October, 7, 2022
අන්තර් භාණ්ඩ ආනයන වියදම, 2021 වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව, 2022 වසරේ අගෝස්තු මාසයේ දී සියයට 2.6කින් ඉහළ ගිය අතර, මේ සඳහා ප්රධාන වශයෙන් ඉන්ධන, රෙදිපිළි හා රෙදිපිළි උපාංග (ප්රධාන වශයෙන් රෙදි වර්ග) සහ පොහොර (ප්රධාන වශයෙන් යූරියා) හේතු විය.
තවත 2022 අගොස්තු මාසයේ දී රසායනික නිෂ්පාදිත, දියමන්ති, අගනා ගල් වර්ග හා ලෝහ වර්ග (මූලික වශයෙන්, කාර්මික කටයුතු සඳහා යොදා ගන්නා දියමන්ති), කඩදාසි, ඝන කඩදාසි හා ඒ ආශ්රිත නිෂ්පාදිත, සහ රබර් හා ඒ ආශ්රිත නිෂ්පාදිත මත ආනයන වියදම ද 2021 අගෝස්තු මාසයට සාපේක්ෂව ඉහළ යෑමක් වාර්තා කළේය.
මේ අතර මූල ලෝහ (ප්රධාන වශයෙන් යකඩ හා වානේ), තිරිඟු, කෘෂිකාර්මික යෙදවුම් (ප්රධාන වශයෙන් සත්ත්ව ආහාර), රථවාහන හා යන්ත්රෝපකරණ කොටස් ඇතුළු වෙනත් බොහෝ අන්තර් භාණ්ඩවල කැපී පෙනෙන පහළ යෑමක් වාර්තා විය.
කෙසේ වෙතත් බොරතෙල්, පිරිපහදු කළ ඛනිජ තෙල් සහ ගල් අඟුරුවලින් සමන්විත ඉන්ධන ආනයන වියදම2022 වසරේ අගෝස්තු මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 389 ක් දක්වා සියයට 10.2 කින් (වාර්ෂික ලක්ෂ්යමය පදනම මත) ඉහළ ගිය අතර, බොරතෙල් සහ පිරිපහදු කළ ඛනිජතෙල් ආනයන පරිමාවන් පහළ ගියද, ආනයන මිල ගණන්වල සාමාන්ය ඉහළ යෑම, මෙම ඉහළ යෑම සඳහා හේතුවිය.
2021 වසරේ අගෝස්තු මාසයේ දී එක්සත් ජනපද ඩොලර් 74.88 ක් වූ බොරතෙල් බැරලයක ආනයන මිලෙහි සාමාන්ය, 2022 වසරේ අගෝස්තු මාසයේ දී එක්සත් ජනපද ඩොලර් 114.71 ක් විය.
ශ්රී ලංකා මහ බැංකුව විසින් ප්රකාශයට පත් කරන ලද 2022 අගෝස්තු මාසයේ විදේශීය අංශයේ ක්රියාකාරීත්ව වාර්තාවහෙි මේ බව සඳහන් වේ.
October, 6, 2022
2022 වසරේ අගෝස්තු මාසයේ දී ආනයන වියදම්, 2022 වසරේ ජූලි මාසයට සාපේක්ෂව ඉහළ යෑමක් වාර්තා වුවද, අඛණ්ඩව සයවන මාසයටත් වාර්ෂික ලක්ෂ්යමය පදනම මත පහළ ගියේය. විදේශ විනිමය ද්රවශීලතා හිඟය හමුවේ අත්යවශ්ය ආනයන සඳහා ප්රමුඛතාවය ලබා දීමේ අවශ්යතාවය සලකා බලමින්, රජය විසින් 2022 වසරේ අගෝස්තු මාසයේ දී හදිසි නොවන ආනයන සීමා කිරීමේ ක්රියාමාර්ග දැඩි කළ ද, 2022 වසරේ සැප්තැම්බර් මාසයේ දී එම සීමා තරමක් දුරට ලිහිල් කරන ලදී. මේ අතර, 2022 වසරේ අප්රේල් මාසයේ සිට නිරීක්ෂණය කරන ලද වර්ධන ප්රවණතාවය අඛණ්ඩව පවත්වා ගනිමින් අපනයන ඉපැයීම් 2022 වසරේ අගෝස්තු මාසයේ දී ඉහළ ගියේය.
එහි ප්රතිඵලයක් වශයෙන්, 2022 වසරේ අගෝස්තු මාසයේ දී වෙළඳ ගිණුමේ හිඟය පෙර වසරට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස පහළ යෑමක් වාර්තා කළේය. 2022 වසරේ ජූලි මාසයට සාපේක්ෂව, 2022 වසරේ අගෝස්තු මාසයේ දී සේවා නියුක්තිකයන්ගේ ප්රේෂණ ඉහළ ගියේය. සංචාරක ඉපැයීම් පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසදීමේ දී 2022 වසරේ අගෝස්තු මාසයේ දී වැඩිවීමක් වාර්තා කළේය.
2022 වසරේ අගෝස්තු මාසයේ දී රාජ්ය සුරැකුම්පත් වෙළඳපොළ වෙතින් විදේශ ආයෝජනයන්හි සුළු ශුද්ධ ගෙවීමක් වාර්තා කළ අතර, කොළඹ කොටස් වෙළඳපොළ වෙත විදේශ ආයෝජනයන්හි සුළු ශුද්ධ ලැබීමක් වාර්තා විය. ද්රවශීලි දළ නිල සංචිත මට්ටම අඩු වුව ද, අත්යවශ්ය ආනයන මූල්යකරණය සඳහා මහ බැංකුව විදේශ විනිමය ද්රවශීලතාව අඛණ්ඩව ලබා දුන්නේය. මේ අතර, අන්තර් බැංකු වෙළඳපොළේ බර තැබූ සාමාන්ය එතැන් විනිමය අනුපාතිකය මාසය තුළ දී එ.ජ. ඩොලරයට රුපියල් 361ක මට්ටමක පැවතුණි.

