December, 13, 2022
ශ්රී ලංකාවේ ප්රමුඛතම පිරිමි ඇඟලූම් සන්නාමය වන හමීඩියා ආයතනය, ඉන්දිරා පිළිකා භාරය සමගින් පසුගිය වසර කිහිපය පුරාවට පවත්වාගෙන ගිය සහයෝගීතාවය තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යමින්, ඉන්දිරා පිළිකාභාර පදනම වෙත පසුගියදා සංවිධානය කරන ලද උත්සවයකදී රුපියල් මිලියනයක පරිත්යාගයක් සිදු කරන ලදී. මෙම පරිත්යාගය හමීඩියා හිි ‘Pink Collection’ ඇඟලූම් නිර්මාණ එකතුවේ නවතම විකුණුම් ආදායම වූ අතර ‘Pink Collection’ ඇඟලූම් නිර්මාණ එකතුව හමීඩියා ආයතනය විසින් ඉන්දිරා පිළිකාභාර පදනමේ ‘On Wednesdays we wear pink’ ව්යාපෘතියට සහාය දැක්වීම සඳහා විශේෂෙයන් නිර්මාණය කර අලෙවි කරන ලද කාන්තාවන් සහ පිරිමින් සඳහා වූ විශේෂ රෝස වර්ණයේ ඇඟලූම් නිර්මාණ එකතුවකි. මෙය හමීඩියා සමූහ ව්යාපාරයේ සමාජ සත්කාර ඒකකය වන My Friend පදනමේ සමාජ වගකීම් පොරොන්දුව යටතේ සිදුකරන ලද මුලපිරීමකි.
මෙම පරිත්යාග උත්සවයේ ප්රධාන ආරාධිත අමුත්තා ලෙස කීර්තිමත් ක්රිකට් ක්රීඩකයෙකු වූ රොෂාන් මහානාම සහභාගි වූ අතර, ඉන්දිරා පිළිකාභාර පදනමේ සභාපතිනිය/භාරකාර වෛද්ය ලංකා ජයසූරිය දිසානායක, හමීඩියා ආයතනයෙහි කළමණාකාර අධ්යක්ෂ ෆවුසුල් හමීඞ් යන මහත්ම මහත්මීන් ඇතුළුව ඉන්දිරා පිළිකා භාරයේ සහ හමීඩියා ආයතනයේ සාමාජිකයින් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
පසුගිය වසරේ හමීඩියා ආයතනය විසින් ඉන්දිරා පිළිකා භාර පදනම සමඟ එක්ව ජාත්යන්තර කාන්තා දිනය වෙනුවෙන් සිය කාර්ය මණ්ඩල පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීම සඳහා අධ්යාපනික වැඩසටහනක් සංවිධානය කරන ලදී. එමෙන්ම ඉන්දිරා පිළිකාභාරය විසින් පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීම සඳහා දියත් කරන ලද ‘On Wednesdays we wear pink’ ප්රචාරණ ව්යාපෘතියට ද හමීඩියා ආයතනය සහභාගී විය. සෞඛ්ය අමාත්යාංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහන සමඟ එක්ව දියත් කරන ලද මෙම දැනුවත් කිරීමේ ව්යාපෘතිය කාන්තාවන්ට තමන් විසින්ම අසාමාන්යතා හඳුනා ගැනීමට දැනුවත් කිරීම සඳහා දියත් කරන ලද TLC (Touch- Look- Check) ව්යාපෘතියේ තවත් එක් අංගයකි.
හමීඩියා ආයතනයෙහි කළමණාකාර අධ්යක්ෂ ෆවුසුල් හමීඞ් මෙසේ සිය අදහස් දැක්වීය, ”හමීඩියා හි අපි අපගේ කාන්තා ශ්රම බලකාය අගය කරන අතර ඔවුන්ගේ වෘත්තීය ප්රගතියට සහ ජීවිතය සාර්ථක කර ගැනීමට යහපත් සෞඛ්ය තත්ත්වයෙන් ඔවුන් සිටිය යුතු බව සෑම විටම අවධාරණය කරනවා. ප්රමුඛතම ඇඟලූම් සන්නාමයක් ලෙසින් මෙම ‘On Wednesdays we wear pink’ ව්යාපෘතියට සහයෝගය දැක්වීමට ඉදිරිපත් වූ ප්රථම ආයතනය හමීඩියා ආයතනයයි. ඉන්දිරා පිළිකා භාර පදනම සමඟ එක්ව පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ අධ්යාපනික වැඩසටහන් තුළින් ඒ පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමට සහ අර්ථවත් සංවාද ඇති කිරීමට හැකිවීම වීම ගැන අපි ආඩම්බර වන අතර ඉදිරියටත් ඉන්දිරා පිළිකා භාර පදනම සමඟ දිගටම කටයුතු කරන්නට බලාපොරොත්තු වනවා.”
1949 දී ආරම්භ කරන ලද හමීඩියා ආයතනය ශ්රී ලාංකේය පිරිමි ඇඟලූම් විලාසිතා ක්ෂේත්රය තුල ප්රවණතා සකස් කරන්නන් බවට පත් වී ඇති අතර සෑම විටම උසස් තත්ත්වයේ නිෂ්පාදන පාරිභෝගිකයින්ට ලබා දෙයි. හමීඩියා හි තත්වයෙන් උසස් පිරිමි ඇඟලූම් සන්නාම එකතුවට Envoy London, Le Bond, Signature, Van Heusen, Louis Philippe, Park Avenue සහ Adidas ඇතුළත් වේ.

