December, 27, 2022
එක් එක් වී ගොවියා හට වෙන්කර ඇති පොහොර ප්රමාණය, 2023 ජනවාරි 5 දින දක්වා ගොවිජන සේවා මධ්යස්ථාන වල ප්රදර්ශනය කෙරෙයි
එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් ජාත්යන්තර සංවර්ධනය සදහා වූ එක්සත් ජනපද නියෝජිතානතනයේ (USAID) ලබාදෙන අරමුදල් හරහා ශ්රී ලංකාවේ සියලූම වී ගොවීන් වෙත කෘෂිකර්ම අමාත්යාංශය සහාය ඇතිව ටි්රපල් සුපර් ෆොස්ෆේට් (Triple Super Phosphate - TSP) ටොන් 36,000ක් බෙදා දෙනු ඇත. 2022/2023 මහ කන්නයේ දී වගා කරනු ඇති භූමි ප්රමාණය මත පදනම්ව එක් එක් වී ගොවියා වෙත ලබාදෙන TSP ප්රමාණය තීරණය කරනු ඇත.
එක් එක් වී ගොවියා වෙත වෙන්කර ඇති පොහොර ප්රමාණය තීරණය කිරීමේ දී යොදා ගන්නා ලද, මේ වර්ෂයේ මහ කන්නයේ වගා කරන ලද භූමි ප්රමාණය පිළිබඳ විස්තරය, බෙදා හැරීමේ ලැයිස්තුව ද සමග ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් සියලූම ගොවිජන සේවා මධ්යස්ථාන වල ප්රකාශයට පත්කර ප්රදර්ශනය කිරීමට කටයුතු කර ඇත. අදාළ ගොවිජන සේවා මධ්යස්ථාන වෙත ගොස් තම තමන්ගේ විස්තර එකී ලැයිස්තුවට ඇතුළත් කර ඇතිදැයි විමසා බලන ලෙස සුදුසුකම් ලත් සියලූ වී ගොවීන් වෙතින් FAO ඉල්ලා සිටියි. බෙදා හැරීමේ ලැයිස්තුව 2023 ජනවාරි 5 දින දක්වා සියලූ ගොවිජන සේවා මධ්යස්ථාන වල ප්රදර්ශනය කෙරෙනු ඇති අතර, පොහොර බෙදා දෙන දිනය ගොවිජන සේවා මධ්යස්ථාන වෙත දැනුම්දෙනු ඇත.
October, 15, 2022
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO), කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන ජාත්යන්තර අරමුදල (IFAD) සහ එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩපිළිවෙල (WFP) එක්ව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීර මහතාගේ ප්රධානත්වයෙන් සිකුරාදා (14) පැවති උත්සවයකදී ලෝක ආහාර දිනය සමරන ලදී. "වඩාත් හොඳ නිෂ්පාදනයක්, වඩාත් යහපත් පෝෂණයක්, වඩාත් යහපත් පරිසරයක් සහ වඩාත් යහපත් ජීවිතයක් සඳහා සාමුහිකව ක්රියා කරමු” යන තේමාව යටතේ මෙම වැඩසටහන පවත්වන ලදී.
මෙම අවස්ථාව වෙනුවෙන් වීඩියෝ පණිවිඩයක් හරහා එක් වූ ශ්රී ලංකාවේ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා, ලෝක ආහාර දිනය සැමරීම වෙනුවෙන් ආහාර හා කෘෂිකර්ම සංවිධානයට, කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන ජාත්යන්තර අරමුදලට සහ ලෝක ආහාර වැඩපිළිවෙලට සිය සුබපැතුම් එක්කළ අතර ආහාර සුරක්ෂිතතාවය සවිමත් කිරීමට ශ්රී ලංකාවේ කැපවීම යලිත් තහවුරු කළේය. "ශ්රී ලංකාව ආහාර අනාරක්ෂිතභාවයේ ඉහළ මට්ටමක පවතින තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ සිටී. වත්මන් අර්බුදකාරී තත්වය විසඳීම සඳහා ශක්තිමත් හවුල්කාරිත්වයක් ඇතිකර ගෙන සිටින එක්සත් ජාතීන්ගේ පද්ධතියට, බහුපාර්ශවික සහ ද්වීපාර්ශවික හවුල්කරුවන්ට සහ, පරිත්යාගශීලී ප්රජාවට අපි ස්තූතිවන්ත වන්නෙමු” යැයි ඔහු පැවසීය.
