October, 19, 2022
කොකා කෝලා ශ්රී ලංකා විසින් "බිග් බඞී පැක්” ලෙස නම් කර ඇති විශාල ආපසු භාරදිය හැකි වීදුරු බෝතල් (LRGB) නව මුහුණුවරකින් සහ නැවුම් පෙනුමකින් අත්දැකීම වැඩිදියුණු කිරීමට සහ පාරිභෝගිකයින්ට දැරිය හැකි විකල්පයක් ලබා දීමට හඳුන්වා දෙයි. නව බිග් බඞී බෝතලය සාක්කුවට මෙන්ම පරිසරයටද යහපත් වන පරිදි ස්ථානගත කර ඇත.
කොකා-කෝලා වීදුරු බෝතලය ලෝකයේ වඩාත්ම ප්රචලිත හැඩයන්ගෙන් එකක් වන්නේ එහි ඇති සමෝච්ඡ දාර සහිත මුහුණුවර නිසාය. එය සම්භාව්ය නිර්මාණයක් ලෙස ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක්ව ඇති අතර දශක ගණනාවක් තිස්සේ කලාව, සංගීතය සහ වෙළඳ ප්රචාරණය තුළ මෙම හැඩය සමරනු ලබයි. සමෝච්ඡ හැඩැති බෝතලය සැමවිටම කොකා-කෝලා සමඟ සම්බන්ධ වන නමුත් සමාගම සිය පාරිභෝගික අවශ්යතා සපුරාලීම සඳහා නව්යකරණයන් සහ පරිණාමය කිරීම දිගටම කරගෙන යයි.
සහසම්පූර්ණ බීම සමාගමක් ලෙස, කොකා-කෝලා පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ජීවන රටාවට සහ අවස්ථාවට ගැලපෙන පරිදි ඇසුරුම්වල වර්ගය සහ ප්රමාණය තෝරාගැනීමේදී වැඩි පරාසයක් සපයයි. ශ්රී ලංකාව මුහුණ දෙන අභියෝගාත්මක ආර්ථික වකවානුව අභියස, LRGB "බිග් බඞී පැක්” මගින් පාරිභෝගිකයින්ට කොකා-කෝලා වල රසය රුපියල් 180/-ක දැරිය හැකි මිලකට සහ 0.75 ලීටර් ප්රමාණයකින් බිග් බඞී භුක්ති විඳීමට අවස්ථාව සලසයි. මෙම ඇසුරුම ප්රබෝධමත් කෝක්, ෆැන්ටා හෝ ස්ප්රයිට් වීදුරු 04ක් දක්වා සපයන බැවින් පවුලේ ආහාර වේල සඳහා පරිපූර්ණ සහකාරිය වනු ඇත, එය බස්නාහිර පළාතේ සහ ඉන් පසුව අනෙකුත් ප්රදේශවලදී ළ ලබා ගත හැකිය.
