October, 19, 2022
කොවිඞ්-19 අවදානම අඩුවීමත් සමඟ සෙලින්කෝ ලයිෆ් සමාගම සිය ‘ෆැමිලි සවාරි’ වැඩසටහනේ ඊළඟ අදියර සඳහා බොහෝ දෙනෙකු ආදරය කරන ‘පවුලේ අය සමග නිවාඩුවක් ගත කිරීම’ යන තේමාව නැවතත් එක්කර තිබේ. ඒ අනුව, එළඹෙන ‘ෆැමිලි සවාරි’ වැඩසටහනේ ත්යාග සඳහා සමාගම විසින් හෝටල්වල නිවාඩුවක් ගත කිරීම ඇතුළුව ජයග්රාහකයින්ට ත්යාග මාලාවක් ලබාදීමට තීරණය කර ඇත.
කෙසේවෙතත්, ශ්රී ලංකාව ආර්ථික අර්බුදයකට මුහණදීම නිසා ජනතාවට සිදුවී තිබෙන අපහසුතා සැලකිල්ලට ගනිමින් මෙරට ජීවිත රක්ෂණ අංශයේ වෙළඳපොළ ප්රමුඛයා සඳහන් කරන්නේ මේ වනවිටත් ලබාදෙන ආකර්ශනීය මුදල් ත්යාග සහ වටිනා සුපිරි වෙළෙඳසැල් වවුචරද ‘ෆැමිලි සවාරි 16’ වන වැඩසටහනේදී බොහෝ දෙනෙකුට ත්යාග ලෙස ලබාදෙන බවයි.
මෙවර ‘ෆැමිලි සවාරි’ වැඩසටහන යටතේ 2022 දෙසැම්බර් මාසයේ සිට 2023 අගෝස්තු මාසය දක්වා දිනුම් වාර 05 ක් පවත්වන අතර එහිදී ජයග්රාහකයින් ලෙස රක්ෂණ ඔප්පුහිමියන් 1,155 දෙනෙකු තෝරා ගැනීමට සමාගම තීරණය කර ඇත. මෙම සෑම දිනුම් ඇදීමකදීම රක්ෂණ ඔප්පු හිමි පවුල් තුනක සාමාජිකයින් ‘ප්රීමියර්’ කාණ්ඩයේ වර්ගීකරණයක් ලබා තිබෙන අති සුඛෝපභෝගී හෝටලක ෆුල් බෝර්ඞ් පදනම යටතේ නිවාඩුවක් ගත කිරීමට තෝරා ගන්නා අතර තවත් රක්ෂණ ඔප්පුහිමි පවුල් තුනක සාමාජිකයින් ‘ඩිලක්ස්’ වර්ගීකරණයක් ලබා තිබෙන සුඛෝපභෝගී හෝටලයක ෆුල් බෝර්ඞ් පදනම යටතේ නිවාඩුවක් ගත කිරීම සඳහා තෝරාගනී. මීට අමතරව, මෙම සෑම දිනුම් ඇදීමකදීම තවත් රක්ෂණ ඔප්පුහිමියන් පස් දෙනෙකුට රුපියල් 100,000 ක් බැගින් වූ ත්යාග මුදල් ලබාදෙන අතර තවත් රක්ෂණ ඔප්පුහිමියන් 20 දෙනෙකුට රුපියල් 50,000 ක් බැගින් වූ ත්යාග ලබාදෙයි. එසේම, සෑම දිනුම් ඇදීමකදීම තවත් 50 දෙනෙකුට රුපියල් 25,000 ක් බැගින් වූ ත්යාග මුදල් ලබාදෙන බවත් තවත් රක්ෂණ ඔප්පුහිමියන් 150 දෙනෙකුට රුපියල් 10,000 ක වටිනාකමක් තිබෙන භාණ්ඩ මිලදීගැනීම සඳහා සුපිරි වෙළෙඳ සැල් වවුචර ලබාදීමට සමාගම තීරණය කර තිබේ.
මේ අනුව, සමස්තයක් ලෙස ‘ෆැමිලි සවාරි 16’ වන වැඩසටහන මගින් සෙලින්කෝ ලයිෆ් සමාගම නිවාඩු පැකේජ 30 ක්, රුපියල් මිලියන 13.75 ක මුදල් ත්යාග, සහ රුපියල් මිලියන 7.5 ක සුපිරි වෙළෙඳසැල් වවුචර ප්රදානය කරන අතර මීට පෙර ලබාදුන් ත්යගවල වටිනාකම සමාගම විසින් අඩුකර නොමැත.
මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ සාමාන්යාධිකාරී - අලෙවිකරණ, සමිත හේමචන්ද්ර මහතා මෙසේ අදහස් දැක්වීය. ‘වසර දෙකකට පසුව යළිත් ෆැමිලි සවාරි සඳහා සවාරි අත්දැකීම එක් කිරීමට ලැබීම ගැන අපි අතිශයින්ම සතුටු වෙනවා. මෙම ප්රවර්ධන වැඩසටහනින් අපි සෑමවිටම උත්සාහ කරන්නේ පවුලේ සාමාජිකයින් සමග නිදහසේ කාලය ගත කිරීමේ අවස්ථාව උදා කරන්නයි. පවතින ආර්ථික තත්ත්වය නිසා බොහෝදෙනෙකුට ඒ ආකාරයෙන් කටයුතු කිරීම අපහසු බව අපි දන්නවා. පවුලේ සාමාජිකයින් සමග නිවාඩුවක් ගත කිරීමේ අවස්ථාව යළිත් ලබාදීම නිසා වර්තමානයේ තිබෙන ආතතීන් යම් පමණකට හෝ මෙයින් පහව යනු ඇතැයි අපි විශ්වාස කරනවා.’
2020 වසරේ කොවිඞ්-19 වසංගතයේ ආරම්භය සමඟ මෙම වැඩසටහන මගින් ත්යාග ලෙස ලබාදුන් විදේශ සහ දේශීය සංචාර වෙනුවට රත්තරන් ත්යාග ලබාදීමට සමාගම කටයුතු කළද, ශ්රී ලංකාව මුහුණ දෙන විදේශ විනිමය අර්බුදය නිසා පසුව මුදල් ත්යාග ලබාදීමට සමාගම තීරණය කළේය.
‘ෆැමිලි සවාරි 16’ වන වැඩසටහන දියත් කිරීම සෙලින්කෝ ලයිෆ් සමාගමේ ජ්යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පසුගියදා පැවැත්වුණු අතර දිවයින පුරා පිහිටි සමාගමේ ශාඛා වලට මෙම දියත් කිරීමේ වැඩසටහන Zoom ඔස්සේ සජීවීව විකාශය කරන ලදී. මෙම වැඩසටහනට එහි සන්නාම තානාපතිවරුන් වන ජනප්රිය නළු රොෂාන් රණවන මහතා සහ ඔහුගේ බිරිඳ වන කුෂ්ලානි මහත්මියද සහභාගී විය.
මෙම ත්යාග දිනාගැනීම සඳහා ප්රවර්ධන කාලය තුළ සෙලින්කෝ ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් තමන්ගේ තිබෙන ජීවිත රක්ෂණ ඔප්පුව තවදුරටත් පවත්වාගෙන යාම හෝ විශ්රාම සැලසුම්වල අවම ශේෂයක් පවත්වාගෙන යාම සිදුකළ යුතු බව සමාගම සඳහන් කරයි. මෙහිදී, සමාගමට සෘජුව රක්ෂණ වාරික ගෙවන ගනුදෙනුකරුවන්ට අමතර දිනුම් අවස්ථාවන් හිමිකර ගැනීමේ අවස්ථාව ලබාදී තිබෙන අතර සමාගමේ ගනුදෙනුකරුවෙකු වූ කාල සීමාව අනුව සලකා තවත් අමතර දිනුම් අවස්ථාවන් ලබාදෙන බවද සමාගම පවසයි.
සමස්තයක් ලෙස ගත්විට සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි වැඩසටහනින් මේ දක්වා ප්රතිලාභ ලැබූ සංඛ්යාව 27,650 කට වැඩි බව සමාගම සඳහන් කරයි. මෙම ප්රවර්ධන වැඩසටහන යටතේ මීට පෙර සුපිරි ත්යාගය දිනාගත් රක්ෂණ ඔප්පුහිමියන්ට ඕස්ටේ්රලියාව, ඉතාලිය, එංගලන්තය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ජපානය සහ ප්රංශය යන රටවලට සංචාරය කිරීමේ අවස්ථාවත් අනිකුත් ජයග්රාහකයින්ට චීනය, ඩුබායි සහ සිංගප්පූරුව යන රටවල සංචාරය කිරීමේ අවස්ථාවත් උදාවිය.
