January, 16, 2023
ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්යාපාරයක් වන DIMO, TATA Mortors සමඟ එක් ව, ‘DIMO - TATA Mega Campaign වෙළෙඳ වාහන සේවා වැඩසටහන දියත් කළ අතර, එම වැඩසටහන 2023 ජනවාරි 9 සිට 21 දක්වා දිවයින පුරා DIMO – TATA මධ්යස්ථාන 16ක් ඇතුළුව ස්ථාන 32ක් ආවරණය කරමින් පැවැත්වේ.
මෙම වැඩසටහන මගින් සියලු ම TATA වෙළෙඳ වාහන පාරිභෝගිකයින්ට ඔවුන්ගේ වාහනය අවම නඩත්තු පිරිවැයක් සහිත ව හොඳ තත්ත්වයෙන් ධාවනය කිරීමේ හැකියාව ලබා දෙයි. වාහන ආනයනය කිරීම සීමා කර ඇති වර්තමානයේ පාරිභෝගිකයාගේ දෛනික වැඩ කටයුතු පහසු කිරීම මෙන් ම වාහනවල ආයු කාලය වැඩි කිරීමට සහයෝගය ලබා දීම ද මෙම වැඩසටහනේ ප්රධානතම අරමුණයි.
මෙම වැඩසටහනට සහභාගි වන පාරිභෝගිකයින්ගේ TATA වෙළෙඳ වාහනවල එන්ජිම, ගියර් පද්ධතිය, Differential, Propeller Shaft, Clutch, Suspension, Steering, Brake, Hydraulics, විද්යුත් උපාංග, ඉන්ධන පද්ධතිය ඇතුළු තවත් රථ වාහන උපාංග ගණනාවක් ආවරණය වන පරිදි පූර්ණ පරීක්ෂණයක් නොමිලේ ලබා දෙයි. එමෙන් ම එහි දී වාහනයට ලබා දිය යුතු අලුත්වැඩියා සහ සේවා කටයුතු පිළිබඳව ද උපදෙස් හා සවිස්තර වාර්තාවක් ලබා ගත හැකි වීම ද විශේෂ වරප්රසාදයකි. ඊට අමතරව, මෙම වැඩසටහන මගින් 2023 මාර්තු 31 දක්වා කාල සීමාව තුළ TATA අමතර කොටස් සඳහා 50% දක්වා වට්ටම් ලබා ගැනීමේ හැකියාව ද පවතී.
දීපව්යප්තව පවත්වන මෙම වැඩසටහන තුලින් DIMO - TATA සේවා මධ්යස්ථාන මඟින් පිරිනමන සේවා සහ TATA වාහනවලට අදාළ ලිහිසිකරණ සේවා, ක්ලච් අලුත්වැඩියාව, ටයිමින් බෙල්ට්, හබ් ග්රීස් කිරීම, එන්ජින් අලුත්වැඩියා කිරීම් ආදී අලුත්වැඩියා පැකේජ පිළිබඳව ද පාරිභෝගික ජනතාව දැනුවත් කෙරෙයි. මෙම පැකේජ මගින් පාරිභෝගිකයින්ට වෙනත් වාහන සේවා මධ්යස්ථානවලින් නොලැබෙන සේවාවක් අවම මිල ගණන් යටතේ ලබා ගත හැකි අතර, DIMO - TATA ටී-ෂර්ට්, සහ තවත් බොහෝ වාසී ලබා ගැනීමේ හැකියාව පවතී.
DIMO හි අලෙවියෙන් පසු සේවා අංශයේ ප්රධාන මෙහෙයුම් නිලධාරී මහේෂ් කරුණාරත්න මහතා පැවසුවේ, “2023 වර්ෂය සඳහා අපගේ පාරිභෝගික ජනතාවගේ වාහන නඩත්තු කිරීම සඳහා නිවැරදි ආරම්භයක් ලබා දීම වෙනුවෙන් දීප ව්යප්තව මෙම DIMO - TATA Mega Campaign සංවිධානය කිරීමට කටයුතු කළා. පාරිභෝගික ජනතාවට කාලෝචිත සේවාවක් දැරිය හැකි අයුරින් ලබා දෙන මෙම වැඩසටහන් මඟින් ක්ෂේත්රයේ සියලු ම පාර්ශ්වකරුවන්ගේ සිහින හා අභිලාෂයන් බල ගැන්වීම අපගේ අරමුණයි." යනුවෙනි.
කරුණාරත්න මහතා වැඩිදුරටත් ප්රකාශ කළේ, “ඉන්ධන මිල සහ ඉන්ධන ලබා ගැනීම ගැන වඩාත් සැලකිලිමත් වන වර්තමානයේ දී, වාහනයක් නිසි ලෙස නඩත්තු කිරීම මගින් විශ්වසනීයත්වය සහතික කරනවා වගේ ම ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි කරගනිමින් වාහනයේ සමස්ත ක්රියාකාරීත්වය වැඩි දියුණු කර ගැනීමේ අවස්ථාව ලබා දෙනවා. එමගින් නඩත්තු සහ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් කිරීමට සිදු වන අමතර වියදම් අවම කිරීමට බෙහෙවින් උපකාරී වෙනවා. වර්තමාන ආර්ථික පසුබිම තුළ නිසි පරිදි වාහන නඩත්තු කිරීමේ අවශ්යතාව ඉතා වැදගත් නිසා ම මෙම වැඩසටහන මගින් පාරිභෝගික ජනතාවට තම වාහනවල සුමට ක්රියාකාරිත්වය තහවුරු කර ගැනීමේ පහසුව ලබා දෙනවා." යනුවෙනි.
December, 20, 2022
ශ්රී ලංකාවේ 'සහතික කළ BOSCH ඩීසල් සේවා මද්යස්ථානයක් ' ලෙස DIMO Diesel Lab, BOSCH සමඟ සිය දිගුකාලීන සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට සමත් විය.
මෙම සහයෝගිතාව නිල වශයෙන් අත්සන් කිරීම DIMO සභාපති සහ කළමනාකාර අධ්යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා සහ Robert Bosch Lanka (Pvt) Ltd හි කළමනාකාර අධ්යක්ෂ නවනීත ක්රිෂ්ණන් මහතා ඇතුළු නියෝජිතයින් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් DIMO ප්රධාන කාර්යාලයේ දී පසුගිය දා පැවැත්විණි. දශක 6කට අධික BOSCH හා DIMO අතර සහයෝගිතාව ශක්තිමත් කරන මෙම හවුල්කාරිත්වය මගින් ඩීසල් ඉන්ධන ක්ෂේත්රය ආශ්රිත උපකරණ හා සේවාවන් නංවාලීම සහ එමගින් විවිධ කර්මාන්ත රැසකට වර්ධනය වීම සඳහා පහසුකම් සැලසීම අරමුණු කරයි.
