• Ada Derana BIZ Sinhala
  • Allianz Lanka
  • Dolosbage
  • Rural School
  • sri lanka
  • Water System

අලියාන්ස් ලංකා රක්ෂණ සමාගම දොළොස්බාගේ ග්‍රාමීය පාසලකට පිරිසිදු පානීය ජල පහසුකම් පරිත්‍යාග කරයි

January, 19, 2023

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන අලියාන්ස් ලංකා රක්ෂණ සමාගම (Allianz Lanka), දොළොස්බාගේ ප්‍රදේශයේ අවම පහසුකම් සහිත පාසලක් වන කෙලී ගෲප් ප්‍රාථමික විද්‍යාලයට පිරිසිදු පානීය ජල පහසුකම් ලබාදීමට මෑතකදී කටයුතු කළේ ය. මෙම පාසලේ ඉගෙනුම ලබන සිසුන් අතරින් බහුතරයකගේ දෙමාපියෝ තේ කර්මාන්තය ආශ්‍රිතව දෛනික වැටුප් ලබන පුද්ගලයෝ වෙති.

මේ අතරින් ඇතැම් සිසුන්ට පාසල වෙත ළඟාවීම සඳහා දිනපතා කිලෝමීටර් 5 කට අධික දුරක් පා ගමනින් පැමිණීමට සිදු වේ. දෙමාපියන්ට පවතින බරපතළ ආර්ථික දුෂ්කරතා නිසා, පාසලේ ජල ගැටලුව විසඳීමට මැදිහත් වීමට ඔවුන්ටද හැකියාවක් නොතිබිණි.

මධ්‍යම පළාතේ මහනුවර අධ්‍යාපන කලාපයට කිලෝමීටර 46 ක් පමණ දුරින්, මහනුවර සහ සබරගමුව පළාත් වලට මායිම්ව පිහිටි මෙම පාසලේ සිසුන් 55 දෙනෙක් ඉගෙනුම ලබති. මෙම පානීය ජල ව්‍යාපෘතිය යටතේ පාසල් භූමියේ අඩි 15 ක ගැඹුරකින් යුත් ළිඳක්, කුලුනු මත රඳවන ලද ජල ටැංකියක් සහ පොම්පයක් සහිත පූර්ණ ජලනල පද්ධතියක් ස්ථාපිත කරන ලදි.

“තිරසාරත්වය යනු අපගේ දැඩි අවධානයක් යොමුවන අංශයක්. එක්සත් ජාතීන්ගේ 6 වන සංවර්ධන ඉලක්කයට සමාගාමීව, රටේ දුෂ්කර පළාත් වල පිරිසිදු පානීය ජල පහසුකම් වැඩිදියුණු කිරීමට අප මේ වනවිට අවධානය යොමුකර තිබෙනවා. මෙම ජල පද්ධතිය ඉදිකරන අවස්ථාවේදී, පාසලේ විදුලි රැහැන් පද්ධතිය අබලන් වී ඇති බවත්, තාප්ප දුර්වර්ණ වී ඇති බවත් අපට පෙනී ගියා. එම නිසා විදුලි පද්ධතිය අලුත්වැඩියා කිරීමටත්, තාප්ප වල තීන්ත ආලේප කිරීමටත් අප පියවර ගත්තා. මෙම උත්සාහය මෙම සිසුන්ගේ ජීවිත නගාසිටුවීමට මහෝපකාරී වනු ඇතැයි අප සිතනවා.” අලියාන්ස් ලංකා සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරී මංගල බණ්ඩාර මහතා පැවසී ය.

පානීය ජල පද්ධතිය සහ අලුත්වැඩියා කරන ලද අනෙකුත් පහසුකම් පාසල වෙත භාරදීම  2022 වසරේ දෙසැම්බර් 15 දින සිදුකරන ලද අතර, එම අවස්ථාවට අලියාන්ස් ලංකා සමාගමේ ප්‍රධාන අලෙවිකරණ නිලධාරී මංගල බණ්ඩාර මහතා ප්‍රමුඛව සමාගමේ ප්‍රාදේශීය විකුණුම් හා කළමනාකරණ කණ්ඩායම් වල සාමාජික සාමාජිකාවන් පිරිසක් සහභාගී වූහ.

අලියාන්ස් ලංකා ලෙස හඳුන්වනු පොදුවේ ලබන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම (Allianz Insurance Lanka Ltd.) සහ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ^Allianz Life Insurance Lanka Ltd.& ජාත්‍යන්තර Allianz SE හි පූර්ණ අයිතිය යටතේ පවතින අනුබද්ධ සමාගම් ලෙස ක්‍රියාත්මක වේ. ප්‍රධාන වශයෙන් රක්ෂණ සහ වත්කම් කළමනාකරණ ක්ෂේත්‍ර වල ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සමූහ ව්‍යාපාරයක් වන Allianz SE හි ප්‍රධාන කාර්යාලය ජර්මනියේ මියුනිච් නගරයේ පිහිටා ඇත. ජාත්‍යන්තර අලියාන්ස් සමූහ ව්‍යාපාරයේ ශක්තිය සහ අලියාන්ස් ලංකා හි දේශීය විශේෂඥ දැනුම හා පළපුරුද්ද එක්තැන් වීම, අලියාන්ස් සමාගමට ශ්‍රී ලංකාව තුළ මෙබඳු සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට මහෝපකාරී වී තිබේ.