2022 වසරේ දී බ්රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් ශ්රී ලංකාවේ වඩාත් වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙස නම් කර ඇති සෙලින්කෝ ලයිෆ්, 2021 වසරේ අඛණ්ඩව තෙවැනි වරටත් ශී්ර ලංකාවේ ‘විශිෂ්ට සේවා ස්ථානයක්’ (Great Workplace) ලෙසද, ශ්රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් ශ්රී ලංකාවේ වසරේ සේවා සන්නාමය ලෙසද, SLIM Kantar ජනතා සම්මාන ප්රදානෝත්සවයේදී අඛණ්ඩව වාර්තාගත වසර 16 කට ශ්රී ලංකාවේ වඩාත්ම ජනප්රිය ජීවිත රක්ෂණ සමාගම ලෙසද, නම් වී ඇත. ආරම්භ කර ගෙවුණු වසර 34 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප්රමුඛයා බවට පත්වීමට ද සමත්වී ඇති සෙලින්කෝ ලයිෆ් 2021 වසරේ LMD විසින් ශ්රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ ‘වඩාත් ජනප්රිය සේවා සපයන්නා’ ලෙස ද නම් කර ඇති අතර එම වසර සඳහා ජාත්යන්තර වාණිජ මණ්ඩලයේ ශ්රී ලංකා ශාඛාව (ICCSL) සහ CIMA ආයතනය ශ්රේණිගත කළ ‘ශ්රී ලංකාව තුළ වඩාත්ම ප්රසාදයට ලක් වූ සමාගම්’ 10 න් එකක් බවට ද පත්විය. එමෙන්ම 2022 වසරේ Great Place to Work® විසින් ශ්රී ලංකාවේ බැංකු, මූල්ය සේවා සහ රක්ෂණ (BFSI) ක්ෂේත්රයේ හොඳම සේවා ස්ථාන 10 අතරට ද සෙලින්කෝ ලයිෆ් සමාගම ශ්රේණිගත කර ඇත.
සක්රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කරන සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.
සේයාරු සටහන : ‘ෆැමිලි සවාරි 16’ වැඩසටහන දියත් කිරීමේ අවස්ථාවට එක්වූ සෙලින්කෝ ලයිෆ් සමාගමේ සභාපති, ආර්. රෙන්ගනාදන් මහතා සහ කළමනාකාර අධ්යක්ෂ සහ ප්රධාන විධායක නිළධාරී, තුෂාර රණසිංහ මහතා (වමේ සිට පිළිවෙලින් 03 වැන්නා සහ 04 වැන්නා) ‘ෆැමිලි සවාරි’ සන්නාම තානාපතිවරුන් සහ සමාගමේ අලෙවිකරණ කණ්ඩායමේ නියෝජිතයින් සමග මෙම ඡායාරූපයේ සිටී.
October, 13, 2022
රුපියල් මිලියනයේ ජයග්රාහකයින් 06 දෙනෙකු සහ තවත් ජයග්රාහකයින් 1050 දෙනෙකු බිහිකරමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ 15 වන ෆැමිලි සවාරි වැඩසටහන පසුගියදා අවසන් වූ අතර සමාගම සඳහන් කරන්නේ මෙම වැඩසටහනේ ඊළඟ අදියර තවත් ආකර්ශනීය ත්යාග සමගින් ලඟදීම නිවේදනය කරන බවයි.
මෙම දැවැන්ත වාර්ෂික ප්රවර්ධන වැඩසටහන යටතේ පැවැත්වූ අවසන් දිනුම් ඇදීමේදී කුලියාපිටිය ප්රදේශයේ රක්ෂණ ඔප්පුහිමියෙකු රුපියල් මිලියනයේ සුපිරි ත්යාගය දිනාගත් අතර වව්නියාව සහ බණ්ඩාරවෙල ප්රදේශවල වාසනාවන්ත රක්ෂණ ඔප්පුහිමියන් දෙදෙනෙකු රුපියල් 250,000 බැගින් දිනාගන්නා ලදී. මීට අමතරව, පදවිය, වෙන්නප්පුව, පැල්මඩුල්ල, අකුරැස්ස ඇතුළු දිවයින පුරා විසිරී සිටින සමාගමේ රක්ෂණ ඔප්පුහිමියන් මෙම දිනුම් ඇදීමේදී ත්යාග දිනාගන්නා ලදී. මේ අනුව, අවසන් ෆැමිලි සවාරි 15 දිනුම් ඇදීමේදී සමස්තයක් ලෙස ජයග්රාහකයින් 176 දෙනෙකු තේරී පත්වූ අතර ඔවුන්ගෙන් 76 දෙනෙකුට මුදල් ත්යාගද 100 දෙනෙකුට සුපිරි වෙළඳසැල් ත්යාග වවුචරද හිමිවිය.