BOSCH සන්නාමය යටතේ එන සියලු ම ඩීසල් පොම්ප ආශ්රිත අලුත්වැඩියා කටයුතු සහ සේවා DIMO Diesel Lab හි සිදු කරන අතර, එය ඉහළ නිපුණතා සහ පළපුරුද්ද සහිත පුහුණු ඩීසල් විශේෂඥයින්ගෙන් හා අධි තාක්ෂණික පරීක්ෂණ උපකරණවලින් සමන්විත ය. සිය පාරිභෝගික ජනතාව වෙත ජාත්යන්තර මට්ටමේ ඩීසල් පොම්ප අලුත්වැඩියා තාක්ෂණය හා ඒ ආශ්රිත සේවා ලබා දීමට කැප වන DIMO Diesel Lab කොළඹට අමතරව අනුරාධපුරය සහ සියඹලාපේ යන ප්රදේශවල ද ශාඛා ස්ථාපිත කර ඇති අතර, එමගින් වාහන, සමුද්ර යාත්රා, ධීවර යාත්රා, විදුලි ජනක යන්ත්ර සහ ඉදිකිරීම් යන්ත්රෝපකරණ සඳහා භාවිත වන ඩීසල් පොම්ප ආශ්රිත අලුත්වැඩියා කටයුතු සහ සේවා සිදු කරයි.
DIMO සේවා අංශය අධීක්ෂණය කරන, DIMO හි විධායක අධ්යක්ෂ විජිත බණ්ඩාර මහතා මෙසේ අදහස් දැක්වීය. “ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ කර්මාන්තකරුවන් තම යන්ත්ර සූත්රවල සහ වාහනවල ඉන්ධන කාර්යක්ෂමතාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කර, පිරිවැය අඩු කර ගැනීම සහ කල් පැවැත්ම වැඩි කරන ක්රමවේදවලට යොමු වන බව පෙනෙන්නට තිබෙනවා. DIMO Diesel Lab විසින් පිරිනමනු ලබන සේවාවන් රාශියක් තුළින් කර්මාන්තකරුවන්ට නියමිත වේලාවට තම ඩීසල් පොම්පවල අලුත්වැඩියා කටයුතු සහ සේවා කටයුතු කර ගැනීමේ පහසුකම් සලසමින්, එමඟින් ඔවුන්ගේ ව්යාපාරික සිහින හා අභිලාෂයන් බලගැන්වීමට සහයෝගය ලබා දෙන අතරතුර, ඔවුන්ගේ ඵලදායිතාව ඉහළ නැංවීමටත් සහයෝගය ලබා දෙනවා.”
දශක හයක විශ්වාසයේ පදනම මත ගොඩනැගුණු DIMO සහ BOSCH හවුල්කාරිත්වය හරහා, ශ්රී ලංකාවේ BOSCH සේවා ජාලයේ ප්රමුඛ හවුල්කරුවෙකු ලෙස DIMO සිය පාරිභෝගික ජනතාව සඳහා වඩාත් සුවිශේෂී සේවාවන් රැසක් අඛණ්ඩව සැපයීමට හැකි වී ඇත.
BOSCH යනු ලොව පුරා මෝටර් රථ තාක්ෂණය සහ විසඳුම් සපයන ප්රමුඛතම සැපයුම්කරුවකු වන අතර Robert Bosch Lanka (Pvt) Ltd සමාගම Robert Bosch GmbH හි පූර්ණ අනුබද්ධිත සමාගමක් ලෙස 2015 ඔක්තෝබර් මාසයේ දී ශ්රී ලංකාව තුළ ස්ථාපිත කරන ලදී.

නව සහයෝගීතාව නිල වශයෙන් සනිටුහන් කිරීමේ උත්සවයට සහභාගි වූ DIMO සහ BOSCH නියෝජිතයින්
ඡායාරූපය : නව සහයෝගීතාව නිල වශයෙන් සනිටුහන් කිරීමේ උත්සවයේ දී DIMO සභාපති සහ කළමනාකාර අධ්යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා සහ Robert Bosch Lanka (Pvt) Ltd කළමනාකාර අධ්යක්ෂ නවනීත ක්රිෂ්ණන් මහතා
December, 19, 2022
ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්යාපාරයක් වන DIMO, මෙරට ප්රථම සහ එකම කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කරන GRAPHENSTONE SMART COATING දේශීය වෙළදපලට හදුන්වා දෙයි.
GRAPHENSTONE තීන්ත යනු GRAPHENSTONE නවෝත්පාදන තාක්ෂණය (අද්විතීය සූත්රයක් තුළ දෙහි හා ග්රැෆීන් තාක්ෂණය ඒකාබද්ධ කරන ලද) යොදා ගනිමින් ස්පාඤ්ඤයේ නිපදවන ලද පරිසර හිතකාමී නිපැයුමකි. ස්වාභාවික දෙහි, එහි ශක්තිය හා නම්යශීලීත්වය වැඩි දියුණු කරන ග්රැෆීන් සම්මිශ්රණයෙන් ඉහළ ම ගුණාත්මක භාවයෙන් යුත්, දිගු ආයු කාලයක් සහ අඩු නඩත්තුවක් සහිත, පරිසර හිතකාමී ලෙස මෙම හරිත තීන්ත නිෂ්පාදනය කෙරෙන අතර, එය සැලකිය යුතු ඉතිරියක්ද ගෙන දෙයි.
DIMO හි Retail අංශය අධීක්ෂණය කරන විධායක අධ්යක්ෂ විජිත බණ්ඩාර මහතා මේ අයුරින් අදහස් දැක්වුවේ ය. “ දිනෙන් දින පුළුල් වන DIMO නිෂ්පාදන කළඹට තිරසාර, නව්ය නිෂ්පාදන සහ සේවාවන් එක් කිරීම පිළිබඳව අපි අඛණ්ඩව අවධානය යොමු කරනවා. ශ්රී ලංකාවේ ප්රථම සහ එක ම කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කරන GRAPHENSTONE නිෂ්පාදනය හඳුන්වා දීම, අපගේ ව්යාපාරික ප්රවේශය තුළින් තිරසාරත්වය උදෙසා DIMO කැපවීම පෙන්නුම් කරනවා. පාරිසරික තිරසාරත්වය තහවුරු කිරීම මගින් ජනතාවගේ සිහින සහ අභිලාෂයන් බල ගැන්වීම සඳහා අපගේ අඛණ්ඩ උත්සාහය ද මෙමගින් පිළිබිඹු කරනවා. හරිත සහතිකය ලත් ලොව කීර්තිමත් සන්නාමයක් වන GRAPHENSTONE සමඟ එක් ව අපි මෙම නව්ය තීන්ත නිෂ්පාදනය ශ්රී ලංකාවට හඳුන්වා දීමට කටයුතු කළා."