  • Ada Derana BIZ Sinhala
  • Allianz Lanka
  • sri lanka
  • Virtual Assessor

පාරිභෝගික භවතුන්ගේ පහසුව උදෙසා අලියාන්ස් ලංකා විසින් Virtual Assessor හඳුන්වා දෙයි

December, 12, 2022

ගෝලීය අලියාන්ස් SE සමූහයේ සාමාජිකයෙකු වන අලියාන්ස් ලංකා විසින් පූර්ව ප්‍රාරක්ෂණ පරික්ෂාව සහ මෝටර් රථ හා මෝටර් රථ නොවන රක්ෂණ වන්දි හිමිකම් සඳහා වන බාධා රහිත නව අධි තාක්ෂණික මෙවලමක් වන තාත්‍යාසන්න තක්සේරුකරු (Virtual Assessor) හඳුන්වා දීම පිළිබඳ නිවේදනය කරන ලදී. අනතුරකදී පාරිභෝගිකයා විසින් ඇමතුම් මධ්‍යස්ථානය හා සම්බන්ධ වූ විට,  සුහුරු ජංගම දුරකථනය භාවිතයෙන් මෙන්ම ඒ සඳහා කිසිඳු යෙදවුමක් ස්ථාපනය කිරීමකින් තොරව මෙම මෙවලම භාවිතා කිරීමට අවශ්‍ය සහයෝගය ඔවුන් විසින් ලබා දෙනු ඇත. අලියාන්ස් ලංකා හි තාත්‍යාසන්න තක්සේරුකරු (Virtual Assessor) මෙවලම , පාරිභෝගික භවතුන් සඳහා පහසු හා  වඩා හොඳ අත්දැකීමක් සඳහා වන ඉදිරි පියවරක් මෙන්ම රක්ෂණ කර්මාන්තයේ එක් සන්ධිස්ථානයක්ද වනු ඇත.

මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දැක්වූ අලියාන්ස් ලංකා හි ප්‍රධාන විධායක නිලධාරී, දේශීය කළමනාකරු ඇලන් ස්මී මහතා සඳහන් කර සිටියේ "බොහෝ පාරිභෝගික භවතුන් සංඛ්‍යාංගික නාලියන් සහ තාක්ෂණයන් වැළඳගන්නා මොහොතක රක්ෂණ ක්‍ෂේත්‍රය සංඛ්‍යාංගික ආවිලයනයකින් පරිවර්තනය වෙමින් පවතින කාල පරිච්ඡේදයක් මධ්‍යයේ පවතියි. තව දුරටත්  පාරිභෝගික කේන්ද්‍රික වීමේ අරමුණින් යුතු අපගේ ගමනේදී, රක්ෂණ ව්‍යාපාරයේ බොහෝ සෙයින් ඉච්ඡාභංගතත්වයට පත්වන හා වඩා බාධාකාරී අංගයක් වන වන්දි හිමිකම් ක්‍රියාවලියේදී එම පාරිභෝගික අත්දැකීම් වඩා මෘදු  කිරීම සඳහා තාත්‍යාසන්න තක්සේරුකරු (Virtual Assessor) දියත් කිරීම පිළිබඳව අපි සතුටින් දැනුම් දෙන්නෙමු. නව පාරිභෝගික භවතුන් සඳහා වන පූර්ව ප්‍රාරක්ෂණ පරීක්ෂණ සඳහාද තාත්‍යාසන්න තක්සේරුකරු (Virtual Assessor) ක්‍රියාත්මකව පවතියි. එමෙන්ම රක්ෂණ ඔප්පුවක් ලබා ගැනීමේ ක්‍රියාවලිය වඩා පහසු සහ සරල සිදු කිරීමට හැකි ආකාරයට ක්‍රියාවලියන් සකස් කිරීමට මෙන්ම එමගින් පාරිභෝගික අත්දැකීම් ඉහළ නැංවීමට අප කටයුතු කරමින් සිටින්නෙමු. වර්තමානයේ අලියාන්ස් ලංකා පාරිභෝගික භවතුන් හට පාරිභෝගික සේවා නියෝජිතයෙකු / නියෝජිතවරයෙකු ඇමතීම තුළින් ඔවුන්ගේ සුහුරු ජංගම දුරකථනයේ වෙබ් සෙවුමේ තාත්‍යාසන්න තක්සේරුකරු (Virtual Assessor) මෙවලම භාවිතයෙන් තාත්‍යාසන්න පරීක්ෂාවක් (Virtual inspection) නියම කරවා ගැනීමට පාරිභෝගික භවතුන්ට හැකියාව ඇත. සංඛ්‍යාංගික සක්‍රීයකරණය වෙත තැබූ මෙම විප්ලවකාරී පියවර තුළින් කිසිවෙකුටත් සම කළ නොහැකි ආකාරයෙන් පාරිභෝගික භවතුන් වෙත පහසුව සලසා දීම සඳහා වන අපගේ කැපවීම තව දුරටත් නව්‍යකරණය සඳහා අපි අවස්ථාවක් කරගන්නෙමු." යනුවෙනි.      

