• Ada Derana BIZ Sinhala
  • CMTA
  • HNB
  • sri lanka

HNB, CMTA හි වාර්ෂික ආයතනික ලීසිං හවුල්කරුවකු ලෙස එක්වෙයි

November, 15, 2022

ශ‍්‍රී ලංකාවේ වඩාත් පාරිභෝගික හිතකාමී බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ශ‍්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ නියෝජිත ආයතනය වන Ceylon Motor Traders Association (CMTA) හි නිල ලීසිං සහකරුවා ලෙස පසුගියදා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුවේය.

HNB පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න සහ CMTA සභාපති චරක පෙරේරා යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ඇති කරගත් මෙම නව හවුල්කාරීත්වය තුළින් ආයතන දෙක අතර පවතින උපාය මාර්ගික සබඳ තාව මත CMTA සාමාජිකයින් හට HNB හි පුළුල් පරාසයක විහිදුණු ලීසිං පහසුකම් ලබා ගැනීමට හැකියාව ඇත.

මේ පිළිබඳව අදහස් දැක්වූ HNB පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න මහතා පැවසුවේ ‘‘වත්මන් ආර්ථික තත්වය මගහරවා ගැනීම සඳහා මෝටර් රථ කර්මාන්තය දියුණු කිරීමට අවශ්‍ය නව ක‍්‍රියාකාරකම් රැසක් ආරම්භ කිරීමට අපි කටයුතු කර තිබෙනවා. මෙය එහි එක් වැඩසටහනක් ලෙස පෙන්වා දිය හැකියි. මේ වන විට අභියෝගාත්මක කාලයකට මුහුණ දෙමින් සිටියද මෙම හවුල්කාරීත්වය තුළින් සාමාජිකයින්ට සහ ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ට වඩාත් පුළුල් ලීසිං විසඳුම් ලබා දීමට හැකියාව උදා වනවා’’ යනුවෙනි.

මෙහිදී අදහස් දැක්වූ CMTA සභාපති චරක පෙරේරා මහතා සඳහන් කර සිටියේ ‘‘නිෂ්පාදනයක කාර්යක්ෂමතාවට බොහෝ විට බලපානු ලබන ප‍්‍රාග්ධන භාණ්ඩයක් ලෙස ප‍්‍රවාහනය සඳහන් කළ හැකියි. තවද රටේ වත්මන් තත්වය අනුව ආනයන තහනම පවතින විටත් කර්මාන්තය මුහුණ දෙන බාධාවන්ට අවශ්‍ය සහයෝගය ලබා දීමට හා ඒවා විසඳීමට මේ ආකාරයේ සහයෝගීතාවයන් තුළින් අත්‍යාවශ්‍ය මැදිහත්වීමක් සිදු කළ හැකියි’’ යනුවෙනි.

1919 වසරේදී පිහිටුවන ලද Ceylon Motor Traders Association යනු ලංකා වාණිජ මණ්ඩලය හා සම්බන්ධ මෙරට මෝටර් රථ කර්මාන්තයේ නියෝජිතයා ලෙස පිළිගනු ලබයි. කලාපයේ ජ්‍යෙෂ්ඨතම මෝටර් රථ සංගමය වන එය තම  නියෝජිතයින් හරහා සියලූ ප‍්‍රධාන ජාත්‍යන්තර මෝටර් රථ නිෂ්පාදකයින් නියෝජනය කරයි.

HNB පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න (වමේ සිට පස් වැන්නා) සහ CMTA සභාපති, චරක පෙරේරා යන මහත්වරුන් (දකුණේ සිට දවැන්නා) අදාල අවබෝධතා ගිවිසුම් හුවමාරු කරගනිමින්. (වමේ සිට) HNB හි පුද්ගලික මූල්‍ය සේවා ප‍්‍රධානී, කාංචන කරුණාගම, HNB ලීසිං ප‍්‍රධානී සුසිත් පෙරේරා, HNB සහකාර කළමනාකාර - ලීසිං රොෂාන් ද සිල්වා, ව්‍යාපාර සංවර්ධන සහකාර කළමනාකාර - ලීසිං මහේෂ් රත්නායක, CMTA ජ්‍යෙෂ්ඨ උප සභාපති විරාන් ද සොයිසා සහ CMTA උප සභාපති ඇන්ඩෲ පෙරේරා යන මහත්වරුන්ද ඡායාරූපයේ වේ.

  • Ada Derana BIZ Sinhala
  • competition
  • HNB
  • Rata Dinana Singiththo
  • sri lanka

“රට දිනනා සිඟිත්තෝ” HNB එතෙර කාසියෙන් රට බබලන්නට වෙහෙසෙන ඔබගේ, මෙතෙර කැපවෙන දරුවන් අගයයි

November, 10, 2022

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව දශක ගණනාවක් පුරා ශ‍්‍රී ලාංකීය ආර්ථිකය ශක්තිමත් කිරීමට සිය උපරිම දායකත්වය ලබා දෙමින් මෙරටට විදේශ පේ‍්‍රෂණ ගලා ඒම ඉහළ නැංවීමටත් විධිමත් මාර්ග හරහා මෙරටට විදේශ පේ‍්‍රෂණ එවීම දිරිමත් කිරීමටත් මෙන්ම ඒ සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුව (CBSL) හඳුන්වා දී ඇති විවිධ වැඩසටහන් ශ්‍රී ලංකාව පුරා ක‍්‍රියාත්මක කරවීමටත් කටයුතු කර ඇත. එමෙන්ම විදේශයන්හි සේවයේ නියුතු ශ‍්‍රී ලාංකිකයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සුබසාධනය වෙනුවෙන් වැඩසටහන් රැසක් ද ක‍්‍රියාත්මක කොට ඇත.

විදේශයන් හි සේවයේ නියුතු ශ‍්‍රී ලාංකිකයින් මෙන්ම ඒ වෙනුවෙන් ඉමහත් කැප කිරීමක් සිදු කරන ඔවුන්ගේ දරුවන් ඇගයීමත්, විදේශ විනිමය ඉපැයීමේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉදිරි දැක්ම වෙනුවෙන් සහයෝගය ලබා දීමත්, ජාතික අවශ්‍යතාවයක් ලෙස සලකා, ‘‘රට දිනනා සිඟිත්තෝ” මැයෙන් විදේශයන් හි සේවයේ නියුතු ශී‍්‍ර ලාංකිකයින්ගේ මෙරට වෙසෙන දරුවන් දක්වන දක්ෂතා සහ කුසලතා ඇගයීමේ වැඩසටහනක් හැටන් නැෂනල් බැංකුව දියත් කර තිබේ.

මෙම උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ධර්මසිරි කුමාරතුංග මහතා සහභාගී වූ අතර SLT Mobitel ප‍්‍රධාන විධායක නිළධාරී චන්දික විතාරණ, SLT Mobitel අංශ ප‍්‍රධානී - විකුණුම්, නලීන් පේ‍්‍රමරත්න, HNB පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීල සන්ජේ විජේමාන්න, HNB ඇෂුවරන්ස් සාමාන්‍යාධිකාරී - ආයතනික ව්‍යාපාර සබඳතා, සනේෂ් ප‍්‍රනාන්දු, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති, මහේන්ද්‍ර කුමාරසිංහ, අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම්, ලලිතා එගොඩවෙල සහ කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම්, නීල් බණ්ඩාර හපුහින්න යන මහත්ම මහත්මීන් ඇතුළු අදාල ආයතන නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද සහභාගී විය.

අධ්‍යාපන අමත්‍යාංශය, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සහ ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මග පෙන්වීම හා අධීක්ෂණය යටතේ, හැටන් නැෂනල් බැංකුව, දීපව්‍යාප්ත තරගාවලියක් ලෙස ”රට දිනනා සිඟිත්තෝ” වැඩසටහන සංවිධානය කර ඇත. මෙම වැඩසටහන හරහා විදේශයන් හී සේවයේ නියුතු ශ‍්‍රී ලාංකිකයින්ගේ දරුවන්, චිත‍්‍ර කලාව, නර්තනය, ගායනය හා ගද්‍ය රචනා යන කලා සහ සාහිත්‍ය අංශයන්හී දක්වන දක්ෂතා ඇගයීම සිදුකෙරෙනු ඇත.

