• Ada Derana BIZ Sinhala
  • CBSL
  • HNB
  • sri lanaka

මධ්‍යම පළාතේ ගෙවතු වගාව ප‍්‍රචලිත කිරීමට HNB සරු ගෙවත්ත වැඩසටහන දියත් කරයි

July, 22, 2022

  • නැවුම් එළවළු පළතුරු හා කෘෂි නිෂ්පාදන සඳහා ඍජු වෙළෙඳපොලක් ස්ථාපිත කිරීම
  • ගෙවතු වගාව ප‍්‍රචලිත කිරීමට පැල හා බීජ සහනදායී ක‍්‍රම යටතේ ලබා දීම
  • ගොවීන්ගේ තාක්ෂණික දැනුම වැඩි දියුණු කිරීම සඳහා ඔවුන්ව ඊට අදාල ආයතන වෙත යොමු කිරීම

මෙම අභියෝගාත්මක කාලපරිච්ෙඡ්දය තුළ බිම් මට්ටමේ සිටින ශ‍්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත‍්‍රය නැවත නගා සිටුවීමේ ප‍්‍රයත්නයන්ට සහාය වෙමින්, මෙරට පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව දෛනික ආහාර අවශ්‍යතාවයන් සඳහා එළවළු හා පළතුරු ආදී ගෙවතු වගාවන් ප‍්‍රචලිත කිරීම සඳහා ‘HNB සරු ගෙවත්ත’ වැඩසටහන පසුගියදා දියත් කළේය. මධ්‍යම පළාතේ නාගරික ප‍්‍රදේශවල ගෙවතු වගාව ප‍්‍රවර්ධනය කරන අතරතුර නාගරික ප‍්‍රදේශවල සිටින ගොවීන් සඳහා නව වෙළෙඳපොලක් ස්ථාපිත කිරීම මෙම වැඩසටහනෙහි අරමුණයි.

පළාත් සහ දිස්ත‍්‍රික් කෘෂිකාර්මික කාර්යාල සමඟ එක්ව දියත් කරන ලද මෙම වැඩසටහන කැන්ඩි සිටි සෙන්ටර් හිදී ආරම්භ වූ අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්. ඒ. ද සිල්වා මහතා එහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය. මෙම වැඩසටහන ආරම්භ කිරීමෙහිලා පුරෝගාමීත්වය ගෙන කටයුතු කළ HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී-නීති (අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්), තුෂාරි රණවීර, HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී/ප‍්‍රධාන ණය නිළධාරී, නිරෝෂ් පෙරේරා, CBSL කළමනාකරු (මාතලේ), චතුර රත්නායක, HNB කලාපීය ව්‍යාපාර ප‍්‍රධානී (මධ්‍යම), හර්ෂ වික‍්‍රමසිංහ, HNB මහනුවර පාරිභෝගික ඒකකයේ, ජ්‍යෙෂ්ඨ කළමනාකාර, ඉන්දික ඒකනායක, කැන්ඩි සිටි සෙන්ටර් සභාපති තුසිත විජයසේන, ප‍්‍රාදේශීය ලේකම්වරුන් වන වත්සලා මාරඹගේ සහ ආර්. එම්. එස්. එම්. රත්නායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියේය.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී-නීති (අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්), තුෂාරි රණවීර මහත්මිව පැවසුවේ ‘’ශ්‍රී ලංකාව ඉතිහාසයේ දරුණුතම ආර්ථික හා ආහාර අර්බුදයට මුහුණ දෙමින් සිටිනවා. මෙවැනි දුෂ්කර කාලවලදී ජනතාවට උපකාර කිරීමට ප‍්‍රමාණවත් නිෂ්පාදනයක් සිදු කිරීමට අපට හැකි බව සහතික කිරීම සඳහා සියලූම ශ‍්‍රී ලාංකිකයන් එක්ව කටයුතු කිරීම ඉතා වැදගත්. ඉදිරියේදී ඇති වන අර්බුදවල අහිතකර බලපෑම අවම කරමින් දැනට පවතින සියලූ ඉඩම්වල වගා කිරීමට අපගේ ගනුදෙනුකරුවන්ට, මහජනතාවට සහ ගොවීන්ට අවශ්‍ය දැනුම, සහයෝගය හා දායකත්වය ලබා දීමට HNB සරු ගෙවත්ත වැඩසටහන දියත් කිරීමට ලැබීම ගැන අප ආඩම්බර වනවා.’’ යනුවෙනි.

ගොවීන්ට හා පාරිභෝගිකයින් යන දෙපාර්ශවයටම ඔවුන්ගේ අස්වැන්නෙන් යහපත් දිවිපෙවෙතක් ගත කිරීමට සහ ඔවුන්ගේ අත්‍යවශ්‍යතාවන් සඳහා සාධාරණ මිලක් ලබා දීම සඳහා කෘෂි ක්ෂේත‍්‍රයේ සිටින අතරමැදියන් අවම කරමින් රට පුරා සිටින ගොවීන් හා පාරිභෝගිකයින් අතර ඍජු සබඳතාවන් ඇති කිරීමට බැංකුවේ දැනට සිටින පාරිභෝගික ජාලය සමඟ කටයුතු කරන බව HNB පවසා සිටී.