උත්සවයේ ප්රධාන දේශනය පැවැත්වූ අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා, ජනගහනයෙන් 30% සිට 35% අතර සංඛ්යාවක් ඍජුව හෝ වක්රව කෘෂිකර්මාන්තයෙන් යැපෙන ශ්රී ලංකාවේ, කෘෂිකර්මාන්තය නවීකරණය සහ සංවර්ධනය සඳහා විශාල ආයෝජනයන් සිදුකළ යුතු බව පැවසූ අතර, මෙම දැවැන්ත කාර්යභාරය සපුරා ගැනීම සඳහා තම රජය සම්පූර්ණයෙන්ම කැපවී සිටින බවත්, කෘෂිකර්මය සහ ආහාර සුරක්ෂිතතාවය ජාතික ප්රමුඛතාවයක් ලෙස සලකන බවත් පැවසීය.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීර මහතා, කෘෂිකර්ම ක්ෂේත්රයට මුහුණ දීමට සිදුවන අනාගත අර්බුද ජය ගැනීම සඳහා නවීකරණය සහ ඔරොත්තුදීමේ හැකියාව ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කරවන නව කෘෂිකාර්මික ප්රතිපත්තියක් පාර්ලිමේන්තුවට හඳුන්වා දෙන බවත්, ශ්රී ලංකාව තුල නවීන සහ ඔරොත්තුදීමේ හැකියාව ඇති කෘෂිකාර්මික අංශයක් ගොඩනැගීම සඳහා ලබා දෙන තාක්ෂණික සහාය වෙනුවෙන් ආහාර හා කෘෂිකර්ම සංවිධානයට සිය ස්තූතිය පිරිනමන බවත් පවසා සිටියේය.
මෙම කාලය තුල ශ්රී ලංකාව වඩාත් හොඳින් නැවත ගොඩනැගීමට උපකාර කිරීම සඳහා තම සංවිධානයේ කැපවීම පිළිබඳව අවධාරණය කළ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශ්රී ලංකාව සහ මාලදිවයින සඳහා වන නියෝජිත විම්ලේන්ද්ර ශරන් මහතා, ර්ණඅපගේ හවුල්කරුවන්ගේ උපකාර ඇතිව බීජ සහ පොහොර වැනි අත්යාවශ්ය කෘෂිකාර්මික යෙදවුම් ලබාදෙමින් ශ්රී ලංකාව ආහාර සුරක්ෂිතතාවය සහිත රටක් බවට පත් කීරීම සඳහා නිෂ්පාදනය ඉහළ නැංවීමට කටයුතු කරන අතර, ශ්රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා තීරණාත්මක සාධකයක් වන වඩාත් අවදානමට ලක්විය හැකි ධීවරයින් සහ ගොවීන් අර්බුදයේ දරුණුතම බලපෑම් වලින් ආරක්ෂාකර ගැනීම සහතික කිරීම සඳහා රජය සමග එක්ව කටයුතු කිරීමට ආහාර හා කෘෂිකර්ම සංවිධානය කැපවී සිටී” යනුවෙන් පැවසීය.
කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන ජාත්යන්තර අරමුදලෙහි ශ්රී ලංකා සහ මාලදිවයින් අධ්යක්ෂිකා ෂෙරීනා ටබස්සම් මහත්මිය, ප්රජාවකගේ සහ රටක ආහාර සුරක්ෂිතතාවය සහතික කිරීමේදී කුඩා ඉඩම් හිමි ගොවීන්ගේ මූලික කාර්යභාරය පිළිබඳව අවධාරණය කරමින් මෙසේ පැවසූවාය, "අපගේ අරමුණ වන්නේ ආහාර පද්ධතියේ ප්රධාන සම්පත වන කුඩා ඉඩම් හිමි ගොවියන් ගෝලීය වසංගතය, දේශගුණික විපර්යාස සහ වෙනත් බාහිර බලපෑම් සඳහා සූදානම් කිරීම සහ ඔවුන්ට ඒවා ජයගත හැකි බව සහතික කිරීමය. සෑම කෙනෙකුටම ප්රතිලාභ ලැබිය හැකි පරිදි ශ්රී ලංකාවේ ආහාර පද්ධතිය තිරසර පරිවර්තනයකට ලක් කිරීම සඳහා රජය සමග අපගේ කටයුතු කරගෙන යාමට අපි කැපවී සිටින්නෙමු”.
