• Ada Derana BIZ Sinhala
  • Envoy
  • Hameedia
  • sri lanka

හමීඩියා Envoy නවතම ජාත්‍යන්තර ප‍්‍රදර්ශනාගාරය ඩුබායි හි විවෘත කරයි

November, 8, 2022

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පිරිමි ඇඟලූම් සන්නාමය වන හමීඩියා ආයතනය සිය Envoy සන්නාමය මැදපෙරදිගට ව්‍යාප්ත කරමින් ඩුබායි හි ෆෙස්ටිවල් සාප්පු සංකීර්ණයේ Envoy ඩුබායි ප‍්‍රදර්ශනාගාරය පසුගියදා නිල වශයෙන් විවෘත කරන ලදී.

Envoy ඩුබායි ප‍්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් අති ගරු ෂෙයික් ජූමා බින් මක්ටුම් අල් මක්ටුම්ගේ කාර්යාලයේ විධායක අධ්‍යක්ෂ සහ පෞද්ගලික උපදේශක යාකූබ් අල් අලි සහභාගී විය. ගෞරවනීය ආරාධිතයන් ලෙසින් Al Matiya Club හි සභාපති සහ ප‍්‍රධාන විධායක නිලධාරී ජුමා මදානි සහ උප සභාපති සහ සාමාන්‍යාධිකාරී මවුනිරා යූස්ෆ් මෙම අවස්ථාවට සහභාගී විය. හමීඩියා ආයතනයෙහි කළමණාකාර අධ්‍යක්ෂ ෆවුසුල් හමීඩ්, ජනප‍්‍රිය ගායන ශිල්පී අර්ජුන් කුමාරස්වාමි සහ විශේෂ ආරාධිත අමුත්තන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Envoy සන්නාමයේ ඇඟලූම් ජාත්‍යන්තර මට්ටමේ සුඛෝපභෝගී ඇඟලූම් හා සමාන වුවද දැරිය හැකි පහසු මිල ගණන් යටතේ ලබාගත හැකිය. Envoy ඩුබායි ප‍්‍රදර්ශනාගාරයේදී කුඩා පිරිමි ළමුන්ගේ සිට ජේෂ්ඨ පුරවැසියන් දක්වා ඕනෑම වයස් මට්ටමක පාරිභෝගිකයන්ට ඉහළ තත්වයේ සුවිශේෂී විලාසිතා සහ හැඩයන්ගෙන් නිමැවූ formal, ceremonial, smart casual, casual, linen, party, suits, කමිස, blazers කලිසම් සහ මංගල දිනය වෙනුවෙන් මනමාලයන්ට අවශ්‍ය කරන ඇඳුම් කට්ටල ආදීයේ විශාල පරාසයක පිරිමි ඇ`ගලූම් වර්ග රැසක් ලබාගැනීමේ අවස්ථාව ලබාදෙයි. එසේම මෙම ප‍්‍රදර්ශනාගාර තුළ සපත්තු, පටි වැනි පුළුල් පරාසයක පිරිමි පැළඳුම් සහ සම්භාණ්ඩ නිෂ්පාදන වර්ගත් තෝරා ගැනීමේ අවස්ථාව ඇත.

Envoy සන්නාමයේ ඇඟලූම් නිර්මාණය කරනු ලබන්නේ Albini, Thomas Mason, Loro Plana, DORMEUIL, Ermenegildo Zegna, VBC, සහ Tessitura Monti වැනි ලොව සුපතළ සන්නාමයන්ගේ රෙදි වර්ග භාවිතයෙන් පමණි. ඉතාලියේ, යුරෝපයේ සහ ආසියාතික රටවලින් ගෙන්වන රෙදි වර්ග 300කට වඩා වැඩි ප‍්‍රමාණයක් Envoy ඇඟලූම් නිර්මාණය සඳහා යොදා ගනී.

හමීඩියා ආයතනයෙහි කළමණාකාර අධ්‍යක්ෂ ෆවුසුල් හමීඞ් මෙසේ සිය අදහස් දැක්වීය, ”හමීඩියා ආයතනය පරම්පරා හතරක් තිස්සේ පැවතෙන ව්‍යාපාරයක් වීම පිළිබඳව අපි ආඩම්බර වනවා. අපගේ Envoy සන්නාමය තවදුරටත් ජාත්‍යන්තරව ව්‍යාප්ත කරමින් ඩුබායි හි මෙම අතිවිශිෂ්ට වෙළඳ සංකීර්ණයේ නවතම ප‍්‍රදර්ශනාගාරක් විවෘත කිරීමට ලැබීම ගැන අපි සතුටට පත් වනවා. හොඳම රෙදි වර්ග සහ අතිවිශිෂ්ට අත්කම් භාවිතයෙන් ආකර්ෂණීය පෙනුමක් ලබාදෙන සුවිශේෂී ඇඳුම් නිර්මාණ රැසක් Envoy සන්නාමය යටතේ එළිදක්වා තිබෙනවා. එමෙන්ම, මෙම ප‍්‍රදර්ශනාගාරයෙන් ලැබෙන ආදායම ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට කාලීන විදේශ විනිමය ප‍්‍රවර්ධනයක් ද ලබා දෙනු ඇතැයි මා විශ්වාස කරනවා.”

www.envoylondon.com හරහා සහ යූ ටියුබ් හි "FH Men's Style Guide" හරහා Envoy පිළිබඳ වැඩිදුර විස්තර ලබා ගත හැක.

ඡායාරූප විස්තරය - හමීඩියා හි කළමනාකාර අධ්‍යක්ෂ ෆවුසුල් හමීඞ් සමඟින් ප‍්‍රධාන ආරාධිත අමුත්තා සහ ගෞරවනීය අමුත්තන් විසින් Envoy ඩුබායි ප‍්‍රදර්ශනාගාරය නිල වශයෙන් විවෘත කරන ලද අවස්ථාව.

 

Video Story

Stock Market

Exchange Rates