විදේශයන් හි සේවයේ නියුතු ශ‍්‍රී ලාංකිකයින් මෙන්ම ඔවුන්ගේ දරුවන්ද විදේශ විනිමය ඉපයීමෙහිලා කරන්නා වූ කැපකිරීම අගය කිරීම හා ඒ වෙනුවෙන් සමාජ කතිකාවතක් නිර්මාණය කිරීමත්, එවන් දු දරුවන් සතු දක්ෂතා සහ කුසලතා හඳුනා ගැනීමට අත්වැලක් වීම හරහා ඔවුන් හට වඩාත් යහපත් අනාගතයක් උදාකරදීමට පසුබිම නිර්මාණය කිරීමත් මෙම වැඩසටහනේ ප‍්‍රධානතම අරමුණ වේ.

විදේශයන් හි සේවයේ නියුතු, ශ‍්‍රී ලාංකිකයින්ගේ හා ඔවුන්ගේ පවුල්වල සුබසාධනය වෙනුවෙන් ශ‍්‍රී ලංකා රජයෙන්, ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් සහ අනෙකුත් රාජ්‍ය ආයතන මගින් ලබා දෙන විශේෂ වරප‍්‍රසාද හා පහසුකම් පිළිබඳව වැටහීමක් ලබා දීමත්, එම වරප‍්‍රසාද හා පහසුකම් ලබා ගැනීමට ඔවුන්ව උන්නදු කරවීමත් මෙම වැඩසටහනේ තවත් බලාපොරොත්තුවකි.

විදේශ විනිමය වැඩි වැඩියෙන් නීත්‍යානුකූල මාර්ගයන් හරහා ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුව ගෙන යන වැඩ පිළිවෙලටත්, විදේශයන් හි සේවයේ නියුතු, ශ‍්‍රී ලාංකිකයින්ගේ හා ඔවුන්ගේ පවුල්වල සුබසාධනය වෙනුවෙන් විදේශ රැකියා අමාත්‍යාංශය සහ ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ගෙන යන වැඩ පිළිවෙලටත් මෙන්ම දේශයේ අනාගතය වෙනුවෙන් නැණවත්, ගුණවත් පරපුරක් බිහිකිරීමේ රාජ්‍ය අධ්‍යාපන අමාත්‍යංශයේ වැඩ පිළිවල සඳහාත්, මෙම වැඩසටහන හරහා සිය සහයෝගය උපරිම අයුරින් ලබා දිය හැකි වෙතැයි හැටන් නැෂනල් බැංකුව විශ්වාස කරයි.

මෙම වැඩසටහන සඳහා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ජාතික තොරතුරු හා සන්නිවේදන සම්පාදක වන SLT මොබිටෙල් ආයතනයත්, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම බැංකු රක්ෂණ සේවා සපයන්නා වන HNB ඇෂුවරන්ස් ආයතනයත්, නිල සන්නිවේදන සහකරු සහ නිල රක්ෂණ සේවා සහකරු ලෙස මෙම වැඩසටහන සඳහා හැටන් නැෂනල් බැංකුව සමඟ එක්වී කටයුතු කරයි.

තම මව හෝ පියා හෝ මව හා පියා යන දෙදෙනාම හෝ විදේශයක සේවයේ නියුතු ලංකාවේ වෙසෙන, පූර්ව ළමා වියේ (පෙර පාසල් හා වයස අවුරුදු 5 න් පහළ) හෝ පාසල් වියේ පසු වන (13 වන ශ්‍රේණියේ හෝ ඉන් පහළ ශ්‍රේණිවල ඉගෙනුම ලබන) දු දරුවන්හට මෙම තරගාවලිය සඳහා සහභාගී විය හැක. ප‍්‍රධාන වයස් කාණ්ඩ 6 ක් සහ ප‍්‍රධාන තරග කාණ්ඩ 4 ක් යටතේ මෙම තරඟ පැවැත්වෙන අතර එක් එක් වයස් කාණ්ඩ යටතේ තරගකරුවන් සඳහා තරඟ අවස්ථා හිමිවන ආකාරය මෙසේය. පෙර පාසල් වියේ පසුවන සහ 1 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන දු දරුවන්ට චිත‍්‍ර, නර්තනය හා ගායනා යන තරඟ කාණ්ඩ 3 යටතේ මෙම තරගාවලිය සඳහා ඉදිරිපත් විය හැකි අතර 3 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන දු දරුවන්ට සිංහල, දෙමළ සහ ඉංගී‍්‍රසි යන මාධ්‍යන් ත‍්‍රිත්වයෙන් උප තරග කාණ්ඩ යටතේම වෙන වෙනම ගද්‍ය රචනා නිර්මාණ ඉදිරිපත් කළ හැකිය.

ඉහත වයස් කාණ්ඩ යටතේ පැවැත්වෙන සෑම තරඟ අවස්ථාවක් සඳහාම සමස්ත ලංකා හා දිස්ති‍්‍රක් මටට්මින් වෙන වෙනම ප‍්‍රථම, දෙවන හා තුන්වන ස්ථාන ලබා ගන්නා දු දරුවන්ට හැටන් නැෂනල් බැංකුව ත්‍යාග සහ සහතික පත‍්‍ර පිරිනමනු ලබයි.

සියලූම නර්තන හා ගායනා නිර්මාණ පටිගත කරන ලද වීඩියෝ දර්ශනයක් ලෙස 071 600 7778 අංකයට වට්ස් ඇප් (WhatsApp) යෙදුම හරහා හැටන් නැෂනල් බැංකුව වෙත යොමු කළ හැක. සියලූම චිත‍්‍ර සහ ගද්‍ය රචනා නිර්මාණ ලියාපදිංචි තැපෑලෙන්, සහකාර සාමාන්‍ය අධිකාරී - ශාඛා ජාල කළමනාකරණ හා ව්‍යාපාර ප‍්‍රවර්ධන, ව්‍යාපාර ප‍්‍රවර්ධන අංශය, 19 වන මහල, අංක 479, HNB ප‍්‍රධාන කාර්යාලය, T B ජයා මාවත, කොළඹ 10 යන ලිපිනය වෙත එවීමෙන් හෝ ඔබට ළඟම පිහිටි HNB ශාඛාව වෙත වෙත භාර දීමෙන් හැටන් නැෂනල් බැංකුව වෙත යොමු කළ හැක.

සියලූම නිර්මාණ 2023 මාර්තු 15 වන දිනට පෙර නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම් පත‍්‍රයක් සමඟ හැටන් නැෂනල් බැංකුව වෙත එවිය යුතුය.

මෙම තරගාවලියේ තරඟ නීති රීති හා කොන්දේසි සහ නිර්මාණ යොමු කළ යුතු ආකාරය ඇතුළු තරගාවලිය පිළිබඳ වැඩි විස්තර අවශ්‍ය වේ නම් පාසලේ විශය භාර ගුරුතුමා හෝ ගුරුතුමියගෙන් හෝ www.hnb.net වෙබ් අඩවියෙන් www.hnb.net > Promotions > Rata Dinana Singiththo Competition 2022) 2022 අපේ‍්‍රල් 21 දිනැති, ‘‘රට දිනනා සිඟිත්තෝ - විදේශයන් හි සේවයේ නියුතු ශ‍්‍රී ලාංකිකයින්ගේ මෙරට වෙසෙන දරුවන් දක්වන දක්ෂතා සහ කුසළතා ඇගයීම” මැයින්, අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කර ඇති චක‍්‍ර ලේඛනය පරිශීලනය කරන්න.

නැතිනම් ඔබට ළඟම පිහිටි HNB ශාඛාව හෝ 011 2 462 462 අංකයෙන් අප පාරිභෝගික සේවා මධ්‍යස්ථානය අමතන්න.