ෆැමිලි සවාරි 15 වන වැඩසටහන යටතේ මාස දෙකකට වරක් පැවැත්වූ දිනුම් ඇදීම් 06 තුළින් රක්ෂණ ඔප්පුහිමියන් 1056 දෙනෙකුට ප්රතිලාභ හිමිවූ අතර ඔවුන්ට රුපියල් මිලියන 24 ක මුදල් ත්යාග සහ රුපියල් මිලියන 06 ක් වටිනා සුපිරි වෙළෙඳසැල් වවුචර හිමිවිය. මේ අනුව, මෙවර ලබාදුන් සම්පූර්ණ ත්යාගවල වටිනාකම රුපියල් මිලියන 30 කි.
15 වන ෆැමිලි සවාරි වැඩසටහනේදී බිහිවූ රුපියල් මිලියනයේ ජයග්රාහකයින් 06 දෙනාට අමතරව සමාගම විසින් තවත් ජයග්රාහකයින් 450 දෙනෙකු තෝරාගත් අතර ඔවුන්ට ලබාදුන් මුදල් ත්යාගවල වටිනාකම රුපියල් මිලියන 18 කි. මීට අමතරව, එකක් රුපියල් 10,000 ක් වන සුපිරි වෙළෙඳසැල් වවුචර 600 ක්ද සමාගම විසින් සැනසිලි ත්යාග ලෙස ලබාදෙන ලදී.
‘ෆැමිලි සවාරි’ ප්රවර්ධන වැඩසටහනේ දිනුම් ඇදීම් වලට සහභාගීවීමට සුදුසුකම් ලැබීම සඳහා පවතින ජීවිත රක්ෂණ ඔප්පුව අඛණ්ඩව සක්රීයව පවත්වාගෙන යාම හෝ සමාගමේ විශ්රාමික සැලසුමේ අවම ශේෂයක් පවත්වාගෙන යාම සිදුකළ යුතුය. මීට අමතරව, සමාගම වෙත සෘජුවම රක්ෂණ වාරික මුදල් ගෙවන ඔප්පුහිමියන්ට අමතර දිනුම් අවස්ථාවන් හිමිවන අතර ඔවුන් සමාගමේ ගනුදෙනුකරුවෙකු වී සිටින කාල සීමාව අනුව එම අමතර දිනුම් අවස්ථාවන් සංඛ්යාව වැඩිවන බව සමාගම සඳහන් කරයි.
ජීවිත රක්ෂණය සම්බන්ධයෙන් උනන්දුවක් ඇතිකිරීමට මෙන්ම රක්ෂණ ඔප්පු හිමියන්ට තම රක්ෂණ ඔප්පු සක්රීයව තබාගැනීමට දිරිගන්වන මෙම වැඩසටහනින් මේ දක්වා ප්රතිලාභ ලැබූ සංඛ්යාව 27,650 කට වැඩි බව සමාගම සඳහන් කරයි. මෙම ප්රවර්ධන වැඩසටහන යටතේ මීට පෙර සුපිරි ත්යාගය දිනාගත් රක්ෂණ ඔප්පු හිමියන්ට ඕස්ටේ්රලියාව, ඉතාලිය, එංගලන්තය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ජපානය සහ ප්රංශය යන රටවලට සංචාරය කිරීමේ අවස්ථාවත් අනිකුත් ජයග්රාහකයින්ට චීනය, ඩුබායි සහ සිංගප්පූරුව යන රටවල සංචාරය කිරීමේ අවස්ථාවත් උදාවිය.