අලියාන්ස් ලංකා තාත්‍යාසන්න තක්සේරුකරු (Virtual Assessor) මෙවලම මගින් ක්‍රියාත්මක කෙරෙන බාධා රහිත තාත්‍යාසන්න පරික්ෂා කිරීමේ ක්‍රියාවලිය තුළින් දැනටමත් අප සමග එක්ව සිටින පාරිභෝගික භවතුන්ගේ රථ වාහන පරික්ෂා කිරීමේ ක්‍රියාවලිය හා වන්දි හිමිකම් නිරාකරණය කිරීමේ ක්‍රියාවලිය මෙන්ම නව පාරිභෝගික භවතුන් සඳහා රක්ෂණ ඔප්පු ලබා ගැනීමේ ක්‍රියාවලියද වෙනසකට ලක් කෙරෙනු ඇත. අනතුරකදී හෝ නව රක්ෂණාවරණයක් සඳහා වන අවශ්‍යතාවයකදී ඔවුන් විසින් සිදු කළ යුත්තේ අලියාන්ස් ලංකා හි ඇමතුම් අංකය වන 0112303300 ඇමතීම පමණි. තාත්‍යාසන්න පරීක්ෂාවක් (Virtual inspection) සඳහා අදාළ සුදුසුකම් සපුරා ඇති නම් අලියාන්ස් ලංකා විසින් අදාළ පාරිභෝගිකයාගේ සුහුරු ජංගම දුරකථනය වෙත කෙටි පණිවුඩයක් (SMS) මගින් ඒකීය සම්පත් නිවේශකයක් (URL -Uniform Resource Locator) යොමු කරනු ඇත. එහිදී කිසිඳු යෙදවුමක් ස්ථාපනය කිරීමකින් තොරව සුහුරු ජංගම දුරකථනයේ වෙබ් සෙවුම තුළින් තාත්‍යාසන්න තක්සේරුකරු (Virtual Assessor) මෙවලම භාවිතා කළ හැකිය. අනතුර සිදුවූ ස්ථානය හා දුරස්ථව සම්බන්ධ වෙමින් හා අනතුරේ තොරතුරු සටහන් කර ගනිමින් සහ පාරිභෝගිකයා වෙතින් සංඛ්‍යාංගික අත්සන (Digital signature) ලබා ගන්නා අතරම පාරිභෝගිකයා සිටින ප්‍රදේශය නිවැරදිව හඳුනා ගැනීමටද අලියාන්ස් ලංකා තාත්‍යාසන්න පරීක්ෂණ කණ්ඩායම (Virtual Inspection Team) කටයුතු කරනු ඇත. පාරිභෝගික භවතුන් වෙත පහසුව සැලසීම වර්ධනය කරන අතරම නව තාත්‍යාසන්න තක්සේරුකරු (Virtual Assessor) මෙවලම මගින් වන්දි හිමිකම් නිරාකරණය කිරීම් සහ පූර්ව ප්‍රාරක්ෂණ පරීක්ෂණයන් සඳහා පාරිභෝගික භවතුන් සහ අලියාන්ස් ලංකා යන දෙපාර්ශවයේම වන වියදම අවම කිරීම සහ කාලය ඉතිරි කිරීමද බලාපොරොත්තු වේ.

අලියාන්ස් ලංකා ලෙස හඳුන්වනු පොදුවේ ලබන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම (Allianz Insurance Lanka Ltd.) සහ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ^Allianz Life Insurance Lanka Ltd.& ජාත්‍යන්තර Allianz SE හි පූර්ණ අයිතිය යටතේ පවතින අනුබද්ධ සමාගම් ලෙස ක්‍රියාත්මක වේ. ප්‍රධාන වශයෙන් රක්ෂණ සහ වත්කම් කළමනාකරණ ක්ෂේත්‍ර වල ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සමූහ ව්‍යාපාරයක් වන Allianz SE හි ප්‍රධාන කාර්යාලය ජර්මනියේ මියුනිච් නගරයේ පිහිටා ඇත. ජාත්‍යන්තර අලියාන්ස් සමූහ ව්‍යාපාරයේ ශක්තිය සහ අලියාන්ස් ලංකා හි දේශීය විශේෂඥ දැනුම හා පළපුරුද්ද එක්තැන් වීම, අලියාන්ස් සමාගමට ශ්‍රී ලංකාව තුළ මෙබඳු සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට මහෝපකාරී වී තිබේ.

  • Ada Derana BIZ Sinhala
  • Allianz Lanka
  • Child
  • donation
  • Safety Helmets
  • sri lanka

දැයේ දූ දරුවන්ගේ මහ මඟ ආරක්ෂාව උදෙසා අලියාන්ස් ලංකා විසින්  ළමා යතුරුපැදි ආරක්‍ෂිත හිස්වැසුම් ප්‍රධානය කෙරේ

November, 29, 2022

ජාතියේ අනාගතය වන ශ්‍රීලාංකේය  දැරියන් හට ජීවිත අභියෝගයන් සහ විවිධාකාර විපත්වලින් ආරක්ෂිතව, සුරක්ෂිත පරිසරයක, හැදී වැඩීමට අවකාශය තිබිය යුතු බව අලියාන්ස් ලංකා හි විශ්වාසයයි. එමගින් ඔවුන් හට සෑම අවස්ථාවකම ගවේෂණශිලී වීමට මෙන්ම ඔවුන්ගේ සිහින හඹා යාමට හැකියාව ලැබෙනු ඇත. අලියාන්ස් ශ්‍රීලංකා හි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන එක් අංශයක් වන්නේ අපගේ දරු දැරියන් සඳහා තිරසාර අනාගතයක් සහතික කිරීම උදෙසා අවැසි සහයෝගය ලබා දීමයි. මෙම කර්තව්‍යයේදී අපගේ අවධානය යොමු වූ කරුණක් වූවේ කොළඹ සහ අනෙකුත් ප්‍රදේශයන්හි  දරු දැරියන් ගණනාවක් ආරක්‍ෂිත හිස්වැසුම් පැළඳීමකින් තොරව මෙන්ම වෙනත් ප්‍රමාණවත් ආරක්‍ෂිත උපක්‍රමවලින් තොරව යතුරුපැදිවල පසුපැදිකරුවන් ලෙස ගමන් කිරීම වර්ධනය වන බවය. මේ පිළිබඳව සිදු කරනු ලැබූ අධ්‍යයනයන් සහ සමීක්ෂණයන් තුළින් හෙළිදරව් වූවේ ග්‍රාමීය ප්‍රදේශයන්හිද  මෙම තත්ත්වය වැඩි අගයක් ගන්නා බවය. ආරක්‍ෂිත හිස්වැසුම් පැළඳීමකින් තොරවයතුරු පැදියක ගමන් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර මෙන්ම අනතුරකදී මාරාන්තික තුවාල ලැබීමටද හේතු වේ.

