January, 20, 2023
DFCC බැංකුව, මෑතකදී සමාජ මාධ්ය හරහා දියත් කළ අතිශය සාර්ථක අලෙවිකරණ වැඩසටහනක් වෙනුවෙන් එම බැංකුවට පසුගියදා පැවති 11 වැනි ACEF Asian Leaders සම්මාන උළෙලේදී රන් සම්මානයක් හිමි විය. දකුණු ආසියානු රටවල් අතරින්, විශිෂ්ටතම සමාජ මාධ්ය අන්තර්ගතය (YouTube සහ Facebook) යන කාණ්ඩය යටතේ මෙම සම්මානය හිමි විය.
මෙලෙස ඇගයීමට ලක්වූයේ, පාරිභෝගික සේවා සතිය වෙනුවෙන් DFCC බැංකුව සමාජ මාධ්ය හරහා ඉදිරිපත් කළ සුවිශේෂී නිර්මාණාත්මක කෙටි චිත්රපටයයි. YouTube සහ Facebook ඔස්සේ ප්රදර්ශනය කළ මෙම කෙටි චිත්රපටය, ලොව පුරා පැතිරී ගිය COVID-19 වසංගත තත්ත්වය පිළිබඳව සුවිශේෂී කතා පුවතක් අනුසාරයෙන් නිර්මාණය කර තිබිණි.
සංවර්ධන බැංකුවක සීමාවන්ගෙන් ඔබ්බට යමින් DFCC බැංකුව මේ වනවිට පූර්ණ-සේවා වාණිජ බැංකුවක් ලෙස, සාර්ථක අන්දමින් සමාජයේ සියලුම කාණ්ඩයන්ට අයත් පුද්ගලයන්ට මූල්ය සේවාවන් සපයමින් සිටින බවට මෙම සම්මානය සාක්ෂි දරයි. නවෝත්පාදනය මූලික කරගත් පුළුල් පරාසයක පැතිරුණු සේවාවන් පිරිනැමීමට අමතරව, සිය ගනුදෙනුකරුවන් සමග සමීප සම්බන්ධතාවක් ගොඩනංවා ගැනීමටද DFCC බැංකුව සමත් වී ඇත.
මෙම කෙටි චිත්රපටය මෙරට මූල්ය සේවා ක්ෂේත්රයට සුවිශේෂී අත්දැකීමක් විය. එයට ප්රධානතම හේතුව වූයේ එය ගනුදෙනුකරුවන්ගේ හදවතට සමීප පණිවිඩයක් මූලික කරගත් සංවේදී නිර්මාණයක් වීම ය. අර්බුදකාරී කාලසීමාවක් තුළ තම ගනුදෙනුකරුවන්ට අත්වැලක් වීම සඳහා DFCC බැංකුව කැප වූ ආකාරය මෙම කෙටි චිත්රපටය මගින් පෙන්වා දෙන ලද අතර, විවිධ නිර්මාණාත්මක තාක්ෂණික ක්රමයෝග භාවිතා කර සාර්ථක ලෙස මෙය එළිදක්වන ලදි..
සත්ය කථාවක් පදනම් කරගත් මෙම කෙටි චිත්රපටය, ගනුදෙනුකරුවන් සෑම විටම තම බැංකු සේවා අවශ්යතාවන් සඳහා DFCC බැංකුව කෙරෙහි විශ්වාසය තබන ලද ආකාරයද පෙන්වා දෙයි. මෙම විශ්වාසය රකිමින්, ගනුදෙනුකරුවන්ගේ අදහස් හා ප්රතිචාර අනුව තම සේවාවන් වැඩිදියුණු කරමින්, ඔවුන් අපේක්ෂා කරන මට්ටමටත් වඩා ඉහළ සේවාවක් සැපයීමට DFCC බැංකුව සෑම විටම කැප වී සිටී.
මෙම නිර්මාණයේ අර්ථවත්භාවය නිසා ඉලක්කගත ප්රේක්ෂක පිරිස එය මැනැවින් ග්රහණය කරගත් අතර, ඒ නිසාම එය මෙම ප්රචාරණ වැඩසටහනේ ප්රධාන පණිවිඩය මෙන්ම, DFCC සන්නාම නාමයේ මූලික වටිනාකම් ප්රේක්ෂකයන් අතරට ගෙන යමින්, DFCC බැංකුවට සුවිශේෂී ප්රචාරණයක් ලබාදීමට සමත් විය. මේ සියලු සාධක නිසා එම ප්රචාරණ වැඩසටහන ඊට අදාළ සියලු ඉලක්ක සහ මූලික කාර්යසාධන දර්ශකයන් සපුරාලූ අතර, ඒ අනුව 11 වැනි ACEF Asian Leaders සම්මාන උළෙලේදී විශිෂ්ටතම සමාජ මාධ්ය අන්තර්ගතය වෙනුවෙන් වූ රන් සම්මානය දිනාගැනීමට DFCC බැංකුවට හැකියාව ලැබිණි.
“සත්ය කතාවක් ඇසුරින් කෙටි චිත්රපටයක් ලෙස නිර්මාණය කළ මෙරට ප්රථම බැංකුව බවට පත්වීම අපට මහත් ආඩම්බරයක්. මෙයට අපගේ ගනුදෙනුකරුවන් ඇතුළුව සියලුම දෙනාගෙන් උණුසුම් ප්රතිචාර ලැබුණා. අපට අවශ්ය වුණේ අපගේ පුළුල් අලෙවිකරණ ක්රමෝපායේ කොටසක් වශයෙන්, සුවිශේෂී නිර්මාණයක් සිදුකිරීමටයි. එම නිසා සාම්ප්රදායික සීමාවන්ගෙන් ඔබ්බට යමින්, සංවේදී නිර්මාණයක් එළිදැක්වීමට අපට හැකි වුණා. එමෙන්ම එහි අව්යාජත්වය සහ අර්ථවත්භාවය නිසා, අප සැබැවින්ම ඔවුන් ගැන සංවේදී වන බව අපගේ ගනුදෙනුකරුවන් වටහා ගත්තා. එය DFCC බැංකුව කවදත් ප්රමුඛත්වය දෙන මූලධර්මයක් වන පාරිභෝගික-කේන්ද්රීයත්වය ඔස්සේ අප ලබාදෙන විශිෂ්ට සේවාව මෙන්ම, එම සේවාව ලබන ගනුදෙනුකරුවන්ගේ සුවිශේෂීත්වය සැමරීමට ලැබුණු අගනා අවස්ථාවක්. මේ සම්මානය අපට ලැබුණු සුවිශාල ගෞරවයක් ලෙස අප දකිනවා. එමෙන්ම මෙම සම්මාන උළෙල සංවිධානය කළ සියලුම දෙනාටත්, අපගේ ගනුදෙනුකරුවන්ටත්, අපගේ සාර්ථකත්වයට නන් අයුරින් දායක වූ අනෙකුත් සියලුම දෙනාට අපගේ ස්තූතිය පළකිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා.” DFCC බැංකුවේ උප සභාපතිනි (අලෙවි හා තිරසාරත්ව) නිල්මිණි ගුණරත්න මහත්මිය පැවසුවා ය.

October, 27, 2022
ශ්රී ලංකාවේ මෙන්ම මුළුමහත් ලෝකයේ සියලුම දෙනා වෙත ආර්ථික සමෘද්ධියේ ප්රතිලාභ ළඟා කර දීමේ උත්සාහය සාර්ථක කරගැනීමට නම් කාන්තා ව්යවසායකත්වය දිරිගැන්වීම අතිශයින් වැදගත් ය. මෙරට කාන්තා ව්යවසායකත්වය ශක්තිමත් කිරීම සඳහා DFCC බැංකුව කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකරමින් සිටින අතර, ‘DFCC ආලෝකා’ යනු එම අරමුණ වෙනුවෙන් හඳුන්වා දෙන ලද ඉතුරුම් ගිණුමක් මූලික කරගත් සේවාවන් එකතුවකි.
මෙහි තවත් පියවරක් වශයෙන්, කාන්තා ව්යවසාය සංවර්ධන හා වාණිජ මණ්ඩලය (Women's Chamber of Industry and Commerce - WCIC) විසින් සංවිධානය කරනු ලබන 2022 ‘ප්රතිභාභිෂේක’ කාන්තා ව්යවසායකත්ව සම්මාන උළෙල සඳහා ප්රධාන අනුග්රාහකත්වය ලබාදීමට DFCC ආලෝකා ඉදිරිපත් වී සිටී. මෙම සම්මාන උළෙලේදී, මෙරට ආර්ථිකයට විශිෂ්ටතම දායකත්වයක් ලබාදුන් ව්යවසායිකාවන් ඇගයීමට ලක්කෙරේ.
කාන්තාවන් සවිබල ගැන්වීමට සහ ඔවුන් වෙත මූල්ය සේවාවන් හඳුන්වා දීමට DFCC බැංකුව දරන උත්සාහය එහි තිරසාරත්ව ක්රමෝපායේ ප්රධානතම අංගයකි. ප්රධාන වශයෙන් DFCC ආලෝකා ගිණුම මූලික කරගෙන ක්රියාත්මක කෙරෙන මෙම මෙහෙවර තුළදී කාන්තාවන්ට පෞද්ගලික තලයේදී මෙන්ම වෘත්තීය හා ව්යවසායකත්ව තලයේදී සාර්ථක වීමට අවශ්ය අත්වැල ලබාදෙනු ලැබේ.
