• Ada Derana BIZ Sinhala
  • dollar
  • Rupee
  • sri lanka

ඩොලරය හමුවේ රුපියලේ අගය වැඩිවෙලා

January, 23, 2023

2023 වසරේ ජනවාරි 20 වන දින දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 0.3කින් අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී.

කෙසේවෙතත් අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල් ඒකකවල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, යුරෝවලට සාපේක්ෂව සියයට 1.5කින්, ස්ටර්ලිං පවුමට සාපේක්ෂව සියයට 2.5කින්, ඉන්දියානු රුපියලට සාපේක්ෂව සියයට 1.6කින් සහ ජපන් යෙන්වලට සාපේක්ෂව සියයට 2.6කින් අවප්‍රමාණය වී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.

මේ අතර 2022 ‌දෙසැම්බර් මාසය තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඩොලර් මිලියන 274.42 ක් මිල දී ගෙන ඇති බවත්, ඩොලර් මිලියන 170.64 ක් විකුණා ඇති බවත් අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

2022 වසරේ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 44.8කින් අවප්‍රමාණය වී තිබුණි.

  • Ada Derana BIZ Sinhala
  • Central Bank
  • dollar
  • Gold
  • increased
  • sri lanka

මහ බැංකුවේ රන්, ඩොලර් සංචිත වැඩි වුණේ මෙහෙමයි

December, 8, 2022

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල ඉහළ යාමක් පසුගිය නොවැම්බර් මාසයේ දී වාර්තා වේ.

ඒ අනුව 2022 නොවැම්බර් මාසය අවසානයේ දී නිල සංචිත වත්කම් වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,804 ක් ලෙසින් සටහන්ව ඇත. මෙය 2022 ඔක්තෝබර් මාසයේ දී වාර්තා වූ තිබුණු ඩොලර් මිලියන 1,705 ක් වූ නිල සංචිත වත්කම් වටිනාකමට සාපේක්ෂව 5.8% ක වර්ධනයක් වේ.

මේ අතර නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය 2022 ඔක්තෝබර් මාසයේ දී වාර්තා වූ ඩොලර් මිලියන 1,610 සිට ඩොලර් මිලියන 1,732 ක් දක්වා 7.6%කින් වැඩි වී ඇත.

මේ අතර රන් සංචිතය ද 2022 නොවැම්බර් මාසය තුළ දී ඩොලර් මිලියන 25 සිට ඩොලර් මිලියන 27 ක් දක්වා 8.3% කින් ඉහළ ගොස් තිබේ.

  • Ada Derana BIZ Sinhala
  • Climate Financing
  • dollar
  • sri lanka

Climate Financing හරහා ඩොලර් සෙවීමේ සැලැස්මක්

November, 28, 2022

ශ්‍රී ලංකාව ඉදිරියේ දී දේශගුණික මූල්‍යයන ක්‍රම වෙත යොමු වීමට සැලසුම් කර ඇති බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පවසයි.

අද (28) දින පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව කියා සිටියේය.

මාලදිවයින, මුරුසිය, මැඩගස්කරය වැනි දූපත් රාජ්‍යයන් සමඟ එක්ව ඒ වෙනුවෙන් හඬ නගන බවත්, ඉදිරියේ දී ඒ හරහා ශ්‍රී ලංකාවට යම් විදේශ විනිමයක් ලබා ගත හැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී පැවසීය.

“අපි විදේශ අමාත්‍යාංශය හරහා Climate Financing වලට යන්න අපි බලාපොරොත්තු වෙනවා. දැන් කාලගුණ විපර්යාස දිහා බැලුවොත්, විශේෂයෙන්ම ඉන්දියන් සාගරයේ තිබෙන අනෙක් කුඩා දූපත් එක්ක අපි එක්කහු වෙලා, යම්කිසි විදියකට අපි ලෝකයාට අපේ හඬ අවදි කරන්න අපි බලාපොරොත්තු වෙනවා. සමහර වෙලාවට ලංකාව වගේ කුඩා රටක් විතරක් අපි කතා කළොත් අපේ හඬ ඇහෙන්නේ නැහැ. නමුත් මාලදිවයින, මොරිෂස්, මැඩගස්කාර් එවැනි රටවල් එක්ක අපි එකතු වුණොත් එහෙම ඒ හඬ අවදි කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා ඉදිරියේ දී Climate Financing පැත්තෙනුත් අපි යම්කිසි මුදල් ප්‍රමාණයක් රට වෙනුවෙන් හොයාගන්න කටයුතු කරනවා.“

