October, 6, 2022
විශේෂ ආධාර වැඩසටහනක් හරහා ශ්රී ලංකාවේ නිසි සුදුසුකම් සපුරාලන සුළු හා මධ්යම පරිමාණ ව්යාපාර වලට ERP (Enterprise Resource Planning) විසඳුම් ලබාදීම සඳහා, මෙරට ප්රමුඛතම ERP විසඳුම් සමාගමක් වන Bileeta සහ USAID CATALYZE Sri Lanka Private Sector Development (PSD) එක්ව කටයුතු කරමින් සිටී. මූල්ය ආයතන, සාමූහික ව්යාපාර, වෘත්තීය සංගම් සහ ක්ෂේත්රය සමග සම්බන්ධතා පවත්වාගෙන යන වෙනත් පාර්ශ්වයන් සමග ගොඩනංවා ගන්නා හවුල්කාරීත්වයන් යටතේ මෙම විසඳුම් ලබාදීම සිදුකෙරේ.
ශ්රී ලංකාවේ පෞද්ගලික අංශයට සාර්ථක ලෙස දියුණුව කරා යාමට මංපෙත් විවර කරදීම USAID CATALYZE Sri Lanka Private Sector Development (PSD) Activity PSD හි අරමුණ වී තිබේ. ශ්රම බලකාය තුළ සිටින කාන්තාවන් සවිබල ගැන්වීම, MSME කාණ්ඩයේ ව්යාපාර වල ශඛ්යතාවන් හා තරගකාරීත්වයන් නැංවීම තුළින් ආර්ථිකය සවිබල ගැන්වීම, එම කාණ්ඩයේ ව්යාපාර වලට මූල්ය පහසුකම් ලබාගැනීමට ඇති අවස්ථා වැඩිකිරීම සහ එම ව්යාපාර වලට අභියෝග වලට මුහුණ දීමට ඇති හැකියාව වැඩි කිරීම ආදිය මීට ඇතුළත් වී ඇත.
මෙරට ව්යාපාර අතරින් 52% ක්ම සුළු හා මධ්යම පරිමාණ ව්යාපාර වන නමුත් තාක්ෂණික දැනුම හා හැකියාවන් සීමිත වීම නිසා එම ව්යාපාර වලට දේශීය හා ජාත්යන්තර තරගකාරීත්වයට මුහුණ දෙමින් ඉදිරියට යාම දුෂ්කර වී තිබේ. මෙම හවුල්කාරීත්වය ඔස්සේ එම ව්යාපාර වලට විකුණුම් සහ ඉන්වොයිසි කටයුතු, තොග කළමනාකරණය, ගිණුම් හා මූල්ය කටයුතු, මිලදී ගැනීම් සහ වාර්තාකරණය යනාදී අංශ සඳහා නවීන තාක්ෂණය භාවිතා කිරීමට අත්වැලක් හිමිවනු ඇත.
මෙම හවුල්කාරීත්වයේ ආරම්භය වෙනුවෙන් Bileeta සහ PSD අතර හමුවක් පසුගියදා Aitken Spence Towers හි පිහිටි USAID CATALYZE Sri Lanka කාර්යාලයේදී පැවැත්විණි. PSD Activity Team Lead හුවාන් ෆොරේරෝ සහ Bileeta ප්රධාන විධායක නිලධාරී සංජී ද සිල්වා මෙම හමුවට සහභාගී වූහ.
“තාක්ෂණය නිසා ව්යාපාර වල ඉක්මන් දියුණුවක් ඇතිවෙන ආකාරය අප දැක තිබෙනවා. ශ්රී ලංකාවේ සුළු හා මධ්යම පරිමාණ ව්යාපාර වල දියුණුව ඉලක්ක කරගත් මෙවැනි වැඩසටහනක් වෙනුවෙන් PSD සමග අත්වැල් බැඳගැනීමට හැකිවීම අපට මහත් ගෞරවයක්. අන් කවරදාටත් වඩා දැන් මෙම ව්යාපාර වලට අපගේ සහයෝගය අවශ්යයි. එබැවින් මෙම ව්යාපාර වෙනුවෙන් ERP විසඳුම් හඳුන්වා දීමට හැකිවීම මහත් සතුටක්.” සංජී ද සිල්වා මහතා පැවසී ය.