ශ්රී ලංකාවේ හා සාක් කලාපයේ ව්යවසායිකාවන්ට සහ කාන්තාවන්ගේ ප්රධානත්වයෙන් ක්රියාත්මක වන ව්යාපාර වලට මෙම සම්මාන සඳහා අයදුම් කළ හැක. අයදුම්පත් භාරගැනීම 2022 ඔක්තෝබර් 31 දිනෙන් අවසන් වන අතර, සම්මාන උළෙල 2023 ජනවාරි මාසයේදී පැවැත්වේ. 2021/22 මූල්ය වර්ෂයේ ආදායම් දත්ත අනුව ආරම්භක මට්ටම, සුළු, කුඩා, මධ්ය සහ මහා පරිමාණ යන කාණ්ඩ යටතේ මේ සඳහා අයදුම් කළ හැක. සෑම කාණ්ඩයක් සඳහාම රන්, රිදී සහ ලෝකඩ සම්මාන පිරිනැමෙන අතර, ශ්රී ලංකාවේ පළාත් මට්ටමින් තෝරාගැනෙන විශිෂ්ටතම ව්යාපාර සඳහාද සම්මාන පිරිනැමෙනු ඇත. මීට අමතරව මෙහිදී විශිෂ්ටතම තරුණ ව්යවසායිකාව, විශිෂ්ටතම ආරම්භක මට්ටමේ ව්යාපාරය, වඩාත්ම ධනාත්මක හැකියාව ඇති ව්යවසායිකාව, විශිෂ්ටතම අපනයන-නැඹුරු ව්යවසායිකාව සහ සාර්ක් කලාපයේ විශිෂ්ටතම ව්යාපාර යන කාණ්ඩ යටතේ සම්මාන පිරිනැමේ. සම්මාන උළෙලේ අවසානයේදී ‘2022 වසරේ විශිෂ්ටතම ව්යවසායිකාව’ සම්මානය හිමි ජයග්රාහිකාව නිවේදනය කෙරෙනු ඇත.
“අපගේ දැක්ම වන්නේ සියලුම දෙනාට සමාන අවස්ථා ලැබෙන අනාගතයක් නිර්මාණය කිරීමයි. කාන්තාවන් සවිබල ගැන්වීම යනු ඒ සිහිනය යථාර්ථයක් බවට පත්කර ගැනීමේ උත්සාහයේ වැදගත් අංගයක්. මේ උත්සාහයේ පෙරමුණ ගෙන තිබෙන්නේ DFCC ආලෝකා ගිණුමයි. ඒ හරහා ව්යවසායිකාවන්ට මූල්ය පහසුකම් හා සේවාවන් සැපයීම සඳහා අප විවිධ සංවිධාන සමඟ හවුල්කාරීත්වයන්ට එළඹී තිබෙනවා. ශ්රී ලංකාවේ කාන්තාවන්ගේ යහපත උදෙසා අපගේ කැපවීම ස්ථාවර වන අතර, රටේ අනාගත සංවර්ධනය සඳහා තීරණාත්මක සාධකයක් ලෙස අප දකින කාන්තා ව්යවසායකත්වය කෙරෙහි ඉදිරියේදී මීටත් වඩා වැඩි අවධානයක් යොමු කරවීමට අප බලාපොරොත්තු වෙනවා.” DFCC බැංකුවේ Pinnacle/ශාඛා බැංකුකරණ සැලසුම් සහ ක්රියාත්මක කිරීම් ප්රධානී ශේරා හසන් මහත්මිය පැවසුවා ය.
‘කාටත් ගැළපෙන බැංකුව’ යන තේමාව යටතේ සියල්ලන්ගේ සිහින සැබෑ කරමින්, DFCC ආලෝකා ගිණුම ඇතුළු අනෙකුත් සේවාවන් ඔස්සේ ඔවුන් සවිබල ගැන්වීමට DFCC බැංකුව සෑම විටම උත්සාහ කරයි. මෙම මෙහෙවරට විශේෂ ණය ක්රම හඳුන්වා දීම, ව්යවසායකත්වය හා නායකත්වය සම්බන්ධ වැඩමුළු හා පුහුණු වැඩසටහන් පැවැත්වීම සහ එම වැඩසටහන් වලට සහභාගී වන්නන්ට ජාත්යන්තර වශයෙන් පිළිගත් ආයතන වෙතින් සහතික පිරිනැමීම වැනි බොහෝ දේ ඇතුළත් වී තිබේ.
‘DFCC ආලෝකා’ යනු ශ්රී ලාංකික කාන්තාවන්ට තම සිහින සැබෑ කරගැනීමට අවශ්ය මූල්යමය අත්වැල සැපයීම ඉලක්ක කරගත් සුවිශේෂී මූල්ය සැලසුම් සේවාවකි. මෙම සේවාව යටතේ, කාන්තාවන්ට විශේෂයෙන් වැදගත් වන ප්රතිලාභ රැසක් පිරිනමන, වෙළඳ නාමය සඳහන් ක්රෙඩිට් කාඩ්පතක් ඇතුළුව, සාමාන්ය ඉතුරුම් ගිණුමකින් නොලැබෙන ප්රතිලාභ රැසක් හිමි වේ. රු. 1000/- ක් වැනි සුළු මුදලකින් ගිණුමක් ආරම්භ කළ හැකි වීම, විශේෂ පොලී අනුපාතයක් හිමි වීම, දිවයින පුරා DFCC හෝ LankaPay ATM යන්ත්ර වලින් ගාස්තුවකින් තොරව මුදල් ලබාගත හැකි වීම, නොමිලේ ඩිජිටල් බැංකුකරණ සේවාවන් හිමි වීම සහ Mteller හරහා නිවසේ සිටම සුරක්ෂිත ලෙස බැංකු සේවාවන් ලබාගත හැකි වීම ඇතුළු ප්රතිලාභ රාශියක් මීට ඇතුළත් ය. තවද විශේෂ පොලී අනුපාතයන් යටතේ හිමිවන රන්භාණ්ඩ උකස් සේවාව, ගිණුමේ ශේෂය මෙන් 10 ගුණයක් දක්වා නොමිලේ රක්ෂණ ආවරණයක් සහ Doc990 සමග එක් වී පිරිනමන ප්රතිලාභයක් ලෙස, ගිණුම් හිමිකාරිය සහ පවුලේ සාමාජිකයක් 3 දෙනෙකු දක්වා පිරිසකට නොමිලේ සෞඛ්ය සේවාවන් හිමි වීම ඇතුළු ප්රතිලාභ රාශියක්ද ඔවුන්ට හිමි වේ. මේ සියල්ලට අමතරව, ව්යවසයිකාවන්ට මුදල් ප්රදානයන් ඇතුළුව මූල්ය පහසුකම් සැලසීම සඳහා අවශ්ය කටයුතු සම්පාදනය කිරීමටද ‘DFCC ආලෝකා’ නිරන්තරයෙන් කටයුතු කරයි.
October, 20, 2022
ශ්රී ලංකාවේ ප්රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව, UnionPay කාඩ්පත් මගින් සිදුකරන ගෙවීම් භාරගැනීමට හැකිවන ආකාරයට තම POS යන්ත්ර (Point-of-Sales machines) සැලසුම් කිරීම සඳහා පසුගියදා UnionPay සමග ගිවිසුමක් අත්සන් කළේ ය. 2020 වසරේ සිට තම merchant acquiring වැඩසටහන පුළුල් ලෙස ක්රියාත්මක කළ DFCC බැංකුව මේ වනවිට ගෙවීම් සේවාවන් රැසක් තම ජාලයට එක්කරමින්, ගෙවීම් ක්ෂේත්රයේ ප්රමුඛතම සේවා සම්පාදකයෙකු බවට පත් වී තිබේ. UnionPay ක්රියාත්මක කිරීමත් සමග, DFCC බැංකුවේ merchant acquiring ජාලය දැන් ඕනෑම ප්රධාන පෙළේ කාඩ්පතක් මගින් සිදුකරන ගෙවීම් භාරගත හැකි ජාලයක් බවට පත් වනු ඇත.
