December, 13, 2022
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL ලබාදෙන mGuide සේවාව ලබාගැනීමේ අවස්ථාව දැන් Hutch පාරිභෝගිකයන්ටද හිමි වී තිබේ. මේ සඳහා වන ගිවිසුමට SLT-MOBITEL සහ Hutch විසින් පසුගියදා අත්සන් තබන ලදි.
mGuide යනු ශ්රී ලංකාවේ පුරාවිද්යාත්මක සහ ඓතිහාසික ස්ථාන පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ඉලක්ක කරගත් සුවිශේෂී, නිර්මාණශීලී සේවාවකි. හඬ සේවාවක් ලෙස ක්රියාත්මක වන මෙය, ශ්රී ලංකාවේ සංස්කෘතික උරුමය සහ එම උරුමය හා බැඳුණු වැදගත් ස්ථාන පිළිබඳව වටිනා තොරතුරු ජනතාව වෙත පිරිනමයි. එමෙන්ම මේ ඔස්සේ පුරාවිද්යාවට අදාළ පුවත් සහ උත්සව ආදිය පිළිබඳ තොරතුරුද ලබාගත හැකි වේ.
මෙම වටිනා සේවාව වැඩි පිරිසක් වෙත සමීප කරවීමේ අරමුණින් SLT-MOBITEL මේ ආකාරයට Hutch සමග අවබෝධතා ගිවිසුමකට එළඹීමට කටයුතු කළේ ය. මෙය ශිෂ්යයන් හා සංචාරකයන් ඇතුළුව, පොදුවේ ශ්රී ලංකාවේ ඓතිහාසික උරුමය පිළිබඳව උනන්දු වන කාටත් අතිශයින් වැදගත් වනු ඇත. 888 කෙටි අංකය ඇමතීම මගින් HUTCH පාරිභෝගිකයන්ට දැන් SLT-MOBITEL mGuide සේවාව ලබාගත හැකි වේ.
පසුගිය කාලය තුළ mGuide සේවාව තවදුරටත් වැඩිදියුණු කිරීමට SLT-MOBITEL පියවර ගත් අතර, ඒ අනුව දැන් භාෂා 10 කට අධික සංඛ්යාවකින්, ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථාන 300 කට අධික සංඛ්යාවක් පිළිබඳ තොරතුරු SLT-MOBITEL mGuide සේවාව ඔස්සේ ලබාගත හැකි වේ.
ඡායාරූපය: Hutch (පුද්.) සමාගමේ ප්රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතා (වමේ) සහ Mobitel (පුද්.) සමාගමේ ප්රධාන විධායක නිලධාරී චන්දික විතාරණ මහතා (දකුණේ) අවබෝධතා ගිවිසුම හුවමාරු කරගත් අවස්ථාව.
November, 2, 2022
Hutchison Telecommunications Lanka (Pvt) Ltd. (HUTCH) ශ්රී ලංකාවේ උසස් තත්වයෙන් යුත් ජංගම බ්රෝඩ්බෑන්ඩ් සේවාවන් සහ සන්නිවේදන පහසුකම් සපයන ප්රමුඛතම සමාගමකි. HUTCH පවසා සිටියේ, ශ්රී ලංකාව තුළ ස්ථාවර දුරකථන සේවාවක් ගොඩනංවමින් දැරිය හැකි මිලට සන්නිවේදන පහසුකම් සැපයීම මඟින් ශ්රී ලාංකේය ජාතිය සවිබල ගැන්වීම සඳහා අඛණ්ඩව කැපවී සිටින බවයි.
විවිධාංගීකරණය වූ Global Fortune 500 සමූහ ව්යාපාරය වන CK Hutchison Holdings , HUTCH සමාගමේ මව් සමාගමයි. Call-link මෙහෙයුම 1997 දී අත්පත් කරගත් HUTCH සමාගම මෙරට විශාලතම අංගසම්පූර්ණ 4G බ්රෝඩ්බෑන්ඩ් ජාලයක් ක්රියාත්මක කිරීම ඇතුළුව සියලු ම පරම්පරාවන්ට ගැළපෙන තාක්ෂණයක් හඳුන්වා දීමට ද සමත් වී ඇත.