නැවුම් එළවළු, පළතුරු හා කෘෂි නිෂ්පාදන සඳහා ඍජු වෙළෙඳපොලක් ස්ථාපිත කිරීම, ගෙවතු වගාව ප‍්‍රචලිත කිරීමට පැල, බීජ සහ කාබනික පොහොර සහනදායී මිලට සපයා දීම සහ ගෙවතු වගාව සඳහා නවීන තාක්ෂණික ක‍්‍රමෝපායන් පිළිබඳ දැනුම හා ප‍්‍රායෝගික පුහුණුව ලබා දීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ඊට අදාල ආයතන වෙත ගොවීන් හා ගෙවතු වගාකරුවන් යොමු කිරීම ද මෙම මුලපිරීමේ තවත් අරමුණකි.

”මධ්‍යම පළාත යනු ශ‍්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ වැදගත් කේන්ද්‍රස්ථානයක්. HNB අපි පසුගිය වසර කිහිපයේදී අපගේ පුළුල් වෙළෙඳ ප‍්‍රජාව සමඟ එක්ව එම ප‍්‍රදේශවල ගොවි මහතුන්ට උපකාර කිරීමට කටයුතු කරනු ලැබුවා. පවතින අර්බුදයත් සමඟින් අපගේ ගොවි මහතුන් සඳහා වන මෙම කැපවීම අප තවත් ශක්තිමත් කර තිබෙන අතර මෙම ප‍්‍රයත්නය සඳහා අපට සහාය වීමට කැන්ඩි සිටි සෙන්ටර් වැනි ආයතන ඉදිරිපත් වී සිටින බව අප සතුටින් සඳහන් කිරීමට කැමතියි.’’ යනුවෙන් HNB කලාපීය ව්‍යාපාර ප‍්‍රධානී (මධ්‍යම), හර්ෂ වික‍්‍රමසිංහ මහතා පැවසුවේය.

තවද, මෙවැනි දුෂ්කර කාලවලදී සාමාන්‍ය ජනතාවට සහාය වීම සඳහා ප‍්‍රාදේශීය සහ පළාත් කෘෂිකර්ම නිලධාරීන්ගේ සහාය ඇතිව නියමු ව්‍යාපෘතිය දිවයින පුරා ක‍්‍රියාත්මක කරනු ඇත.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මෙන්ම බීජ හා පැල, වාණිජ කෘෂිකර්මය, කෘෂිකර්ම ප‍්‍රකාශන ඒකකය ඇතුළු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් කිහිපයක් සහ HNB මධ්‍යම කලාපයේ නිලධාරීන් සහ HNB මහනුවර පාරිභෝගික ඒකකයේ නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගී විය.

උත්සවයට සහභාගී වූ මහජනතාව සහ ගොවීන්

Image Caption - උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්. ඒ. ද සිල්වා මහතා විසින් HNB සරු ගෙවත්ත වැඩසටහන මහජනතාවට සහ ගොවීන් වෙත උත්සවාකාරයෙන් විවෘත කරමින්.HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී-නීති (අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්), තුෂාරි රණවීර,HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී/ප‍්‍රධාන ණය නිළධාරී, නිරෝෂ් පෙරේරා,HNB කලාපීය ව්‍යාපාර ප‍්‍රධානී (මධ්‍යම), හර්ෂ වික‍්‍රමසිංහ,HNB මහනුවර පාරිභෝගික ඒකකයේ, ජ්‍යෙෂ්ඨ කළමනාකාර, ඉන්දික ඒකනායක, කැන්ඩි සිටි සෙන්ටර් සභාපති තුසිත විජයසේන, ප‍්‍රාදේශීය ලේකම්වරුන් වන වත්සලා මාරඹගේ සහ ආර්. එම්. එස්. එම්. රත්නායක යන මහත්ම මහත්මීන් ඇතුළු කෘෂිකර්ම නිලධාරීන්,HNB මහනුවර පාරිභෝගික ඒකකය හා කැන්ඩි සිටි සෙන්ටර් නියෝජනය කරමින් පැමිණ සිටි නිලධාරීන් පිරිසක් ද ඡායාරූපයේ වෙයි

  • Ada Derana BIZ Sinhala
  • HNB
  • sri lanaka

HNB සර්ව ආගමික වතාවත් ඉටු කරමින් ආශීර්වාද ලබා ගනී

July, 7, 2022

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ පුද්ගලික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව වසර මැද පවත්වනු ලබන සිය සර්ව ආගමික වතාවත් පසුගියදා HNB ප‍්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

දැනට පවතින ආර්ථික අර්බුදයෙන් අත්මිදීමේ අරමුණින් රටට සහ එහි ජනතාවට සෙත් පතා පවත්වන ලද මෙම සර්ව ආගමික වතාවත් සඳහා HNB හි ආයතනික කළමනාකාරීත්වය, ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩලය සහභාගී විය. මෙවැනි අභියෝගාත්මක කාලවලදී ගනුදෙනුකරුවන්ට සේවය කිරීම සඳහා ඔවුන්ගේ මෙහෙවර අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන හැට්නා පවුලට ද විශේෂයෙන් මෙහිදී ආශිර්වාද කරන ලදී.