“තිරසාර ලෙස වේගවත් දියුණුවක් කරා යාමට පෞද්ගලික අංශයට අවස්ථාව සලසා දීම වැදගත් බව USAID Catalyze විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් අප Bileeta සමග හවුල්කාරීත්වයකට එළඹෙමින්, රටේ මූල්ය ආයතන සහ මහා පරිමාණ සමාගම්ද සම්බන්ධ කරගෙන සුළු හා මධ්යම පරිමාණ ව්යාපාර වලට ඉහළම තලයේ ERP විසඳුම් ලබාදීමේ වැඩසටහනක් දියත් කළා.” PSD හි Activity Team Lead හුවාන් ෆොරේරෝ මහතා පැවසී ය.
ඡායාරූපය: USAID CATALYZE PSD Activity Team Lead හුවාන් ෆොරේරෝ මහතා Bileeta (Pvt) Ltd. හි ප්රධාන විධායක නිලධාරී සංජී ද සිල්වා මහතා සමග ගිවිසුම හුවමාරු කරගත් අවස්ථාව
(වමේ සිට) බර්නාඩ් අරුලානන්දම් (තාක්ෂණික විසඳුම් කළමනාකරු - SME Competitiveness - PSD), ඉනුරි ඉලේපෙරුම (අංශ කළමනාකාරිනී - SME Competitiveness - PSD), ජූඩ් ප්රනාන්දු (අධ්යක්ෂ - මූල්ය පහසුකම් - PSD), ඩැල්රීන් සෙනෙවිරත්න (Deputy Field Team Lead - PSD), සංඛ වීරසිංහ (ප්රධාන තාක්ෂණ නිලධාරී - Bileeta), හේමක අනුරුද්ධ (ජ්යෙෂ්ඨ ව්යාපාර විසඳුම් කළමනාකරු - Bileeta), ධනුෂ්කා වීරසිංහ (උපදේශක - වර්ධන ක්රමෝපාය - Bileeta), සහ ඉනෝකා රණතුංග (ව්යාපෘති ක්රමෝපායවේදී/සම්බන්ධීකාරිකා - Bileeta) යන මහත්ම මහත්මීහුද ඡායාරූපයෙහි වෙති.
June, 29, 2022
ශ්රී ලංකාවේ ප්රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සිය කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයින්ට (SME) දැරිය හැකි මිලකට අති නවීන ERP (Enterprise Resource Planning - ව්යවසාය සම්පත් සැලසුම්කරණ) විසඳුම් ලබා දීම සඳහා මෙරට ERP ක්ෂේත්රයේ ප්රමුඛයෙකු වන Bileeta Ltd සමඟ ඇති හවුල්කාරිත්වය පසුගියදා නැවත අලූත් කළේය.
HNB සහ Bileeta Ltd අතර ඇතිකරගත් මෙම සුවිශේෂී සහයෝගීතාවය මගින් බැංකුවේ කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයින් හට විකුණුම් සහ මූල්ය විගණනය, තොරතුරු පවත්වාගෙන යන ලේඛන කළමනාකරණය, ප්රසම්පාදන, සේවා කළමනාකරණය, ස්ථාවර වත්කම් කළමනාකරණය සහ නිෂ්පාදනය වැනි ඔවුන්ගේ විවිධ ව්යාපාරික කටයුතු විධිමත්ව කරගෙන යාමටත් දිගුකාලීන වශයෙන් කාර්යක්ෂමතාව හා ඵලදායීතාවය කළමනාකරණය කර ගැනීමටත් හැකි වේ. HNB ප්රධාන කාර්යාලයේදී පැවති විශේෂ උත්සවයකදී HNB පාරිභෝගික සහ කුඩා හා මධ්ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්ය සාමාන්යාධිකාරී, සන්ජේ විජේමාන්න සහ Bileeta ප්රධාන විධායක නිලධාරී, සංජි ද සිල්වා යන මහත්වරුන් ගේ සහභාගීත්වයෙන් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුවේය.
