June, 9, 2022
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම විසින් 27 වන වතාවටත් ශ්රී ලංකාවේ දීර්ඝතම ආයතනික් සමාජමය මෙහෙවරක් වන AIA පොසොන් රැකවරණ ව්යාපෘතිය සුපුරුදු පරිදි මෙවර පොසොන් සමයේදීත් සිදු කිරීමට සියලු කටයුතු සංවිධානය කර ඇත. ජාතික පොසොන් උත්සවය සඳහා සහභාගී වීමට පුදබිම් වෙත ගමන් ගන්නා බැතිමතුන් වැව් වලින් දිය ස්නානය කිරීමේ දී ඇතිවිය හැකි අවදානම සැලකීමට ගෙන, අනුරාධපුර, පොලොන්නරුව, දඹුල්ල සහ මිහින්තලේ පූජා නගර සියල්ල ආශ්රිතව පිහිටා ඇති වැව් 22ක් ආවරණය වන අයුරින් දින 3ක් පුරාවට, 500 කට අධික ජීවිත ආරක්ෂක නිලධාරී මහත්වරුන්ගේ සේවය ලබා ගනිමින් බැතිමතුන්ගේ ජීවිත වලට දියේ දී වියහැකි අනතුරු සඳහා රැකවරණ තහවුරු කර ඇත.
විශේෂයෙන්ම මෙම අභියෝගාත්මක වසර තුල දී දැනට පවතින තත්ත්වය පිටුදැකීම සඳහා ජනතාව විසින් මව්බිම වෙනුවෙන් සෙත් පැතීම උදෙසා විශාල වශයෙන් මෙම පුදබිම් වෙත පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වේ. මෙවරත් පොසොන් උත්සවය සඳහා වර්තමානයේ රටේ පවතින ගැටලුකාරී වාතාවරණය අතරේ වුවද විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ශ්රී ලංකාව වැව් සහ ජලාශ රාශියකින් සමන්විත දේශයක් වන අතර මේවායින් බොහොමයක් අපට හමුවන්නේ උතුරු මද පළාත ආශ්රිතවයි. පොසොන් සමය වනවිට මෙම ජලාශ පිටාර අවස්ථාවට ලඟා වනතුරු පිරී පවතින අතර පොසොන් උත්සවය සැමරීමට දිවයිනේ නන්දෙසින් පැමිණෙන බැතිමතුන්ගෙන් ද මෙම ප්රදේශ පිරී ඉතිරී යයි. පුදබිම් කරා වන්දනාවේ පැමිණෙන ලක්ෂ සංඛ්යාත බැතිමතුන් සිය ගමන් විඩාව නිවා ගැනීමටත් උඩමළුව පූජා කිරීමට පෙර පිරිසිදු වීමටත් මෙම ප්රදේශ පුරා පිහිටා ඇති වැව් සහ ජලාශ වලින් ස්නානය කිරීම පිළිවෙතක් ලෙස සිදු කරයි. මේ කරුණු සැලකීමට ගෙන AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම බැතිමතුන්ගේ වටිනා ජීවිත වලට රැකවරණය සැලසීමේ අරමුණින්, වර්තමානයේ පවතින අසීරු ආර්ථික අභියෝග අතරේ වුවද, මෙම ජීවිතාරක්ෂක පොසොන් රැකවරණ ව්යාපෘතිය සාර්ථකව ක්රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්රධාන විධායක නිලධාරිනී චතුරි මුණවීර මහත්මිය සිය අදහස් දක්වමින් කියා සිටියේ “මෙම ව්යාපෘතිය 1993 වසරේ සිට ජාතික වශයෙන් අදාළ සුවිශේෂී වැඩසටහනක් බවට පත්ව ඇති අතර පසුගිය වසර ගණනාව පුරාවට වටිනා ජීවිත 200 කට අධික ප්රමාණයක් බේරා ගැනීමට මේ ඔස්සේ අපට හැකියාව ලැබුනා. පවුලක දරුවෙක්, මවක්, පියෙක් හෝ මුළු පවුලක්ම රක්ෂා කරන සහෝදරයෙක් මෙම රැකවරණ වැඩසටහන ඔස්සේ ඒ බේරාගත් අය අතර සිටින්නට ඇති, ඒ හැම ජීවිතයක්ම ඔවුන්ගේ පවුල්වලට කෙතරම් වටිනවා ඇතිද. මේ වසරේදීත් පවතින වර්තමාන ආර්ථික අර්බුදය අතරතුර වුවත් මෙම ජාතික වැඩසටහනට උරදීමට අප කැපවුණේ, යහපත් කාල තුලදී පමණක් නොව ජනතාව පීඩාකාරී කාලවකවානුවක් ගෙවමින් සිටින මෙම අවස්ථාවේ දී, ඔවුන්ට අවශ්යම මොහොතේදී අපි ඔවුන් සමග සිටිය යුතු නිසයි ”.