බෞද්ධ ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් පිරිත් සඤ්ඤායනාවකින් මෙම සර්ව ආගමික වතාවත් ආරම්භ වූ අතර අනතුරුව කිතුනු යාඥා මෙහෙයක් මෙන්ම ඉස්ලාම් සහ හින්දු ආගමික වතාවත් ද සිදු කරන ලදී. තවද බැංකුවේ අඛණ්ඩ ඉදිරි ගමන්මගට සහ එහි නායකත්වයට, කළමනාකාරිත්වයට සහ ගනුදෙනුකාරභවතුන්ගේ සාර්ථකත්වය උදෙසා ද මෙහිදී ආශිර්වාද කරන ලදී.

  • Ada Derana BIZ Sinhala
  • Bileeta
  • ENTUTION ERP Solution
  • HNB
  • sri lanaka

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට තාක්ෂණික වශයෙන් සහයෝගය දැක්වීමට HNB, Bileeta සමඟ අත්වැල් බැඳගනියි

June, 29, 2022

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සිය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට (SME) දැරිය හැකි මිලකට අති නවීන ERP (Enterprise Resource Planning - ව්‍යවසාය සම්පත් සැලසුම්කරණ) විසඳුම් ලබා දීම සඳහා මෙරට ERP ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයෙකු වන Bileeta Ltd සමඟ ඇති හවුල්කාරිත්වය පසුගියදා නැවත අලූත් කළේය.

HNB සහ Bileeta Ltd අතර ඇතිකරගත් මෙම සුවිශේෂී සහයෝගීතාවය මගින් බැංකුවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් හට විකුණුම් සහ මූල්‍ය විගණනය, තොරතුරු පවත්වාගෙන යන ලේඛන කළමනාකරණය, ප‍්‍රසම්පාදන, සේවා කළමනාකරණය, ස්ථාවර වත්කම් කළමනාකරණය සහ නිෂ්පාදනය වැනි ඔවුන්ගේ විවිධ ව්‍යාපාරික කටයුතු විධිමත්ව කරගෙන යාමටත් දිගුකාලීන වශයෙන් කාර්යක්ෂමතාව හා ඵලදායීතාවය කළමනාකරණය කර ගැනීමටත් හැකි වේ. HNB ප‍්‍රධාන කාර්යාලයේදී පැවති විශේෂ උත්සවයකදී HNB පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න සහ Bileeta ප‍්‍රධාන විධායක නිලධාරී, සංජි ද සිල්වා යන මහත්වරුන් ගේ සහභාගීත්වයෙන් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුවේය.

මෙම හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දක්වමින් HNB පාරිභෝගික සහ කුඩා සහ මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න මහතා පැවසුවේ ”තාක්ෂණය යනු සංවිධාන මෙන්ම ලෝක ආර්ථිකයන් පවා ගොඩ නැගීමට සහ ඉහළට ඔසවා තැබීමට සමත් අත්‍යවශ්‍ය සාධකයක්. ඒ හරහා සමාගම්වලට නිසි දැනුම, විශේෂඥතාව සහ උපාය මාර්ග සමඟ අභ්‍යන්තර සහ බාහිර සම්බන්ධතා පුළුල් කරගත හැකි අතර ආදායම් සහ ව්‍යාපාරකරණය තුළ ඔවුන්ගේ ඉහළම හැකියාවන් වෙත ලගා වීමට අවශ්‍ය දායකත්වය ලබාගත හැකියි.”

”මෙය සිහිතබා ගනිමින් රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ERP පද්ධති පිළිබඳ දැනුම සහ භාවිතය සම්බන්ධයෙන් අවශ්‍ය සහයෝගය ලබා දීමට අප ෑඍඡු ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන Bileeta සමඟ එක් වුනා. ජාතික ආර්ථිකයට ප‍්‍රබල දායකත්වයක් ලබාදෙන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙත අන්කවරදාටත් වඩා දැන් අපගේ සහාය අවශ්‍යයි. Bileeta සමඟ ඇති කරගත් අපගේ හවුල්කාරිත්වය මූල්‍යමය වශයෙන් පිරිවැය කළමනාකරණය උදෙසා තාක්ෂණය සක‍්‍රීය කිරීම කෙරෙහි විශාල සහයෝගයක් ලබා දෙනවා. අපගේ රටේ ආර්ථිකය සවිබල ගැන්වීම වෙනුවෙන් තම නොමද දායකත්වය ලබාදෙන බිම් මට්ටමේ සිටින කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අස්වැසිල්ලක් වන මෙවැනි සුවිශේෂ මුලපිරීම් ඉදිරියටත් හඳුනාගෙන ක‍්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.

ඒ අනුව ENTUTION ERP Solution ලෙස නම් කර ඇති ERP වේදිකාව වෙළෙඳපොළට හඳුන්වා දීමටත් එම පද්ධතිය නිසි අයුරින් කි‍්‍රයාත්මක වන්නේ කෙසේදැයි ආදිය පිළිබඳ දැනුම ලබා දීමටත් HNB සහ Bileeta එක්ව කටයුතු කරන බව සහතික වෙයි.

මෙම හවුල්කාරිත්වය හරහා HNB හි පාරිභෝගිකයින්ට පුහුණුව සහ ඇතුල්වීමේ ගාස්තු නොමැතිව විශේෂ අඩු කළ මිලකට මෙම විසඳුම ලබා ගැනීමට ද හැකියාව ලබා දෙයි. එමෙන්ම තාක්ෂණික සහාය අවශ්‍ය SME ව්‍යවසායකයින් හඳුනා ගැනීම හා ඔවුන්ව සම්බන්ධ කරගෙන සියලූම කලාපවලට මෙම විසඳුම් හඳුන්වා දීමටත් එමගින් SME ව්‍යවසායකයින්ගේ  ප‍්‍රමිතීන් ඉහළ නැංවීමට අරමුණු කරගනිමින් බැංකුව Bileeta සමඟ එක්ව කටයුතු කරනු ඇත.

