October, 12, 2022
අද (12) දිනයේ කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 108.66 (1.24%) කින් ඉහළ ගොස් ඒකක 8,853.27 ලෙසින් වාර්තා විය.
මේ අතර S&P SL20 දර්ශකය ඒකක 34.82 කින් හෙවත් 1.31% කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 2,687.81 ක් ලෙසින් දැක්වුණි.
අද දින සමස්ත ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 2.30 ක් ලෙසින් සටහන් විය.
එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 2.25 ක් හා දේශීය විකිණුම් රු. බිලියන 2.28 ක් ලෙසින් සටහන්ව තිබුණි.
දිනය තුළ සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාම සඳහා සමාගම් 126 ක් ධනාත්මක දායකත්වයක් ලබා දී තිබූ අතර එක්ස්පෝ ලංකා හෝල්ඩින්ස්, සෙලින්කෝ ඉන්ෂුවරන්ස්, රෝයල් සෙරමික් ලංකා, LOLC හෝල්ඩිංග්ස් හා හේලීස් යන සමාගම් මෙලෙස සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ඉහළ දායකත්වයක් ලබා දුන් සමාගම් අතර කැපී පෙනුනි.
October, 11, 2022
අද (11) දින කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් හි දැවැන්ත පහළ යාමක් වාර්තා විය.
ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 304.91 කින් පහළ ගොස් ඒකක 8,744.61 ක් හා S&P SL20 දර්ශකය ඒකක 118.83 කින් පහළ ගොස් ඒකක 2,652.99 ක් වශයෙන් දිනය අවසානයේ දී සටහන්ව තිබුණි.
මෙය පිළිවෙලින් 3.37% ක හා 4.29% ක පහළ යාමකි.
2022 අගෝස්තු 30 දිනෙන් පසුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 9,000 සීමාවෙන් මෙපිටට පැමිණි පළමු අවස්ථාව මෙයයි.
October, 4, 2022
අද (04) දින කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් හි විශාල කඩා වැටීමක් වාර්තා විය.
සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 412.81 ක හෙවත් 4.28% ක දැවැන්ත පහළ යාමක් වාර්තා කළ අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 9,237.05 ක් ලෙසින් සටහන්ව තිබුණි.
මේ අතර S&P SL20 දර්ශකය ඒකක 173.66 ක් එනම් 5.70% පහළ යාමක් දිනය තුළ වාර්තා කර තිබුණි. එහි අගය දිනය අවසානයේ දී දැක්වුණේ ඒකක 2,875.21 ක් ලෙසයි.

රු. බිලියන 4.54 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය.
මේ අතර පසුගිය සතියේ සිකුරාදා (සැප්තැම්බර් 30) ගනුදෙනු අවසානයේ දී රු. ට්රිලියන 4,341.12 ක් ලෙසින් සටහන්ව තිබු වෙළෙඳපොළ ප්රාග්ධනීකරණ වටිනාකම අද (04) දින ගනුදෙනු අවසානයේ දී රු. ට්රිලියන 4,017.23 ක් දක්වා පහත වැටී ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා සඳහන් කරයි.
මේ අනුව ඊයේ (03) සහ අද (04) දෙදින තුළ දී පමණක් කොටස් වෙළෙඳපොළෙන් ගිලිහී ගොස් ඇති වටිනාකම රු. බිලියන 323.88 ක් වේ.
අද දින මිල දර්ශකවල කඩා වැටීමට එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස්, ලංකා අයි.ඕ.සී., වැලිබල් වන්, හේලීස් සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් යන ඉහළ වෙළෙඳපොළ ප්රාග්ධනීකරණයකට හිමිකමු කියනු ලබන සමාගම්වල කොටස් මිල පහළ යාම් විශාල වශයෙන් බලපා තිබුණි.
අද දින සියලු කොටස් මිල දර්ශකයට සමාගම් 206 කින්ම ලැබී තිබුණේ සෘණාත්මක දායකත්වයකි. සමාගම් 18 කින් පමණක් ධනාත්මක දායකත්වයක් ලැබී තිබුණි.