2022 වසරේ දී බ්රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් ශ්රී ලංකාවේ වඩාත් වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙස නම් කර ඇති සෙලින්කෝ ලයිෆ්, 2021 වසරේ අඛණ්ඩව තෙවැනි වරටත් ශී්ර ලංකාවේ ‘විශිෂ්ට සේවා ස්ථානයක්’ (Great Workplace) ලෙසද, ශ්රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් ශ්රී ලංකාවේ වසරේ සේවා සන්නාමය ලෙසද, SLIM Kantar ජනතා සම්මාන ප්රදානෝත්සවයේදී අඛණ්ඩව වාර්තාගත වසර 16 කට ශ්රී ලංකාවේ වඩාත්ම ජනප්රිය ජීවිත රක්ෂණ සමාගම ලෙසද, නම් වී ඇත. ආරම්භ කර ගෙවුණු වසර 34 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප්රමුඛයා බවට පත්වීමට ද සමත්වී ඇති සෙලින්කෝ ලයිෆ් 2021 වසරේ LMD විසින් ශ්රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ ‘වඩාත් ජනප්රිය සේවා සපයන්නා’ ලෙස ද නම් කර ඇති අතර එම වසර සඳහා ජාත්යන්තර වාණිජ මණ්ඩලයේ ශ්රී ලංකා ශාඛාව (ICCSL) සහ CIMA ආයතනය ශ්රේණිගත කළ ‘ශ්රී ලංකාව තුළ වඩාත්ම ප්රසාදයට ලක් වූ සමාගම්’ 10 න් එකක් බවට ද පත්විය. එමෙන්ම 2022 වසරේ Great Place to Work® විසින් ශ්රී ලංකාවේ බැංකු, මූල්ය සේවා සහ රක්ෂණ (BFSI) ක්ෂේත්රයේ හොඳම සේවා ස්ථාන 10 අතරට ද සෙලින්කෝ ලයිෆ් සමාගම ශ්රේණිගත කර ඇත.
සක්රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කරන සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

සේයාරු සටහන - සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්යක්ෂ සහ ප්රධාන විධායක නිළධාරී, තුෂාර රණසිංහ මහතා (වමේ) සමාගමේ ජ්යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයින් ඉදිරිපිටදී අවසාන මහා දිනුම් ඇදීම ඉලෙක්ට්රොනිකව සිදුකළ ආකාරය.
July, 6, 2022
සෙලින්කෝ ලයිෆ් සමාගම සිය ‘ෆැමිලි සවාරි’ වැඩසටහන යටතේ ලබාදෙන ත්යාග වලින් ජයග්රාහකයින්ට ලබාදෙන ප්රතිලාභය වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ තවදුරටත් අර්ථවත් කරමින් මුදලින් ලබාදීමට තීරණය කර තිබෙන අතර මේ තුළින් ජයග්රාහකයින් විසින් දිනාගන්නා ත්යාගවල වටිනාකමට සමාන මුදල් ලබාදෙන බව සමාගම සඳහන් කරයි.
මෙවර ‘ෆැමිලි සවාරි’ වැඩසටහන 15 වන වසර සඳහා පැවැත්වෙන අතර කොවිඞ්-19 වසංගත කාලයේදී විදෙස් සංචාර සහ දේශීය සංචාර සිදුකළ නොහැකිවූ නිසා මෙම ප්රවර්ධන වැඩසටහනේ ජයග්රාහකයින්ට ත්යාග වශයෙන් රත්තරන් ලබාදීමට සමාගම තීරණය කරන ලදී. කෙසේවෙතත්, වර්තමානයේ පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ සමාගම සඳහන් කරන්නේ ජයග්රාහකයින්ට ඔවුන් ජයග්රණය කරන ත්යාගවල සම්පූර්ණ වටිනාකම මුදලින් ලබාදෙන බවයි.
‘පවතින තත්ත්වය අනුව ත්යාගයේ සම්පූර්ණ වටිනාකම මුදලින් ලබාගැනීමට අපගේ ‘ෆැමිලි සවාරි’ ජයග්රාහකයින් කැමති වනු ඇතැයි අපට විශ්වාසයි,’ යනුවෙන් මෙම තීරණය පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ සාමාන්යාධිකාරී - අලෙවිකරණ, සමිත හේමචන්ද්ර මහතා පැවසීය. ‘මෙහිදී මාස දෙකකට වරක් පවත්වන දිනුම් ඇදීමේදී පළමු ස්ථානය ලබාගන්නා ජයග්රාහකයාට සමාගම විසින් රුපියල් මිලියනයක මුදල් ත්යාගයක් ලබාදෙනවා. ඒ වගේම, තවත් ජයග්රාහකයින් 75 දෙනෙකුට රුපියල් මිලියන 03 ක අගයකට මුදල් ත්යාග ලබාදීමට අපි සූදානම්.’