”සංවිධානවල ඉතා වේගවත් හා විප්ලවීය වර්ධනයක් තාක්ෂණය තුළින් සිදු කිරීමට හැකි බව අප දැක තිබෙනවා. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ප‍්‍රජාවට මෙවැනි බලපෑමක් ඇති කිරීමට HNB සමඟ හවුල් වීමට ලැබීම සැබවින්ම අපට ගෞරවයක්. SME ව්‍යවසායකයින්ට අන්කවරදාටත් වඩා දැන් අපගේ සහය අවශ්‍යයි. ඒ වෙනුවෙන් ERP විසඳුම් පිළිබඳ අපගේ ඇති ප‍්‍රවීණත්වය තුළින් ඔවුන්ව තාක්ෂණික වශයෙන් සවිබල ගැන්වීමට අවශ්‍ය සහයෝගය ලබා දීමට හැකිවීම ගැන අපි නිහතමානීව ආඩම්බර වෙනවා. එමෙන්ම HNB සමඟ එක් වීම හේතුවෙන් SME ව්‍යවසායකයින්ට ඔවුන්ගේ මෙහෙයුම් බාධාවකින් තොරව කරගෙන යාමට, අතමිට සරුසාර කරගැනීමට හා ලාභ ලැබීමටත් සමස්තයක් ලෙස රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත් අපට දැන් හැකි වෙනවා. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට අත්වැළක් වීම උදෙසා අපට මෙම අවස්ථාව ලබා දීම ගැන අපි HNB හට ස්තූතිවන්ත වෙනවා.” යනුවෙන් Bileeta ප‍්‍රධාන විධායක නිලධාරී සංජි ද සිල්වා මහතා පැවසුවේය.

මෙම හවුල්කාරීත්වය පිළිබඳ වැඩි විස්තර 0112661771 ඔස්සේ HNB නෙත්මිණි සහ 077439960 ඔස්සේ Bileeta නෙරුෂාන් ඇමතීමෙන් ලබා ගත හැකිය.

HNB මෑතකදී පාරිභෝගික බැංකුකරණයේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛයා ලෙස නැවතත් සිය විශිෂ්ටත්වය සනිටුහන් කරමින් ඒෂියන් බෑන්කර් සඟරාව විසින් පැවැත්වූ 2022 කීර්තිමත් ජාත්‍යන්තර පාරිභෝගික මූල්‍ය සේවා සම්මාන උළෙලේදී 12 වැනි වරටත් ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙසින් අභිසෙස් ලැබීය.

බැංකුව විසින් දියත් කළ අති සාර්ථක බැංකු මූල්‍ය නිෂ්පාදනයක් වන HNB FIT, Asian Digital Finance Forum and Awards හිදී ‘විශිෂ්ටතම loT මුලපිරීම’ ලෙස ඇගයීමට ලක් විය. Asian FinTech Academy (AFTA) විසින් සත්කාරකත්වය සපයනු ලබන මෙම සම්මාන උළෙල ඩිජිටල්කරණය තුළ නවෝත්පාදනයන් හඳුන්වාදෙන සංවිධාන සහ බලපෑම්කාරී පුද්ගලයින් හඳුනාගෙන ඇගයීමට ලක් කරනු ලබයි.

ඡායාරූපය: HNB පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න (වමේ සිට හතරවැනියා) සහ Bileeta (Pvt) LTd, ප‍්‍රධාන විධායක නිලධාරී සංජි ද සිල්වා (දකුණේ සිට හතරවැන්නා) යන මහත්වරුන් අදාල අවබෝධතා ගිවිසුම හුවමාරු කර ගනිමින්. HNB සහ Bileeta යන ආයතන නියෝජනය කරමින් පැමිණි ජ්‍යෙෂ්ඨ නිළධාරීන් රැසක් ද ඡායාරූපයේ සිටී.

  • Ada Derana BIZ Sinhala
  • HNB
  • Oba Venuwen Api
  • sri lanaka

HNB ඔබ වෙනුවෙන් අපි වැඩසටහන හරහා රෝහල් වලට අත්‍යාවශ්‍ය ඖෂධ

June, 27, 2022

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෙම අර්බුද අවස්ථාවේ දී රිජ්වේ ආර්යා ළමා රෝහලට සහ දකුණු කොළඹ ශික්ෂණ රෝහලට සහාය දක්වමින් ඔබ වෙනුවෙන් අපි වැඩසටහන හරහා අලූත උපන් බිළිඳුන් සහ ගැබිනි මවුවරුන්ට පසුගියදා අත්‍යාවශ්‍ය ඖෂධ පරිත්‍යාග කළේය.