ශ්රී ලංකාවේ ලෝක ආහාර වැඩපිළිවෙල භාර නිලධාරී ජෙරාඩ් රෙබෙල්ලෝ මහතා, අර්බුදයේ බලපෑමෙන් වඩාත් අවදානමට ලක්විය හැකි මට්ටමේ පසුවන ප්රජාවන් ආරක්ෂා කිරීම සඳහා කඩිනම් ක්රියාමාර්ග ගැනීමේ අවශ්යතාවය අවධාරණය කරමින් මෙසේ පැවසීය, ර්ණමිලියන 3.4 ක ජනතාවට ආහාර සහ පෝෂණ ආධාර සැපයීම සඳහා ලෝක ආහාර වැඩපිළිවෙල සිය හදිසි මෙහෙයුම් අරඹා ඇත. අර්බුදකාරී කාලවලදී පවා බාධාවකින් තොරව ගොවිපලෙන් කෑම මේසයට ආහාර ලබාගත හැකිවන පරිදි ආහාර පද්ධති වඩාත් ශක්තිමත් සහ දේශගුණික විපර්යාස වලින් ඇතිවන කම්පනවලට ඔරොත්තුදිය හැකි තත්වයකට පත්කිරීම සඳහා කුඩා ඉඩම් හිමි ගොවියන් සමග අපි අඛණ්ඩව කටයුතු කරමින් සිටින්නෙමු”.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO), කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන ජාත්යන්තර අරමුදල (IFAD) සහ එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩපිළිවෙල (WFP) එක්සත් ජාතීන්ගේ පද්ධතිය සමග එක්ව බලපෑමට ලක්ව දිස්ත්රික්කවල වඩාත් අවදානමට ලක්වියහැකි ප්රජාවන්ට හදිසි මුදල් ආධාර, අත්යාවශය පොහොර සහ ජීවනෝපාය ආධාර ලබා දෙමින් ක්ෂේත්රයේ කටයුතු කරයි.
ඡායාරූපය - එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය (FAO), කෘෂිකර්ම සංවර්ධනය සඳහා වූ ජාත්යන්තර අරමුදල (IFAD) සහ එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩපිළිවෙල (WFP) කොළඹ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිකුරාදා (14) පැවති උත්සවයකදී ලෝක ආහාර දිනය සමරන ලදී. අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා, කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීර මහතා, ශ්රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ වැඩබලන නේවාසික සම්බන්ධීකාරක සරත් දාෂ්, ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශ්රී ලංකාව සහ මාලදිවයින සඳහා වන නියෝජිත විම්ලේන්ද්ර ශරන්, කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන ජාත්යන්තර අරමුදලෙහි (IFAD) ශ්රී ලංකා සහ මාලදිවයින් අධ්යක්ෂිකා ෂෙරීනා ටබස්සම් සහ ලෝක ආහාර වැඩපිළිවෙල කාර්යභාර නිලධාරී ජෙරාඩ් රෙබෙල්ලෝ.
September, 16, 2022
ශ්රී ලංකාවේ වී ගොවීන් අතරින් ප්රතිලාභීන් තෝරා ගැනීම සහ පොහොර බෙදා දීම සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමට ශ්රී ලංකාව සහ මාලදිවයින නියෝජිත, විම්ලේන්ද්ර ෂාරන් මහතා සහ කෘෂිකර්ම අමාත්යාංශ ලේකම්, රෝහණ පුෂ්පකුමාර මහතා විසින් අද දින ගරු කෘෂිකර්ම අමාත්ය, මහින්ද අමරවීම මැතිතුමා ඉදිරිපිට දී අත්සන් තබන ලදී.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) සහභාගීත්වයෙන් ශ්රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරනු වස්, යූරියා සහ ටිපල් සුපර් පොස්පේට් (TSP) පොහොර වී ගොවීන් සඳහා ලබා දීමට කටයුතු කරමින් පවතී. මේ සඳහා අදාල ගොවීන් තෝරාගැනීම හා පොහොර බෙදා හැරීම සඳහා කෘෂිකර්ම අමාත්යාංශය සමග අද දින අවබෝධතා ගිවිසුමකට එළඹෙන ලදී.