  • Ada Derana BIZ Sinhala
  • Group Term Policy
  • HNB
  • HNBA
  • sri lanka

HNB, HNBA සමඟින් එක්ව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සේවකයින් වෙනුවෙන් Group Term Policy හඳුන්වා දෙයි

November, 9, 2022

ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශය සතු ප‍්‍රමුඛතම බැංකුව වන හැටන් නැෂනල් බැංකුව, HNB ඇෂුවරන්ස් (HNBA) සමඟ අත්වැල් බැඳගනිමින් අවම වශයෙන් සේවකයින් 10 දෙනෙකුට අවදානම් ආරක්ෂණ ආවරණයක් ලබා දීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් Group Term Policy දියත් කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා HNB පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීල සන්ජේ විජේමාන්න සහ HNBA ප‍්‍රධාන විධායක නිලධාරීල ලසිත විමලරත්න යන මහත්වරුන් එක්ව සිටියේය.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්හි සේවකයින් හට වාර්ෂිකව අලූත් කර ගත හැකි මෙම ප‍්‍රතිපත්ති පැකේජය ඔවුන්ගේ අවශ්‍යතා සහ කැමැත්ත අනුව සකස් කර ගැනීමේ හැකියාව ද ඔවුන් සතුය. සේවකයකුගේ මරණය, පූර්ණ ස්ථාවර ආබාධිත වීම, බරපතල රෝගාබාධ සහ අනෙකුත් සෞඛ්‍ය සම්බන්ධ ගැටළු වැනි අවාසනාවන්ත අවස්ථාවන්හිදී එම පවුල් සඳහා ආවරණයක් ලබා දෙන මෙම ප‍්‍රතිපත්තිය තුළින් සේවකයින් හට ඔවුන්ගේ රෝහල් බිල්පත් දෛනික පදනමින් ගෙවීමේ අරමුදල් සපයා ගැනීමේ අවස්ථාවද උදා කරගත හැකිය. එසේම මරණයකදී පවුල සඳහා සුවිශේෂී වැටුප් ආරක්ෂණ ආවරණයක්ද HNBA විසින් ලබා දෙනු ඇත.

මෙහිදී අදහස් දැක්වූ HNB සහකාර සාමාන්‍යාධිකාරී කයිලවාසන් ඉන්ද්‍රවාසන් මහතා පැවසුවේ ‘‘අපගේ ආර්ථිකයේ ප‍්‍රධාන ගාමක බලවේගය වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සමඟ ඉතා සමීපව කටයුතු කරන බැංකුවක් ලෙස HNBA සමඟ එක්ව හඳුන්වා දෙනු ලැබූ මෙම Group Term Policy එම ව්‍යවසායන්ට ඉමහත් සහනයක් වනු ඇතැයි අපි බලාපොරොත්තු වනවා’’ යනුවෙන් පැවසීය.

ඒ සම්බන්ධයෙන් HNBA නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, ලසිත විමලරත්න මහතා සඳහන් කර සිටියේ ‘‘වත්මන් ආර්ථික තත්වය තුළ සෞඛ්‍ය සේවාවන් සඳහා දැරිය යුතු වියදම් දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. ආරම්භයේදී සුළු පරිමාණ ව්‍යවසායන්හි සේවකයන් වෙත සෞඛ්‍ය සහතික කිරීමේ වැඩපිළිවෙලක් ලබා දිය යුතුයි. ඒ නිසා විවිධ කර්මාන්ත සමඟ කටයුතු කරන වගකිවයුතු සමාගමක් ලෙස අවශ්‍ය අය සඳහා මෙම සේවාවන් ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා’’

 

ඡායාරූප විස්තරය - HNB පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීල සන්ජේ විජේමාන්න මහතා (වමේ සිට සිව්වැන්නා), HNBA නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, ලසිත විමලරත්න මහතා (දකුණේ සිට තුන් වැන්නා) සමඟ අවබෝධතා ගිවිසුම හුවමාරු කරගනිමින්. (වමේ සිට) HNB කුඩා හා මධ්‍ය පරිමාණ සේවා හා සම්බන්ධතා ප‍්‍රධානී, නිලූක අමරසිංහ, HNB ජාල කළමනාකරණ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සුපුන් ඩයස්, HNB කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, කයිලවාසන් ඉන්ද්‍රවාසන්, HNB ඇෂුවරන්ස්හි ප‍්‍රධාන ව්‍යාපාර නිලධාරී/සාමාන්‍යාධිකාරී - සම්බන්ධතා, සෙනෙෂ් ප‍්‍රනාන්දු සහ HNB ඇෂුවරන්ස් ආයතනික බැංකු රක්ෂණ නාලිකා ප‍්‍රධානී, අචල හොරණ යන මහත්වරුන්ද ඡායාරූපයේ වේ.

  • Ada Derana BIZ Sinhala
  • ADB
  • HNB
  • SMELoC
  • sri lanka

ADB SMELoC හදිසි ප‍්‍රතිචාර යෝජනා ක‍්‍රමය හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට HNB වෙතින් කාරක ප‍්‍රාග්ධන ණය පහසුකම්

November, 9, 2022

ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා දියත් කෙරුණු (SMELoC) හදිසි ප‍්‍රතිචාර කාරක ප‍්‍රාග්ධන සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 13.5 ක මුදලක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ලබා දීමට හවුල්කාර මූල්‍ය ආයතනයක් ලෙස ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව තෝරා ගෙන ඇත.

කාරක ප‍්‍රාග්ධන ණය පහසුකම් සමඟින් දැනට පවතින ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ශ‍්‍රී ලංකාවේ ක්ෂුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහාය දැක්වීම සහ ශක්තිමත් කිරීම මෙම ADB ණය යෝජනා ක‍්‍රමයේ අරමුණයි. එහිදී කෘෂිකර්මාන්තය, සංචාරක සහ අපනයන ක්ෂේත‍්‍ර කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනු ඇත.

මෙම අරමුණ කරා ළඟා වීමට කටයුතු කිරීම සඳහා හැටන් නැෂල් බැංකුව විසින් සිය පුළුල් ශාඛා ජාලය හරහා සුදුසුකම් ලත් තෝරා ගනු ලැබූ ව්‍යාපාරවලට මෙම අරමුදල් බෙදා දීමට අපේක්ෂා කරයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB ප‍්‍රතිමූල්‍යකරණය සහ විශේෂ ණය අංශ ප‍්‍රධානී බණ්ඩාර රැකෝගම මහතා පැවසුවේ ‘‘ආසියානු සංවර්ධන බැංකුව දියත් කරනු ලබන මෙම වැදගත් ව්‍යාපෘතියේ කොටස්කරුවකු වීමට ලැබීම ගැන අප සතුටු වෙනවා. රට වර්තමානයේ මුහුණ දෙන අභියෝගාත්මක තත්වයේදී පවා ශ්‍රී ලංකා ආර්ථිකයේ කොඳුනාරටිය ලෙස සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් අඛණ්ඩව කටයුතු කරනවා. අප බැංකුවේ සිටින දීප ව්‍යාප්ත ීඵෑ ණය සම්බන්ධතා නිලධාරීන්ගේ ජාලයේ ශක්තිය හා පරිමාණයත්, ADB සමඟ ඇති අපගේ දිගුකාලීන සබඳතාවත් සැලකිල්ලට ගනිමින්, මෙම ක්ෂේත‍්‍රය නැවත නගා සිටුවීමට උපකාර කිරීමට අප බැංකුව හොඳින් සූදානමින් සිටින බව අපගේ විශ්වාසයයි. කාරක ප‍්‍රාග්ධන අවශ්‍යතාවන් සපුරා ගැනීමේදී අභියෝගවලට මුහුණ දෙන සියලූම සුදුසුකම් ලත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට මෙම අගනා අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගන්නා ලෙස අප ඉල්ලා සිටිනවා.’’ යනුවෙනි.

රුපියල් මිලියන 750 ක වාර්ෂික පිරිවැටුමක් නොඉක්ම වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට වසර තුනක ආපසු ගෙවීමේ කාල සීමාවක් සමඟින් රුපියල් මිලියන 10 ක උපරිම කාරක ප‍්‍රාග්ධන ණය පහසුකමක් ලබා ගැනීමට අවස්ථාව හිමි වේ. තවද මෙම යෝජනා ක‍්‍රමය යටතේ ලබා දෙන සියලූම ණය පහසුකම් වැටුප්, කාර්යාලීය වියදම් සහ අමුද්‍රව්‍ය මිලදී ගැනීම වැනි පුනරාවර්තන වියදම් ඇතුළුව කාරක ප‍්‍රාග්ධන අවශ්‍යතා සඳහා යොදා ගැනීමට මෙමගින් අවස්ථාව හිමි වේ. එපමණක් නොව, මෙම ණය පහසුකම සඳහා HNB විසින් 11.77 ක ආකර්ෂණීය වාර්ෂික පොලී අනුපාතයක් ලබා දෙන අතර එය වර්තමාන වෙළෙඳපල අනුපාතවලට වඩා සැලකිය යුතු ලෙස අඩු අගයක් ගනී.