අද වන විට දිවයින පුරා පවතින ඖෂධ හිඟය සැලකිල්ලට ගනිමින් කොරෝනා වසංගතය ආරම්භයෙන් පසුව බැංකුවේ සේවකයින් සිය දිනක වැටුප ස්වේච්ඡාවෙන් ලබා දෙමින් පිහිටු වනු ලැබූ මෙම ‘ඔබ වෙනුවෙන් අපි’ වැඩසටහන අඛණ්ඩව ක‍්‍රියාත්මක කරමින් HNB ඖෂධ සහ වෛද්‍ය උපකරණ පරිත්‍යාගය සිදු කරයි. HNB සහකාර සාමාන්‍යාධිකාරී - උපායමාර්ග ප‍්‍රියංකා විජේරත්න මහත්මිය විසින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සන්තුසිත සේනාපති මහතා වෙත මෙම ඖෂධ තොග ලබා දුන් අතර HNB නීති අංශයේ ප‍්‍රධානී ශිරෝමි හලොළුව මහත්මිය විසින් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂිකා සාගරී කිරිවන්දෙනිය මහත්මිය වෙත ඖෂධ තොග ලබා දෙන ලදී.

”රටේ දැනට පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් අපගේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රය දැඩි ලෙස පීඩාවට පත්වෙලා තියෙනවා. තවමත් වසංගතය නිසා ඇති වූ දුෂ්කරතාවලින් රෝහල් සම්පූර්ණයෙන් යථා තත්වයට පත් වී නෑ. ඒ නිසා රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා අත්‍යවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සහ ඖෂධ ලබාදීම සඳහා පියවර ගැනීමට කාලය එළඹ ඇති බව අපි විශ්වාස කරනවා. අපගේ අරමුදල්වල පළමු කොටස අනාගත පරපුර වන දරුවන්ට ඖෂධ ලබාදීම සඳහා වෙන් කර තිබෙන අතර සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ අනෙකුත් අංශ සඳහා ද සහය ලබා දීමට අප නුදුරේදීම කටයුතු කරනවා.” යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී CHRO/Chief Transformation Officer, චිරන්ති කුරේ මහත්මිය පැවසුවාය.

HNB හි තිරසාර පදනම මගින් මෙහෙයවනු ලබන ඔබ වෙනුවෙන් අපි වැඩසටහනට අරමුදල් සපයනු ලබන්නේ පසුගිය වසරේ වසංගතය ආරම්භයේදී සිය දිනක වැටුප ස්වේච්ඡුාවෙන් ලබාදුන් HNB සේවකයින් විසිනි. මෙම වැඩසටහන ආරම්භ කිරීම සඳහා කාර්ය මණ්ඩලය පරිත්‍යාග කළ මුදල හා සමාන මුදලක් බැංකුවද පරිත්‍යාග කළ අතර එතැන් පටන් සෞඛ්‍ය සේවා නගා සිටුවීම අරමුණු කරගත් විවිධ ව්‍යාපෘති සඳහා එම අරමුදල් වෙන් කෙරිනි.

HNB ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය මගින් රිජ්වේ ආර්යා රෝහලට සහ දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත කඩිනමින් අවශ්‍ය ඖෂධ ලබා දී ඇති අතර මෙම දායකත්වය හරහා පුත්තලම මූලික රෝහල, පේරාදෙණිය ශික්ෂණ රෝහල, මඩකලපුව ශික්ෂණ රෝහල, මහනුවර ශික්ෂණ රෝහල, රාගම ශික්ෂණ රෝහල සහ කුරුණෑගල ශික්ෂණ රෝහල යන රෝහල් ද ප‍්‍රතිලාභ ලබනු ඇත.

මෙම ව්‍යාපෘතිය හරහා කොවිඞ් වසංගතයේ උච්චතම අවස්ථාවේ දී HNB විසින් දිවයිනේ ප‍්‍රාදේශීය රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල (MOH) වෙත අත්‍යාවශ්‍ය පුද්ගලික ආරක්ෂක උපකරණ (PPE) කට්ටල ලබා දීමට කටයුතු කළේය.

විශේෂයෙන්ම ඔබ වෙනුවෙන් අපි වැඩසටහන යටතේ HNB තිරසාර පදනම සමඟින් පසුගිය වසරේදී මෙරට සිටින ක්ෂුද්‍ර ව්‍යවසායකයින් නැවත නගා සිටුවීම සඳහා රුපියල් මිලියන 20 ක් ප‍්‍රදානයක් ද ලබා දුන්නේය.

HNB නීති අංශයේ ප‍්‍රධානී, ශිරෝමි හලොළුව, මහත්මිය විසින් ප‍්‍රධාන ඖෂධවේදිනී ශිරානි ඞී. අමරසිංහ සහ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂිකා සාගරී කිරිවන්දෙනිය යන මහත්මීන් වෙත ඖෂධ ලබා දෙමින්. (වමේ සිට) HNB විධායක - තිරසාර ව්‍යාපාර, ශනෙල් පෙරේරා සහ HNB සේවා ප‍්‍රධානී, රොෂාන් ප‍්‍රනාන්දු යන මහත්වරුන් ද ඡායාරූපයේ වෙයි.

 

ඡායාරූප  : HNB සහකාර සාමාන්‍යාධිකාරී - උපායමාර්ග, ප‍්‍රියංකා විජේරත්න මහත්මිය විසින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සන්තුසිත සේනාපති මහතා වෙත ඖෂධ පරිත්‍යාග කරමින්. (වමේ සිට) HNB විධායක - තිරසාර ව්‍යාපාර, ශනෙල් පෙරේරා සහ ්‍යභඊ විකුණුම් ප‍්‍රධානී, උපුල් අධිකාරි යන මහත්වරුන් ද ඡායාරූපයේ වෙයි.

