January, 18, 2023
ශ්රී ලංකාවේ ජාත්යන්තර ගුවන් තොටුපළකින් හෝ වරායකින් පිටත්ව යන පුද්ගලයින් විසින් ගෙවිය යුතු අපගමන බද්ද (Embarkation Levy) සම්බන්ධයෙන් නව නිවේදනයක් නිකුත් කර තිබේ.
මුදල් අමාත්යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම රජයේ නිවේදනයට අනුව 2022.03.27 සිට 2023.03.26 දක්වා කාලපරිච්ඡේදය තුළ දී කොළඹ ජාත්යන්තර ගුවන් තොටුපළ රත්මලාන සිට ගුවන් යානයකින් ශ්රී ලංකාවෙන් පිටත්ව යන සෑම තැනැත්තෙක්ම ඇමරිකානු ඩොලර් 30 ක අපගමන බද්දක් ගෙවිය යුතු වේ.
මීට අමතරව 2023.01.12 සිට 2023.07.11 දක්වා කාලපරිච්ඡේදය තුළ දී යාපනය ජාත්යන්තර ගුවන්තොටුපළෙන් පිටත්ව යන සෑම තැනැත්තෙකුගෙන්ම ද ඩොලර් 30 ක අපගමන බද්දක් අය කරනු ලැබේ.
අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මත්තල, රත්මලාන හෝ යාපනය යන ජාත්යන්තර ගුවන්තොටුපළ හැර ශ්රී ලංකාවේ වෙනත් ගුවන් තොටුපළකින් පිටත්ව යන ඕනෑම අයෙකු විසින් ඩොලර් 60 ක අපගමන බද්දක් ගෙවිය යුතු බවයි. එනම් මෙම නියමය කටනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපළින් පිටත්ව යන තැනැත්තන් සඳහා අදාළ වේ.
තවද ශ්රී ලංකාවේ සිට නෞකා මාර්ගයෙන් පිටත්ව යන තැනැත්තන් ද ඩොලර් 60 ක අපගමන බද්දකට යටත් වනු ඇත.
මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළ සමඟ මෙහෙයුම් ආරම්භ කරනු ලබන ජාත්යන්තර ගුවන් සමාගම් සඳහා මෙහෙයුම් ආරම්භ කරනු ලබන දින සිට වසර දෙක කාලයක් මෙම බද්ද අය කිරීම නිදහස් වේ.
මෙම අපගමන බදු නියෝග 2023 ජනවාරි 12 දින සිට ක්රියාත්මක වේ.

මෙම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.





October, 10, 2022
ශ්රී ලංකාවේ ස්ථාපිත ප්රථම ජීවානුහරණය කරන ලද ද්රව්යමය ලෙස නිපදවන ඖෂධ නිෂ්පාදනාගාරය වන Yaden Laboratories ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාව කටුනායක ආයෝජන කලාපයේ දී අද (10) දින විවෘත කෙරුණි. ඒ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙනි.
ශ්රී ලාංකිකයන්ට අවශ්ය ඖෂධ ලබාදීමේ ප්රමුඛ අරමුණින් මෙම රසායනාගාරය ස්ථාපිත කළ බව Yaden Laboratories නිර්මාතෘ හා කළමනාකාර අධ්යක්ෂ ශශීමාල් දිසානායක මහතා කියා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශශීමාල් දිසානායක මහතා,
“පසුගිය වසර දහයක කාලයේ දී යාඩෙන් සමාගම දිගු දුරක් පැමිණ තිබෙනවා. 2012 වර්ෂයේ දී දෙදෙනෙකුගෙන් මේ රසායනාගාරය ආරම්භ කළා. අද වනවිට සියයට සීයක්ම උසස් තත්ත්වයේ ඖෂධ නිෂ්පාදනය කරන්න අපේ රසායනාගාරයට හැකියාව ලැබී තිබෙනවා. මෙම ඖෂධ රසායනාගාරය අද ශ්රී ලංකා ඉතිහාසයට එක්ව තිබෙනවා. අද වනවිට රසායනාගාර කාර්ය මණ්ඩලය 110ක් මෙහි සිටිනවා. ඒ වගේම තාක්ෂණික ශිල්පීන් 20 දෙනෙක් ද සේවය කරනවා. අති නවීන පහසුකම්වලින් අපේ රසායනාගාරය සමන්විතයි. ශ්රී ලාංකිකයන්ට අවශ්ය ඖෂධ ලබාදීමේ ප්රමුඛ අරමුණින් මෙම රසායනාගාරය ස්ථාපිත කර තිබෙනවා. ඒ අනුව විදේශයන්ට ඇදීයන විශාල මුදලක් රටතුළ ඉතිරි කර ගැනීමට අවස්ථාව සැලසී තිබෙනවා.“

Video Story