DIMO ගෙන එන GRAPHENSTONE තීන්ත බාහිර සහ අභ්යන්තර ආලේපන ද්විත්වයකින් සමන්විත වේ. අභ්යන්තර ආලේපන පරාසය යටතේ, DIMO විසින් Ecosphere සහ GrafClean Ag+ යන නිෂ්පාදන දේශීය වෙළඳපොළට හඳුන්වා දෙන අතර, බාහිර ආලේපන පරාසය තුළ Biosphere නිෂ්පාදනය හඳුන්වා දී ඇත. Undercoating නිෂ්පාදන පරාසය යටතේ හඳුන්වා දෙන Primer Plus නිෂ්පාදනය කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කරන අතර, ක්ෂුද්ර ප්ලාස්ටික්වලින් තොර, නිපැයුමකි.
GRAPHENSTONE GrafClean Ag+ යනු රිදී අයන (Ag+) සමඟ සකස් කරන ලද දීප්තිමත් නිමාවක් සහිත ප්රිමියම් අභ්යන්තර තීන්ත නිෂ්පාදනයකි. ප්රති-ක්ෂුද්ර ජීවී (බැක්ටීරියා, දිලීර සහ Covid-19 වෛරසය) ගුණයෙන් යුක්ත වන එම නිෂ්පාදනය මගින් හුස්ම ගැනීමේ පහසුව ඇති කරන අතර, එහි ආරක්ෂාව වසර 2 ක් පවතී. එම නිසා ම රසායනික ද්රව්යවලට ඔරොත්තු නො දෙන සහ ඇදුම වැනි ශ්වසන ගැටලුවලින් පෙළෙන පුද්ගලයින් සඳහා මෙය ඉතා සුදුසු වේ. GRAPHENSTONE ගෘහස්ථ ආවරණ, පාසල්, රෝහල් සහ හෝටල් සඳහා ඉතා සුදුසු ය.
GRAPHENSTONE තීන්ත ලීටර් 45ක් මගින් කාබන්ඩයොක්සයිඩ් කිලෝග්රෑම් 14.40ක් අවශෝෂණය කරයි. එය කිලෝ ග්රෑම් 250ක් බරැති වැඩිහිටි ගසක් විසින් අවශෝෂණය කරන කාබන්ඩයොක්සයිඩ් ප්රමාණයට සමාන වේ. මෙම නිපැයුම් මගින් නිවස තුළ හුස්ම ගැනීමේ හැකියාව වැඩි දියුණු කරන අතරම, එය බිත්තිවල සවිමත් බව වැඩි කරයි. එය ගෘහස්ථ පරිසරයේ වාතයේ ගුණාත්මක භාවය වැඩි දියුණු කරන අතර, පුස්, දිලීර, බැක්ටීරියා සහ වයිරස් වර්ධනය වීම වළක්වයි.
වර්තමාන වෙළෙඳපොළේ ඇති සාම්ප්රදායික තීන්ත හා සසඳන විට, GRAPHENSTONE උසස් Nano Graphene තාක්ෂණය යොදා ගනිමින් නිපදවා ඇති අතර, එමඟින් පාරිභෝගිකයාට අද්විතීය ප්රතිලාභ රැසක් ලබා දෙමින්, හානිකර රසායනික නිරාවරණයෙන් ආරක්ෂා වීම වෙනුවෙන් විශේෂාංග රාශියක් ලබා දෙයි. ජෛව නාශක වලින් තොර වීම, ඉහළ නම්යශීලී බව, ගිනි නො ගන්නා ද්රව්යවලින් යුක්ත වීම, ඉහළ SRI අගය, කෘමි විකර්ෂක ගුණය සහ ක්ෂුද්ර ප්ලාස්ටික්වලින් තොර වීම ද මෙම තීන්ත නිෂ්පාදනයෙහි දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණ වේ.
GRAPHENSTONE යනු ගෝලීය වශයෙන් සහතික ලත් හරිත තීන්ත නිෂ්පාදන සමාගමක් වන අතර, එය සිංගප්පූරු හරිත ගොඩනැඟිලි කවුන්සිලයේ සහතිකය, ඕස්ට්රේලියාවේ සහ නවසීලන්තයේ ඇදුම රෝගය පිළිබඳ කවුන්සිලයේ සහතිකය, Global Green Tag හි හරිත අනුපාත සහතිකය සහ Global Green Tag නිෂ්පාදන සෞඛ්ය ප්රකාශනය (™ PHD) යන සහතික ලත් සමාගමකි.
ඡායාරූප විස්තරය: GRAPHENSTONE වෙතින් ගෙන එන අසම-සම පරිසර හිතකාමී ස්මාර්ට් තීන්ත නිෂ්පාදන පරාසය
December, 19, 2022
CA Sri Lanka ආයතනය විසින් සංවිධානය කරන ලද 2022 TAGS සම්මාන උළෙලේ දී රන් සම්මාන දෙකක් සහ ලෝකඩ සම්මානයක් දිනා ගනිමින් DIMO සිය 2021/22 වාර්ෂික වාර්තාව සඳහා නැවත වරක් සම්මාන දිනා ගැනීමට සමත් විය. ක්ෂේත්රයේ පුරෝගාමියෙකු ලෙස සිය ස්ථාවරය තවදුරටත් තහවුරු කරමින් DIMO ඒකාබද්ධ වාර්තාකරණය සඳහා රන් සම්මානය දිනා ගැනීමට සමත් වූ අතර, ඊට අමතරව තිරසාර වාර්තාකරණ කාණ්ඩයේ ලෝකඩ සම්මානය සහ විවිධාංගීකරණය වූ සමාගම් (පිරිවැටුම බිලියන 50 දක්වා) අංශයේ රන් සම්මානය ද DIMO දිනා ගත්තේ ය.
DIMO හි සමූහ ප්රධාන විධායක නිලධාරී ගහනාත් පණ්ඩිතගේ, DIMO හි මූල්ය සාමාන්යාධිකාරී සුදත් මහගෙදර සහ DIMO හි ව්යාපාර සහය සාමාන්යාධිකාරිණී මධුරිකා සමරසේකර යන මහත්ම මහත්මීහු ඒකාබද්ධ වාර්තාකරණය සඳහා වන රන් සම්මානය පිළිගත්හ.
December, 16, 2022
2022 CMA ඒකාබද්ධ වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේ දී 'සමස්ත රන් සම්මානය' දිනා ගැනීමට සමත් වූ DIMO සමාගම එම සම්මාන උලෙළේ දී ම 'විශිෂ්ට ඒකාබද්ධ වාර්තා පහ' සඳහා, 'ඒකාබද්ධ චින්තනය' සඳහා මෙන් ම 2021/2022 වාර්ෂික වාර්තාව සඳහා 'හොඳම සංක්ෂිප්ත ඒකාබද්ධ වාර්තාවට' ද හිමි විශේෂ සම්මාන දිනා ගැනීමට සමත් විය.
