• 2022 TAG
  • Ada Derana BIZ Sinhala
  • CA Sri Lanka
  • DIMO
  • sri lanka

CA Sri Lanka විසින් සංවිධානය කළ 2022 TAGS සම්මාන උලෙළේ දී DIMO ඒකාබද්ධ වාර්තාකරණය සඳහා වන රන් සම්මානය දිනා ගනී

December, 19, 2022

CA Sri Lanka ආයතනය විසින් සංවිධානය කරන ලද 2022 TAGS සම්මාන උළෙලේ දී රන් සම්මාන දෙකක් සහ ලෝකඩ සම්මානයක් දිනා ගනිමින් DIMO සිය 2021/22 වාර්ෂික වාර්තාව සඳහා නැවත වරක් සම්මාන දිනා ගැනීමට සමත් විය. ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු ලෙස සිය ස්ථාවරය තවදුරටත් තහවුරු කරමින් DIMO ඒකාබද්ධ වාර්තාකරණය සඳහා රන් සම්මානය දිනා ගැනීමට සමත් වූ අතර, ඊට අමතරව තිරසාර වාර්තාකරණ කාණ්ඩයේ ලෝකඩ සම්මානය සහ විවිධාංගීකරණය වූ සමාගම් (පිරිවැටුම බිලියන 50 දක්වා) අංශයේ රන් සම්මානය  DIMO දිනා ගත්තේ ය.

DIMO හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී ගහනාත් පණ්ඩිතගේ, DIMO හි මූල්‍ය සාමාන්‍යාධිකාරී සුදත් මහගෙදර සහ DIMO හි ව්‍යාපාර සහය සාමාන්‍යාධිකාරිණී මධුරිකා සමරසේකර යන මහත්ම මහත්මීහු ඒකාබද්ධ වාර්තාකරණය සඳහා වන රන් සම්මානය පිළිගත්හ.