“වසර කිහිපයක් වැනි කෙටි කාලයක් තුළ මෙතරම් කාඩ්පත් ප්රමාණයක් පිළිගැනීමට හැකිවන පරිදි අපගේ ජාලය පුළුල් කිරීමට හැකි වීම අප ලැබූ සුවිශාල ජයග්රහණයක්. UnionPay සමග මෙම හවුල්කාරීත්වයට එළඹීමට හැකි වීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. කෙටි කාලයක් තුළ අපගේ Internet Payment Gateway Services (IPGS) තුළත් UnionPay කාඩ්පත් භාරගැනීම සක්රීය කිරීමටත් අප කටයුතු කරනවා. UnionPay මේ වනවිට ලොව පුරාම ජනප්රිය වෙමින් තිබෙන අතර, අපගේ විද්යුත් ගෙවීම් ක්රමවේද හරහා පහසුවෙන් ගෙවීම් කිරීමට අවස්ථාව සලසා දීම අපගේ බලාපොරොත්තුවයි. එමෙන්ම මෙම හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඉදිරියේදී නව වැඩසටහන් රැසක් ක්රියාවට නැංවීමටත් අප සැලසුම් කර තිබෙනවා. Merchant acquiring කටයුතු වැඩිදියුණු කරන අතරම, නවීන ඩිජිටල් තාක්ෂණය භාවිතයෙන් පාරිභෝගිකයන්ටත් වෙළඳුන්ටත් උපරිම පහසුකම් සැලසිය යුතු බව අපගේ විශ්වාසයයි. මේ සඳහා වෙළඳුන් Android තාක්ෂණය භාවිතා කළ හැකි වීම වැනි අවම මූලික සුදුසුකම් සපුරාලිය යුතු වනවා. ඉදිරියේදී DFCC merchant acquiring ජාලයට IPGS ඔස්සේ සිදුකරන UnionPay ගෙවීම් භාරගැනීමට හැකිවීම වෙළඳුන් සහ පාරිභෝගිකයන් යන දෙපාර්ශ්වයටම සුවිශාල් පහසුවක් වේවි.” DFCC බැංකුවේ උප සභාපති/කාඩ්පත් මධ්යස්ථාන ප්රධානී ඩෙන්වර් ලුවිස් මහතා පැවසී ය.
කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාර වලට අත්වැලක් වීමට සෑම විටම කටයුතු කරන බැංකුවක් වශයෙන් DFCC බැංකුව මේ වනවිට SME සහ MSME කාණ්ඩයේ ව්යාපාර පිළිබඳ වැඩි අවධානයකින් යුතුව, තම වෙළඳ ව්යාපාර ජාලය පුළුල් කිරීමේ සැලසුමක් ක්රියාවට නංවා තිබේ. ඩිජිටල් ක්රමයට ගෙවීම් භාරගැනීම දිරිගන්වන අතරම අතර ව්යාපාර ආයතන සඳහා ප්රවේශය වැඩි කිරීම සහ බාධා ඉවත් කිරීම සඳහා DFCC බැංකුව මේ වනවිට විශේෂ වැඩසටහනක්ද (Micro Merchant Programme) ක්රියාවට නංවා ඇත. සාමාන්යයෙන් ඉහළ සේවා ගාස්තු සහ අධික වියදම් නිසා සුළු පරිමාණ ව්යාපාර ඩිජිටල් ගෙවීම් ක්රම භාවිතා කිරීමට මැළිකමක් දක්වන අතර, මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා DFCC බැංකුව මේ වනවිට සාර්ථක උත්සාහයක නිරත වී සිටී. දැනටමත් රෝහල්, ඇඟලුම් අලෙවිසැල් සහ සුපිරි වෙළඳසැල් ඇතුළු විවිධ ප්රමාණයේ ව්යාපාර රාශියක් DFCC බැංකුවේ POS යන්ත්ර සහ අන්තර්ජාල ගෙවීම් සේවාව භාවිතා කරයි.
ඡායාරූප විස්තරය, වමේ සිට: UnionPay International Sri Lanka & Maldives හි අලෙවි ප්රධානී අරූෆ් සමූන්, එම සමාගමේ ව්යාපාර සංවර්ධන හා නිෂ්පාදන ප්රධානී බෙන්සි ප්රනාන්දු, එම සමාගමේ මෙරට ප්රධාන කළමනාකරු ක්රිස්පින් විජේසේකර, DFCC බැංකුවේ උප සභාපති/කාඩ්පත් මධ්යස්ථාන ප්රධානී ඩෙන්වර් ලුවිස්, එම බැංකුවේ ජ්යෙෂ්ඨ කළමනාකාරිනී (කාඩ්පත් මෙහෙයුම්) ශලීන්ද්රී ධර්මරත්න සහ කළමනාකරු (Merchant Aquiring) ක්රිෂාන් ජයමාන්න යන මහත්ම මහත්මීන් ඡායාරූපයේ දිස් වේ.
September, 26, 2022
DFCC බැංකුව සහ AIA රක්ෂණ සමාගම තම බැංකු රක්ෂණ සේවා අංශයේ විශිෂ්ටයන් ඇගයීමේ සම්මාන උළෙල පසුගියදා කොළඹ සිනමන් ග්රෑන්ඩ් හෝටලයේ Oak Room හිදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙහිදී රක්ෂණ ක්ෂේත්රයේ ප්රමුඛයෙකු වන AIA රක්ෂණ සමාගමේ සහ මෙරට ප්රධානතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුවේ හවුල්කාරීත්වයක් ලෙස ක්රියාත්මක වන බැංකු රක්ෂණ සේවා අංශයේ විශිෂ්ටයෝ පිරිසක් ඇගයීමට ලක් වූහ. 2019, 2020 සහ 2021 වසර වලදී මෙම බැංකු රක්ෂණ හවුල්කාරීත්වයේ සාර්ථකත්වයට සුවිශේෂී දායකත්වයක් දැක්වූ විශාල පිරිසක් වෙත මෙලෙස සම්මාන පිරිනමන ලදි.
DFCC බැංකුවේ ප්රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා සහ AIA රක්ෂණ සමාගමේ ප්රධාන විධායක නිලධාරිනී චතුරි මුණවීර මහත්මිය ඇතුළුව දෙපාර්ශ්වයේ ජ්යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. මෙම හවුල්කාරීත්වය අන්යොන්ය වශයෙන් සුවිශේෂී ජීවිත රක්ෂණ සේවා හවුල්කාරීත්වයක් වන අතර, 2016 නොවැම්බර් මාසයේ සිට DFCC බැංකුවේ දීපව්යාප්ත ශාඛා ජාලය හරහා ගනුදෙනුකරුවන්ට AIA රක්ෂණ සමාගමේ රක්ෂණ සේවා මිලදී ගැනීමට අවස්ථාව ලබා දී තිබේ.
“ගනුදෙනුකරුවන්ගේ අවශ්යතාවන්ට හොඳින්ම ගැළපෙන රක්ෂණ විසඳුම් සහ බැංකු සේවාවන් එකම වහලක් යටදී තරගකාරී මිලගණන් යටතේ ලබාදීම සඳහා අප මෙම දීර්ඝකාලීන බැංකු රක්ෂණ සේවා හවුල්කාරීත්වය පවත්වාගෙන යනවා. පසුගිය කාලය තුළ අපට සමාගම් දෙක තුළින්ම විශිෂ්ට දක්ෂතා දැකගැනීමට ලැබුණා. එම දක්ෂතා නිසි ඇගයීමකට ලක්විය යුතුයි. එම නිසාම මේ ආකාරයට බැංකු රක්ෂණ සේවා සම්මාන උළෙලක් පැවැත්වීමට අප තීරණය කළා. ජයග්රාහකයන්ට සුබපැතීමට මෙය අවස්ථාවක් කරගන්නා අතරම, මෙම ජයග්රහණ අනෙක් සියලුම දෙනාට ආදර්ශයක් වනු ඇතැයි කියා මා සිතනවා. එමෙන්ම මෙය අපගේ සමාගම් දෙක අතර පවතින සමීප සම්බන්ධතාව ඇගයීමට ලැබුණු අගනා අවස්ථාවක්. තනිව වැඩ කරනවාට වඩා, සමාන ආකල්ප ඇති පාර්ශ්වයන් එකට එක්වී වැඩ කිරීම තුළින් වඩාත් ඉක්මනින් සාර්ථකත්වය ළඟා කරගැනීමට පුළුවන්.” DFCC බැංකුවේ ප්රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා පැවසී ය.
Annual CEO’s Club Awards, Central Sales Team Highest Volume Generated Team Leaders, MDRT Winners, Best Financial Planning Executive, Million Club Awards, Best New Entrant Branch, Most Productive Branch, Highest Long-Term Branch, Best Bancassurance Sales Manager, Best Regional Manager, Best Branch සහ Top Introducer Awards යන කාණ්ඩ යටතේ මෙහිදී සම්මාන පිරිනමන ලදි. ඇතැම් කාණ්ඩ වලට අදාළ සම්මාන DFCC බැංකුවට සහ AIA රක්ෂණ සමාගමට වෙන් වෙන්ව පිරිනැමුණු අතර, අනෙකුත් කාණ්ඩ සඳහා වූ සම්මාන දෙපාර්ශ්වයට පොදුවේ පිරිනැමිණි.
“මෙය අප සමාගම් දෙකේ දීර්ඝකාලීන හවුල්කාරීත්වය මෙන්ම එහි සාර්ථකත්වයට උරදුන් දක්ෂයන් ඇගයීමට ලැබුණු මහඟු අවස්ථාවක්. ශ්රී ලංකාවේ පැරණිතම මෙන්ම වඩාත්ම ඉදිරිගාමී ලෙස ඩිජිටල් තාක්ෂණය භාවිතා කරන බැංකුවක් සමග මෙවැනි හවුල්කාරීත්වයක් පවත්වාගෙන යාමට හැකි වීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. මෙය දෙපාර්ශ්වයේ ශක්තීන් එක්තැන් කරමින් සාමූහිකව ජයග්රහණය කරා යන ගමනක් ලෙස හැඳින්වීමට පුළුවන්. මෙම සම්මාන උළෙලේදී ජයග්රහණ හිමිකරගත් සියලුම දෙනාට මගේ සුබපැතුම් පිරිනමනවා. මෙය අප සියලු දෙනාම විශිෂ්ටත්වය කරා යාමට දිරිමත් කරනු ඇතැයි යන්න මගේ විශ්වාසයයි.” AIA රක්ෂණ සමාගමේ ප්රධාන විධායක නිලධාරිනී චතුරි මුණවීර මහත්මිය පැවසුවා ය.