ශ්රී ලංකා හා මාලදිවයින යන රටවල් වල කොකා-කෝලා හි කළමනාකාර අධ්යක්ෂ පන්කජ් සින්හා ප්රකාශ කළේ, "කොකා-කෝලා සමාගමේ අරමුණ ලෝකය ප්රබෝධමත් කිරීම සහ වෙනසක් ඇති කිරීමයි. විවිධ පහසු ඇසුරුම් ප්රමාණ හරහා සීනි අඩු කළ හෝ රහිත විකල්ප ඇතුළු අර්ථවත් සන්නාම සහ රස කළඹක් ඔස්සේ අපි අපගේ පාරිභෝගිකයින්ට වගකිවයුතු තේරීම් පිරිනමන්නෙමු. මිලිලීටර් 750 බිග් බඞී ඇසුරුම සමාගමේ අරමුණ ශ්රී ලංකාව තුළ ජීවමාන කිරීමේ තවත් ප්රධාන පියවරකි. මෙවන් දුෂ්කර කාල වකවානුවකදී මෙම ඇසුරුම දැරිය හැකි මිලකට පාරිභෝගිකයාට ලබාදෙන ගමන්ම අද්විතීය නැවත පිරවිය හැකි වීදුරු බෝතලයක්, කඩදාසි ලේබල් සහ ඇලූමිනියම් මූඩියක් යන නව්යකරණයන් මගින්ද වෙනසක් ඇතිකරයි. බිග් බඞී බෝතලය මගින් කොකා-කෝලා පාරිභෝගිකයින්ට, විශේෂයෙන්ම වීදුරු බෝතල්වල කෝක් රස විඳිමින් හැදී වැඩුණු සහස්ර පරම්පරාවන්ට මතක මං තීරුවේ සංචාරය කර නැවත වරක් මෙම අද්විතීය වීදුරු බෝතල් අත්දැකීමේ අත්විඳීමට මෙම බෝතලය ඉඩ සලසයි. තරුණ පරම්පරාවන් සඳහා, එය ඔවුන්ගේ ප්රියතම ප්රබෝධමත් පානය භුක්ති විඳීමේ නව ක්රමයක් වනු ඇත.
කොකා-කෝලා ශ්රී ලංකා සමාගම සිය පාරිභෝගිකයින්ට වගකීම් සහගත තේරීම් අවස්ථා ලබාදීමේ අරමුණින් වසර ගණනාවක් පුරා සිය නිෂ්පාදන පෙළ ක්රමානුකූලව ගොඩනගා ඇත. එහි ප්රවේශමෙන් සකස් කරන ලද සන්නාම අතර ක්ලැසික් කෝක්, ස්ප්රයිට් සහ ෆැන්ටා ඇතුළත් වන අතර, ඒ සියල්ල RGB, PET සහ දැන් LRGB යන විවිධ පහසු ඇසුරුම් ප්රමාණවලින් ලබා ගත හැකිය. කොකා-කෝලා විසින් ෆැන්ටා ක්රීම් සෝඩා, ෆැන්ටා පෝර්ටෙලෝ සමග කෝක් සීරෝ සහ කින්ලි සෝඩා වැනි සීනි අඩු කරන ලද හෝ සීනි රහිත පාන වර්ග හරහා පාරිභෝගිකයන් වෙත නව්ය රසයන් ලබා දී ඇත.
කොකා-කෝලා බෙවරේජස් ශ්රී ලංකා සීමාසහිත සමාගමේ කළමනාකාර අධ්යක්ෂ, දීපක් සෙන්තිල් නාත් මහතා පැවසුවේ, "සියලූම කොකා-කෝලා LRGB බෝතල් විනිවිද පෙනෙන අතර පෙනුම අතින් මටසිලිටු සහ පැහැදිලි ස්වභාවයක් ගනී. මෙම බෝතල් පාරිභෝගිකයින්ට ආපසු රැගෙන ඒමට වඩාත් පහසු වේ. එක් බෝතලයක් කිහිප වතාවක් නැවත පිරවිය හැකි වීම හේතුවෙන් වීදුරු බෝතල් නැවත භාවිත කළ හැකි ඇසුරුම් බවට පත් වෙයි. LRGB බෝතල්වල පළමු පිරිනැමීම පාරිභෝගිකයින්ට කෝක්, ස්ප්රයිට් සහ ෆැන්ටා වල රසයන් ලබා දෙනු ඇති අතර ඉදිරියේදී තවත් වෙළඳ නාම සමඟින් ඔබ අතට පත්වෙනු ඇත.