'ශ්රී ලංකාව අවස්ථාවන්ගෙන් පිරී ඇත' යන තේමාව මුල් කර ගනිමින් සැකසුණු, DIMO හි 2021/2022 වාර්ෂික වාර්තාව එම සමාගම් සමූහයේ අනාගත සාර්ථකත්වය සඳහා ඇති අවස්ථා ග්රහණය කර ගනිමින් නිර්මාණය වී ඇත.
සමාගමේ ඒකාබද්ධ වාර්තාකරණයේ සාර්ථකත්වය පිළිබඳ ව සිය අදහස් දැක්වූ DIMO අධ්යක්ෂ / ප්රධාන මුල්ය නිලධාරී සුරේෂ් ගුණරත්න මහතා ප්රකාශ කළේ, "මුල්ය වාර්තාකරණයට නවෝත්පාදනයන් ගෙන එන අතරම, ඒකාබද්ධ වාර්තාකරණ මූලධර්මවලට අනුකූලව කටයුතු කිරීමට DIMO කැපවීම, අපට වාර්ෂික වාර්තා වෙනුවෙන් ලබා ගැනීමට හැකි වූ සම්මාන වලින් පිළිබිඹු වෙනවා. එම නිසා ම වගකිව යුතු ආයතනයක් විදියට අපගේ සියලු ම පාර්ශවකරුවන්ගේ සිහින හා අභිලාෂයන් බලගැන්වීමට අපට හැකි වෙලා තිබෙනවා." යනුවෙනි.

November, 29, 2022
ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්යාපාරයක් වන DIMO, මාලදිවයිනේ සිය සමුද්ර ඉංජිනේරු සේවා වැඩිදියුණු කිරීම සඳහා නව සැළසුම් ඉදිරිපත් කර ඇත. ශ්රී ලංකාවේ සහ මාලදිවයිනේ MTU, DDC යාත්රා එන්ජින් සඳහා බලයලත් සේවා නියෝජිතයා ලෙස කටයුතු කරන DIMO සිය සමුද්ර ඉංජිනේරු අංශය වන 'DIMO Marine Solutions' හරහා මාලදිවයිනේ විදේශීය යාත්රා, අධි සුඛෝපභෝගී යාත්රා සහ නිවාඩු නිකේතන හිමියන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් සේවා දියත් කිරීමට සූදානමින් සිටී. 2017 වසරේ දී DIMO මාලදිවයිනේ සාමුද්රීය ඉංජිනේරු සේවා සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් 'Coastline Investments' සමාගම සමඟ සහයෝගීතාවක් ගොඩනඟාගැනීමට කටයුතු කළේය.
මාලදිවයින හා ජාත්යන්තර සමාගම් සහභාගී වූ මාලදිවයිනේ ජාතික බෝට්ටු සංගමයේ (NBAM) නිල ප්රදර්ශනය සඳහා සහභාගී වෙමින් DIMO, මාලදිවයින තුළ සිය මෙහෙයුම් කටයුතු පුළුල් කිරීමට ඉදිරි පියවරක් තැබීය. එම ප්රදර්ශනයට අමතරව, DIMO Marine Engineering Solutions කණ්ඩායම මාලදිවයින තුළ ප්රවර්ධන වැඩසටහන් ගණනාවක් ඉතා සාර්ථකව සිදු කිරීමට සමත් වූ අතර, පුළුල් පරාසයක සමුද්රීය ඉංජිනේරු විසඳුම් පිළිබඳව ගනුදෙනුකරුවන් දැනුවත් කිරීමට ද එම කණ්ඩායම සමත් විය. එමඟින් DIMO Marine Engineering Solutions කණ්ඩායමට නව ව්යාපාරික අවස්ථා නිර්මාණය කර ගනිමින්, ඉදිරියට යාමට ඇති අවස්ථාව ද පුළුල් විය.
DIMO සමුද්ර ඉංජිනේරු අංශය අධීක්ෂණය කරනු ලබන DIMO හි විධායක අධ්යක්ෂ විජිත බණ්ඩාර මහතා සිය අදහස් පළ කරමින්, "සංචාරක ව්යාපාරය මාලදිවයිනේ ආර්ථික සංවර්ධනයේ ප්රධානතම සාධකයයි. කොවිඩ් 19 වසංගතයේ අභියෝග ජය ගනිමින් එරට සංචාරක ව්යාපාරයේ වර්ධනයක් අත් පත් කර ගෙන තියෙනවා. සංචාරක කර්මාන්තය යළි පිබිදීමත් සමඟ, මාලදිවයිනේ සුඛෝපභෝගී යාත්රාවල සිට සංචාරක නිවාඩු නිකේතන කළමනාකරණය දක්වා සමුද්රීය ඉංජිනේරු ක්ෂේත්රය තුළ විවිධ නව අවස්ථා නිර්මාණය වෙමින් පවතින බව DIMO අපි නිරීක්ෂණය කළා. දශක 8 කට වැඩි අත්දැකීම්වලින් සමන්විත DIMO, සිය Marine Engineering Solutions අංශය හරහා මෙම ව්යාපාරික අවස්ථා කෙරෙහි අවධානය යොමු කිරීමට කටයුතු කරනවා. ඒ ඔස්සේ නිර්මාණය වන අපගේ නව සේවාවන්ගේ ප්රතිඵලයක් විදියට මෙම කලාපයේ ජනතාවගේ සිහින සහ අභිලාශයන් බලගැන්වීමට DIMO නිරන්තරයෙන් කැප වෙනවා." යනුවෙනි.
DIMO මාලදිවයිනේ MTU සහ DDC එන්ජින් වෙළෙඳපොළ තුළ සිය ව්යාපෘතිය ඉහළ නංවාගැනීමට අපේක්ෂා කරයි. ඒ අනුව DIMO Marine එන්ජින් අළුත්වැඩියා කිරීම, සේවා කටයුතු (Service) සිදු කිරීම හා වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන අතර, එහි අසමසම අලෙවියෙන් පසු සේවාව පාරිභෝගික විශ්වාසය තවදුරටත් ඉහළ නංවයි. MGDUFF Marine Cathodic Protection Systems සහ Boat Anodes අලෙවි නියෝජිතයා ලෙස සිය විශේෂඥතාව උපයෝගී කරගනිමින් DIMO, මාලදිවයිනේ සමුද්රීය කර්මාන්තය තුළ නව ව්යාපාරික අවස්ථා නිර්මාණය කරන Hull Protection කෙරෙහි ද අවධානය යොමු කර ඇත.
