• Ada Derana BIZ Sinhala
  • Hameedia
  • Pink Collection
  • sri lanka

හමීඩියා ආයතනය වෙතින් ඉන්දිරා පිළිකා භාර පදනම වෙත රුපියල් මිලියනයක පරිත්‍යාගයක්

December, 13, 2022

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පිරිමි ඇඟලූම් සන්නාමය වන හමීඩියා ආයතනය, ඉන්දිරා පිළිකා භාරය සමගින් පසුගිය වසර කිහිපය පුරාවට පවත්වාගෙන ගිය සහයෝගීතාවය තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යමින්, ඉන්දිරා පිළිකාභාර පදනම වෙත පසුගියදා සංවිධානය කරන ලද උත්සවයකදී රුපියල් මිලියනයක පරිත්‍යාගයක් සිදු කරන ලදී. මෙම පරිත්‍යාගය හමීඩියා හිි ‘Pink Collection’ ඇඟලූම් නිර්මාණ එකතුවේ නවතම විකුණුම් ආදායම වූ අතර ‘Pink Collection’ ඇඟලූම් නිර්මාණ එකතුව හමීඩියා ආයතනය විසින් ඉන්දිරා පිළිකාභාර පදනමේ ‘On Wednesdays we wear pink’ ව්‍යාපෘතියට සහාය දැක්වීම සඳහා විශේෂෙයන් නිර්මාණය කර අලෙවි කරන ලද කාන්තාවන් සහ පිරිමින් සඳහා වූ විශේෂ රෝස වර්ණයේ ඇඟලූම් නිර්මාණ එකතුවකි. මෙය හමීඩියා සමූහ ව්‍යාපාරයේ සමාජ සත්කාර ඒකකය වන My Friend පදනමේ සමාජ වගකීම් පොරොන්දුව යටතේ සිදුකරන ලද මුලපිරීමකි.

මෙම පරිත්‍යාග උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කීර්තිමත් ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකු වූ රොෂාන් මහානාම සහභාගි වූ අතර, ඉන්දිරා පිළිකාභාර පදනමේ සභාපතිනිය/භාරකාර වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක, හමීඩියා ආයතනයෙහි කළමණාකාර අධ්‍යක්ෂ ෆවුසුල් හමීඞ් යන මහත්ම මහත්මීන් ඇතුළුව ඉන්දිරා පිළිකා භාරයේ සහ හමීඩියා ආයතනයේ සාමාජිකයින් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

පසුගිය වසරේ හමීඩියා ආයතනය විසින් ඉන්දිරා පිළිකා භාර පදනම සමඟ එක්ව ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සිය කාර්ය මණ්ඩල පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීම සඳහා අධ්‍යාපනික වැඩසටහනක් සංවිධානය කරන ලදී. එමෙන්ම ඉන්දිරා පිළිකාභාරය විසින් පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීම සඳහා දියත් කරන ලද ‘On Wednesdays we wear pink’ ප‍්‍රචාරණ ව්‍යාපෘතියට ද හමීඩියා ආයතනය සහභාගී විය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහන සමඟ එක්ව දියත් කරන ලද මෙම දැනුවත් කිරීමේ ව්‍යාපෘතිය කාන්තාවන්ට තමන් විසින්ම අසාමාන්‍යතා හඳුනා ගැනීමට දැනුවත් කිරීම සඳහා දියත් කරන ලද TLC (Touch- Look- Check) ව්‍යාපෘතියේ තවත් එක් අංගයකි.

හමීඩියා ආයතනයෙහි කළමණාකාර අධ්‍යක්ෂ ෆවුසුල් හමීඞ් මෙසේ සිය අදහස් දැක්වීය, ”හමීඩියා හි අපි අපගේ කාන්තා ශ‍්‍රම බලකාය අගය කරන අතර ඔවුන්ගේ වෘත්තීය ප‍්‍රගතියට සහ ජීවිතය සාර්ථක කර ගැනීමට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් ඔවුන් සිටිය යුතු බව සෑම විටම අවධාරණය කරනවා. ප‍්‍රමුඛතම ඇඟලූම් සන්නාමයක් ලෙසින් මෙම ‘On Wednesdays we wear pink’ ව්‍යාපෘතියට සහයෝගය දැක්වීමට ඉදිරිපත් වූ ප‍්‍රථම ආයතනය හමීඩියා ආයතනයයි. ඉන්දිරා පිළිකා භාර පදනම සමඟ එක්ව පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ අධ්‍යාපනික වැඩසටහන් තුළින් ඒ පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමට සහ අර්ථවත් සංවාද ඇති කිරීමට හැකිවීම වීම ගැන අපි ආඩම්බර වන අතර ඉදිරියටත් ඉන්දිරා පිළිකා භාර පදනම සමඟ දිගටම කටයුතු කරන්නට බලාපොරොත්තු වනවා.”

1949 දී ආරම්භ කරන ලද හමීඩියා ආයතනය ශ‍්‍රී ලාංකේය පිරිමි ඇඟලූම් විලාසිතා ක්ෂේත‍්‍රය තුල ප‍්‍රවණතා සකස් කරන්නන් බවට පත් වී ඇති අතර සෑම විටම උසස් තත්ත්වයේ නිෂ්පාදන පාරිභෝගිකයින්ට ලබා දෙයි. හමීඩියා හි තත්වයෙන් උසස් පිරිමි ඇඟලූම් සන්නාම එකතුවට Envoy London, Le Bond, Signature, Van Heusen, Louis Philippe, Park Avenue සහ Adidas ඇතුළත් වේ.