 

  • Ada Derana BIZ Sinhala
  • exclusive banking partner
  • HNB
  • NCE
  • sri lanka

2022-23 NCE සම්මාන උළෙලේ සුවිශේෂී බැංකු සහකරුවා ලෙස HNB නැවතත් එක් වෙයි

October, 10, 2022

ශ‍්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ 2022-23 වසර සඳහා සුවිශේෂී බැංකු සහකරුවා ලෙස ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප‍්‍රමුඛතම බැංකුව වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා නැවත වරක් අත්වැල් බැඳ ගත්තේය.  “Recognizing, Inspiring and Strengthening’’ යන තේමාව යටතේ මෙවර පවත්වනු ලබන සිය 30 වැනි අපනයන සම්මාන උළෙල NCE හට ඉතා සුවිශේෂී එකක් වනු ඇත. එහි සාර්ථකත්වයේ කොටස්කරුවකු වීමට HNB හටද අවස්ථාව හිමි වීම සතුටකි.

විශේෂිත සහතික නිකුත් කිරීම, විවිධ වෙළෙඳාම් සම්බන්ධ ලියකියවිලි, පුහුණු වැඩසටහන් හා වැඩමුළු පැවැත්වීම, අදාල රාජ්‍ය ආයතන සමඟ පවත්වනු ලබන සාකච්ඡුාවන් හා රැස්වීම්වලදී අපනයනකරුවන් නියෝජනය කිරීම ඇතුළු සේවාවන් රැසක් ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය මඟින් සලසනු ලබයි.

අපනයන ක්ෂේත‍්‍රයේ වර්ධනයෙහි වැදගත්කම කල්තියාම අවබෝධ කරගත් HNB විශ්වාසයෙන් යුතුව ගෝලීය අවකාශය වෙත පිවිසීම සහ ඔවුන්ගේ හැකියාවන් ප‍්‍රදර්ශනය කිරීම සඳහා අපනයන අංශය වෙත අවස්ථා නිර්මාණය කිරීමට කටයුතු කරන ලදී. මෙම වෙනස කලින්ම අනුගමනය කරන බැංකුවක් වීම නිසාම HNB හට රට පුරා සිය ව්‍යාප්තිය ඉහළ නංවා ගැනීමට මෙන්ම 2021 වසර තුළ එහි වෙළෙඳපොල සැලකිය යුතු ලෙස වර්ධනය කර ගැනීමට හැකියාව උදා විය.

මෙම වසරේදී අපනයන ක්ෂේත‍්‍රය සිය සුවිශේෂී හැකියාව අඛණ්ඩව පෙන්නුම් කරමින් රටේ අපනයනයන් මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 815 කින් ඉහළ ගොස් ඩොලර් මිලියන 6,514ක් දක්වා වූ සුවිශේෂී වර්ධනය අත්කර ගැනීමට සමත්ව ඇත. එය පසුගිය වසරට සාපේක්ෂව  14% ක වර්ධනයකි.

ගෝලීය වෙළෙඳපොලට අවශ්‍ය සම්පත් ශ‍්‍රී ලංකාව තුළ පවතී. අපනයනකරුවන් වෙත සේවා සපයන්නන් ඇතුළු ශ‍්‍රී ලංකා අපනයන නිෂ්පාදන හා සේවා ප‍්‍රදර්ශනය කිරීම සඳහා ක‍්‍රමයක් නිර්මාණය කිරීම, මෙරට නිෂ්පාදන හා සේවා ලබාදීමේ පරාසයන් පිළිබඳ අනාගත ගැනුම්කරුවන් සහ පාරිභෝගිකයින් දැනුවත් කිරීම වැනි දේ තුළින් එය තව තවත් ඉහළ නංවා ගත හැකි වනු ඇත.

මේ සඳහා සාම්ප‍්‍රදායික අපනයන ආශ‍්‍රිත වැඩසටහන්වලට අමතරව HNB ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට පාරිභෝගිකයින් සඳහා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ඩිජිටල් විදේශීය අපනයන වෙළෙඳපොල අවස්ථාවන් හිමිකර දීමට කටයුතු කර ඇත. Cord360.com යනු ඉන් එකකි. එහිදී www.cord360.com හරහා   මූල්‍ය, සැපයුම්, අලෙවිකරණ සහ වෙළෙඳපොල ප‍්‍රවේශය වැනි ප‍්‍රධාන ක්ෂේත‍්‍ර සඳහා අපනයනකරුවන්ට සහයෝගය සලසනු ලබයි. විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන් වෙත වැඩි ප‍්‍රතිලාභ ලබා දෙමින්, විදේශීය ගැනුම්කරුවන් හා වෙළෙඳාම ඔවුන් වෙත සම්බන්ධ කර දීම ඉතා වැදගත් වේ.

ජාත්‍යන්තර වෙළෙඳ සේවා දෙපාර්තමේන්තු මෙහෙයවනු ලබන මනා පළපුරුද්දක් සහිත සුදුසුකම්ලත් වෘත්තිකයින්ගෙන් සමන්විත HNB සතුව ශ‍්‍රී ලංකාවේ බැංකු අතරින් සහතික ලත් ලේඛන ණය විශේෂඥයින්ගේ විශාලතම සංචිතයද වේ. HNB හි මධ්‍යගත ජාත්‍යන්තර වෙළෙඳ සේවා දෙපාර්තමේන්තුව කොළඹ 01 ජනාධිපති මාවතෙහි පිහිටුවා ඇති අතර එය ශ‍්‍රී ලංකා මහ බැංකුව, ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව, ශ‍්‍රී ලංකා රේගුව, නැව්ගත කිරීම හා භාණ්ඩ ප‍්‍රවාහන සේවා සපයන්නන් මෙන්ම අනෙකුත් නියාමන හා ව්‍යවස්ථාපිත බලයක් සහිත ආයතන සමඟ සමීපව කටයුතු කරමින් ආනයන හෝ අපනයන ලියකියවිලි සම්පූර්ණ කිරීම සඳහා පාරිභෝගිකයින් වෙත උපරිම සහයෝගය සලසනු ලබයි.

ඡායාරූපය -  (වමේ සිට) HNB හි ව්‍යාපාර විශේෂඥ හසන්ති ද සිල්වා, ශ‍්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ ලේකම් - ජෙනරාල්/ප‍්‍රධාන විධායක නිලධාරී ශිහාම් මරික්කාර්, HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - වාණිජ බැංකු කටයුතු (Wholesale Banking) දමිත් පල්ලෙවත්ත හා HNB වෙළෙඳ ප‍්‍රධානී රොසෑන් ඩි අල්මේදා යන මහත්ම මහත්මීන් අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක් වෙමින්

  • Ada Derana BIZ Sinhala
  • HNB
  • Oba Venuwen Api
  • pregnant mothers
  • sri lanka

HNB ගැබිණි මව්වරුන් සඳහා ‘ඔබ වෙනුවෙන් අපි’ පෝෂණ වැඩසටහන දියත් කෙරේ

October, 5, 2022

කුඩා දරුවන් අතර බහුලව දක්නට ඇති පෝෂණ ඌණතාවයක් වන මන්දපෝෂණයට එරෙහිව සටන් කරමින්, ශ‍්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගිකයා කේන්ද්‍රකොට ගත් බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සිය ප‍්‍රධානතම ආයතනික සමාජ සත්කාරයක් වන ‘ඔබ වෙනුවෙන් අපි’ වැඩසටහනේ තවත් එක් පියවරක් ලෙස අත්‍යවශ්‍ය පෝෂණ වැඩසටහනක් පසුගියදා දියත් කළේය.