DIMO Marine Engineering, මාලදිවයිනේ වෙළෙඳපොළ වෙත මුහුදු ජලය හා කිවුල් ජලය පිරිපහදු කිරීමේ පද්ධති සහ අප ජල කළමනාකරණ පද්ධති හඳුන්වා දෙමින්, සිය නිෂ්පාදන කළඹ වඩාත් පුළුල් කිරීමට සමත් වී ඇත. මෙම සේවාව වඩාත් ශක්තිමත් කිරීම සඳහා DIMO නවීනතම ජල පිරිපහදු පද්ධති සහ අප ජල කළමනාකරණ විසඳුම් සපයන්නෙකු වන 'ROCHEM' සමාගම සමඟ අත්වැල් බැඳගෙන ඇති බව ද සිහිපත් කළ යුතු ම කරුණකි. ගෝලීය සංචාරක කර්මාන්ත අද තිරසාර මෙහෙයුම් දියත් කිරීම වෙත අවධානය යොමු කිරීමත් සමඟ එම ගෝලීය ප්රමිතීන්ට අනුකූල වන පරිදි මාලදිවයින් සංචාරක ක්ෂේත්රය සවිබල ගැන්වීමට DIMO සහයෝගය ලබා දීමට අපේක්ෂා කරයි.
MTU, DDC, MGDUFF සහ ROCHEM ඇතුළු ගෝලීය කර්මාන්ත ප්රවීණයන් සමඟ ශක්තිමත් ලෙස අත්වැල් බැඳගැනීම, ඉංජිනේරු විසඳුම් ඇතුළු අනෙකුත් Marine එන්ජින් හා උපාංගවල මහා පරිමාණ අලුත්වැඩියා කටයුතු සහ ප්රතිනිර්මාණයන් සාර්ථකව සිදු කිරීම සඳහා DIMO සතු හැකියාව පිළිබඳ සාක්ෂියකි. මේ ආශ්රිතව DIMO විසින් ක්රියාත්මක කරනු ලබන සියලු ම ව්යාපෘති සූක්ෂම ලෙස සැළසුම් කිරීම, අධීක්ෂණය කිරීම මෙන් ම සමුද්ර යාත්රා අලුත්වැඩියා ක්ෂේත්රය ආශ්රිතව වසර 30කට අධික පළපුරුද්ද හා ඉහළ සුදුසුකම් සහිත අති දක්ෂ කාර්ය මණ්ඩලයක් මගින් ක්රියාත්මක කිරීම ද විශේෂත්වයකි. ඊට අමතරව, විශේෂිත අධි තාක්ෂණික උපකරණ සහිත සිය ජංගම සේවා කණ්ඩායම හරහා මාලදිවයිනේ දූපත් තුළ ඕනෑ ම ස්ථානයකට කඩිනම්ව සේවා සැපයීම මගින්, මාලදිවයින් පාරිභෝගික ජනතාවට අසමසම සේවාවක් ලබා දීමට DIMO නිරන්තරයෙන් කැප වෙයි.

ඡායාරූප : DIMO Marine Solutions කණ්ඩායම සේවයේ යෙදෙමින්.
October, 25, 2022
ප්රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්යාපාරයක් වන DIMO, 'AICPA & CIMA Satyn Women Friendly Workplace Awards 2022' සම්මාන උළෙලේ දී ශ්රී ලංකාවේ කැපී පෙනෙන කාන්තා හිතකාමී සේවා ස්ථාන අතරින් එකක් ලෙස පසුගිය දා සම්මානයට පාත්ර විය. එමෙන්ම එම සම්මාන උළෙලෙහි දී ‘Organization with the Most Female Friendly Innovation/Practice in the Sri Lankan Workplace’ සඳහා වන සම්මානය දිනාගැනීමට ද DIMO සමත් විය.
සාම්ප්රදායිකව පුරුෂ කේන්ද්රීය කර්මාන්ත ලෙස සැලකෙන කර්මාන්ත ක්ෂේත්ර කිහිපයකම නියැලෙන සමාගමක් වන DIMO සිය කාර්ය මණ්ඩල සාමාජිකාවන්ට සුදුසු ආයතනික පරිසරයක් ගොඩනැංවීමට නිරන්තර අවධානය යොමු කරයි. එමෙන් ම DIMO සිය සේවා ස්ථාන සියල්ලකම පාහේ ස්ත්රී පුරුෂ සමානාත්මතාව ගොඩ නංවමින්, සියලු ම දෙනාට සමාන අවස්ථා නිර්මාණය කිරීම සඳහා ප්රමුඛතාව ලබා දෙන අතර, විශේෂයෙන් ම වාහන යාන්ත්රික විද්යාව හා ඉංජිනේරු ආදී බොහෝ රැකියා ක්ෂේත්ර වෙත කාන්තාවන් යොමු කරවමින් ඔවුන් සවිබල ගැන්වීමට DIMO කටයුතු කරයි.
DIMO සභාපති හා කළමනාකාර අධ්යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා මෙම ගෞරවණීය ජයග්රහණය පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ, " DIMO තම සාමාජිකාවන්ගේ සිහින හා අභිලාෂයන් බල ගැන්වීම වෙනුවෙන් කරන කැපවීම මෙවර AICPA & CIMA Satyn Women Friendly Workplace Awards 2022 සම්මාන උළෙලේ දී ඇගයීමට පාත්ර වීමට හේතු වුණා කිව්වොත් මම නිවැරදියි. පසුගිය කාලවකවානුව තුළ අප සමාගමේ ඉහළ තනතුරු සඳහා කාන්තාවන්ගේ ආගමනය 5.8% කින්, සාම්ප්රදායික නොවන රැකියා ක්ෂේත්ර තුළ කාන්තා නියෝජනය 15% කින් සහ ආයතනය වෙත කාන්තාවන් බඳවා ගැනීම 4% කින් ඉහළ ගොස් තිබෙනවා. " යනුවෙනි.
සිය ආයතනික පරිසරය තුළ සමානාත්මතාව, කුසලතා සහ ගෞරවණීය හැසිරීම යන විෂයයන් වැඩි දියුණු කිරීම පිළිබඳව ගුණාත්මක නැඹුරුවක් ඇති කිරීම සඳහා DIMO Employee Resource Group නමින් සුවිශේෂී ක්රමවේදයක් පිහිටුවීමට කටයුතු කළ අතර, එමගින් විශේෂයෙන් සේවිකාවන්ට, තමාට පැන නැඟී ඇති ඕනෑ ම ගැටලුවක් ඉදිරිපත් කිරීමේ හැකියාව ලබා දී ඇත අතර විවිධ වැඩසටහන් ඔස්සේ කාන්තාවන් සවිබල ගැන්වීම සිදුකරයී. සිය කාන්තා ඉංජිනේරුවරියන් හරහා දක්ෂතා සපිරි කාන්තා ඉංජිනේරුවරියන් සිය සමාගමේ ඉංජිනේරු පුරප්පාඩු සදහා බදවා ගැනීමේ ක්රියාවලිය සහ මෑතක දී ආයතනය පුරා සිදු කරන ලද සමානාත්මතාවය අපක්ෂපතිබාවය සදහා වූ වැඩමුළු කාන්තා හිතකාමී ආයතනික සංස්කෘතියක් නිර්මාණය කිරීම වෙනුවෙන් හඳුන්වා දුන් වැඩසටහන් ද්විත්වයකි.