  • Ada Derana BIZ Sinhala
  • HNB
  • HNB Finance PLC
  • sri lanaka

HNB Finance PLC අභියෝග ජයගනිමින් මූල්‍ය ස්ථාවරත්වයේ ප්‍රශස්ත වර්ධනයක් සනිටුහන් කරයි

June, 7, 2022

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE සිය ප්‍රධාන මූල්‍ය නිර්ණායකයන් හි ප්‍රශස්ත මූල්‍ය කාර්යසාධනයක් සනිටුහන් කරමින් HNB FINANCE හි 2021-22 වසරේ සමූහ ශුද්ධ ලාභය රුපියල් මිලියන 515.6ක් දක්වා වර්ධනය කරගැනීමට සමත් විය. 2020 - 21 වසරේදී සිදු වූ පාඩු ලැබීමත්, 2022 මාර්තු 31වන දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ මුහුණ දුන් දැඩි සමාජ ආර්ථික අභියෝග රැසත් මධ්‍යයේ මෙම කැපී පෙනෙන වර්ධනය හිමිකර ගැනීමට HNB FINANCE සමත් වූ අතර, උපායමාර්ගික ව්‍යාපාර තීරණයක් ලෙස ප්‍රයිම් ෆිනෑන්ස් සමාගමද  අත්පත් කරගන්නා ලදී.

පසුගිය මූල්‍ය වර්ෂය තුළ සමූහ ශුද්ධ පොළී ආදායම සහ සමූහයේ මෙහෙයුම් ආදායම (Group Net Interest Income and Group Total Operating Income ) රුපියල් මිලියන 3,903.9ක් සහ රුපියල් මිලියන 4,929.9 ක් වූ අතර සමූහයේ බදු පෙර ලාභය (Profit Before Tax) රුපියල් මිලියන 615.9ක් විය.

සලකා බලනු ලැබූ කාලසීමාව තුළ HNB FINANCE හි සියලු ව්‍යාපාරික අංශයන් සැලකිය යුතු ලාභයක් අත්පත් කර ගැනීමට සමත් වූ අතර පවතින ආර්ථික තත්වය තුළ ගැලපෙන පරිදි ණය සේවා පවත්වාගෙන යෑම සහ පිරිවැය උපරිම ඵලදායීතාවකින් යුතුව භාවිතා කිරීම යන ක්‍රියාමාර්ග මේ සඳහා හේතු විය.  පසුගිය මූල්‍ය වර්ෂය තුළ HNB FINANCE සමූහයෙහි ණය සහ තැන්පතු අනුපාතය (Loan-to-Deposit ratio) 123.36%ක් වශයෙන් වාර්තා වූ අතර ඉන් සමූහයේ ශක්තිමත් ද්‍රවශීල තත්වය (liquidity position) තවදුරටත් තහවුරු විය..

HNB FINANCE PLC මේ වන විට විවිධාංගීකරණය වූ මූල්‍ය සේවා රැසකින් සමන්විත වන අතර ක්ෂුද්‍ර මූල්‍ය සේවා, ලීසිං, රන්ණය, දේපළ ණය හා ව්‍යාපාරික ණය මීට අයත් වෙයි.

“අභියෝග රාශියක් මධ්‍යයේ සෑම සේවා අංශයක්ම ආවරණය වන පරිද්දෙන්ම HNB FINANCE වාර්තා කළ මෙම මූල්‍ය කාර්යසාධනය සමාගමේ අභියෝගයන්ට මුහුණ දීමේ හැකියාව, අරමුණු කරා ගමන් කිරීමේ කැපවීම මනාව පෙන්නුම් කරන බව මගේ අදහසයි. විවිධාංගීකරණය වූ අපගේ මූල්‍ය සේවා සහ ප්‍රයිම් ෆිනෑන්ස් අත්පත් කර ගැනීමෙන් ලද සහසම්බන්ධතාද සමග වඩාත් ශක්තිමත්ව ඉදිරියට ගමන් කිරීමට HNB FINANCE සමාගමට හැකි වනු ඇති බව මගේ විශ්වාසයයි. එමෙන්ම මෙරට විශාලතම පුද්ගලික බැංකුවක් වන HNB හි සවියත් , දේපළ වෙළෙඳාමේ ප්‍රමුඛයා වූ ප්‍රයිම් සමූහයේ අත්වැලත්  HNB FINANCE හි වර්ධන ගමන් මගේ අරමුණු ජය ගැනීමට විශාල ජවයක් සපයන බවට කිසිදු සැකයක් නැහැ” යනුවෙන් HNB FINANCE PLC හි සභාපති දිල්‍ෂාන් රොද්‍රිගෝ මහතා පැවසීය.