2018 වසරේ දී Etisalat විදුලි සංදේශ සමූහයේ ශ්රී ලංකා අනුබද්ධිත සමාගම සමඟ ඒකාබද්ධ වීමෙන් පසුව, HUTCH 4G ජාලය වර්තමානය වන විට ශ්රී ලංකාවේ ජනගහනයෙන් 95% කට ආසන්න ප්රමාණයක් ආවරණය කිරීමට සමත් වී ඇති අතර, එම සමාගම මේ වන විට 5G සේවාවන් හඳුන්වා දීමට ද සූදානමින් සිටී.
වසර 25 කට වැඩි කාලයක් මෙරට තුළ ආයෝජනය කරමින්, බදු හා විදුලි සංදේශ ගාස්තු හරහා මෙරට ආර්ථිකය නැංවීමට සුවිශේෂී දායකත්වයක් ලබා දී ඇති HUTCH සිය සේවා සැපයීමේ දී සෘජු හා වක්ර රැකියා අවස්ථා 75,000 කට අධික සංඛ්යාවක් නිර්මාණය කිරීමට ද සමත් වී ඇත.
ඩිජිටල් බෙදීම, ග්රාමීය සබඳතා, දැරිය හැකි මිලකට සන්නිවේදන පහසුකම් මෙන් ම ඉහළ ප්රමිතියකින් යුතු අන්තර්ජාල හා ඇමතුම් අත්දැකීම් ඇතුළුව මෙරට ජනතාවගේ සියලුම සන්නිවේදන අවශ්යතා සඳහා විසඳුම් ලබා දෙන HUTCH සමාගම අද්විතීය නවෝත්පාදන හා නව සංකල්ප තුළින් ඉදිරියට ම ගොස් ඇති බව පැවසිය යුතු ම ය.
HUTCH ශ්රී ලංකා සමාගමේ ප්රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතා එම සමාගමේ 25 වැනි සංවත්සරය සමරමින් ප්රකාශ කළේ, "අපි ශ්රී ලාංකික ජනතාවගේ සන්නිවේදන අවශ්යතා සැපිරීම වෙනුවෙන් ආයෝජනය කරමින්, දිනෙන් දින වර්ධනය කරා ගමන් කරන සමාගමක්. වගකිවයුතු බ්රෝඩ්බෑන්ඩ් දත්ත සේවා සපයන්නා ලෙස, HUTCH අනාගතයේ දී ඩිජිටල්කරණය වූ ශ්රී ලාංකේය ජාතියක් නිර්මාණය කිරීමේ අපේක්ෂාවෙන් රට පුරා දැරිය හැකි මිලකට, ගුණාත්මක බ්රෝඩ්බෑන්ඩ් දත්ත සබඳතාවක් සැපයීම සඳහා ප්රමුඛතම කාර්යභාරයක් ඉටු කරනු ඇති බව මම විශ්වාස කරනවා." යනුවෙනි.
නඩරාසා මහතා වැඩිදුරටත් පැවසුවේ, " HUTCH සන්නාමය ගොඩනඟමින්, අපගේ සේවා පොරොන්දු යථාර්ථයක් බවට පත් කිරීමට දායක වූ සියලු ම HUTCH සාමාජිකයින්ට මම ස්තූතිය පුද කිරීමට මෙය අවස්ථාවක් කරගන්නවා. පසුගිය වසර 25 තුළ අපගේ ජයග්රහණ දෙස නිහතමානීව ආපසු හැරී බලන විට, ශ්රී ලංකාවේ නව වර්ධන අවස්ථා සවිබල ගන්වමින් කාලෝචිත හා ආර්ථිකමය තාක්ෂණික දියුණුවක් කරා ගමන් කිරීම වෙනුවෙන් HUTCH ඉදිරියටත් කැපවන බවට මම මේ අවස්ථාවේ දී සහතික වෙනවා." යනුවෙනි.