කොකා-කෝලා සමාගම 1961 දී දිවයිනේ ප්රථම වරට දියත් කරන ලද අතර අදට ශ්රී ලංකාවේ සිය 61 වන සංවත්සරය සමරයි. පසුගිය දශක හය තුළ සමාගම කොකා-කෝලා වෙළඳ ලකුණ හඳුන්වාදීම තුළින් මිලියන සංඛ්යාත පාරිභෝගිකයින්ගේ සිත් දිනාගත් අතර පසුව වෙනත් වෙළඳ නාම පරාසයක් පුරාවට කොකා-කෝලා සමාගම සිය ව්යාපාරයේ අනාගතය සඳහා ආයෝජනය කර ඇති අතර, පසුගිය දශක දෙක තුළ ඇමරිකානු ඩොලර් මිලියන 99 ක් තරම් ආයෝජනයක් කරමින් දිවයිනේ ජාතිය සඳහා දිගුකාලීන කැපවීමක් පෙන්නුම් කරයි. එහි පාන වර්ග විකිණීමෙන් ආදායමක් උපයා ගන්නා 80,000කට වැඩි වෙළඳ අලෙවිසැල් වෙළෙන්දන්ට අමතරව, ආර්ථිකයට ප්රතිලාභ ලබා දීම සඳහා දේශීය ශ්රම බලකාය තුළ රැකියා දහස් ගණනකට වඩා වැඩි ප්රමාණයක් නිර්මාණය කිරීම තුලින් ආර්ථික වටිනාකමක් නිර්මාණය කිරීමට සමාගම උපකාරී වී ඇත.
වසර ගණනාවක් පුරා, කොකා-කෝලා සමාගම විසින් ශ්රී ලංකාව තුළ සාර්ථක තිරසාර වැඩසටහන් කිහිපයක් ආරම්භ කර ඇත. නිවැරදි ආකාරයෙන් ව්යාපාර කරමින් මිනිසුන්ගේ ජීවිත, ප්රජාවන් සහ අපගේ ලෝකයේ වෙනසක් ඇති කරමින් වඩාත් තිරසාර සහ වඩා හොඳ හවුල් අනාගතයක් නිර්මාණය කිරීමට කොකා-කෝලා සමාගම අවධානය යොමු කරයි. සමාගම මෙය සාක්ෂාත් කරගනු ලබන්නේ ඇසුරුම් ප්රතිචක්රීකරණය, ජල ඌණපූරනය සහ කාන්තා සවිබල ගැන්වීමේ වැඩසටහන් ඇතුළු ප්රාදේශීය ප්රජාවන්ගේ යහපැවැත්ම සහතික කිරීම පිළිබඳ තිරසාර මුල පිරීම් මගිනි. නව විශාල ආපසු භාරදිය හැකි වීදුරු බෝතල් එළිදැක්වීම මගින් සමාගමේ තිරසාරභාවය පිළිබඳ අවධානය තව දුරටත් වැඩි කරන අතර ශ්රී ලාංකේය පාරිභෝගිකයින්ට මිතුරන් සහ පවුලේ අය සමඟ ආහාර වේලෙහිදී භුක්ති විඳීමට හැකි ප්රබෝධමත් සහනදායී පානයක් සැපයීම අරමුණු කරයි.



July, 27, 2022
කොකා-කෝලා බෙවරේජස් ශ්රී ලංකා සමාගමේ (CCBSL) කළමනාකරණ අධ්යක්ෂ ධූරය දැරූ මයන්ක් අරෝරා මහතා, 2022 ජූලි මස 01 වනදා සිට බංගලාදේශ කොකා-කෝලා සමාගමේ කළමනාකරණ අධ්යක්ෂ ලෙස සිය වැඩ බාර ගැනීමත් සමඟ, ශ්රී ලංකා සමාගමේ කළමනාකරණ අධ්යක්ෂ තනතුරට දීපක් සෙන්තිල් මහතා පත්කර ඇති බව එම සමාගම නිවේදනය කර සිටියි. මයන්ක් මහතා විසින් වසර 05කට අධික කාලයක් පුරාවට දේශීය හා කලාපීය වශයෙන් සමාගමේ සංවර්ධනය උදෙසා විශාල කැප කිරීමක් සිදු කර ඇති අතර, ඵලදායී හා කාර්යක්ෂම හවුල්කාරීත්වයන් තුළින් සමාගමේ වර්ධනය උදෙසා විශාල මෙහෙවරක් සිදුකර ඇත. එම කැපවීම් හි ප්රතිඵල වශයෙන් CCBSL හට ‘Coca-Cola South West Asia (SWA) Bottler of the Year 2020' ඇගයීම ඇතුළුව විවිධ පිළිගැනීම් රැසක් හිමි විය.