ශ්‍රීලංකාවේ මගා මාර්ගයන්හි, දරු දැරියන් අවදානමට ලක් විය හැකි කණ්ඩායමක් වන බව වටහා ගත් අලියාන්ස් ලංකා විසින්, මහා මර්ගයන් හි දරු දැරියන්ගේ ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම උදෙසා වන වැඩසටහනක් දියත් කිරීමට කටයුතු කරන ලදියි.  ශ්‍රිලංකාවේ විවිධ ප්‍රදේශයන්හි දරු දැරියන් සඳහා ආරක්‍ෂිත හිස් වැසුම් 1,200 පරිත්‍යාග කිරීම තුළින්  අලියාන්ස් ලංකා මෙම අරමුණ සාක්ෂාත් කිරීමට කටයුතු කරන අතර ඒ අනුව දිවයින පුරා ස්ථාන 24 කදී 2022 නොවැම්බර් මස 23, 25 සහ 28 යන දිනයන්හි දරු දැරියන් සඳහා ආරක්‍ෂිත හිස්වැසුම් පරිත්‍යාග කිරීම සිදු විය. මෙම ප්‍රයත්නය තුළින් අලියාන්ස් ලංකා හි සමාජමය ක්‍රියාවලීන් වෙත දායකත්වය ලබා දීම සිදුවන අතරම එමගින් සමාජ අන්තහ්කරණය සහ සමාජ අභිවෘද්ධිය ළඟා කර ගැනීමට බලාපොරොත්තු වේ.

මේ පිළිබඳව දැනුවත් කිරීම හා ප්‍රධාන වැඩසටහන දියත් කිරීම අලියාන්ස් ලංකා කළුතර ශාඛාවේදී සිදු කෙරිණි. එහිදී කුඩා උත්සවයක් සහ දැනුවත් කිරීමේ වැඩසටහනක්ද පැවැත්වීමෙන් අනතුරුව 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා තෝරා ගත් පාසැල් සිසු සිසුවියන් 50 ක් වෙත අලියාන්ස් ලංකා සහ ශ්‍රීලංකා පොලීසිය එක්ව ආරක්‍ෂිත හිස්වැසුම් ප්‍රදානය කිරීම සිදු විය. ඉදිරියේදී එයට සමගාමීව ශ්‍රී ලංකා පොලිසිය හා එක්ව මාර්ග නීති රීති සහ ආරක්ෂක හිස්වැසුම් භාවිතය පිළිබඳ දරු දැරියන් දැනුවත් කිරීමේ වැඩසටහන්ද  පැවැත්වීමට නියමිතය. මෙම වැඩසටහන සඳහා  අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිම්ටඩ් හි ප්‍රධාන විධායක නිලධාරි හා දේශීය කළමනාකරු වන ඇලන් ස්මී මහතා, ප්‍රධාන අලෙවි නිලධාරී මංගල බණ්ඩාර මහතා සහ අලියාන්ස් ලංකා හි කළමනාකරණ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් සිදු විය.

එම පියවර පිළිබඳ සිය අදහස් දක්වමින් ප්‍රධාන අලෙවි නිලධාරී මංගල බණ්ඩාර මහතා මෙසේ පැවසීය. “ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත ජනතාවකගේ, ජීවිතවලට සම්බන්ධ වටිනා දේවල් ආරක්ෂා කර දීම අපගේ වගකීමක්. මේ හැමදේම අතරින් අපිට වඩාත් වටින්නේ අපගේ දරුවන්. වර්තමානයේදී දරුවන්ගේ ජීවිත වලට දැඩි අවධානමක් එල්ල වී ඇත්තේ  මහමග ගමන්කිරීමේදියි. ළමයින් සම්බන්ධ මාර්ග අනතුරු අපට නිරන්තරයෙන්ම අහන්න ලැබෙන අවාසනාවන්ත තත්වයක්. වගකිවයුතු ආයතනික පුරවැසියෙකු මෙන්ම රක්ෂණ නිලධරයෙකු ලෙස, අපගේ දරුවන් ආරක්ෂා කිරීම අපගේ සමාජ වගකීමක් බව අප සෑම විටම විශ්වාස කරනවා.  ශ්‍රී ලංකා පොලිසිය සමඟ එකතුවෙලා මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට හේතු සාධක වුණේ එ් සමාජ වගකීමයි.  ශ්‍රී ලංකාවේ මාර්ගවල සිදුවන අනතුරු අවම කිරීම සඳහා හැකි උපරිම සහයෝගය ලබා දෙමින් ළමා ආරක්ෂණ හිස්වැසුම් ලබාදීම සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ මෙම වැඩසටහන් ඉදිරියටත් අඛණ්ඩව පවත්වාගෙන යාමට අපි බලාපොරොත්තු වෙනවා.”

මෙම කර්තව්‍යය පිළිබඳව අදහස් දැක්වූ ප්‍රධාන අලෙවි නිලධාරී මංගල බණ්ඩාර මහතා සඳහන් කර සිටියේ  “ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත ජනතාවකගේ, ජීවිතවලට සම්බන්ධ වටිනා දේවල් ආරක්ෂා කර දීම අපගේ වගකීමක්. මේ හැමදේම අතරින් අපිට වඩාත් වටින්නේ අපගේ දරුවන්. වර්තමානයේදී දරුවන්ගේ ජීවිතවලට දැඩි අවදානමක් එල්ල වී ඇත්තේ  මහමග ගමන් කිරීමේදී වීම දැක ගන්න හැකියි. ළමයින් සම්බන්ධ මාර්ග අනතුරු අපට නිරන්තරයෙන්ම අහන්න ලැබෙන අවාසනාවන්ත තත්වයක්. වගකිව යුතු ආයතනික පුරවැසියෙකු මෙන්ම රක්ෂකයෙකු ලෙස, අපගේ දරුවන් ආරක්ෂා කිරීම අපගේ සමාජ වගකීමක් බව අප සෑම විටම විශ්වාස කරනවා.  ශ්‍රී ලංකා පොලිසිය සමඟ එකතුවෙලා මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට හේතු සාධක වුණේ එ් සමාජ වගකීමයි.  ශ්‍රී ලංකාවේ මාර්ගවල සිදුවන අනතුරු අවම කිරීම සඳහා හැකි උපරිම සහයෝගය ලබා දෙමින් ළමා ආරක්ෂණ හිස්වැසුම් ලබාදීම සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ මෙම වැඩසටහන් ඉදිරියටත් අඛණ්ඩව පවත්වාගෙන යාමට අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.