සමස්තයක් වශයෙන්, ශ්රී ලංකාව මුහුණ දී සිටින මෙම අභියෝගාත්මක කාලපරිච්ඡේදය තුළ වත්කම් කළමනාකරණය, විශ්රාම සැලසුම්, සෞඛ්ය රක්ෂණ සහ උසස් අධ්යාපන සැලසුම් ප්රවර්ධනය කරමින් සිදුකළ සුවිශේෂී කාර්යභාරය අගයමින්, දෙපාර්ශ්වයේ විශිෂ්ටයන් වෙනුවෙන් මෙම සම්මාන උළෙලේදී සම්මාන 182 ක් පිරිනමන ලදී. සම්මාන උළෙලේ ප්රධාතම සම්මාන කාණ්ඩයක් වූ ‘විශිෂ්ටතම ශාඛාව’ කාණ්ඩයේ සම්මාන කොට්ටාව ශාඛාව, මාතර ශාඛාව සහ බණ්ඩාරගම ශාඛාව වෙත හිමි විය. මෙහි තවත් ප්රධානතම කාණ්ඩයක් වූ ‘Top Introducer’ කාණ්ඩයේ සම්මාන කොට්ටාව ශාඛාවේ සමිත ජයතිලක (2019), කළුතර ශාඛාවේ විරාජ් උඩුගම (2020) සහ මාතර ශාඛාවේ ධනංජය නන්දසිරි (2021) විසින් දිනාගන්නා ලදි.
ඉදිරියටත් තම විශිෂ්ටතම විසඳුම් හා සේවාවන් දිවයින පුරාම ගනුදෙනුකරුවන් වෙත කාර්යක්ෂම ලෙස පිරිනැමීම සඳහා DFCC බැංකුව සහ AIA රක්ෂණ සමාගම එක්ව කටයුතු කරනු ඇත. පවතින අභියෝග සහ ආර්ථික ගැටලු හමුවේ වුවද බාධාවකින් තොරව ගනුදෙනුකරුවන්ට විශිෂ්ට සේවාවක් සැලසීම සඳහා දෙපාර්ශ්වය මේ වනවිටත් ක්රමෝපායික පියවර රැසක් ගෙන තිබේ.

ඡායාරූපය: DFCC බැංකුවේ මාතර ශාඛාවට 2021 වසර සඳහා (පළමු කාණ්ඩය යටතේ) විශිෂ්ටතම ශාඛාව සම්මානය හිමි වූ අවස්ථාව
August, 19, 2022
ශ්රී ලංකාවේ ප්රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව, මෙරට තොරතුරු තාක්ෂණ සහ ව්යාපාර ක්රියාවලි කළමනාකරණ (IT/BPM) ක්ෂේත්රය නියෝජනය කරන ප්රධානතම සංවිධානය වන ශ්රී ලංකා මෘදුකාංග සහ සේවා සමාගම් සංගමය (SLASSCOM) සමග නිල හවුල්කාරීත්වයකට එළඹී සිටී. තොරතුරු තාක්ෂණ සහ ව්යාපාර ක්රියාවලි කළමනාකරණ ක්ෂේත්රය යනු මෙරටට විදේශ විනිමය රැගෙන එන ප්රධානතම ක්ෂේත්ර අතරින් එකකි. කෙසේ නමුත් වර්තමානයේ රට තුළ පවතින බලශක්ති අර්බුදය හේතුවෙන් මෙම කර්මාන්තයට විශාල බලපෑමක් එල්ල වී තිබේ. මෙම තත්ත්වයට පිළියමක් වශයෙන්, ක්ෂේත්රයට තිරසාර බලශක්ති විසඳුම් ලබාදීමට DFCC බැංකුව සහ SLASSCOM එක්ව කටයුතු කරනු ඇති අතර, මෙම හවුල්කාරීත්වය යටතේ එවැනි බලශක්ති විසඳුම් සඳහා විශේෂ මූල්ය සේවාවන්, සහනදායී ගාස්තු සහ වෙනත් විශේෂ ප්රතිලාභ හඳුන්වා දීමට දෙපාර්ශ්වයට බලාපොරොත්තු වෙයි. සමාගම් 420 කට අධික සංඛ්යාවක 115,000 කට අධික පිරිසක් SLASSCOM හි සාමාජිකත්වය දරන අතර, මෙරට IT/BPM අපනයන ආදායමෙන් 90% ක් පමණ ලැබෙනුයේ එම සාමාජික සමාගම් වල ව්යාපාර කටයුතු වලිනි.
මෙම හවුල්කාරීත්වය සඳහා වන අවබෝධතා ගිවිසුමට පසුගියදා DFCC බැංකුවේ ප්රධාන කාර්යාලයේදී අත්සන් තැබිණි. DFCC බැංකුවේ අධ්යක්ෂ/ප්රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා සහ SLASSCOM උප සභාපති අෂීක් අලි මහතා ඇතුළුව දෙපාර්ශ්වය නියෝජනය කරන ජ්යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
මෙම වැඩපිළිවෙළහි කාලෝචිත බව සම්බන්ධයෙන් අදහස් දක්වමින්, DFCC බැංකුවේ අධ්යක්ෂ/ප්රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා මෙසේ පැවසී ය. “මෙම ක්ෂේත්රය සඳහා තිරසාර, විශ්වාසනීය සහ ප්රමාණවත් බලශක්ති උත්පාදන හැකියාවන් නිර්මාණය කිරීම මෙම අවස්ථාවේදී අත්යවශ්යයි. එම නිසා, කර්මාන්තයට ස්ථාවර හා තිරසාර විසඳුම් ලබාදීම සඳහා අප SLASSCOM සමඟ අත්වැල් බැඳගත්තා. මෙම හවුල්කාරීත්වය යටතේ SLASSCOM සාමාජික ආයතන වලට තිරසාර බලශක්ති උත්පාදන ව්යපෘති සඳහා විශේෂ අනුපාත සහ ප්රතිලාභ සහිත මූල්ය පහසුකම් DFCC බැංකුව වෙතින් ලබාගැනීමට හැකිවනවා. මෙය අපගේ තිරසාරත්ව ක්රමෝපායේ තවත් ඉදිරි පියවරක් ලෙසත් හැඳින්විය හැකියි. 1988 වසරේ සිටම අප මෙරට තිරසාර හා පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්ර සඳහා මූල්ය පහසුකම් සපයන පුරෝගාමී ආයතනයක් ලෙස ඉදිරියෙන්ම සිටිනවා. අද දිනයේ මෙලෙස ශ්රී ලංකාවට විශාල වශයෙන් විදේශ විනිමය රැගෙන එන ක්ෂේත්රයක් සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම අපට සතුටක්. රටට වඩාත් තිරසාර අනාගතයක් උදාකර දීමට නම්, මේ ආකාරයට පරිසර දූෂණය අවම වන පරිදි බලශක්තිය උත්පාදනය කිරීම් දිරිගැන්වීම අත්යවශ්යයි.”
1988 වසරේදී ශ්රී ලංකාවේ PV මොඩියුල එකලස් කරන කර්මාන්ත ශාලාවක් සඳහා මූල්ය පහසුකම් සපයමින් DFCC බැංකුව තිරසාර බලශක්ති උත්පාදනයට අත්වැලක් වීමේ පුරෝගාමී මෙහෙවර ආරම්භ කළේ ය. ඊට අමතරව ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ වූ ප්රථම පෞද්ගලික කුඩා ජලවිදුලි ව්යාපෘතිය මෙන්ම සුළං, සූර්ය සහ අපද්රව්ය-බලශක්තිය ව්යාපෘති සහ ජෛව ස්කන්ධ මත පදනම් වූ ඒකාබද්ධ තාප බල ව්යාපෘති ඇතුළු ව්යාපෘති රාශියකට DFCC බැංකුව අරමුදල් සම්පාදනය කර තිබේ. තවද වහල මත සවිකරන සූර්ය බලශක්ති පද්ධති රාශියක් සඳහා බැංකුව අරමුදල් සපයා ඇති අතර, 1997 වසරේදී ශ්රී ලංකාව තුළ ප්රමිතිගත බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුම් හඳුන්වා දීමටද පුරෝගාමී විය. එය අද දක්වාම ශ්රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයේ පෞද්ගලික ආයෝජන සඳහා අදාළ වන ව්යාපෘතියේ මූලික පදනම ලෙස සැලකේ.