ගෝලීයමය වශයෙන් පැන නැගුණු කොවිඩ්-19 වසංගතය හමුවේ දුර්වල වූ ප්රජා ආර්ථිකයන් නගා සිටුවීම, මයන්ක් මහතාගේ දූර කාලය තුළ ඒ මහතා හට මුහුණ දීමට සිදුවූ ප්රධානතම අභියෝගයක් විය. ඒ සඳහා ඉතාමත් සාර්ථක උපායමාර්ගික සැළැස්මක් දියත් කරමින්, CCBSL විසින් සිය සේවා කණ්ඩායම්හි සහ සියලුම හවුල්කරුවන්ගේ සෞඛ්ය, ආරක්ෂාව සහ රැකියා සුරක්ෂිතභාවය ප්රමුඛ කොට සැළකිණි. ඒ හරහා සමාගම, ජාතික සෞඛ්ය සහ ආරක්ෂිත මාර්ගෝපදේශවලට අනුකූලව සිය මෙහෙයුම් දියත් කළ අතර, වැටුප් කප්පාදු කිරීම් වලින් තොරව, වාර්ෂික වැටුප් වර්ධක සහ දිරි දීමනා ලබා දෙමින් සේවක ජීවන තත්ත්වයන් උසස් කිරීමට කැපවී ක්රියා කරන ලදී. තවද, ප්රාදේශීය මට්ටමෙන් ප්රජාවට ශක්තියක් වීමේ අරමුණින්, විෂබීජ නාශක වැඩසටහන් සහ අත්යවශ්ය භාණ්ඩ ඇසුරුම් බෙදා හැරීමේ වැඩසටහන් ද ක්රියාත්මක කරන ලදී. ඒ මහතාගේ දූරදර්ශි නායකත්වයේ ප්රතිඵල වශයෙන්, පසුගිය වසර 05ක කාලය තුළ, කොකා-කෝලා සමාගමේ මෙහෙයුම් ආශ්රිත අගයන් වර්ධනය වූ අතර, ඒ හේතුවෙන් ඉහළ වෙළඳපොල කොටසකට හිමිකම් පෑමට සමාගමට හැකි විය. තවද, කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව අඛණ්ඩව වැඩිදියුණු කිරීමේ ශක්තිමත් සංස්කෘතියක් සමාගම තුළ නිර්මාණය කිරීමට ඒ මහතා කැපවී ක්රියා කළ අතර, එහි ප්රතිඵල වශයෙන් Coca-Cola Bottling Investments Group (BIG) තුළ, ශ්රී ලංකා වෙළඳ පොළ වඩාත් සාර්ථක වෙළඳපොළක් වශයෙන් ස්ථානගත කරන ලදී.