මෙම සමාජ කාර්යයේදී, 2022 නොවැම්බර් 23 වන දින අලියාන්ස් ලංකා කළුතර, හැටන්, මැදවච්චිය, නිකවැරටිය, කුලියාපිටිය, කලවාන, අකුරැස්ස සහ චුන්නාකම් යන ශාඛාවලද, 2022 නොවැම්බර් මස 25 වන දින, මොණරාගල, නුවරඑළිය, අනුරාධපුර, පුත්තලම, හොරණ, ගම්පහ, මතුගම සහ මඩකලපුව යන ශාඛාවලද, 2022 නොවැම්බර් 28 වන දින කිලිනොච්චිය, තිස්සමහාරාමය, මහියංගනය, හිඟුරක්ගොඩ, කෑගල්ල, කහවත්ත, පිළියන්දල සහ බණ්ඩාරගම ශාඛාවලද සිය ප්‍රදේශවල පාසල් ළමුන් සඳහා හිස්වැසුම් 50 බැගින් බෙදාහැරීමට කටයුතු කරන ලදී.

අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සහ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ්, ඒකාබද්ධව අලියාන්ස් ලංකා ලෙස හැඳින්වේ. මෙම සමාගම් ජර්මනියේ මියුනිච් හි රක්ෂණ සහ වත්කම් කළමනාකරණ සේවා සපයමින් ගෝලීය මූල්‍ය සේවා සැපයුම්කරුවෙකු වන අලියාන්ස් SE හි පූර්ණ අනුබද්ධිත සමාගම් වේ. අලියාන්ස් සමූහයේ සාර්ථකත්වයේ රහස, ඔවුන්ටම අනන්‍ය වූ ගෝලීය ශක්තිය, ශක්තිමත් ප්‍රාග්ධනීකරණය, දේශීය විශේෂඥතාව සහ ව්‍යාපාරික දැනුම සමඟ සම්බන්ධ වීමේ හැකියාවයි.

  • Ada Derana BIZ Sinhala
  • Allianz Lanka
  • sri lanka

අලියාන්ස් ලංකා සම්මාන උළෙලේදී විකුණුම් අංශයේ විශිෂ්ටයන් රැසකට සම්මාන

September, 5, 2022

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගම් අතරින් එකක් මෙන්ම ජාත්‍යන්තර අලියාන්ස් සමූහ ව්‍යාපාරයේ සාමාජිකයෙකු වන අලියාන්ස් ලංකා සමාගමේ වාර්ෂික සම්මාන උළෙල 2022 අගෝස්තු 16 දින “Wings of Growth” යන තේමාව යටතේ Monarch Imperial හිදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විනි. මෙහිදී 2021 වසර තුළ විශිෂ්ටතම දක්ෂතා පෙන්නුම් කළ, සමාගමේ විකුණුම් අංශයේ සාමාජික සාමාජිකාවන් පිරිසකට සම්මාන ප්‍රදානය කිරීම සිදු විය. අලියාන්ස් වාර්ෂික සම්මාන උළෙල යනු අලියාන්ස් ඉන්ෂුවරන්ස් විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන උත්සව අතරින් ප්‍රමුඛතම උත්සවයක් වන අතර, සමාගමේ ඉහළ කළමනාකාරීත්වයට අමතරව අලියාන්ස් සමූහයේ ආසියා පැසිෆික් කලාපයේ ප්‍රධාන පෙළේ නියෝජිතයන්ද එයට සහභාගී වෙති.

මෙවර සම්මාන උළෙලේදී අලියාන්ස් ලංකා සමාගමේ විකුණුම් අංශයේ විශිෂ්ටයන් 157 දෙනෙකුට සම්මාන, සහතික සහ මුදල් ත්‍යාග හිමි විය. මෙහි ශූරතා සම්මානයන් හිමි කර ගැනීමට  නිහාල් ෂෙරීඩන් ප්‍රනාන්දු (ජීවිත රක්ෂණ) සහ විනෝග කේශව සභානායක (සාමාන්‍ය රක්ෂණ) සමත් විය. අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් හි සභාපති ඇලන් ස්මී සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතර, විකිණුම් කළමනාකරණ, ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව සහ නායකත්වය කණ්ඩායම් වල සාමාජික සාමාජිකාවෝ රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

සම්මාන උළෙල ඇමතූ අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් හි ප්‍රධාන විධායක නිලධාරී ගානි සුබ්‍රමනියම් මහතා සඳහන් කර සිටියේ “අද දිනයේ අපි අපගේ විකුණුම් කණ්ඩායම් හි විශිෂ්ටතම සාමාජික සාමාජිකාවන්ගේ දක්ෂතා මෙලෙස ඇගයීමට ලක් කරනවා.  ගෝලීය මට්ටමේ වසංගත තත්ත්වයක් හේතුවෙන් බරපතළ අභියෝග වලට මුහුණ දීමට වසරක් වූ 2021 වසර තුළදී ඔවුන් පෙන්නුම් කළ උනන්දුව හා කැපවීම මෙලෙස ඇගයීමට ලක් කිරීමට හැකිවීම මහත් සතුටක්. ඒ උනන්දුව හා කැපවීම අප හදවතින්ම අගය කළ යුතුයි. තම වගකීම් විශිෂ්ට ලෙස ඉටුකරමින් ඔවුන් අලියාන්ස් සමාගම ශ්‍රී ලංකාවේ අංක එකේ රක්ෂණ සමාගම් අතර රැඳවීමට කටයුතු කළා. මෙම ජයග්‍රහණයන් වෙනුවෙන් ඔවුන්ට සුබ පැතීමටත්, ඔවුන් ආදර්ශයට ගනිමින් සෑම විටම විශිෂ්ටත්වය හඹා යාමට අපගේ සාමාජික සාමාජිකාවන් සියලුම දෙනා දිරිගැන්වීමටත් මා මෙය අවස්ථාවක් කර ගන්නවා.” යනුවෙනි.