September, 13, 2022
දුර්වල කෘෂිකාර්මික නිෂ්පාදනය, මිල ඉහළ යාම සහ පවතින ආර්ථික අර්බුදය හමුවේ ශී්ර ලංකාවේ ආහාර අනාරක්ෂිතතාවය උග්ර විය හැකි බවට ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ලෝක ආහාර වැඩපිළිවෙල අනතුරු අඟවයි.
ජනගහනයෙන් 30% කට ආසන්න ප්රමාණයක් දැනටමත් ආහාර අනාරක්ෂිතතාවයට පත්ව සිටින අතර හදිසි ආධාර ප්රමාදවුවහොත් ආහාර අනාරක්ෂිතතාවය තවදුරටත් උග්ර වනු ඇත.
ශ්රී ලංකාවේ මිලියන 6.3 ක ජනතාවක් මධ්යස්ථ මට්ටමේ සිට උග්ර මට්ටමේ ආහාර අනාරක්ෂිතභාවයකට මුහුණ දෙන බවත් බවත් ප්රමාණවත් ජීවිතාරක්ෂක සහ ජීවනෝපාය ආධාර ලබා නොදුනහොත් ඔවුන්ගේ තත්වය වඩාත් බැරැරුම් විය හැකි බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සහ ලෝක ආහාර වැඩපිළිවෙල (WFP) නව වාර්තාවක් නිකුත් කරමින් අද ප්රකාශ කරන ලදි.
ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ලෝක ආහාර වැඩපිළිවෙල සිදුකරන ලද ඒකාබද්ධ ආහාර භෝග සහ සුරක්ෂිතතාව පිලිබඳ තක්සේරු මෙහෙයුම් (CFSAM) වාර්තාවට අනුව, ආසන්න වාර දෙකක බෝග අස්වැන්න අසාර්ථක විම හේතුවෙන් ආහාර නිෂ්පාදනය 50%ක් පමණ පහත වැටුනු අතර, විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ආහාර සහ ධාන්ය ආනයනය අඩු විය.
විශේෂයෙන්ම මධ්යස්ථ මට්ටමේ සිට උග්ර මට්ටමේ ආහාර අනාරක්ෂිතතාවයට පත්ව සිටින පවුල් වලට පෝෂ්යදායී ආහාර ලබා ගැනීමේ හැකියාව ලැබෙන පරිදි පවතින සමාජ ආධාර යාන්ත්රණ ද ඇතුළුව හදිසි ආහාර ආධාර සහ ජීවනෝපාය වැඩ සටහන් වහාම කි්රයාත්මක කළ යුතුව ඇතැයි වාර්තාව සඳහන් කරයි. ප්රධාන ආහාර වර්ග වල විශේෂයෙන්ම වී අස්වැන්න අඩු වීමත් පවතින ආර්ථික අර්බුදයත් නිසා අධාර ලබා
දීමක් සිදු නොවුන හොත් 2022 ඔක්තෝබර් සිට 2023 පෙබරවාරි අතර කාලය තුළ ඔවුන්ගේ ආහාර සුරක්ෂිතතාවය තවදුරටක් පිරිහෙනු ඇතැයි අපේක්ෂා කරනු ලැබේ.
"ආහාර සුරක්ෂිතතා තත්වයන් තවදුරටත් පිරිහීම වැලැක්වීම සඳහා සහ කෘෂිකාර්මික නිෂ්පාදනය යථාතත්වයට පත් කිරීමට සහාය විම පිණිස, කුඩා ඉඩම් හිමියන් ඉලක්ක කර ගනිමින් ජීවනෝපාය ආධාර ලබා දීම ප්රමුඛතාවයක් ලෙස සිදුකළ යුතු වන්නේය,” යනුවෙන් ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශී්ර ලංකාවේ නියෝජිත විම්ලේන්ද්ර ෂරන් මහතා පැවසීය. "ජනගහනයෙන් 30%ක් පමණ කෘෂිකර්මාන්තයෙන් යැපෙන බැවින් ගොවීන්ගේ නිෂ්පාදන ධාරිතාව වැඩි දියුණු කිරීම මගින් අවසානයේදී කෘෂිකර්මාන්තයෙන් යැපීමේ හැකියාව ඉහළ නංවනු ඇති අතර, එමගින් විදේශ මුදල් සංචිතයන්ගේ හිගය නිසා ආහාර අවශ්යතා ආනයනය කිරීම අඩු කිරීමටත් කුසගින්න වැඩිවීම වලක්වා ගැනීමටත් හැකි වනු ඇත.” යනුවෙන්ද ඔහු පැවසීය.
