• Ada Derana BIZ Sinhala
  • HUTCH
  • mGuide
  • SLT-MOBITEL
  • sri lanka

SLT-MOBITEL mGuide සේවාව දැන් Hutch පාරිභෝගිකයන්ටත්

December, 13, 2022

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL ලබාදෙන mGuide සේවාව ලබාගැනීමේ අවස්ථාව දැන් Hutch පාරිභෝගිකයන්ටද හිමි වී තිබේ. මේ සඳහා වන ගිවිසුමට SLT-MOBITEL සහ Hutch විසින් පසුගියදා අත්සන් තබන ලදි.

mGuide යනු ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික ස්ථාන පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ඉලක්ක කරගත් සුවිශේෂී, නිර්මාණශීලී සේවාවකි. හඬ සේවාවක් ලෙස ක්‍රියාත්මක වන මෙය, ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය සහ එම උරුමය හා බැඳුණු වැදගත් ස්ථාන පිළිබඳව වටිනා තොරතුරු ජනතාව වෙත පිරිනමයි. එමෙන්ම මේ ඔස්සේ පුරාවිද්‍යාවට අදාළ පුවත් සහ උත්සව ආදිය පිළිබඳ තොරතුරුද ලබාගත හැකි වේ.

මෙම වටිනා සේවාව වැඩි පිරිසක් වෙත සමීප කරවීමේ අරමුණින් SLT-MOBITEL මේ ආකාරයට Hutch සමග අවබෝධතා ගිවිසුමකට එළඹීමට කටයුතු කළේ ය. මෙය ශිෂ්යයන් හා සංචාරකයන් ඇතුළුව, පොදුවේ ශ්‍රී ලංකාවේ ඓතිහාසික උරුමය පිළිබඳව උනන්දු වන කාටත් අතිශයින් වැදගත් වනු ඇත. 888 කෙටි අංකය ඇමතීම මගින් HUTCH පාරිභෝගිකයන්ට දැන් SLT-MOBITEL mGuide සේවාව ලබාගත හැකි වේ.

පසුගිය කාලය තුළ mGuide සේවාව තවදුරටත් වැඩිදියුණු කිරීමට SLT-MOBITEL පියවර ගත් අතර, ඒ අනුව දැන් භාෂා 10 කට අධික සංඛ්‍යාවකින්, ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථාන 300 කට අධික සංඛ්‍යාවක් පිළිබඳ තොරතුරු SLT-MOBITEL mGuide සේවාව ඔස්සේ ලබාගත හැකි වේ.

 

ඡායාරූපය: Hutch (පුද්.) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතා (වමේ) සහ Mobitel (පුද්.) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චන්දික විතාරණ මහතා (දකුණේ) අවබෝධතා ගිවිසුම හුවමාරු කරගත් අවස්ථාව.