මෙම සුවිශේෂී ජයග්රහණයේ කොටසක් ලෙස, HUTCH විසින් සිය දිගුකාලීන වටිනා පාරිභෝගිකයින් හා කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් පසුගියදා සුවිශේෂී උත්සවයක් සංවිධානය කළ අතර, එහි දී සිය සාර්ථක ගමනට ශක්තියක් වූ සියලු ම ව්යාපාරික හවුල්කරුවන් වෙත කෘතඥතාව පළ කෙරිණි.


August, 25, 2022
ශ්රී ලංකාවේ සීඝ්රයෙන් වර්ධනය වන ජංගම බ්රෝඩ්බෑන්ඩ් සේවා සැපයුම්කරු වන හච්, ආර්ථික වශයෙන් අභියෝගාත්මක මෙම කාලය තුළ මහජනතාවයට සහයක් වීමේ මානුෂීය ක්රියාදාමය අඛණ්ඩ සිදුකරමින් සිය ප්රජා ආධාර වැඩසටහන් අතරින් එකක් වන, යාපනයේ නල්ලූර් උත්සවයට පැමිණි බැතිමතුන්ට ආහාර පිරිනැමීමේ අන්නදාන වැඩසටහන පසුගියදා සාර්ථක ලෙස ආරම්භ කරන ලදී.
උතුරු ප්රදේශයේ පවත්වන විශාලතම හින්දු කෝවිල් උත්සවය ලෙස යාපනයේ පවත්වන නල්ලූර් උත්සවය හැඳින්විය හැකි අතර එයට සහභාගී වන අයට ආහාර පිරිනැමීම මෙම උත්සවයේ පූජනීය සම්ප්රදායක් වේ.
රටෙහි පවතින ඉහළ උද්ධමනය නිසා ආහාරපාන වන මිලගණන් 80% ට වඩා වැඩි වීමත් සමඟ රටවැසියන්ට පෝෂ්යදායී ආහාර ගැනීම වඩාත් දුෂ්කර වී ඇත. එබැවින් හච් සිය ප්රජා සහ සමාජ ආධාර ප්රයත්න වලින් එකක් ලෙස මෙලෙස ආහාර ලබා දීමට මූලිකත්වය ගෙන ඇති අතර අගෝස්තු 5 සිට අගෝස්තු 25 දක්වා දින 20 ක කාලයක් තුළ 10,000 කට අධික බැතිමතුන් පිරිසකට හච් අන්නදානය නල්ලූර් මයිලූරන් අරංගම් හිදී ලබාගත හැක.
මේ වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් හච් හි ප්රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතා සඳහන් කළේ මෙවැන්නකි. “මෙම නල්ලූර් උත්සවයේදී, සාමාන්ය වාණිජ මෙහෙයුම් කටයුතු සිදුකිරීම පසෙකලා උතුරු කලාපයේ ජනතාවට පෝෂ්යදායී ආහාර වේලක් ලබාදීම සඳහා මෙම මුදල් වෙන් කිරීමට හච් තීරණය කළා.”
හච් හි ප්රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතාගේ පවුලේ මුතුන් මිත්තන් යාපනයේ උතුරු ප්රදේශයෙන් ජීවත්වූ අතර ඔහු එක්සත් රාජධානියේ අධ්යාපනය ලබා ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් ඇතුළු එක්සත් රාජධානියේ ප්රමුඛ විශ්වවිද්යාල තුනකින් උපාධි තුනක් ලබා ඇත. තවද ඔහු හචිසන් ටෙලිකොම් හි හොංකොං මූලස්ථානයේ පසුගිය වසර 25 පුරා ආසියාවේ විවිධ මෙහෙයුම් සඳහා සේවය කරන ලදී.
HUTCH Sri Lanka, CK Hutchison Holdings Limited හි අනුබද්ධ සමාගමක් වන අතර, Global Fortune 500 සමාගම සමග එක්ව ‘3’ හෝ Three සන්නාමය යටතේ ද ගෝලීය ටෙලිකොම් මෙහෙයුම් සිදු කරයි.