පවතින ආර්ථික අර්බුදය හමුවේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයා ගැනීමේ දී මුහුණ දෙන අභියෝග සැලකිල්ලට ගෙන පීඩාවට පත් ප‍්‍රජාවන් අතර සිටින ගැබිනි මව්වරුන්ට සහාය වීම මෙම කාලෝචිත මැදිහත් වීමේ අරමුණයි. දිවයින පුරා පිහිටි තෝරාගත් පාරිභෝගික ඒකක 56ක් වෙත ගැබිනි මව්වරුන් දහසක් කැඳවා බැංකුව මෙම වැඩසටහන උත්සවාකාරයෙන් දියත් කළේය.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී, CHRO/CTO, එල්. චිරන්ති කුරේ මහත්මිය පැවසුවේ ”ඔබ වෙනුවෙන් අපි අරමුදල අප පිහිටුවනු ලැබුවේ කොවිඞ්-19 වසංගතයෙන් පීඩාවට පත් ශ‍්‍රී ලාංකිකයන්ට උපකාර කිරීම සඳහායි. මෙම අරමුදල සහ එහි අරමුණු වසර පුරාවට සෑම තරාතිරකම පුද්ගලයින් සමඟ කටයුතු කිරීමට සහ ඔවන්ට හැකි සෑම විටම සහයෝගය ලබා දීම සඳහා ක‍්‍රමයෙන් වර්ධනය වී තිබෙනවා. එනිසා විශේෂයෙන්ම දකුණු ආසියාවේ වයස අවුරුදු 5 ට අඩු ළමුන් අතර ඇති උග‍්‍ර මන්දපෝෂණ තත්වයෙන් දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ ශ‍්‍රී ලංකාවයි. මේ නිසා ගැබිණි මව්වරුන් වෙනුවෙන් මේ අවස්ථාවේදී කටයුතු කිරීම ඉතා වැදගත් බව අපි විශ්වාස කරනවා. මෙම මුලපිරීම මගින් සෞඛ්‍ය සම්පන්න අනාගත පරපුරක් බිහිවනු ඇතැයි අපි බලාපොරොත්තු වනවා,” යනුවෙනි.

සැප්තැම්බර් මාසයේ සිට අඛණ්ඩව මාස තුනක් සඳහා පෝෂණ මල්ලක් ලබා දිය යුතු ගැබිණි මව්වරුන් 1,000ක් තෝරා ගැනීමට බැංකුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල (MOH), ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන් සමඟ සුහදව කටයුතු කළේය.

තවද, සෞඛ්‍ය වෘත්තිකයන් සමඟ එක්ව ගර්භණී කාලයේදී කටයුතු කළ යුතු ආකාරය මෙන්ම අලූත උපන් බිළිඳෙකුගේ අවශ්‍යතාවන් පිළිබඳව සහභාගීවූවන් දැනුවත් කිරීම සඳහා සම්මන්ත‍්‍රණ ද සංවිධානය කර තිබුණි. එමෙන්ම අලූත උපන් තම දරුවා වෙනුවෙන් බැංකුව විසින් ලබාදෙන රුපියල් 1,000 ක තැන්පතුවක් සමඟ HNB සිඟිති කිරිකැටියෝ ඉතුරුම් ගිණුමක් ආරම්භ කිරීමට ද බැංකුව මෙහිදී ගැබිනි මව්වරුන් දිරිමත් කළේය.

මෑතකදී බැංකුව රිජ්වේ ආර්යා ළමා රෝහලට සහ දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඔබ වෙනුවෙන් අපි වැඩසටහන හරහා අලූත උපන් බිළිඳුන් සහ ගැබිනි මවුවරුන්ට අත්‍යාවශ්‍ය ඖෂධ පරිත්‍යාග කිරීමෙන් සහාය දැක්වූයේය.

HNB හි තිරසාර පදනම මගින් මෙහෙයවනු ලබන ‘ඔබ වෙනුවෙන් අපි’ වැඩසටහනට අරමුදල් සපයනු ලබන්නේ පසුගිය වසරේ වසංගතය ආරම්භයේදී සිය දිනක වැටුප ස්වේච්ඡාවෙන් ලබාදුන් HNB සේවකයින් විසිනි. මෙම වැඩසටහන ආරම්භ කිරීම සඳහා කාර්ය මණ්ඩලය පරිත්‍යාග කළ මුදල හා සමාන මුදලක් බැංකුවද පරිත්‍යාග කළ අතර එතැන් පටන් සෞඛ්‍ය සේවා නගා සිටුවීම අරමුණු කරගත් විවිධ ව්‍යාපෘති සඳහා එම අරමුදල් වෙන් කෙරිනි.

 

Image 01 - HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී, CHRO/CTO, එල්. චිරන්ති කුරේ මහත්මිය නිට්ටඹුවේ ගැබිනි මවකට පෝෂණ මල්ලක් ප‍්‍රදානය කරමින්.

Image 02 - HNB පුද්ගලික මූල්‍ය සේවා ප‍්‍රධානී, කාංචන කරුණාගම මහතා බණ්ඩාරගම ගැබිනි මවකට පෝෂණ මල්ලක් ප‍්‍රදානය කරමින්.

Image 03 - මොණරාගල ගැබිණි මව්වරුන්ට පෝෂණ මලූ බෙදා දෙමින්

Image 04 - නුවරඑළිය ගැබිණි මව්වරුන්ට පෝෂණ මලූ බෙදා දෙමින්

  • Ada Derana BIZ Sinhala
  • HNB
  • sri lanka
  • World Children's Day

දරුවන්ට හොඳම දේ දායාද කරන HNB මෙවරත් උත්කර්ෂවත් ලෙස ලෝක ළමා දිනය සමරයි

October, 4, 2022

කවදත් දැයේ දරුවන්ට හොඳම දේ දායාද කරන හැටන් නැෂනල් බැංකුව Giftober මාසය සමඟින් ඔක්තෝම්බර් 1 වනදාට යෙදුන ලෝක ළමා දිනයට සමගාමීව දරුවන්ගේ කුසලතා හා නිර්මාණශීලීත්වය අගයන අතරතුර ඔවුන් තුළ ඉතිරි කිරීමේ පුරුද්ද ඇති කිරීම හා දිරිමත් කිරීමේ අරමුණ ද පෙරදැරිව ආකර්ෂණීය තෑගි හා ප‍්‍රතිලාභ රැසක් රැගෙන දීප ව්‍යාප්ත HNB ශාඛාවල ලෝක ළමා දිනය උත්කර්ෂවත් ලෙස සැමරනු ලැබීය.

මේ වෙනුවෙන් HNB විසින් සංවිධානය කළ ප‍්‍රධාන සැමරුම් උත්සවයක් මහරගම HNB පාරිභෝගික ඒකකයේදී HNB කළමනාකාර අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිළධාරී, ජොනතන් අලස් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

ආරාධිත සිඟිති ගිණුම් හිමියන් 4000 ක් සහ ඔවුන්ගේ දෙමාපියන් දිවයින පුරා විහිදී ඇති HNB පාරිභෝගික ඒකක 40 ක් වෙත කැඳවා ඔවුන් සමඟ ලෝක ළමා දිනය සමරන්නට බැංකුව මෙවර කටයුතු කර තිබූ අතර එදිනට සහභාගී වූ දරුවන් වෙනුවෙන් විනෝදජනක කී‍්‍රඩා ඇතුළු විවිධාංග රැසක් සූදානම් තිබුණි.

සෑම විටම ගනුදෙනුකාරභවතුන්ට උපරිම ප‍්‍රතිලාභ ලබා දීමේ හැටන් නැෂනල් බැංකුවේ දැක්ම අනුව යමින් මෙම වසරේ Giftober වැඩසටහන හරහා සෑම සිඟිති ගිණුම්හිමි දරුවෙකුටම ජම්බෝ පෑන් රඳවන, පාසල් උපකරණ කට්ටල සහ ජම්බෝ කැට ඇතුළුව රුපියල් 100,000ක් දක්වා වූ තෑගි වවුචර ආදී ආකර්ෂණීය ත්‍යාග ලබා ගැනීමේ අවස්ථාව සලසා තිබෙනවා. 2022 සැප්තැම්බර් 30 වනදා සිට දින 60 ක් පුරාවට මෙම වැඩසටහන සෑම HNB පාරිභෝගික ඒකකයකදීම ක‍්‍රියාත්මක වන අතර අවුරුදු 16 ට අඩු සෑම දරුවෙකුටම මෙම ත්‍යාග ලබා ගැනීමට අවස්ථාව තිබෙනවා.

මෙවැනි වැඩසටහන් හරහා දරුවන්ට විනෝද වීමට මෙන්ම ඔවුන්ගේ නිර්මාණාත්මක හැකියාවන් හා කුසලතා වැඩිදියුණු වන අතරම ඔවුන් තුළ ආත්මවිශ්වාසය, ඉදිරිපත් වීමේ හැකියාව සහ සමාජානුයෝජනය වැනි ගුණාංග වර්ධනය වෙයි. සැමදා දරුවන්ට හොඳම දේ තිළිණ කිරීමේ වගකීම මැනවින් තේරුම්ගත් HNB බැංකුව දැයේ දරු පරපුරට දීප්තිමත් අනාගතයක් උදා කරදීම වෙනුවෙන් ඇප කැපවී සිටී.