IFC, DFAT (International Finance Corporation, Australian Department of Foreign Affairs & Trade) SheWorks Sri Lanka හවුල්කාරිත්වය සහ UNGC Working Group on Gender Equality and Diversity සහයෝගීතාව තුලින් ආයතනික වශයෙන් කාන්තා නියෝජනය ඉහල කළමනාකාරිත්වය ඇතුළු සියලුම අංශ තුල වර්ධනය කිරීමට DIMO කටයුතු කරයි. එය යථාර්ථයක් බවට පත් කරමින් මේ වසර මුල දී, DIMO සිය අධ්යක්ෂ මණ්ඩලයේ පළමු කාන්තා නියෝජනය වන දිල්රුක්ෂි කුරුකුලසූරිය මහත්මිය පත් කරණු ලැබූ අතර ඇය DIMO හි විධායක අධ්යක්ෂිකාවක මෙන් ම සමූහ ප්රධාන මානව සම්පත් නිලධාරිණිය ලෙස ද කටයුතු කරයි.
තම සේවා ස්ථාන, විවිධත්වයෙන් යුත් සේවක සමුහයක නියෝජනයක් විය යුතු බව DIMO තරයේ විශ්වාස කරයි. සිය ශ්රම බලකායේ කාන්තා නියෝජනය වර්ධනය කිරීම සහ ඉහළ වෘත්තීයමය සාර්ථකත්වයක් සඳහා ඔවුන් අඛණ්ඩව සවිබල ගැන්වීම තුලින් DIMO සිය ආකල්ප, දැනුම සහ නිර්මාණශීලීත්වය යන අංශයන් සංවර්ධනය කරමින් ඉදිරියට යයි. DIMO ලබා ගත් මෙම විශිෂ්ට ජයග්රහණය තුළින් කාන්තාවන් සවි බලගැන්වීම හරහා සමානාත්මතාව ගොඩනැංවීම වෙනුවෙන් ඔවුන්ගේ කැපවීම සංකේතවත් කරයි.
ඡායාරූපය : DIMO නියෝජිතයින් ශ්රී ලංකාවේ විශිෂ්ටතම කාන්තා හිතකාමී සේවා ස්ථානය සඳහා වන සම්මානය පිළිගනිමින්...
October, 25, 2022
ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්යාපාරයක් වන DIMO සිය කාන්තා සවිබල ගැන්වීමේ නවතම ආයතනික වැඩසටහන වන ‘Powerfully You’ පසුගිය දා දියත් කෙරිණි. DIMO සමාගමේ කනිෂ්ඨ හා මධ්යම මට්ටමේ වෘත්තික කාන්තාවන් ඉලක්ක කර ගනිමින්, ඔවුන්ගේ නායකත්ව කුසලතා සංවර්ධනය කිරීමේ අරමුණින් සමාගම මෙම වැඩසටහන ආයතනය තුළම නිර්මාණය කළ අතර, එය මෙහෙයවනු ලබන්නේ සම්මානලාභී උපදේශිකාවක් වන සෙනෙලා ජයසූරිය මහත්මිය විසිනි.
DIMO විධායක අධ්යක්ෂිකා සහ සමූහ ප්රධාන මානව සම්පත් නිලධාරිණී, දිල්රුක්ෂි කුරුකුලසූරිය මහත්මිය පැවසුවේ, “මෙම වැඩසටහන කාන්තාවන්ගේ ආත්ම විශ්වාසය ඉහළ නැංවීමට, අවිනිශ්ෂිත පරිසරයන්ට සාර්ථකව මුහුණදීමට වගේ ම කාන්තාවන් තුළ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම ප්රධාන වශයෙන් අරමුණු කරනවා. ඒ වගේ ම අප සමාගමේ වර්ධනයට වගේ ම වෙළෙඳපොළ අභියෝග ජයගැනීමටත් අපගේ කාන්තා වෘත්තිකයින් බලගැන්වීම අත්යවශ්යයි. DIMO තම සාමාජිකාවන්ගේ සැබෑ හැකියාවන් හොඳින් අවබෝධ කරගෙන තිබෙන නිසා ඔවුන්ගේ අවශ්යතාවන්ට විසඳුම් ලබා දීම වෙනුවෙන් නිරන්තරයෙන් කැප වෙනවා." යනුවෙනි.
2025 වසර වන විට ආයතනික වශයෙන් තීන්දු තීරණ ගැනීමේ දී කාන්තා නියෝජනය 10% සිට 40% දක්වා ඉහළ නැංවීමට DIMO අරමුණු කරන අතර, එය යථාර්ථයක් බවට පත් කිරීම වෙනුවෙන් 'Powerfully You' වැඩසටහන ඉතා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි. පවතින තත්ත්වයන්ට අනුගත විය හැකි සේවිකාවන් බිහි කරන මෙම වැඩසටහන මඟින් ඔවුන් අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීමේ හැකියාව සහිත, ආයතනික පරිසරයේ වෙනස් වීම් සාර්ථකව කළමනාකරණය කළ හැකි පිරිසක් බවට පත් කරයි. එමෙන් ම 'Powerfully You' වැඩසටහනේ තවත් ප්රධානතම අරමුණක් වන්නේ වෘත්තීය සංවර්ධනය සඳහා කැපවෙමින්, සිය පූර්ණ හැකියාවන් කරා ගමන් කරන කාන්තා ශ්රම බලකායක් නිර්මාණය කිරීමයි.
මෙම වැඩසටහන 2022 වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට 2023 වසරේ මාර්තු මාසය දක්වා මාස 6ක කාලයක් පැවැත්වීමට නියමිත අතර, එය සංවර්ධන වැඩමුළු හා අභ්යන්තර විමර්ශන සැසි ඇතුළත් වැඩසටහන් ගණනාවක් අනුගමනය කරන පරිදි සැළසුම් කර ඇත. එම වැඩමුළුවලට සමගාමීව උපදේශන වැඩසටහන් මාලාවක් ද පැවැත්වීමට නියමිත අතර, එහි න්යායික ඉගැන්වීම් ප්රායෝගිකව භාවිත කිරීමේ අවස්ථාව ද සහභාගිවන්නන්ට ලබා දීම විශේෂිතය. එමෙන් ම එහි දී සමාගමේ ජ්යේෂ්ඨ වෘත්තිකයින්ගේ සහයෝගය මගපෙන්වීම සහිතව සිය වෘත්තීය ජීවිතයේ ඉදිරියට ම යාමට මෙම වැඩසටහනට සහභාගි වන සාමාජිකාවන්ට අවස්ථාව ලැබේ.
