වීමට හැකියාව හිමිවීම ඔවුන් ලබන ජයග්‍රාහී අවස්ථාවක්. දේශීය තොරතුරු සන්නිවේදන ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා මෙවන් ආකාරයේ සම්මාන උළෙලන් ඉදිරියටත් සංවිධානය කිරීමට අප බලාපොරොත්තුවෙන් පසු වෙනවා."

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙල “ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල සිසුන්,  පුද්ගලයන්ගේ සහ සංවිධානාවල" කැපී පෙනෙන තොරතුරු සන්නිවේදන තාක්ෂණ නිෂ්පාදන සහ නවෝත්පාදන සඳහා ඉහළ පිළිගැනීමක් ලබා දෙයි. බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ ශ්‍රී ලංකා අංශය 1998 වර්ෂයේ සිට වාර්ෂිකව සංවිධානය කරන මෙම සම්මාන උළෙල හරහා Asia Pacific ICT Alliance Awards (APICTA) සඳහා ජාතික මට්ටමෙන් සහභාගී වන්නන් තීරණය කරයි. NBQSA 2022 පිළිබඳ වැඩිදුර විස්තර සඳහා www.nbsqa.org වෙත පිවිසෙන්න.