මේ අතර අද දින ගනුදෙනු ආරම්භ වී සුළු මොහොතකින්, එනම් පෙරවරු 10.11 ට දෛනික ගනුදෙනු අත්හිටුවනු ලැබූ අතර S&P SL20 දර්ශකය පෙර දිනයට වඩා 5% ක් ඉක්මවා පහළ ගොස් තිබීම ඊට හේතුවිය. අනතුරුව නැවත වරක් දෛනික ගනුදෙනු ආරම්භ වූයේ පෙරවරු 10.41 ටයි.

September, 28, 2022
අද (28) දිනයේ කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 97.25 (0.99% ) කින් ඉහළ ගොස් ඒකක 9,958.87 ලෙසින් වාර්තා විය.
මේ අතර S&P SL20 දර්ශකය ඒකක 19.97 කින් හෙවත් 0.63% කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 3,184.48 ක් ලෙසින් දැක්වුණි.
අද දින සමස්ත ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 3.13 ක් ලෙසින් සටහන් විය.
එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 3.06 ක් හා දේශීය විකිණුම් රු. බිලියන 3.08 ක් ලෙසින් සටහන්ව තිබුණි.
පසුගිය දින කිහිපය පුරාවට විදේශීය මිල දී ගැනීම් හි කැපීපෙනෙන වර්ධනයක් දක්නට ලැබුණු ද අද දින විදෙස් ආයෝකයින්ගේ සහභාගීත්වය සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබුණි. එහිදී විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 71.85 ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 50.07 ක් ලෙසින් සටහන්ව තිබේ.
දිනය තුළ සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාම සඳහා සමාගම් 123 ක් ධනාත්මක දායකත්වයක් ලබා දී තිබූ අතර වැලිබල් වන්, සම්පත් බැංකුව, රෝයල් සෙරමික්ස් ලංකා, එයිට්කන් ස්පෙන්ස් හා ලංකා වෝල්ටයිල් යන සමාගම් මෙලෙස සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ඉහළ දායකත්වයක් ලබා දුන් සමාගම් අතර කැපී පෙනුනි.
September, 26, 2022
අද (26) දින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 120.59 ක කඩා වැටීමක් වාර්තා කළේය.
ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 9,844.21 ක් ලෙස වාර්තා විය.
මේ අතර S&P SL20 දර්ශකය ඒකක 46.11 කින් පහළ ගොස් ඒකක 3,156.90 ක් ලෙසින් සටහන්ව තිබුණි.
අද දින රු. බිලියන 4.57 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වූ අතර එහිදී රු. බිලියන 2.13 ක් විදේශීය මිල දී ගැනීම් ලෙස සටහන් වීම විශේෂත්වයකි. අද දින දේශීය මිල දී ගැනීම් රු. බිලියන 2.43 ක් ලෙසින් වාර්තා විය.
එමෙන්ම දේශීය විකිණුම් රු. බිලියන 4.21 ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 354.17 ක් ලෙසින් දිනය තුළ වාර්තා වී තිබුණි.
අද දින සමාගම් 4කින් ගිවිසා ගනු ලැබූ ගනුදෙනු (Crossings) වාර්තා විය. එහිදී එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් රු. බිලියන 1.71 ක්, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් රු. මිලියන 78.41 ක්, ඩයලොග් ආසියාටා රු. මිලියන 60.63 ක් හා රිචඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි රු. මිලියන 29.31 ක් ලෙසින් ගිවිසා ගනු ලැබූ ගනුදෙනු වාර්තා විය.
මීට අමතරව ලංකා IOC රු. මිලියන 464.01 ක්, එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් රු. මිලියන 346.17 ක් ACL කේබල්ස් රු. මිලියන 163.77 ක් හා රේනුකා ඇග්රි ෆුඩ්ස් රු. මිලියන 160.04 ක් ලෙසින් සාමාන්ය ගනුදෙනු හරහා දෛනික පරිවැටුමට ඉහළ දායකත්වයක් ලබා දුන් සෙසු සමාගම් අතර පෙරමුණේ විය.