්‍යභඊ කළමනාකාර අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිළධාරී, ජොනතන් අලස්, HNB ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී, දිල්ෂාන් රොද්‍රිගෝ හා HNB පාරිභෝගික සේවා, කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිළධාරීන් දීප ව්‍යාප්ත HNB ශාඛාවල පැවති ලෝක ළමා දින සැමරුම් උත්සවවලට සහභාගී වූ අයුරු.

  • Ada Derana BIZ Sinhala
  • HNB
  • sri lanka

වත්මන් ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට HNB රුපියල් මිලියන 10 ක මුදලක් වෙන් කරයි

September, 26, 2022

ශ‍්‍රී ලංකාවේ වඩාත්ම MSME හිතකාමී බැංකුව වන හැටන් නැෂනල් බැංකුව දැනට පවතින ආර්ථිකය නැවත නගා සිටුවීම සඳහා වන ඔවුන්ගේ සමාජ සත්කාර වැඩසටහනක් වන ‘ඔබ වෙනුවෙන් අපි’ හි තවත් එක් අදියරක් ලෙස රටේ දැනට උද්ගතව ඇති ආර්ථික අර්බුදයෙන් දැඩි ලෙස පීඩා විඳින ව්‍යවසායකයින්ට අතහිත දීම සඳහා යළිත් රුපියල් මිලියන 10 ක් මුදලක් වෙන් කිරීමට කටයුතු කළේය.

2020 දී කොවිඞ්-19 වසංගතය ආරම්භ වීමත් සමඟ දියත් කරන ලද මෙම වැඩසටහන මගින් දිවයින පුරා සිටින තෝරාගත් ව්‍යවසායකයින් 100 දෙනෙකුට ඔවුන්ගේ ප‍්‍රාග්ධන අවශ්‍යතා සඳහා රුපියල් ලක්ෂයක් බැගින් ලබා දෙනු ඇත. HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී CTO/තිරසාර පදනමේ ප‍්‍රධානී එල්. චිරන්ති කුරේ, HNB පාරිභෝගික සේවා, කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න, HNB සහකාර සාමාන්‍යාධිකාරී, ක්ෂුද්‍ර මූල්‍ය, විනෝද් ප‍්‍රනාන්දු, HNB සහකාර සාමාන්‍යාධිකාරී - SME, ඉන්ද්‍රවාසන් කයිලයිවාසන් සහ HNB අලෙවි අංශයේ ප‍්‍රධානී, උපුල් අදිකාරී යන මහත්ම මහත්මීන් මෙම ප‍්‍රදානය කිරීම සඳහා පැවති විශේෂ උත්සවයකට සහභාගී විය.

”MSMEs යනු ශ‍්‍රී ලංකා ආර්ථිකයේ කොඳු නාරටියයි. විවිධ කර්මාන්තවල රැකියා අවස්ථා ලබා දෙන ව්‍යවසායකයින් ලක්ෂ පහකට වැඩි සංඛ්‍යාවක් අප සතුව සිටිනවා. පළමුව වසංගතයෙන් ද දැන් ආර්ථික අර්බුද හේතුවෙන් ඔවුන්ට අත් විඳීමට සිදු වූ දුෂ්කරතාවලින් ඔවුන්ව ආරක්ෂා කිරීමත් ආධාර උපකාර කිරීමටත් හැකි වීම සැබවින්ම සාධාරණ යැයි අප විශ්වාස කරනවා. MSME සමඟ සමීපව වැඩ කිරීමේ දිගු ඉතිහාසයක් ඇති බැංකුවක් ලෙස, මෙවැනි දුෂ්කර කාලවලදී හැකි ඕනෑම ආකාරයකින් ඔවුන්ට අඛණ්ඩව සහයෝගය දැක්වීමට අප බලාපොරොත්තු වනවා.’’

2020 දී බැංකුව මෙහි පළමු අදියර යටතේ ක්ෂුද්‍ර මූල්‍ය ගනුදෙනුකරුවන් 117 දෙනෙකුට මූල්‍ය පහසුකම් සැපයූ අතර පසුව 2021 දී දෙවන අදියර යටතේ 83 දෙනෙකුට මූල්‍ය පහසුකම් සලසා ඇත. මෙම ව්‍යාපෘතියේ තුන්වන අදියර යටතේ, HNB මෙම වසරේදී ක්ෂුද්‍ර මූල්‍ය පාරිභෝගිකයින් 100 දෙනෙකුට මූල්‍ය පහසුකම් සලසනු ඇත.

HNB තිරසාර පදනම හරහා පිහිටුවන ලද මෙම අරමුදල මගින් දිවයින පුරා පිහිටි බැංකුවේ ශාඛා ජාලය සම්බන්ධ කර ගනිමින් එහි උපායමාර්ගික අංශ හරහා සමස්ත ආයතනික වගකීම මෙහෙය වනු ලබයි. මෙම පදනම මගින් අධ්‍යාපනය, සෞඛ්‍යය, ව්‍යවසායකත්ව සවිබල ගැන්වීම සහ පාරිසරික යන උපායමාර්ගික ක්ෂේත‍්‍ර හතර කෙරෙහි අවධානය යොමු කරයි.

1980 වසරේ සිට ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයින්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ඔවුන් හා සමීපව කටයුතු කරන HNB මෙරට ග‍්‍රාමීය ආර්ථික සංවර්ධනය හා සමෘද්ධිමත් කිරීමේ නිශ්චිත අරමුණ සහිතව ක්ෂුද්‍ර මූල්‍ය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක (MSME) ක්ෂේත‍්‍රයට ඇතුළු වූ පුද්ගලික අංශයේ පළමු වාණිජ බැංකුව වේ.

  • Ada Derana BIZ Sinhala
  • HNB
  • sri lanka

සිය සන්නාම අනන්‍යතාවය ප‍්‍රතිනිර්මාණය කරමින් HNB පුනරාගමනයට සැරසෙයි

September, 26, 2022

දශකයකට අධික කාලයක් පුරා දිවෙන සිය පරිවර්තනීය ගමන්මගේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් බැංකුකරණය සහ තාක්ෂණයෙන් සවිබල ගැන්වුනු නව සන්නාම අනන්‍යතාවය හඳුන්වා දෙන බව නිවේදනය කර සිටී.

HNB හි ප‍්‍රධාන බැංකු පද්ධති සඳහා වන පුළුල් වෙනස් කිරීම් සහ පරිපූර්ණ කුසලතා සංවර්ධන වැඩසටහනකින් HNB හි නව සන්නාම අනන්‍යතාවය සවිබල ගැන්වී තිබේ. සෑම බැංකු අවශ්‍යතාවයක්ම විශ්වසනීය ලෙස ඉටු කිරීමට අමතරව ගනුදෙනුකරුවන් තෘප්තිමත් කිරීම සඳහා නිර්මාණය කර ඇති පහසු, බාධාවකින් තොර විසඳුම් ලබා දෙන, බැංකුකරණය සඳහා නව, යාවත්කාලීන ප‍්‍රවේශයක් ප‍්‍රදර්ශනය කිරීම සඳහා මෙම නව සන්නාම අනන්‍යතාවය නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.

මේ පිළිබඳව අදහස් දක්වමින් කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී ජොනතන් අලස් මහතා පැවසුවේ ”අපගේ නව සන්නාම අනන්‍යතාවය එළිදැක්වීම පිළිබඳව අප අතිශයින් සතුටු වනවා. ඒ සමඟින් අපගේ බැංකු සේවාවන්ට නව අරුතක් හා හැඟීමක් එක් කිරීමට එයට හැකිව තිබෙනවා. මෙම වෙනස්කම් අපගේ ශාඛා ජාලය හරහා ඔබට පැහැදිලිවම දැකගත හැකියි. ශ‍්‍රී ලංකාවේ බැංකුකරණයේ මීළඟ විප්ලවය සිදු කිරීම සඳහා දශකයක කාලයක් තිස්සේ අපගේ කණ්ඩායම්වල වෙහෙස මහන්සි වී වැඩ කිරීම හා කැපවීම ප‍්‍රතිඵලය මේ තුළින් පෙන්නුම් කරනවා.