"මාස ගණනාවක් තිස්සේ කඩාවැටෙමින් පවතික ආර්ථික ආර්බුදය හමුවේ බොහෝ පවුල් වලට විකල්ප නැති වෙමින් පවතී. ඔවුන් අසරණව වෙහෙසට පත්ව ඇත. පවුල් 60%කට වැඩි සංඛ්යාවක් ප්රමාණාත්මකව ආහාර නොගන්නා අතර ඔවුන් මිල අඩු සහ පෝෂ්යදායී නොවන ආහාර අනුභව කරති. මෙම මුල්ය බාධාවන් හේතුවෙන් පාසල් ආහාර වැඩසටහන් සහ මවුවරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට ලබා දෙන පෝෂණ වැඩසටහන් අඩු පරිමාණයකින් සිදු කිරීමට යම් අවස්ථාවකදී රජයට සිදුවනු ඇත. ලෝක ආහාර වැඩපිළිවෙලහි ප්රමුඛතාවය වන්නේ අවදානමට ලක්ව ඇති ප්රජාවගේ පෝෂණය තවදුරටත් පිරිහී යාම වැලැක්වීම සඳහා ක්ෂණික ආහාර සහ පෝෂණ ආධාර ලබා දීමය,” යනුවෙන් ලෝක ආහාර වැඩපිළිවෙලහි නියෝජිත සහ ශී්ර ලංකා අධ්යක්ෂ අබ්දුර් රහීම් සිද්දිකී මහතා පැවසීය.
රජයේ ඉල්ලීමට අනුව, 2022 ජූනි සහ ජූලි මාස අතර තුරදී දිවයිනේ දිස්ති්රක්ක 25 ම ආවරණය වන පරිදි ඒකාබද්ධ ආහාර භෝග සහ සුරක්ෂිතතාව පිලිබඳ තක්සේරු මෙහෙයුම් ක්රියාවලියක් සිදු කරන ලදී. මෙහිදී විශේෂයෙන්ම ප්රධාන ධාන්ය වර්ග ඇතුළු කෘෂිකාර්මික නිෂ්පාදන මට්ටම් විශ්ලේෂණය කිරීම මෙන්ම ගෘහස්ථ ආහාර සුරක්ෂිතතා තත්වයන් තක්සේරු කිරීමටද කටයුතු කරන ලදී.
ශ්රී ලංකාව මුහුණ දෙන උග්ර සාර්ව ආර්ථික අර්බුදය හේතුවෙන් ආහාර, කෘෂිකාර්මික යෙදවුම්, ඉන්ධන සහ ඖෂධ ඇතුළු අත්යාවශ්ය නිෂ්පාදන වල උග්ර හිඟය සහ අධික ලෙස මිල ඉහළ යාම, යම් ආර්ථික දැඩි ලෙස අවධානමට ලක්කිරීම, කෘෂිකාර්මික නිෂ්පාදනයන් කෙරෙහි විශාල ලෙස බාධා පමුණුවා ඇත.
ප්රධාන ආහාරය වන වී නිෂ්පාදනය 2022 දී මෙට්ටි්රක් ටොන් මිලියන 3ක් පමණ වනු ඇතැයි පුරෝකථනය කර ඇත. එය 2017 දී නිය`ගය නිසා ඇතිවූ බලපෑම හේතුවෙන් අඩු අස්වැන්නක් ලබා ගැනීමෙන් පසු වාර්තාවන අඩුම අස්වැන්න වනු ඇත. මෙම තත්වයට හේතු වී ඇත්තේ පොහොර යෙදීම අඩුවීම බව වාර්තාව අනාවරණය කරයි.
සත්ව ආහාර ලෙස බහුල වශයෙන් භාවිතා කරන බඩ ඉරිඟු නිෂ්පාදනය පසුගිය වසර පහක සාමාන්යයට වඩා 40%කින් අඩුවී ඇති අතර එය කුකුළු මස්, බිත්තර සහ අනෙකුත් පශු නිෂ්පාදන කෙරෙහි අහිතකර ලෙස බලපෑම් ඇති කරයි. එමෙන්ම, එළවළු, පලතුරු, තේ, පොල්, රබර් සහ කුළු බඩු වැනි අපනයන බෝග නිෂ්පාදනයද සාමාන්ය මට්ටමට වඩා බෙහෙවින් අඩු පට්ටමක පැවතීම පවුල් වල ආදායමේ සහ අපනයන ආදායමේ සැලකියයුතු අඩුවීමක් ඇති කිරීමට හේතු වී තිබේ.