අද දින සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමට කොමර්ෂල් බැංකුව, රිචඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි, වැලිබල් වන්, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සහ LOLC හෝල්ඩිංග්ස් යන සමාගම්වල කොටස් මිල පහළ යාම් විශාල වශයෙන් බලපාන ලදී.

September, 23, 2022
සතියේ ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 9,964.80 ක් ලෙසින් වාර්තා විය. එය සතිය ආරම්භයේ සියලු කොටස් මිල දර්ශකයේ වටිනාකම වූ ඒකක 10,061.09 ට සාපේක්ෂව සුළු පහළ යාමකි.
S&P SL 20 දර්ශකයෙහි ද පසුගිය සතිය තුළ දී ඒකක 3,237.32 සිට ඒකක 3,203.01 ක් දක්වා සුළු වශයෙන් පහළ යාමක් දක්නට ලැබිණි.
පසුගිය සතිය තුළ වාර්තා වූ සමස්ත ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 21.13 ක් වූ අතර එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 17.13 ක් හා දේශීය විකිණුම් රු. බිලියන 20.92 ක් ලෙසින් වාර්තා විය.
පසුගිය සතිය තුළ දී විදෙස් ආයෝජකයින්ගේ වෙළෙඳපොළ සහභාගීත්වයද සක්රීය මට්ටමක පැවතුණ අතර මෙහිදී රු. බිලියන 4 ක විදේශීය මිල දී ගැනීම් ප්රමාණයක් සටහන් විය. පසුගිය සතිය තුළ වාර්තා වූ සමස්ත විදේශීය විකුණුම් ප්රමාණය රු. මිලියන 215.38 කි.

සතිය තුළ මිල ඉහළ ගිය සමාගම් අතුරින් ඒසියා සියක කොමොඩිටීස්, ගෝල්ෆේස් කැපිටල් පාට්නර්ස්, රේඩියන්ට් ජෙම්ස් සහ ටී ස්මෝල් හෝල්ඩර් ෆැක්ටරීස් යන සමාගම් කැපී පෙනුණි.
September, 15, 2022
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (15) දිනයේ දී ඒකක දසදහසේ සීමාව අභිබවා යන ලදී.
ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 10,072.38 ක් ලෙසින් සටහන් වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 158.26 ක හෙවත් 1.60% ක ඉහළ යාමක් වේ.
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට 2021 ඔක්තෝබර් 25 දින සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 10,000 සීමාව ඉක්මවා ගිය අතර 2022 මාර්තු 29 දින යළිත් වරක් එය එම සීමාවෙන් මෙපිටට පැමිණියේය. එදිනෙන් පසු සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වූ ඉහළම අගය මෙය වේ.
අද දින රු. බිලියන 5.33 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා විය.
එහිදී එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී හි කොටස් මිලියන 4 ක් එකක් රු. 230.00 බැගින්, ගිවිසා ගත් ගනුදෙනුවක් ලෙසින් හුවමාරු වූ අතර රු. මිලියන 920 ක පිරිවැටුමක් ඒ හරහා ජනනය වී තිබුණි.
මීට අමතරව අද දින සාමාන්ය ගනුදෙනු හරහා වැඩිම පිරිවැටුමක් වාර්තා වී තිබුණේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි කොටස් ගනුදෙනු හරහා යි. එය රු. මිලියන 556.10 කි. ලංකා IOC සමාගමේ කොටස් ගනුදෙනුවලින් දෛනික පිරිවැටුමට ලැබී තිබුණු දායකත්වය රු. මිලියන 401.77 කි.
September, 15, 2022
කොළඹ කොටස් හුවමාරුවේ (CSE) අධ්යක්ෂ මණ්ඩලය, ශ්රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොටස් තැරැව්කාර සමාගම් හි උපදෙස් ඇතිව පහත දක්වා ඇති පරිදි අද (2022 සැප්තැම්බර් 15 වැනි බ්රහස්පතින්දා) සිට කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කාලය දීර්ඝ කිරීමට තීරණය කර ඇත.