මෙම හවුල්කාරීත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, SLASSCOM උප සභාපති අෂීක් අලි මහතා මෙසේ පැවසී ය. “IT/BPM ක්ෂේත්රය යනු ශ්රී ලංකාවට විදේශ විනිමය රැගෙන එන ප්රධානතම ක්ෂේත්ර අතරින් එකක්. 2021 වසරේදී එය ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක ආදායමක් ලැබූ අතර, 2025 වන විට එය ඇමරිකානු ඩොලර් බිලියන 5 දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. මෙම විදේශ විනිමය වලින් වැඩි ප්රතිශතයක් සේවකයන්ට වැටුප් ලෙස ගෙවනු ලබන නිසා ඒවා රට තුළම රැඳෙනවා. මෙම ක්ෂේත්රය පසුගිය කාලයේ COVID-19 රෝග ව්යාප්තියට මෙන්ම ඉන් අනතුරුව ඇති වූ ආර්ථික අර්බුදයටත් හොඳින් මුහුණ දෙමින් සිටින ක්ෂේත්රයක්. අපගේ අපනයන කටයුතු වර්ධනය වෙමින් පවතින අතර, නම්යශීලී රාජකාරි ක්රමවේද ඔස්සේ ජාත්යන්තර සේවාදායකයන් සහ ආයෝජකයන් වෙනුවෙන් තම වගකීම් නොපිරිහෙළා ඉටුකිරීමට ක්ෂේත්රය සමත් වුණා. මේ වනවිට පවතින විදුලි කප්පාදුවට පිළියමක් වශයෙන්, සූර්ය බලශක්තිය වෙත යොමුවීමට සමාගම් සහ කාර්ය මණ්ඩල දිරිගැන්වීමට ක්ෂේත්රය පියවර ගෙන තිබෙනවා. එලෙස පුළුල් මට්ටමින් සූර්ය බලශක්තිය භාවිතයට ගැනීමට හැකි නම්, එමගින් ජාතික විදුලි බල පද්ධතිය මත රඳා පැවතීමේ අවශ්යතාව අවම වන අතරම, ඉන්ධන ආනයනය සඳහා විදේශයන්ට ඇදී යන මුදල් ඉතිරි කරගැනීමට දායක වීමටත් හැකි වේවි. SLASSCOM හි දැක්ම වන්නේ ශ්රී ලංකාව IT/BPM ක්ෂේත්රය සම්බන්ධ හරිත ගමනාන්තයක් බවට පත්කිරීමයි. තිරසාර බලශක්ති ප්රභවයන් වෙත යොමුවීම සහ සේවක සේවිකාවන්ගේ යහපැවැත්ම පිළිබඳව අවධානය යොමුකිරීම තුළින් අපගේ තිරසාරත්ව ඉලක්ක ළඟා කරගැනීම වඩාත් පහසු වනවා. එම නිසා, කර්මාන්තය නියෝජනය කරන ප්රධානතම ආයතනය වශයෙන්, සූර්ය බලශක්ති උත්පාදනය සහ බලශක්ති ස්වයංපෝෂිතභාවය වෙනුවෙන් ක්ෂේත්රයට තිරසාර මූල්ය පහසුකම් සැපයීම සඳහා DFCC බැංකුව සමඟ අත්වැල් බැඳගැනීමට හැකි වීම අපට මහත් සතුටක්.”
DFCC බැංකුව තම තිරසාරත්ව ක්රමෝපාය ඔස්සේ සියල්ලන්ටම ශක්තිමත් ලෙස අභියෝග වලට මුහුණ දිය හැකි අනාගතයක් නිර්මාණය කිරීම සඳහා කැපවී සිටී. මෙම ක්රමෝපාය 2020 වසරේදී හඳුන්වා දෙන ලද්දේ, ඉදිරි දශකය තුළ සියලුම පාර්ශ්වකරුවන් වෙනුවෙන් ඉහළම වටිනාකම් නිර්මාණය කරමින්, මෙරට වඩාත්ම තිරසාර හා ශක්තිමත් බැංකුවක් බවට පත්වීමේ අරමුණිනි.
ඡායාරූපය: DFCC බැංකුව වෙනුවෙන් එහි උප සභාපති (පොදු නීති කටයුතු) සමත්ත්රි කාරියවසම්, ජ්යෝෂ්ඨ උප සභාපති (මුදල් ප්රේෂණ හා ව්යාපාර සංවර්ධන) ඇන්ටන් ආරුමුගම්, අධ්යක්ෂ/ප්රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා යන මහත්ම මහත්මීන් සමග SLASSCOM වෙනුවෙන් එහි උප සභාපති අෂීක් අලි, උප සභාපති ජෙහාන් පෙරින්පනායගම්, අධ්යක්ෂ (මූල්ය) නිශාන් මෙන්ඩිස් සහ විධායක අධ්යක්ෂ චමින්දා ද සිල්වා යන මහත්ම මහත්මීන්
July, 25, 2022
රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ආර්ථිකය නැවත ගොඩනැංවීමට සවිමත් අත්වැලක් සැපයීම සඳහා විදේශ මුදල් ප්රේෂණ ආකර්ෂණය කරගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්රියාවට නැංවීමට DFCC බැංකුව පියවර ගෙන තිබේ. මේ යටතේ විදේශ රටක සිට DFCC බැංකුවේ ගිණුමකට බැර කරන සියලු පෞද්ගලික අභ්යන්තර මුදල් ප්රේෂණ සඳහා ඇමරිකානු ඩොලරයකට රුපියල් 1 ක අමතර මුදලක් ලබාදීමට කටයුතු යොදා ඇත. මෙය ලබාදෙනුයේ ශ්රී ලංකා මහ බැංකුව හඳුන්වා දී ඇති, ඇමරිකානු ඩොලර් 1 කට රු. 2 ක අතිරේක මුදලක් ලබාදෙන දිරි දීමනා ක්රමයට අමතරව ය. මෙම අතිරේක ප්රතිලාභය, විදේශ සේවා නියුක්තිකයන්ගේ පවුල් වල සාමාජිකයන්ට, මේ දුෂ්කර කාලසීමාවේදී අත්වැලක් වනු ඇතැයි DFCC බැංකුව විශ්වාස කරයි. මෙම දිරි දීමනාව, එය එවන්නාගේ අභිමතය පරිදි DFCC බැංකු ගිණුමට ගෙවනු ලබන අතර, ඇමරිකානු ඩොලර් සඳහා පමණක් නොව සියලුම ප්රධාන විදේශ මුදල් සඳහා මෙය අදාළ වේ.
“මෙය ශ්රී ලංකාවට අතිශය තීරණාත්මක මොහොතක්. මෙම අවස්ථාවේදී වගකීම් සහගත බලපත්රලාභී වාණිජ බැංකුවක් ලෙස අපගේ ප්රමුඛතාව වන්නේ විධිමත් ලෙස බැංකු පද්ධතිය හරහා රට තුළට ගලා එන විදේශ ප්රේෂණ ප්රමාණය වැඩිකර ගැනීමයි. ශ්රී ලංකාවට මුදල් එවීමේ වඩාත්ම ආරක්ෂිත, විනිවිද භාවයෙන් යුත් සහ නීත්යානුකූල ක්රමය මෙයයි. ඇත්ත වශයෙන්ම, එසේ කිරීමෙන් මුදල් ප්රේෂණ සිදුකරන්නන්ට සහ මුදල් ලබන්නන්ට බදු සහ මූල්ය ප්රතිලාභ රාශියක් භුක්ති විඳීමට හැකිවෙනවා. බැංකු පද්ධතිය හරහා මෙරටට මුදල් එවන පුද්ගලයන්ට ලැබෙන ප්රතිලාභ තවදුරටත් වැඩි කිරීමට ශ්රී ලංකා රජය මේ වනවිට කටයුතු කරමින් සිටින අතර, ඊට අපගේ පූර්ණ සහයෝගය අප ලබාදෙනවා.” DFCC බැංකුවේ ජ්යෝෂ්ඨ උප සභාපති (අන්තර්ජාතික බැංකු කටයුතු, විදේශ මුදල් ප්රේෂණ සහ ව්යාපාර සංවර්ධන) ඇන්ටන් ආරුමුගම් මහතා පැවසී ය.
අවිධිමත් ලෙස මුදල් යැවීමේ ක්රම සම්බන්ධ විවිධාකාර වූ ජාවාරම්වලට දැනටමත් බොහෝ පිරිසක් ගොදුරු වී ඇත. එම නිසා, ශ්රී ලංකාවට මුදල් යැවීමට ඇති එකම සුරක්ෂිත සහ විශ්වාසනීය ක්රමය බැංකු පද්ධතිය බව DFCC බැංකුව අවධාරණය කරයි. පසුගිය කාලය තුළ බැංකු පද්ධතිය මගින් අඩු හුවමාරු අනුපාතයන් පිරිනැමීම, බොහෝ දෙනෙකු මේ ආකාරයට අවිධිමත් ක්රම වෙත යොමුවීමට බලපෑ ප්රධානතම හේතුවක් විය. එහෙත් දැන් බැංකු පද්ධතිය මගින් ආකර්ෂණීය අනුපාත සහ ප්රතිලාභ ලබාදෙන බැවින්, විදේශගත ශ්රී ලාංකිකයන්ට සුරක්ෂිත ලෙස තම මුදල් ලංකාවට එවමින්, ප්රතිලාභ රැසක්ද භුක්ති විඳීමට අවස්ථාව හිමි වී තිබේ.