මේ අනුව, සමස්තයක් ලෙස ගත්විට 2022 අගෝස්තු මාසයේදී අවසන් වීමට නියමිත මෙවර ‘ෆැමිලි සවාරි’ වැඩසටහන මගින් රක්ෂණ ඔප්පුහිමියන් 1000 කට වැඩි සංඛ්යාවකට ත්යාග ලබාදෙන අතර ත්යාග මල්ලේ මුළු වටිනාකම රුපියල් මිලියන 30 කි. මෙයට සැනසිලි ත්යාග වශයෙන් ලබාදෙන රුපියල් මිලියන 06 කට ආසන්න සුපිරි වෙළෙඳසැල් වවුචර්ද ඇතුළත් වන බව සමාගම සඳහන් කරයි.
මාස දෙකකට වරක් පැවැත්වෙන මෙම දිනුම් ඇදීම් 06 සඳහා සුදුසුකම් ලැබීමට සෙලින්කෝ ලයිෆ් ගනුදෙනුකරුවන් තම ජීවිත රක්ෂණ සැලසුම හෝ විශ්රාමික සැලසුම ප්රවර්ධන කාල සීමාව තුළදී සක්රීයව පවත්වාගෙන යාම හෝ අවම ගිණුම් ශේෂයක් පවත්වාගෙන යා යුතුය. මීට අමතරව, සමාගම වෙත සෘජුවම රක්ෂණ වාරික මුදල් ගෙවන ඔප්පුහිමියන්ට අමතර දිනුම් අවස්ථාවන් හිමිවන අතර ඔවුන් සමාගමේ ගනුදෙනුකරුවෙකු වී සිටින කාල සීමාව අනුව එම අමතර දිනුම් අවස්ථාවන් සංඛ්යාව වැඩිවන බව සමාගම සඳහන් කරයි.
සමස්තයක් ලෙස ගත්විට පසුගිය කාලය තුළදී මෙම වැඩසටහනින් මේ දක්වා ප්රතිලාභ ලැබූ සංඛ්යාව 26,000 කට වැඩි බව සමාගම සඳහන් කරයි. මෙම ප්රවර්ධන වැඩසටහන යටතේ මීට පෙර සුපිරි ත්යාගය දිනාගත් රක්ෂණ ඔප්පු හිමියන්ට ඕස්ටේ්රලියාව, ඉතාලිය, එංගලන්තය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ජපානය සහ ප්රංශය යන රටවලට සංචාරය කිරීමේ අවස්ථාවත් අනිකුත් ජයග්රාහකයින්ට චීනය, ඩුබායි සහ සිංගප්පූරුව යන රටවල සංචාරය කිරීමේ අවස්ථාවත් උදාවිය.
ශ්රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් ශ්රී ලංකාවේ වසරේ සේවා සන්නාමය ලෙසින් සහ 2021 වසරේ LMD විසින් ශ්රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ ‘වඩාත් ජනප්රිය සේවා සපයන්නා’ ලෙස නම් කර ඇති සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 34 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප්රමුඛයා බවට පත්වීමට සමත්වී ඇත. 2021 වසරේ දී ශ්රී ලංකාවේ වඩාත් වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙස බ්රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් ද නම් කරන ලද සෙලින්කෝ ලයිෆ් එම වසර සඳහා ජාත්යන්තර වාණිජ මණ්ඩලයේ ශ්රී ලංකා ශාඛාව (ICCSL) සහ CIMA ආයතනය ශ්රේණිගත කළ ‘ශ්රී ලංකාව තුළ වඩාත්ම ප්රසාදයට ලක් වූ සමාගම්’ 10 න් එකක් වූ අතර පිට පිටම 08 වන වසර සඳහාත් වර්ල්ඞ් ෆයිනෑන්ස් විසින් ශ්රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂකයා ලෙස ද තෝරා ගන්නා ලදී. 2022 වසරේ Great Place to Work® විසින් ශ්රී ලංකාවේ බැංකු, මූල්ය සේවා සහ රක්ෂණ (BFSI) ක්ෂේත්රයේ හොඳම සේවා ස්ථාන 10 අතරට සෙලින්කෝ ලයිෆ් සමාගම ශ්රේණිගත කර ඇති අතර SLIM Kantar ජනතා සම්මාන ප්රදානෝත්සවයේදී අඛණ්ඩව වාර්තාගත 16 වන වසරටත් ශ්රී ලංකාවේ වඩාත්ම ජනප්රිය ජීවිත රක්ෂණ සමාගම ලෙස ද සෙලින්කෝ ලයිෆ් සමාගම නම් කරන ලදී.
සක්රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කරන සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.
Video Story