මෙම හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දක්වමින් HNB පාරිභෝගික සහ කුඩා සහ මධ්ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්ය සාමාන්යාධිකාරී, සන්ජේ විජේමාන්න මහතා පැවසුවේ ”තාක්ෂණය යනු සංවිධාන මෙන්ම ලෝක ආර්ථිකයන් පවා ගොඩ නැගීමට සහ ඉහළට ඔසවා තැබීමට සමත් අත්යවශ්ය සාධකයක්. ඒ හරහා සමාගම්වලට නිසි දැනුම, විශේෂඥතාව සහ උපාය මාර්ග සමඟ අභ්යන්තර සහ බාහිර සම්බන්ධතා පුළුල් කරගත හැකි අතර ආදායම් සහ ව්යාපාරකරණය තුළ ඔවුන්ගේ ඉහළම හැකියාවන් වෙත ලගා වීමට අවශ්ය දායකත්වය ලබාගත හැකියි.”
”මෙය සිහිතබා ගනිමින් රටේ කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයන්ට ERP පද්ධති පිළිබඳ දැනුම සහ භාවිතය සම්බන්ධයෙන් අවශ්ය සහයෝගය ලබා දීමට අප ෑඍඡු ක්ෂේත්රයේ ප්රමුඛයා වන Bileeta සමඟ එක් වුනා. ජාතික ආර්ථිකයට ප්රබල දායකත්වයක් ලබාදෙන කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයන් වෙත අන්කවරදාටත් වඩා දැන් අපගේ සහාය අවශ්යයි. Bileeta සමඟ ඇති කරගත් අපගේ හවුල්කාරිත්වය මූල්යමය වශයෙන් පිරිවැය කළමනාකරණය උදෙසා තාක්ෂණය සක්රීය කිරීම කෙරෙහි විශාල සහයෝගයක් ලබා දෙනවා. අපගේ රටේ ආර්ථිකය සවිබල ගැන්වීම වෙනුවෙන් තම නොමද දායකත්වය ලබාදෙන බිම් මට්ටමේ සිටින කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයින්ට අස්වැසිල්ලක් වන මෙවැනි සුවිශේෂ මුලපිරීම් ඉදිරියටත් හඳුනාගෙන ක්රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.
ඒ අනුව ENTUTION ERP Solution ලෙස නම් කර ඇති ERP වේදිකාව වෙළෙඳපොළට හඳුන්වා දීමටත් එම පද්ධතිය නිසි අයුරින් කි්රයාත්මක වන්නේ කෙසේදැයි ආදිය පිළිබඳ දැනුම ලබා දීමටත් HNB සහ Bileeta එක්ව කටයුතු කරන බව සහතික වෙයි.
මෙම හවුල්කාරිත්වය හරහා HNB හි පාරිභෝගිකයින්ට පුහුණුව සහ ඇතුල්වීමේ ගාස්තු නොමැතිව විශේෂ අඩු කළ මිලකට මෙම විසඳුම ලබා ගැනීමට ද හැකියාව ලබා දෙයි. එමෙන්ම තාක්ෂණික සහාය අවශ්ය SME ව්යවසායකයින් හඳුනා ගැනීම හා ඔවුන්ව සම්බන්ධ කරගෙන සියලූම කලාපවලට මෙම විසඳුම් හඳුන්වා දීමටත් එමගින් SME ව්යවසායකයින්ගේ ප්රමිතීන් ඉහළ නැංවීමට අරමුණු කරගනිමින් බැංකුව Bileeta සමඟ එක්ව කටයුතු කරනු ඇත.