‘Powerfully You’ වැඩසටහන DIMO හි සමානාත්මතාව හා කාන්තා නියෝජනය ඉහළ නැංවීමේ ක්රියාවලියේ තවත් එක් වැඩසටහනකි. එමෙන් ම සිය සාමාජිකාවන්ගේ සිහින හා අභිලාෂයන් බල ගැන්වීමට DIMO කැපවීම ද මෙම වැඩසටහන මගින් සංකේතවත් කෙරේ.

ඡායාරූය : DIMO හි කළමනාකරණ නියෝජිතයින් හා 'Powerful You' වැඩසටහනට සහභාගී වූ පිරිස.
October, 18, 2022
ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්යාපාරයක් වන DIMO සමාගම, පසුගියදා පැවති 'Great Place To Work' සම්මාන උළෙලේ දී, සේවය කිරීම සඳහා හොඳ ම ආයතනයක් ලෙස අඛණ්ඩව 10 වැනි වරටත් සම්මානයට පාත්ර වෙමින් Legends නාමයෙන් පිදුම් ලබයි.
DIMO සමාගමේ විධායක අධ්යක්ෂිකා / සමූහ ප්රධාන මානව සම්පත් නිලධාරිණී දිල්රුක්ෂි කුරුකුලසූරිය මහත්මිය ප්රකාශ කළේ, “වසංගත තත්ත්වය නිසා නිර්මාණය වූ අභියෝගවලට අප සමාගම කෙතරම් හොඳින් මුහුණ දී තිබෙනවාද යන්න වගේ ම ඒ වෙනුවෙන් අප අනුගමනය කළ ආයතනික ක්රියා මාර්ග DIMO කණ්ඩායම කෙතරම් දුරට පිළිගෙන තිබෙනවා ද යන්න මෙම සම්මානයෙන් පෙන්නුම් කරනවා. අපි අපගේ මානව සම්පත වෙත අවධානය යොමු කිරීම නිසා ම වසර 10 ක් අඛණ්ඩව මෙම වටිනා සම්මානය දිනා ගැනීමට හැකි වුණා. අපගේ වටිනා සේවක සේවිකාවන්ගේ සිහින හා අභිලාෂයන් බලගැන්වීම පිළිබඳ අරමුණ යතාර්ථයක් බවට පත් කිරීම වෙනුවෙන් අප දියත් කරන වැඩසටහන් වඩාත් සාර්ථක බව මෙම සම්මානය මගින් තහවුරු කරනවා." යනුවෙනි.
DIMO සමාගම ක්ෂේත්ර ගණනාවක් ඔස්සේ සිය ව්යාපාරික මෙහෙයුම් ක්රියාත්මක කරන අතර,සේවක වටිනාකම් කෙරෙහි අවධානය යොමු කරමින් දශක ගණනාවක් පුරා සිය ආයතනික පරිසරය තුළ විශිෂ්ටයින් රැසක් බිහි කිරීමට සමත්ව ඇත. යම් ව්යාපාරයක් වර්ධනය කිරීම සඳහා විවිධ දක්ෂතා සහිත වෘත්තිකයින් සිටීම ඉතා වැදගත් ය. එමෙන් ම තමා වෙත පැමිණෙන වෘත්තිකයින් සම්බන්ධ කර ගැනීමේ දී ඔවුන් සතු කුසලතා පිළිබඳව පමණක් අවධානය යොමු කරන DIMO සමාගම සිය සේවක සේවිකාවන්ට කණ්ඩායමක් ලෙස ගොඩනැඟිය හැකි ආයතනික සංස්කෘතියක් නිර්මාණය කිරීමට උපරිමයෙන් කැප වෙයි.
DIMO සිය සේවක සේවිකාවන්ගේ නිදහස අගයමින්, සැම විට ම ඔවුන්ගේ අදහස්වලට ප්රමුඛත්වය දීමට කටයුතු කරන අතර, සෑම සේවකයෙකු වෙත ම අරමුණුගත කාර්යයභාරයක් පැවරෙන නිසා එය සමාගමේ මෙහෙවර සමඟ සක්රීයව බැඳී පවතී. එමෙන් ම DIMO සමාගමේ විවෘත ප්රතිපත්ති සහ ආයතනික වශයෙන් මෙන් ම, ඉන් පරිබාහිරවත් වෘත්තීය සංවර්ධනය කිරීම සඳහා විවිධ වැඩසටහන් ක්රියාත්මක කරන අතර, පුහුණු වැඩසටහන් ක්රියාත්මක කිරීමට ද එම සමාගම ප්රමුඛතාව ලබා දෙයි.
ඕනෑ ම අභියෝගාත්මක තත්ත්වයක දී ඉතා ඉක්මණින් හා විශ්වාසයෙන් එම තත්ත්වයට හැඩගැසිය හැකි, කඩිසර මෙන් ම ශක්තිමත් ශ්රම බලකායක් DIMO සමාගම සතු වන අතර, අව්යාජ නායකත්වය, විනිවිදභාවය හා සමානාත්මතාව එම සමාගම කෙරෙහි සේවක සේවිකාවන්ගේ විශ්වසනීයත්වය වර්ධනය කිරීමට හේතු වී ඇත. DIMO සමාගම සතු නායකත්වය ද එම සමාගමේ බැඳීම් වර්ධනය කිරීමට සමත් බව පැවසිය හැකිය.
සමස්තයක් ලෙස, කුසලතාව හා සමානාත්මතාව තුළින් සිය සේවක සේවිකාවන් බලගැන්වීමට කටයුතු කරන DIMO සමාගම නිර්මාණශීලී චින්තනයකින් යුතු පරිපූර්ණ වෘත්තිකයෙකු නිර්මාණය කිරීම වෙනුවෙන් උපරිම සහයෝගය ලබා දෙයි. සිය බඳවා ගැනීමේ හා කුසලතා වර්ධන ක්රියාවලිය හේතුවෙන් සේවක සේවිකාවන්ගේ හැකියාවන් හොඳින් අවබෝධ කරගන්නා DIMO සමාගම එම හැකියාවන් ඉක්මණින් වර්ධනය කරගැනීම සඳහා හැකි උපරිම සහයෝගය ලබා දෙයි.
DIMO, සමාගම සිය සේවක සේවිකාවන්ගේ විවිධ හැකියාවන් හඳුනා ගනිමින්, එම හැකියාවන් ඔස්සේ ආයතනික අරමුණු සාක්ෂාත් කරගැනීමට කටයුතු කරන අතර, එහි දී හඳුනාගන්නා දක්ෂතා සපිරි පුද්ගලයින් සාර්ථකත්වය කරා මෙහෙයවීමට, සහාය දීමට සහ අභිප්රේරණය කිරීමට නිරන්තරයෙන් කටයුතු කරයි.