“අවිධිමත් ක්රම පවත්වාගෙන යන්නන් වෙනත් නීතිවිරෝධී කටයුතු වලද නිරත වන බව ප්රසිද්ධ රහසක්. එම නිසා එම පුද්ගලයන් නීතියේ රැහැනට හසු වුවහොත්, ඔවුන් හරහා යවන මුදල් රාජසන්තක වීමට වගේම, ඔවුන් මාර්ගයෙන් මුදල් යවන්නන්ද විවිධ ගැටලු වලට මැදි වීමට ඉඩ තිබෙනවා. ඇත්ත වශයෙන්ම, උණ්ඩියල් සහ හවාලා ලෙස පොදුවේ හඳුන්වනු ලබන අවිධිමත් ක්රම හරහා ගනුදෙනු වල නිරත වීම මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක්ද විය හැකියි. මේ අනුව බලන විට අවිධිමත් මුදල් ප්රේෂණ ක්රම නිසා, මුදල් ප්රේෂණ සිදුකරන්නාට මෙන්ම ජාතික ආර්ථිකයටත් මතුවන අවදානම විශාලයි. මෙමගින් මුළු මුදලම අහිමි වීම, විශාල දඩයකට යටත් වීමට සිදුවීම පමණක් නොව, ඇතැම් විට සිර දඬුවම් විඳීමට පවා සිදුවීමට ඉඩ තිබෙනවා.” ඇන්ටන් ආරුමුගම් මහතා පෙන්වා දුන්නේ ය.
මෙම අර්බුදය විසඳමින්, බාධාවකින් තොරව අත්යවශ්ය ද්රව්ය ආනයනය කිරීමටත්, රටේ ආර්ථිකය නැවත ශක්තිමත් කිරීමටත්, නීත්යානුකූල මාර්ග ඔස්සේ රට තුළට විදේශ මුදල් ගලා ඒම වැඩි කළ යුතු ය. විදේශ ශ්රමිකයන්ගෙන් ලැබෙන විදේශ මුදල් ප්රේෂණ, භාණ්ඩ හා සේවා අපනයනය සහ සංචාරක කර්මාන්තය ශ්රී ලංකාවට විදේශ විනිමය ලැබෙන ප්රධානතම ක්රමවේද වේ. කෙසේ නමුත් මෑතකාලීනව රටට ලැබෙන විදේශ මුදල් ප්රේෂණ ප්රමාණය සැලකිය යුතු ලෙස අඩු වී ඇත. මෙසේ වී ඇත්තේ විදේශ රටවල රැකියාව කරන ශ්රී ලාංකිකයන් සංඛ්යාවේ අඩුවක් නිසා නොවේ.
ඇත්ත වශයෙන්ම 2020 වසරේ සිට, විදේශ රැකියාවල නියුතු ශ්රී ලාංකිකයන් සංඛ්යාව ඉහළ ගොස් ඇති නමුත්, දිගින් දිගටම විදේශ මුදල් ප්රේෂණ වල අඩුවීමක් සිදු වී ඇත. මේ නිසා, විධිමත් හා නීත්යානුකූල මාර්ග ඔස්සේ ලැබෙන විදේශ විනිමය ප්රමාණය වැඩිකර ගැනීම සඳහා බැංකු විසින් විදෙස් මුදල් ප්රේෂණ දිරිගැන්වීමේ වැඩසටහන් ක්රියාත්මක කිරීම කාලීන අවශ්යතාවක් වී පවතී.

DFCC බැංකුවේ ජ්යෝෂ්ඨ උප සභාපති (අන්තර්ජාතික බැංකු කටයුතු, විදේශ මුදල් ප්රේෂණ සහ ව්යාපාර සංවර්ධන) ඇන්ටන් ආරුමුගම් මහතා
July, 8, 2022
‘කාටත් ගැළපෙන බැංකුව’ ලෙස හැඳින්වෙන DFCC බැංකුව ක්රියාත්මක කරන ‘සැමට ඉංග්රීසි’ වැඩසටහනේ 4 වන අදියර පසුගියදා සාර්ථක ලෙස නිමාවට පත්විය. අනුරාධපුර, බදුල්ල සහ වවුනියාව යන ප්රදේශ ආවරණය කළ මෙම වැඩසටහන, COVID-19 සම්බන්ධ සීමාවන් නිසා මෙවර පවත්වන ලද්දේ මාර්ගගත (Online) වැඩසටහනක් වශයෙනි. DFCC බැංකුවේ තිරසාරත්ව ක්රමෝපායේ එක් පියවරක් වශයෙන්, මෙරට අ.පො.ස. උසස් පෙළ විභාගය සමත් වයස අවුරුදු 18 ත් 25 ත් අතර තරුණ තරුණියන්ට ආත්ම විශ්වාසයෙන් යුතුව ශ්රම බලකායට එක්වීමට හැකිවීම සඳහා ඔවුන්ගේ ඉංග්රීසි භාෂා දැනුම සහ මෘදු කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.
මෙවර වැඩසටහන සාර්ථකව අවසන් කළ තරුණ තරුණියන් ඇගයීමේ උත්සව මාලාවක්, ඔවුන් පාඨමාලාවන්ට එක්වූ ප්රදේශ වල පිහිටි DFCC බැංකු ශාඛා වලදී පැවැත්විණි. මෙහිදී ඔවුන්ට වටිනා සහතිකපත් පිරිනමන ලද අතර, DFCC බැංකුවේ ජ්යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවන් හමුවීමටද ඔවුන්ට අවස්ථාව ලැබිණි.
‘සැමට ඉංග්රීසි’ වැඩසටහන මීට පෙර 2017, 2018 සහ 2019 වසර වලදී ගම්පහ, කළුතර, මහනුවර, කුරුණෑගල, ගාල්ල, අම්පාර, රත්නපුර, පොළොන්නරුව සහ යාපනය යන ප්රදේශ වල පවත්වන ලද අතර, සිසු සිසුවියන් 300 කට අධික පිරිසක් එම වැඩසටහන් වලට එක්වූහ. එහෙත් 2020 සහ 2021 වසර වලදී COVID-19 රෝග ව්යාප්තිය නිසා මෙම වැඩසටහන පැවැත්වීමට නොහැකි විය. මෙම වසරේදී ‘සැමට ඉංග්රීසි’ වැඩසටහන අනුරාධපුර, වවුනියාව සහ බදුල්ල යන දිස්ත්රික්ක තුළ පවත්වන ලද අතර, තරුණ තරුණියන් 50 කට අධික පිරිසකට එමගින් ඉංග්රීසි භාෂාව හැදෑරීමට අවස්ථාව ලැබිණි. මෙය එම තරුණ තරුණියන්ට ශ්රම බලකායට එක්වීම සඳහා අවශ්ය සුදුසුකමක් වන කථන ඉංග්රීසි සහ මෘදු කුසලතා වැඩිදියුණු කරගැනීමට ලැබුණු අගනා අවස්ථාවක් විය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් DFCC බැංකුවේ ජ්යෙෂ්ඨ උප සභාපති (පාරිභෝගික බැංකුකරණ සහ කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාර) ආසිරි ඉද්දමල්ගොඩ මහතා කියා සිටියේ, අභියෝග හමුවේ පවා ‘සැමට ඉංග්රීසි’ වැඩසටහන නැවත ආරම්භ කිරීමට හැකිවීම පිළිබඳව තමන් බෙහෙවින් සතුටු වන බවයි. “සමාජයීය වශයෙන් වගකීම් සහගත බැංකුවක් වශයෙන්, තරුණ පරපුරේ ඉංග්රීසි භාෂා නිපුණත්වය සහ මෘදු කුසලතා වර්ධනය කිරීම කෙතරම් වැදගත්ද යන්න අප හොඳින් හඳුනාගෙන තිබෙනවා. මෙම හැකියාවන් තිබෙන අයට රැකියාවක් සොයාගැනීම මෙන්ම රැකියාවේ ඉදිරියට යාමත් පහසුයි. එමෙන්ම ඔවුන්ට ජාත්යන්තරය සමග ගනුදෙනු කිරීමටත් හැකි වනවා. අධ්යාපනය යනු අපගේ පුළුල් තිරසාරත්ව ක්රමෝපාය තුළ ප්රමුඛත්වය හිමිවන ප්රධානතම අංග 6 න් එකක්. මේ නිසාම අප අධ්යාපනික වැඩසටහන් රාශියකට දැනටමත් දායකත්වය ලබා දී තිබෙනවා. එමෙන්ම මෙය, අභියෝග වලට මුහුණ දීමේ හැකියාව සහිත ශක්තිමත් ප්රජාවන් නිර්මාණය කිරීම සඳහා අප දරන උත්සාහයට සමගාමී පියවරක් ලෙසත් හැඳින්වීමට පුළුවන්. මේ දුෂ්කර කාලසීමාවේදී පවා මෙවැනි වැඩසටහන් අඛණ්ඩව පවත්වාගෙන යාම අපගේ ඉලක්කයයි. තරුණ පරපුරට තම සිහින සැබෑ කරගනිමින්, තමන් අපේක්ෂා කරන ආකාරයේ ජීවිත ගතකිරීමට ලැබෙන කාලයක් ඉක්මනින් උදාවේවා කියා අප ප්රර්ථනා කරනවා.” ආසිරි ඉද්දමල්ගොඩ මහතා වැඩිදුරටත් පැවසී ය.