September, 27, 2022
ශ්රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව 2022 අගෝස්තු මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයනය ඉපැයීම් 10.24% කින් ඇමරිකානු ඩොලර් මිලියන 1,213.7 දක්වා වැඩි වී ඇත. මෙයට ප්රධාන වශයෙන් හේතු වූයේ ඇඟලුම් සහ රෙදිපිළි අපනයන ඉපැයීම් ඉහළ යාමයි.
මෙම තීරණාත්මක කාල පරිච්ඡේදය තුළ ශ්රී ලංකාවේ විදේශ විනිමය ඉපැයීම් වැඩි කිරීමට අපනයනකරුවන් දරන උත්සාහයට ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්රධාන විධායක, සුරේෂ් ඩී ද මෙල් මහතා සුබපැතුම් එක් කළේය. බාධාකාරී තත්වයන් යටතේ වුවද අපනයන කාර්යය පහසු කර ගැනීම සඳහා නොපසුබටව සහය ලබා දීම සම්බන්ධයෙන් අපනයන සංවර්ධන මණ්ඩලයේ කාර්ය මණ්ඩලයට සහ අනෙකුත් නියෝජිතායතනවලට ද සභාපතිවරයා සිය ස්තුතිය පුද කළේය.
මාසික වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය, 2020 - අගෝස්තු 2022 ඇ.ඩො. මිලියනවලින්

මූලාශ්රය: ශ්රී ලංකා මහ බැංකුව, ශ්රී ලංකා රේගු සහ ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය



සේවා අපනයනය
2022 ජනවාරි-අගෝස්තු කාලසීමාව සඳහා සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම ඩොලර් මිලියන 1,310.05 ක් වූ අතර එය 2021 අනුරූප කාල සීමාවට වඩා 5.58% කින් වැඩි විය. අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ඇස්තමේන්තු කර ඇති සේවා අපනයන තොරතුරු තාක්ෂණ (ICT), ව්යාපාර තත්ව කළමනාකරණය (BPM), ඉදිකිරීම්, මූල්ය සේවා, ප්රවාහන සහ සැපයුම්වලින් සමන්විත වේ.
September, 12, 2022
විදෙස්ගත ශ්රමිකයින් විසින් පසුගිය අගෝස්තු මාසයේ දී මෙරටට එවා ඇති ප්රේෂණ ප්රමාණය ඩොලර් මිලියන 325.4 ක් බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
මෙය 2022 මේ දක්වා කාලය තුළ තනි මාසයක් තුළ ලද වැඩිම ප්රේෂණ අගය වේ.
මේ අනුව 2022 වසරේ මුල් මාස 08 තුළ දී ලැබී ඇති සමස්ත ප්රේෂණ ප්රමාණය ඩොලර් මිලියන 2,214.8 ක් බව ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
කෙසේවෙතත් මෙය පසුගිය 2021 වසරේ මුල් මාස 08 හි ලැබී තිබුණු සමස්ත ප්රේෂණ අගය වූ ඩොලර් මිලියන 4,224.3 හා සැසඳීමේ දී 47.6% ක පහළ යාමකි.
2022 වසරේ එක් එක් මාසය තුළ ලද ප්රේෂණ වටිනාකම් පහත පරිදි වේ.
(ඩොලර් මිලියනවලිනි)
ජනවාරි - 259.2
පෙබරවාරි - 204.9
මාර්තු - 318.4
අප්රේල් - 248.9
මැයි - 304.1
ජූනි - 274.3
ජූලි - 279.5
අගෝස්තු - 325.4
Video Story