August, 24, 2022
ශ්රී ලංකාවේ සීඝ්රයෙන් වර්ධනය වන ජංගම බ්රෝඩ්බෑන්ඩ් සේවා සැපයුම්කරු වන හච්, වර්තමානයේ පවතින ප්රවාහන දුෂ්කරතා සාර්ථකව ජයගැනීමට සහයක් වෙමින් සිය බෙදාහැරීමේ නියෝජිතයින් වෙත ඉලෙක්ට්රික් බයිසිකල් ලබාදීමේ වැඩසටහනක් පසුගියදා ආරම්භ කරන ලදී. කර්මාන්තය තුළ මෙවන් වැඩසටහනක් ක්රියාත්මක කරන ලද ප්රථම අවස්ථාව මෙය වේ.
බොහෝ දියුණු වෙමින් පවතින රටවල මෙන් ශ්රී ලංකාවේද ජංගම දුරකථන පාරිභෝගිකයින්ගෙන් 90% ක් පෙරගෙවුම් සේවාවන් සඳහා යොමුව සිටින බැවින් රීචාර්ජ් වවුචර් සහ ඉලෙක්ට්රොනික රීලෝඩ් ලබාගැනීමට ඇති පහසුකම අතිශය වැදගත් වේ.
මෙම වැඩසටහන මඟින් හච් බෙදාහැරීමේ ජාලය වෙත ඉලෙක්ට්රික් බයිසිකල් 200කට අධික ප්රමාණයක් ලබාදෙන අතර එමඟින් දීපව්යාප්ත වෙළඳ මධ්යස්ථාන 75,000කට අධික ප්රමාණයක් වෙත සිය ජංගම නිෂ්පාදන අඛණ්ඩව ලබාදීම සහතික කෙරෙනු ඇත.
සිය නවතම මුලපිරීම පිළිබඳව අදහස් දක්වමින් හච් හි ප්රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මෙලෙස සඳහන් කළේය. "රටේ පවතින ඉන්ධන හිඟය නිසා යතුරුපැදි භාවිතයෙන් අපගේ ජංගම නිෂ්පාදන බෙදා හැරීම ඉතා දුෂ්කර කටයුත්තක් වී ඇති අතර එය පාපැදි සහ පොදු ප්රවාහන සේවා වලට සීමා කර ඇත. අත්යවශ්ය සන්නිවේදන සේවා සපයන්නෙකු ලෙස, පාරිභෝගිකයින්ට බාධාවකින් තොරව අපගේ සේවාවන් වෙත ප්රවේශ වීමට අවශ්ය පහසුකම් අඛණ්ඩව සැපයීමට නව සහ කාලෝචිත විසඳුම් අවශ්ය බව අපි අවබෝධ කරගත්තෙමු. එයට විසඳුමක් ලෙස හඳුන්වාදුන් මෙම ඉලෙක්ට්රික් බයිසිකල් ලබාදීමේ වැඩසටහන අපගේ නිෂ්පාදන වටිනා පාරිභෝගිකයින් වෙත අඛණ්ඩව ළඟා වීම සහතික කරනු ඇත."
Hutch හි Global Fortune 500 සහ CK Hutchison Holdings Limited යන සමාගම් වල සහය ඇතිව දියත් කරන ලද වැඩසටහන් වලින් එකක් ලෙස මෙය හැඳින්විය හැක. පවතින දුෂ්කර වාතාවරණය හමුවේ ව්යාපාරික සහකරුවන්ට සහය වෙමින් ශ්රී ලංකාව තුළ සිය ව්යාපාරයේ අඛණ්ඩ තිරසාරභාවය සහතික කිරීමට මව් සමාගමෙහි ඇති කැපවීම මෙමඟින් පෙන්නුම් කරයි.
කොළඹ හච් ප්රධාන කාර්යාලයේ පැවති උත්සවයකදී හච් හි ප්රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා සහ හච් හි අලෙවිකරණ සාමාන්යාධිකාරී තරිඳු විජේරත්න විසින් බෙදාහැරීමේ නියෝජිතයින් වෙත ඉලෙක්ට්රික් බයිසිකල් පිරිනැමීම සිදුකරන ලදී.