DFCC බැංකුවේ ‘සැමට ඉංග්රීසි’ වැඩසටහන මාස 3 ක් පුරා පැවැත්වෙන අතර, එහිදී ඉංග්රීසි භාෂා සන්නිවේදන කුසලතා, මූලික ව්යාකරණ සහ වාක්ය ව්යුහයන්, සවන්දීමේ කුසලතා, කියවීමේ කුසලතා සහ ලිවීමේ කුසලතා යනාදී අංශ ආවරණය කරයි. රැකියා වෙළඳපොළ ඉලක්ක කරගත් මෙම පාඨමාලාව තුළදී සිසු සිසුවියන්ට යුගළ සහ කණ්ඩායම් වශයෙන් ක්රියාකාරකම් වල යෙදෙමින් තම කුසලතා වැඩිදියුණු කරගැනීමට අවස්ථාව ලැබේ. මීට අමතරව මෙම තරුණ තරුණියන්ට මාසයක් පුරා තම මෘදු කුසලතා වැඩිදියුණු කරගැනීමේ වැඩසටහනකට සහභාගී වීමට අවස්ථාව ලැබෙන අතර, එහිදී කණ්ඩායම් හැඟීමෙන් යුතුව වැඩ කිරීම, කාල කළමනාකරණය, සම්මුඛ පරීක්ෂණ වලට මුහුණ දීම සහ ඉදිරිපත් කිරීමේ හා ලිවීමේ හැකියාව වැඩිදියුණු කරගැනීම වැනි මූලික කරුණු ආවරණය කෙරේ.
සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන ‘සැමට ඉංග්රීසි’ වැඩසටහනට සුදුසුකම් ලැබූ තරුණ තරුණියන්ට, බාධාවකින් තොරව මාර්ගගත ක්රමයට ඊට සහභාගී වීමට හැකි වීම සඳහා දත්ත දීමනාවක් සහ ‘හෑන්ඩ්ස්ෆ්රී සෙට්’ එකක්ද නොමිලේ හිමි වේ. DFCC බැංකුවේ ෆේස්බුක් පිටුව ඔස්සේ වැඩසටහන සඳහා අයදුම්පත් භාරගනු ලබන අතර, මූලික මාර්ගගත තක්සේරුවකින් අනතුරුව සුදුස්සෝ තෝරාගැනෙති.
සිය තිරසාර ක්රමෝපාය ඔස්සේ, අධ්යාපනයට ඇති අවස්ථා පුළුල් කරමින්, අභියෝග වලට ශක්තිමත් ලෙස මුහුණ දිය හැකි ප්රජාවන් නිර්මාණය කිරීම සඳහා DFCC බැංකුව කැපවී සිටී. මෙම අරමුණ වෙනුවෙන් DFCC බැංකුව ‘සැමට ඉංග්රීසි’ වැඩසටහනට අමතරව තවත් අධ්යාපනික සහ ප්රජා සත්කාර වැඩසටහන් රාශියක් ක්රියාවට නංවා ඇත. ‘සැමට ඉංග්රීසි’ වැඩසටහන තුළදී ඉහළම දක්ෂතා දක්වන තරුණ තරුණියන්ට DFCC බැංකුව තුළ සීමාවාසික පුහුණු අවස්ථාවන්ද හිමි වීම විශේෂත්වයකි.
June, 22, 2022
ශ්රී ලංකාවේ ව්යාපාර වලට අත්වැලක් වීමේ උත්සාහයේ තවත් පියවරක් වශයෙන් DFCC බැංකුව, Mastercard ඉලෙක්ට්රොනික ගෙවීම් පහසුකම (Mastercard Payment Gateway) හරහා ඉලෙක්ට්රොනික ගෙවීම් සිදුකිරීමේ පහසුකම සලසා දී තිබේ. ඒ අනුව DFCC ගනුදෙනුකරුවන්ට දැන් අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවාවන් අලෙවි කිරීමටත්, ඒ සඳහා Mastercard ගෙවීම් ක්රියාවලිය ඔස්සේ ගෙවීම් භාරගැනීමටත් අවස්ථාව හිමි වී ඇත.
Mastercard ඉලෙක්ට්රොනික ගෙවීම් පහසුකම ක්රියාත්මක කිරීම DFCC බැංකුවේ ඩිජිටල් පරිවර්තනයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයකි. රටම ඩිජිටල් ආර්ථිකයක් වෙත යොමුවෙමින් සිටින මේ මොහොතේ DFCC බැංකුව දිගින් දිගටම මේ ආකාරයට බැංකු ක්ෂේත්රයේ ඩිජිටල් ඉදිරි ගමන තුළ පුරෝගාමී මෙහෙවරක් ඉටුකරමින් සිටී.
විශේෂයෙන්ම එකිනෙකට වෙනස් වටිනාකම් අනුව තම නිෂ්පාදන සඳහා මිල නියම කරන සුළු, කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාර වලට මෙම සේවාව භාවිතා කළ හැකි වේ. මෙය එම ව්යවසායකයන්ට තම ව්යාපාර දියුණු කරගනිමින් රටේ ඩිජිටල් ආර්ථිකයට දායක වීමට ලැබෙන මහඟු අවස්ථාවකි. Mastercard ඉලෙක්ට්රොනික ගෙවීම් පහසුකම භාවිතා කිරීම මගින් මෙම ව්යාපාර වලට තමන් නිතිපතා ව්යාපාර කටයුතු සිදුකරන මාධ්ය වලදී ඉලෙක්ට්රොනිකව ගෙවීම් භාරගැනීමට හැකියාව ලැබේ. මේ යටතේ එක් එක් ව්යාපාරයේ අවශ්යතාවන්ට අනුව සේවාව සැලසුම් කිරීමට DFCC බැංකුවට අවස්ථාව ලැබෙන අතර, එය එම ව්යාපාර වලට විශාල පහසුවක් සලසමින් අවදානම් සාර්ථක ලෙස කළමනාකරණය කිරීමටද ඉඩකඩ සලසා දෙයි.
“පුළුල් පරාසයක ගෙවීම් විකල්ප සහිත විශ්වාසනීය හා සුරක්ෂිත ඩිජිටල් ගෙවීම් යටිතල පහසුකම් සඳහා දැඩි අවශ්යතාවක් පවතින බව අප හොඳින් දන්නවා. එම අවශ්යතාව සපුරාලීම සඳහා මේ ආකාරයට, ලොව ජනප්රියම ගෙවීම් සේවාවක් වන Mastercard ඉලෙක්ට්රොනික ගෙවීම් සේවාවන් සමග හවුල්කාරීත්වයකට එළඹීමට හැකිවීම අපට මහත් සතුටක්. මෙය අපගේ ගනුදෙනුකරුවන් සහ ව්යාපාරිකයන් ඇතුළු සියලුම දෙනාට විශාල පහසුවක් අත්කර දෙනු ඇතැයි කියා අප සිතනවා. මෙමගින් එම ව්යාපාරිකයන්ට තම ව්යාපාර පුළුල් කරගැනීමටත්, රට පුරා තම නිෂ්පාදන හා සේවාවන් ව්යාප්ත කිරීමටත් අවස්ථාව ලැබේවි.” DFCC බැංකුවේ ජ්යෙෂ්ඨ උප සභාපති (පාරිභෝගික බැංකුකරණ සහ කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාර) ආසිරි ඉද්දමල්ගොඩ මහතා පැවසී ය.
මෙම හවුල්කාරීත්වය හරහා සේවා සම්පාදකයන් සමග අත්වැල් බැඳගනිමින් ගෙවීම් භාරගැනීමේ අවස්ථාවන් වැඩි කිරීමටත්, නැගී එන වෙළඳපොළ කාණ්ඩ වෙත පිවිසීමටත් DFCC බැංකුව බලාපොරොත්තු වෙයි.
“ව්යාපාර වලට අන්තර්ජාලය ඔස්සේ ගෙවීම් භාරගැනීමේ හැකියාව ලබාදීමට කටයුතු කරමින් සිටින DFCC බැංකුව සමග හවුල්කාරීත්වයකට එළඹීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙය එම ව්යාපාර වලට වැඩි පාරිභෝගික පිරිසක් සමග ගනුදෙනු කිරීමටත්, නව ඩිජිටල් ගෙවීම් යුගයේ තරගකාරීත්වයට මුහුණ දීමටත් ලැබෙන අගනා අවස්ථාවක්. Mastercard සෑම විටම උත්සාහ කරන්නේ පාරිභෝගිකයන්ට පහසුවෙන් භාවිතා කළ හැකි සුරක්ෂිත මුදල් ගෙවීම් සේවාවන් පිරිනැමීමටයි.” Mastercard හි ශ්රී ලංකාව සහ මාලදිවයින සඳහා දේශීය කළමනාකරු සඳුන් හපුගොඩ මහතා පැවසී ය.