පසුගිය වසර 3ක කාලයක් පුරාවට, දේශීය වෙළඳ පොළ මුහුණ දුන් විවිධ ආර්ථික, සමාජීය හා සෞඛමය අභියෝග හමුවේ, මයන්ක් මහතා විසින් සමාගමේ තිරසාර සංවර්ධන දැක්ම උදෙසා වැඩි අවධානයක් යොමු කරමින් ක්රියා කරන ලදී. ඒ හා සමගාමීව, ගෝලීයව ක්රියාත්මක වන ‘World Without Waste’ වැඩසටහනට ඒකාබද්ධව, ‘Give Back Life’ PET ප්ලාස්ටික් එකතු කිරීමේ සහ ප්රතිචක්රීකරණය කිරීමේ වැඩසටහන ශ්රී ලංකාවේ අඛණ්ඩව ක්රියාත්මක කරන ලදී. තවද, කාන්තාවන් සවිබල ගැන්වීමේ සහ දේශගුණික ක්රියාකාරකම් සහ පරිසරය සුරැකීම ආශ්රිත මුල පිරීම් රැසක් සඳහා සමාගම සිය සහයෝගය ලබාදෙන ලදී. එම වැඩසටහන් වල සාර්ථකත්වය උදෙසා CCBSL හට කිහිප වරක්ම විවිධ ඇගයීම් ද හිමි විය. ඒ අතර, 2021 වර්ෂයේ පැවැත්වුණු Annual Solar Awards හි සමාගම ලබාගත් සුවිශේෂී ඇගයීම විශේෂ වේ. තවද, සමාගම 2020 දී ගෝලීය ඉලක්ක ඉක්මවා යමින්, විවිධ ජලය ආශ්රිත වැඩසටහන් හරහා ප්රජාවන්ට සහ සොබාදහමට සිය බීම නිෂ්පාදනය සඳහා භාවිතා කරන ජල ප්රමාණය මෙන් දෙගුණයක් ආපසු ලබා දීමට ක්රියා කර ඇත. තවද, සමාගම විසින් 'ජීවිතයට ජලය’ ව්යාපෘතිය ක්රියාත්මක කරමින්, පෞරාණික වශයෙන් වැදගත්කමක් ඇති අනුරාධපුර නගරයේ ගම්මානයක, ඉපැරණි ජලාශ දෙකක් ප්රතිසංස්කරණය කර ඇත. එම කර්තව්ය උදෙසා, ලංකා වාණිජ මණ්ඩලය විසින් ලබාදෙන, හොඳම තිරසාර ව්යාපෘතියට හිමි සම්මානයෙන් සාමාගම පිදුම් ලබන ලදී.
සමාගම මෙතෙක් දුර රැගෙන ආ සාර්ථකත්වයන් ද සමඟින් එහි ඉදිරි සංවර්ධන වැඩසටහන් සඳහා නායකත්වය ලබාදීමට දීපක් සෙන්තිල් මහතා සුදානම්ව සිටියි. සමාගමේ ඉදිරි සංවර්ධනය උදෙසා සඳහා ඔහු සතු ප්රවීණත්වය සහ ක්ෂේත්ර දැනුම මැනවින් උපකාරී වනු ඇත. සෙන්තිල් මහතා, හින්දුස්ථාන් කොකා-කෝලා බෙවරේජස් සමාගමේ (HCCB), විකුණුම්, RGM, වෙළඳ අලෙවිකරණය, කාණ්ඩ කළමනාකරණය සහ කලාප නායකත්වය දරමින් වසර 20කට වැඩි කාලයක් සේවය කර ඇත. වඩාත් උපායමාර්ගික නායකත්වය රටාවක් පෙන්නුම් කරන ඔහු, වඩාත් ඵලදායී වාණිජ උපාය මාර්ගික සැලසුම් කිරීමට මෙන්ම සාර්ථක හවුල්කාරීත්වයන් තුළින් සමාගම සංවර්ධනය කිරීමට විශාල දායකත්වයක් ලබාදී ඇත. ඔහුගේ දිගුකාලීන වෘත්තීය පළපුරුද්ද සහ විශේෂඥභාවය, සමාගමේ ඉදිරි ප්රගතිය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇත.
CCBSL විසින් මයන්ක් මහතාගේ ඉදිරි වැඩකටයුතු සඳහා සුභ පතන අතර, දීපක් මහතාගේ නායකත්වය යටතේ, සමාගමේ තවත් උද්යෝගිමත් පරිච්ඡේදයක් ආරම්භ කිරීමට සූදානම්ව සිටියි.
ඡායාරූප විස්තරය : CCBSL හිටපු කළමනාකරණ අධ්යක්ෂ මයන්ක් අරෝරා මහතා සහ නව කළමනාකරණ අධ්යක්ෂ දීපක් සෙන්තිල් මහතා
Video Story