July, 26, 2022
ශ්රී ලංකාවේ සීඝ්රයෙන් වර්ධනය වන ජංගම බ්රෝඩ්බෑන්ඩ් සේවා සැපයුම්කරු වන හච්, සාම්ප්රදායික සිල්ලර වෙළඳාම, ඩිජිටල් සිල්ලර වෙළඳාමේ නවමු මානයකට රැගෙන යමින් වැඩිදියුණු කරන ලද "ස්මාර්ට් සැන්ඩි” ඇප් පසුගියදා හඳුන්වාදෙන ලදී.
මෙම නවතම යෙදුම සමඟ, හච් වෙළෙඳ මහතුන් හට නව සිම්පත් අලෙවි කිරීම සඳහා, ඡායා පිටපත් යන්ත්ර හෝ ස්කෑනර් වැනි මිල අධික උපාංගවල ආයෝජනය කිරීම අවශ්ය නොවේ. තවද හච් වෙළෙඳ මහතුන් හට ඉලෙක්ට්රොනික රීචාර්ජ් කිරීම් සඳහා මිල අධික යන්ත්රවල ආයෝජනය කිරීමට හෝ භෞතික ටොප්-අප් කාඩ්පත් තොගයක් තුළ සිය මුදල් ආයෝජනය කිරීමද අවශ්ය නොවන අතර ඒ සියලු මිලදීගැනීම් එක් විශ්වීය ඩිජිටල් මුදල් පසුම්බියක් හරහා සිදුකරමින් ඩිජිටල්කරණය කරන ලද නිෂ්පාදන අලෙවි කිරීම සිදුකළ හැක.
විශේෂයෙන්ම ස්මාර්ට් සැන්ඩි ඇප් මඟින් වර්තමාන අභියෝගාත්මක පරිසරය තුළ, වෙළෙඳ මහතුන්ට සිය මෙහෙයුම් දුෂ්කරතා මගහරවා ගැනීමට සහ හච් පාරිභෝගිකයින් වෙත නවෝත්පාදන සේවාවන් රැසක් ලබාදීමේ අවකාශය උදා වී ඇත.
මෙම නවතම හඳුන්වාදීම පිළිබඳව අදහස් දක්වමින් හච් හි ප්රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතා සඳහන් කළේ මෙවැන්නකි. "අපගේ වෙළෙඳ මහතුන්ගේ සහ වෙළඳ ජාලයේ වර්ධනය සඳහා අපි කැපවී සිටිමු. අපගේ වෙළඳ මහතුන්ට, ඩිජිටල් වෙළඳාමේ නව යුගයට ප්රවේශ වීමට අවශ්ය මග පෙන්වීම ලබාදීම සඳහා විප්ලවීය හච් "ස්මාර්ට් සැන්ඩි” ඇප් හඳුන්වාදීමට හැකිවීම ගැන අපි සතුටු වෙමු. මෙමඟින් අපගේ වෙළඳ මහතුන්ට කාර්යන් පහසුවෙන් කරගත හැකිවන අතර පුළුල් ආදායම් මාර්ගයක්, අඩු ආයෝජනයක්, වඩා හොඳ මුදල් ප්රවාහයක් සහ සම්පූර්ණ විනිවිදභාවයක් ලබා දෙනු ඇත. බොහෝ කුඩා ව්යාපාරවලට ඔවුන්ගේ ආදායම් පුළුල් කිරීමට සහ ඊට සමගාමීව අපගේ ගනුදෙනුකරුවන්ට සේවා ප්රවේශය වැඩි කිරීමට හැකියාව ලබා දීමට මෙමඟින් පහසුකම් සලසයි."
හච් "ස්මාර්ට් සැන්ඩි” ඇප් පුළුල් පරාසයක ඇන්ඩ්රොයිඩ් වේදිකාවක් මත ඕනෑම වෙළඳ ස්ථානයකට ගැළපෙන ලෙස සංවර්ධනය කර ඇත.
Video Story