අලුතින් ක්රියාවට නංවන ලද Mastercard ඉලෙක්ට්රොනික ගෙවීම් පහසුකමෙහි ඇති අතිනවීන හා ඉහළ තලයේ API නිසා එය ඉතාමත් පහසුවෙන් විද්යුත් වාණිජ වෙබ් අඩවි හා ජංගම යෙදවුම් සමග සම්බන්ධ කළ හැකි වේ. මෙහි එක් ප්රධානතම අංගයක් වන 'Simplified Commerce' සේවාව, එලෙස වාණිජ වෙබ් අඩවියක් හෝ ගිණුමක් ඉතාමත් පහසුවෙන් Mastercard ගෙවීම් ද්වාරය සමග සම්බන්ධ කිරීමට අවස්ථාව සලසා දෙයි. මෙමගින් සුළු, කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාර හිමියන්ගේ මෙහෙයුම් පිරිවැය අවම වන අතර, ඔවුන්ට තම ව්යාපාර වල වඩාත් වැදගත් අංශ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ හැකි වේ. මෙහි අතිනවීන සුරක්ෂිත ත්රිමාණ ගෙවීම් ක්රමයක් වන 3DS 2.0 (EMV 3DS) විසඳුම් භාවිතා කළ හැකි අතර එමගින් ගනුදෙනුව සිදුකරන විට කාඩ්පත් හිමියාගේ අනන්යතාව තහවුරු කිරීම අතිශයින් පහසු කරයි.
මෙම අතිරේක ආරක්ෂක ක්රමවේදය, අනවසර ගනුදෙනු සහ වංචාවන්ගෙන් ව්යාපාර ආරක්ෂා කිරීමට සමත් ය. එමෙන්ම මේ සමග WooCommerce, OpenCart, Prestashop සහ Magento වැනි ජනප්රිය plug-ins භාවිතා කළ හැකි අතර, නැවත නැවත සිදුකරන ගෙවීම් සඳහා tokenization විසඳුමක් භාවිතා කළ හැකි වේ. තවද Mastercard ඉලෙක්ට්රොනික ගෙවීම් පහසුකම නවීනතම තාක්ෂණයන්ගෙන් යුක්ත වන නිසා එය මුහුණට මුහුණ ලා සිදුකරන ගෙවීම් භාරගැනීම සඳහා Android Point of Sale (PoS) යන්ත්ර සමගද සම්බන්ධ කළ හැක.
මීට අමතරව මෙම සේවාව භාවිතා කරන ව්යාපාරවලට පහසුවෙන් භාවිතා කළ හැකි කොන්සෝලයක් මගින් තත්කාලීන ගනුදෙනු නිරීක්ෂණය කිරීම සහ වාර්තා ලබාගැනීම සිදුකළ හැකි වේ. මෙමගින් ඔවුන්ට අනුමත වූ ගෙවීම් පිළිබඳ දළ විශ්ලේෂණයක් ලබා ගනිමින්, තම මූල්ය කටයුතු නිසි පාලනයකින් යුතුව පවත්වා ගත හැක. එමෙන්ම මාර්ගගත යෙදවුම් බහුතරයක් සමග Mastercard ගෙවීම් ද්වාරය ඉතාමත් පහසුවෙන් සම්බන්ධ කිරීමේ හැකියාව පවතී.
ඡායාරූපය (වමේ සිට): DFCC බැංකුවේ කළමනාකරු (අලෙවිකරුවන් සම්බන්ධ කරගැනීම) ක්රිෂාන් ජයමාන්න, එම බැංකුවේ ජ්යෙෂ්ඨ උප සභාපති (පාරිභෝගික බැංකුකරණ සහ කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාර) ආසිරි ඉද්දමල්ගොඩ, Mastercard හි ශ්රී ලංකාව සහ මාලදිවයින සඳහා දේශීය කළමනාකරු සඳුන් හපුගොඩ, DFCC බැංකුවේ උප සභාපති/ කාඩ්පත් මධ්යස්ථාන ප්රධානී ඩෙන්වර් ලුවිස් සහ එම බැංකුවේ සහකාර උප සභාපති (කාඩ්පත් මෙහෙයුම්) ගැමුණු ගුණසුමන යන මහත්වරුන්
June, 9, 2022
DFCC බැංකුව තම තිරසාර සංවර්ධන වැඩසටහන් මාලාවේ එක් අදියරක් වශයෙන්, පසුගිය වෙසක් සමයේ දිවයින පුරා පවුල් රැසකට වියළි ආහාර සලාක පරිත්යාග කිරීමට කටයුතු කළේ ය. ශ්රී ලාංකේය පුරවැසියන් මේ මොහොතේ මුහුණ දෙමින් සිටින දුෂ්කරතාවය සැලකිල්ලට ගනිමින්, මෙම වසරේ වෙසක් සැරසිලි සඳහා වෙන්කර තිබූ මුදල් DFCC බැංකුව විසින් මෙම ප්රජා සත්කාරය සඳහා යොදවන ලදි. ඒ අනුව, බැංකුවේ තිරසාරත්ව ක්රමෝපායට අනුකූලව, කළමනාකාරීත්වය විසින් සිදුකරන ලද සමීක්ෂණයකින් අනතුරුව, සෑම දිස්ත්රික්කයක්ම ආවරණය වන පරිදි ශාඛා 25 ක් තෝරාගැනුණු අතර, ඒ ඔස්සේ වෙසක් සමයේ ආර්ථික දුෂ්කරතා වලින් පෙළෙන පවුල් 250 කට වියළි ආහාර කට්ටල ලබාදීම සිදුවිය.
මෙම වැඩසටහන යටතේ අදාළ ප්රදේශ වල රජයේ බලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව, වියළි සලාක ලබාදීම සඳහා සෑම ශාඛාවක්ම පවුල් 10 බැගින් තෝරාගන්නා ලදි. මෙය හුදෙක් ගනුදෙනුකරුවන්ගෙන් ඔබ්බට ගොස් ප්රජාවට යහපතක් සිදුකිරීම සඳහා DFCC බැංකුව දැරූ තවත් සුවිශේෂී උත්සාහයක් විය. එමෙන්ම DFCC බැංකුව මෙම සත්කාරය තුළදීද තිරසාරත්වය සඳහා වන සිය කැපවීම නැවත වරක් ප්රදර්ශනය කරමින්, පොලිතීන් බෑග් හෝ කාඩ්බෝඩ් පෙට්ටි වෙනුවට මෙම වියළි ආහාර සලාක බෙදාදීම සඳහා පරිසර හිතකාමී සහ නැවත භාවිතා කළ හැකි බෑග් භාවිතා කරන ලදි.
“කාටත් ගැළපෙන බැංකුව වශයෙන් අප ජනතාව මුහුණ දෙන දුෂ්කරතාවන්ට අතිශයින් සංවේදීයි. ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයට රට මුහුණ දී ඇති මේ මොහොතේ, අප සියලු දෙනාම අපගේ වගකීම ඉටුකළ යුතු වනවා. මේ අදහස මුල්කරගෙන, අපගේ තිරසාරත්ව ක්රමෝපායෙන් පන්නරය ලබමින්, වෙසක් සැරසිලි සඳහා වෙන්කර තිබූ මුදල් මේ අර්ථවත් සමාජ සත්කාරය සඳහා යෙදවීමට අප තීරණය කළා. වෙසක් මංගල්යයේ සැබෑ අරුත පරිද්දෙන්ම, අපට වඩා දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින මිනිසුන්ට පිරිසකට මෙලෙස පිළිසරණක් වීමට ලැබීම අපට මහත් සතුටක්. අපට හැකි පරිදි අප තෙමගුල සමරන අතරතුර, ආලෝකය, සාමය හා සෞභාග්යය සපිරි නව යුගයක් ඉතසිතින් ප්රර්ථනා කරමු.” DFCC බැංකුවේ ජ්යෙෂ්ඨ උප සභාපති/ අංශ ප්රධානී (පාරිභෝගික බැංකුකරණ සහ කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාර) ආසිරි ඉද්දමල්ගොඩ මහතා පැවසී ය.
මෙම වැඩසටහන යටතේ මාතර, බදුල්ල, නාවල, මහනුවර, කදුරුවෙල, මීගමුව, යාපනය, ලේක් හවුස්, කළුතර, කුරුණෑගල, අනුරාධපුර, ගාල්ල, රත්නපුර, ගම්පහ, බණ්ඩාරවෙල, ත්රිකුණාමලය, මඩකලපුව, දඹුල්ල, ගම්පොල, මාතලේ, නුවර එළිය, අම්පාර, ඇඹිලිපිටිය, මොණරාගල, සහ හම්බන්තොට යන ශාඛාවන් හරහා වියළි ආහාර සලාක බෙදාදීම සිදුකරන ලදි.
DFCC බැංකුවේ තිරසාරත්ව ක්රමෝපාය යටතේ එහි තිරසාරත්ව අරමුණ වන්නේ, අභියෝග වලට වඩාත් හොඳින් මුහුණ දිය හැකි ශ්රී ලංකාවක් නිර්මාණය කිරීම ය. මේ අනුව, බැංකුවේ 2030 තිරසාර ඉලක්ක සහ වැඩසටහන්, ඉදිරි දශකය තුළ මුහුණ දීමට සිදු විය හැකි අවිනිශ්චිතතාවන් සඳහා බැංකුව සහ දේශය සවිබල ගැන්වීමේ අරමුණින් සැලසුම් කර තිබේ. ශ්රී ලංකාවේ හරිත මූල්යකරණයට සම්බන්ධ පුරෝගාමී බැංකුවක් ලෙස ඉදිරියට ඒමට කටයුතු කරන අතරම, 2030 වර්ෂය වන විට තම තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගනිමින් පුද්ගලික, ආයතනික සහ ජාතික මට්ටමින් අභියෝග වලට මුහුණ දීමේ හැකියාව වර්ධනය කිරීම බැංකුවේ අරමුණ වේ.
Video Story