පූර්ව වෙන්දේසි සැසිය - පෙරවරු 09.30 සිට පෙරවරු 10.00 දක්වා
විවෘත වෙන්දේසිය - පෙරවරු 10.00
දෛනික ගනුදෙනු - පෙරවරු 10.00 ට ආරම්භ වේ.
ගනුදෙනු අවසානය - පස්වරු 12.30
මේ අනුව මෙතෙක් පෙරවරු 10.30 සිට පස්වරු 12.30 දක්වා පැය 2ක කාලයක්ව තිබූ කොටස් වෙළෙඳපොළ නිත්ය ගනුදෙනු සැසිය අද සිට පෙරවරු 10.00 සිට පස්වරු 12.30 දක්වා පැය 2 1/2 ක් දක්වා කාලයකට දීර්ඝ වනු ඇත.
September, 14, 2022
අද (14) දිනයේ කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 165.03 (1.69%) කින් ඉහළ ගොස් ඒකක 9,914.12 ලෙසින් වාර්තා විය.
මේ අතර S&P SL20 දර්ශකය ඒකක 46.64 කින් හෙවත් 1.49% කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 3,179.79 ක් ලෙසින් දැක්වුණි.
අද දින සමස්ත ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 4.09 ක් ලෙසින් සටහන් විය. එහිදී රු. බිලියන 3.26 ක් දේශීය මිල දී ගැනීම් ලෙසත්, රු. බිලියන 3.93 ක් දේශීය විකිණුම් ලෙසත් වාර්තා වූ අතර රු. මිලියන 830.62 ක් විදේශීය මිල දී ගැනීම් හා රු. මිලියන 156.89ක් විදේශීය විකිණුම් ලෙසින් වාර්තා විය.
දිනය තුළ සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාම සඳහා සමාගම් 128 ක් ධනාත්මක දායකත්වයක් ලබා දී තිබූ අතර සම්පත් බැංකුව, ජෝන් කීල්ස් හෝල්ඩින්ස්, කොමර්ෂල් බැංකුව සහ HNB බැංකුව යන සමාගම් මෙලෙස සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ඉහළ දායකත්වයක් ලබා දුන් සමාගම් අතර කැපී පෙනුනි.

September, 12, 2022
නව ගනුදෙනු සතියක ආරම්භක දිනය වූ අද (12) දිනයේ කොළඹ කොටස් වෙළඳපොළ ගණුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 108.97 කින් එනම් 1.12% කින් ඉහළ ගොස් ඒකක 9,813.18 ක් ලෙසින් සටහන් විය.
මෙලෙස සියලු කොටස් මිල දර්ශකයේ අගය ඉහළ යාම සඳහා සමාගම් 122 ක් ධනාත්මක දායකත්වයක් ලබා දී තිබූ අතර ලංකා IOC, රෝයල් සෙරමික්, CIC, ඇක්සෙස් ඉන්ජිනියරින්ග් සහ හේලීස් යන සමාගම් මෙලෙස සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ඉහළ දායකත්වයක් ලබා දුන් සමාගම් අතර කැපී පෙනුනි.

මේ අතර S&P SL20 දර්ශකය ඒකක 25.35 කින් හෙවත් 0.81% කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 3,156.64 ක් ලෙසින් දැක්වුණි.
අද දින සමස්ත ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 4.78 ක් ලෙසින් සටහන් විය. එහිදී රු. බිලියන 4.54 ක් දේශීය මිල දී ගැනීම් ලෙසත්, රු. බිලියන 4.60 ක් දේශීය විකිණුම් ලෙසත් වාර්තා වූ අතර රු. මිලියන 236.94 ක් විදේශීය මිල දී ගැනීම් හා රු. මිලියන 183.77 ක් විදේශීය විකිණුම් ලෙසින් වාර්තා විය.
Video Story