එමෙන්ම සම්මාන උළෙල ඇමතූ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් හි ප්‍රධාන විධායක නිලධාරී ජයලාල් හේවාවසම් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ “COVID-19 රෝග ව්‍යාප්තිය නිසා 2021 වසරේදී අපට අභියෝග රාශියකට මුහුණ දීමට සිදු වුණා. ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන අතර පාරිභෝගික තෘප්තිය සහතික කිරීම සඳහා, එළඹෙන තත්ත්වයන්ට අනුකූලව හැඩගැසීමට අපට සිදු වුණා. එහෙත් අපගේ කණ්ඩායමේ විශිෂ්ටත්වය නිසා, අපගේ ව්‍යාපාර කටයුතු පෙරටත් වඩා දියුණු කර ගැනීමට අපට හැකි වී තිබෙනවා. ඔවුන්ගේ උද්‍යෝගීමත් බව නිසා, බාධාවන් අවස්ථාවන් බවට පරිවර්තනය කර ගැනීමට අපට හැකි වුණා. දැන් අප 2022 වසරේ ආර්ථික අර්බුදය තුළින් පැනනගින අභියෝග ජයගැනීමටත් හොඳින් සූදානම්. එකට එක්වී, ගරුත්වය හා කැපවීම පෙරදැරිව, ජීවිතයේ වටිනාම දේ වලට රැකවරණය ලබාදීම සඳහා අප කටයුතු කරමින් සිටිනවා.” යනුවෙනි.

අලියාන්ස් ලංකා ලෙස හඳුන්වනු පොදුවේ ලබන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම (Allianz Insurance Lanka Ltd.) සහ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ^Allianz Life Insurance Lanka Ltd.& ජාත්‍යන්තර Allianz SE හි පූර්ණ අයිතිය යටතේ පවතින අනුබද්ධ සමාගම් ලෙස ක්‍රියාත්මක වේ. ප්‍රධාන වශයෙන් රක්ෂණ සහ වත්කම් කළමනාකරණ ක්ෂේත්‍ර වල ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සමූහ ව්‍යාපාරයක් වන Allianz SE හි ප්‍රධාන කාර්යාලය ජර්මනියේ මියුනිච් නගරයේ පිහිටා ඇත. ජාත්‍යන්තර අලියාන්ස් සමූහ ව්‍යාපාරයේ ශක්තිය සහ අලියාන්ස් ලංකා හි දේශීය විශේෂඥ දැනුම හා පළපුරුද්ද එක්තැන් වීම, අලියාන්ස් සමාගමට ශ්‍රී ලංකාව තුළ මෙබඳු සාර්ථකත්වයක් අත්පත් කර ගැනීමට මහෝපකාරී වී තිබේ.

  • Ada Derana BIZ Sinhala
  • Allianz Lanka
  • sri lanaka

අලියාන්ස් ලංකා සිය ව්‍යාපාර සංවර්ධන ජාලය පුළුල් කිරීමේ අරමුණින් යුතුව ක‍්‍රමෝපායික මෙහෙයුම් දියත් කරයි

July, 27, 2022

ගෝලීය Allianz සමූහයේ සාමාජිකයෙකු වන අලියාන්ස් ලංකා සමාගම, තම අනාගත සංවර්ධනය සහ ආයෝජනය තුළින් වෙළඳපොළ විනිවිද යාමේ අරමුණු උදෙසා දීපව්‍යාප්ත ව්‍යාපාර සංවර්ධන කාර්යාල ජාලය සහ ශාඛා ජාලය තවදුරටත් පුළුල් කිරීමේ වැඩසටහනක් ක‍්‍රියාවට නංවා තිබේ. එමෙන්ම දිවයිනේ ක‍්‍රමෝපායික ස්ථානයන් හි නව ව්‍යාපාර සංවර්ධන කාර්යාලයන් විවෘත කිරීමේ ක‍්‍රමවේදයක් අලියාන්ස් ලංකා විසින් අනුගමනය කරන අතර ඒ අනුව නාඋල සහ කලවංචිකුඩි යන ප‍්‍රදේශ වල නව ව්‍යාපාර සංවර්ධන කාර්යාල දෙකක් විවෘත කර ඇති අතර, ඉදිරියේදී ගොඩගම සහ දිගන යන ප‍්‍රදේශ වල තවත් කාර්යාල දෙකක් විවෘත කිරීමට සැලසුම් කර ඇත. මෙම නව කාර්යාල පිහිටුවීම තුළින් අලියාන්ස් ලංකා හට දැනටමත් කාර්යාල පිහිටා ඇති මහරගම, මහවැව, පාදුක්ක, කැලණිය මීගොඩ සහ වත්තල ප‍්‍රදේශයන් ඒකාබද්ධ කිරීමට හැකි වනු ඇත. ව්‍යාපාර සංවර්ධන කාර්යාලයන් මගින් ව්‍යාපාරයන්හි නිෂ්පාදනයන්, සේවාවන් සහ මෙහෙයුම් පිළිබඳව අධ්‍යයනය කිරීමට හැකියාව ලැබෙන අතරම සහ නව ක‍්‍රමෝපාය, අදහස් තුළින් ව්‍යාපාරයේ සංවර්ධනය ඉහළ නැංවෙන අතරම පාරිභෝගික භවතුන් වෙත වැඩි වටිනාකමක් ලබා දීමද සිදුවනු ඇත.