”මේ මොහොත වන විට ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය අතිශය තීරණාත්මක සන්ධිස්ථානයකට පත්ව තිබෙනවා. අපගේ පරිවර්තනීය ගමන්මගේ තවත් වැදගත් පියවරක් වන මේ තුළින් අප අරමුණු කරන්නේ අපගේම කණ්ඩායම පසුගිය දශකය තුළ අත්කර ගත් අද්විතීය ප‍්‍රගතිය සැමරීම පමණක් නොව අපගේ ගනුදෙනුකරුවන්ට සහ අපගේ පාරිභෝගිකභවතුන්ට හා රටට ඒ තුළින් තව තවත් සේවාවන් සැපයීමයි. මෙම නව සන්නාම අනන්‍යතාවය දියත් කිරීමත් සමඟම මේ දක්වා බැංකු ක්ෂේත‍්‍රය වෙනුවෙන් අප විසින් සිදු කර ඇති පරිවර්තනීය වෙනස්කම් තුලින් අපගේ පණිවිඩය පැහැදිලි ඇති බව අප හිතනවා. ඒ සියල්ල තිබියදීත්, HNB ශ‍්‍රී ලංකාවේ අනාගතය කෙරෙහි දැඩි විශ්වාසයකින් යුතුව සිටින අතර සියලූම ශ‍්‍රී ලාංකිකයින්ගේ ප‍්‍රගතියේ සැබෑ හවුල්කරුවෙකු ලෙස අඛණ්ඩව සේවය කිරීමට කැපවී සිටිනවා.’’ යනුවෙනි.

HNB හි පරිවර්තනීය න්‍යාය පත‍්‍රය මගින් ව්‍යාපාර තිරසාර රාමුවක් තුළ ඇති ව්‍යාපාරයක දියුණුව, පාරිභෝගික අත්දැකීම්, ඵලදායිතාවය, පුද්ගල සංවර්ධනය සහ තාක්ෂණික හැකියාව යනාදි ප‍්‍රධාන සාධක කෙරෙහි අවධානය යොමු කර ඇත.

ඒ අනුව, බැංකුව එහි පාලනය, විශ්වාසය, අනුකූල වීම සහ අවදානම් කළමනාකරණ ව්‍යුහයන් උපායමාර්ගික ප‍්‍රතිසංස්කරණයකට ලක් කළ අතර 2004 දී ISO 9001 සහතිකය ලබා ගැනීම සඳහා පියවර රැසක් ද ගනු ලැබීය. පසුව, පාරිභෝගික ණය, එකතු කිරීම්, නැවත අයකර ගැනීම්, ණය මෙහෙයුම්, ණය පරිපාලනය සහ ආරක්ෂිත ස්ථාන ආදිය සඳහා මධ්‍යස්ථාන පිහිටුවමින් බැංකුව ප‍්‍රධාන බැංකු මෙහෙයුම් ඉතා කඩිනමින් මධ්‍යගත කළේය.

බැංකුවේ කණ්ඩායම් තුළ ධාරිතාවය වර්ධනය කරමින් අනාගතයට සූදානම් වන පරිදි එහි සේවා සංස්කෘතිය නවීකරණය කරන අතරතුර සේවාවන් සැලසුම් කිරීම මගින් බැංකුකරණය ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීම සඳහා 2018 දී Project Everest හඳුන්වා දීම වැදගත් අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකිය. COVID-19 වසංගතය හමුවේ ඇති වූ දැඩි බලපෑම් මධ්‍යයේ සබඳතා රහිත බැංකු විසඳුම්, ගෙවීම් සහ පියවීම් සඳහා පුළුල් ප‍්‍රවේශයක් ලබා දීම සඳහා HNB සිය ඩිජිටල් පරිවර්තනය තවදුරටත් වේගවත් කළේය. එම කාල පරිච්ෙඡ්දයේදී HNB විසින් අත්‍යාවශ්‍ය බැංකු සේවා සැපයීම සඳහා නිවසේ ආරක්ෂිතව හිඳිමින් රැකියා කටයුතු කිරීම සඳහා ඩිජිටල් වේදිකා සකස් කරන අතරතුර සිය ජංගම මුදල් පසුම්බිය වන HNB SOLO වැඩිදියුණු කිරීමට ද කටයුතු කළේය.

”දශකයක පමණ කාලයක සිට ශ‍්‍රී ලංකාවේ පමණක් නොව, ආසියානු කලාපය පුරා බැංකු විශිෂ්ඨත්වයේ නව ආදර්ශයක් සනිටුහන් කිරීමට HNB අප අධිෂ්ඨානශීලී ගමනක නිරතව සිටිනවා. සාඩම්බර උරුමයකට ද හිමිකම් කියන කීර්තිමත් බැංකුවක් වීමේ සිට අනාගතය සඳහා සූදානම් බැංකුවක් බවට පත් වීමට අවශ්‍ය අභියෝගාත්මක තීරණ ගැනීමට අපට අවශ්‍ය වුනා.

”අපගේ මෙම නව සන්නාමය අනන්‍යතාවය අනාගතය සඳහා වන සලකුණක්. එමගින් පාරිභෝගිකභවතුන්ගේ සිට ව්‍යවසායකයින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ විශාල සමාගම් දක්වා වූ සෑම ශ්‍රී ලාංකිකයෙකුටම  ඕනෑම තැනක,  ඕනෑම වේලාවක අපගේ සේවාවන් වෙත ප‍්‍රවේශ විය හැකි අතර කාර්යක්ෂම, කඩිනම් හා ඵලදායී සේවාවක් ද සහතික කරනු ඇතැයි අප විශ්වාස කරනවා.’’ යනුවෙන් අලස් මහතා වැඩිදුරටත් පැවසුවේය.

HNB මෑතකදී පාරිභෝගික බැංකුකරණයේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛයා ලෙස නැවතත් සිය විශිෂ්ඨත්වය සනිටුහන් කරමින් ඒෂියන් බෑන්කර් සඟරාව විසින් පැවැත්වූ 2022 කීර්තිමත් ජාත්‍යන්තර පාරිභෝගික මූල්‍ය සේවා සම්මාන උළෙලේදී 12 වැනි වරටත් ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙසින් අභිසෙස් ලැබීය.

තවද එක්සත් රාජධානියේ කීර්තිමත් ද බෑන්කර් සඟරාව විසින් අඛණ්ඩව හයවන වරටත් ලෝකයේ හොඳම බැංකු 1000 අතරට HNB ශ්‍රේණිගත කර ඇති අතර 2021 ජාත්‍යන්තර මූල්‍ය සඟරා සම්මාන උළෙලේදී ‘‘විශිෂ්ටතම පාරිභෝගික බැංකුව’’ සහ ‘‘විශිෂ්ටතම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME) බැංකුව’’ යන සම්මාන හිමි කරගැනීමට ද බැංකුව සමත් විය. මීට අමතරව අඛණ්ඩව සිව්වන වරටත් ශී‍්‍ර ලංකාවේ වඩාත්ම ගෞරවනීය සමාගම් 10 අතරට ද HNB තේරී පත් වී ඇත.

මේ වසරේදී බැංකුව විසින් දියත් කළ අති සාර්ථක බැංකු මූල්‍ය නිෂ්පාදනයක් වන HNB FIT, Asian Digital Finance Forum and Awards හිදී ‘විශිෂ්ටතම IoT මුලපිරීම’ ලෙස ඇගයීමට ලක් විය. Asian FinTech Academy (AFTA) විසින් සත්කාරකත්වය සපයනු ලබන මෙම සම්මාන උළෙල ඩිජිටල්කරණය තුළ නවෝත්පාදනයන් හඳුන්වාදෙන සංවිධාන සහ බලපෑම්කාරී පුද්ගලයින් හඳුනාගෙන ඇගයීමට ලක් කරනු ලබයි.

මෙරට ගෙවීම් තාක්ෂණ නවෝත්පාදන අංශයේ ප‍්‍රමුඛයින් සම්මානයට පාත‍්‍ර කිරීම සඳහා පැවති 2022 LankaPay Technnovation සම්මාන උළෙලේ දී සම්මාන හතරක් දිනා ගනිමින් සිය විශිෂ්ටත්වය නැවතත් පෙන්නුම් කිරීමට HNB සමත් විය. පාරිභෝගික පහසුව සඳහා වන වසරේ විශිෂ්ටතම බැංකුව සහ මූල්‍ය ඇතුළත් කිරීම් සඳහා වන කාණ්ඩයේ වසරේ බැංකුව සඳහා වන රන් සම්මාන දිනා ගැනීමට අමතරව ‘විශිෂ්ටතම ඩිජිටල් ගෙවීම් උපායමාර්ගය සඳහා වසරේ මුල්‍ය ආයතනය’ සඳහා වන රිදී සම්මානය ද, මෙම වසරේ ‘අන්තර් බැංකු ඩිජිටල් ගෙවීම්වල විශිෂ්ටත්වය (බැංකු ආයතන) - සමස්ත සම්මානය’ සඳහා ලෝකඩ සම්මානය ද දිනා ගැනීමට HNB සමත් වීම මෙහිදී විශේෂයෙන් කැපී පෙනිණි.