1992 වසරේ දී සිදු වූ අවාසනාවන්ත වියෝවීමකින් පසුව පොසොන් උත්සව සමයේ දී, දියේ ගිලීමෙන් සිදුවන අනතුරු වළක්වාලමින් බැතිමතුන්ගේ ජීවිත සඳහා රැකවරණය තහවුරු කිරීමේ විසදුමක් ලෙස මෙම ව්යාපෘතිය අරඹනු ලැබුවා. 1993 වසරේ දී ශ්රී ලංකා ජීවිතාරක්ෂක සංගමය, ශ්රී ලංකා නාවික හමුදාව සහ ශ්රී ලංකා පොලීසිය සමගින් මෙම පොසොන් රැකවරණ ව්යාපෘතිය දියත් කරනු ලැබුවේ පොසොන් සමයේ දී දියේ ගිලීම නිසා සිදුවෙමින් පැවතුන විශාල අනතුරු ප්රමාණය වලක්වා ගැනීමේ අරමුණ ඇතිවයි.
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, අනුරාධපුර පුදබිම් වටා පිහිටා ඇති වැව් සහ ජලාශ ආශ්රිතව ජීවිතාරක්ෂක සේවා සැලසීමට අමතරව රැකවරණ ප්රචාරණ පුවරු සවිකරමින් දියට බැසීමට සුදුසු සහ නුසුදුසු ස්ථාන මෙන්ම අනතුරු වියහැකි ස්ථාන පිළිබඳව දැනුවත් කිරීමද සිදු කරයි. අනුරාධපුර දිස්ත්රික්කය පුරාවට මෙම රැකවරණ පුවරු සවිකරමින් වන්දනාකරුවන් දැනුවත් කරමින් වැව් සහ ජලාශ ආශ්රිතව සිදුවිය හැකි අනතුරු වලක්වා ගැනීම තහවුරු කෙරෙන අතර AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, සමාජ මාධ්ය හරහා ද පොසොන් උත්සවයට සහභාගී වීමට යන බැතිමතුන්හට වැව් සහ ජලාශ වලින් දිය නෑමේදී ආරක්ෂා වියයුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කර ඇත.
ශ්රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම වශයෙන් (ප්රදානය කැපිටල් ෆිනෑන්ස් ඉන්ටර්නැෂනල් වෙතින්, 2021) සහ ශ්රී ලංකාවේ සන්නාම වෙළෙඳපොල ප්රමුඛ සමාගම ලෙස(ප්රදානය තෝට් ලීඩර්ස් ඉන්ටර්නැෂනල් වෙතින්,2021) සම්මානයෙන් පිදුම් ලද AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම ජාත්යන්තර වශයෙන් පිළිගැනීමට ලක් වූ, ශ්රී ලාංකික ජනතාවගේ රැකවරණ අවශ්යතා සපුරාලීමට කැප වූ මෙරට තුල ඉතා ශක්තිමත්ව මුල් බැසගත් දේශීය සන්නාමයක්. AIA පොසොන් රැකවරණ ව්යාපෘතිය ද සමාගම සිදු කරන්නා වූ ජාතික මෙහෙවර පිළිබිඹු වන තවත් එක් මුලපිරීමක් වන අතර මේ සියල්ල ඔස්සේ ශ්රී ලාංකික ජනතාවට සුවපත්, සැපවත් දිගුකල් ජීවිතයක් ගත කිරීම සඳහා සහය වීමට සමාගමෙහි ඇති කැපවීම විදහා දැක්වෙනවා.
June, 7, 2022
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, දැනට පවතින අසීරු කාලවකවානුව තුලත් ශ්රී ලාංකික ජනතාවට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් ගත කිරීමට සහය වීමේ සිය සමාජමය මෙහෙවර තවදුරටත් ක්රියාත්මක කරමින් ශ්රී ලංකා පිළිකා සංගමය සමගින් 2022 සඳහා සහයෝගීතාවයකට එලෙඹි බව ප්රකාශ කර සිටියි. මෙය AIA ඉන්ෂුවරන්ස් විසින් අඛණ්ඩව, ශ්රී ලංකා පිළිකා සංගමය වෙත වසර තුළ අලෙවි කරන සෑම ජීවිත රක්ෂණයක් වෙනුවෙන්ම රු.100/- ක මුදලක් පරිත්යාග කරන 4වන වසරයි. . මේ පිලිබඳ අවබෝදතා ගිවිසුම නොබෝදා AIA ඉන්ෂුවරන්ස් හි නියෝජ්ය ප්රධාන විධායක නිලධාරී උපුල් විජේසිංහ මහතා සහ ශ්රී ලංකා පිළිකා සංගමයේ සභාපතිනී අනෝජා කරුණාරත්න මහත්මිය සමගින් අත්සන් කරන ලදී.