සමාගමේ මෙම ක‍්‍රමෝපායික පුළුල් ව්‍යාප්ත කිරීමේ මෙහෙයුම පිළිබඳව අදහස් දැක්වූ ප‍්‍රධාන අලෙවි නිලධාරී ඩෙනිස් හේවාගම මහතා සඳහන් කර සිටියේ ”අභියෝගකාරී ආර්ථික තත්ත්වයන් හමුවේ පවා තිරසාර වර්ධනයක් කරා සමාගම මෙහෙයවීමට එහි කළමනාකාරීත්වය සමත් වී ඇති බවයි. මේ වර්ධනය අඛණ්ඩව පවත්වා ගැනීමේ අරමුණින්, අපගේ ව්‍යාපාර කටයුතු දිවයින පුරාම ව්‍යාප්ත කිරීම සඳහා මේ ක‍්‍රමෝපායික වැඩසටහන අප ආරම්භ කළා. ව්‍යාපාර සංවර්ධන කාර්යාල වැඩි කිරීම මෙහි එක් පියවරක්. මෙමගින් එක් අතකින් ගනුදෙනුකරුවන්ට විශාල පහසුවක් අත්වන අතර, අනෙක් අතින් අපගේ ව්‍යාපාර සංවර්ධන කණ්ඩායම් වලට මෙම ප‍්‍රදේශ වල නව ගනුදෙනුකරුවන් ආකර්ෂණය කරගැනීමට අවස්ථාවක් ලැබෙනවා. දිවයින පුරා ක‍්‍රමෝපායික වශයෙන් වැදගත් ස්ථානවල ක‍්‍රියාකාරී ව්‍යාපාර සංවර්ධන කාර්යාල පිහිටා තිබීම, ගෝලීය වශයෙන් පිළිගත් සන්නාමයක් යටතේ වැඩ කිරීමට කැමති පළපුරුදු රක්ෂණ නියෝජිතයන් සමඟ එක්ව කටයුතු කිරීමට අපට වැඩි වැඩියෙන් අවස්ථාවන් සලසා දේවි. මේ සියල්ල, එක් අතකින් ගනුදෙනුකරුවන්ට ඉමහත් පහසුවක් සලසන අතරම, අනෙක් අතින් අදාළ ප‍්‍රදේශ වල ජනතාවට නව රැකියා සහ ජීවනෝපාය මාර්ග රැසක්ද උදාකර දෙනු ඇති බවට සැකයක් නැහැ.” යනුවෙනි.

මෙම නව ක‍්‍රියවලිය සමග අලියාන්ස් ලංකා හි ක‍්‍රමෝපායික පුළුල් ව්‍යාප්ත මෙහෙයුම තුළින් දිවයින පුරා ශාඛා ජාලය ශක්තිමත් කිරීම වෙනුවෙන් සමාගම ආයෝජනය කිරීම සිදු කරන අතරම සියලූම ශ‍්‍රීලාංකිකයන් හට රක්ෂණය වෙත පහසුවෙන් පිවිසීමටද හැකියාව සැලැස්වීම සිදු කරයි. මේ වනවිට එම සමාගම ශ‍්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම සමාගමක් ලෙස පවතින අතර ජිවිතයේ වටිනාම දෑ උදෙසා රැකවරණය ලබා දීම මෙන්ම පවතින සබඳතා වර්ධනය කර ගන නව සම්බන්ධතා ගොඩනංවා ගනිමින්, සියලූම දෙනාට නව ආර්ථික හා සමාජයීය අවස්ථා උදාකර දෙමින් ඉදිරියටම යාම අලියාන්ස් ලංකා සමාගමේ ඉලක්කය වී තිබේ.

අලියාන්ස් ලංකා ලෙස හඳුන්වනු පොදුවේ ලබන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම (Allianz Insurance Lanka Ltd) සහ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා (Allianz Life Insurance Lanka Ltd) ජාත්‍යන්තර Allianz හි පූර්ණ අයිතිය යටතේ පවතින අනුබද්ධ සමාගම් ලෙස ක‍්‍රියාත්මක වේ. ප‍්‍රධාන වශයෙන් රක්ෂණ සහ වත්කම් කළමනාකරණ ක්ෂේත‍්‍ර වල ක‍්‍රියාත්මක වන ජාත්‍යන්තර සමූහ ව්‍යාපාරයක් වන Allianz හි ප‍්‍රධාන කාර්යාලය ජර්මනියේ මියුනිච් නගරයේ පිහිටා ඇත. ජාත්‍යන්තර අලියාන්ස් සමූහ ව්‍යාපාරයේ ශක්තිය සහ අලියාන්ස් ලංකා හි දේශීය විශේෂඥ දැනුම හා පළපුරුද්ද එක්තැන් වීම, අලියාන්ස් සමාගමට ශ‍්‍රී ලංකාව තුළ මෙබඳු සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට මහෝපකාරී වී තිබේ.

  • Ada Derana BIZ Sinhala
  • Allianz Lanka
  • Nations Trust Bank
  • sri lanaka

බැංකු රක්ෂණ සේවාවන් උදෙසා අලියාන්ස් ලංකා නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමග අත්වැල් බැඳ ගනියි

June, 17, 2022

අලියාන්ස් ලංකා සමාගම නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමග එක්වී සාමාන්‍ය රක්ෂණ සේවාවන් සඳහා සුවිශේෂී බැංකු රක්ෂණ සේවා ගිවිසුමකට පසුගියදා අත්සන් තැබී ය. මෙමගින් ගනුදෙනුකරුවන් වැඩි පිරිසක් වෙත තම රක්ෂණ සේවා විසඳුම් සමීප කරවීමට අලියාන්ස් ලංකා සමාගමට හැකිවන අතර, මෙය දෙපාර්ශ්වයටම ප්‍රතිලාභ රාශියක් හිමිකර දෙන එකඟතාවක් වනු ඇත. වසර 3 ක කාලයක් පුරා දිවෙන මෙම හවුල්කාරීත්වයට ශ්‍රී ලංකාවේ විශාලතම බැංකු සාමන්‍ය රක්ෂණ හවුල්කාරීත්වය බවට පත්වීමේ හැකියාව පවතී. මෙම ගිවිසුම යටතේ නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් අලියාන්ස් ලංකා සමාගමේ මෝටර් රථවාහන රක්ෂණ සහ අනෙකුත් රක්ෂණ මිලදී ගැනීමට අවස්ථාව හිමි වේ. එමෙන්ම ඔවුන්ට විශේෂ වාරික අනුපාත සහ තවත් ප්‍රතිලාභ හා වරප්‍රසාද රාශියක්ද හිමි වනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අලියාන් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් හි ප්‍රධාන විධායක නිලධාරී ගානි සුබ්‍රමනියම් මහතා පවසා සිටියේ “බැංකු රක්ෂණ සඳහා නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමග හවුල්කාරිතත්වයක් ඇති කර ගැනීමට හැකි වීම පිළිබඳව අප ඉතා සතුටට පත් වන බවය. අපට හැකි පරිද්දෙන් වටිනාකම් එකතු කරමින් ඩිජිටලීකරණය ඔස්සේ ක්‍රියාත්මක වෙමින් පාරිභෝගික භවතුන් වෙත බාධාවකින් තොරව පහසු සේවා අත්දැකීමක් ලබා දීමට  අපගේ වටිනාකම් සහ අරමුණු පෙළ ගස්වා ඇත. එමෙන්ම තවදුරටත් අපගේ සම්පත් එක් කරමින්එක්ව වැඩ කිරීම තුළින් අප සමාගම් ද්විත්වයටම අපගේ පාර්ශ්වකරුවන් වෙත සුවිශේෂී අගයක් ලබා දීමට හැකි වනු ඇත. එමෙන්ම මෙම හවුල්කාරීත්වය ඔස්සේ ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් රක්ෂණ විසඳුම් ලබාගැනීමට හැකිවනු ඇතැයි කියා අප බලාපොරොත්තු වනවා.” යනුවෙනි.