බොහෝ ආහාර ද්රව්ය වල මිල ගණන් 2021 අවසාන කාර්තුවේ සිට ක්රමිකව ඉහළ යමින් තිබෙන අතර 2022 අගෝස්තු මාසයේදී වාර්තාගත ඉහළ මිල මට්ටම් කරා ළඟා වූ අතර, ආහාර උද්ධමනය වසරක් තුළ 94%කින් ඉහළ ගොස් ඇත.
2022 වසරේ මුළු ධාන්ය ආනයන අවශ්යතාවය මෙට්ටි්රක් ටොන් මිලියන 2.2 ලෙස ගණන් බලා ඇත. 2022 පළමු මාස හය ඇතුලත ධාන්ය මෙට්ටි්රක් ටොන් 930,000 කට වැඩි ප්රමාණයක් ආනයනය කර ඇත. ආනයනික අවශ්යතාවය සපුරා ගැනිම සඳහා තවත් මෙට්ටි්රක් ටොන් මිලියන 1.27ක් ආනයනය කළ යුතුව ඇත. පවතින සාර්ව ආර්ථික අභියෝග ශමුවේ ඉතිරි ආනයන අවශ්යතාවය සපුරාලීමට නොහැකි වීමේ ඉහළ අවදානමක් පවතින්නේය.
ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහ ලෝක ආහාර වැඩපිළිවෙලහි ඒකාබද්ධ මෙහෙයුමෙහි ප්රධාන නිර්දේශ වන්නේ ගැබිණි සහ මව් කිරි ලබා දෙන මව්වරුන්, කාන්තා මූලික පවුල් සහ ආබාධිත පුද්ගලයින් ඇතුළු අවදානමට ලක්විය හැකි සහ ආන්තික ප්රජාවන්ට ඔවුන්ගේ ආහාර සහ පෝෂණ අවශ්යතාවයන් සපුරා ගැනිම සඳහා ක්ෂණික ද්රව්යමය සහ/හෝ මුදල් පදනම් කරගත් ආධාර සැපයීමයි. කුඩා ඉඩම් හිමියන් කෙරෙහි අවධානය යොමු කරමින් පොහොර ඇතුළු කෘෂි යෙදවුම් කඩිනමින් ලබා දීමටද වාර්තාව නිර්දේශ කරයි. ආහාර බෝග ඵලදායක ලෙස වගා කිරීම, අස්වනු නෙලීම, සැකසීම සහ ප්රවාහනය සහතික කිරීම සඳහා ප්රමාණවත් ඉන්ධන ප්රමාණයක් ලබා දෙන අතරම, ඔවුන්ගේ පෝෂණ තත්වයන් ඉහළ නැංවීම සඳහා ගෙවතු වගාව ස්ථාපිත කිරීමට සහාය වීමේ අවශ්යතාවය ද වාර්තාවෙන් පෙන්වා දී ඇත.
ආහාර හිඟයේ බලපෑම අවම කිරීම සඳහා පශූ සම්පත් හිමිකරුවන්ට, විශේෂයෙන්ම එළකිරි, කුකුළු මස් සහ බිත්තර නිෂ්පාදනය සිදු කරන්නන්ට ඉහළ පෝෂණ තත්වයෙන් යුතු සත්ව ආහාර, එන්නත් සහ පශූ සෞඛ්ය කට්ටල සහන මිලට ලබා දීමට ද වාර්තාව යෝජනා කරයි. අරමුදල් හිඟකමින් නැවතී ඇති පාසල් ආහාර වැඩසටහන වැනි ජාතික පෝෂණ වැඩසටහන් නැවත ආරම්භ කිමට සහ අඛන්ඩව පවත්වා ගෙන යාමට සහාය දැක්වීමද ප්රමුඛතාවයක් ලෙස ඉස්මතු කර දක්වා ඇත.
ඡායාරූපය: ශ්රී ලංකාව පිළිබඳ ඒකාබද්ධ ආහාර භෝග සහ සුරක්ෂිතතාව පිලිබඳ තක්සේරු මෙහෙයුම් (CFSAM) වාර්තාව ශ්රී ලංකාවේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නියෝජිත විම්ලේන්ද්ර ශරන් මහතා විසින් කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීර මහතා වෙත භාර දෙන ලදී.
Video Story