November, 8, 2022
ශ්රී ලංකාවේ ප්රමුඛතම පිරිමි ඇඟලූම් සන්නාමය වන හමීඩියා ආයතනය සිය Envoy සන්නාමය මැදපෙරදිගට ව්යාප්ත කරමින් ඩුබායි හි ෆෙස්ටිවල් සාප්පු සංකීර්ණයේ Envoy ඩුබායි ප්රදර්ශනාගාරය පසුගියදා නිල වශයෙන් විවෘත කරන ලදී.
Envoy ඩුබායි ප්රදර්ශනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට ප්රධාන ආරාධිත අමුත්තා ලෙසින් අති ගරු ෂෙයික් ජූමා බින් මක්ටුම් අල් මක්ටුම්ගේ කාර්යාලයේ විධායක අධ්යක්ෂ සහ පෞද්ගලික උපදේශක යාකූබ් අල් අලි සහභාගී විය. ගෞරවනීය ආරාධිතයන් ලෙසින් Al Matiya Club හි සභාපති සහ ප්රධාන විධායක නිලධාරී ජුමා මදානි සහ උප සභාපති සහ සාමාන්යාධිකාරී මවුනිරා යූස්ෆ් මෙම අවස්ථාවට සහභාගී විය. හමීඩියා ආයතනයෙහි කළමණාකාර අධ්යක්ෂ ෆවුසුල් හමීඩ්, ජනප්රිය ගායන ශිල්පී අර්ජුන් කුමාරස්වාමි සහ විශේෂ ආරාධිත අමුත්තන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Envoy සන්නාමයේ ඇඟලූම් ජාත්යන්තර මට්ටමේ සුඛෝපභෝගී ඇඟලූම් හා සමාන වුවද දැරිය හැකි පහසු මිල ගණන් යටතේ ලබාගත හැකිය. Envoy ඩුබායි ප්රදර්ශනාගාරයේදී කුඩා පිරිමි ළමුන්ගේ සිට ජේෂ්ඨ පුරවැසියන් දක්වා ඕනෑම වයස් මට්ටමක පාරිභෝගිකයන්ට ඉහළ තත්වයේ සුවිශේෂී විලාසිතා සහ හැඩයන්ගෙන් නිමැවූ formal, ceremonial, smart casual, casual, linen, party, suits, කමිස, blazers කලිසම් සහ මංගල දිනය වෙනුවෙන් මනමාලයන්ට අවශ්ය කරන ඇඳුම් කට්ටල ආදීයේ විශාල පරාසයක පිරිමි ඇ`ගලූම් වර්ග රැසක් ලබාගැනීමේ අවස්ථාව ලබාදෙයි. එසේම මෙම ප්රදර්ශනාගාර තුළ සපත්තු, පටි වැනි පුළුල් පරාසයක පිරිමි පැළඳුම් සහ සම්භාණ්ඩ නිෂ්පාදන වර්ගත් තෝරා ගැනීමේ අවස්ථාව ඇත.
Envoy සන්නාමයේ ඇඟලූම් නිර්මාණය කරනු ලබන්නේ Albini, Thomas Mason, Loro Plana, DORMEUIL, Ermenegildo Zegna, VBC, සහ Tessitura Monti වැනි ලොව සුපතළ සන්නාමයන්ගේ රෙදි වර්ග භාවිතයෙන් පමණි. ඉතාලියේ, යුරෝපයේ සහ ආසියාතික රටවලින් ගෙන්වන රෙදි වර්ග 300කට වඩා වැඩි ප්රමාණයක් Envoy ඇඟලූම් නිර්මාණය සඳහා යොදා ගනී.
හමීඩියා ආයතනයෙහි කළමණාකාර අධ්යක්ෂ ෆවුසුල් හමීඞ් මෙසේ සිය අදහස් දැක්වීය, ”හමීඩියා ආයතනය පරම්පරා හතරක් තිස්සේ පැවතෙන ව්යාපාරයක් වීම පිළිබඳව අපි ආඩම්බර වනවා. අපගේ Envoy සන්නාමය තවදුරටත් ජාත්යන්තරව ව්යාප්ත කරමින් ඩුබායි හි මෙම අතිවිශිෂ්ට වෙළඳ සංකීර්ණයේ නවතම ප්රදර්ශනාගාරක් විවෘත කිරීමට ලැබීම ගැන අපි සතුටට පත් වනවා. හොඳම රෙදි වර්ග සහ අතිවිශිෂ්ට අත්කම් භාවිතයෙන් ආකර්ෂණීය පෙනුමක් ලබාදෙන සුවිශේෂී ඇඳුම් නිර්මාණ රැසක් Envoy සන්නාමය යටතේ එළිදක්වා තිබෙනවා. එමෙන්ම, මෙම ප්රදර්ශනාගාරයෙන් ලැබෙන ආදායම ශ්රී ලංකාවේ ආර්ථිකයට කාලීන විදේශ විනිමය ප්රවර්ධනයක් ද ලබා දෙනු ඇතැයි මා විශ්වාස කරනවා.”
www.envoylondon.com හරහා සහ යූ ටියුබ් හි "FH Men's Style Guide" හරහා Envoy පිළිබඳ වැඩිදුර විස්තර ලබා ගත හැක.





ඡායාරූප විස්තරය - හමීඩියා හි කළමනාකාර අධ්යක්ෂ ෆවුසුල් හමීඞ් සමඟින් ප්රධාන ආරාධිත අමුත්තා සහ ගෞරවනීය අමුත්තන් විසින් Envoy ඩුබායි ප්රදර්ශනාගාරය නිල වශයෙන් විවෘත කරන ලද අවස්ථාව.
Video Story