AIA ඉන්ෂුවරන්ස්, පසුගිය වසර කිහිපය පුරාවට ශ්රී ලංකා පිළිකා සංගමය වෙත පරිත්යාග කරන ලද අරමුදල් විශේෂයෙන් භාවිතා කරන ලද්දේ ගිලන්ව, අසරණව සිටින පිළිකා රෝගීන්හට ප්රතිකාර සේවා සැපයීමට සහ ශ්රී ලංකාව තුළ ප්රධානතම ගැටළුවක්ව පවතින පිළිකා රෝගය වැළැක්වීම මෙන්ම ඒ සඳහා ඇති ප්රතිකාර පිළිබඳව ජනතාව ජනතාව දැනුවත් කිරීම සඳහායි. බෝ නොවන රෝග අතුරින් පිළිකා රෝගය ප්රධානතම ගැටළුවක්ව පවතින අතර මෙරට සිදුවන මරණ වලින් 80% ක්ම පිළිකා ආශ්රිත මරණ බවට වාර්තා වෙන අතර මෙය ලෝක මට්ටමින් වෙන මරණ ප්රතිශතය වන 74%ටත් වඩා වැඩි අගයක්.
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්රධාන විධායක නිලධාරිනී චතුරි මුණවීර මහත්මිය සිය අදහස් ප්රකාශ කරමින් කියා සිටියේ "පිළිකා රෝගය මෙරට සෞඛ්ය ක්ෂේත්රයට ඇති මූලික ගැටලු වලින් එකක්ව පවතින අතර ආධාර උපකාර අවශ්ය අයට මෙම අසීරු කාලවකවානුව තුලදී වුවද අපගේ සහයෝගය නොපැකිලව ලබා දීමට අප කැපවී කටයුතු කරනවා. දැනට පවතින ආර්ථික අර්බුදයක් සහිත වාතාවරණය ඔස්සේ වුවද ශ්රී ලංකා පිළිකා සංගමය වෙත අඛණ්ඩව අපගේ සහය ලබා දීමට ලැබීම අපට නිහතමානී සතුටක් ගෙනදෙනවා. ගිලන්ව අසරණ තත්ත්වයේ සිටින මෙම පිළිකා රෝගීන් සහ ඔවුන්ගේ පවුල් සඳහා කැපවූ සත්කාර සහ ශක්තිමත් ආධාරක පද්ධතියක් ලබා දීම වෙනුවෙන් අපගේ දායකත්වය අඛණ්ඩව ලැබෙනු ඇති අතර ඒ වෙනුවෙන් කැපවී කටයුතු කරන ශ්රී ලංකා පිළිකා සංගමයේ මෙහෙවර අපි අතිශයින් අගය කරනවා."
ශ්රී ලංකා පිළිකා සංගමයේ සභාපතිනී අනෝජා කරුණාරත්න මහත්මිය කථා කරමින් කියා සිටියේ "AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම නැවත වතාවක් මෙම අවබෝධතා ගිවිසුම අලුත් කරමින් පිළිකා සංගමය වෙත ඔවුන්ගේ අඛණ්ඩ දායකත්වය ලබාදීමට ගිවිසුම්ගත වීම පිළිබඳව අප මහත් සතුටට පත් වෙනවා. පවතින වාතාවරණ සහ අභියෝග හමුවේ වුවද පසුගිය වසර පුරාවටත් අපට ලබා දුන් මූල්යමය දායකත්වය, ප්රතිකාර අවශ්ය අසරණ පිළිකා රෝගීන්හට පිහිට වීමටත් විශාල වශයෙන් පිටුවහලක් වුනා."
ඇය තවදුරටත් කියා සිටියේ "AIA ඉන්ෂුවරන්ස් අපට ලබාදෙන දායකත්වය ඔස්සේ, ජාතික පිළිකා ආයතනය සහ අපේක්ෂා රෝහලට ප්රතිකාර සඳහා දිවයිනේ නන්දෙසින් පැමිණෙන රෝගීන්හට සහන සේවා සපයන නැවතුම්පලක් ලෙස කටයුතු කරන අපගේ ගිලාන සේවා නිවාස වන "බණ්ඩාරනායක අනුස්මරණ නිවාසයන්" හි එදිනෙදා මෙහෙයුම් සහ නඩත්තු කටයුතු සිදුවෙනවා. එමෙන්ම පිළිකා වැළැක්වීම,කලින් හදුනා ගැනීම, සහ ප්රතිකාර පිලිබඳ ජනතාව දැනුවත් කිරීමද අප සිදුකරන්නා වූ වැදගත් කාර්යයක්. ගිලන් වූ රෝගීන්ව හැකිතාක් හොදින් රැකබලා ගැනීම සඳහා, ඔවුනට අවශ්ය ප්රතිකාර මෙන්ම මානසිකව පීඩනයට පත්වී සිටින ඔවුනට සහන සැලසීමට අපට සැමවිටම පිටස්තර සහාය අවශ්ය වෙනවා. එමනිසා AIA ඉන්ෂුවරන්ස් අඛණ්ඩව අප සංගමයේ මෙම ප්රයත්නයේ සහයට මෙලෙස ඉදිරිපත් වීම අප මහත් සේ අගය කරනවා."
Video Story