“අපගේ විවිධාංගීකරණය වූ ණය කළඹ නිසාම වර්තමානයේ පවතින අභියෝගාත්මක ආර්ථික තත්වය තුළ ආයතනය ස්ථාවර තත්වයක පවත්වාගෙන යාමට අපට හැකියාව ලැබී තිබෙනවා. තවදුරටත් අපගේ ප්‍රමුඛතම සේවාවන් වන ක්ෂුද්‍ර මූල්‍ය ණය , කුඩා හා මධ්‍ය පරිමාණ ණය, ව්‍යාපාරික ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය මූල්‍ය සහය ලබා දීම අපි අඛණ්ඩව කරගෙන යනු ලබනවා. ක්ෂුද්‍ර, සුලු හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරික ක්ෂේත්‍රය මෙරට ආර්ථිකයේ එක් ප්‍රමුඛතම ගාමක බලයක් වන බැවින් කවර බාධක මධ්‍යයේ වූවද මෙම අංශයන්ට අවශ්‍ය මූල්‍යසේවා ලබා දීමට අපි අනිවාර්යයෙන්ම පියවර ගනු ලබනවා. එමෙන්ම මෙම ක්ෂේත්‍රයන්හි මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කිරිම, ව්‍යාපාරයන් යළි ගොඩ නැංවීම සහ ඔවුන්හට ඩිජිටල් සේවාවන් ඔස්සේ වඩාත් කාර්‍යක්‍ෂම සේවාවක් ලබාදීම ආදිය අපි මේ වනවිටත්  සිදුකරගෙන යමින් සිටිනවා”යනුවෙන් HNB FINANCE PLC හි කළමනාකර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා පැවසීය.

බහුතර කොටස් හිමියන්ගේ එකඟතාව මත මෙම වසරේ මැයි මාසය අවසන් වන විට ප්‍රයිම් ෆිනෑන්ස් සමාගම අත්පත් කර ගැනීමට HNB FINANCE PLC සමත් වූ අතර  ප්‍රයිම් ෆිනෑන්ස් සතුව තිබූ ශාඛා 7 වර්තමානය වන විට HNB FINANCE ශාඛා ජාලයට එක් වී ඇත. මෙම අත්පත් කර ගැනීම සමගින් HNB FINANCE හි මුළු වත්කම් පදනම 2022 මාර්තු 31වන දිනට රුපියල් බිලියන 46.56ක් විය. මේ සමග ප්‍රයිම් ෆිනෑන්ස් හි වත්කම් මත පදනම් වූ ණය සංචිතය  HNB FINANCE හි ශේෂ පත්‍රයෙහි අවදානම් බෙදීම වඩාත් ප්‍රශස්ත මට්ටමකට රැගෙන ඒමට සමත් වී ඇත. එමෙන්ම ප්‍රයිම් ෆිනෑන්ස් සමාගමේ දේපළ වත්කම් මත ණය ලබාදීමේ වෘත්තීයමය හසල පළපුරුද්දක් සහිත සේවක මණ්ඩලය HNB FINANCE හි මානව සම්පත් ශක්තිය වර්ධනය කිරීමට ඉවහල් වන අතර HNB FINANCE හි මෙහෙයුම් කටයුතු තවදුරටත් ප්‍රශස්ත මට්ටකට රැගෙන ඒමට උපකාරී වනු ඇත.

  • Ada Derana BIZ Sinhala
  • HNB
  • PPOD
  • sri lanaka

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ධාරිතා සංවර්ධනය සහ උපදේශනය සඳහා HNB, PPOD උපදේශන සමාගම සමඟ අත්වැල් බැඳගනී

June, 7, 2022

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සිය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාමේදී ධාරිතා සංවර්ධනය සහ උපදේශනය ලබා දීම සඳහා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ පුද්ගලයන් සහ ක‍්‍රියාවලි තක්සේරු උපදේශන සමාගමක් වන PPOD උපදේශන සමාගම සමඟ පසුගියදා අවබෝධතා ගිවිසුමකට (MoU) අත්සන් කළේය.

මෙම සුවිශේෂී හවුල්කාරිත්වය හරහා HNB හි SME ගනුදෙනුකරුවන්ට ගිණුම්කරණය, මූල්‍ය, බදු, තොරතුරු තාක්ෂණ, වටිනාකම් දාම සංවර්ධනය, මානව සම්පත් සහ එක් එක් කර්මාන්තයට අදාළ වෙනත් විශේෂිත හැකියාවන් යන ක්ෂේත‍්‍රවල ඉතා වැදගත් කරුණු වෙත ප‍්‍රවේශ වීමට හැකියාව ලබා දෙයි. HNB ප‍්‍රධාන කාර්යාලයේදී පැවති විශේෂ උත්සවයකදී HNB පාරිභෝගික සහ සුළු හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී, සන්ජේ විජේමාන්න සහ PPOD නිර්මාතෘ සහ සභාපති ස්ටීවන් ඒ. පෝල්රාජ් යන මහත්වරුන් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීය.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB SME සේවා සහ හවුල්කාරීත්ව පිළිබඳ ප‍්‍රධානී නිලූක ටී අමරසිංහ මහතා පැවසුවේ ”සාර්ථක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට ව්‍යවසායකයෙකුට මූල්‍ය ආධාර සහ ආයෝජන ප‍්‍රාග්ධනයට වඩා බොහෝ දේ අවශ්‍ය බව HNB අප අවබෝධ කර ගත්තා. ව්‍යාපාරයක ප‍්‍රමාණය කුමක් වුවත් ව්‍යාපාරයේ ප‍්‍රධාන කාර්යයන් සරලව හා කාර්යක්ෂමව පවත්වාගෙන යාම එම ව්‍යවසායකයාගේ හැකියාව මත රඳා පවතිනවා. HNB සිය සේවාදායකයාගේ දියුණුව පිළිබඳව සලකා බලන නිසා අපගේ SME ව්‍යවසායකයින් හට ඔවුන්ගේ SME ව්‍යවසායයන් සාර්ථකව ගොඩනැගීමට සහ වර්ධනය කිරීමට අවශ්‍ය මූලික ධාරිතා සංවර්ධන සැසි සහ උපදේශන සැපයීම සඳහා PPOD උපදේශන ආයතන සමඟ අත්වැල් බැඳගත් බව අපි ප‍්‍රකාශ කරන්නේ ඉතා සතුටින්.” යනුවෙනි.