”සංවිධානවල ඉතා වේගවත් හා විප්ලවීය වර්ධනයක් තාක්ෂණය තුළින් සිදු කිරීමට හැකි බව අප දැක තිබෙනවා. කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාරික ප්රජාවට මෙවැනි බලපෑමක් ඇති කිරීමට HNB සමඟ හවුල් වීමට ලැබීම සැබවින්ම අපට ගෞරවයක්. SME ව්යවසායකයින්ට අන්කවරදාටත් වඩා දැන් අපගේ සහය අවශ්යයි. ඒ වෙනුවෙන් ERP විසඳුම් පිළිබඳ අපගේ ඇති ප්රවීණත්වය තුළින් ඔවුන්ව තාක්ෂණික වශයෙන් සවිබල ගැන්වීමට අවශ්ය සහයෝගය ලබා දීමට හැකිවීම ගැන අපි නිහතමානීව ආඩම්බර වෙනවා. එමෙන්ම HNB සමඟ එක් වීම හේතුවෙන් SME ව්යවසායකයින්ට ඔවුන්ගේ මෙහෙයුම් බාධාවකින් තොරව කරගෙන යාමට, අතමිට සරුසාර කරගැනීමට හා ලාභ ලැබීමටත් සමස්තයක් ලෙස රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත් අපට දැන් හැකි වෙනවා. කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයන්ට අත්වැළක් වීම උදෙසා අපට මෙම අවස්ථාව ලබා දීම ගැන අපි HNB හට ස්තූතිවන්ත වෙනවා.” යනුවෙන් Bileeta ප්රධාන විධායක නිලධාරී සංජි ද සිල්වා මහතා පැවසුවේය.
මෙම හවුල්කාරීත්වය පිළිබඳ වැඩි විස්තර 0112661771 ඔස්සේ HNB නෙත්මිණි සහ 077439960 ඔස්සේ Bileeta නෙරුෂාන් ඇමතීමෙන් ලබා ගත හැකිය.
HNB මෑතකදී පාරිභෝගික බැංකුකරණයේ ශ්රී ලංකාවේ ප්රමුඛයා ලෙස නැවතත් සිය විශිෂ්ටත්වය සනිටුහන් කරමින් ඒෂියන් බෑන්කර් සඟරාව විසින් පැවැත්වූ 2022 කීර්තිමත් ජාත්යන්තර පාරිභෝගික මූල්ය සේවා සම්මාන උළෙලේදී 12 වැනි වරටත් ශ්රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙසින් අභිසෙස් ලැබීය.
බැංකුව විසින් දියත් කළ අති සාර්ථක බැංකු මූල්ය නිෂ්පාදනයක් වන HNB FIT, Asian Digital Finance Forum and Awards හිදී ‘විශිෂ්ටතම loT මුලපිරීම’ ලෙස ඇගයීමට ලක් විය. Asian FinTech Academy (AFTA) විසින් සත්කාරකත්වය සපයනු ලබන මෙම සම්මාන උළෙල ඩිජිටල්කරණය තුළ නවෝත්පාදනයන් හඳුන්වාදෙන සංවිධාන සහ බලපෑම්කාරී පුද්ගලයින් හඳුනාගෙන ඇගයීමට ලක් කරනු ලබයි.
ඡායාරූපය: HNB පාරිභෝගික සහ කුඩා හා මධ්ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්ය සාමාන්යාධිකාරී, සන්ජේ විජේමාන්න (වමේ සිට හතරවැනියා) සහ Bileeta (Pvt) LTd, ප්රධාන විධායක නිලධාරී සංජි ද සිල්වා (දකුණේ සිට හතරවැන්නා) යන මහත්වරුන් අදාල අවබෝධතා ගිවිසුම හුවමාරු කර ගනිමින්. HNB සහ Bileeta යන ආයතන නියෝජනය කරමින් පැමිණි ජ්යෙෂ්ඨ නිළධාරීන් රැසක් ද ඡායාරූපයේ සිටී.
Video Story