• Ada Derana BIZ Sinhala
  • Lanka IOC
  • SERVO ecoPLUS
  • Spectrum Trading Company
  • sri lanka

Spectrum Trading Company සහ Lanka IOC වෙතින් පරිසර හිතකාමී SERVO ecoPLUS වෙළඳපොලට

December, 12, 2022

කීර්තිමත් Stafford සමූහ ව්‍යාපාරයේ සාමාජිකයෙකු වන Spectrum Trading Company (Pvt) Ltd විසින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බලශක්ති සමාගමක් වන Lanka IOC සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ප්‍රථම සම සන්නාමගත, දේශීයව නිෂ්පාදිත ලිහිසි තෙල් සන්නාමය වන SERVO ecoPLUS පසුගියදා  එළිදක්වන ලදී. SERVO ecoPLUS යනු උසස් තත්ත්වයේ දැරිය හැකි මිලකින් යුත් ලිහිසි තෙල් වෙනුවෙන් දේශීය වෙළඳපොලෙහි පවතින අවශ්‍යතාවය සපුරාලීම උදෙසා නිෂ්පාදනය කරන ලද ලිහිසි තෙල් වර්ගයකි.

Spectrum Trading Co. (Pvt) Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ වෛද්‍ය කාලිංග කළුපෙරුම මහතා මෙම හවුල්කාරිත්වය පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය. "අප විසින් ලංකා IOC සමඟ ඇති කරගත් මේ හවුල්කාරිත්වය ඉදිරි වසර ගණනක් පුරාවට අපට යහපත් ප්‍රතිථල ලබාදෙන බව මට විශ්වාසයි. මෙම SERVO ecoPLUS  මඟින් වර්තමානයේ වෙළඳපොල තුල උසස් තත්ත්වයේ, දැරිය හැකි මිලක ලිහිසි තෙල් සඳහා පවතින අඩුව පුරවනවා. SERVO දේශීයව නිෂ්පාදනය කරන අතරම පෙට්‍රල් සහ ඩීසල් වාහනවලට එකසේ යොදා ගත හැකි වීම,  වෙළඳපොලේ ඇති අනෙකුත් බොහෝ ලිහිසි තෙල් වලින් එය වෙනස් කොට දක්වන්න පුළුවන්. මෙම හවුල්කාරිත්වය තවදුරටත් දීර්ඝ කරමින් ඉදිරියේදී තවත් මෙවැනි නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දීමටත් අපි බලාපොරොත්තු වෙනවා.”

Lanka IOC, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ බලශක්ති සමාගමක් වන අතර රට තුළ ග්‍රීස් නිෂ්පාදන කර්මාන්තශාලාවක් පිහිටුවන ලද එකම සමාගම වේ. ඔවුන්ගේ ත්‍රිකුණාමලයේ ඇති නවීනතම නිෂ්පාදන කර්මාන්තශාලාව තුල මෝටර් රථ, කාර්මික සහ සමුද්‍ර යන අංශයන් යටතේ SERVO ලිහිසි තෙල් නිෂ්පාදනය කරයි. ecoPLUS දේශීයව නිෂ්පාදනය කරනු ලබන අතර එමඟින් රටට විශාල විදේශ විනිමයක් ඉතිරි කරනු ලබයි. Lanka IOC  සෑම විටම ඉතා තරඟකාරී මිල ගණන් යටතේ හොඳම තත්ත්වයේ ලිහිසි තෙල් පිරිනැමීමේ ප්‍රමුඛස්ථානය ගෙන සිටී.

  • Ada Derana BIZ Sinhala
  • Lanka IOC
  • Profit
  • sri lanka

ලංකා IOC බිලියන 12 ක දැවැන්ත ලාභයක් වාර්තා කරයි

October, 25, 2022

මෙරට ලැයිස්තුගත බලශක්ති සමාගමක් වන ලංකා IOC  පීඑල්සී 2022 ජූලි - සැප්තැම්බර් කාර්තුව සඳහා රු. බිලියන 12.35 ක බදු ගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කර තිබේ.

මෙම කාර්තුව තුළ සමාගමේ ආදායම රු. බිලියන 87.96 ක් ලෙසින් සටහන් වේ. මෙහිදී සමාගමේ දළ ලාභය රු. බිලියන 16.29 ක් හා මෙහෙයුම් ලාභය රු. බිලියන 14.19 ක් ලෙසින් සටහන්ව තිබේ.

මේ අනුව 2022/23 මූල්‍ය වර්ෂයේ පළමු භාගය එනම් 2022 අප්‍රේල් - සැප්තැම්බර් මාස 06 ක කාලපරිච්ඡේදය සඳහා රු. බිලියන 22.28 ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට ලංකා IOC පීඑල්සී සමත්ව ඇත.

මෙය ලංකා IOC සමාගම මෙතෙක් ඉතිහාසයේ වාර්ත්ා කර ඇති ඉහළම ශුද්ධ ලාභ අගය වේ.

ලංකා IOC සමාගමේ සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන් 75.12% ක් හෙවත් කොටස් මිලියන 400 ක හිමිකාරීත්වය ඇත්තේ එහි මව් සමාගම වන ඉන්දියාවේ Indian Oil Corporation Limited සතුවය.

  • Ada Derana BIZ Sinhala
  • Lanka IOC
  • sri lanka

ලංකා IOC නව ව්‍යාපාරයක් අරඹයි

September, 19, 2022

මෙරට ලැයිස්තුගත බලශක්ති සමාගමක් වන ලංකා IOC පීඑල්සී, සිය නවතම ව්‍යාපාරය වන ත්‍රිකුණාමලයේ පිහිටි ග්‍රීස් නිෂ්පාදනාගාරයේ (Grease Plant) මෙහෙයුම් කටයතු පසුගිය සතියේ දී ආරම්භ කර ඇත.

මේ සමඟම සමාගමේ ත්‍රිකුණාමල පර්යන්තයේ දැනට පවතින ලිහිසිතෙල් මිශ්‍රණාගාරයේ (Lube Blending) කටයුතු තවදුරටත් පුළුල් කිරීම සඳහා ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව ද නිවේදනයක් නිකුත් කරමින් ලංකා IOC පීඑල්සී හි කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා පවසයි.

ග්‍රීස් නිෂ්පාදනාගාරය වෙනුවෙන් පසුගිය 2020 පෙබරවාරි මාසයේ දී සමාගම විසින් රු. මිලියන 320 ක් ආයෝජනය කරන ලදී.