ඡායාරූපය: DIMO සමාගමේ මානව සම්පත් කළමනාකරණ අංශයේ සාමාජිකයින් සමාගමේ කළමනාකාරිත්වය සමග 'Great Place To Work' සම්මාන උළෙලේ දී
October, 3, 2022
මෙරට ප්රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්යාපාරයක් වන DIMO සමාගම, කෘෂිකාර්මික යන්ත්රෝපකරණ පුහුණු හා පර්යේෂණ මධ්යස්ථානයක් සංවර්ධනය කිරීම සඳහා රුහුණු විශ්වවිද්යාලයේ කෘෂිකර්ම පීඨය සමඟ සහයෝගීතාවකට එළඹුණි.
DIMO සමාගමේ අරමුණ වන්නේ ශ්රී ලංකාවේ කෘෂිකාර්මික යාන්ත්රිකකරණ ක්රියාවලිය වේගවත් කිරීමට කෘෂිකාර්මික ක්ෂේත්රයට සම්බන්ධ පාර්ශ්වකරුවන්ට තාක්ෂණික දැනුම ලබා දීම සදහා පහසුකම් සැලසීමයි. කෘෂිකාර්මික යන්ත්රෝපකරණ පුහුණු හා පර්යේෂණ මධ්යස්ථානය මගින් කෘෂිකාර්මික යන්ත්රෝපකරණ පරීක්ෂා කිරීම හා අනුවර්තනය කිරීම සඳහා පර්යේෂණ කටයුතු සිදු කරන අතර, කෘෂිකාර්මික අංශයේ උපාධි හා පශ්චාත් උපාධි අපේක්ෂක්යින්ගේ පර්යේෂණ අවශ්යතා සඳහා ද පහසුකම් සලසයි.
DIMO සමූහයේ ප්රධාන විධායක නිලධාරී ගහනාත් පණ්ඩිතගේ මහතා පැවසුවේ, “කෘෂිකාර්මික ක්ෂේත්රය සදහා නවීන තාක්ෂණය හඳුන්වා දීම අතින් DIMO සමාගම ඉදිරියෙන් ම සිටින බවයි. ඕනෑ ම ක්ෂේත්රයක දියුණුව සඳහා කර්මාන්ත අංශය, විශ්ව විද්යාල පද්ධතිය සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතුයි. මෙම වැඩසටහන ඒ සදහා හොද උදහරණයක්. ශ්රී ලංකාවේ ගොවි ජනතාවගේ සිහින හා අභිලාෂයන් බල ගැන්වීම සඳහා අපි සැමවිට ම කැපවෙනවා. මෙම සහයෝගීතාව තුළින් දේශීය කෘෂිකාර්මික ක්ෂේත්රය සංවර්ධනය කිරීමේ ක්රියාවලියට සහයෝගය ලබා දීමටත් අපි බලාපොරොත්තු වෙනවා." යනුවෙනි.
කෘෂිකාර්මික යන්ත්රෝපකරණ පුහුණු හා පර්යේෂණ මධ්යස්ථානය සංවර්ධනය කිරීම සඳහා රුහුණු විශ්ව විද්යාලය සමඟ DIMO සමාගම ගොඩනඟාගත් සහයොගීතාව, කෘෂිකාර්මික ක්ෂේත්රයේ නවෝත්පාදනයන් සඳහා ශක්තිය ලබා දෙන අතර, යන්ත්රෝපකරණ ආශ්රිත නවෝත්පාදන අලෙවියට සහ පේටන්ට් බලපත්රය ප්රවර්ධනයට ද අවස්ථාව උදාකර දෙයි. කෘෂිකාර්මික යන්ත්රෝපකරණ පරීක්ෂා කිරීමට සහ උපාධි අපේක්ෂකයින් වෙත ප්රායෝගික පුහුණුව ලබාදීමට ද මෙම සහයෝගීතාව මගින් පහසුකම් සලසයි. ඊට අමතරව කෘෂිකර්මාන්තයට අදාළ පර්යේෂණ ක්ෂේත්රයේ දැනුම බෙදා හැරීම සඳහා සන්නිවේදන ක්රමවේද සැකසීමට ද මෙම සහයෝගීතාව පහසුකම් සපයයි.
එමෙන් ම මෙම සහයෝගීතාව මගින් උපාධි හා පශ්චාත් උපාධි අපේක්ෂකයින් වෙත කෘෂිකාර්මික යන්ත්රෝපකරණ ආශ්රිත පුහුණුව ලබා දීම වෙනුවෙන් ද ඉතා සිවිශේෂී කාර්යභාරයක් ඉටු කරන අතර, මෙම ව්යාපෘතියේ තවත් අරමුණක් වන්නේ රුහුණු විශ්වවිද්යාලයේ උපාධි අපේක්ෂකයින්ගේ කාර්මික කුසලතා වර්ධනය කිරීම සඳහා කාර්මික පුහුණු වැඩසටහන් ක්රියාත්මක කිරීමයි. කෘෂිකාර්මික ක්ෂේත්රයට සම්බන්ධ විද්වතුන්, ගොවියන් සහ අනෙකුත් රාජ්ය නිලධාරීන්ට මෙම වැඩසටහන් හරහා නවතම කෘෂිකාර්මික තාක්ෂණික ක්රමවේද හඳුන්වා දීමට ද DIMO සමාගම කටයුතු කරයි.
මෙම සහයෝගීතාව යටතේ අවශ්ය යන්ත්රෝපකරණ, පර්යේෂණ කටයුතු සදහා අවශ්ය සම්පත් DIMO සමාගම ලබා දෙයි. එමෙන් ම මෙම වැඩසටහන සඳහා රුහුණු විශ්වවිද්යාලය සිය විශේෂඥතාව, දැනුම සහ සම්පත් දායකත්වය ලබා දෙයි.
කෘෂිකාර්මික යන්ත්රෝපකරණ පුහුණු හා පර්යේෂණ මධ්යස්ථානය වී පැල සිටවීමේ,වල් පැල ගලවන හා වියළන යන්ත්ර නිර්මාණය ආදී ක්ෂේත්ර ඔස්සේ උපාධි අපේක්ෂකයින් විසින් සිදු කෙරුණු පර්යේෂණ ව්යාපෘති කිහිපයකට ම දැනටමත් සහාය ලබා දී ඇති අතර, එම නව නිපැයුම්වල මූලාකෘතිවල නිර්මාණ කටයුතු මේ වන විට අවසන් වී ඇත.
ඡායාරූපය : DIMO සමූහයේ ප්රධාන විධායක නිලධාරී ගහනාත් පණ්ඩිතගේ මහතා සහ රුහුණු විශ්වවිද්යාලයේ උපකුලපති ජ්යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතා ගිවිසුම් හුවමාරු කරගනිමින්.
Video Story