මෙම සංවර්ධන වැඩසටහන හරහා පළමුවෙන්ම ව්‍යාපාර කළමනාකරණයේ මූලික අංශ ආවරණය කරන අතර පසුව විශේෂිත ව්‍යාපාරික කාර්යයන් පිළිබඳ සවිස්තරාත්මක සැසියක් පවත්වනු ඇත. මුදල් ගනුදෙනු කළමනාකරණය, ව්‍යාප්තිය සඳහා ආයෝජනය, දුර්වල බදු ගෙවීමේ ක‍්‍රමෝපායන්, දුර්වල ආයෝජන, තොරතුරු තාක්ෂණ භාවිතය යනාදී ගැටළු වලට අමතරව ගිණුම්කරණය, මූල්‍ය, බදු සහ තොරතුරු තාක්ෂණ වැනි ක්ෂේත‍්‍ර ද එහිදී සාකච්ඡා කරනු ඇත.

ආරම්භක අදියර අවසන් වූ පසු ව්‍යාපාර සංවර්ධන සැලසුම් ගොඩ නැගීම සඳහා ව්‍යාප්තිය සහ අපනයනය, පහසුකම් වැඩිදියුණු කිරීම, මානව සම්පත් සහ ඵලදායිතා කළමනාකරණ ආයෝජන සහ ඒකාබද්ධ කිරීම් පිළිබඳව පාරිභෝගිකයින්ට අවබෝධයක් ලැබෙනු ඇත. ව්‍යවසායකයින්ගේ මූල්‍ය සාක්ෂරතාවය තවදුරටත් ඉහළ නැංවීම සඳහා මුදල් ගනුදෙනු කළමනාකරණය සහ එහි වැදගත්කම, අනුපාත විශ්ලේෂණය, ගිණුම්තැබීම සහ බදු පිළිබඳ මූලික සිද්ධාන්ත වැනි ප‍්‍රධාන සංකල්ප ද මෙහිදී සාකච්ඡා කරයි.

”බොහෝ ආයතනවලට ඊට සම්බන්ධ පුද්ගලයන් සහ ක‍්‍රියාවලීන් පිළිබඳ ගැටළු සඳහා සාධනීය පිළිතුරු ලබාදෙන ප‍්‍රමුඛ උපදේශන සමාගමක් ලෙස HNB සමඟ හවුල්වීමට ලැබීම අපට ගෞරවයක්. මූල්‍ය ප‍්‍රාග්ධනය යම් සංවිධානයක සාර්ථකත්වය සඳහා දැඩි ලෙස බපෑවත් එය සාර්ථකත්වය තීරණය කරන එකම නිර්ණායකය නොවේ. තිරසාර ව්‍යාපාරයක් ගොඩනැංවීම සඳහා ව්‍යවසායකයින්ට තම ධාරිතාව සහ කුසලතා වර්ධනය කර ගැනීමට සහය වීම වඩාත් වාසිසහගත වන අතර බැංකු ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයෙකු අප සමඟ අත්වැල් බැඳගැනීම සැබවින්ම රට තුළ අපගේ මෙහෙවර ශක්තිමත් කිරීමක් ලෙස අප සලකනවා.” යනුවෙන් PPOD නිර්මාතෘ සහ සභාපති ස්ටීවන් ඒ. පෝල්රාජ් මහතා පැවසුවේය.

මෙම හවුල්කාරිත්වය මඟින් HNB හි SME ගනුදෙනුකරුවන්ට තමන්ට කැමති ඕනෑම භාෂාවකින් (සිංහල, දෙමළ සහ ඉංග‍්‍රීසි) හෝ මිශ‍්‍ර මාදිලියකින් ඉහත සඳහන් සංවර්ධන වැඩසටහන් සඳහා ප‍්‍රවේශය විය හැකි අතර HNB සමඟ මීට පෙර සාර්ථකව සැසි පවත්වා ඇති ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් සහ පුරෝගාමීන් විසින් මෙම වැඩසටහන මෙහෙයවනු ඇත.

මෙම ධාරිතා සංවර්ධන වැඩසටහන සම්බන්ධ වැඩි විස්තර HNB හි නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

ඡායාරූපය:

HNB පාරිභෝගික සහ සුළු හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී, සන්ජේ විජේමාන්න සහ PPOD නිර්මාතෘ සහ සභාපති ස්ටීවන් ඒ. පෝල්රාජ් යන මහත්වරුන් අවබෝධතා ගිවිසුම හුවමාරු කර ගනිමින්. HNB සහ PPOD නියෝජනය කරමින් පැමිණි ජ්‍යෙෂ්ඨ නිලධාරී පිරිසක් ද ඡායාරූපයේ වෙති.