• Ada Derana BIZ Sinhala
  • DFCC
  • sri lanka
  • UnionPay

DFCC බැංකුව UnionPay කාඩ්පත් ගෙවීම් භාරගැනීම ආරම්භ කිරීම සඳහා ගිවිසුම්ගත වෙයි

October, 20, 2022

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව, UnionPay කාඩ්පත් මගින් සිදුකරන ගෙවීම් භාරගැනීමට හැකිවන ආකාරයට තම POS යන්ත්‍ර (Point-of-Sales machines)  සැලසුම් කිරීම සඳහා පසුගියදා UnionPay සමග ගිවිසුමක් අත්සන් කළේ ය. 2020 වසරේ සිට තම merchant acquiring වැඩසටහන පුළුල් ලෙස ක්‍රියාත්මක කළ DFCC බැංකුව මේ වනවිට ගෙවීම් සේවාවන් රැසක් තම ජාලයට එක්කරමින්, ගෙවීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සේවා සම්පාදකයෙකු බවට පත් වී තිබේ. UnionPay ක්‍රියාත්මක කිරීමත් සමග, DFCC බැංකුවේ merchant acquiring ජාලය දැන් ඕනෑම ප්‍රධාන පෙළේ කාඩ්පතක් මගින් සිදුකරන ගෙවීම් භාරගත හැකි ජාලයක් බවට පත් වනු ඇත.

“වසර කිහිපයක් වැනි කෙටි කාලයක් තුළ මෙතරම් කාඩ්පත් ප්‍රමාණයක් පිළිගැනීමට හැකිවන පරිදි අපගේ ජාලය පුළුල් කිරීමට හැකි වීම අප ලැබූ සුවිශාල ජයග්‍රහණයක්.  UnionPay සමග මෙම හවුල්කාරීත්වයට එළඹීමට හැකි වීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. කෙටි කාලයක් තුළ අපගේ Internet Payment Gateway Services (IPGS)  තුළත් UnionPay කාඩ්පත් භාරගැනීම සක්‍රීය කිරීමටත් අප කටයුතු කරනවා. UnionPay මේ වනවිට ලොව පුරාම ජනප්‍රිය වෙමින් තිබෙන අතර, අපගේ විද්‍යුත් ගෙවීම් ක්‍රමවේද හරහා පහසුවෙන් ගෙවීම් කිරීමට අවස්ථාව සලසා දීම අපගේ බලාපොරොත්තුවයි. එමෙන්ම මෙම හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඉදිරියේදී නව වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවීමටත් අප සැලසුම් කර තිබෙනවා. Merchant acquiring කටයුතු වැඩිදියුණු කරන අතරම, නවීන ඩිජිටල් තාක්ෂණය භාවිතයෙන් පාරිභෝගිකයන්ටත් වෙළඳුන්ටත් උපරිම පහසුකම් සැලසිය යුතු බව අපගේ විශ්වාසයයි.  මේ සඳහා වෙළඳුන් Android තාක්ෂණය භාවිතා කළ හැකි වීම වැනි අවම මූලික සුදුසුකම් සපුරාලිය යුතු වනවා. ඉදිරියේදී DFCC merchant acquiring ජාලයට IPGS ඔස්සේ සිදුකරන UnionPay ගෙවීම් භාරගැනීමට හැකිවීම වෙළඳුන් සහ පාරිභෝගිකයන් යන දෙපාර්ශ්වයටම සුවිශාල් පහසුවක් වේවි.” DFCC බැංකුවේ උප සභාපති/කාඩ්පත් මධ්‍යස්ථාන ප්‍රධානී ඩෙන්වර් ලුවිස් මහතා පැවසී ය.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට අත්වැලක් වීමට සෑම විටම කටයුතු කරන බැංකුවක් වශයෙන් DFCC බැංකුව මේ වනවිට SME සහ MSME කාණ්ඩයේ ව්‍යාපාර පිළිබඳ වැඩි අවධානයකින් යුතුව, තම වෙළඳ ව්‍යාපාර ජාලය පුළුල් කිරීමේ සැලසුමක් ක්‍රියාවට නංවා තිබේ. ඩිජිටල් ක්‍රමයට ගෙවීම් භාරගැනීම දිරිගන්වන අතරම අතර ව්‍යාපාර ආයතන සඳහා ප්‍රවේශය වැඩි කිරීම සහ බාධා ඉවත් කිරීම සඳහා DFCC බැංකුව මේ වනවිට විශේෂ වැඩසටහනක්ද (Micro Merchant Programme) ක්‍රියාවට නංවා ඇත. සාමාන්‍යයෙන් ඉහළ සේවා ගාස්තු සහ අධික වියදම් නිසා සුළු පරිමාණ ව්‍යාපාර ඩිජිටල් ගෙවීම් ක්‍රම භාවිතා කිරීමට මැළිකමක් දක්වන අතර, මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා DFCC බැංකුව මේ වනවිට සාර්ථක උත්සාහයක නිරත වී සිටී. දැනටමත් රෝහල්, ඇඟලුම් අලෙවිසැල් සහ සුපිරි වෙළඳසැල් ඇතුළු විවිධ ප්‍රමාණයේ ව්‍යාපාර රාශියක් DFCC බැංකුවේ POS යන්ත්‍ර සහ අන්තර්ජාල ගෙවීම් සේවාව භාවිතා කරයි.  

 

ඡායාරූප විස්තරය, වමේ සිට: UnionPay International Sri Lanka & Maldives හි අලෙවි ප්‍රධානී අරූෆ් සමූන්, එම සමාගමේ ව්‍යාපාර සංවර්ධන හා නිෂ්පාදන ප්‍රධානී බෙන්සි ප්‍රනාන්දු, එම සමාගමේ මෙරට ප්‍රධාන කළමනාකරු ක්‍රිස්පින් විජේසේකර, DFCC බැංකුවේ උප සභාපති/කාඩ්පත් මධ්‍යස්ථාන ප්‍රධානී ඩෙන්වර් ලුවිස්, එම බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී (කාඩ්පත් මෙහෙයුම්) ශලීන්ද්‍රී ධර්මරත්න සහ කළමනාකරු (Merchant Aquiring) ක්‍රිෂාන් ජයමාන්න යන මහත්ම මහත්මීන් ඡායාරූපයේ දිස් වේ.