  • Ada Derana BIZ Sinhala
  • August
  • dollar
  • sri lanka

අගෝස්තු මාසයේ දී ඩොලර් ආ ගිය හැටි

October, 6, 2022

2022 වසරේ අගෝස්තු මාසයේ දී ආනයන වියදම්, 2022 වසරේ ජූලි මාසයට සාපේක්ෂව ඉහළ යෑමක් වාර්තා වුවද, අඛණ්ඩව සයවන මාසයටත් වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පහළ ගියේය. විදේශ විනිමය ද්‍රවශීලතා හිඟය හමුවේ අත්‍යවශ්‍ය ආනයන සඳහා ප්‍රමුඛතාවය ලබා දීමේ අවශ්‍යතාවය සලකා බලමින්, රජය විසින් 2022 වසරේ අගෝස්තු මාසයේ දී හදිසි නොවන ආනයන සීමා කිරීමේ ක්‍රියාමාර්ග දැඩි කළ ද, 2022 වසරේ සැප්තැම්බර් මාසයේ දී එම සීමා තරමක් දුරට ලිහිල් කරන ලදී. මේ අතර, 2022 වසරේ අප්‍රේල් මාසයේ සිට නිරීක්ෂණය කරන ලද වර්ධන ප්‍රවණතාවය අඛණ්ඩව පවත්වා ගනිමින් අපනයන ඉපැයීම් 2022 වසරේ අගෝස්තු මාසයේ දී ඉහළ ගියේය.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, 2022 වසරේ අගෝස්තු මාසයේ දී වෙළඳ ගිණුමේ හිඟය පෙර වසරට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස පහළ යෑමක් වාර්තා කළේය. 2022 වසරේ ජූලි මාසයට සාපේක්ෂව, 2022 වසරේ අගෝස්තු මාසයේ දී සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඉහළ ගියේය. සංචාරක ඉපැයීම් පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසදීමේ දී 2022 වසරේ අගෝස්තු මාසයේ දී වැඩිවීමක් වාර්තා කළේය.

2022 වසරේ අගෝස්තු මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ වෙතින් විදේශ ආයෝජනයන්හි සුළු ශුද්ධ ගෙවීමක් වාර්තා කළ අතර, කොළඹ කොටස් වෙළඳපොළ වෙත විදේශ ආයෝජනයන්හි සුළු ශුද්ධ ලැබීමක් වාර්තා විය. ද්‍රවශීලි දළ නිල සංචිත මට්ටම අඩු වුව ද, අත්‍යවශ්‍ය ආනයන මූල්‍යකරණය සඳහා මහ බැංකුව විදේශ විනිමය ද්‍රවශීලතාව අඛණ්ඩව ලබා දුන්නේය. මේ අතර, අන්තර් බැංකු වෙළඳපොළේ බර තැබූ සාමාන්‍ය එතැන් විනිමය අනුපාතිකය මාසය තුළ දී එ.ජ. ඩොලරයට රුපියල් 361ක මට්ටමක පැවතුණි.

  • Ada Derana BIZ Sinhala
  • Central Bank
  • dollar
  • sri lanka

මහ බැංකුවේ ඩොලර් සංචිතය පහළට

September, 8, 2022

2022 අගොස්තු මාසය අවසානයේ දී ශ්‍රී ලංකාව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,716 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරයි.

මෙය 2022 ජූලි මාසයේ දී සඳහන් වූ නිල සංචිත වත්කම් ප්‍රමාණය වූ ඩොලර් මිලියන 1,817 ට වඩා 5.6% ක පහළ යාමක් වේ.

මේ අතර මෙම නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත වන ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය 2022 ජූලි මාසයේ දී වාර්තා වූ ඩොලර් මිලියන 1,709 සිට අගෝස්තු මාසයේ දී ඩොලර් මිලියන 1,619 ක් දක්වා අඩු වී ඇත. එය 5.3% ක අඩු වීමකි.