අලියාන්ස් ලංකා සමාගමේ රථවාහන රක්ෂණ හිමියන්ට රථවාහන සඳහා පුළුල් ආවරණයක් සමග රු. මිලියන 5 ක් වටිනා පෞද්ගලික හදිසි අනතුරු ආවරණයක් වැනි විශේෂ ප්‍රතිලාභ එකතුවක්ද, නොමිලේ ගංවතුර සහ ස්වාභාවික අනතුරු ආවරණ, ලීසිං/හයර් පර්චස් ගිවිසුම්, එයාර් බෑග් ආවරණ සහ කුලී රථ වියදම් ප්‍රතිපූරණය ඇතුළු සම්මත ප්‍රතිලාභ රාශියක්ද හිමි වේ. මීට අමතරව හදිසි ප්‍රතිකාර වියදම්, රථවාහන වීදුරු ආවරණය, රථයේ ගමන් කරන දරුවන් සඳහා රැකවරණය, භාණ්ඩ ආවරණයක්, හදිසි අනතුරකදී ලීසිං වාරික සහ නවාතැන් වියදම් ප්‍රතිපූරණය ඇතුළු තවත් ප්‍රතිලාභ රැසක්ද ඔවුන්ට හිමිවනු ඇත. අනතුරකින් පසුව රථය අලුත්වැඩියා කිරීමේදී, හවුල්කාර නඩත්තු මධ්‍යස්ථාන මෙන්ම බාහිර නඩත්තු මධ්‍යස්ථාන වෙතින්ද විශේෂ වරප්‍රසාද හිමි වේ.  “Click and Go” අලුත්වැඩියාවන්, හවුල්කාර නඩත්තු ස්ථාන වෙතින් වගකීමක් සහිතව අලුත්වැඩියාව කරගැනීමේ අවස්ථාව, හිමිකරුගේ ගිණුමින් මුදල් අයකර ගැනීමක් සිදු නොවීම සහ හවුල්කාර නඩත්තු ස්ථාන වෙතින් වාහන ඇදගෙන යාමේ සේවාව නොමිලේ හිමිවීම ආදිය මෙම වරප්‍රසාද අතරට ඇතුළත් ය. රථවාහන නොවන රක්ෂණ හිමි ගනුදෙනුකරුවන්ටද සුවිශේෂී ප්‍රතිලාභ රාශියක් පිරිනැමීමට සැලසුම් කර තිබේ.

මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දැක්වූ නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි හේමන්ත ගුණතිලක මහතා අදහස් දක්වමින් පවසා සිටියේ “බැංකු රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වූ අලියාන්ස් ලංකා සමග හවුල්කාරිත්වයක් ඇති කර ගැනීමට අවස්ථාවක් ලැබීම පිළිබඳව මහත් සතුටට පත් වන බවය. ඩිජිටල් පරිවර්තනයක් කරා ගමන් කරමින් සිටින බැංකුවක් ලෙස අපගේ පාරිභෝගික භවතුන් වෙත ප්‍රතිලාභ ලබා දීම උදෙසා අපගේ ඩිජිටල් බැංකුකරණ වේදිකාව සමග අලියාන්ස් හි ඩිජිටල් විසඳුම් ඒකාබද්ධ කිරීමට බලාපොරොත්තු වනවා. අපි අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ ලැබීය හැකි සම්බන්ධතාවයක් බලාපොරොත්තු වන අතරම මෙම හවුල්කාරිත්වය පිළිබඳව අපගේ පාර්ශ්වකරුවන් වෙත ඉතා සතුටින් දැනුම් දීමට කැමැත්තෙමි.” යනුවෙනි.

මෙම හවුල්කාරීත්වය තුළින් ගනුදෙනුකරුවන්ට අලියාන්ස් ලංකා සමාගමේ ඩිජිටල් රක්ෂණ සේවාවන් වෙතින් ලැබෙන ප්‍රතිලාභ සමග නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඩිජිටල් බැංකුකරණ සේවාවන්ගේ ප්‍රතිලාභ එකවර අත්විඳීමට සුවිශේෂී අවස්ථාවක් හිමි වේ. ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ ඩිජිටල්කරණයේ පුරෝගාමියෙකු වන අලියාන්ස් ලංකා සමාගම ඵහ Allianz App සහ Allianz eMotor Partner Portal සහ  Allianz Virtual Assessor ඇතුළු ඩිජිටල් නවෝත්පාදන රාශියක් දැනටමත් හඳුන්වා දී ඇත.

 

සේයාරූ සටහන : අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් හි ප්‍රධාන විධායක නිලධාරී ගානි සුබ්‍රමනියම් මහතා (වම් පස) සහ නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී හේමන්ත ගුණතිලක මහතා බැංකු රක්ෂණ සේවා (සාමන්‍ය රක්ෂණ) ගිවිසුම හුවමාරු කිරීම.