  • Ada Derana BIZ Sinhala
  • Battaramulla
  • customer centre
  • HNB
  • new facility
  • relocates
  • sri lanka
  • Thalangama

HNB තලංගම පාරිභෝගික ඒකකය බත්තරමුල්ල ප‍්‍රදේශයේ ඉඩකඩ සපිරි නව නිවහනකට

September, 20, 2022

දිනෙන් දින ඉහළ යන පාරිභෝගික ඉල්ලූම සපුරා ලීම සඳහා බැංකු පහසුකම් පුළුල් කිරීමේ අරමුණින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව අංක 65, ප‍්‍රධාන වීදිය, බත්තරමුල්ල යන ලිපිනයෙහි පිහිටි සිය අතිනවීන පාරිභෝගික ඒකකය පසුගියදා සුබ මොහොතින් විවෘත කළේය.

මෙම නව පාරිභෝගික මධ්‍යස්ථානය මගින් එම ප‍්‍රදේශයේ ජීවත් වන මහජනතාවගේ මෙන්ම ඉහළ යමින් පවතින ව්‍යාපාරික අවශ්‍යතා ද සපුරාලනු ඇත. අතිනවීන පහසුකම් හා ඉඩකඩවලින් සපිරි මෙම නව පාරිභෝගික ඒකකය HNB පාරිභෝගික සේවා, කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සන්ෙඡ් විජේමාන්න, HNB හිටපු අධ්‍යක්ෂ ආචාර්ය රොහාන් කරුණාරත්න, HNB සහකාර සාමාන්‍යාධිකාරී - ජාල කළමනාකරණ හා ව්‍යාපාර සංවර්ධන, සුපුන් ඩයස්, HNB සහකාර සාමාන්‍යාධිකාරී - මෙහෙයුම්, සිවරාජා නන්දකුමාර්, HNB සහකාර සාමාන්‍යාධිකාරී - සේවා, ඉන්ද්‍රජිත් සේනාධීර, HNB කලාපීය ව්‍යාපාර ප‍්‍රධානී - මහ කොළඹ, වදුලන් ගනේෂන් යන මහත්වරුන් ඇතුළුව බැංකුවේ ජ්‍යේෂ්ඨ නිළධාරීන් පිරිසකගේ ප‍්‍රධානත්වයෙන් මහජනතාව උදෙසා විවෘත කෙරිණි.

මෙම පාරිභෝගික ඒකකය විසින් වසර ගණනාවක් පුරාවට එම ප‍්‍රදේශයේ නැගී එන ව්‍යාපාර සහ පාරිභෝගික ජනතාව සමඟ පවත්වා ගෙන එන විශේෂ සබඳතා පිළිබඳව අදහස් දක්වමින් HNB පාරිභෝගික සේවා, කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සන්ෙඡ් විජේමාන්න මහතා පැවසුවේ ”බත්තරමුල්ල ව්‍යාපාරික කේන්ද්‍රස්ථානයක් සහ ප‍්‍රදේශයේ ඇති වැදගත්කම සැලකිල්ලට ගෙන පාරිභෝගික, ආයතනික සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල වර්ධනය වෙමින් පවතින පාරිභෝගික පදනමට ඔවුන්ගේ සිහින හා අරමුණ කරා යාමට මූලික බැංකු සේවා සැපයීම සඳහා ඉඩකඩ සපිරි නව නිවහනකට ගෙන යාම වඩාත් කාලෝචිත යැයි අප සිතුවා. එබැවින්, අපගේ දැනට සිටින සිටින පාරිභෝගික පදනමට සහ අනෙකුත් ප‍්‍රදේශවාසීන්ට ඔවුන්ගේ  ඕනෑම බැංකු අවශ්‍යතාවක් සඳහා අප වෙත පැමිණෙන ලෙස අප ආරාධනා කර සිටිනවා.’’ යනුවෙනි.

වඩාත් ඉඩ පහසුකම් සපිරි මෙම නව බැංකු පරිශ‍්‍රය බැංකු කාර්ය මණ්ඩලය සමඟ ගනුදෙනුකාරභවතුන්ගේ සබඳතාව මනා ලෙස වර්ධනය කර ගනිමින් ඉක්මන් ගනුදෙනු කටයුතු කිරීම් සමඟින් ඔවුන්ගේ අත්දැකීම් වඩාත් සරල කිරීම සඳහා ප‍්‍රතිනිර්මාණය කර ඇත. බත්තරමුල්ල සහ ඒ අවට ප‍්‍රදේශවල ගනුදෙනුකරුවන්ට බැංකු සේවා සඳහා නව ආදර්ශයක් ලබා දීම වෙනුවෙන් නිර්මාණය කර ඇති මෙම අතිනවීන පාරිභෝගික ඒකකය සතියේ සෑම දිනකම පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා ව්‍යාපාරික කටයුතු සඳහා විවෘතව පවතී.

නව නිවහනකට ගෙන යන ලද මෙම තලංගම පාරිභෝගික ඒකකය HNB හි අද්විතීය විචක්ෂණභාවය සහ උපාය මාර්ගික වශයෙන් පරිවර්තනය වීම මෙන්ම ක‍්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින HNB වෙළෙඳ නාමය පිළිබඳ පැහැදිලි සාක්ෂියකි. මාස ගණනාවක් පුරා ගනුදෙනුකරුවන්ගේ අදහස් යෝජනා ප‍්‍රවේශමෙන් සැලකිල්ලට ගනිමින් සකස් කර ඇති මෙම පාරිභෝගික ඒකකයේ මෙහෙයුම් ආකෘතිය පුළුල් කිරීම සඳහා බැංකුව එඩිතර පියවර රැසක් ගෙන ඇත.

හොඳින් පුහුණු වූ, කැප වූ කාර්ය මණ්ඩලයේ සහාය සමඟින් නව සන්නාම ආකෘතිය හරහා ක‍්‍රියාත්මක වන ක‍්‍රියාවලීන්ට සහාය වන පරිදි මෙම ඒකකයේ පෙනුම සහ පරිසරය වෙනස් වී ඇත. මෙම නව සංකල්පය මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ HNB පිරිනමන සෑම සේවාවක්ම පහසුවෙන් භුක්ති විදීමට පාරිභෝගිකයින්ව යොමු කිරීමටයි. ඒ ඒ පාරිභෝගිකයාට ගැලපෙන පරිදි සකස් කළ විශේෂ කලාප, විවේකාගාර, වාඩි වී සිටිය සිටින ස්ථාන මෙන්ම self-help කුටි සහ නවීන තාක්ෂණයෙන් යුත් ඩිජිටල් තිරවලින් ද මෙම නව පාරිභෝගික ඒකකය සමන්විත වේ.

HNB Payfast, HNB MOMO, HNB Solo, HNB AppiGo වැනි ඩිජිටල් වේදිකා සහ විවිධාකාර ඩිජිටල් පහසුකම් සහිත ගෙවීම් වේදිකා හරහා HNB එම ප‍්‍රදේශය තුළ සිය බැංකු සේවාවන් ශක්තිමත් කරමින් දියුණු වෙමින් පවතින ව්‍යාපාරික ප‍්‍රජාවට පහසු හා ඩිජිටල් ලෙස වැඩිදියුණු කළ බැංකු සේවා සපයයි.

ඡායාරූපය : නව පාරිභෝගික මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට පැමිණ සිටි HNB පාරිභෝගික සේවා, කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සන්ෙඡ් විජේමාන්න මහතා. HNB සහකාර සාමාන්‍යාධිකාරී - ජාල කළමනාකරණ හා ව්‍යාපාර සංවර්ධන, සුපුන් ඩයස්, HNB සහකාර සාමාන්‍යාධිකාරී - සේවා, ඉන්ද්‍රජිත් සේනාධීර, HNB සහකාර සාමාන්‍යාධිකාරී - මෙහෙයුම්, සිවරාජා නන්දකුමාර් සහ HNB බත්තරමුල්ල පාරිභෝගික ඒකකයේ කළමනාකාරිනී, සුචින්තා සිරිවර්ධන යන මහත්ම මහත්මීන් ද ඡායාරූපයේ වෙයි.